33 • 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 •
Taehyung Pov
එදා සිද්ධියෙන් පස්සේ ජන්කූක් මාත් එක්ක එක වචනයක් කතා කරේ නැ අඩුගානේ මගේ දිහා බැලුවෙත් නැ මම කොච්චර කතා කරන්න ට්‍රයි කරත් එයා හරි ලේසියෙන් මාව මගහැරලා ගියා මාත් එක්ක තරහින් ඇත්තේ..
අද එයා ස්කූල් ආවේ නැ මගේ එහා පැත්තේ පුටුව හිස් වෙලා තියෙද්දී මට දැනුනේ ලොකු පාලුවක් එයා හිටියා නම් එක විදියකට ඉන්න කෙනෙක් නෙවෙයි නේ ඒ නැතත් මොනාහරි දෙයක් කියවනවා එයාටත් කියවන්න දේවල් නම් ගොඩක් එයා ගැන හිතද්දී මුලු හිතම කිති කැවෙනවා වගේ එයාගේ නම ඇහුනත් ඇති මගේ මූනට හිනාවක් එන්න
" හෙට ජන්කූක්ගේ birthday එක නේ බන්"
ඉස්සරහ පේලියේ හිටපු යුවි එයාගේ යාලුවා වුනු මින්හිට කියනවා මට ඇහුනා
Birthday එකක්...!
ජන්කූක්ගේ...!
එයාගේ නම ඇහුනු නිසා මගේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක කරලා ඒ දෙන්නා කියන දේවල් අහගෙන හිටියා අනුන්ගේ කතා අහගෙන ඉන්න එක වැරදියි තමයි ඒත් මගේ කොල්ලා ගැන අනිත් අය කතා වෙද්දී මම සවන් දීගෙන ඉන්න එක වැරදි ද..? නැ නේ
" ම්ම්ම්... ඔව් ගිය පාර වගේ මුලු පන්තියටම එන්න කියලා පාටියක් දෙයි "
මින්හි පොත දිහා බලාගෙනම උත්තර දුන්නා එයා මුලු පන්තියටම invite කරනවා කියන්නේ මටත් කිය්යි ද..? දැන් මාත් එක්ක තරහ වෙලා ඉන්න නිසා මට කියන එකක් නැති වෙයිද...? මට එයා එක්ක කතා කරන්න ඕන ඊයේ දැම්ම මැසේජ් ඔක්කොම සීන් කරලා විතරයි රිප්ලයි කරලා නැ පුදුම නපුරෙක් තමයි තරහයි කියලා ඔහොමත් කරනවාද...?
එක අතකට මගෙත් වැරැද්ද කොහෙද මගේ මුඛයට බ්රේක් නැ නේ දෙවියෝ මාව මවද්දී ලස්සන බුද්ධිය ඔක්කොම දීලා හැබැයි මුඛයට බ්රේක් එකක් සෙට් කරන්න බැරි වෙලා මේවා මගේ වැරදි නෙවෙයි ජෙයියොන්ගේ වැරදි මම heaven එකට ඇවිත් ජෙයියොන්ගේ වයිපරේට කියනවා ජෙයියොන්ට අනියම් පෙමක් තියෙනවා කියලා එතකොට ජෙයියෝ ලෙප්ට් මගේ පලිගැනීම සම්පූර්ණයි බුහ්හ්හා මගේ මොලේ තමයි මොලේ මන්චි ටිකිරි මාරි කාලා හදාගත්තේ හූම්
දැන් තියෙන පීරියඩ් එකට ඉන්න මිස් ආවාම ඔක්කොම කටවල් වහගෙන පොත් එලියට ගත්තේ මිස් මාර සැරයි වගේ ඝාන්ටාර කටක් තියෙන නිසා ලග ඉදගෙන කතා කලොත් කනේ කර්න පටහ පටල කුඩු වෙලා අලු වෙලා වායුගෝලයේ අංශූ විදියට පාවි පාවි තියේවි ගිය ආත්මෙක ඝාන්ටාර දුසිම් දෙක තුනක් පූජ කරලා ද කොහෙද.. ඒ පීරියඩ් එකේ නම් නිදාගන්නවා කියන්නේ හීනයක්ම විතරයි ඉතින්
ජිමිනාටත් දැන් මම කියලා ජීවියක් ඉන්නවා කියලා මතකයක්වත් නැති හැඩයි කොයිවෙලෙත් හුරතල් වෙන්න බෝයිපෙන් කෙනෙක් ඉන්නවා නේ අපිව තරම් හුරතල් කරන්න එකෙක් නැත්තේ ඉන්න බෝයිපෙන් කියන එකත් ගිනි මකරෙක් නේ ඒකා එක්ක හුරතල් වෙන්න යනවා වඩා හොදයි හන් ගගේ ඉන්න කිඹුලියෙක් එක්ක හුරතල් වෙන්න යනවා
