27 • 𝙸 𝙻𝚘𝚟𝚎 𝙷𝚒𝚖 •

Taehyung Pov

ජන්කූක් රූම් එකෙන් ගියාම මම වොෂ් එකක් දාගෙන ඇදුමක් ඇදගන්නා ලගදි ඉදලා ජන්කූක් දකිද්දී මගේ හදවත වේගෙන් ගැහෙනවා එයා මාව අල්ලද්දී වෙනදාට වඩා මට එයාව දැනෙනවා මට හිතෙන්නේ මම ජන්කූක්ට ආදරෙයි කියලා ඒත් එහෙම වෙන්න පුලුවන් ද...?

මට මේ ලෝකේ පෙන්නන්න බැරි මිනිස්සු ලිස්ට් එකේ උඩින්ම ඉන්න ජියොන් ජන්කූක් මගේ ආදරේ වෙන්න පුලුවන් ද..? ඒත් ජන්කූක් සමහර වෙලාවට හැසිරෙන විදිය දැක්කාම ආදරේ හිතෙනවා ඊයේ රෑ මට තුරුල් වෙලා නිදාගන්නකොට මට හිතුනේ හැමදාම එහෙම ඉන්න තිබුනා නම් කියලා ජන්කූක්ගේ උනුසුමට මම ආසයි

ඒත් ජන්කූක්ගේ හිතේ මං ගැන තියෙන්නේ ආදරයක් නෙවෙයි එයාට මාව සෙල්ලම් බඩුවක් වගේ ඔයාට ආදරේ කරලා මට විදවන්න වෙයි ද ජන්කූක්.. මම දන්නේ නැ ඒත් මේ හිත කීකරු නැ මගේ අකීකරු හිත ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන කියලා මට හිතෙන්නේ

අවදි වන්න අවදි වන්න
දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොදුරු
විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

ඕයේ ඉස්කි ඩිඩින්

කාමරයෙන් එලියට එද්දී මට ඇහුනේ කර්න පටහ පටලය කඩාගෙන යන ටින් බෙලෙක්ක ඝාන්ටාර වොයිස් එකක් මගේ කනත් නිකන් හිරිවැටිලා ගියා වගේ මොකාද යකෝ උදේ පාන්දර ග්‍රසනිකාවේ ආහාර හිර වෙලා වගේ කෑගහන කොස්වටුවා

කවුරුත් නැති තැන ලං වෙමු අපි ගෙයි මැද සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදී අපි දෙන්නාගේ අලේ

" අලේ නෙවෙයි යකෝ ආලේ.."

උච්ච ස්වරයෙන් කෑගහන එකා මොකාද කියලා හොයාගෙන යනකොට නැවතුනේ නිනීගේ රූම් එක ඉස්සරහ ඒත් එක්කම මට ඇහුනේ මගේ පාපි අපාය සහයක කොට පාත්ත ජිමින්ගේ කටහඬ

මූ මොනාද උදේ පාන්දර නිනීගේ රූම් එක ආස්සේ කරන්නේ..

මගේ මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ ගලාගෙන ආපු පලවෙනි පුරස්නය විය

" ආලයෙහි ඇලපිල්ලම හැලුනු කල්හි අලයක් බව මගේ වයිපරේ පැවසුවා ය..දැන් ඒක වැඩක් නැ ආපහු තාලේ අල්ලන්න.."

ඒ නිනීගේ ටින් බෙලෙක්ක වොයිස් එක කියලා මට වැඩි වෙලාවක් නොයා අදුරගන්න පුලුවන් වුනා මමත් නිනීගේ රූම් එකට ඔලුව දාලා බැලුවා යකෝ රූම් එක පිස්සන් කොටුවකට වඩා හපන් නිනී ඇද උඩ ඉදගෙන කොස්ස මයික් එක වශයෙන් භාවිත කරමින් සිංදු කියනවා ඒකට හරියන්න ජිමිනුත් නිනී එක්ක එකතු වෙලා කැරට් අලයක් මයික් එක වශයෙන් භාවිත කරමින් සිංදු කියනවා

" මොකද යකුනේ මේ.."

