34 • 𝙸 𝚁𝚎𝚊𝚕𝚕𝚢 𝙻𝚘𝚟𝚎 𝚢𝚘𝚞 𝙱𝚊𝚋𝚢 •

කදුලු බිදු එක දෙක කම්බුල් තෙමාගෙන ගලාගෙන යද්දී හොටෙල් එකේ ඉදිරියේ තිබුණු පොන්ට් එක ලගට ගියා හැමෝම හොටෙල් එක ඇතුලේ පාටි එක enjoy කරන නිසා හොටෙල් එකෙන් පිටත වැඩිය කවුරුවත් හිටියේ නැ ඒ නිසා කාටවත් මාව ඒ තරම් නෝට් වුනේ නැ

පොන්ට් එකේ බැම්ම මතින් මම එහෙම්ම වාඩිවුනේ තවත් හිටගෙන ඉන්න පනක් නොතිබුනු නිසා අර කෙල්ල එයාගේ තොල් වලට පෙක් එකක් දුන්නු විදිය එයත් ඒ දේවල් ගානක් නැතුව ඒ කෙල්ල එක්ක හිනා වුනු විදිය මගේ ඇස් ඉදිරිපිට මැවිලා පෙනෙද්දී මට ජන්කූක්ගේ ලගට ගිහින් කනට ගහලා අහන්න හිතුනා ඔයාට මාව විහිලුවක් ද..? කියලා එදා ආදරෙයි කිව්වේ බොරුවට ද..? කියලා මට ඔච්චර රිද්දන්න එපා ජන්කූක්

මටත් නොදැනීම සිහින් ඉකියක් පිට වෙද්දී මම අතින් කට වහගත්තේ හදිස්සියේවත් කාටහරි ඇහෙයි කියලා හැමදේම විසදිලා සතුට මගේ ජීවිතේට එයි කියලා හිතුවත් එච්චර වාසනාවක් මට නැ කියලා අමතක වුනා ඉස්සර නොතිබුනු සල්ලි ධනය බලය ඔම්මා අප්පා හැමෝම හැමදේම තියෙද්දී මම ආදරේ කරන කොල්ලාට මාව විහිලුවක් වෙලා මගේ හැගීම් ගැන එයාට කිසිගානක් නැ ඒකයි ඇත්තයි ඔයා අද මට ඔප්පු කරලා පෙන්නුවා ජන්කූක් ඔයාගේ ජීවිතේ ඔයාගේ හිතේ මට තියෙන්නේ මොන වගේ තැනක් ද කියලා කල් යන්න කියලා මම ඔයාට ඇබ්බැහි වෙන්න කලින් මට ඒක තේරුම් කලාට ඔයාට ස්තූතියි ජන්කූක්

මට මෙතනින් හැමෝගෙන්ම ඈත් වෙලා ගිහින් තනි වෙන්න ඕන වුනා මගේ හිතේ තියෙන දුක වේදනාව කෑගහලා අඩලා පිට කරන්න ඕන වුනා

ඒත් එක්කම මගේ ඇස් ගැටුනේ මගේ ලග නැවතිලා තිබුණේ brand new shoes දෙකක් ලග ඒ shoes වලින් කියන්න පුලුවන් මොකා වුනත් හෙන ධනපති පන්තියේ ඩයල් එකක් කියලා මගේ ලග පොල් ගහක් ගිලලා වගේ කෙලින් ඉන්න එකා මොකාද කියලා බලන්න මගේ ඇස් එයාගේ කකුල් දිගේ උඩට අරගෙන ගියා පොඩ්ඩක් දැකලා පුරුදු ගතියකුත් තියෙනවා

මගේ ලග නැවතිලා මගේ දිහා අමුතු විදියට බලාගෙන ඉන්න කෙනා දැක්කාම මගේ ඇස් ගැස්සුනා ඒ කෙනාව මම කොහොමටත් බලාපොරොත්තු වුනේ නැ ඒත් ඇයි එයා මෙතන කරන්නේ...? මොකටද මගේ දිහා දුකින් වගේ බලාගෙන ඉන්නේ....? ඔව් ඒ හිටියේ මගේ ඒක පාර්ශ්වික ප්‍රේම පුරානේ ජන්කූක්

