32 • 𝙹𝚎𝚊𝚕𝚘𝚞𝚜𝚢 •
ජිමින් ලගට යුංගි ආපු නිසා ටේහ්යුන්ට ජන්කූක් ලගට යන්න වුනා කොල්ලා ගිහින් ජන්කූක් ලගින් වාඩිවුනේ කොල්ලව් අදුරන්නේ නැති ගානට මොකද ජන්කූක් උදේ කෙල්ලෝ එක්ක හුරතල් වුනු එකට ටේහ්යුන් කේන්තියෙන් හිටියේ ජන්කූක් ටේහ්යුන් දිහා බලලා ඉස්සරහ බලාගත්තා
පලවෙනි කාලච්ජේදයට තියෙන සබ්ජෙක්ට් එකට අදාළ ටීචර් පන්තියට ඇවිත් ඉගැන්වීම් කටයුතු පටන් ගත්තා හැමෝම පාඩමට අවදානය දෙද්දී ජන්කූක් තඩි ඈනුමක් යවන ගමන් බෑග් එකේ තිබුණු ෆෝන් එක අරගෙන ගේම් ගහන්න පටන් ගත්තේ වෙනදා පුරුද්දට වගේ කොල්ලාට එක දෙයක් අමතක වුනා වෙනදාට එයාගේ එහා පැත්තේ යුංගි හිටියාට අද ඉන්නේ ටේහ්යුන් කියලා
ජන්කූක් තොලත් හපාගෙන සම්පූර්ණ අවදානය ගේම් එකට දීලා තිබුණු නිසා එයාගේ දිහාට කේන්තියෙන් පිරුනු ඇස් දෙකක් හැරවිලා තියෙනවා ජන්කූක් දැක්කේ නැ මෙතෙක් වෙලා ගේම් එකට අවදානය දීගෙන හිටපු ජන්කූක්ගේ අවදානය බිදුනේ එකපාරට මතුවුනු අතක් කොල්ලාගේ අතේ තිබුණු ෆෝන් එක ඇදලා ගත්ත නිසා ෆෝන් එක ඇදලා ගත්තේ මොකා වුනත් සුද්ද කොරියන් වලින් අමතනවා කියලා හිතාගෙන ඔලුව ඉස්සුවත් ජන්කූක් අලු වෙලා යන්න රවාගෙන ඉන්න ටේහ්යුන් දැක්කාම කොල්ලා ඒ අදහස අතහැරියා
ටේහ්යුන් කොල්ලාගේ ෆෝන් එක ඕෆ් කරලා එයාගේ බෑග් එකට දාගත්තාම ජන්කූක්ගේ මූන ඇද වෙලා කුද වෙලා ගියා කොල්ලා ඊට පස්සේ ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගෙන නින්දක් දාන්න ලෑස්ති වුනේ ඒකත් හරි නොගියේ ජන්කූක්ගේ අත කූබි කනවා වගේ දැනුනා නිසා ජන්කූක් එක ඇහැක් ඇරලා බලනකොට දැක්කේ එයාගේ අත කොනිත්තන ටේහ්යුන්ව
" මේක පුදුම සාපයක් වුනා නේ "
ටේහ්යුන්ට නෑහෙන්න ජන්කූක් හිමින් මිමිනුවා ජන්කූක් අන්තිමේ දී ඔලුව උස්සලා බෝඩ් එක දිහා බලාගෙන හිටියාත් කොල්ලාගේ හිත තිබුණේ වෙනම ලෝකෙක ජන්කූක් හිටියේ ටේහ්යුන් එක්ක හනිමූන් යන ගමන් කොල්ලා ඒ ගැන මනෝපාරක් ගහන ගමන් පාඩමට අවදානය දීගෙන ඉන්නවා වගේ අතිවිශිෂ්ඨ ගනයේ රංගනයක යෙදිමින් හිටියා
ඔහොම පලවෙනි කාලච්ජේදය අවසානයේ මිස් පන්තියෙන් ගියාට පස්සේ ටේහ්යුන් ජන්කූක්ගේ ෆෝන් එකත් අරගෙන කොල්ලාගේ පැත්තට හැරුනා
" මොකද්ද ජන්කූක් මේකේ තේරුම..."
