37 • 𝙻𝚘𝚟𝚎𝚕𝚢 𝙺𝚒𝚜𝚜 •
මේ දින වල පාසලේ ප්‍රධාන මාතෘකාව වුනේ ටේකුක් හැමෝම වගේ එයාලා ගැන කතා කලා සමහරු ඒ දෙන්නා එකට ආදරයෙන් ඉන්න එකට සතුටු වුනා වගේම ඒ දෙන්නා එකට ඉන්නවාට අකමැති ඉරිසියාකාරයෝත් නොහිටියාම නෙවෙයි එයාලා ටේහ්‍යුන්ට පුලුවන් තරම් නරක කතා හැදුනා
ඒත් ඒ කතා ටේහ්‍යුන්ගේ කනට නොවැටුනු තරම් මොකද ස්කූල් එක ඇතුලේ ගෙවෙන හැම තත්පරයකදීම වගේ ජන්කූක් කොල්ලාගේ පස්සෙන් හිටියා ස්කූල් එකේ හැමෝම වගේ ජන්කූක්ට බයයි කොල්ලාට විරුද්ධව කවුරුවත් කතා කරන්න ගියේ නැ
ඉතින් අදත් ජන්කූක් ටේහ්‍යුන් එක්කම ස්කූල් එකට ආවේ හැමෝගෙම අවදානය ඒ දෙන්නාට යොමු වෙද්දී ටේහ්‍යුන්ට මුලදී ඒක ලොකු අපහසුවක් වුනත් දැන් ඒක ගානක් නැ හැමදේම ඒ දෙන්නා එකට එනකොට ස්කූල් එකේ ලමයි ඔක්කොම වගේ කන්න වගේ ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා නේ
සුපුරුදු පරිදි පාසලේ වැඩ කටයුතු ආරම්භ වෙද්දී ඩෙස්ක් එක උඩින් අත් දෙක තියාගෙන ඒ මතින් හිස තබාගත් ජන්කූක් පාඩමට අවදානය දීගෙන එයාගේ එහා පැත්තේ වාඩිවෙලා ඉන්න එයාගේ ආදරනීය බෝයිෆෙන්ඩ්ගේ දිව්‍යමය සුන්දරත්වය හිතින් වර්නනා කරමින් හිටියා
ටේහ්‍යුන්ගේ නලලට වැටුනු කොන්ඩේ දිගැටි ඇස් පිහාටු රාත්‍රි අහස හැඩ කරන තරු කැට මෙන් දිලිසෙන ඇස් පිරුණු කම්බුල් ලා රෝස පැහැති දෙතොල් සරලවම කෙටියෙන් කිව්වොත් ටේහ්‍යුන් සුරදූතයෙක් වගේ කොල්ලා දිහා ඇසිපිය නොගහා බලාගෙන ඉන්න ජන්කූක්ට සැකයි ටේහ්‍යුන් කියන්නේ ඇත්තටම මනුස්සයෙක් ද..? කියලා ඇයි තමන් ටේහ්‍යුන්ගේ ලස්සන කලින් නොදැක්කේ කියන එක ජන්කූක්ට ප්‍රශ්නයක් වුනා
කොල්ලා පැන්සලක් කටේ ගහගත්තාම ජන්කූක්ගේ ඇහිබම රැලි ගැහුනා ඉක්මනට ඔලුව උස්සපු ජන්කූක් කොල්ලා කටේ ගහගෙන හිටපු පැන්සල ඇදලා ගත්තාම ටේහ්‍යුන් ජන්කූක් දිහා බලලා ඇස් වලින් ඇයි කියලා ඇහුවාම ඊට පිලිතුරු වශයෙන් ජන්කූක්ගෙන් කොල්ලාට ලැබුනේ රැවුමක් විතරයි