මම එයා දිහා බලාගෙන ඉදලා රවලා අහක බලාගත්තේ හිතේ තිබුණු දුක කේන්තියකට පරිවර්තනය කරමින් මගේ ඇස් වල තිබුණු කදුලු පිහිදගත්තා මට එයා ඉස්සරහ අඩන්න ඕන වුනේ නැ ඒත් මම කදුලු පිහිදනවා ජන්කූක් හොදටම දැක්කා

" ටේහ්‍යුන්.."

ජන්කූක් මට කතා කලත් මම නෑහුනු ගානට හිටියා තමුසෙට මේ දේවල් සෙල්ලමක් වුනාට මට සෙල්ලමක් නෙවෙයි ජන්කූක් මොකද්ද මේ දේවල් වල තේරුම

" ටේහ්‍යුන්...! මම තමුසෙට කතා කරන්නේ..? මෙතන මොකද කරන්නේ...?"

එයා කලින්ට වඩා සද්දෙන් කතා කලා ඒත් මම එයාව ගනන් නොගෙන හිටියා වෙන්දා ජන්කූක් සද්දෙන් කතා කරනකොට මම වෙව්ලනවා ඒත් අද කොහෙන්දෝ ආපු ශක්තියකට වගේ එයාගේ කටේ සද්දෙට මම බය වුනේ මගේ හිතේ තිබුණු කේන්තිය ඒකට හේතුවක් වෙන්න ඇති

මම හොද හුස්මක් අරගෙන නැගිට්ටේ එතැනින් යන්න හිතාගෙන ඒත් ජන්කූක් මට යන්න නොදී මගේ පාර හරස් කලා

" මට යන්න දෙනවා ජන්කූක්..."

වෙනදා වගේ කතා කලත් මගේ හිතේ තිබුණේ ජන්කූක් වගේම අර කෙල්ලවත් හන් ගගේ ගිල්ලවන්න පුලුවන් තරම් කේන්තියක්

" මොකද තමුසෙගේ කටේ සද්දේ ආ.."

ජන්කූක් ඉස්සරහට අඩියක් තියන ගමන් කේන්තිය පිරුනු හඩකින් ඇහුවා

" මට ඕන නිසා.."

මම එහෙම කිව්වාම ජන්කූක්ගේ ඇස් ගැස්සුනා කවදාවත් නැතුව පලවෙනි වතාවට මම ජන්කූක්ට සද්දෙන් කතා කලා එයා නේ හැමදාම මට සද්දේ දාලා යන්නේ මම ජන්කූක්ව මගහැරලා යන්න හැදුවත් ජන්කූක් මගේ අතින් අල්ලලා ඇදලා ගත්තා

" තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ..?"

" මට මුකුත් වෙලා නැ ජන්කූක් මට යන්න දෙන්න.."

ජන්කූක්ගේ එක අතකට හිර වෙලා තියෙන මගේ අත නිදහස් කරගන්න ට්‍රයි කරන ගමන් කිව්වා

" ටේහ්‍යුන්...! දැන් හොදටම ඇති තමුසේ මොකද්ද නටන්න හදන නාඩගම ආ.."

