30 • 𝚁𝚘𝚘𝚏𝚝𝚘𝚙 •

Author Pov

දවස් එකින් එක ගත වුනේ හැමෝගෙම ජීවිත සතුටින් පුරවලා අද තමයි කට්ටිය ජේජු වල ගත කරන අවසාන දවස හෙට ආපහු එයාලා සෝල් බලා පිටත් වෙනවා තව දවස් හතරකින් පාසල් නිවාඩු කාලය නිමා කරමින් පාසල් පටන් ගන්නවා

ඉතින් කස්ටිය ආපහු සෝල් යන්න බඩු පැක් කරමින් හිටියේ එයාලා ගෙනාවට වඩාගෙන අරගෙන යන්න නම් ගොඩක් දේවල් තිබුනා ටේහ්‍යුන් එයාගේ රූම් එකට වෙලා ඇදුම් නවලා පැක් කරන ගමන් හිටියේ ඒත් එක්කම ඇද උඩ තිබුණු කොල්ලාගේ ෆෝන් එකට මැසේජ් එකක් ආපු නිසා ටේහ්‍යුන් ඇහිබමත් රැලි කරගෙන ෆෝන් එක අතට ගත්තා 

ලොක් ස්ක්‍රීන් එකේ මැසේජ් එක Mr.kukka ගෙන් කියලා වැටිලා තියෙනකොට ලොක් එක ඇරපු ටේහ්‍යුන් මැසේජ් එක ඕපන් කරේ මේ වෙලාවේ ජන්කූක් එයාට මැසේජ් එකක් දාන්න තියෙන හේතුව මොකද්ද කියලා කල්පනා කරන ගමන්

" රූෆ්ටොප් එකට එන්න..."

ඒ මැසේජ් එකේ සටහන් වෙලා තිබුණේ එච්චරයි ටේහ්‍යුන් තොලුත් පිට පෙරලගෙන කල්පනා කරේ අදුර වැටීගෙන එන වෙලාවේ රූෆ්ටොප් එකට එන්න කියන්නේ මොන බනානා ෆ්ලවර් එකකට ද කියලා කල්පනා කරන ගමන් ඇදුම් නවන එක පැත්තකින් තිබ්බ ටේහ්‍යුන් රූෆ්ටොප් එකට ගියා

ටේහ්‍යුන් යනකොට ජන්කූක් අත් දෙකත් කලිසමේ සාක්කුවට දාගෙන ඈත පේන කදු පන්තිය දිහා බලාගෙන ලොකු කල්පනාවක ඉන්නවා ජන්කූක් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ටේහ්‍යුන් කොල්ලාගේ ලගින් ගිහින් හිට ගත්තේ කදු පන්තිය දිහා බලාගෙන

විනාඩි කිහිපයක් ගත වෙනකම් දෙන්නාගෙන් එක් කෙනෙක්වත් කතා කලේ නැ ටේහ්‍යුන් සැරින් සැරේ ජන්කූක් දිහා බැලුවා ඒත් ජන්කූක් කතා කරන්න ස්වභාවයක් තිබුණේ නැ

" ඇයි මට එන්න කිව්වේ "

අවසාන වශයෙන් ටේහ්‍යුන් තිබූ නිශ්ශබ්බදතාවය බිද දමමින් ඇහුවා

" තමුසේ එක්ක කතා කරන්න හේතුවක් ඕන ද ටේහ්‍යුන්...."

ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් ඉස්සරහ බලාගත්තා

" හේතුවක් නැතුව කතා කරන්න තරම් අපි අතරේ තියෙන බැදීම මොකද්ද ජන්කූක් "

ටේහ්‍යුන් අහද්දී ජන්කූක් හිනා වුනා

" කතා කරන්න බැදීමක් ඕනම ද..?"

ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් නිහඩව හිටියා

" මම කෙනෙක්ට ආදරේ කරනවා.."

ජන්කූක් එකපාරට කිව්වාම ටේහ්‍යුන් ගැස්සිලා ගිහින් කොල්ලා දිහා බැලුවා ටේහ්‍යුන්ගේ ඇස් වල තිබුණේ පුදුමක් විශ්වාස කරන්න බැරි ස්වභාවයක්

" මම හිතන්නේ එහෙමයි.."

