35 • 𝙶𝚒𝚏𝚝 •
Author Pov
ජන්කූක්ගේ birthday party එක හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්තුවා birthday party එකට ආපු හැමෝම කොල්ලාට තෑගි දෙද්දී ටේහ්යුන් නම් කොල්ලාට තෑග්ග දෙන්න ගියේ නැ අනිත් අය ලොකු ලොකු තෑගි දෙද්දී ටේහ්යුන්ට එයාගේ පුංචි තෑග්ග ජන්කූක්ට දෙන් එක මදිකමක් වුනා ඒ නිසා කොල්ලා පැත්තකට වෙලා හිටියා
අනිත් පැත්තෙන් ජන්කූක් ගැන කිව්වොත් කොල්ලා ටේහ්යුන්ගේ තෑග්ග බලාපොරොත්තුවෙන් හිටියා එයාට අනිත් අයගෙන් ලොකු ලොකු තෑගි ලැබුනා තමයි ඒත් තමන් ආදරේ කරන කෙනාගෙන් ලැබෙන පුංචිම තෑග්ග වුනත් මහ මෙරක් තරම් වටිනවා කොහොම වුනත් ජන්කූක්ට නම් මේ වෙනකොට ලැබෙන්න ඕන ලොකුම තෑග්ග ටේහ්යුන්ගෙන් ලැබිලා අවසන් අද ලියා නිසා ජන්කූක්ට තේරුම් ගියා ටේහ්යුන්ගේ හිතේ එයා ගැන පුංචි හෝ හැගීමක් තියෙන බව ඒ නිසා ජන්කූක් සතුටු වුනා
පාටිය අවසන් වෙලා එක් කෙනා දෙන්නා පිටව යද්දී ජන්කූක් ටේහ්යුන් දිහා බලාගෙන හිටියා ටේහ්යුන් එයා ලගට ඇවිත් යනවා කියලා හරි කියලා යයි කියලා ජන්කූක් බලාපොරොත්තු වුනා දැන් කොල්ලාට අමතක වෙලා එයා ටේහ්යුන් එක්ක කේන්ති අරගෙන රවාගෙන ආවා කියන එකත්
ජින් නම්ජූන් මිස්ටර් ජියෝන්ට හේවොන්ට ජන්කූක්ට සමුදීලා යද්දී ජන්කූක් ටේහ්යුන් දිහා බලාගෙන හිටියා කොල්ලා ජන්කූක් දිහා නම් බැලුවේ නැ ටේහ්යුන් නම්ජින් එක්ක හොටෙල් එකෙන් පිටව යන දිහා බලාගෙන හිටපු ජන්කූක් හුස්ම පහත හෙලලා හේවොන් ලගට ගියා
ඔය අතරේ නම්ජින් එක්ක ගෙදර එන්න පිටත් වුනු ටේහ්යුන් ජන්කූක්ට ගත්ත ගිෆ්ට් එකත් අතේ තියාගෙන ශටර් එකෙන් පහුවෙන විදුලි පහන් අහස උසට නැගුනු බිල්ඩින් ගස් දිහා බලාගෙන හිටියා ටේහ්යුන්ගේ නිහඩ බව ප්රශ්නයක් වුනු ජින් සැරින් සැරේ කොල්ලා දිහා බැලුවා නම්ජූන් ජින් දිහා බැලුවාම ජින් ඇස් වලින් පිටිපස්සේ ශිට් එකට හේත්තු වෙලා ලොකු කල්පනාවක අතරමං වෙලා ඉන්න ටේහ්යුන්ව පෙන්නුවා
" ටේ බෙයාර්.."
නම්ජූන් කතා කරනකොට කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු ටේහ්යුන් ගැස්සිලා ගිහින් නම්ජූන් දිහා බැලුවා
" බෙයා ප්රශ්නෙක ද ඉන්නේ ම්ම්ම්.."
නම්ජූන් drive කරන ගමන් ඇහුවා ජින් කොල්ලා දිහා බලාගෙන හිටියා
" ප්රශ්නයක් නැ අප්පා.."
