31 • 𝚁𝚎𝚝𝚞𝚛𝚗 •
" ආව්...! මොකද බන් ගහන්නේ..?"
ජන්කූක් ඔලුවත් අල්ලාගෙන කෑගහන්නේ එයාගේ ඔලුවට තඩි පොතකින් පතබෑව ටේහ්‍යුන්ට
" ගහන්න නෙවෙයි වටින්නේ හම ගහන්න බලනවා තමුසෙට තියෙන ලකුණු සයන්ස් වලට 03 මැත්ස් වලට 10 History වලට 05 කටක් ඇරලා මනුස්සයෙක්ට කියන්න පුලුවන් ලකුනු ද මේ..? "
ටේහ්‍යුන් අතේ තිබුණු ජන්කූක්ගේ පේපස් වල ලකුනු කියන ගමන් එක එක පේපරෙන් කොල්ලාගේ මූනට ගහලා දැම්මේ ජන්කූක් සසර කලකිරුනු මූඩ් එකකින් ඉදිද්දී මෙතන වෙන කවුරුහරි සද්දේ දැම්මා නම් ඌගේ අතක් පයක් කඩලා දැනටමත් හොස්පිටල් එකේ ඇදක් උඩ ඒත් මේ ජන්කූක්ගේ පරම පිවිතුරු ප්‍රේමය නේ කොහොමද ඉතින් අතක් පයක් කඩන්නේ තියා සද්දෙන් කතා කරන්නේවත්
" මොකද්ද බබා ඕකේ තියෙන ප්‍රශ්නේ..? කටක් ඇරලා කියන්න බැරි නම් ලියලා පෙන්නමු "
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන්ට කොල්ලාගේ ඔලුව ගලවලා අතට දෙන්න හිතුනා ටේහ්‍යුන් වේගෙන් හුස්ම ගන්න ගමන් අතේ තිබුණු පොත මේසේ උඩට අතහැරියේ ජන්කූක් ගැස්සිලා යද්දී
" ජන්කූක් තමුසේ පන්තියේ අන්තිමයා වෙලා තව කියවගෙනත් එනවා මහ ලොකු ලකුනු බලනවා තමුසෙගේ යාලුවා යුංගි ඒකාට අඩුම ලකුනු 30 ක්වත් තියෙනවා ස්කූල් එකටම චන්ඩිකම් පෙන්නගෙන ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නැ තමුසේ කොහොමත් ඉස්කෝලේ එන්නේ ඉගෙනගන්න නෙවෙයි නේ "
ටේහ්‍යුන් කියවගෙන යද්දී ජන්කූක්ට හිතුනේ ටේහ්‍යුන් අහිංසකයි කියලා පෙනුනාට ඇත්තටම අහිංසක නැ කියලා ටේහ්‍යුන්ගේ අහිංසක මූන පිටිපස්සේ මෙතෙක් කාලයක් සැගවිලා තිබුණු කටකාර යක්ෂ කොටියා එලියට ආවා ජන්කූක් ඔලුවත් අල්ලාගෙන දැන් යුංගිගේ අත්තා මුත්තා කිරිකිත්තා කිරි කෑ මුත්තා ඇතුලු මුලු හත්මුතු පරම්පරාවම ආදරෙන් සිහිපත් කලා
" ඌට පාඩම් කියලා දෙන්න ජිමින් ඉන්නවා නේ බබා මට නේ කවුරුවත් නැත්තේ..?"
ජන්කූක් දුක හිතෙන මූනක් එක්ක ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දී කොල්ලා අංශක 270 කෝනකින් ජන්කූක්ට ර්වන්න අමතක කරේ නැ
" විකාර නොකියා ඉන්නවා ජන්කූක් තමුන්ට කිසිදෙයක් ගැන වුවමනාවක් නැ අනික මට බබා බබා කියන්න මම තමුන්ගේ බබෙක් නෙවෙයි "
ටේහ්‍යුන් කේන්තියෙන් කියද්දී ජන්කූක් අල්ලගත්තේ කොල්ලාගේ සුසිනිදු සියුමැලි අතක්
" ඉතින් තමුසේ මගේ බබා නෙවෙයි තමයි තමුසේ මගේ බෝයිෆෙන්ඩ් නේ "
ජන්කූක් දගකාර හිනාවක් එක්ක කියද්දී ටේහ්‍යුන්ට හිනාවක් යන්න ආවත් කොල්ලා හිනාව කාගෙන හිටියේ දැන් හිනා වුනොත් ජන්කූක්ට බැනපු ඔක්කොම වතුරේ යන නිසා
" කවුද කිව්වේ මම තමුසෙගේ බෝයිෆෙන්ඩ් කියලා "
ටේහ්‍යුන් ඇහිබමක් උස්සගෙන ඇහුවා
" ඒක අමුතුවෙන් කියන්න ඕන නැ නේ බබා.."
