29 • 𝙵𝚒𝚕𝚖 •
අද ජේජු වල ගෙවෙන තුන්වැනි දවස හිතුවට වඩා ජේජු කියන්නේ ඇත්තටම ගොඩක් ලස්සන දූපතක් ඒ ලස්සන විදින්න එක පාරක් හරි ජේජු එන්නම ඕන ජේජු දූපතේ හැමතැනම ඇවිද්දා හැමෝම සතුටින් හිටියේ විශේෂයෙන් යුංගි ජිමින් දෙන්නා මේ ගමනින් සිද්ධ වුනු ලොකුම දේ තමයි යුන්මින් ඩබල තවත් ලං වුනු එක දැන් ජිමින්ට මම කියලා ජීවියෙක් ඉන්නවා ද කියලා මතක නැ ඔහොම තමයි ඉතින් යාලුවට මොකෙක් හරි සෙට් වුනාම කලින් හැම කෙසෙල් ඇවරියකට හිටපු මිත්රයා කියන ජීවියා අමතක වෙනවා තනිකඩ අපි මොනා කරන්න ද..? උන්ට ලව් කරන්න ඉඩ දීලා ගහක කොලවත් ගනන් කරනවා
ඒත් එක්කම හෙනයක් ගැහුවා වගේ මතක් වුනේ ජන්කූක් ඊයේ කියපු දේවල් ම්ම්ම් මගේ ඔම්මා නිසා එයාලගේ පවුල ඈත් වෙලා මේ දේවල් නිසා වෙන්න ඕන ජන්කූක් මෙච්චර නපුරු දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක් වෙලා තියෙන්නේ අප්පා කරන වැරදි දේවල් දකිද්දී පුතා හරියට හැදෙයි කියන්න බැ ඒත් ඇයි මිස්ටර් ජියොන්ට හේවොන් ඔම්මා ගැන බැරි නම් ජන්කූක් ගැනවත් හිතන්න හේවොන් ඔම්මා මේ දේවල් දැනගෙන කොහොම ඉවසගෙන ඉන්නවා ද දන්නේ නැ
මට මේ ගැන ඔම්මා එක්ක කතා කරන්න පුලුවන් නම්..? ඔම්මා මම කියන දේ අහයි කියලා හිතන්න බැ තමන්ගේ දරුවා කුනු ගොඩක් වගේ පැත්තකට විසි කරපු කෙනා දැන් මම කියන දෙයක් අහයි කියලා හිතන්න බැ ඔම්මා එක්ක කතා කරනවාට වඩා ජන්කූක්ව ශක්තිමත් කරන එක මේ වෙලාවේ කරන්න ඕන හේවොන් ඔම්මාට කියලා ඉන්නේ ජන්කූක් විතරයි එයත් පිස්සු කෙලලා විනාස වුනොත් හේවොන් ඔම්මා තනි වෙනවා ඒ නිසා හොදම දේ ජන්කූක් එක්ක කතා කරලා පුලුවන් විදියට එයාට උදව් කරන එක කොහොමත් ඊයේ මගෙන් උදව් ඉල්ලුවා නේ පුදුමයි ලොකුකම පැත්තකින් තියලා එහෙම දෙයක් ඇහුව එකත්
ඊයේ ගැන කිව්වාම මතක් වුනේ ජන්කූක් අන්තිමට කිව්ව වචන කිහිපය ඒ වචන තාමත් මගේ කන් වල දෝංකාර දෙනවා වගේ
පලවෙනි ඩේට් එක...!
ඒකත් ජන්කූක් එක්ක..!
අහ්හ්හ්හ්හ් කිම් ටේහ්යුන් දැන් නම් තවුසෙට හොදටම පිස්සු එයා මොනාද ඒ කිව්වේ නිකන් කටට ආවාට කිව්වද කියලා කවුද දන්නේ ඒත් එහෙම දෙයක් කියනවාද..? ජන්කූක් අන්තිමට මගේ දිහා බලලා දාපු හිනාවට නම් මගේ හාට්ටුව සසල වෙලා ගියා මේ කුක්කා නම් තනිකරම පිස්සුවක්
" ටේ...."
ජිමින් මගේ නම කියලා කතා කරනකොට මම එයා දිහා බැලුවා දැන් මේ කස්ටිය ලෑස්ති වෙන්නේ ෆිල්ම් එකක් බලන්න හැමෝම living room එකට එකතු වෙලා ලස්සන film එකක් හොයනවා
" මෙතනට එන්න.."
