24 • 𝙰𝚏𝚝𝚎𝚛 𝙴𝚡𝚊𝚖 •

සති දෙකක කාලයක් පුරා පැවැති වාර විභාග අවසන් වීමත් සමග පාසල් නිවාඩුව ලැබිනි ඒ නිසා පාසල් සිසු සිසුවියන් උද්යෝගයෙන් පාසලෙන් පිටව ගියේ නිවාඩු කාලයේ කරන වැඩ ප්ලෑන් කරමින් යූන්මින් ඩබල අත් අල්ලාගෙන පාසලෙන් එලියට යද්දී අහිංසක ටේහ්‍යුන් ඒ දෙන්නා පිටිපස්සෙන් මේ දිහා බලාගෙන තනිකඩ මට නේ සියලු වේදනා කියලා හිතමින් ගියා

" එහෙනම් කියුටී පරිස්සමින් යන්න ගිහින් මැසේජ් එකක් දාන්න.."

ජිමින්ගේ පිරුණු කම්බුලක් මිරිකපු යුංගි කිව්වා

" ඔයත් පරිස්සමින් යන්න අර දඩු මොනරේ හිමින් යනවා හරි ද වලිගේ පෑගිච්ච කුලු හරකා වගේ යන්නේ නැතුව "

ජිමින් කට හදන ගමන් කියද්දී යුංගිගේ මූන වාහනේකට අහුවුනු බියර් ටින් එක වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ කොල්ලාගේ බයික් එකට කවුරුවත් මොනවත් කියනවාට යුංගි කැමති නැ

" යාහ්හ්... මගේ බයික් එකට මුකුත් කියන්න එපා කියුටි.. ඔය ඔක්කොම අර පිස්සු කෙල්ල තමයි පුරුදු කරන්නේ හිටුකෝ ඕකි මට අහුවෙයි නේ "

යුංගි වටපිට බලන ගමන් බොරු කේන්තියක් මවාගෙන කියද්දී ජිමින්ට ලාවට හිනා ගියා

" නිනීට මුකුත් කියන්න එපා ඒ ලමයා කිව්වේ ඇත්ත නේ "

" ඔයත් එතකොට ඒකිගේ පැත්තෙ ද හරි කියුටී ඔහොම යන්කෝ.."

යුංගි එහෙම කියලා හැරිලා යන්න හදද්දී ජිමින් කොල්ලාගේ අතකින් අල්ලගත්තා ටේහ්‍යුන් පැත්තකට වෙලා මේ කපල් එක දිහා බලාගෙන හිටියේ හිනාවක් දෙතොලතර රදවගෙන එයාගේ යාලුවා යුංගි එක්ක සතුටින් කියලා දකිද්දී ටේහ්‍යුන්ට ඊට වඩා සතුටක් නැ යුංගි එක්ක හුරතල් වෙන ජිමින් දිහා බලාගෙන ඉන්නකොට ටේහ්‍යුන්ටත් නොහිතුනාම නෙවෙයි අනේ මටත් මෙහෙම බෝයිපෙන් කෙනෙක් හිටියා නම් කියලා හැබැයි එහෙම කියලා ටේහ්‍යුන් ජිමින්ට ඉරිසියා කරන්න ගියේ නැ

යුංගිට සමුදුන්න ජිමින් ටේහ්‍යුන් ලගට ආවා ටේහ්‍යුන් අත් දෙකත් බැදගෙන එයාගේ ලගට හිනා වෙවී එන ජිමින් දිහා බලාගෙන හිටියා

" ආ කොට පාත්තයා දැන් ද ඔබතුමාට මම කියලා එකෙක් ඉන්නවා කියලා මතක් වුනේ "

ටේහ්‍යුන් අහද්දී ජිමින් හිනා වුනා

" මට උයාව අමතක වුනේ නැ සුදු මහත්තයෝ.."

ජිමින් ටේහ්‍යුන්ගේ මූනට එබිලා තොල් උල් කරගෙන කිව්වා

" එහාට පලයන් බේසමා..."

ටේහ්‍යුන් ජිමින්ව තල්ලු කලා

" අද ජිනී පපා එන්නේ නැද්ද...?"