කාලච්ජේද එකින් එක ගත වෙලා යද්දී ජන්කූක්ට ටේහ්‍යුන් කිස් කරන්න තදින්ම ඕන වෙලා තිබුණේ මොකද මෙතෙක් වෙලා ජන්කූක් කොල්ලාගේ සෙලවෙන තොල් දිහා බලාගෙන හිටියේ ඉතින් ඉන්ටවල් එකේ බෙල් එක නාද වෙනවත් එක්කම නැගිටපු ජන්කූක් ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන පන්තියෙන් එලියට ගියේ පන්තියේ හිටපු මිස්වත් සතපහකට ගනන් නොගෙන එතකොට පන්තියේ ලමයි ඔක්කොම තත්පර කිහිපයක් යනකම් වැහුනු දොර දිහා බලාගෙන හිටියා
" මූ නම් හදන්න පුලුවන් ලමයෙක් නෙවෙයි අර අහිංසක කොල්ලවත් ඇදගෙන මූ කොහේ ගියා ද දන්නේ නැ පිනාත් ඉතින් මුගේ අප්පාගේ සල්ලි වලට තුනට හතරට පහට නැවිලා නේ ඉන්නේ "
පන්තියේ හිටපු මිස් තනියෙන් මුමුනන ගමන් පන්තියෙන් එලියට ගියේ පන්තියේ ලමයින්ට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා සියල්ල දෙස නිහඩව බලාගෙන හිටපු යූන්මින් ඩබල මූනට මූන බලාගෙන හිනා වුනා
මේ අතරේ ටේහ්‍යුන් ඇදගෙන කගවේනා වගේ පන්තියෙන් එලියට ආපු ජන්කූක් ස්පෝට් රූම් එකට ගිහින් දොර වහගත්තේ මේ වෙලාවට කවුරුවත් ස්පෝට් රූම් එකට එන්නේ නැ කියලා දන්න නිසා ස්පෝට් රූම් එකේ දොරට හේත්තු වුනු ටේහ්‍යුන් වේගෙන් හුස්ම ගන්නවා කොල්ලාට මහන්සියි
" තමුසෙට මොකද්ද එකපාරට වැහුනු යකා ආ..? පන්තියේ මිසුත් ඉදිද්දී තමන්ගේ ගෙදරින් එලියට බහිනවා වගේ ආවේ පිස්සු ද..? මිස් මොනවා හිතන්න ඇති ද..? අනික තමුසේ වලිගේ ගිනි ගත්ත හනුමන්තා වගේ ආවේ මොකටද..?"
" ශ්ශ්ශ්...බේබි කවුරු අපි ගැන මොනා හිතුවත් මොකද ම්ම්.."
ජන්කූක් ටේහ්‍යුන්ගේ කම්බුලක් පිරිමදින ගමන් කොල්ලාගේ තොල් දිහා බලාගෙන කිව්වා
" ඒත්...?"
" මුකුත් කියන්න එපා බේබි "
ටේහ්‍යුන්ගේ වචන හරස් කරමින් ජන්කූක් කිව්වා ජන්කූක් හරි ඉවසීමෙන් ටේහ්‍යුන්ගේ තොල් දිහා බලාගෙන හිටියා ජන්කූක්ගේ ඇස් නැවතිලා තියෙන්නේ තමන්ගේ තොල් ලග බව දුටු ටේහ්‍යුන්ට පුංචි හිනාවක් ගියා ජන්කූක් කොල්ලාගේ ඇස් දිහා බැලුවේ අවසර ඉල්ලන්න වගේ
" කලින් මගේ අහලා ද මනුස්සයෝ තවුසේ මාව කිස් කරේ..?"