ජන්කූක් කිව්වාම ටේහ්‍යුන් එයාගේ අත ඇදලා ගත්තා
" ඒක සක්රයාගේ නීතියක් නේ "
" ඒක සක්රයාගේ නීතියක් නෙවෙයි බබා මේ ජියොන් ජන්කූක්ගේ නීතියක් "
ජන්කූක් ගැම්මට ශර්ට් එකේ කොලර් එක උස්සන ගමන් කියද්දී කොල්ලාට රවලා කටත් ඇද කරපු ටේහ්‍යුන් යන දිහා කොල්ලා බලාගෙන හිටියා ඇත්තම කිව්වොත් ජන්කූක් බලාගෙන හිටියේ ටේහ්‍යුන්ගේ පීච් ගෙඩිය දිහා වල් හාවෙක් කියන්නේ නිකන් නෙවෙයි නේ
" ඉගෙනගන්න පුංචි හරි ආසාවක් දැන්වත් තියෙනවා නම් අද හවස තුනට අපේ ගෙදර එන්න "
පන්තියේ දොරෙන් එලියට ගියපු ටේහ්‍යුන් ආපහු ඔලුව විතරක් දාලා එහෙම කියලා ගියේ ජන්කූක්ගේ දෙතොලතර අමුතු දගකාර හිනාවක් ඇදෙද්දී
" ඉගෙනගන්නවාට වඩා දැන් වෙන දේකට ආස නිසා අනිවාර්යයෙන් එනවා බබා.."
ජන්කූක් ටේහ්‍යුන් දාලා ගියපු පොතේ පිටුවක දාරයක් දිගේ ඇගිල්ලක් අරගෙන යන ගමන් කිව්වා
____________________________
ජන්කූක් හරියටම හවස තුන වෙද්දී kim mansion එකට ආවා කොල්ලා හරියටම වෙලාවට වැඩ බයික් එකේ සයිඩ් කන්නාඩියෙන් අන්තිම වතාවට බලලා කොන්ඩේ හදාගත්ත ජන්කූක් kim mansion එකට ඇවිත් බෙල් එක ගැහුවේ ටේහ්‍යුන්ගේ රුව බලාපොරොත්තුවෙන් කොල්ලා විසිල් එකක් ගහන ගමන් වටපිට බල බලා ඉන්නකොට දොර ඇරුනා
ජන්කූක් බලාපොරොත්තු වුනා වගේ දොරෙන් ටේහ්‍යුන්ගේ රුව මතුවුනා ටේහ්‍යුන් දැක්ක ගමන් ජන්කූක් කොල්ලා දිහා කන්න වගේ බලාගෙන හිටියේ ජීවිතේ පලවෙනි වතාවට ටේහ්‍යුන් දැක්කා වගේ ටේහ්‍යුන් ඇදගෙන හිටපු ශෝට් එකෙන් කොල්ලාගේ කලවා භාගයක් නිරාවරණය වෙලා තිබුනා ජන්කූක් තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා දැක්ක ටේහ්‍යුන් කට කොනින් හිනා වෙනවා අහිංසක ජන්කූක් නම් දැක්කේ නැ
" දවසෙම ඔතන ඉන්න ද හදන්නේ ජන්කූක් එන්න ඇතුලට "
ටේහ්‍යුන්ට හිනා වුනු ජන්කූක් ඇතුලට ඇවිත් අඩි දෙකයි යන්න හම්බුනේ ලිස්සලා ගිහින් අතිසාර්ථක ලෙස පොලොව මහී කාන්තාව වැලදගත්තා කොල්ලා වැටුනු පාර වල්ගා තරු ධූමකේතු මන්දාකිනි ඇතුලු මුලු සෞරග්‍රහ මණ්ඩලයම මැවිලා පෙනුනා ඒ විදියට තමයි ටේහ්‍යුන් ජන්කූක්ව ගෙදරට පිලිගත්තේ
" ඔහ්.. ජන්කූක්..! දැන් තමයි මේඩ්ලා මොප් කරේ ඔයාට අමාරුවක් නැ නේ "
ටේහ්‍යුන් ඇවිත් පතබෑවිලා ඉන්න ජන්කූක්ගේ අතකින් අල්ලාගෙන ඇහුවා මෙච්චර සබන් ගෙදර මොප් කරන්න දානව ද බේසිකයෝ කියලා අහන්න කට නැලියුවත් කොල්ලා දත කට කාගෙන වේදනාව හංගගෙන ටේහ්‍යුන්ට හිනාවක් පා කලේ තමන් හොදින් කියලා පෙන්නන්න හැබැයි වැදුනු පාර කොච්චර සැර ද කියලා දන්නේ වැටුනු ජන්කූක්ම විතරයි
ජන්කූක්ව නැගිට්ටවගත්ත ටේහ්‍යුන් කොල්ලව living room එකට එක්කගෙන ගියේ මේඩ් කෙනෙක්ට දොර ලග පිරිසිදු කරන්න කියන ගමන් ජන්කූක් කොන්දත් අල්ලාගෙන couch එකෙන් වාඩිවුනා
" අමාරුයි ද ජන්කූක්..?"