ජිමින් එයාගේ එහා පැත්තට තට්ටුවක් දාලා කතා කරනකොට මම එහා පැත්තේ ඉන්න යුංගි දිහා බැලුවා උන් දෙන්නා වෙලිලා ලව් කරද්දී මම පොලොව බදාගෙන ලව් කරන්න ද..? අනික මෙච්චර දවසක් මම කියලා එකෙක් ඉන්නවා ද කියලා ගානක් නොතිබුනු පාත්තයා දැන් ලගට කතා කලාම යන්න මම මොකා කියලා හිතුවා ද දන්නේ නැ
" අනියා.. ජිමින් මෙතන හොදයි.."
මම හිනා වෙලා කිව්වාම යුංගි මගේ දිහා බලලා හිනා වුනා හැබැයි මගේ උත්තරේ එක්ක ජිමින්ගේ මූන වෙනස් වුනා අන්තිමේ දී ෆිල්ම් එකක් තෝරගෙන බලන්න පටන් ගන්නකොට කොහෙන් ද ආපු ජන්කූක් මගේ ලගින් වාඩිවුනා මම එයා දිහා බලලා ඉස්සරහ බලාගත්තා ඉස්සරහම බිම ඉදගෙන යූන්මින් දෙන්නා කොනක හිටියා නිනී පොප්කෝන් බෝල් එකක් තියාගෙන එහා කොනේ ඉන්නේ යූන්මින් ඩබල දිහා බලාගෙන පොප්කෝන් අනුභව කරනවා මම නිනීගේ එහා පැත්තේ වාඩිවෙලා හිටියා අප්පායි පපායි හේවොන් ඔම්මායි සෝෆා එකේ වාඩිවෙලා හිටියා
ෆිල්ම් එක පටන් ගනිද්දී හැමෝගෙම අවදානය ෆිල්ම් එකට ලැබුනා හැබැයි හැමෝගෙම කියන්න බැ ජන්කූක්ගේ ඇස් නම් මගේ ලග නතර වෙලා තියෙනවා මට ඇස් කොනින් පේනවා මේ කුක්කාට මොකක් වෙලා ද යකොව් ජීවිතේ ආහාරයක් නොලබපු සෝමාලියන් හිගන්නෙක් වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ... කුක්කෙක් හින්දා අන්තිමේ දී මට පිස්සු හැදිලා නවතියි වගේ
ෆිල්ම් එකේ පලවෙනි රොමෑන්ටික් සීන් එක පටන් ගනිද්දී මගේ අතකින් ජන්කූක් අල්ලගත්තා ජන්කූක් මගේ අත අල්ලාගෙන මහපටගිල්ලෙන් හිමින් අත පිරිමදිනවා මම ජන්කූක් දිහා බලද්දී එයා ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්නවා අනේ මන්දා මේ කුක්කා නම් මොනා කරනවාද කියලා මම ජන්කූක්ට ඕන දෙයක් කරගන්න කියලා ෆිල්ම් එකට අවදානය දුන්නා ජන්කූක්ගේ අත් වලට මැදි වෙලා තියෙන මගේ අතට එයාගේ අතේ සීතල හොදටම දැනුනා ජන්කූක්ගේ අත් මගේ අත් වලට වඩා ටිකක් ලොකුයි
මද වෙලාවක් ගත වුනේ ජන්කූක් මගේ අතක් තියාගෙන විකාර වැඩ කරමින් ඉදිද්දී එයා ෆිල්ම් එකට පොඩි හෝ අවදානයක් නොදුන්නු තරම් ජන්කූක්ගේ මේ වගේ කියුට් වැඩ දකිද්දී නම් තවත් ආදරේ හිතෙනවා මේ දේවල් මෙහෙම නොවුනා නම් ඔයා හරි අහිංසක කොල්ලෙක් වෙන්න තිබුනා ඒත් එක්කම මගේ කන් පෙත්තට දැනුනේ උනුසුම් සුසුමක් ඒ කාගෙද කියන්න දන්න නිසා මම වෙනසක් නොපෙන්වා හිටියා මෙයාට මොනා වෙලා ද
" මට කම්මැලියි..."