ජන්කූක් ආපහු කිව්වා

" ඔයාට ඔයාගේ හැගීම් ගැන විශ්වාසයක් නැද්ද ජන්කූක් "

ටේහ්‍යුන් ජන්කූක්ගෙන් ඇස් අරන් කිව්වා

" විශ්වාසයක් නැතිකම නෙවෙයි ටේහ්‍යුන් මට තේරෙන්නේ නැ කවදාවත් මට මෙහෙම හිතිලා නැ "

" ඒ නිසා ද ඔයා ඒ හැගීම ආදරේ කියලා හදුන්වන්නේ "

ජන්කූක් ඔව් කියන්න ඔලුව වැනුවා

" ඔයාට එයාව දැනෙන්නේ කොහොමද ජන්කූක් "

හිතේ තියෙන වේදනාව හංගගෙන ටේහ්‍යුන් ඇහුවා

" ම්ම්ම්ම්.... එයා ගැන කියන්න කොහෙන්ද පටන් ගන්නේ කියලා තේරෙන්නේ නැ එයාට තරු කැට වගේ දිලිසෙන ඇස් දෙකක් තියෙන්නේ ඒ ඇස් වලින් මගේ දිහා ඇරෙන්න වෙන කෙනෙක් දිහා බලනකොට මට ඉරිසියායි එයා වෙන කෙනෙක්ට ලං වෙනවාට මම කැමති නැ එයා ලගින් එයා එක්ක හැමදාම ඉන්න ඕනි කියලා හිතෙනවා එයා හිනා වෙන දිහා බලාගෙන ඉන්න හිතෙනවා ඇත්තටම එයාට හරි අහිංසක හිනාවක් තියෙන්නේ එයා අඩද්දී සනසන්න හිතෙනවා එයාගේ කදුලු මාව ගොඩක් රිද්දනවා එයාව හැමෝගෙන්ම පරිස්සම් කරන්න ඕන කියලා හිතෙනවා එයා මට ලං වෙනකොට මගේ හදවත වේගෙන් ගැහෙනවා මුල් කාලේ මම හිතුවේ ඒක ලෙඩක් කියලා "

ජන්කූක් හිනාවක් එක්ක කියද්දී ටේහ්‍යුන් හිනා නොවී බැරිකමට හිනා වුනා කොල්ලා හිතින් මේ වෙලාවේ හොදටම හඩා වැටෙනවා

" ඔයා හිතුවා හරි ජන්කූක් ඔයා ඒ කෙනාට ආදරෙයි.."

ටේහ්‍යුන් අහිංසක හිනාවක් එක්ක කිව්වා ජන්කූක් දිලිසෙන ඇස් වලින් කොල්ලා දිහා බැලුවා

" ඔයාගේ හිතේ තියෙන දේ ඉක්මනට එයාට කියන්න මම යන්නම් ජන්කූක් "

ටේහ්‍යුන් එහෙම කියලා යන්න හැරුනා මෙතෙක් වෙලා එයා පාලනය කරගෙන හිටපු කදුලු බිදු ඇස් වලින් එලියට පැන්නා එයාගේ හිත වේදනාවෙන් රිදුම් දෙනවා ටේහ්‍යුන් දැනගෙන හිටියා කවදාහරි දවසක ජන්කූක් කාටහරි ආදරෙයි කරයි ඒ තමන් නොවන බව ටේහ්‍යුන් දන්නවා ඒත් මෙච්චර ඉක්මනට ජන්කූක් කෙනෙක්ට ආදරෙයි කරයි ඒ හැගීම තමන්ට ජන්කූක්ට තේරුම් කරන්න වෙයි කියලා ටේහ්‍යුන්ගේ කවදාවත් එක මොහොතකටවත් හිතුවේ නැ

යන්න හදපු ටේහ්‍යුන් නැවතුනේ එයාගේ අතින් ජන්කූක් ඇල්ලුව හින්දා කොල්ලා ඉක්මනට තමන්ගේ කම්බුල් වල තියෙන කදුලු පිහිදගෙන බොරු හිනාවක් දෙතොලතර රදවගෙන ජන්කූක් දිහා බැලුවා

" ඇයි ජන්කූක්..."