මම කතා කලාම නිනී මගේ දිහා බැලුවා

" ඔහ්..ටෙයියෝ... මේ එන්ඩෝ.."

නිනී දොර ලග ඉදපු මාවත් ඇදගෙන ගිහින් ඇදට නැග්ගා මේකි තවත් ගීත ගායනා කිරීමේ හැකියාව එලි දැක්වුවොත් mansion එකේ වීදුරුත් ලෙෆ්ට් වෙලා වාසන කරන ජීවීන්ගේ කර්න පටහ පටලයත් ලෙෆ්ට් වී නතර වන බව මගේ තුන් වැනි සිත පැවසුවා ඒත් එක්කම කොහෙන්ද පියබා පැමිනි මල් වාස් එකක් මගේ කන ලගින් ගිහින් නිනීගේ ඔලුව උඩින් ගිහින් බිත්තියේ වැදී කුඩු වෙලා ගියා මල් වාස් එකක් එකපාරට මතු වුනේ කොහෙන්ද කියලා බලන්න පිටිපස්ස හැරුනාම මම දැක්කේ ගිනි පිබින පූසෙක් වගේ ඉන්න මගේ පාපි බිත්තරයාගේ ප්‍රේම භෘංග රාජයා වුනු මින් යුංගි..!

" මොකද යකෝ මල් වාස් පිටින් ගහන්නේ මල් වලින් විතරයි ගහන්න ඕන මේක සමාජ විරෝධී ලමා හිමිකම් උල්ලංඝනය කිරීමක් මේක බරපතල දඩුවම් ලැබිය හැකි වරදක්  182 වගන්තියේ ඊ කොටසට අනුව තොට වසර 152 සිර දඩුවමක් දෙන්න පුලුවන් හිටපන්කෝ මම දැන්ම ගිහින් නඩුවක් ෆයිල් කරනවා "

නිනී අතේ තිබුණු කොස්සත් යුංගිගේ පැත්තට විසි කරලා කෑගහලා කිව්වා නිනී විසි කරපු කොස්ස අල්ලගත්ත යුංගි ඒකත් පැත්තකට විසි කරලා යම රජා වැහිලා වගේ

" තෝව අල්ලගන්නකම් හිටපන් පොඩි එකී තෝව එල්ලනවා මේපල් ගහේ ඔහේ හිටු "

යුංගි කියන ගමන් යකා වගේ පැත්තක ඉදපු අහිංසක මාවත් තල්ලු කරගෙන නිනීගේ ලගට යනකොට නිනී ඇදෙන් පැන්නා

" අනේ පූස්සිරෝ කරන්න පුලුවන් දෙයක් කියනවා තවුසෙට මාව මේපල් ගහේ එල්ලා මේ සෞරග්‍රහ මණ්ඩලයේ වසන්න පුලුවන් වෙයි කියලා දැනගන්නවා මිස්ටර් මින් දේවොන්ගෙයි මිසිස් මින් සේරාගෙයි සුකුමාල සුන්දර අහිංසක එකම දියනිය හලොව්.."

නිනී ඉනටත් අත් දෙක තියාගෙන ගැම්මෙන් කියලා තත්පර කිහිපයක් නිශ්ශබදව හිටපු යුංගි පිස්සෙක් වගේ හිනා වෙන්න පටන් ගත්තේ අපි ඔක්කොම කම්ෆියුස් කරලා ජිමිනාගේ පූස් ප්‍රේමයට ඌට වගේම මැන්ටල් ද කොහෙද

" තී මිස්ටර් මින් දේවොන්ගෙයි මිසිස් මින් සේරාගෙයි එකම දියනිය නම් මම තමයි හලෝ ඒ දෙන්නාගේ එකම පුත්‍රයා.."

යුංගි ඇහිබම නටවන ගමන් කිව්වා

" ඉතින් මට කිමිචි ද..?"