ජන්කූක් මගේ අත තවත් තද කරමින් කෑගහලා ඇහුවා

" හහ්..! මම ද ජන්කූක් නාඩගම් නටන්නේ ආ තමුසේ තමයි ඔක්කොම අඩවු අල්ලලා මෙතන දහ අට සන්නියත් නටන්නේ "

ජන්කූක් දිහා කේන්තියෙන් බලාගෙන කිව්වා ඔක්කොම කරලා දැන් මම ලු නාඩගම් නටන්නේ තමුසේ මහ බොරුකාර නරියෙක් ජන්කූක්

" මොකද තමුසේ කටේ සද්දේ ආ.. මොකාගේ හයිය අරගෙන ද තමුසේ මට සද්දේ දාන්නේ..? උබේ කට අනිත් පැත්තට යන්න ගහන්නේ "

ජන්කූක් තවත් මගේ අත තදින් අල්ලද්දී මට රිදුනා හිතේ තිබුණු කේන්තියටත් එක්කම මම අත ඇදලා ගත්තා

" මම කාගෙවත් හයියක් ඕන නැ ජන්කූක් කතා කරන්න තමුසේ මට බොරුවට ආදරෙයි කියලා මෙතන කෙල්ලෝ බදාගෙන හුරතල් වෙනවා තමුසෙගේ හැමදෙයක්ම බොරුවක් විතරයි ජන්කූක් තමුසෙගේ ආදරේ පවා බොරුවක් ඔච්චර මට තමුසේ ආදරේ නම් මොකටද අර කෙල්ලව බදාගෙන හුරතල් වුනේ..? මම තමුසෙගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි ජන්කූක් මගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා තමුසෙට පව් පිරෙයි මෙහෙම මිනිස්සුන්ගෙන් පලිගන්න එපා "

මුල් ටික කේන්තියෙන් කියවගෙන ආවාට අන්තිම ටික කියද්දී මගේ ඇස් වලට කදුලු පිරුනා ඒ නිසා මම බිම බලාගත්තා මට මගේ කදුලු ජන්කූක්ට පෙන්නන්න ඕන වුනේ නැ මම කියපු හැමදේම අහගෙන ජන්කූක් නිහඩව හිටියා එදා ජන්කූක් ආදරෙයි කිව්වේ විහිලුවට කියපු දවසේ යකා වගේ හැසිරුණු මනුස්සයා දැන් සන්සුන්ව ඉන්නවා

තත්පර කිහිපයක් ගෙවිලා ගියේ මගේ සිහින් ඉකියක් ජන්කූක්ගේ හුස්ම ගන්න සද්දෙත් විතරක් ඇහෙද්දී ඒත් එක්කම මට දැනුනේ උනුසුම් අත් දෙකක් මා වටේ එතෙනවා මාව උනුසුම් පපුවකට හිර වුනා මගේ නලල මත එයාගේ සීතල තොල් නැවතුනා මම ඇස් පියාගත්තේ ඒ සීතල තොල් වල ස්පර්ශය විදිමින් මට අකීකරු වුනු කදුලු බිදු එක පෙලට කම්බුල් තෙමාගෙන කඩාගෙන හැලුනා

මගේ නලලින් එයාගේ තොල් ගත්තා ඔයා මොකද්ද ජන්කූක් කරන්නේ තාමත් රගපානවා ද..? ඔයාට මට රිද්දන්න නේ ඕන ජන්කූක් ඔව් මට රිදෙනවා ඔයා හිතුවාට වඩා මට රිදෙනවා මගේ කම්බුල් මතින් ජන්කූක් අත් තියලා මගේ කම්බුල් දිගේ කඩා හැලෙන කදුලු බිදු මහපටගිල්ලෙන් පිසදැම්මා මොකද්ද මේ දේවල් වල තේරුම

මම එයා දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නැ එයාගේ වැඩ හැමදාම මාව ගොලු කරනවා ඔය උනුසුමට ඔය ස්පර්ශයට මම හරි ආදරෙයි ලෝභයි

" තමුසෙට ජෙලස් නෙහ්.."