ටේහ්‍යුන් වෙනසක් නොපෙන්වන්න උපරිම උත්සාහ කරමින් කිව්වා

" තමුසේ දුකින් ද..?"

ජන්කූක් ඇහුවාම ටේහ්‍යුන් හිනා වුනා ඒ හිනාවේ ලොකු වේදනාවක් සැගවිලා තිබුනා

" මම මොකටද ජන්කූක් දුක් වෙන්නේ..? ඔයා එයා එක්ක සතුටින් ඉන්න එතකොට මටත් මගේ පාඩුවේ ඉන්න පුලුවන් නේ "

ටේහ්‍යුන් එහෙම කිව්වත් කොල්ලාගේ හිත කිව්වේ මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්

" මම යන්න ද ජන්කූක් බෑග් පැක් කරන්න ඕන "

ටේහ්‍යුන්ට ඉක්මනට ජන්කූක්ගේ ඇස් මානෙන් යන්න ඕන වුනා කොල්ලාට එයාගේ හිතේ තියෙන දුක කියලා කෑගහලා අඩන්න ඕන වුනා ඒ නිසා ජන්කූක්ගේ අතින් අත මුදවගෙන යන්න හැදුවත් ජන්කූක් ඒකට කොල්ලාට ඉඩ දුන්නේ නැ

" කොහෙද දුවන්න හදන්නේ..? ඒ කවුද කියලා දැනගන්න කැමති නැද්ද..?"

ජන්කූක් ටේහ්‍යුන්ගේ මූනට එබිලා අහද්දී කොල්ලා අහක බලාගත්තා ටේහ්‍යුන් බය වුනා තමන්ගේ ඇස් වල තියෙන හැගීම් ජන්කූක් කියවයි කියලා ඒ නිසා ටේහ්‍යුන් ජන්කූක්ගෙන් ඇස් හැංගුවා

" මම දැනගත්තා කියලා මොනා කරන්න ද ජන්කූක්.."

ටේහ්‍යුන් හිනාවක් එක්ක ඇහුවා කොල්ලාගේ හිත කෑගැහුවා ඇයි ජන්කූක් තවත් මෙහෙම රිද්දන්නේ කියලා ටේහ්‍යුන්ට එහෙම කොල්ලගෙන් අහන්න හිතුනා

" තමුසේ දැනගන්න ඕන ටේහ්‍යුන් "

ජන්කූක් තවත් ටේහ්‍යුන්ට ලං වෙන ගමන් කිව්වා තාමත් ටේහ්‍යුන් අහක බලාගෙන හිටියා ජන්කූක් කොල්ලාගේ මූන දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන් මුකුත් නොකියා හිටියා

" ඒ තමයි...."

ජන්කූක් එහෙම කියලා නැවැත්තුවා කොල්ලා දගකාර හිනාවක් එක්ක ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා

" ඒ තමයි......
.




















.. මන්චි චොකලට් මාරි...






.

" ඒ තමුසේ කිව්වොත්..."

ජන්කූක් එහෙම කිව්වාම ටේහ්‍යුන් අකුනක් ගැහුවා වගේ කොල්ලා දිහා බැලුවා ටේහ්‍යුන් ඇස් ජිල් බෝල සයිස් කරගෙන එයා දිහා ආදරනීය හිනාවක් එක්ක බලාගෙන ඉන්න ජන්කූක් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන්ගේ අත අතහැරපු ජන්කූක් කොල්ලාගේ කම්බුල් මතින් අත් දෙක තිබ්බා ටේහ්‍යුන්ට වෙන කිසිදෙයක් හිතාගන්න බැ

" මම තමුසේ ගැන මෙච්චර වෙලා කිව්වේ ඔව් ටේහ්‍යුන් මම තමුසෙට ආදරෙයි "

ටේහ්‍යුන්ගේ ඇස් තවත් පුදුමෙන් ලොකු වුනා කොල්ලාට හිතුනේ මේ හැමදෙයක්ම හීනයක් කියලා ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන freeze වෙලා වගේ ජන්කූක් දිහා බලාගෙන ඉන්නකොට කොල්ලාගේ රියැක්ෂන් එක දැකලා හිනාවක් ගියා

" ජන්කූක් මාව කොනිත්තන්න.."