ජිමින් ඇහුවේ වටපිට බලන ගමන් වෙන්දාට මොන වැඩේ තිබුනත් ස්කූල් ඉවර වෙන ටයිම් එකට ජින් ඇවිත් ඉන්නවා ඒත් අද ජින් පේන්නේ හිටියේ නැ

" අනියා...ජිමිනා මම පපාට කිව්වා උබ එක්ක බස් එකේ එන්නම් කියලා කොහොමත් අද තෝ අපේ ගෙදර නේ "

ටේහ්‍යුන් ජිමින් එක්ක කතා කරන බස් හෝල්ට් එක පැත්තට ඇවිදගෙන ගියා අද ජිමින් ටේහ්‍යුන්ගේ ගෙදර එනවා කියලා පොරොන්දු වුනු නිසා ජිමින් ටේහ්‍යුන් එක්ක ගියා

" පපා අපි ආවෝ..."

කොල්ලා කෑගහගෙන ඇතුලට යනකොට කිචන් එකේ හිටපු ජින් හිනාවක් දෙතොලතර රදවගෙන living room එකට ආවා

" අනේ මගේ පැටව් දෙන්නා ආවා ද..?"

ජින් ආදරෙන් කොල්ලෝ දෙන්නාව තුරුල් කරගෙන කිව්වා ජින් ටේහ්‍යුන්ට වගේම ජිමින්ටත් එක වගේ ආදරෙයි

" දෙන්නා වොෂ් එකක් දාගෙන එන්න මම කෑම රෙඩි කරන්නම් බෙයාර් ඔයාගේ ඇදුමක් ජිමිනිට දෙන්න "

" හරි පපා.."

කොල්ලෝ දෙන්නා ගියාට පස්සේ ජින් ආපහු කිචන් එකට ගියා වොෂ් එකක් දාගෙන ආපු දෙන්නා කාල බීලා garden එකේ pond එක ලග තිබුණු බෙන්ච් එකකින් වාඩිවුනා

" ජිමිනා..."

" ම්ම්ම්..."

Pond එක දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් ජිමින්ට කතා කලාම ජිමින් කොල්ලා දිහා බැලුවා

" යුංගිව විශ්වාසයි ද...?"

ටේහ්‍යුන් එකපාරට එහෙම ඇහුවාම ජිමින්ගේ ඇස් ගැස්සුනා

" මම ඇත්තටම එහෙම ඇහුවේ යුංගි කලින් සලකපු විදිය එක්ක මේකත් සෙල්ලමක් නම් ඔයා දුක් විදිනවා මට බලන්න බැ ජිමිනා "

කොල්ලා කලබලයෙන් කියවගෙන යද්දී ජිමින් හිනා වුනා

" ඔයා එහෙම හිතපු එක වැරදි නැ ටේ මම වුනත් යුංගිව මුලදී විශ්වාස කලේ නැ ඒක නිසා ටික කාලයක් එයා කරන කියන දේවල් දිහා බලාගෙන හිටියා යුංගි පෙන්නන තරම් නපුරු කෙනෙක් නෙවෙයි ටේ එයාගේ ඇතුලේ අහිංසක කොල්ලෙක් ඉන්නේ ඒත් යුංගි එලියට පෙන්නන්න හදනවා එයා නපුරුයි කියලා කෙටියෙන්ම කිව්වොත් යුංගි මවාගත්ත නපුරුකමත් තියෙන්නේ
ටේ දන්නවා නේ මම යුංගිට පාඩම් කියලා දෙන්න එයාලගේ mansion එකට ගියා එයාට මම පාඩම් කියලා දෙද්දී යුංගිගේ ඇස් තිබුණේ පොතේ නෙවෙයි මගේ ලග ඒ වෙලාවට මම ටොක්කක් ඇන්නාම වෙනදාට පොඩ්ඩ එහෙ මෙහෙ වුනත් කේන්ති අරගෙන යකා නටන කොල්ලා තොල් උල් කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා ටේ ඒ ඇස් වල මම දැක්කා මම වෙනුවෙන් ඒ හිතේ තියෙන ආදරේ යුංගි බොරුවක් නෙවෙයි ටේ කරන්නේ ඒක මට හොදටම විශ්වාසයි මට එයාව ගොඩක් විශ්වාසයි ටේ "

ජිමින් කියද්දී ටේහ්‍යුන් කොල්ලාගේ වෙනස් වෙන ඉරියව් දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා යුංගි ගැන කියද්දී ජිමින්ගේ පුංචි ඇස් සතුටින් දිලිසෙනවා ටේහ්‍යුන් ඒක හොදටම දැක්කා යුංගි දකිනකොට කොල්ලාගේ මූනේ මැවෙන ආදරනීය හිනාව ටේහ්‍යුන් දැකලා තියෙනවා

" උබට යුංගිව විශ්වාසයි නම් යුංගි එක්ක සතුටින් නම් එච්චරයි මොනාහරි ප්‍රශ්නයක් නම් මට කියන්න ඕන හංගන් ඉන්න එපා "

" මම නෙවෙයි ටේ ඔයයි මගෙන් දේවල් හංගන්නේ..?"

