28 • 𝙵𝚒𝚛𝚜𝚝 𝙳𝚊𝚝𝚎? •

අද ජේජු වල ගෙවෙන දෙවැනි දවස මම වෙනදා පුරුද්දට නැගිට්ටින්න හැදුවත් ඒක කරන්න බැරී වුනේ මාව අඬුව්කට අහුවෙලා වගේ නිසා හැරෙන්නවත් විදියක් නැ ඒත් එක්කම මගේ බෙල්ලට උනුසුම් හුස්මක් වදිද්දී මගේ මුලු ඇගම හිරිවැටිලා ගියා වගේ එයාගේ සිනිදු කොන්ඩේ මගේ කම්බුල් වල ගෑවෙද්දි කිතියි මම ටිකක් ඇබරුනේ ඒ අත් ටිකක් හරි ලිහිල් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඒත් වුනේ තවත් ඒ අත් තද වුනු එක විතරයි මගේ හාට්ටුව එකසිය ගානට ගැහෙනවා මේ මනුස්සයා හින්දා මෙච්චර වේගෙන් හාට්ටුව ගැහිලා ලය පැලිලා මිය යන්නේ

" ම්ම්ම්හ්.."

පුංචි කෙදිරිල්ලක් එක්ක එයා තව ටිකක් මට තුරුල් වුනා එයා පුංචි බබෙක් වගේ ඔහොම මගේ ලග හැසිරෙද්දී තවත් ආදරේ හිතෙනවා ජන්කූක් මගේ හිත මටම හීලෑ නැ මට බය ඔයා ඉස්සරහ පාලනය නැති හැගීම් එලියට එයි ද කියලා

ඔව් ජන්කූක් ඊයෙත් මගේ රූම් එකට කඩාගෙන වැටුනේ නින්ද යන්නේ නැ කියාගෙන එහෙම කියපු යකා ඇවිත් මාව බදාගෙන විනාඩි පහක් යන්න කලින් ඔටුවෙක් වගේ නිදි අපරාදේ මේකාට රූම් එකක් දීලා තියෙන්නේ

මම ජන්කූක් ගැන එක එක විකාර හිත හිත ඉදිද්දී මතක් වුනේ එයා ඊයේ බීච් එකේ දී කියපු දේ ඒක මතක් වෙද්දී මට යාන්තම් හිනාවක් ගියා ඒ කියන්නේ එයාගේ සැනසීමට මමත් හේතුවක් වුනා ම්ම්ම්... ඒත් ඇයි එහෙම දෙයක් කිව්වේ..? ඊට පස්සේ එනකම් මාත් එක්ක වචනයක්වත් කතා කලේ නැ මම කියලා කෙනෙක් ඉන්නවා ද නැද්ද කියලා ගානක් නැතුව යුංගි එක්ක ලොකු කතාවක හිටියේ හැබැයි රෑට නම් මොකාද වගේ මගේ ලගට ඇවිත් තුරුල් වුනා මොන වගේ පිස්සෙක් ද මන්දා

ටිකකින් මට දැනුනා ජන්කූක්ගේ අත් ලිහිල් වෙනවා ජන්කූක් ඇහැරෙන්න හදන්නේ කියලා තේරුනු මම ඉක්මනට ඇස් පියාගෙන නිදි වගේ හිටියා මද වේලාව්ක් ගත වුනා මොකද මූ නැගිට්ටා නම් යන්නේ නැත්තේ මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මට දැනෙනවා ටෙයියෝ ඇස් නම් අරින්න එපා බුදු පුතේ ඕනතරම් වෙලාවක් මගේ සුන්දර අහිංසක මූන දිහා බලාගෙන ඉදලා යන්නේ නැතැ එහෙමයි කියලා මට පැය ගානක් මෙහෙම බොරුවට නිදි වගේ ඉන්න බැ

ඒත් එක්කම මගේ කම්බුලට දැනුනේ මොනාහරි සීතල දෙයක් හරියට තොල් දෙකක් වගේ මොකාක්...! මූ මාව කිස් කලා ද..? ඒකත් කම්බුල මේකාට හැදුනු ලෙඩේ මොකද්ද අයිෂ්...!මේ සුනඛ සෝරස් ගැන හිතලා මට පිස්සු හැදෙන්නේ මිස්ටර් සක්‍රයා තෝත් මේවාට වග කියන්න ඕන හිටුකෝ මම ඔහෙට ආවාම සක්‍රයාගේ අමෘත පානයට විරේක පෙති දාලා දෙන්නේ