ටේහ්යුන් අහද්දී ජන්කූක් ඇහෙන්නේ නැති ගානට හිටියා
" ජන්කූක් මම තමුන්ට කතා කරන්නේ "
කොල්ලා ජන්කූක්ගේ අතකින් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා
" ටේහ්යුන්...! මට තමුන්ගේ උපදෙස් ඕන නැ"
ජන්කූක් කේන්තියෙන් කොල්ලාගේ අත ගසලා දාලා කිව්වා
" මටත් තමුසෙට උපදෙස් දෙන්න වුවමනාවක් නැ ඒත් තමුසේ ඔහොම කරන එක වැරදියි ජන්කූක් මිස් කෙනෙක් උගන්නද්දී ෆෝන් යූස් කරන්න එපා ඇයි ඔච්චර මුරන්ඩු...."
ටේහ්යුන්ගේ අතේ තිබුණු ෆෝන් එක ඇදලා ගත්ත ජන්කූක් එතැනින් නැගිට්ටා
" කොහෙද යන්න හදන්නේ...? උදේ හුරතල් කරපු කෙල්ලෝ බලන්න ද..?"
ටේහ්යුන් ඇහුවා නෙවෙයි කොල්ලාට ඇහුනා උදේ දැකපු දේවල් එක්ක කොල්ලා හිටියේ පුදුම ඉරිසියාවකින් ඉතින් කොල්ලාගේ හිතේ තිබුණු දේවල් කටින් එලියට පැන්නා ටේහ්යුන් කියපු දේ එක්ක යන්න හදපු ජන්කූක් නැගිටලා එකපාරට කොල්ලාගේ පැත්තට හැරුනා
" මොකද්ද..?"
" අහ්ම්... මුකුත් නැ.."
කොල්ලා එහෙම කියලා අහක බලාගත්තාම ජන්කූක් මේසෙට අත් දෙක තියලා බර වෙලා ටේහ්යුන්ගේ මූනට එබුනා ටේහ්යුන් බෙල්ලෙන් පිටිපස්සට ගියා
" තමුසෙට ජෙලස් ද..?"
ජන්කූක් දගකාර හිනාවක් එක්ක ඇහුවාම ටේහ්යුන් ගොලු වුනා
" ම්...ම..ම මොකටද ඉරිසියා කරන්නේ තවුසේ කා එක්ක මොනා කරත්.."
ටේහ්යුන් එහෙන් මෙහෙන් අහුලගත්ත වචන කිහිපයක් එකතු කරලා ජන්කූක්ට පිලිතුරක් දුන්නා
" දැනට විශ්වාස කරන්නම් බබා.."
ජන්කූක් එහෙම කියලා ටේහ්යුන්ට ඇහැක් ගහගෙන නලලට වැටෙන ගන කලු පැහැති කොන්ඩය අතින් පිටිපස්සට කරන ගමන් පන්තියෙන් එලියට ගියේ ටේහ්යුන් එහෙම්ම ගල් වෙලා වගේ බලාගෙන ඉදිද්දී
ඉතින් ඔහොම කාලච්ජේද ගෙවිලා ගිහින් ඉන්ටවල් එක ආවාම ටේහ්යුන් ජිමින් එක්ක cafeteria එකට ගියා ටේහ්යුන් cafeteria එකට ඇතුල් වෙනකොටම දැක්කේ නිනී එක්ක හෙන ලොකු කයියක ඉන්න ජන්කූක්ව කොල්ලා ජන්කූක් නොදැක්ක ගානට යන්න හදද්දී නිනී කතා කරපු නිසා නැවතුනා එතකොට ජන්කූක් ටේහ්යුන් දිහා බැලුවා ජන්කූක්ට රවපු කොල්ලා නිනී එක්ක හිනා වෙලා කෙල්ලගේ ලගින් වාඩිවුනා
" අන්තිමේ දී ජිමින්ශියා මගේ මස්සිනා වුනා නේ "
නිනී දගකාර හිනාවක් එක්ක කියද්දී ජිමින් කෙල්ලට රැව්වා ජන්කූක් ඒත් එක්කම නැගිටලා යන දිහා ටේහ්යුන් බලාගෙන හිටියේ හිත යටින් පුපුරන ගමන්
යනවා ඇති කෙල්ලෙක් හුරතල් කරන්න... හහ්..! ගිහින් වරෙන්කෝ කුක්කෝ මගේ ලගට තවුසෙට පයින් ගහලා එලවන්නේ පයින්..