ටේහ්‍යුන් කේන්තියෙන් වගේ අහද්දී ජන්කූක් හිනාවක් එක්ක කොල්ලාගේ තොල් වලට බර වුනා කොල්ලාගේ හිත සතුටින් පිරිලා ජන්කූක් ටේහ්‍යුන්ගේ දෙතොලතර අතරමං වෙද්දී ජන්කූක්ගේ බෙල්ල වටේ අත් ඔතාගත්ත ටේහ්‍යුන් කොල්ලාට තවත් ලං වුනා ජන්කූක්ගේ එක අතක් ටේහ්‍යුන්ගේ කම්බුලේ රැදෙද්දී අනිත් අත ටේහ්‍යුන්ගේ ඉන වටේ එතිලා තිබුනා
ඒ දෙන්නා එයාලාගෙම ලෝකේ තනිවෙද්දී වටේ වෙන දේවල් කිසිදෙයක් ගැන අවදානයක් තිබ්බේ නැ ජන්කූක් සැහැල්ලුවෙන් කොල්ලව සිපගනිද්දී ටේහ්‍යුන්ට ජන්කූක්ගේ ආදරේ දැනෙන්න ඉඩ හැරලා වෙනදා රාගයෙන් මත් වෙලා කොල්ලව සිපගත්ත ජන්කූක් අද ආදරයෙන් පරිස්සමින් කොල්ලව සිපගත්තේ මල් පෙත්තක් සිපගන්නවා වගේ
විනාඩි කිහිපයක දීර්ඝ සිපගැනීමකින් ඈත් වුනු දෙන්නා වේගෙන් හුස්ම ගනිමින් හිටියා ටේහ්‍යුන්ගේ අත් තවමත් ජන්කූක්ගේ බෙල්ල වටේ එතිලා තිබුනා ටේහ්‍යුන් දිහා බලලා හිනා වුනු ජන්කූක් කොල්ලාගේ නලලට තමන්ගේ තොල් තද කලා
" තමුසේ ලස්සනයි ටේහ්‍යුන්...!"
ටේහ්‍යුන්ගේ නලල මතින් නලල තිබ්බ ජන්කූක් හස්කි වොයිස් එකකින් මිමිනුවාම කොල්ලාගේ කම්බුල් රතු වුනා ටේහ්‍යුන් යටි තොලත් හපාගෙන ජන්කූක් දිහා බැලුවා ජන්කූක් හැමතිස්සේම ටේහ්‍යුන්ගේ සුන්දරත්වය අගය කලා
" ජන්කුකී....!"
ලැජ්ජාවෙන් රතු වුනු කම්බුල් එක්ක කොල්ලාගේ පපුවට අත් මිටමොලවා පාරක් ගැහුවා ටේහ්‍යුන් ගැහුව අත අල්ලගත්ත ජන්කූක් කොල්ලා දිහා බලාගෙනම ටේහ්‍යුන්ගේ අතට කිස් එකක් දුන්නාම කොල්ලා අහක බලාගත්තා ටේහ්‍යුන්ගේ මූන අතින් තමන්ගේ පැත්තට හරවගත්තා
" මම තමුසෙට ආදරෙයි ඕයි.."
ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලාගෙනම කිව්ව ජන්කූක් කොල්ලගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවීම ටේහ්‍යුන්ගේ තොල් ආපහු අල්ලගත්තා ජන්කූක්ගේ රෆ් කිස් එක හමුවේ ටේහ්‍යුන් ඇස් පියාගෙන කොල්ලාගේ බ්ලෙසර් එකේ කොනක් තදින් අල්ලාගෙන හිටියා ජන්කූක් ඔලුවත් පොඩ්ඩක් ඇල කරලා ටේහ්‍යුන්ව දොරටම තද කරගත්තා ටේහ්‍යුන්ගේ යටි තොල හපපු ජන්කූක් කිස් එකට දිවත් එක් කරමින් ගැඹුරින් සිපගත්තා
සිපගැනීම අතරේම ටේහ්‍යුන්ගේ බ්ලේසර් එක ගලවලා බිමට දාපු ජන්කූක් කොල්ලාගේ බෙල්ලට තොල් අරගෙන ගියේ ටේහ්‍යුන් ඔලුව දොරට හේත්තු කරගෙන ජන්කූක්ගේ ඔලුවෙන් අල්ලලා තවත් ලං කරගනිද්දී ටේහ්‍යුන්ගේ මුවින් සිහින් කෙදිරිල්ලක් පිට වෙද්දී කොල්ලව වඩා ගත්ත ජන්කූක් ටේහ්‍යුන්ව එක්කගෙන ගිහින් ස්පෝට් රූම් එකේ තිබුණු මේසය මතින් වාඩිකලා
ජන්කූක්ගේ බෙල්ල වටේ අත් යවපු ටේහ්‍යුන් කොල්ලව ලගට ගත්තාම ජන්කූක් ටේහ්‍යුන්ගේ ඉන වටේ අත් යැව්වා ජන්කූක් කොල්ලාගේ කලිසමට යට කරලා තිබුණු ශර්ට් එක උඩට ඇද්දා ඒ වගේම ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ බටන් කිහිපයක් ගැලෙව්ව ජන්කූක් දිගටම කොල්ලාගේ බෙල්ල සිපගත්තා
" ම්ම්හ්..ජන්..කු.කී.."