මම සක්‍රයාගේ අමෘත පානයට විරේක පෙති දාන්න කල්පනා කරන අතරේ ජන්කූක් මගෙන් ඈත් වෙලා බ්ලැන්කට් එකත් පෙරෙව්වා කවදාවත් නැති සත්ත්ව කරුනාවක් මොකද අද මූ කාපූ දේක අවුලක් ද නැත්නම් දේශගුනය වෙනස් වුනු නිසා ද මගේ ඔලුවත් අතගානවා දැනෙනවා මොනා වුනත් එයා ඔලුව අතගානකොට හරි සනීපයි ටිකකින් දොර වැහෙන සද්දය එක්ක මම එක ඇහැක් ඇරලා බැලුවා ජන් කුක්කා මාව කාලා ගිහින්

උදේ අටත් පහුවෙලා තියෙන බව දැක්ක මම ඉක්මනට වොෂ් රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන පහලට යනකොට ඔක්කොම වට මේස සාකච්ඡාවක් දාගෙන ඉන්නවා සුනඛ සෝරස් නම් පේන්න හිටියේ නැ

" ටේ බෙයාර් ගුඩ් මෝනින්.."

මාව දැකපු හේවොන් ඔම්මා කිව්වා ජන්කූක්ගේ ඔම්මාත් මට කතා කලේ ටේ බෙයාර් කියලා හේවොන් ඔම්මාගේ ගතිගුණ වලින් 0.0000000057288123 වත් ජන්කූක්ට පිහිටලා නැ

" ගුඩ් මෝනින් ඔම්මා..!"

මම අහිංසක හිනාවක් එක්ක ඔම්මාට කිව්වා ඒත් එක්කම කොහෙන්ද ආපු සුනඛ සෝරස් හේවොන් ඔම්මා බදාගෙන කම්බුලට කිස් එකකුත් දීලා ගුඩ් මෝනින් කිව්වා මූ ඔම්මා එක්ක හුරතල් වෙන්නේ නර්සරි යන බබෙක් වගේ නේ

" ගයිස්... අපි අද මොකද කරන්නේ...?"

යුංගි හැමෝගෙම අවධානය ගන්න ගමන් ඇහුවා

" මොනා කරන්නත් කලින් කට්ටිය කාලා හිටියොත් නරක ද..?"

පපා හැන්දකුත් උස්සගෙන ඇවිත් living room එකේ හිටපු ජනයා අමතමින් කිව්වා

" උදේම ඇහුනු සුන්දරම වදන් පෙල මම් ගියා.."

නිනී එහෙම කියාගෙන ගියා

" කට්ටිය දැන්ම නොගියොත් කන්න වෙන්නේ තියෙන භාජන ටික තමයි "

යුංගි එහෙම කිව්වාම හැමෝම හිනා වුනා නිනීට ඕක ඇහුනා නම් තුන්වැනි ලෝක යුද්ධය ප්‍රකාශ කරලා තමයි නවතින්නේ හැමෝම dinning room එකට ගිහින් කන්න පටන් ගත්තා අපි දැන් ඔක්කොම එක පවුලක් වගේ

උදෑසන ආහාර වේලෙන් පස්සේ කට්ටිය ශොපින් කරන්න යන්න ලෑස්ති වුනේ මේ ගමන මතක හිටින්න මොනාහරි ගන්න ඕන කියලා ඉතින් කස්ටිය ශොපින් මෝල් එක පුරා ඇවිදින ගමන් එයාලට ඕන දේවල් ගනිද්දී මම පැත්තකට වෙලා හිටියා ඒ වෙලාවේ මගේ ලගට ආපු ජන්කූක් මගේ අතින් අල්ලගත්තා

" යමු.."

" කොහෙද..?"

" ප්‍රශ්න අහන්නේ නැතුව එනවා.."