නිනී දිව දික් කරලා යුංගිට ඇද කරලා ඇහුවා මේකිට නම් ඉල්ලගෙන කන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ

" නිනී තවුසෙව මම දඩුකදේ ගහනවා කොහෙද තී දුවන්නේ ඔහොම නැවතියන් පොඩි පගච්චි.."

ජිමින්වත් තල්ලු කරගෙන නිනී දුවගෙන යද්දී ජිමින් නිනී තල්ලු කරපු පාර පොලොව මහී කාන්තාව හරි ආදරයෙන් සිපගත්තා මූට පොලොවත් එක්ක ආත්මීය බැදීමක් තියෙන්නේ යුංගිට වඩා මූ පොලොවට ආදරෙයි ඒක නේ කොයිවෙලෙත් පොලොව බදාගෙන කිස් කරන්නේ

" ඕයි කොටා පොලොව පස්සේ වෙලාවක කිස් කරපන් යමන් උබේ පූස් ප්‍රේමය VS නිනී වලිය බලන්න ඕන"

මම එහෙම කියලා පොලොව බදාගෙන ඉන්න ජිමින් ඇදගෙන ආවේ ජිමින් අසභ්‍ය වචනෙන් මට ජාතිය අමතද්දී අපි පහලට යනකොට දැකපු දේ නිසා මගේ කට දනහිස ලගට ඇරුනා මා දකින්නේ කෙබදු වර්ගයට අයත් සිහිනයක් ද යකෝ මම ඇස් දෙකත් පිහිදලා බැලුවා නැ යකෝ මේක ඇත්තක් ඒත් ෂුවර් නැ වගේ

" ජිමිනා මාව කොනිත්තපන්.."

මම ජිමින්ට කිව්වත් උගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මම ජිමින් දිහා බැලුවේ කොට පාත්තයා මට වඩා පුදුම වෙලා වගේ ඔව් ඉතින් පුදුම නොවී තියේ ද එයාගේ පරම පිවිතුරු නිකලැල් කුලුදුල් ප්‍රේම පුරානය මගේ වල් හාවා බදාගෙන living room එක මැද පතබෑවිලා ඉන්නකොට

" ආව්..!"

ජිමිනා freeze වෙලා වගේ ඉන්න නිසා මගේ යම්තාක් දිගට වැවුනු සුන්දර නිකලැල් නියපොතු භාවිතයෙන් පාත්ත සම පසාරු කරගෙන යන ආකාරයට අත කෙනිත්තුවා පාත්තයා උච්ච ස්වරයෙන් කෑගැහපු ආකාරයෙන් මා හට නිගමනය කල හැක්කේ කොනිත්තපු පාර සැරටම වැදිලා වගේ මම අහිංසක හිනාවක් ජිමින් දිහාට පා කලේ පාත්තයා අහිංසක මට හැටට හැටේ රවද්දී

" ම්ම්ම් නයිස් කපල්..."

නිනී පැත්තක ඉදගෙන ෆොටෝ එකක් ගහලා කුප්ප හිනාවක් එක්ක කිව්වා

" එහාට පලයන් පූසෝ...! තොගේ ලග සුනඛ ගදයි "

ඒ අස්සෙන් ජන්කූක් කෑගහනවා එක අතකට හොද වැඩේ ඔය පොලොස් කොට්ටෝරු සුනඛ සෝරස්ට ඔහොම වෙලා මදි මට කරන දේවල් වලට

" තොගේ ලග තමයි බලු ගද අවුරුද්දකට එක දවසයි නාන්නේ එකම බොක්සර් එක සතියක් අදින එකා තෝ "

සිකේ මොනාද මගේ අහිංසක කන් වලට ඇසෙන්නට ලැබෙන්නේ මේ සුනඛ සෝරස් මග ඇරලා ඉන්න තරමට ඔයාගේ ඇගට හොදයි ටේ නැත්නම් මූ හින්දා සමාජ රෝගත් හැදිලා නවතින්නේ යුංගිගේ කටත් ඇවිස්සුනොත් වෙලාවකට වක්කඩේ ඇරියා වගේ තමයි ජිමින්ටම ගැලපෙනවා දෙන්නා තකට තක