ටේහ්යුන් හිනාවක් එක්ක කිව්වත් මොනාහරි ප්රශ්නෙක කොල්ලා ඉන්නේ කියලා ජින්ට තේරුනා මේ පොඩි කාලය ඇතුලත ටේහ්යුන්ගේ පුංචි වෙනස්කමක් වුනත් ජින්ට අදුරගන්න පුලුවන් තරමට එයා කොල්ලාට ලං වුනා ජින්ට කොල්ලා හැරෙනකොට කියන්න පුලුවන් මොකාට ද හැරෙන්නේ කියලා
" ඔයාට මොනාහරිම ප්රශ්නයක් තියෙනවා නම් හිතේ තියාගෙන ඉන්න එපා බෙයා අපිට කියන්න ඔයාට අපිට කියන්න බැරි දෙයක් නැ බෙයා.."
ජින් කොල්ලා දිහා බලාගෙන කියනකොට ටේහ්යුන් හිනාවක් එක්ක ඔලුව වැනුවා ටේහ්යුන් කොච්චර නැ කිව්වත් කොල්ලා අවුලෙන් ඉන්නේ කියලා නම්ජින් දෙන්නාට තේරුනා ඒත් තවත් ඒ ගැන හාර අවුස්සන්න ගියේ නැත්තේ ටේහ්යුන් කොයිවෙලාවක හරි ඒක එයාලට කියයි කියලා විශ්වාස කරපු නිසා
ගෙදර ආපු ගමන් ජින් කොල්ලාව වොෂ් එකක් දාගෙන නිදාගන්න කියලා පැන්නුවේ හෙට ස්කූල් යන්න ඕන නිසා රූම් එකට ආපු ටේහ්යුන් නම්ජින් දෙන්නාට හොරා හංගගෙන ආපු ගිෆ්ට් බොක්ස් එක කබඩ් එක උඩින් තියලා වොෂ් එකක් දාගන්න ගියා
විනාඩි කිහිපයකින් වොෂ් එකක් දාගෙන රූම් එකට ආපු ටේහ්යුන් ඇදට පැනලා හාන්සි වුනා ඒත් කොල්ලාට නින්ද අහලකවත් නැ සුදු පැහැති සිවිලිම දිහා බලාගෙන ඉදිද්දී ජන්කූක්ගේ මුන කොල්ලාට මැවිලා පෙනෙද්දී ටේහ්යුන් ඇදෙන් නැගිටලා ගිහින් කබඩ් එක උඩ තිබුණු ජන්කූක්ට දෙන්න ගත්ත වොච් එක අරගෙන ආපහු ඇදට ආවා
ටේහ්යුන් වොච් එක දිහා බලාගෙන ඉදිද්දී අද සිද්ධ වුනු දේවල් මතක් වෙලා කොල්ලාගේ මූනට පුංචි හිනාවක් ආවා ලියා ඉදිරියේ ජන්කූක් එයාගේ බෝයිෆෙන්ඩ් විදියට කොල්ලව අදුන්වලා දෙද්දී ටේහ්යුන්ට දැනුනේ ලොකු සතුටක් ලියාගේ මූන අදුර වෙලා ගිය විදිය ජන්කූක්ගේ අතක් එයාගේ ඉනේ රැදිලා තිබුණු විදිය ඊට පස්සේ ජන්කූක්ගේ දගකාර අත කරපු දේවල් එයාගේ ඇස් ඉදිරියේ ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනෙද්දී ටේහ්යුන් යටි තොලත් හපාගෙන කොට්ටේ අස්සේ මූන හංගගත්තා ගිෆ්ට් බොක්ස් එක පපුවට තුරුල් කරගත්ත ටේහ්යුන් හිටියේ ජන්කූක්ගේ ලෝකේ අතරමං වෙලා කිව්වොත් නිවැරදියි
ඉතින් ජන්කූක්ගේ ලෝකේ අතරමං වෙලා හිටපු ටේහ්යුන් කොයිවෙලේ නිදි දෙව්දුව වැලදගත්තා ද කියන්න කොල්ලවත් දන්නේ නැ
Next Day Morning