ටේහ්යුන් හිතින් හිතන ගමන් ජන්කූක් යන දිහා බලාගෙන ඉදලා නැගිටලා ගියේ කන්න මොනාහරි අරගෙන කොල්ලා ටිකකින් ජිමින්ටත් එක්ක කන්න අරගෙන වාඩිවුනා නිනී ජිමින් එක්ක කතා කරද්දී ටේහ්යුන් වචනයක්වත් නොකියා කන්න පටන් ගත්තා කොල්ලා මෙතන හිටියාට හිත තිබුණේ ජන්කූක් ලග ජන්කූක් දැන් මොනා කරනවා ඇති ද කියලා කොල්ලාගේ හිතට වද දුන්නා
ඒ නිසා භාගෙට කාලා ඉවර කරපු ටේහ්යුන් මුකුත් නොකියා cafeteria එකෙන් එලියට ගියේ නිනීව කම්ෆියුස් කරලා
" ඒ මොකද්ද ඒ වුනේ "
" ඕකට තමයි කියන්නේ ලව් සික් කියලා "
ජිමින් නිනීට කියලා කන්න පටන් ගත්තේ යුංගි කෝච් හම්බවෙන්න ගියපු නිසා
මේ අතරේ ටේහ්යුන් ජන්කූක් හොයන ගමන් ස්කූල් එකේ හැමතැනම ඇවිදිනවා ස්කූල් එකේ playground එකේ බැලුවත් කොල්ලා හිටපු නැති නිසා ජන්කූක් වෙනදා ගොඩක් වෙලාවට ඉන්න රූෆ්ටොප් එකට ගිහින් බැලුවත් ජන්කූක් තියා කොල්ලාගේ ජායාවක්වත් දැක ගන්න පුලුවන් වුනේ නැ
දුකින් තොල් පිට පෙරලගත්ත ටේහ්යුන් කල්පනා කලේ ජන්කූක් දැන් කොහෙද ඉන්නේ කියලා ඒත් එක්කම කොල්ලාගේ මතකයට තැනක් ආපු නිසා ඉක්මන් අඩි තියමින් එතැනට ගියා ටේහ්යුන් ගියේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ස්කූල් එකේ කොනක පාලුවට ගිහින් තිබුණු old building එක පැත්තට
වටපිට බලපු ටේහ්යුන් අදුරු වුනු බිත්ති දිහා බලාගෙන ඉදලා building එක ඇතුලට යන්න අඩියක් තිබ්බා කොල්ලාට building එකේ ඇතුලට යනකොට ඇහුවේ කවුරුහරි සිංදු කියනවා ටේහ්යුන් ඇහිබම රැලි කරගත්තේ මේ පාලු ගොඩනැගිල්ලට වෙලා සිංදු කියන එකා මොකාද කියලා හිතාගන්න බැරී නිසා ටේහ්යුන් ඒ සිංදුව ඇහෙන පැත්තට ඇවිදගෙන ගියා
ඒ කටහඬ හරි ලස්සනයි කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් වොයිස් එකක් ටේහ්යුන් ඒ සුලු මොහොතට ඒ කටහඩට වසග වුනා කිව්වොත් නිවැරදියි කොල්ලා ගිහින් නතර වුනු තැන හිටියේ කොල්ලෙක් ඔව් ටේහ්යුන් ජීවිතේට බලාපොරොත්තු නොවුනු කොල්ලෙක් ටේහ්යුන්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා එයාට පිටුපාලා ඇස් පියාගෙන එයාගෙම ලෝකෙක තනිවෙලා සිංදු වචන එකින් එක තාලයට ගායනා කරන ජන්කූක්ගේ රුව ටේහ්යුන්ගේ පුදුමයට හේතු වුනා
කවුද විශ්වාස කරන්නේ මේ නපුරු ආඩම්බරකාරයාට මෙච්චර ලස්සන කටහඩක් තියෙනවා කියලා ජන්කූක්ගේ ලගම අය ඇරෙන්න ජන්කූක්ගේ හැකියාව ගැන ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැ කොල්ලා තනි වුනු වෙලාවට විතරයි සිංදු කියන්න පුරුදු වෙලා හිටියේ
සිංදුව අවසන් වෙලත් ඇස් පියාගෙන හිටපු ජන්කූක් ඇස් ඇරියේ පිටිපස්සෙන් ඇහුනු අත්පුඩි ගහන හඩ නිසා ඒ හඩ පාලු බිල්ඩින් එක පුරා දෝංකාර දෙද්දී ජන්කූක් ඇස් හීනි කරගෙන පිටිපස්ස හැරුණේ මේ පාලු ගොඩනැගිල්ලට එයා ඇරෙන්න එන එකා මොකාද කියලා හිතන ගමන්
පිටිපස්ස හැරුනු ජන්කූක් දැක්කේ එයා දිහා ආදරනීය හිනාවක් එක්ක බලාගෙන ඉන්න ටේහ්යුන්ව කොල්ලව දැකලා ජන්කූක්ගේ ඇස් එක මොහොතකට ගැස්සුනා
" ඔයාගේ වොයිස් එක ලස්සනයි ජන්කුකී.."