කොහොමින් කොහොම හරි දවස ගෙවිලා ගිහින් ස්කූල් අවසන් වුනා මම නම් අද ස්කූල් එකේ හිටියේ පට්ට පාලුවෙන් ඉන්ටවල් එකේ නිනී ඇවිත් කයියක් ගහගෙන ඉදලා ගියා ඉතුරු ටිකේ මම ජන්කූක් ගැන මනෝපාරක් ගහගෙන හිටියා ජිමින් කියන පාත්තයාට පූසෙක් සෙට් වෙලා නේ මම අද කිව්වා කියලා මතක තියාගන්න යාලුවෙක්ට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් වුනාම ඌට යාලුවෝ කියලා ප්‍රානීන් සෙට් එකක් ඉන්නවා කියලා අමතක වෙනවා
මම ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන රූම් එකට එනකොට කෝල් එකක් ආවා ඇද උඩ තියෙන ෆෝන් එක ගත්තාම ස්ක්‍රීන් එකේ වැටිලා තියෙන නම දැක්කාම මට බැලේ ඩාන්ස් එකක් දාන්න හිතුනා කරේ තිබුණු ටවල් එකත් ඇදලා අරගෙන කරකවන ගමන් ඇද උඩට නැගලා නවතම වර්ගයේ දගපනු ඩාන්ස් එකක් දාලා කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා ආන්සර් කලා
" යෙබු--"
" හෙට මගේ birthday එකට පාටියක් තියෙනවා තමුසේ කැමති නම් එනවා එච්චරයි"
එහෙම කියලා කෝල් එක කට් කලා යකාගේ invite කිරිල්ලක් යකෝ ඒක කනට ගැහුවා වගේ ඔහොම පාටියකට invite කරනවාද..? අයිෂ්... ටේහ්‍යුන් අමතක කරන්න එපා ඒ ජියොන් ජන්කූක් කියලා එයාගේ වැඩ කොහොමත් වෙනස් නේ
" බෙයාර් මොකද ඇද උඩ නැගගෙන "
පපා ඇවිත් අහනකොට තමයි සිහි වුනේ මම තාම ඇද උඩ ඉදගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා කියලා පපාගේ බෑනා මාව කම්ෆියුස් කරන වැඩ නේ කරන්නේ
" අහ්... මේ පපා..."
" ඉක්මනට කන්න එන්න බෙයාර් ඇද උඩ නැගගෙන පිස්සු නටන්නේ නැතුව "
පපා එහෙම කියාගෙන යද්දී මම ඇදෙන් බැහැලා ටවල් එකත් රැක් එකෙන් දාලා පහලට බැහැගෙන ගියා මම dinning room එක පැත්තට යනකොට නෙත ගැටුනු දර්ශනය නිසා මම එහෙම්ම නැවතුනා මට මේවා බලන්න ද යකෝ එන්න කිව්වේ මම දැක්කේ වැඩි දෙයක් නෙවෙයි පපාව බැක් හග් කරගෙන ඉන්න අප්පාව මොනා වුනත් ඒ දෙන්නා ආදරනීය කපල් එකක් අප්පා මොනාදෝ කියද්දී පපා හිනා වෙනවා ඒත් එක්කම පපා අප්පාගේ පැත්තට හැරිලා අප්පාගේ ලිප්ස් කිස් එකක් දුන්නා
හත්තිකේ තව ටිකක් නිහඩව බලාගෙන හිටියොත් මගේ ලමා මනස දූසනය වෙන්න පුලුවන්
" කැහැම් කැහැම් "
මම කැස්සාම පපා අප්පාව තල්ලු කරලා මගේ දිහා බැලුවේ ලැජ්ජාවෙන් වගේ අප්පාගේ මූන නම් බලන්න සුන්දරයි අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ
" මොනාද අප්පා මහ දවාලේ පොදු ස්ථානයක කරන වැඩ මේ ගෙදර මලක් වගේ අහිංසක කොල්ලෙක් ජීවත් වෙනවා කියලා අමතක ද..?"