" අහ්..?"

ටේහ්‍යුන් කොනිත්තන්න කිව්වාම ජන්කූක් කම්ෆියුස් වුනා ඒත් තත්පර කිහිපයකින් වැඩේ තේරුනාම කොල්ලා කට කොනින් හිනාවක් එක්ක ටේහ්‍යුන්ගේ තොල් වලට බර වුනා යකෝ කොනිත්තන්න කිව්වාම කිස් කරන එකෙක් දැකලා නැත්නම් බලාගන්න ටේහ්‍යුන් නම් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිව්වොත් කම්ෆියුස් වෙලා කොල්ලා freeze වෙලා වගේ තමන්ව ඇස් පියාගෙන සිපගන්න ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා

සුලු මොහොතකින් ජන්කූක් කොල්ලාගේ යටි තොලත් ටිකක් තදින් හපලා තොල් වලින් ඈත් වෙලා ටේහ්‍යුන් දිහා බැලුවේ හිනාවක් එක්ක ඒ හිනාව වෙනදාට ජන්කූක්ගේ දෙතොලතර රැදෙන සමච්චල් සහගත හිනාව වෙනුවට අද තිබුණේ අහිංසක ආදරනීය හිනාවක්

" ආපහු කොනිත්තන්න ද..?"

ජන්කූක් ඇහැක් ගහලා ටේහ්‍යුන්ගෙන් ඇහුවාම කොල්ලා බීට් අලයක් වගේ රතු වෙලා ගියේ ජන්කූක්ගේ හිනාව වැඩි කරලා

" ඉතින් බේබි... ඔයා මට ආදරෙයි ද..?"

කොල්ලා ටේහ්‍යුන්ගේ මූනට එබිලා අහද්දී ටේහ්‍යුන් යටි තොලත් හපාගෙන බිම බලාගත්තා

" මට දැන්ම උත්තරයක් ඕන නැ බබා මම කරපු දේවල් එක්ක තමුසෙට උත්තරයක් දෙන්න අමාරු ඇති කල්පනා කරලා මට කියන්න ගුඩ් නිව්ස් එකක් තමුසෙගෙන් බලාපොරොත්තු වෙනවා "

ටේහ්‍යුන්ගේ ලැජ්ජාවෙන් රතු වුනු කම්බුලක් පිරිමදින ගමන් ජන්කූක් කිව්වා ටේහ්‍යුන් ජන්කූක්ගේ දිහා නොබලා බිම බලාගෙන හිටියා ටේහ්‍යුන් දිහා නිහඩව ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කූක් ටේහ්‍යුන්ගේ කම්බුලට තට්ටුවක් දාගෙන යනවා කියාගෙන ගියේ ටේහ්‍යුන් රූෆ්ටොප් එකේ තනිවෙද්දී

මොකද්ද ජෙයියනේ වුනේ..? මේක නම් දෛවයේ සරදමක්ම තමයි
ජියොන් ජන්කූක්...!
ආදරෙයි..?
ඒකත් මේ මට..?
කිම් ටේහ්‍යුන්...?
මගේ කන් තාම මට විශ්වාස නැ සිරාවට මේක නිකන් විහිලුවක් වගේ මම ඒක පාර්ශ්විකයි කියලා හිතාගෙන හිටපු ප්‍රේමය ද්වි පාර්ශ්විකයි වගේ ම්ම්ම්..
ඒත් මට එයා ඉස්සර සලකපු විදිය එක්ක එයාව විශ්වාස කරන්න පුලුවන් ද..? ඒක ටිකක් අමාරුයි..
මම එයාට ආදරෙයි..!
ඔව් එයාට මම ගොඩක් ආදරෙයි..!
ටික කාලයක් ඉමු ටේහ්‍යුන් කොච්චර ආදරේ වුනත් එකපාරට කැමැත්ත දුන්නොත් කිසි වටිනාකමක් නැ
ඔයා ඉවරයි ජියොන් ජන්කූක්...!