ජන්කූක් ලගට ලං වෙන ගමන් ටේහ්යුන් කියද්දී කොල්ලා බෙල්ල පිටිපස්ස කැසුවේ ටේහ්යුන් එහෙම කිව්වාම කොල්ලාට අමුත්තක් දැනුනු නිසා
" තමුසේ මොනාද මෙතන කරන්නේ "
ජන්කූක් කතාව වෙනස් කරන්න වගේ අහද්දී ටේහ්යුන් කොල්ලාගේ ලගින් වාඩිවුනා
" ඇයි ඔච්චර ලස්සන වොයිස් එකක් තියාගෙන මියුසික් නොකරන්නේ "
ජන්කූක්ගේ ප්රශ්නෙට ටේහ්යුන් තවත් ප්රශ්නයක් ඇහුවා
" මම ඇහුව දේට උත්තර දෙනවා.."
කොල්ලා ටිකක් තදින් ඇහුවා
" මම අහපු දේට උත්තර දුන්නොත් මමත් උත්තර දෙන්නම්.."
" අප්පා අකමැති නිසා හරි නේ"
ටේහ්යුන් එක්ක බේරෙන්න බැරි බව තේරුනු ජන්කූක් අහක බලාගෙන කේන්තියෙන් උත්තර දුන්නා
" ඒත් ඇයි..?"
" මම මියුසික් පස්සේ ගියොත් එයාගේ බිස්නස් බලාගන්න කවුරුවත් නැති වෙයි කියලා "
ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක කියද්දී ටේහ්යුන්ට කොල්ලා ගැන දුක හිතුනා ජන්කූක් මිස්ටර් ජියොන්ගේ වැඩ හින්දා ගොඩක් විදවනවා කියලා ටේහ්යුන්ට තවත් තේරුනා ඇයි මිස්ටර් ජියොන්ට බැරි ජන්කූක්ගේ ආසාවට ටැලන්ට් එකට ඉඩක් දෙන්න ටේහ්යුන්ට එහෙම හිතුනා
" අප්පාට හොරාට මියුසික් ඉගෙනගන්න "
ටේහ්යුන් කිව්වාම ජන්කූක් කොල්ලා දිහා බැලුවා
" මම එහෙම කරේ නැ කියලා ද හිතන්නේ බබා...? ම්හූ... මම ලේසියෙන් පරාජය පිලිගන්න කෙනෙක් නෙවෙයි මම හොරාට මියුසික් ඉගෙනගත්තා එයා ඒක දැනගෙන මගේ ගිටාර් එක මගේ ඇස් ඉස්සරහම පොලොවේ ගහලා කුඩු කලා ඒත් මම නැවැත්තුවේ නැ ඒත් දවසක් එයා හැම සීමාවක්ම පැන්නුවා මගේ ඔම්මාට අත ඉස්සුවා එදා මම අකමැත්තෙන් වුනත් මියුසික් මගේ ජීවිතයෙන් ඈත් කරන්න තීරණය කලා"
ජන්කූක් කොල්ලාගේ ඇස් මගහැරලා කිව්වා ජන්කූක් දැන් ටේහ්යුන් ඉස්සරහ විවෘතව කතා කරන්න පුරුදු වෙලා තිබුනා
" එයා කොහොමද එච්චර නපුරු වෙන්නේ..? ඔයා එයාගේ එකම පුතා නේ ඇයි එයාට බැරි ඔයාගේ ආසාවට ඉඩක් දෙන්න.."
ටේහ්යුන් තොල් පිටපෙරලගෙන දුකින් මිමිනුවා
" ඒවා ගැන කතා කරලා වැඩක් නැ තමුසෙට මෙහෙට ආවේ මාව හොයාගෙන නේ.."