" තමුන්ට මම කී පාරක් කිව්ව ද තෙත පිටින් ටවල් එක ඇද උඩ දාන්න එපා කියලා තමුන් මම කියන කිසිදෙයක් අහන්නේ නැ කිම් නම්ජූන්...! ඕයි මිනිහෝ..! මම තමුසෙට කතා කරන්නේ..? තමුසේ මොකද ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙන්නේ..? ඔෆිස් එකේ ඉන්න නැට්ටිච්චියක් අල්ලගත්තා ද..? ආ කතා කරනවා නම්ජූන් මම තමුසෙගෙන් අන්තිම හොදින් අහන්නේ තමුසේ මොනාද හිනා වෙවී ෆෝන් එකෙන් බලන්නේ මම තමුසෙව කොච්චර විශ්වාස කරනවා ද තමුසෙගේ මගේ කුලුදුල් ප්‍රේමයට නිග්‍රහ කලා තමුසේ ප්‍රේම ද්‍රෝහියෙක් කිම් නම්ජූන්.."

Mansion එකම දෙදෙරලා යන්න ඇහුනු උච්ච ස්වරයෙන් ඇහුනු රැප් ගායනය එක්ක ඔක්කොම කම්ෆියුස් වෙලා මූනට මූන බලාගත්තා ඒත් මට නම් ඔය රැප් ගායනාව අමුතු දෙයක් නෙවෙයි හැමදාම උදේට පපා අප්පාගේ හත්මුතු පරම්පරාවම සිහිගන්වලා තමයි වැඩ පටන් ගන්නේ

" කවුද යකෝ ඒ ගමන ඝාන්ටාර පූජ කරන්නේ..? මේකේ තව දවසක් හරි මුන් එක්ක වාසය කලොත් මට ඕස්ට්‍රේලියාවෙන් අපනයනය කරන්න වෙනවා "

" එහෙනම් යුංගි ඔයාට කලින් මට තමයි ඕස්ට්‍රේලියාවෙන් කනක් අපනයනය කරන්න වෙන්නේ මොකද ඔය කෑගහන්නේ මගේ පපා."

යුංගි කිව්වාම මම කියද්දී ඔක්කොම මගේ දිහා බැලුවා මම ඉතින් බොරුවක් ද කිව්වේ 365 දවසේම පපා උච්ච ස්වරයෙන් ගායනා කරන රැප් mansion එක පුරා රැව්දෙනවා එහෙම බැලුවොත් මට තමයි යුංගිට කලින් ඕස්ට්‍රේලියාවෙන් කනක් අපනයනය කරන්න වෙන්නේ

" අනාගතේ දී ජිමින්ශිත් තවුසෙට මෙහෙම සලකන්න ඕන ඒස්වාහ් පුහ්.."

නිනී එහෙම කියලා ගස්සගෙන ගියා ජිමිනුත් පපා වගේ වුනොත් පූස් කුමාරයාගේ පන නවයම ලෙෆ්ට්ම තමයි යුංගිට අබ සරනයි දෙවි පිහිටයි ජිමින් යුංගි දිහා බලලා යද්දී යුංගි කියුටී කියාගෙන ජිමින්ගේ පස්සෙන් දුවගෙන ගියාම living room එකේ ඉතුරු වුනේ මමයි මිස්ටර් කුක්සනුයි විතරයි මම මිස්ටර් කුක්සන් දිහා බැලුවාම මේ මිනිහා මට ඇහැක් ගහලා ගියා කියහන්කෝ යකෝ මුගේ ඇස් වල දෝෂයක් ද ඉක්මනට ඇස් පෙන්නන්න වෙයි නැත්නම් මුගේ ඇසේ දෝෂය නිසා මොලේ දෝෂ ඇති වෙන්නේ

මම ඔලුව කසන ගමන් කිචන් එක පැත්තට ගියේ මොනාද උදෑසන ආමාශගත කරගැනීමට තියෙන්නේ කියලා බලන්න