මම කිව්වාම පපා අප්පාට රවාගෙන එතැනින් යන්න ගිහින් ඉහික් පපාට ලැජ්ජ හිතිලා ද කොහෙද
" පලයන් බන් යන්න තව ටික දවසකින් උබත් මොකෙක්ට හරි තුරුල් වෙලා ඉදියි "
අප්පා අමුතු හිනාවක් එක්ක එහෙම කියලා පපා ගියපු පැත්තට ගියේ මට හිතන්න යමක් ඉතුරු කරලා
__________________________
අද ජන්කුක්කාගේ ජන්ම දිනය උදේ විශ් කරලා මැසේජ් එකක් දැම්මා මූ ඒක සීන් කරලා අඩුගානේ තැන්කුයි කියලවත් නැ පුදුම කුහක කමක් නේ යකෝ ජන්ම දිනේට සුභ පැතුවාම ඔක්කොම තරහ මරහා අමතක කරලා තැන්කුයි කිව්වා නම් මුගේ කොහේහරි ගෙවෙනවා ද..? ලොකුකමයි කුහකකමයි දුෂ්ඨකමයි ඔක්කොම තියෙනවා
ඌ එහෙම මට කරද්දී දොලහ වසරේ ගොන් බූරූ පතෝල පන්තියේ මම මූට ජන්ම දිනේට තෑග්ගක් ගන්න ඕන හින්දා ස්කූල් නොගිහින් හිටියා මම නම් ඉතින් නොම්බර එකේ ගොන් බදින කනුවක්
පපාගේ අවසරය ඇතිව අප්පා එක්ක අප්පාගේ ශොපින් මෝල් එකට පැන්නේ මගේ දුෂ්ඨ ප්‍රේමවන්තයාට තෑග්ගක් ගන්න ආවාට මොකද දැන් මේකාට මොනාද ගන්නේ කියලා හිතාගන්න බැරුව මම හිටියේ ඒකාට නැති දෙයක් නැ හැමදේම තියෙනවා පොඩි එකෙක්ට වගේ plushi එකක් ගෙනිහින් දුන්නා නම් ඉවරයි
පැය ගානක් පුරාවට ශොපින් මෝල් එක වටේ ඇවිදලා අවසානෙට brand new watch එකක් ගත්තා ඕකත් අරගෙන ශොපින් මෝල් එකෙන් එලියට එනකොට මගේ හොද පන ගිහින් තිබුනා මගේ ආදරනීය අප්පා එයාගේ අහිංසක මලක් වන් one & only son ගේ කුසගින්න සංසිදවලා ඩ්‍රයිවර් අන්කල් එක්ක ගෙදර එව්වා
ජන්කූක් කනට ගැහුවා වගේ මට ඉන්වයිට් කලාට එයාගේ පියානෝ ලස්සන invitation card එකක් එවලා තිබුනා අපි තුන් දෙනාටම පාටි එකට ඉන්වයිට් කරලා ඇදුම් ගැන නම් කිසිම ප්‍රශ්නයක් නොවුනේ ඒ සියලුම දේවල් බලාගත්තේ අපේ පපා නිසා පපාගේ චොයිස් කියන්නේ කිරි හොදියි බෝල්ට් ඇනයි වගේ නේ
ලෝක යුද්ධයක් කරලා යාන්තම් 6.30 වෙද්දී ලෑස්ති වෙලා ඉවර වුනා මම රෙඩි වෙලා පහලට ආපු වෙලාවේ ඉදලා පපාගේ කටේ තියෙන එකම වචන ටික දැන් ඕක පනස් වතාවක් විතර කියලා මට කට පාඩම් වෙලා තියෙන්නේ
" මගේ ටේ බෙයාර්ට කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා "
අතිසාර්ථක ලෙස පනස් එක් වෙනි වතාවටත් පපා කියද්දී අප්පා හිනා වෙනවා ජන්කූක්ගේ පාටි එක තියෙන හොටෙල් එකට යන්න කලින් පපා ශතකයක් ගහලා නවතින්නේ ඒක නම් ෂුවර් අන්තිමේ දී හොටෙල් එකට ආවා ඒ හොටෙල් එක ගොඩක් ලස්සනයි හොටෙල් එක ඉස්සරහ garden එක මැද ලොකු වතුර මලකුත් තිබුනා මම ඇස් බෝල කරගෙන සුන්දරත්වය නරබද්දී පපා මට කා එකෙන් බහින්න කිව්වා මාත් ඔලුව වනලා කා එකෙන් බැස්සාම පපා ඇවිත් මගේ අතකින් අල්ලගත්තා අප්පාත් ඇවිත් මගේ අනිත් පැත්තෙන් හිට ගනිද්දී අපි හොටෙල් එක ඇතුලට ගියා