ජන්කූක් ඇස් නටවන ගමන් දගකාර හිනාවක් එක්ක අහද්දී ටේහ්යුන් කම්ෆියුස් වෙලා බලාගෙන හිටියේ ඇයි ඉතින් මෙච්චර වෙලා මූඩ් ගහලා හිටපු කොල්ලා එකපාරට දගකාර හිනාවක් එක්ක අහද්දී ටේහ්යුන් පුදුම වෙන එක සාධාරණයි එක එක වෙලාවට ජන්කූක්ගේ මූඩ් වෙනස් වෙන විදියත් එක්ක ටේහ්යුන්ට ජන්කූක් කියන්නේ කුක්කෙක් නෙවෙයි කටුස්සෙක් කියලා හිතුනු අවස්ථා නැතුව නෙවෙයි
ටේහ්යුන් නිහඩව ඉදිද්දී ජන්කූක් කොල්ලාට තවත් ලං වුනා
" මම කෙල්ලෙක් එක්ක ඇති කියලා හිතාගෙන ද බබා ස්කූල් එක වටේම මාව පන දමාගෙන හෙව්වේ "
ජන්කූක් කොල්ලාගේ පිරුනු කම්බුල් පිරිමදින ගමන් ඇහුවා
ජන්කූක් කොහොමද මම එයාව හෙව්වා කියලා දන්නේ
ටේහ්යුන්ගේ හිතට ආපු පලවෙනි පුරස්නය එය විය.
" මම තවුසෙව හෙව්වේ නැ මට වෙන වැඩ නැද්ද..?"
ටේහ්යුන් කොල්ලාගේ ඇස් මගහරින ගමන් කිව්වා
" දැන්වත් පිලිගන්න බබා ඔයාට ජෙලස් කියලා "
ජන්කූක් ටේහ්යුන්ගේ කලබලකාරී හැසිරීම දිහා බලාගෙන ඉදලා කිව්වා ටේහ්යුන් එයාගේ කම්බුලේ රැදිලා තිබුණු ජන්කූක්ගේ අත අයින් කලා
" මම මොකටද ඉරිසියා කරන්නේ ජන්කූක් මම ඒක උදෙත් කිව්වා විකාර කියවන්නේ නැතුව ඉන්නවා තවුසේ කාත් එක්ක මොනා කරත් මට මොකද අනික මට ආදරෙයි කිව්වේ විහිලුවට කියලා මම දන්නවා "
ටේහ්යුන් කටට ආපු ඔක්කොම ඔහේ කියලා දාද්දී කොල්ලා දැක්කේ නැ අන්තිම ටික කියද්දී ජන්කූක්ගේ මූන වෙනස් වෙනවා
" මේ අහපන් කිම් ටේහ්යුන්...! උබ ඕන මගුලක් හිතා ගත්තාට කමක් නැ හැබැයි මම උබට ආදරෙයි කිව්වේ ඇත්තටම මගේ ආදරේ බොරුවක් නෙවෙයි "
කොල්ලාගේ කට දෙපැත්තෙන් අල්ලගත්ත ජන්කූක් එහෙම කියලා ටේහ්යුන් තල්ලු කරලා දාලා ගියේ කොල්ලා දිහා එකපාරක්වත් නොබලා ටේහ්යුන් දුකින් තොල් පිටපෙරලගෙන ගත්තා ටේහ්යුන්ට ඒ වෙලාවේ කිව්වේ මොකද්ද කියලා ගානක් තිබුණේ නැ හැබැයි කොල්ලා දැන් පසුතැවෙනවා ජන්කූක්ට එහෙම දෙයක් කියපු දේ ගැන
මුලදී ජන්කූක් කරන්නේ රගපෑමක් කියලා හිතුනත් පස්සෙදී ජන්කූක් එයාට ලං වෙන්න එයාගේ ආදරේ දිනාගන්න කරන වැඩ දැක්කාම ඒ නපුරු ආඩම්බරකාර ඇස් එයා දිහා බලද්දී ආදරෙන් පිරෙන විදිය දකිද්දී ටේහ්යුන්ට තේරුනා ජන්කූක්ගේ කරන්නේ බොරුවක් නෙවෙයි කියලා
" ෆිෂ් නහින්නෙත් කට හින්දා කියනවා නේ ඒ වගේ උබ නහින්නෙත් කට හින්දා තමයි ටේහ්යුන් "
කොල්ලා තමන්ටම මුමුනගෙන පන්තිය කරා යන්න පිටත් වුනේ එයාගේ නපුරු කුමාරයා කොහෙට යන්න ඇද්ද කියලා හිතන ගමන්
To be continue.................♡︎
හලොව්...
මට දොයිමතයි
එච්චරයි
Bạn đang đọc truyện trên: AzTruyen.Top