අලුත් දවසක උදාවත් සමග ජින් ටේහ්යුන්ගේ රූම් එකට ආවේ කොල්ලව ස්කූල් යවන්න ඇහැරවන්න ජින් කොල්ලාගේ රූම් එකට යනකොටත් ටේහ්යුන් වලස් පැටියෙක් වගේ හොදටම දොයි ආදරනීය හිනාවක් දෙතොලතර රදවගෙන ජින් ටේහ්යුන් ලගට ලං වුනේ පුංචි හෝ සද්දයක්වත් නොකර ඇදේ කොනකින් වාඩිවුනු ජින් නිදාගෙන ඉන්න එයාගේ පුංචි බෙයාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වාම ටේහ්යුන් නින්දෙන් තවත් බ්ලැන්කට් එක ඇතුලේ ගුලි වුනේ ජින්ගේ හිනාව වැඩි කරලා
ඒත් එක්කම වගේ ජින්ගේ ඇස් නැවතුනේ ටේහ්යුන් තුරුල් කරගෙන ඉන්න බොක්ස් එක ලග ජින් ඇස් හීනි කරගෙන ඒ දිහා බලාගෙන හිටියේ බොක්ස් එක හොදට දැකලා පුරුදු නිසා ආන් ඒ වෙලාවේ ජින්ගේ මතකයට ගලාගෙන ආවේ මේක ටේහ්යුන් ජන්කූක්ට දෙන්න ගත්ත ගිෆ්ට් එක නේද කියලා එතකොට ටේහ්යුන් මේක දුන්නේ නැත්තේ ඇයි කියන්න හේතුවක් ජින්ට හිතාගන්න බැරී වුනා
" බෙයා.... නැගිටින්න පැටියෝ උදේ වෙලා ම්ම්ම් ස්කූල් යන්න පරක්කු වෙනවා නේ "
හිතේ තියෙන ප්රශ්නය හිත අස්සෙම සගවගත්ත ජින් කොල්ලාට ආදරෙන් ආමන්ත්රණය කලා මොන දේ වුනත් ජින් ටේහ්යුන් එක්ක වැඩ කරද්දී ගොඩක් පරිස්සම් වුනා මොකද ටේහ්යුන් ගොඩක් සෙන්සිටිව් කෙනෙක් ජින් එක වචනයක් හරි සැරෙන් කතා කරලා කොල්ලාට දුක හිතිලා එයා ටේහ්යුන්ට ආදරේ නැ කියලා හිතයි කියලා ජින් බය වුනා
ජින්ගේ ආදරනීය කටහඩත් එක්ක ඇහැරුනු ටේහ්යුන් ඇස් අතින් පිහිදන ගමන් තොල් පිට පෙරලගෙන ජින්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා ටේහ්යුන්ගේ වැඩ වලට හිනා වෙන ගමන් ජින් කොල්ලාට කතා කලා
" අනේ අනේ කම්මැලි කොල්ලා.... කෝ නැගිටින්න දැන් හොදටම පරක්කු වෙනවා.."
" අයියූ තව විනාඩි පහයි පපා.."
Sleepy voice එකකින් කිව්ව ටේහ්යුන් තවත් ජින්ගේ උනුසුමට ගුලි වුනා
" බැ බැ පපාගේ ගුඩ් බෝයි දැන් නැගිටින්න."
ජින් කිව්වාම ටේහ්යුන් නිදිමතේ ඇස් පොඩි කරන ගමන් නැගිට්ටා අවුල් වුනු කොන්ඩේ එක්ක කොල්ලා තවත් කියුට් විදියට ජින්ට පෙනුනා
" මගේ බෙයා ගොඩක් කියුට්... පපාට ස්කූල් යවන්නත් ලෝභයි වගේ "
ටේහ්යුන්ගේ කම්බුල් හරි ආදරෙන් සිපගත්ත ජින් කිව්වා
" එහෙනම් පපා බෙයාව මෙහෙම තියාගන්නකෝ.."
ජින්ට තුරුල් වෙන ගමන් ටේහ්යුන් කිව්වා
" ගහප් සෝස්පන් එකෙන්...! යනවා වොෂ් එකක් දාගෙන එන්න "
ජින් කෑගහලා එලවනකොට ටේහ්යුන් ඇදෙන් බැහැලා වොෂ් රූම් එක පැත්තට ඇවිදගෙන ගියත් එකපාරට යම්කිසි දෙයක් මස්තිෂක රාජයාට ගලාගෙන ආපු නිසා ටේහ්යුන් අකුනක් ගැහුවා වගේ ජින්ගේ දිහාට හැරුනා එතකොට ජින්ගේ අතේ තියෙන බොක්ස් එක දැක්කාම කොල්ලාට උතුර දකුන මාරු වුනා
" පපා..."