ටේහ්‍යුන්ගේ ශර්ට් එක යටින් අත යවපු ජන්කූක් කොල්ලාගේ ඉන තදින් ඇල්ලුවා ටේහ්‍යුන් හිටියේ ජන්කූක්ගේ ස්පර්ශය විදිමින් වෙනදාට ජන්කූක් කොල්ලාට දුන්නේ වේදනාවක් විතරයි ඒත් අද ටේහ්‍යුන්ට දැනුනේ දරාගන්න බැරී වින්දනයක්..!
පුංචි පුංචි හයිකීස් ගොඩක් ටේහ්‍යුන්ගේ බෙල්ලේ ඉතිරි කරපු ජන්කූක් ඒ දිහා බැලුවේ ආඩම්බරකාර හිනාවක් එක්ක හරියට තමන් ඇදපු ලස්සන සිතුවමක් දිහා ආඩම්බරයෙන් බලාගෙන ඉන්න සිත්තරෙක් වගේ ජන්කූක්ගේ අතක් තවමත් ටේහ්‍යුන්ගේ ශර්ට් එක ඇතුලේ රැදිලා තිබුනා
" ජන්කුකී..."
තොල් උල් කරගෙන තමන්ගේ නම කියලා කතා කරන හුරතල් කොල්ලා දිහා ජන්කූක් බලාගෙන හිටියේ හරි ආදරෙන්
" ම්ම්ම්..."
" මට බඩගිනියි හලෝ.."
ටේහ්‍යුන් බඩත් අල්ලන්න ගමන් කියද්දී ජන්කූක්ට හිනා ගියා ටේහ්‍යුන් කියුට් ඒක කියලා නිම කරන්න බැ
" අපි කන්න යමු ම්ම්.."
ජන්කූක් එහෙම කියලා කොල්ලාගේ ශර්ට් එකේ බටන් ඔක්කොම දාලා මේසෙන් බැස්සුවා ශර්ට් එක ටේහ්‍යුන්ට යට කරගන්න කියලා කොල්ලාගේ බ්ලේසර් එක ගත්ත ජන්කූක් ටේහ්‍යුන්ගේ අතින් අල්ලාගෙන ස්පෝට් රූම් එකෙන් එලියට ගියා
" අපි හිතුවේ ගිය විදියට පැය ගානකට එන එකක් නැ කියලා "
Cafeteria එකට ඇතුල් වුනු ටේකුක් දැකපු ගමන් යුංගි කිව්වා
" එන්නේ නැ තමයි එක් කෙනෙක්ට ගින්නක් පත්තු වුනා නේ "
ජන්කූක් ඇස් කොනින් ටේහ්‍යුන් දිහා බලන ගමන් කිව්වා
" ඒ කියන්නේ උබලා ස්කූල් එකේ දී සෙක්ස් කලා..."
" ඔව් කරා තමයි උබටත් ඕන නම් ඔය ලග ඉන්න පාත්තයා අල්ලාගෙන අස්සකට ගිහින් කරගනින් "
" උබට වගේ අසහනයක් මට නැ පරයෝ... අනික මේක දේවාලයක් වගේ තැනක් යකෝ අසභ්‍ය විදියට හැසිරෙන්න එපා "
" ප# තමයි... උබ මට වඩා අසහනකාරයා "
" තෝ මගේ සිල්වත් මුඛයෙන් අසභ්‍ය වදන් අහන්න හදන්න එපා බේසික පගයා.."
" යුංගි...!"