හොටෙල් එකට ඇතුල් වෙද්දී මිස්ටර් ජියොන් අපිව සාදරයෙන් පිලිගත්තා මිස්ටර් ජියෝන්ගේ එහා පැත්තේ ඉන්න මගේ ඔම්මා අනී එයාට ඔම්මා කියන්න පුලුවන් දේවල් නෙවෙයි එයා කරන්නේ මිස් ජින් සු මාව දැකලා ඇස් ගැස්සුනා එයා දැක්ක ගමන් ජන්කූක් මට කියපු දේවල් එකින් එක ඔලුවට ගලාගෙන ආවා කිසි ලැජ්ජාවක් නැතුව ඉන්න හැටි මම මිස් ජින් සුව අදුරන්නේ නැති ගානට මිස්ටර් ජියෝන්ට ලා හිනාවකින් සංග්‍රහ කරලා පපා එක්ක ඇතුලට ගියා
ඒ හෝල් එක හරි ලස්සනට සරසලා තිබුනා දැක්කාම කෙනෙක්ගේ හිත වශි වෙන තරම් ඒ වෙනකොට යුංගි ජිමින් වගේම අපේ පන්තියේ කිහිපදෙනෙකුත් නිනීත් ඇවිත් හිටියා නිනී නම් පුංචි බෝනික්කියක් වගේ කෙල්ලට අලුතින් යාලුවෙක් සෙට් වෙලා ද කොහෙද
හැමෝම හිටියත් මගේ ඇස් හොයපු රුව දැකගන්න පුලුවන් වුනේ නැ
කොහෙද මේ නපුරු කුමාරයා...?
මම මගෙන්ම ප්‍රශ්න කලේ එයාව දැකගන්න තිබුණු ආසාවට ඊයේ දැකෙත් නැ හූම්
" කැරකි කැරකි කාවද හොයන්නේ ටෙයියෝ"
ජිමින් කුප්ප හිනාවක් එක්ක අහද්දී මම ඌට රැව්වා දැන් එනවා මෙතන බොරුවට කාවද හොයන්නේ කියලා අහගෙන
" මෝහිනි නූනා "
මම ජිමින්ට රවාගෙන කිව්වාම මූ ගංජා ගස් පිටින් ගිලලා වගේ හිනා වෙනවා ඔම්මපා මුනේ පාත්ත මූන සම්බල් වෙන්න ගහන්න හිතයි
" පල යන්න පගයා මෙච්චර දවසක් මම කියලා එකෙන් ඉන්නවා ද කියලා හෙව්වේ නැතුව යුංගි එක්ක හුරතල් වෙවී හිටියේ ප්ලකෝ උගේ ලගටම "
මම කේන්තියෙන් රවාගෙන කිව්වාම ජිමින් මගේ අතේ එල්ලුනා මොන මල විකාරයක් ද යකෝ මේ දකින මිනිස්සු හිතයි මේ කොටා මගේ මිනිහා කියලා
" අනේ සංකුට්ටෝ එහෙම නැ පැටියෝ මගේ සංකිරියාගේ හාට්ටුව වේදනාවට පත් වුනා ද..?"
ජිමින් දුක හිතෙන් මූනක් එක්ක ඇහුවා
" බටර් වැඩියි ලිස්සලා වැටෙයි "
මම කිව්වාම ජිමින්ගේ මගේ අත අතහැරියා ඔය මායම් වලට යුංගි රැවටුනාට මම රැවටෙන්නේ නැ කොට පාත්ත මහත්තයෝ ඔන්න ඔය වෙලාවේ තමයි මගේ නපුරු කුමාරයා කරලියට පැමිනියේ ඕමෝ... මයි හාට්ටු එයාගේ ලස්සන... හත්තිකේ මේ සූති සිතට මේවා දරාගන්න බැ හලොව්
එයා කුමාරයෙක් වගේ කවුරුවත් ගනන් නොගෙන ඉදිරියට ඇදුනා එයාගේ මූනේ නම් කිසිම හිනාවක් තිබුණේ කොහොමත් හිනා වෙන මනුස්සයෙක් නෙවෙයි නේ එයා ගිහින් නැවතුනේ පැත්තක හිටපු හේවොන් ඔම්මා ලග වටපිට බලපු එයාගේ ඇස් මගේ ඇස් ලග නතර වෙද්දී සත්තයි මම ගැස්සුනා මම ඇස් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉදිද්දී අමුතු හිනාවක් එක්ක හේවොන් ඔම්මාට මොනාදෝ කිව්වා
" ඔය කොල්ලව ඇස් වලින් රේප් කලා ඇති බන් "
මගේ ලග ඉදපු ජිමින් කට කොනින් හිනා එක්ක කියද්දී මම පුලුවන් උපරිමයෙන්ම ජිමින්ට රැව්වා හැමෝම වගේ එයා දිහා බලාගෙන ඉදියේ ජීවිතේට කොල්ලෙක් දැකලා නැ වගේ එයා හැන්සම් කියලා ඔච්චර කන්න වගේ බලාගෙන ඉන්න ඕන ද..?