ටේහ්යුන් තිගැස්මෙන් වගේ ජින්ට කතා කලා ජින් කොල්ලා දිහා බැලුවා
" මෙතනින් ඇවිත් වාඩිවෙන්න බෙයා.."
ජින් කිව්වාම ටේහ්යුන් ගිහින් ජින් ලගින් වාඩිවුනා
" ඔයා හරි ආසාවෙන් නේ ජන්කූක්ට ගිෆ්ට් එක ගත්තේ ම්ම් එහෙනම් ඇයි ජන්කූක්ට නොදුන්නේ..?"
ජින් අහද්දී ටේහ්යුන් බිම බලාගත්තා ජින් ටේහ්යුන් දිහා බලාගෙන ඉදලා කොල්ලාගේ අතින් අල්ලගත්තා
" බෙයා... පපාට කියන්න පැටියෝ.."
" පපා... අනිත් හැමෝම ජන්කූක්ට ලොකු ලොකු තෑගි දුන්නා මගේ පුංචි තෑග්ග ජන්කූක්ට වටින එකක් නැ පපා ජන්කූක්ට මේකට වඩා වටින තෑගි ගොඩක් හම්බුනා ඒ නිසා මට මේක දෙන්න හිතුනේ නැ "
ටේහ්යුන් දුක් බර හඩකින් බ්ම බලාගෙන කියද්දී ජින් කොල්ලාගේ ඔලුව අතගෑවා
" බෙයා දන්නවා ද දෙයක්.. අපි කෙනෙක්ට දෙන තෑග්ග ලොකු ද පොඩි ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ අපි ඒ තෑග්ග දෙන්නේ මොන වගේ චේතනාවකින් ද කියන එක ඔයා මේ ගිෆ්ට් එක ජන්කූක්ට දෙන්න ගත්තේ සතුටින් නේද..? අනික ජන්කූක් වගේ කෙනෙක්ට හැමදේම තියෙනවා කිසිම අඩුපාඩුවක් නැ එයාට ඔය බෙයා කියන ලොකු ලොකු තෑගි ගන්න පුලුවන් ඒත් බෙයා ජන්කූක්ට වටින්නේ තෑග්ග නෙවෙයි ඒ තෑග්ග දෙන කෙනා වෙන්න පුලුවන් "
ජින් කිව්වාම එකපාරට ටේහ්යුන් එයාගේ පපා දිහා බැලුවා
" ඒ නිසා අද ස්කූල් ගිහින් ජන්කූක්ගේ අතට මේ ගිෆ්ට් එක ඔයාගේ අත් දෙකින්ම දෙන්න ජන්කූක් ගොඩක් සතුටු වෙයි අනිවාර්යයෙන්ම මම එහෙම හිතනවා.."
" පපා එහෙම හිතනවාද..?"
ටේහ්යුන් දිලිසෙන ඇස් වලින් ජින් දිහා බලාගෙන ඇහුවාම ජින් හිනාවක් එක්ක ඔලුව වැනුවා ටේහ්යුන් ජින්ව බදාගෙන ජින්ගේ කම්බුලට කිස් එකක් දීලා උඩ පනින ගමන් සතුටින් වොෂ් රූම් එකට ගියේ ජින් හිනා වෙවී එයාගේ දග බෙයා දිහා බලාගෙන ඉදිද්දී
විනාඩි කිහිපයකින් වොෂ් එකක් දාගෙන හැඩ වෙලා ටේහ්යුන් ගිෆ්ට් බොක්ස් එකත් අරගෙන බෑග් එකත් කරේ දාගෙන දුවගෙන ගියේ දැනටමත් ස්කූල් යන්න පරක්කු වෙලා තියෙන නිසා ටේහ්යුන් නම්ජූන් එක්ක ස්කූල් එකට ගියා ගේට් එක වහන්න ඔන්න මෙන්න තියලා ටේහ්යුන් ඇතුලට පැනගත්තාත් ස්කූල් එකට පරක්කු වෙලා එන ලිස්ට් එකට ටේහ්යුන් වැටිලා ඉවරයි
ස්කූල් එකේ prefect ලා පරක්කු වෙලා ආපු සෙට් එක තියාගෙන හොද ලෙක්චර් එකක් දෙන අතරේ ටේහ්යුන්ගේ ඇස් හතර වටේ දිව්වේ එයාගේ නපුරු කුමාරයා දකින්න තියෙන නොයිවසිල්ල නිසා
" උබලාට කවදාවත් ආපහු ස්කූල් පරක්කු වෙලා නොඑන්න අමතක නොවෙන පාඩමක් උගන්නන්නම්..."