ජන්කූක් මගේ කන් පෙති වල එයාගේ තොල් ගෑවී නොගෑවී කතා කරද්දී මගේ මුලු ඇගම හිරිවැටිලා ගියා වගේ ඒක වෙනස්ම හැගීමක් ජන්කූක් එහෙම කියද්දී ඉතින් මට නටන්න ද කියන්නේ කියලා අහන්න කට නැලියුවත් කට වහගෙන හිටියේ කේන්ති ගියාම දැන් ඉන්න අහිංසක කියුට් හා කොල්ලා යකෙක්ට වඩා අන්ත වෙන නිසා මම ජන්කූක්ට උත්තරයක් නොදී ෆිල්ම් එකට අවදානය දුන්නා
විනාඩි කිහිපයක් ගත වෙනකොට මට දැනුනේ සීතල යමක් ටී ෂර්ට් එක යටින් මගේ ඉන හරියේ ගමන් කරනවා මම ඒත් එක්කම බැලුවේ ජන්කූක් දිහා ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක මගේ දිහා බලාගෙන ඉන්නවා අයිෂ්... මේ යකාට කම්මැලියි නම් ගිහින් නිදාගනින්කෝ මට වද දෙන්නේ..?
" ජන්කූක්..."
මම එයාගේ අතින් අල්ලගෙන කතා කලා මම එහෙම්ම බැලුවේ මගේ එහා පැත්තේ ඉන්න නිනී දිහා කෙල්ලට නම් හොදටම නින්ද ගිහින් පපායි අප්පායි ඔම්මායි ෆිල්ම් එකට සමවැදිලා වගේ නිසා අපිට අවදානයක් නැ අවසාන වශයෙන් යූන්මින් ඩබල ඒ දෙන්නාටත් වටේ සිද්ධ වෙන දේවල් ගැන ගානක් නැ පෙම් සුව විදිනවා ඒ අතරේ අහිංසක මම යක්ෂ හාවෙක්ට අහුවෙලා මම පව් ජෙයියනේ
" ජන්කූක් මෙතන විකාර කරන්න එපා "
මම තදින් කිව්වේ ජන්කූක්ගේ හැටි මේ ටික කාලෙට මම හොදටම තේරුම් ගත්ත නිසා ඒත් එක්කම ජන්කූක් මගේ මූනට පහත් වෙද්දී මම ඔලුවෙන් පස්සට ගියා
" ඉක්මනට රූම් එකට එන්න.."
ජන්කූක් එහෙම කියලා නැගිටලා ගියාම මම ඇස් ලොකු කරගෙන එයා යන දිහා බලාගෙන හිටියා ඒ මොකටද රූම් එකට එන්න කියන්නේ දැන් යනවද නැද්ද නොගියොත් ඔය යක්ෂ කුක්කා මාව BBQ දාලා රාත්රි ආහාර වේලට ගනියි හැබැයි අපරාදේ ෆිල්ම් එක ඉහික් ඉහික්
මම පපා දිහාත් බලලා සේප් එකේ නැගිටලා ගියා මම රූම් එකට යනකොට ජන්කූක් පේන්න හිටියේ නැ මේකා මට එන්න කියලා කොහෙට ද අන්තරස්දාන වුනේ මම එහෙම හිතන ගමන් රූම් එක පුරා ඇස් යවනකොට බැල්කනියේ පැත්තේ මනුස්සයෙක්ගේ හෙවනැල්ලක් වගේ දැක්කා හත්තිකේ බ්ලැක් කුමාරයා ද මම අහිංසකයි ජෙයියනේ බ්ලැක් කුමාරයාට තියා වයිට් කුමාරයාටවත් මම කිසිම වරදක් කරලා නැ ඇයි ජෙයියෝ මගෙන්ම මෙහෙම ආතල් ගන්නේ ඉහික්
මෙහෙම බය වෙලා හරි යන්නේ ටේහ්යුන්.. වයිට් කුමාරයා නෙවෙයි මොකා හිටියත් පුරුස ශක්තිය අරගෙන මල් වාස් එකත් අරගෙන සටනට යමු ගනු මල් වාස් එක යමු සටනට බුහ්හ්හා කබඩ් එක උඩ තිබුණු මල් වාස් එකේ මල් ටික පැත්තකට විසි කරපු මම මල් වාස් එක කඩුව කොපුවෙන් එලියට ගත්තා වගේ ඇදලා ගත්තා දැන් ඉතින් බ්ලැක් ප්රින්ස් සන් සින් සුන් වෙලා යන්න දෙන්නේ
සද්දයක් එන්නේ නැති වෙන්න ටොම් ඇන්ඩ් ජෙරි එකේ ටොම්ගේ ගමනින් බැල්කනිය කරා පියනැගුවා මගේ රේඩාර් පද්ධතියට තාම බ්ලැක් ප්රින්ස් සෙට් වුනේ නැති නිසා තවත් ඉස්සරහට ගියා ඔය ඉන්නේ බ්ලැක් ප්රින්ස් පොඩි දැකලා පුරුදු ගතියකුත් තියෙනවා සැක් ඕවා හිතන්න නෙවෙයි දැන් වෙලාව ලැබුනු අවස්ථාවෙන් කෙලින්න
" යාහ්හ්හ් ටේහ්යුන්.."