ඊට පස්සේ මිස්ටර් ජියොන් කොල්ලව එක්කගෙන ගියේ කේක් කපන්න ඒක ලොකු කේක් එකක් ලස්සනට හැඩ දාපු ඒත් ජන්කූක්ගේ මූනේ කිසි සතුටක් තිබුණේ නැ ඒ ආඩම්බරකාර මූනේ තිබුණේ කලකිරිමක් විතරයි ඒකෙන් මට තේරුනේ එයා මේ දේවල් වලට කැමති නැ කියන එක
Happy birthday song එක කියලා ඉවර වුනාම ජන්කූක් ඉටිපන්දම් නිවලා කේක් එක කපලා ඉස්සෙල්ලාම කැව්වේ හේවොන් ඔම්මාට ඊට පස්සේ යුංගිගේ ඔම්මාට අප්පාට යුංගිට නිනීට කේක් කැව්වා මිස්ටර් ජියොන් නම් හිනා වුනේ හිනා නොවි ඉන්න බැරිකමට මොනා වුනත් මිනිහාට හොද වැඩේ වයසක කුකුලා පට්ට අපහසුතාවයට පත් වුනේ අන්තිමට මේ යකා මටත් කේක් කවයි කියලා හිතේ කොනක බලාපොරොත්තුවක් තිබ්බත් ඒක නැති වෙලා කුඩු වෙලා දිය වෙලා අලු වෙලා වායුගෝලයේ අංශූවක් සේ පාවි යන්න ගියේ තත්පරයකට අඩු කාලයකින්
මම ඉතින් තොලත් පිට පෙරලගෙන පැත්තකට වුනා ඊට පස්සේ එයාට ඇවිත් හිටපු කට්ටිය ලොකු ලොකු තෑගි එයාට ලැබෙද්දී හිනා නොවී බැරිකමට හිනා වෙලා බාරගත්තා කියලා මට තේරුනා එහෙම එකේ මගේ පුංචි තෑග්ග ඒකා පයින් ගහලා විසි කරයි මම නොදන්නවා ද ඔය දුෂ්ඨයාගේ හැටි
ඊලගට ආපු කෙල්ලෙක් ජන්කූක් බදාගෙන ලිප්ස් වලට පෙක් එකක් දුන්නේ මගේ ඇස් ලොකු වෙද්දී ඒ මොකද්ද ඒ වුනේ දෙවියනේ එයාව කෙල්ලෙක් කිස් කලා එයාටත් ඒක ගානක් නැ ඒ කෙල්ලත් ජන්කූක්ගේ ඇගේ පිඹුරෙක් වගේ වෙලිලා ඉදිද්දී ජන්කූක් හිනා වෙවී ඉන්නවා ඒත් ඒ හිනාව කලින් එයාගේ මූනේ තිබුණු හිනාව්ට හාත්පසින් වෙනස් හිනාවක්
ජන්කූක් ඇයි එච්චර ලස්සනට හිනා වෙන්නේ..?
ඒ කෙල්ල එයාගේ කවුද...?
මගේ ඔලුවේ වැඩ කලේ ප්‍රශ්නේ විතරයි මගේ ඇස් බොද වීගෙන යද්දී තවත් එතැන රැදෙන්න මට වුවමනා වුනේ නැ මට ඕන වුනේ තනිවෙන්න පපාත් හේවොන් ඔම්මා එක්ක කතාවක ඉදිද්දී අප්පාත් කාත් එක්කදෝ කතාවක හිටියේ ඉතින් මම කාටවත් නොකියා හොටෙල් එකෙන් එලියට බැස්සේ මගේ ඇස් වලින් කදුලු බිදු එක දෙක කඩාගෙන හැලෙද්දී ජන්කූක් ඒ කෙල්ල එක්ක හිටපු විදිය මට මැවි මැවි පෙනුනා
" එදා මට කියපු හැමදෙයක්ම බොරුවක් ද ජන්කූක්...? මට ආදරෙයි කිව්වේ බොරුවට ද..?"
To be continue.................♡︎
මේ කතාව ඇදෙනවා වැඩියි අෆ්ෆා
Bạn đang đọc truyện trên: AzTruyen.Top