කේන්තියෙන් කිව්ව ජන්කූක් මගේ අතින් ඇදගෙන ශොපින් මෝල් එකෙන් එලියට ආවා මේ සුනඛ සෝරස්ට මොන යකා වැහිලා ද මාව ඇදගෙන යන්නේ මූ මාව මරන්නවත් එක්කගෙන යනවා හනේ ජෙයියනේ මට දැන්ම මැරෙන්න බැ තාම තනිකඩ අහිංසක ජීවිතයක් මෙහෙම අකාලයේ ඝාතනය කරනකම් ඔබතුමා කොහොමද බලාගෙන ඉන්නේ ඔබතුමාගේ පශ්චාත් භාගය පිච්චෙන්නේ නැද්ද..?

මම එහෙම හිතන ගමන් ජන්කූක්ගේ පස්සෙන් ඇදිලා ගියා මේකා පුදුම නපුරෙක් හැබැයි එයාට කේන්ති ගියාමත් හෙන හැන්සම් මගේ සූති සිත මෙව්වා වෙනවා නේ ඉතින් ජන්කූක් මාවත් ඇදගෙන ගිහින් නැවතුනේ බයික් එකක් ලග මම බයික් එක දිහාත් බලලා ජන්කූක් දිහා බැලුවා

" කොහෙන් ද බයික් එකක්..?"

මගේ හිතේ බුර බුරා නැගුව පුරස්සනය මම ජන්කූක්ට ඉදිරිපත් කලා මෙන්න යකෝ මේ කුක්කා මට රවනවා මොන වෙඩිමක් ද යකෝ මම රවන්න තරම් පුරස්සනයක් ඇහුවා ද ආලය පසෙකින් තබා දෙන්න හිතයි මුගේ මූන අලයක් වෙන්න

" තමුසෙට ඒක අදාළ නැ නගිනවා.."

ජන්කූක් එහෙම කියලා හෙල්මට් එක දාගෙන බයික් එකට නැගලා මටත් හෙල්මට් එකක් දික් කලා යකෝ මුගේ ගෑස්... අපරාදේ ගෑස් වලට වියදම් කරන ගාන මම මුකුත් නොකියා හෙල්මට් එක අරගත්තා නිකන් නිදාගෙන ඉන්න යක්කු අවුස්සගෙන කෑවෝ කෑවෝ කියලා කෑගහන්න ඕන නැ

මම බයික් එකට නැග්ගලා කොහෙන්ද අල්ලගන්නේ කියලා කල්පනා කලා මූව අල්ලන්නත් බැ එක්කෝ ඔන්න ඔහේ යමන් මම බයික් එකට නැග්ග ගමන් ජන්කූක් බයික් එක රේස් කරලා යන්න පටන් ගත්තා මූ යනවා නෙවෙයි විදිනවා එහෙම ටික දුරක් ගිහින් එකපාරට බ්‍රේක් ගැහුවාම කෙලින්ම ඇවිත් මම නැවතුනේ ජන්කූක්ගේ පිටේ ජන්කූක්ගේ ඉන වටේ මගේ අත් ඉබේම එතුනා ජන්කූක්ගේ පිටට මම ඔලුව තියාගත්තා මම ඇස් තද කරලා පියාගෙන හිටියා

ආපහු ජන්කූක් බයික් එක ස්ටාර්ට් කරලා යන්න පටන් ගත්තා අද නම් ටෙයියෝ උබේ ජීවිතේට තිත තියන්න වෙයි කියලා නම් දැන් නම් හොදටම ශුවර් පොඩ්ඩක් හිමින් ගියා නම් යැවෙන්නේ නැද්ද මම අහන්නේ

" ජන්කූක්...හිමින් යන්.."

මම කිව්වාම මේ මිනිහා කලින්ට වඩා වේගෙන් යන්න පටන් ගත්තේ මරන බිය කියන දේ සෛල පටක අවයව ඔක්කොටම දැනෙද්දී මේකාට මම කියන දේ විරුද්ධ පදය ද යකෝ ඇහෙන්නේ හනේ පපා ඔයාගේ බෙයාර් අකාලයේ මහ පාර මැද ලයිට් කනුවක හැප්පිලා අවසන් ගමන් යන්න හදන්නේ

" හිමින් යමන් මිනිහෝ.. මට මැරෙන්න බැ "

මම කෑගහලා කිව්වාම ජන්කූක් එකපාරට බයික් එක නැවැත්තුවා හම්මේ දැන් තමයි හුස්මක් වැටෙන්නේ ටේහ්‍යුන් උබ තාම පනපිටින් ඉන්නවා

" බහිනවා.."