" අහ්..?"

කොල්ලා එහෙම කිව්වාම ටේහ්‍යුන් ගැස්සිලා ගියා කොල්ලා බය වුනා හදිස්සියේවත් එයායි ජන්කූක් අතරෙයි සිද්ධ වුනු දේවල් ජිමින් දැනගනවත් ද කියන දේ ටේහ්‍යුන්ගේ ඔලුව පුරා හොල්මන් කලා ටේහ්‍යුන්ට හීන් දහඩිය දාලා කොල්ලා වේලුනු තොල් තෙත් කරමින් ජිමින්ගෙන් ඇස් හැංගුවා

" යාහ්හ්... මම විහිලුවක් කරේ පිටසක්වලයෝ මොකද බය වෙලා "

ජිමින් හිනා වෙලා කොල්ලාගේ අතට පහරක් ගහලා කියද්දී ටේහ්‍යුන් දැනුනේ සහරා කාන්තාරේ තනිවුනු ඔටුවෙක්ට වතුර ලැබුනා වගේ ෆීලින් එකක් කොල්ලා අපහසුව මගහරවා ගන්න ජිමින් එක්ක හිනා වුනා

" ඇත්තටම ඔයා මොනාහරි මගෙන් හංගනවා ද..?"

" අනියා... මම මොනවා හංගන්න ද..?"

ටේහ්‍යුන් හිනාවක් එක්ක කියලා බිම බලාගත්තා

" එහෙනම් කමක් නැ "

ඊට පස්සේ ගෙවුණු පැය කිහිපය තුල දෙන්නා රටේ ලෝකේ තියෙන ඔක්කොම ඕපදූප සාකච්ඡා කලා ඒ අස්සෙන් ටේහ්‍යුන් එහෙන් මෙහෙන් යුංගි ගැන කියලා ජිමින්ගේ කම්බුල් රතු කරන්න අමතක කලේ නැ

___________________________

" ටේ...."

" ඕ අමතනවා.."

ටේහ්‍යුන් ඇද උඩට වෙලා එයා කියවමින් හිටපු නවල් එකෙන් ඇස් නොගෙනම උත්තර දුන්නා

" මේ අහනවකෝ.."

ටේහ්‍යුන්ගේ ලගින් ජිමින් වාඩිවෙලා කිව්වාම කොල්ලා පොත පැත්තකින් තියලා ජිමින් දිහා බැලුවා

" ඔබතුමා පූස් කුමාරයා එක්ක මල් කඩලා ඉවර ද..?"

කොල්ලා ඇස් නටවන ගමන් ජිමින්ගෙන් ඇහුවාම ජිමින් ලග තිබුණු කොට්ටෙකින් ටේහ්‍යුන්ට ගැහුවා

" යුංගි ට්‍රිප් එකක් යන්න කතා කලා "

",ඉතින් පලකෝ අපිව ඔහොම ට්‍රිප් එක්කගෙන යන්න බෝයිපෙන් තියා බල්ලෙක්වත් නැ "

" එතකොට ටැනී බල්ලෙක් නෙවෙයි ද"

" යාහ්හ්හ්... මගේ බබාට බල්ලා කියන්න එපා "

ටේහ්‍යුන් රවන ගමන් ජිමින්ට කිව්වා කොල්ලා කැමති නැ ටැනීට කවුරුවත් බල්ලා කියලා කතා කරනවාට

" හරි හරි ඒක වැඩක් නැ මට විතරක් නෙවෙයි තොටත් කතා කලා "

" ඒ අහවල් කෙසෙල් ඇවරියකට මට කතා කරන්නේ තොපි දෙන්නා පෙමින් වෙලිලා ඉන්නකොට මම ගහක් එක්ක පෙම් කෙලින් ද.."

ටේහ්‍යුන් කියවගෙන යද්දී ජිමින් ඇස් හීනි කරගෙන බලාගෙන හිටියා

" ජන්කූක් නිනී දෙන්නාත් එනවා.."

" ඔහ්..!"

ජන්කූක් එනවා කිව්වාම ටේහ්‍යුන්ට අමුතු සතුටක් දැනුනා හැබැයි කොල්ලා ඒක පිටට නොපෙන්වා ඉන්න පරිස්සම් වුනා

" ඉතින් තවුසේ මොකද්ද යුංගිට කිව්වේ..?"