කට කොනින් හිනාවක් එක්ක මගේ ඇස් වලට එබිලා අහද්දී මම ගැස්සුනා ඊලග තත්පරේ මම එයාට රවලා මගේ කම්බුලේ රැදුනු අතක් අයින් කලා ආපහු එයාගේ මගේ කම්බුලෙන් අතක් තියාගෙන මගේ නලලට එයාගේ නලල තිබ්බා ජන්කූක්ගේ උනුසුම් සුසුම් මගේ මුහුනේ වැදෙනවා ඒ ඇස් වල හැගීම් ගොන්නක් සැගවිලා තිබුනා ඒවා එකින් එක කියන්න උත්සාහ කලත් මම අසාර්ථක වුනා

" තමුසෙට මම ඕන තරම් වද දීලා තියෙනවා තමුසෙව රිද්දලා තියෙනවා ඒත් මම තමුසෙට ආදරෙයි කිව්වේ බොරුවට කටට ආපුවටවත් තමුසෙව රිද්දන්නවත් නෙවෙයි ටේහ්‍යුන් මගේ හිතේ තමුසේ ගැන තියෙන ඇත්තම හැගීම කිව්වේ මගේ ආදරේ බොරුවක් නෙවෙයි ටේහ්‍යුන් "

ජන්කූක් මගේ අතක් එයාගේ පපුවට තියලා තද කලා එයාගේ හදවත වේගෙන් ගැහෙනවා ජන්කූක්ගේ හද ගැස්සම මගේ අතට හොදට දැනුනා

" මේ හදවත මෙහෙම හැගෙන්නේ තමුසේ ලග විතරයි ටේහ්‍යුන් මම ඕන තරම් කෙල්ලෝ එක්ක කොල්ලෝ එක්ක ඉදලා තියෙනවා ඒ කවුරුවත් තමුසේ තරම් මට දැනුනේ නැ ඒ කාටවත් මගේ හිත හොරකම් කරන්න බැරි වුනා ටේහ්‍යුන් ඒත් කාටවත් කරන්න බැරි වුනු දේ තමුසේ කරා හැමෝම කිව්වේ ජන්කූක් කියන්නේ හදවතක් නැති රාක්ෂයෙක් වගේ කොල්ලෙක් කිව්වා ඔව් මම රාක්ෂයෙක් වෙන්න ඇති මටත් හදවතක් තියෙනවා ටේහ්‍යුන් මටත් රිදෙනවා "

ජන්කූක් කියවගෙන ගියා එයා දුකින් කියන්න ඒ වචන ප්‍රමාණවත් වුනා ජන්කූක්ගේ ඇස් වලින් මිදුනු කදුලු බිදු කිහිපයක් කම්බුල් දිගේ කඩාගෙන වැටුනා එයා අඩනවාද...? අනේ ජන්කුකී... මම එයාගේ කම්බුල් දිගේ කඩා හැලෙන කදුලු බිදු පිසදලා හිතට ක්ෂනිකව ආපු අදහසක් නිසා ජන්කූක්ගේ කම්බුලකට තොල් තද කලා

එයාගේ කම්බුලෙන් තොල් ගත්ත මම පොඩ්ඩක් ඉස්සිලා ජන්කූක්ගේ නලල සිපගත්තා ජන්කූක්ගේ අත් මගේ ඉන වටේ තද වෙනවා මට දැනුනා ජන්කූක්ගේ නලලෙන් මම තොල් ගත්තාම එයාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා මම එයාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා

මොන දේ වුනත් මට ජන්කූක්ගේ කදුලු දකින්න බැ ඉස්සර එයා මට මොන විදියට සැලකුවත් දැන් එයාගේ මගේ ආදරේ මම ආදරේ කරන කෙනාගේ කදුලු දකින්න තරම් ශක්තියක් මට නැ මගේ බෙල්ල අස්සේ මූන හංගගෙන ඉන්න ජන්කූක්ගේ කොන්ඩේ මතින් දැනෙන නොදැනෙන තරමට පුංචි හාදුවක් තැවරුවා

ඒත් එක්කම මගේ බෙල්ලට සීතල ස්පර්ශයක් දැනුනා ජන්කූක් මගේ බෙල්ලට කිස් එකක් දුන්නා ඒ තොල් වල ස්පර්ශය එක්ක මගේ මුලු ඇගම හිරිවැටිලා ගියා

" I Love You "

ජන්කූක් මගේ කනට කරලා රහසින් කිව්වා සත්තයි මගේ ඇග පුරාම සමනල්ලු තටු ගහනවා වගේ දැනුනා හිත හිරි වැටිලා ගියා සීත සුලගක් හමාගෙන ගියා කලින් වුනු හැමදේම අමතක වෙලා ජන්කූක්ගේ වචන එක්ක මගේ හිත සතුටින් පිරිලා ගියා

" I really love you baby..!"