යුංගිට රවන ගමන් ජිමින් තදින් කොල්ලාගේ නම කිව්වා
" බබා මම නෙවෙයි මූ තමයි පටන් ගත්තේ.."
යුංගි ජන්කූක්ගේ පැත්තට ඇගිල්ල දික් කරන ගමන් කිව්වා
" කට වහගෙන කනවා.."
" ඇද්ද පූසාට ආවා මෙතන අසහනකාරයා කියන්න "
" ජන්කූක්...!"
" මම අහිංසකයි බේබි...!"
ජන්කූක් කිව්වා ඉතින් ඔය විදියට කාලය ගත වෙලා ගියා ස්කූල් අවසන් වෙලා ටේහ්‍යුන් හිටියේ බස් හෝල්ට් එකට වෙලා ඒත් එක්කම වේගෙන් ආපු බයික් එකක් කොල්ලා ඉදිරියේ නතර වුනේ ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වෙද්දී ටේහ්‍යුන් දන්නවා ඒ කවුද කියලා හෙල්මට් එක ගලවපු ජන්කූක් කොල්ලා දිහා බැලුවේ කේන්තියෙන්
" ජන්කූක්.."
" ජන්කූක් තමයි ඇයි උබට වෙන මොකෙක් හරි වගේ පේනවා ද..?"
යකා වගේ ජන්කූක් ටේහ්‍යුන්ට කතා කරද්දී බස් හෝල්ට් එකේ හිටපු හැමෝම එයාලා දිහා බැලුවා
" මොකද මේ කේන්ති ගිහින් "
ටේහ්‍යුන් කොල්ලාට ලං වෙලා හිමින් ඇහුවා
" කේන්ති නේ..? කේන්ති.. නෙවෙයි යකෝ කාන්ති උබට මම කිව්වා මම එනකම් පාකින් එකට වෙලා ඉන්න කියලා උබ හිටපු විදිය ද මේ "
ජන්කූක් ස්කූල් ඉවර වෙලා කොල්ලාට පාකින් ඒරියා එකට එන්න කිව්වා අද කොල්ලව ජන්කූක් ගෙදරින් drop කරන්නම් කිව්වා ඉතින් ටේහ්‍යුන් කොල්ලාගේ කීම අහන්නේ නැතුව බස් හෝල්ට් එකට ආපු නිසා තමයි මිස්ටර් ජන්කූක් වලිගේ ගිනි ගත්ත හනුමන්තා වගේ කෑගහන්නේ
" සොරි ඉතිම්.."
ටේහ්‍යුන් තොල් පිට පෙරලගෙන මිමිනුවාම ජන්කූක්ගේ කේන්ති ටිකක් නිවුනා
" උබේ සොරිය තියාගෙන වාඩිවෙයන් තවත් මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතුව හෙල්මට් එක දාගෙන නැගපන් "
ජන්කූක් දික් කරපු හෙල්මට් එක දාගත්ත ටේහ්‍යුන් මුකුත් නොකියා බයික් එකට නැග්ගේ ගිනි මකරා වගේ ඉන්න එයාගේ බෝයිෆෙන්ඩ් තවත් තරහ ගස්සන්න ඕන නැති නිසා ජන්කූක් බයික් එක ස්ටාර්ට් කලාම ටේහ්‍යුන් කොල්ලාගේ ඉන වටේ අත් යවලා ජන්කූක්ට ලං වුනා ටේහ්‍යුන්ට ඕන වුනේ ගිනි පිබින මකරාව පොඩ්ඩක් කූල් කරන්න
ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක වේගෙන් ඉස්සරහට ඇදුනේ ටේහ්‍යුන්ගේ අත් තවත් තද වෙද්දී හිමින් යමන් මිනිහෝ මට දැන්ම සක්‍රයා දකින්න ආසාවක් නැ කියන්න ඕන වුනත් ඕක දැන් කියන්න ගිහින් තියෙන තරහ ඩබල් වෙලා ඕනකමින් කොහේහරි හප්පයි ද කියන්න දන්නේ නැති නිසා ටේහ්‍යුන් කට වහගෙන ඇස් දෙකත් තද කරලා පියාගෙන හිටියා
" මේ ඕයි අපි ආවා දැන් බැස්සොත් නරක ද..?"