ටේහ්‍යුන් කට කොනින් හිනාවක් එක්ක හිතුවේ හිත යටින් දරුනු මායාකාරයෙක් වගේ හිනා වෙන ගමන් ඉදිරියට උදා වීමට නියමිතව ඇත්තේ ජන්කූක්ගේ ජීවිතේ අමාරුම හා දුෂ්කරම කාලය බව ඕතර් වශයෙන් මට නිගමනය කරන්න පුලුවන්

ටේහ්‍යුන් ජන්කූක්ට වද දෙන විදිය හිතින් ප්ලෑන් කරන ගමන් නිදාගන්න ගියා

පසුදින උදෑසන හැමෝම ආපහු සෝල් බලා යන්න ලෑස්ති වුනා ජේජු වලින් එයාලගේ ජීවත වලට අලුත් මතකයන් ගොඩක් එකතු වුනා ඉතින් ජේජු වලට සමුදීලා ආපහු එයාලගේ සුපුරුදු කාර්ය බහුල ජීවිතයට පා තබන්න සෝල් බලා පිටත් වුනා

මේ ගම්නින් සිද්ධ වුනු ලොකුම විපර්යාසය කුමක්ද කියා පැහැදිලි කලොත් ට්‍රිප් එක එනකොට දෙපැත්තක හිටපු යුංගි ජිමින් දෙන්නා ආපහු ජේජු ගමන අවසන් කරලා යනකොට කපල් එකක් විදියට පිඹුරෝ දෙන්නෙක් වගේ වෙලිලා යන එක තමයි

ඊට අමතරව ගත්තොත් ජන්කූක් ටේහ්‍යුන්ට ආදරය ප්‍රකාශ කිරීම මිසිස් ජියෝන් සහ ජින් හොදම යාලුවන් බවට පත් වීම මේ ගමනින් සිදු වූ සුලු හා මධ්‍ය පරිමාන විපර්යාස ගනයට ගන්න පුලුවන්

ටේහ්‍යුන් ජනේලේ ලග වාඩිවෙලා එලිය බලාගෙන යනකොට එහා පැත්තේ ශිට් එකේ ඉදගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා ටේහ්‍යුන්ගේ ලග ශිට් එක හිස් නිසා කොල්ලාට එතැනට යන්න තදින්ම ඕන වුනත් හිත පාලනය කරගෙන බලා සැනසෙන්න තීරණය කරේ කොල්ලාගේ ලගට ගිහින් ටේහ්‍යුන්ගේ හිතේ තමන් ගැන තියෙන පුංචි හෝ පැහැදීම නැති වෙනවාට තිබුණු බය නිසා

කොල්ලාට දැනෙනවා ජන්කූක් බලාගෙන ඉන්නේ කියලා හැබැයි ටේහ්‍යුන් නම් ජන්කූක්ව සතපහකට තියා තඹ සතේකටවත් මායිම් කරේ නැ උදේ ඉදලා ජන්කූක් කොච්චර කොල්ලා එක්ක කතා කරන්න ට්‍රයි කරත් ටේහ්‍යුන් ඒ හැම අවස්ථාවකම අතිසාර්ථක ලෙස ජන්කූක්ව මගහැරියා ටේහ්‍යුන් මේවා කරලා ලබන්නේ වෙනමම කුරිරු සතුටක් හැබැයි තාම මේ පටන් ගත්තා විතරයි ඉදිරියට ජන්කූක්ට තවත් සහන බලාපොරොත්තු වෙන්න පුලුවන්

To be continue.................♡︎

ජන්කූක්ට ලැබෙන සහන දැනගන්න කතාව එක්ක රැදිලා ඉන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top