ජන්කූක් මගේ කන් පෙත්තේ තොල් ගෑවි නොගෑවී රහසින් කියද්දී මට නිකන් කිතිත් වගේ මහ පිස්සු හා තඩියෙක් මම මුකුත් නොකියා නිහඩව හිටියා මටත් එයාට ආදරෙයි කියලා කියන්න ඕන ඒත් දැන්ම නෙවෙයි ඔයාට තව ඉවසන්න වෙනවා හා පෝතකයෝ

මගෙන් මුකුත් ප්‍රතිචාරයක් නැති නිසා දෝ ජන්කූක් මගෙන් ඈත් වුනා කොල්ලාගේ මූන හෙනම අවුල් කරන්න දෙයක් නැ පුතී ඔයාට ඉස්සර ඕවා හිතන්න තිබුනා

" ටේ...!"

ඕමෝ... මේ යකා මට ටේ කියලා ද කතා කලේ..? නැත්නම් මගේ කනේ දෝශයක් ද..?

" අර කෙල්ල කවුද ජන්කූක්...?"

මම එකපාරට ඇහුවාම ජන්කූක් මගේ දිහා බැලුවා හිතන් ඇති මට ආදරෙයි කියපු ගමන් ඕවා අමතක වෙයි කියලා එහෙම හිතුවා නම් ඔයා ගොඩක් වැරදියි ජන්කූක් මට ඔය වගේ දේවල් නම් ලේසියෙන් අමතක වෙන්නේ නැ ඒ නිසා බය වෙන්න එපා මම කට කොනින් හිනාවක් එක්ක එයා දිහා බලාගෙන ඉදිද්දී ජන්කූක් බෙල්ල කසනවා ඉවරයක් නැ

" බෙල්ලේ පොට යයි ජන්කූක්.."

මම රවාගෙන කිව්වාම ජන්කූක් බෙල්ල කසන එක නැවැත්තුවා

" එයා මගේ පුංචි කාලේ ඉදලා යාලුවෙක් ටේ.. කාලෙකට පස්සේ අද තමයි අපි හම්බුනේ ඒකයි එයා එහෙම හැසිරෙන්නේ "

ජන්කූක් කිව්වා දැන් මම ඕක විශ්වාස කරන්නම් ඕන ද වගේ බැල්මක් මම ජන්කූක්ට හෙලුවා

" මම ඇත්ත යකෝ කියන්නේ...! පිලිගන්නවා නම් පිලිගනින් "

ඔන්න ඉතින් යකා වැහුනා ඒත් මම බැලුවා කෝ මේකාගේ ඇගේ වැහිලා ඉන්න යක්ෂ දේවතාව කොහෙද කියලා

" විශ්වාස කරන්න පුලුවන් දේවල් නෙවෙයි නේ ජන්කූක් කරලා තියෙන්නේ "

" උබ ඕන මගුලක් කරගනින්.. හැබැයි මම මෙච්චර කාලෙකට පස්සෙන් ගියපු එකම එකත් උබ කියලා මතක තියාගනින් "

දබරගිල්ල මගේ පැත්තට දික් කරගෙන කියපු ජන්කූක් අතින් කොන්ඩේ පිටිපස්සට කරලා මට රවලා කේන්තියෙන් ගියා හරි නේ ටේහ්‍යුන් ආසාව දැන් යකා වගේ ගිහින් මොන වගේ තොවිලයක් නටයිද දන්නේ නැ මම දුවගෙන ගිහින් ජන්කූක්ගේ අතක එල්ලුනා ජන්කූක් මම අල්ලාගෙන ඉන්න එයාගේ අත දිහා බැලුවේ ඇස් හීනි කරගෙන

" මාව අතහැරලා පලයන් ටේහ්‍යුන්...! මාව අවිශ්වාස උන් මාත් එක්ක ඉන්න ඕන නැ "

ජන්කූක් අහක බලාගෙන කිව්වා හොදටම කේන්ති ගිහින් වගේ මගේ නපුරු කුමාරයා

" ජන්කුකී..."