__________________________

උදෑසන කාලේ තිබුණු තුන් වැනි ලෝක යුද්ධයේ නිමාවත් සමග හැමෝම ලෑස්ති වුනේ ජේජු වල ඇවිදින්න යන්න මම අහල තියෙන විදියට ජේජු කියන්නේ ලස්සන දූපතක් ඔව් ඒක ඇත්ත සුන්දර පරිසරයකට හිමිකම් කියන ජේජු දූපත නිවාඩුවකට ඇවිත් නිදහසේ කාලය ගත කරන්න අපූරු තැනක් කියලා මට හිතුනා

අද හැමෝම සතුටින් හැමෝගෙම මූනේ හිනාවක් රැදිලා තිබුනා ඔක්කොටම වඩා මගේ කොට පාත්ත මිතුරා සතුටින් ඉන්නේ මොකද යුංගි ඌ කියන කියන පදේට නටන හින්දා පව් ඉතින් අහිංසක යුංගි ඔය කරපුවා තමයි පලිසන් දීලා තියෙන්නේ

නිනී නම් ජන්කූක්ගේ ඔම්මා එක්ක කොයිවෙලෙත් හිනා වෙවී කතා කරනවා ජන්කූක්ගේ ඔම්මා හරි අහිංසක කරුනාවන්ත හදවතක් තියෙන කෙනෙක් කියලා මට මේ ටික දවසට තේරුනා ඒ වගේ අහිංසක ඔම්මා කෙනෙක්ට මේ වගේ රාක්ස පැටියෙක් හම්බුනේ කොහොමද කියලා හිතාගන්න බැ සමහරවිට හොස්පිටල් එකේ දී මාරුවෙන්න ඇති එහෙම දේවල් වෙන්න පුලුවන් නේ

එතකොට මගේ ආදරනීය පපායි අප්පායි නම් තාම වලි අප්පා කොයිතරම් වැදගෙන පපාගේ පස්සෙන් ගියත් මේ පාර නම් පපා යාලු කරගන්න එක ලේසි නැ කොයිතරම් දෙන්නා රන්ඩු වුනත් ඒ දෙන්නා දෙන්නාට ගොඩක් ආදරෙයි ඒ ආදරේ මම ඕනතරම් එයාලගේ ඇස් වලින් දැකලා තියෙනවා

හැමෝම සතුටින් ඉන්න දිහා පැත්තකට වෙලා බලාගෙන හිටපු මගේ දිහා කෙනෙක් කන්න වගේ බලාගෙන ඉන්නවා නේද කියලා මතක් වුනේ දැන් වෙන කවුද ඉතින් මගේ ඒක පාර්ශ්වික ප්‍රේම පුරානය මම එහෙම හදුන්වන එක හරි ද මන්දා ඒත් මොනා කරන්න ද කුක්සන් මේ අහිංසක මගේ හිත ඔය නපුරුකම් වලට ආදරේ කරන්න පටන් අරගෙන නේ

අද දවසෙම ජන්කූක්ගේ ඇස් මගේ ලග නතර වෙලා තිබුණේ මොනාහරි ඕන නිසා ද දන්නේ නැ මම නම් ජන්කූක්ව ගනන් ගන්න ගියේ නැ පුලුවන් තරම් ඈත් වෙලා අනිත් අය එක්ක හිටියා

අපි හවස් යාමේ ජේජු වල තියෙන බීච් එකට ආවා කට්ටිය හරි හරියට මුහුද රැලි එක්ක සෙල්ලම ජන්කූක්ගේ ඔම්මා වෙරලට වෙලා රැල්ල එක්ක සෙල්ලම් කරන අය දිහා හිනා වෙවී බලාගෙන ඉන්නවා මමත් හිමින් රැල්ල පාගන්න ගියා මුහුදු වතුර ඇවිත් කකුල් සිපගෙන ආපහු මුහුද දෙසට ඇදිලා යද්දී ඒක වෙනම ෆීලින් එකක් හවස් යාමේ නිසා තැඹිලි පැහැති හිරු එලිය වැටිලා බීච් එක තවත් ලස්සනට පෙනුනා

" ම්ම්හ්..."