අනේ නැ බන් හරි සනීපයි කියන්න ජන්කූක්ට ඕන වුනත් කොල්ලා හිනා වුනා
" අවුලක් නැ බබා.."
ජන්කූක් කශේරුව අල්ලාගෙන කිව්වා කොල්ලාට කශේරුවක් ඕස්ට්‍රේලියාවෙන් අපනයනය කරන්න වෙයි කියලා නොහිතුනාම නෙවෙයි
" කෝ බබා ජින් අන්කල්.."
කොල්ලා ඇහුවේ ජින් පේන්න නොහිටිය නිසා
" පපා අප්පාගේ කම්පැනියට ගියා මොකද්දෝ වැඩකට
ජන්කූක් මොනාහරි බොනව ද..?"
" එපා බබා ඕන නැ "
" එහෙම හරි නැ නේ ජන්කූක් ඉන්න මම කොෆි එකක් හදාගෙන එන්නම් ඊට පස්සේ වැඩ පටන් ගමු "
ටේහ්‍යුන් එහෙම කියලා නැගිටලා ගියේ ජන්කූක්ට තවත් මුකුත් කියන්න වෙලාවක් ඉතුරු නොකර ජන්කූක් නම් දෙවියන්ගෙන් ඉල්ලුවේ තමන්ගේ අහිංසක හා ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියලා ඒත් කොල්ලා දන්නේ නැ දෙවියොත් සප් එක දෙන්නේ ටේහ්‍යුන්ට කියලා ජන්කූක්ට අබ සරනයි ඉතින්
විනාඩි කිහිපයකින් ටේහ්‍යුන් කොෆි එක හදාගෙන ඇවිත් ජන්කූක්ට පිලිගැන්නුවා ජන්කූක් හිනාවක් එක්ක කොෆි මග් එක ගත්තා
" බොන්න ජන්කූක්..! බීලා රස ද කියන්න "
ටේහ්‍යුන් අහිංසක විදියට ජන්කූක් දිහා බලාගෙන කියද්දී ජන්කූක් ඔලුව වනලා උගුරක් බිව්වා එසැනින් ජන්කූක්ගේ මූන වෙනස් වුනා කොල්ලාගේ මූන අපායේ ඉදගෙන ගහපු නියගලා අල කොත්තුවක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" ඇයි ජන්කූක් රස නැද්ද..?"
ටේහ්‍යුන් පපී අයිස් වලින් අහද්දී ජන්කූක් කටේ තිබුණු කෝපි උගුර ගිලලා අපහසුවෙන් හිනා වුනා
" අනියා..! රසයි.. හේ... හේ...මම බීපු රසම කොෆි එක "
ජන්කූක් එහෙම කිව්වාම ටේහ්‍යුන්ගේ මූන මලක් වගේ පිපිලා ආවා
" එහෙනම් ඔක්කොම බොන්න "
" අහ්..?"
" බොන්න ඉතින් "
ඔන්න ඉතින් දැන් තමයි ජන්කූක්ට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවෝ සිහිපත් වෙන්නේ කොල්ලා හිතින් හඩා වැටෙනවා තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට එකෙක්ටවත් මගේ දුක වේදනාව තේරෙන්නේ නැද්ද..?
ටේහ්‍යුන්ගේ කරදරයෙන් බේරෙන්න බැරි තැන ජන්කූක් කොෆි මග් එක සම්පූර්ණයෙන් බීලා ඉවර කරලා මග් එක ටේබල් එක උඩින් තිබ්බා
ජන්කූක් ආ යූ ඕකේ..?