කවුද යකෝ මගේ මිනිහාට එච්චර ආදරෙන් ආමන්ත්‍රණය කරන මල මෝහිනි එතකොට මම දැක්කේ අපේ දිහාට එන ජන්කූක්ව කලින් පිඹුරියක් වගේ වෙලාගෙන ඉදපු ජන්කූක් එයාගේ ආදි කාලයේ මිතුරියක් ලෙස හදුන්වා දුන් තොරොම්බල් කරත්තේ උඩටත් නැති පහලටත් නැති රෙද්දක් ඔතාගෙන හිටියේ මම හිතන්නේ නාන්න යන්න හදපු වෙලාවක ඇවිත් තියෙන්නේ

ඒ කෙල්ල දිහා බලාගෙන මම ජන්කූක්ගේ අත තදින් අල්ලගත්තා හිනා වෙවී ආපු කෙල්ලගේ මූන වෙනස් වෙන්න වැඩි වෙලාවක් නොගියේ මම ජන්කූක්ගේ අත අල්ලාගෙන ඉන්නවා දැකලා ආපහු මවාගත්ත හිනාවකින් ජන්කූක් දිහා බැලුවා

" ඔයා මොකද ජන්කුකී මෙතන කරන්නේ "

මාත් එක්ක ෆක් කරනවා ඇයි තමුසෙත් එන්න ද...? ඇබරි ඇබරි ජන්කූක් එක්ක කතා කරන විදිය දැක්කාම සපත්තුව ගලවලා මේකිගේ හොම්බ කට සමතලා වෙන්න නෙලන්න හිතුනත් ඒ ආසාව විනාඩි කිහිපයකට මැඩ පවත්වාගෙන හිටියා

" නිකන් ලියා... ඔයා ඇතුලට යන්න එලියේ සීතලයි නේ මම ටිකකින් එන්නම්.."

Oh My god..! එලියේ සීතලයි නේ ඔයා ඇතුලට යන්න ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා යැයි යැයි තමයි ඇස්වහ විතරක් නෙවෙයි කටවහත් වැදිලා පල අහ්හ් මට එන කේන්‍තියක් ඔක්කොටම වඩා මේකිගේ ඇබරිල්ල තමයි ඇබරිල්ල

මම හිමින් සැරේ ජන්කූක්ගේ අතක් කෙනිත්තුවේ ඉවසගෙන ඉන්න බැරිම තැන මේ මිනිහාත් දත් තිස් දෙකම ප්‍රදර්ශනය කරගෙන ඉන්න හැටි විතරක් මූ නම් රියල් ඇබලයෙක් ටිකකට කලින් මට ආදරෙයි කියලා මැරෙන්න හැදුව මිනිහා නේද මේ මම කොනිත්තපු එක ජන්කූක්ට දැනුනේ නැ වගේ

" ජන්කුකී මේ කවුද...? මීට කලින් මම දැකලා නැ "

දැන් ද යකෝ සුරදූතයෙක් වගේ දිලිසි දිලිසි ඉන්න මාව මේ ගෑනි දැක්කේ... ආ සීනි දාලා වෙඩි තියන්න ඕන කූබි කාලා මැරෙන්න මේක හෙනම ෆකින් වර්ල්ඩ් එකක් කියන්නේ නිකන් ද...?