ජන්කූක් මගේ පැත්තට බෙල්ල හරවන ගමන් කිව්වාම මම බයික් එකෙන් බැස්සා පුදුම ලොකුකමක් නේ තියෙන්නේ පොඩ්ඩක් හොදින් කතා කලාම පැත්තක් යනවා ද මම බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවලා ජන්කූක්ට දුන්නා කට කොනින් හිනා වුනු ජන්කූක් හෙල්මට් එක බයික් එක මතින් තිබ්බා ඔය කට කොනින් දාන හිනාව තමයි මට පෙන්නන්න බැරි හැබැයි එයා එහෙම හිනා වෙද්දී අමුතු ලස්සනකුත් නැතුවාම නෙවෙයි

" යමන්.."

ජන්කූක් එහෙම කියලා මගේ අතින් අල්ලාගෙන ඇවිදගෙන ගියා ඒක පාක් එකක් හැබැයි කවුරුවත් පේන්න හිටියේ නැ වසන්ත කාලය නිසා cherry blossom මල් වලින් ගස් පිරිලා තිබුනා රෝස පැහැති මල් පෙති බිම හැමතැනම වැටිලා කියලා නිම කරන්න බැරි ලස්සනක් තිබුනේ cherry blossom ගස් යට බෙන්ච් හදලා තිබුනේ ගලාගෙන යන ගගට මුහුන ලා ගග දිගේ හමාගෙන එන සීතල සුලං රැලි හේතුවෙන් චෙරි මල් පෙති විසිරිලා යනවා ඒක බලාගෙන ඉන්න තරම් ලස්සන දර්ශනයක්...!

" මෙතන හරි ලස්සනයි.."

මටත් නොදැනීම මගේ මුවින් පිට වුනේ ඒ වචන කිහිපය

" ම්ම්ම්.. ඒත් තමුසේ තරම් නැ "

මගේ ලගින් ගැඹුරු හඩකින් එහෙම ඇහෙද්දී මම ඇස් ලොකු මගේ එහා පැත්තේ ඉන්න ජන්කූක් දිහා බැලුවේ මට ඇහුනු දේ විශ්වාස නැති නිසා ඇත්තටම මේ කුක්කාට හැදුනු අසනීපය මොකද්ද කියලා හිතාගන්න බැරුව මම අසරණ වෙලා ඉන්නේ

" මොකද කන්න වගේ බලාගෙන ඉන්නේ..?"

ජන්කූක් ඇහිබමක් උස්සගෙන එහෙම ඇහුවාම මම මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා මේ කුක්කා පාට මාරු කරන්නේ කටුස්සොන්ටත් වඩා වේගෙන් ජන්කූක් ගිහින් එතැන තිබුණු බෙන්ච් එකකින් වාඩිවුනේ ඉදිරියේ තියෙන ගග දිහා බලාගෙන  මමත් ගිහින් ඒ බෙන්ච් එකෙන් වාඩිවුනා හැබැයි ජන්කූක්ගේ ලගින් නෙවෙයි එයා බෙන්ච් එකේ එහා කොනේ ඉදිද්දී මම බෙන්ච් එකේ මෙහා කොනේ හිටියා අපි දෙන්නාගෙන් කවුරුවත් කතා කලේ නැ ඒ නිහඩ බව මට ලොකු අපහසුතාවයක් වුනත් කතා කරන්නේ මොනාද කියලා හිතාගන්න බැ ජන්කූක් නිහඩවම ගලන ගග දිහා බලාගෙන හිටියා

" මට හරි මහන්සියි ටේහ්‍යුන්...!"

විනාඩි කිහිපයකට පස්සේ ජන්කූක් කතා කරද්දී මම එයා දිහා බැලුවා ජන්කූක් දිගටම ගග දිහා බලාගෙන හිටියා ඒ ඇස් වල මොකද්දෝ ලොකු දුකක් කලකිරීමක් සැගවිලා තියෙනවා කියලා මට තේරුනා ඒත් ඇයි එයා දුක් වෙන්නේ..?

" මගේ අප්පාට එයාගේ සෙකට්‍රි එක්ක සම්බන්ධයක් තියෙනවා.."