ජන්කූක්ගේ කටහඩින් මෙලොව ආපු ටේහ්‍යුන් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවොන්ට පින් දුන්නේ පනපිටින් ගෙදර එන්න ලැබුනු නිසා බයික් එකෙන් බැස්ස ටේහ්‍යුන් හෙල්මට් එක ගලවලා ජන්කූක්ට දුන්නා කොල්ලා ඒකත් අරගෙන යන්න හදනකොට ටේහ්‍යුන් නැවැත්තුවා
" ඔච්චර තරහ ගන්න එපා අලේ.."
ටේහ්‍යුන් ජන්කූක්ගේ ශර්ට් එකේ කොනකින් අදින ගමන් කිව්වා කොල්ලා තාමත් ෆුල්ෆේස් හෙල්මට් එක දාගෙන හිටපු නිසා ජන්කූක්ගේ හිනාව ටේහ්‍යුන් දැක්කේ නැ
" තරහ නොගෙන ඉන්න පුලුවන් ද තමුසේ කරන වැඩ වලට ආ පාකින් ඒරියා එකේ ඉන්න කිව්වාම එතැන ඉන්නවා දෙයක් කිව්වාම අහන්න පුරුදු වෙනවා ටේහ්‍යුන්..! පන්ඩිතකම නම් තියෙනවා මොනා නැතත්.."
ජන්කූක් හිනාව හංගගෙන කේන්තියෙන් කතා කලා
" සොලි ඉතිම් ආපහු එහෙම කරන්නේ නැ ප්‍රොමිස් "
ටේහ්‍යුන් කොල්ලාට ලං වෙලා සිහින් හඩකින් කිව්වා හෙල්මට් එක ගලවපු ජන්කූක් එක අතක් කොල්ලාගේ කර වටේ යවලා ලගට ගත්තා
" වැරදි කරලා සමාව ඉල්ලන්න පුරුදු වෙන්න එපා ටේ වැරැදි නොවෙන්න වග බලාගන්න "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් ඔලුව වැනුවා
" දැන් යන්න...!"
" තරහ නැ නේද..?"
ටේහ්‍යුන් ඇහුවාම ජන්කූක් හිනා වෙලා කොල්ලාගේ කොන්ඩේ ඇවිස්සුවා
" තමුසෙගේ කියුට් වැඩ දකිද්දී තරහ වෙන්නේ කොහොමද...?"
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් කොල්ලාට තුරුල් වුනා
" පරිස්සමින් යන්න "
ටේහ්‍යුන් කොල්ලාගේ කනට කරලා මිමිනුවා
" ඔය්ත් පරිස්සමින් "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් කොල්ලාගේ තොල් මතින් පෙක් එකක් තියලා උසෙන් බෝල්ඩ්ගේ හැල්මොනී වැහිලා වගේ දුවගෙන ගියේ ආපහු පස්සවත් නොබලා කොල්ලා හිනාවක් එක්ක එයාගේ තොල් ඇගිල්ලෙන් පිරිමැද්දා
" තමුසේ නම් පිස්සුවක් කිම් ටේහ්‍යුන්....!"
To be continue.................♡︎
ඩේලි අප්ඩේට් ඕනිත...?
ඕනි සංකුට්ටෝ ටික ඉමොජියක් දාගෙන යමු
කමෙන්ට් වෝට් කරන්න සංකුට්ටනි ඔයාලාගේ ලස්සන කමෙන්ට් කියවන්න අහිංසක ඕතර් ආසයි අලේ හූම්
සල්ලි තියෙන කුක්සන් මෙහෙම අදිනවා නම් දුප්පත් මම ඇන්දාම මොකද වෙන්නේ කියලා අම්මට කිව්වාම පොල් කටු හැන්දෙන් ඔලුවට ගහලා නොතේරෙන භාෂාවකින් බැන්නාම අහිංසක ඕතර්
Bạn đang đọc truyện trên: AzTruyen.Top