ජන්කූක් මගේ ඉන වටේ අතක් යවලා එයාගේ ඇගට හිර කරගත්තාම මම ජන්කූක් දිහා බැලුවා එකපාරට මූට ගහපු කුලප්පුව මොකද්ද හැබැයි ජන්කූක් කරපු වැඩෙන් තොරොම්බල් කරත්තේගේ මූන වෙනස් වුනා ඒ මූන දැක්කාම දැනෙන ආධ්‍යාත්මික සුවය කියලා නිම කරන්න බැ

" මේ මගේ බෝයිෆෙන්ඩ් කිම් ටේහ්‍යුන්..!"

ජන්කූක් ආඩම්බරකාර හිනාවක් එක්ක තොරොම්බල් කරත්තේට මාව එයාගේ බෝයිෆෙන්ඩ් විදියට අදුන්වලා දුන්නා අහ්හ් මගේ හාට්ටුව බ්‍රේක් ඩාන්ස් දානවා මට මෙතන කැරකිලා උඩ පැනලා නටන්න ඕන පොඩ්ඩක් ඉම්න කොහෙද මේ මනුස්පයාගේ අත යන්නේ.. මොකද්ද ඒ ගමන කරන්න හදන්නේ..?

මගේ ඉන්නේ රැදුනු ජන්කූක්ගේ අත මගේ පිට දිගේ පහලට අරගෙන ගිහින් butts මත නැවතුනා එනපොට නම් හොද නැ පුතී මූ හෙනම වලත්ත හාවා තොරොම්බල් කරත්තෙගේ මූන කුනු වෙච්ච බිත්තරක් වගේ වෙලා තිබුනා

" ඔහ්...! Congratulations..! ඇත්තටම මට හරි සතුටුයි ජන්කූක් "

සතුටුයි කිව්වාට සතුටක් නම් ඒ මූනේ පේන්න තිබුණේ නැ මම ජන්කූක්ට ලං වෙලා තොරොම්බල් කරත්තේ දිහාට නෝන්ඩි හිනාවක් දැම්මා ඒත් එක්කම මට දැනුනේ මගේ පශ්චාත් භාගේ අඩුවකට අහුවෙලා වගේ අහ්හ්හ් ජියොන් ෆකින් ජන්කූක් මේ මිනිහාට පාඩුවේ ඉන්න බැරි හැටියක් ජන්කූක් මගේ බට්ස් මිරිකනවා ස්පොන්ච් වගේ

" Thank you Liya.."

ජන්කූක් හිනාවක් එක්ක කිව්වා මම ජන්කූක්ගේ අතින් අල්ලගත්තේ මේක නවත්තන්න කියන්න වගේ ඒත් මේ මිනිහා මගේ අත ගසලා දැම්මා ඕක ප්ලාස්ටික් නෙවෙයි මිනිහෝ ඔහොම මිරිකන්න මම තොල කට කාගෙන බොහොම අමාරුවෙන් හිටියේ පිට වෙන්න හදන කෙදිරිල්ලි නවත්තගන්න

" මම යන්නම් ජන්කූක්.."

ඔම්මාට සිරි යකොව්... ජන්කුකී කියාගෙන ආපු තොරොම්බල් කරත්තේ අන්තිමට ජන්කූක් ගාගෙන ගියේ ඔයා සාර්ථකයි ටේහ්‍යුන්.. තොරොම්බල් කරත්තේ නොහොත් ලියා ගියාට පස්සේ ජන්කූක් මගෙන් ඈත් වුනා

" ජන්කුකී..."

මම තොල් පිට පෙරලගෙන පපී අයිස් ප්‍රදර්ශනය කරමින් ජන්කූක් දිහා බැලුවා මේ යක්ෂ හාවා රවලා යන්න ගියා කියහම්කෝ ඔයා එහෙනම් සුදු මාත්තයෝ මාත් එහෙම තමයි හූම්.. අපි බලාගමුකෝ..

To be continue.................♡︎

ඒ දෑස මා සිත වසීකෘත කලා හලෝ..😾😭❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top