ජන්කූක් කිව්වාම මගේ ඇස් පුදුමෙන් ලොකු වුනා ජන්කූක්ගේ අප්පාගේ සෙකට්‍රි කිව්වේ මගේ ඔම්මා ද..? දෙවියනේ මට මොනාද අහන්න ලැබෙන්නේ එතකොට හේවොන් ඔම්මා..? එයා කොයිතරම් අහිංසක ද..? ඒ හිතට කොහොමද එච්චර දුකක් දෙන්නේ අනික මිස්ටර් ජියොන්ට ලොකු පුතෙක් ඉදිද්දී මෙහෙම දෙයක්.. මට විශ්වාස කරන්න බැ

" විශ්වාස කරන්න බැ නේද..?"

මගේ දිහා බලන් අහද්දී මම කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ජන්කූක් හිනා වුනා ඒක වෙන්දාට ඇදෙන කට කොනින් හිනාව නෙවෙයි දුක්බර හිනාවක් ඒ හිනාව දකිද්දී මගේ පපුවේ පැත්තක් රිදුම් දීගෙන ආවා

" ම්ම්ම්.. කවුරුවත් මාව විශ්වාස කරන එකක් නැ ඒත් උසට නැගුනු තාප්ප වලට මැදි වුනු විශාල mansion එක ඇතුලේ සිද්ධ වෙන දේවල් දන්නේ මමයි ඔම්මායි ගෙදර වැඩට ඉන්න අයයි විතරයි ඒවා පිටට යන්න අප්පා ඉඩ දෙන්නේ නැ "

ජන්කූක් කලකිරීමකින් කතා කරන්නේ.. දෙවියනේ මිස්ටර් ජියොන් කොහොමද එහෙම කරන්නේ...? එයාගේ වයිෆ් ගෙදර තියාගෙන වෙන ගෑනු කෙනෙක් එක්ක එහෙම හැසිරෙන්නේ කොහොමද..? අනික මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා නේද කියලා මිස්ටර් ජියොන්ට හිතන්න බැරී ද..? ජන්කූක්ට කතා කරන්න ඉඩ දීලා මම නිහඩවම කල්පනා කලා

" ටේහ්‍යුන්ට මතක ද අපේ mansion එකට ආපු වෙලාවේ ඔයාව වොෂ් රූම් එක්කගෙන යන්න කියලා ජින් සු කියලා කෙනෙක්ට කිව්වා ඒ තමයි අප්පාගේ සෙකට්‍රි නැත්නම් අප්පාගේ හොර ගෑනි "

ජන්කූක් එහෙම කියද්දී එයාගේ අත මිට මෙලවුනා එයාට තරහ ගිහින්...! එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන හැබැයි ඒ වචන එක්ක මටත් දුකක් දැනුනා ඔම්මා කොහොමද එහෙම කරන්නේ..? එයා මාවත් දාලා ආවේ මේකට ද..? හොදට තියෙන ලස්සන පවුලක් විනාස කරලා ඔම්මා මොනාද බලාපොරොත්තු වෙන්නේ..? මගේ හිතට ප්‍රශ්න ගොඩක් ගලාගෙන එද්දී මටත් නොදැනීම මගේ ඇස් කදුලින් තෙත් වුනා මගේ ඔම්මා නිසා ජන්කූක්ගේ පවුල සී සී කඩ විසිරෙන්න යන්නේ මගේ ඇස් වල තියෙන කදුලු ජන්කූක්ගෙන් හංගන්න වුවමනාවට මම බිම බලාගත්තා

" මම අප්පාට අනන්තවත් කියලා ඇති මගේ අහිංසක ඔම්මාට ඔහොම කරන්න එපා කියලා එතකොට මට ලැබුනේ අප්පාගේ බෙල්ට් පාරවල් තමයි පිට තුවාල වෙලා ලේ එනකම් අප්පා ගහලා තියෙනවා තුවාල පිටින් මගේ රූම් එකට ගිහින් ඇදේ හාන්සි වුනාම ඔම්මා ඇවිත් අඩ අඩ මට බෙහෙත් දානවා මගේ ඔම්මා පව් ටේහ්‍යුන්...! එයා මෙහෙම දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි අප්පා කොහොම ඔම්මාට සැලකුවත් ඔම්මා අප්පාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙනත් ඔම්මා අදටත් අප්පාට එදා වගේම ආදරෙයි ඇයි ටේහ්‍යුන් අ..ප්..පාට.. ඔ..ම්..මාගේ ආ..ද.රේ නොදැන්නේ.. ඇයි අප්පාට බ්..බැ..රි.. ක්..ක..ල්..ලින්.. ව්..වගේ අපි.. තුන්..දෙනා..ට.. එකට ස..තු..ටින්.. ඉන්..න.."