එක prefect කෙනෙක් කියද්දී ටේහ්යුන් තොල් තද කරගත්තා
" පරන ස්ටෝ රූම් එක මුන්ට කියලා අස් කරගමු නැත්නම් ඒ මගුලත් අපිට අස් කරන්න කියලා වයසක ඩයල් එක කියයි.."
තව කෙනෙක් එහෙම කියද්දී අනිත් අයත් ඒකට එකග වුනා
" උබලාට ඇහුනා නේ අපි කියපු දේ ඔක්කොම ගිහිල්ලා ස්ටෝ රූම් එක දූවිලි අංශුවක් නැති වෙන්න සුද්ද කරන්න ඕන දැන් අපේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතුව පලයන් "
Prefect කෙනෙක් කියද්දී ලමයි ඔක්කොම ඔලුව වැනුවා ටේහ්යුන්ට නම් දැන් ඉක්මනට මෙතනින් පැනගන්න ඕන වුනේ යන අතරමග පැනගන්න පුලුවන් වෙයි කියලා ටේහ්යුන් හිතුවත් තත්පර ගානක් ඇතුලත ඒ සිහිනය බොද වෙලා ගියා
" මුන් එක්ක අපි කවුරුහරි යමන් නැත්නම් මුන් පැනලා යයි "
" තවත් මොනාද බලාගෙන ඉන්නේ යමන් ඉක්මනට තව වැඩ තියෙනවා "
Prefect ලාට හිතින් දෙහි කපන ගමන් ටේහ්යුන් ඇතුලු ලමුන් කිහිප දෙනා ස්ටෝ රූම් එකට ගියා prefect ලා ස්ටෝ රූම් එක සුද්ද කරන්න උපදෙස් දෙන කට්ටිය වෙනම සාකච්ඡාවක් දාගෙන හිනා වෙවී ඉදියා
" අඩෝ ජන්කුකා....!"
ජන්කූක් ලොලිපොප් එකක් කටේ ගහගෙන කොරිඩෝ එකේ ඇවිදගෙන එද්දී එක කොල්ලෙක් ජන්කූක්ට කතා කලා
" උබලා මොකද මෙතන කරන්නේ "
ජන්කූක් ඇහුවේ ස්ටෝ රූම් එකේ දොර ලග බිත්තියට හේත්තුවක් දාගෙන ඉන්න කොල්ලෝ දෙන්නාගෙන්
" වෙලාවට වැඩක් කරන්න බැරි උන්ට පනිශ්මන්ට් එකක් දුන්නා "
එක කොල්ලෙක් කියද්දී ජන්කූක් කට කොනින් හිනා වුනා ස්කූල් එකේ ගේම් කැප්ටන් වුනේ ජන්කූක් හැබැයි ස්කූල් එකේ සිද්ධ වෙන ඕනෑම නසරානි අලුගුත්තේරු වැඩක කොනක හරි ගෑවිලා යන්න හරි ජන්කූක් ඉන්නවා
ජන්කූක් යන්න හැරිලා ආපහු බැලුවේ හොදට දැකලා පුරුදු රුවක් ඇස් කොනින් දුටු හින්දා ජන්කූක් බැලුවේ එයා දැක්ක රුව හරියටම ඒ කෙනාම ද කියලා තහවුරු කරගන්න කොල්ලාගේ ඇස් නැවතිලා තිබුණේ දහඩිය පෙරාගෙන දූවිලි නාගෙන ස්ටෝ රූම් එක අස් කරන ටේහ්යුන් ලග
" ඕයි...! මම අරූව අරගෙන ගියාට ප්රශ්නයක් නැ නේ "
ජන්කූක් ඇහිබමක් උස්සගෙන ඇහුවා කොල්ලෝ දෙන්නා ඔලුව දෙපැත්තට වැනුවා
" ප්රශ්නයක් තිබ්බත් මට අදාළ නැ "
ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක කිව්වා
To be continue.................♡︎
ඇහි දාර පවා ඔබ සෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුනා
නොලැබේවි කියා සිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහ වුනා...!
Bạn đang đọc truyện trên: AzTruyen.Top