කොල්ලා එයාගෙන්ම ප්‍රශ්න කලා වැඩි වෙලාවක් නොගිහින් කොල්ලාට ඒකට පිලිතුරක් ලැබුනා
" බබා වොෂ් රූම් "
" ඔහ්..! උඩ තට්ටුවේ දෙවැනි රූම් එකේ වොෂ් රූම් එකට යන්න "
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් ඉස්කෝලේ ප්‍රින්සිපල් වේවැලත් අරගෙන ඉස්කෝලේ වටේ ඇවිදින වෙලාවක පීරියඩ් කට් කරන උන් ටිකක් පිනා දැකලා දුවනවා වගේ කකුල් දෙකට පින් දෙමින් වොෂ් රූම් එකට දුවගෙන ගියා ජන්කූක් දුවගෙන යන දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් සෝෆා එකට ගහන ගමන් හිනා වුනා
ජන්කූක් වොෂ් රූම් එකට ගිහින් vomit කරනවා හරි හරි තොපි හිතන්නේ ජන්කූක් ප්රග්නට් කියලා නේ පිස්සු ද යකොව් සීනි දාලා හදන්න ඕන කෝපි එකට ලුනු, බිත්තර,මිරිස් දාලා කෝපි හැදුවාම vomit කරලා නැවතුනොත් ලොකු දෙයක්
විනාඩි 15 ට විතර පස්සේ ජන්කූක් වොෂ් රූම් එකෙන් එලියට ආවේ භාගෙට මැරුනු මනුස්සයෙක් වගේ කොල්ලා බඩත් අල්ලාගෙන ඇද උඩින් වාඩිවුනා
" ඇයි බබා මගෙන් මෙච්චර දරුනු විදියට පලිගන්නේ.."
ජන්කූක් මිමිනුවා කොල්ලාට භාගෙට ඇඩිලා තිබුණේ ටේහ්‍යුන්ගේ අති විශේෂ කොෆි එකට පින් සිද්ද වෙන්න ජන්කූක්ට කෝපි කියන ජාතියත් එපා වුනා ටික වෙලාවක් ඇද උඩට වෙලා හිටපු ජන්කූක් පඩිපෙලේ අත්වැට අල්ලාගෙන පහලට එද්දී ටේහ්‍යුන් මුකුත් නොදන්න අහිංසකයා වගේ ඉන්නවා
" මොකද වුනේ ජන්කූක්..?"
" මුකුත් නැ බබා.. වෙන දවසක පාඩම් කරමු මගේ ඇගට හරි නැ වගේ "
ජන්කූක් ඔලුව කසන ගමන් අහිංසක විදියට කියද්දී ටේහ්‍යුන්ට පව් කියලා හිතුනත් ජන්කූක් එයාට කරපු දේවල් වල හැටියට මේක සුලු දෙයක් කියලා ටේහ්‍යුන්ගේ තුන් වැනි සිත කිව්වා
" ඔහ් හරි ජන්කූක්... පරිස්සමින් යන්න "
ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් හිනා වෙලා ගියත් කොල්ලාගේ හිත යටින් කෝපි කියන වර්ගය ලෝකයට හදුන්වා දුන් මනුස්සයාගේ හත්මුතු පරම්පරාවම මතක් කලා ඒ ගමන් එහෙන් මෙහෙන් ටේහ්‍යුන්වත් ආදරෙන් සිහිපත් කරන්න අමතක කරේ නැ
" අපි බලාගමුකෝ බබා ඉස්සරහට.."
ජන්කූක් හිමින් මුමුනන ගමන් kim mansion එකෙන් ගියා ටේහ්‍යුන් එයා කරපු දේවල් ගැන කුරිරු සතුටක් ලබමින් හිටියා ජන්කූක් එනවා බලාගෙන ඉදලා දොරකඩට සබන් වතුර බාල්දියක් එහෙම් පිටින් හැලුවා මේ ටේහ්‍යුන්ගේ පලිගැනීමේ පලවෙනි පියවර ලෙස හැදින්විය හැකිය
.
Next Day..