ජන්කූක් කියවගෙන ගිහින් අන්තිම ටික කියද්දී ඒ හඩ වෙව්ලද්දී මම ඔලුව උස්සලා ජන්කූක් දිහා ඔලුව උස්සලා බැලුවා
ජන්කූක් අඩනවා..!
ඉකි ගසමින් හොදටම අඩනවා..!
ඒ ආඩම්බරකාර ඇස් වල කදුලු පිරිලා තියෙනවා දැක්කාම මගේ පපුව හිර වෙනවා වගේ දැනුනේ මම ජන්කූක්ට ලං වෙලා එයාගේ අතකින් අල්ලගත්තා

" මගේ.. ඔම්මා පව් ටේහ්‍යුන්...!"

ජන්කූක් කදුලු පිරුණු ඇස් වලින් මගේ දිහා බලාගෙන කියනකොට මම එයාව පපුවට තුරුල් කරගත්තා ජන්කූක් මාව බදාගෙන කෑගහලා ඇඩුවා කාලයේ එයාගේ හිතේ සැගවිලා තිබුනු දුක වේදනාව නිදහස් කරන්න ඉඩ දිලා මම ජන්කූක්ගේ ඔලුව අතගෑවා ඒක එයාට ටිකක් හරි සැනසීමක් වෙයි කියලා හිතුනු නිසා ජන්කූක්ගේ කදුලු වලින් මගේ ටී ෂර්ට් එක ටික ටික තෙත් වෙනවා මට දැනුනා

ස්කූල් එකේ නපුරු ආඩම්බරකාර මෙච්චර දෙයක් හිතේ හිර කරගෙන හිටියා කිව්වාම මට පුදුම හිතුනා හැබැයි ඒ නපුරාගේ කදුලු දකිද්දී මාව බදාගෙන අඩද්දී මටත් නොදැනීම කම්බුල් තෙත් කරගෙන කදුලු බිදු කඩාගෙන හැලුනා මම ආදරේ කරන කෙනා මෙහෙම අඩද්දී මම කොහොමද ඉවසන්නේ මමත් නිහඩව ඇඩුවා

තත්පර විනාඩි ගත වෙලා යද්දී පැයකට ආසන්න කාලයක් ජන්කූක් ඇඩුවා ජන්කූක්ගේ කදුලු වලින් මගේ ටී ශර්ට් එක සම්පූර්ණයෙන් වගේ තෙත් වෙලා තිබුනා ජන්කූක්ගේ හැඩුම් නැවතුනත් තාමත් මාව බදාගෙන හිටියා මාත් මුකුත් නොකියා කොල්ලාට ඉන්න දුන්නා පිටට කොච්චර නපුරු වුනත් ජන්කූක්ගේ හිත හරි අහිංසකයි කියන්න මට අද තේරුනා

" ඔයා ශක්තිමත් වෙන්න ජන්කූක්.. හේවොන් ඔම්මාට ඉන්නේ ඔයා විතරයි ඔයා පිස්සු වැඩ නොකර හොදට ඉගෙනගන්න ඊට පස්සේ ඔයාට පුලුවන් ඔම්මාව ඔයාගෙම තැනකට එක්කගෙන ගිහින් සතුටින් ඉන්න ඔම්මා ගැන හිතලා වැඩ කරන්න ජන්කූක් ඔයා තාම පරක්කු නැ "

මම ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා ජන්කූක් ඒත් එක්කම මගේ දිහා බැලුවා දෙවියනේ ඒ ඇස් යාන්තමට රතු වෙලා ඒ ඇස් වල තාමත් කදුලු පිරිලා තොල් පිට පෙරලගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා එයා එහෙම ඉදිද්දී හපලා හපලා එක කටට ගිලින්න හිතෙනවා

" තමුසේ මට උදව් කරනවා ද..?"