මම මල් වාස් එකෙන් ගහන්න උස්සනකොට බ්ලැක් ප්රින්ස් මගේ දිහාට හැරුනේ මගේ නම කියාගෙන හත්තිකේ මේ බ්ලැක් ප්රින්ස් නෙවෙයි ඩෙවිල් ප්රින්ස් තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් හා පෝතකයාගේ ඔලුව ලෙෆ්ට් තමයි
" තමුසෙට පිස්සු ද ටේහ්යුන් මොකද්ද මල් වාස් එකක් උස්සගෙන කරන්නේ "
ජන්කූක් මගේ දිහා බලාගෙන අහනකොට මම අත පහත දැම්මා
" තමුසේ මල් වාස් එක ඉස්සුවේ මට ගහන්න ද..?"
ජන්කූක් ඇහිබමක් උස්සගෙන අහද්දී මම නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ඉතින් මම ඇත්ත නේ කිව්වේ ජන්කූක්ට නෙවෙයි ගහන්න හැදුවේ හැබැයි මුගේ අලි ඔලුව බස්සන්නත් එක්ක කෙලින්න තිබ්බේ මල් වාස් එක කුඩු වෙන්න
" එහෙනම් තමුසේ මල් වාස් එක්ක උස්සගෙන නටන වන්නම මොකද්ද "
" flower vase වන්නම.."
" මොකද්ද තමුසේ කිව්වේ "
ජන්කූක් අහනකොට මම මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" තමුසේ ගොලු ද කතා කරන්න බැරි කටේ රාමෙන් ද..?"
" අනි..."
රාමෙන් නෙවෙයි ගංජා..! මම කියන්නේ නැ ඔය හා පෝතකයාට ඔය දගලන්නේ වැරදි කෙනෙක්ගේ කටක් අවුස්සගන්න මම හරියට කතා කරන්න පටන් ගත්තොත් තොට මගේ කට වහන්න සක්රයා හම්බවෙන්න යන්න වෙනවා ඒ ගමන මුකුත් නොකියා මගේ අතින් ඇදගෙන රූම් එකට ගිහින් ඇදෙන් වාඩිකලා මේකා මොකද්ද කරන්න හදන්නේ මූ වෙස් මාරු කරන්නේ ශිවන්යාට වඩා වේගෙන් නේ ඊට පස්සේ මේකා මෙන්න මගේ උකුලෙන් ඔලුව තියාගත්තා මම ඇස් දෙක ලොකු කරගෙන මගේ උකුලේ ඔලුව තියාගෙන ඉන්න ජන්කූක් දිහා බැලුවා
" මට නිදිමතයි ඕයි ඔලුව අතගානවා "
ඇස් පියාගෙන කියද්දී මමත් මුකුත් නොකියා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ජන්කූක්ගේ ඔලුව අතගෑවා දැන් දැන් මේ හා පෝතකයා මට ලං වෙනවා වැඩියි මොනා හිතේ තියාගෙන ඉන්නවා ද් දන්නේ නැ ජන්කූක්ගේ මේ වැඩ වලින් වෙන්නේ මම තවත් ජන්කූක්ට ඇබ්බැහි වෙන එක විතරයි ඔයාගේ හිතේ මොනාද තියෙන්නේ ජන්කූක් මට ඒවා දැනගන්න ඕන ඇයි මට හොදින් සලකන්නේ මම අනාතයෙක් නොවෙන නිසා ද මගේ ප්රශ්න වලට මට උත්තර ඕන ජන්කූක්
එකපාරට ජන්කූක් මගේ බඩේ මූන ඇතිල්ලුවේ මගේ මුලු ඇගම හිරිවට්ටමින් මගේ අතකුත් අල්ලාගෙන තවත් මට තුරුල් වුනා මෙහෙම ඉදිද්දී නම් පුංචි හා පැටියෙක් වගේ කියුට් ආදරේ හිතෙනවා ජන්කූක්ගේ පිටට හිමින් තට්ටු දාන ගමන් මම හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තේ ඇස් වලට දැනුනු බර ගතිය නිසා
To be continue.................♡︎
Happy Childrens' Day
අද වගේ දවසක අහිංසක සූති ඕතර්ගේ සිත ඌවා කරන්නේ නැතුව කමෙන්ට් එකක් දාගෙන යන්නකූ හූම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top