පසුදින ටේහ්‍යුන් උදේම රෙඩි වෙලා ස්කූල් ගියේ ජන්කූක් බලාපොරොත්තුවෙන් කිව්වොත් නිවැරදියි ටේහ්‍යුන්ට ජන්කූක්ගේ තත්ත්වය දැනගන්න ඕන වුනා කොල්ලා වටපිට බලන ගමන් ස්කූල් එක ඇතුලට ගියා ටේහ්‍යුන් යනකොට ජිමින් ඇවිත් නොහිටපු නිසා කොල්ලා පැත්තකට වෙලා හිටියා ජිමින් යුංගි ඇරුනාම පන්තියේ වෙන කවුරුවත් කොල්ලා එක්ක වැඩිය හිත හොද නැ
ඒකට පලවෙනි හේතුව වුනේ ජන්කූක් ටේහ්‍යුන් එක්ක හොදින් ඉන්න එක ජන්කූක්ගේ අවදානය ටේහ්‍යුන්ට ලැබෙන එක ජන්කූක් කාවවත් සතපහකට ගනන් නොගන්නා ආඩම්බරකාර කොල්ලෙක් ඉතින් ජන්කූක්ගේ අවදානය ලබාගන්න පන්තියේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා එහෙම එකේ කොහෙන්ද එකපාරට scholarship එකකින් කඩාගෙන පහත් වුනු ටේහ්‍යුන් ජන්කූක්ට ලං වෙද්දී අනිත් උන්ට ටේහ්‍යුන් ගැන ඇති වුනේ තරහක් ඉරිසියාවක්
දෙවැනි හේතුව වුනේ ටේහ්‍යුන් තමයි පන්තියේ පලවෙනියා වුනේ හැම ගුරුවරයෙක්ම ටේහ්‍යුන්ට හොද කියද්දී ටේහ්‍යුන් වගේ හැදෙන්න කියලා අනිත් ලමයින්ට ගුරුවරු කියන නිසා එයාලා ටේහ්‍යුන්ව කොන් කලා කොල්ලව ගනන් ගත්තේ නැ ඉතින් ටේහ්‍යුන් වුනත් අනිත් අය ගැන වැඩිය කෙයා කලේ නැ එයාගේ පාඩුවේ එයා වැඩක් කරගෙන හිටියා
ටිකකින් ජිමින් ආවාම ටේහ්‍යුන් ජිමින් එක්ක ඉස්කෝලේ වටේ වටයක් දාලා එන්න ගියා පාසල් පටන් ගත් වග හගවමින් බෙල් එක නාද වුනු නිසා ටේමින් ඩබල ආපහු පන්තියට එනකොට දැක්කේ යුන්කුක් දෙන්නා හෙන කයියක් ගහගෙන එනවා ජන්කූක් නම් අහල පහල ඉන්න කෙල්ලොන්ට ඇහැක් ගහගෙන එහෙම එන්න අමතක කලේ නැ යුංගි නම් අහිංසක පූස් ප්‍රානියා වගේ ජන්කූක් එක්ක ආවේ ජන්කූක් නටන නාඩගම් නටන්න ගියොත් කොල්ලාගේ කොන්ඩ ගස් ටිකට බායි කියන්න වෙන නිසා
ජන්කූක් දගකාර හිනාවක් එක්ක කෙල්ලොන්ට ඇස් ගහන ගමන් එන දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියේ පිච්චෙන ගමන් කොල්ලාට කේන්තියි ජන්කූක්ගේ කොලර් එකෙන් ඇදලා අරගෙන මූන කට සමතලා වෙන්න දෙකක් නෙලන්න හිතුනත් ස්කූල් එක මැද එහෙම කලොත් කොල්ලා මේ වෙනකොට හදාගෙන තියෙන නම කුඩු පට්ටම් වෙන නිසා අතමිට මොලවාගෙන බලාගෙන හිටියා
යුංගි ජිමින් දැක්ක ගමන් කොල්ලා එක්ක හිනා වුනා යුංගිගේ හිනාව දැකලා කෙල්ලෝ දෙතුන් දෙනෙක්ට සිහිය නැතුව ඇදගෙන වැටුනා ජන්කූක්ට කෙල්ලෝ එක්ක ඕන වෙඩිමක් කරගන්න කියලා යුංගි ජිමින් එක්ක පන්තියට ගියේ කස්ටිය කම්ෆියුස් වෙලා වගේ බලාගෙන ඉදිද්දී කවුරුවත් යුන්මින් දෙන්නා අතරේ තියෙන සම්බන්ධය ගැන දැනගෙන හිටියේ නැ
ජන්කූක් ටේහ්‍යුන් දිහා බැලුවාම ටේහ්‍යුන් අංශක 270 කෝනකින් ජන්කූක් අලු වෙලා දූවිලි වෙලා වායුගෝලයේ අංශූවක් වශයෙන් පාවි පාවි ඉන්න තත්ත්වයට රවලා ගස්සගෙන යන්න ගියා ටේහ්‍යුන් යන දිහා ජන්කූක් හිත යටින් හිනා වෙන ගමන් බලාගෙන හිටියා
To be continue.................♡︎
ටේහ්‍යුන් ගැන කස්ටිය මොකද හිතන්නේ
හෙට ඉදන් අපිට ආපහු ඉස්කෝලේ පටන් ගන්නවා ලමයි 😪
Vote goal 60
Comment goal 30
Bạn đang đọc truyện trên: AzTruyen.Top