හරි නේ කියුට් බව සුනඛයාට ගියා කට ඇරපු ගමන් මට යාන්තම් හිනාවක් යද්දී ඔලුව වැනුවා ඒත් එක්කම එයා මගෙන් ඈත් වුනා

" තමුසේ ඇඩුවේ මොකද..?"

ජන්කූක් අහද්දී ඉක්මනට මම කදුලු පිහිදගත්තා

" මම ඇඩුවේ නැ "

මම අහක බලාගෙන කිව්වා ජන්කූක් දැන් අර කට කොනින් හිනාව ප්‍රදර්ශනය කරගෙන ඇති

" මට තමුසේ අනුකම්පා කරන්න එපා මම ඇඩුවා කියලා කාටවත් කියන්න එපා හැබැයි තමුසේ කියලා තිබුනොත්...."

ඔන්න ඉතින් සුපුරුදු ආඩම්බරකාර නපුරු ජන්කූක් එලියට ආවා

" ඔයා හිතුවා ද ජන්කූක් ඔයා ඇඩුවා කියලා තැන තැන කිය කියා යන්න මට වෙන වැඩ නැ කියලා "

මම ජන්කූක් දිහා බලාගෙන කිව්වා ජන්කූක් ඊට පස්සේ මුකුත් නොකියා නිහඩව හිටියා මට වෙලාවකට ජන්කූක් කියන චරිතය තේරුම් ගන්නම බැ

" තමුසේ මගේ ලගින් ඉන්නකොට මට පාලුවක් නැ තමුසේ ලගින් හැමදාම ඉන්න හිතෙනවා තමුසේ ලගදී මට හැමදේම අමතක වෙනවා ඔම්මාගෙන් පස්සේ සැනසීමක් දැනුනේ තමුසේ ලග විතරයි ටේහ්‍යුන් මම තමුසෙට ගොඩක් නරක විදියට සැලකුවා මම ඒක දන්නවා ඒත් තමුසෙව අතහරින්න බැ මම ඕන තරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියෙනවා ඒත් තමුසෙව තරම් වෙන එකෙක්ට මේ තරම් මෙතනට දැනුනේ නැ මම තමුසෙට ඇබ්බැහි වෙලා ටේහ්‍යුන්...!"

______________________________

නුබ ලග මගේ පාලු මැකේවි
මගේ අදුරට නුබ සද වේවී
නුබ වෙත මගේ රහස ඇසේවි
සද අද මගේ අහසේ දිලේවී...!

_______________________________

ජන්කූක් එයාගේ පපුවට අත තියලා මගේ දිහා කෙලින් බලාගෙන කියද්දී මට හුස්ම ගන්න පවා අමතක වුනා එයාගේ ඇස් දිහා බලාගෙන හිටපු මට ඒ ඇස් වල බොරුවක සලකුනක්වත් නැති බව තේරුනා ජන්කූක් කියපු හැම වචනයක්ම කිව්වේ හදවතින්ම..! අවංකවම...!

මම මුකුත් නොකියා වේගෙන් ගැහෙන හදවතත් එක්ක ජන්කූක් දිහා බලාගෙන ඉදිද්දී මගේ දිහාට අහිංසක හිනාවක් කිව්වාම මගේ හාට්ටුව පුපුරන්න වගේ මොනා දෙවියනේ වෙන්නේ මගේ අහිංසක හාට්ටුවට මෙව්වා දරාගන්න බැ එයාට මම අනිත් අයට වඩා විශේෂ කෙනෙක්...! මගේ මුලු හිතම පිරිලා තිබුණේ ජන්කූක්ගේ වචන වලින්

ජන්කූක් මගේ ලගින් නැගිටලා ටික දුරක් ගිහින් මගේ දිහා හැරිලා බැලුවා මම තාමත් එයා දිහා පිස්සෙක් වගේ බලාගෙන ඉන්නවා

" තමුසේ කැමති නම් මේක අපේ පලවෙනි ඩේට් එක කියලා හිතාගන්නවා.."

To be continue.................♡︎

මොනව ද දරුවනි මේ වෙන්නේ..?
මට තේරෙන්නෙත් ඤැ

Bạn đang đọc truyện trên: AzTruyen.Top