හවස බැසගෙන හිරු දිහාත් ඈත සිට පැමිනෙන මුහුදු රැලි දිහාත් බලාගෙන හිටපු මම පැත්තට හැරිලා බැලුවේ කවුරුහරි උගුර පාදපු නිසා

" ජන්කූක්.."

ඔව් ඒ ජන්කූක් තමයි එයා අත් දෙකත් කලිසමේ සාක්කුවට දාගෙන මුහුද දිහා බලාගෙන ඉන්නවා තැඹිලි පැහැති හිරු කිරන එයාගේ මූනට වැටිලා තිබුනා මුහුදු සුලග නිසා ජන්කූක්ගේ කොන්ඩේ පිටිපස්සට යනවා මම එයා දිහා දිගටම බලාගෙන හිටියේ මේ ලෝකේ මම දැකපු හැන්සම්ම මනුස්සයා මගේ ඉස්සරහ ඉන්නවා වගේ හැබැයි ඒකේ වරදක් නැ ජන්කූක් ඇත්තටම හැන්සම්

" මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්න එපා ටේහ්‍යුන් මොකද මම හැන්සම් කියලා මම දන්නවා "

ජන්කූක් අන්තිම ටික මගේ දිහා බලලා කට කොනින් හිනාවක් එක්ක කිව්වා මට මුගේ පෙන්නන්න බැරි ඔය කට කොනින් දාන සමච්චල් සහගත හිනාවයි ඇස් ගහන එකයි තමයි හරි නේ ඉතින් ලැජ්ජාව බාල්දියෙන් එකයි මට දැන් හැංගෙන්න බිත්තර කට්ටක් දීපන් මම ජන්කූක්ට රවලා අහක බලාගත්තා වෙන කියන්න දෙයක් නැතිකමට

" මම මෙහෙට හරි ආසයි ටේහ්‍යුන්..!"

එයා ආපහු ටිකකින් කතා කලා

" මාත්.."

අපි දෙන්නාම කතා කලේ මුහුද දිහා බලාගෙන

" මට සැහැල්ලුවක් දැනෙනවා ටේහ්‍යුන් හැමදාම අප්පාගේ බැනුම් නීති රීති එක්ක mansion එක අස්සට වෙලා කාලය ගත කරපු මට දැන් දැනෙන්නේ ලොකු නිදහසක් "

ජන්කූක් කිව්වාම මම මුකුත් කියන්න ගියේ නැ එදා මිස්ටර් ජියොන් දැකපු වෙලාවේ තේරුනා එයා තද ගතිගුණ තියෙන කෙනෙක් කියලා ඒ නිසා වෙන්න ඕන ජන්කූක් මෙච්චර නපුරු

ඒත් එක්කම මට දැනුනේ සීතල අතක් මගේ එක අතක පටලැවෙනවා මම ගැස්සිලා ගිහින් මගේ අත දිහාත් බලලා ජන්කූක් දිහාත් බැලුවා ජන්කූක් දිගටම මුහුද දිහා බලාගෙන හිටියා ඒ මූනේ තිබුණේ ලොකු සැහැල්ලුවක් සැනසීමක් මම දිගටම කරේ ජන්කූක් දිහා බලාගෙන ඉන්න එක මට හරි අමුත්තක් දැනුනා ඇයි ජන්කූක් එකපාරට මෙච්චර හොදින් සලකන්නේ මේ දේවල් වලින් මම ජන්කූක්ට තවත් ලං වෙන එක වෙන්නේ

මද වෙලාවක් නිහඩව හිටපු ජන්කූක් ඊලගට කියපු දේ නිසා මට මොනා කියන්න ඕන ද කියලා හිතාගන්න බැරී වුනා

" මට දැනෙන සැහැල්ලුවට සැනසීමට තමුසෙත් හේතුවක් වුනා ටේහ්‍යුන් "

To be continue.................♡︎

කොමස් ඩේ එකේ වැඩ එක්ක බිසි වෙලා හිටපු නිසා අප්ඩේට් දෙන්න බැරි වුනේ

ලේට් අප්ඩේට් වලට සමාව භාජනයකට දාන්න ලමයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top