" තොට කියලා බලන්නම් කිව්වා අනික පපාගෙනුයි අපේ ඔම්මාගෙනුයි අවසර ගන්නත් ඕන "

" තොපේ ඔම්මා නම් අවුලක් නැ ඒත් පපා..?"

ටේහ්‍යුන් ඔලුව කසන ගමන් කිව්වේ කාගෙන් අවසර ගත්තත් ජින්ගෙන් අවසර ගන්න එක ලේසි නැ මොකද ජින් ටේහ්‍යුන් සම්බන්ධ දේවල් වලදී ඕනවට වඩා හිතනවා කියලා කොල්ලා දන්නවා ඒ හැමදේම ජින් කොල්ලාට තියෙන ආදරේ නිසා කියලත් ටේහ්‍යුන් දන්නවා

________________________

" පපා... අලේ යන්න දෙන්නකූ ජිමිනත් ඉන්නවා නේ අනේ මම පරිස්සමින් ඉන්නම් පපාට හැමදාම කෝල් කරන්නම් අප්පා කට වහගෙන ඉන්නේ පපාට කියන්නකෝ.."

ටේහ්‍යුන් දැන් පැයක විතර ඉදන් ජින්ගේ පස්සෙන් කැරකෙන ගමන් ට්‍රිප් එක යන්න අවසර ඉල්ලනවා ඒ වුනාට ජින්ගේ නම් හිතේ කැමැත්තක් තිබුණේ ටේහ්‍යුන් මෙහෙම තනියම ට්‍රිප් එකක් යවන්න

" ජිනී අහන්නකෝ..!"

නම්ජූන් කියන්න කට අරිනකොට කාලි මෑනියෝ අවේස වෙලා වගේ බැල්මක් නම්ජූන්ගේ පැත්තට ජින් එල්ල කලාම කොල්ලා කට වහගෙන පත්තරේ බලන්න ගත්තේ තව ඕකට වචනයක් කතා කරන්න ගියොත් රෑට couch එකේ නිදාගන්න වෙයි කියන සාධාරණ බය නිසා 

නම්ජූන්ට කියන වචන අපරාදේ කියලා හිතුනු ටේහ්‍යුන් ජින් දිහා තොල් පිට පෙරලගෙන උපරිම කියුට් විදියට බලාගෙන හිටියේ ජින් යන්න අවසර දෙයි කියලා හිතාගෙන

" ඔහොම නෙවෙයි කොහොම මගේ දිහා බැලුවත් ඔය ට්‍රිප් එක යන්න මම අවසර දෙන්නේ නැ බෙයාර්.."

ජින් එහෙම කියලා එතැනින් ගියාම ටේහ්‍යුන් තොල් බෙරි කරගෙන බලාගෙන ඉදලා නම්ජූන් දිහා බැලුවා

" මට කරන්න දෙයක් නැ බෙයාර් ඔයාගේ පපාට කේන්ති ගියාම කාලි මෑනියෝ පරාදයි "

ටේහ්‍යුන්ගේ කොන්ඩේ අවුස්සපු නම්ජූන් එහෙම කියලා ගියා

" මටම තමයි මොනාහරි කරන්න වෙන්නේ "

කොල්ලා මුමුනනගෙන රූම් එකට ගියා ඒත් එක්කම වොෂ් එකක් දාගෙන ජිමින් රූම් එකට ආවා

" මොකද වුනේ පපා කැමති වුනාද..?"

" අනියා ජිමින් පපා කැමති වුනේ නැ අප්පාත් පපාට බය නිසා මුකුත් කියන්න යන්නේ නැ "

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ඇදෙන් වාඩිවුනා

" ඔයා නැතුව මට යන්නත් බැ ටේ මම යුංගිට කියන්නම් අපිට එන්න වෙන්නේ නැ කියලා "

ජිමින් කොල්ලා ලගින් වාඩිවෙලා කිව්වා

" මම නිසා ඔයා නොයා ඉන්න එපා ජිමින්.. යුංගිට දුක හිතෙයි තෝ නොගියොත් "

" උබ කට වහගෙන හිටපන් ඒක මම බලාගන්නම්.."

ජිමින් එහෙම කියලා යුංගිට කෝල් එකක් ගත්තා ටේහ්‍යුන් දැඩි විරෝධතාවය මැද්දේ ජිමින් යුංගිට ට්‍රිප් එක යන්න එයාලා එන්නේ නැ කියලා කිව්වා ඒ කතාවත් එක්ක යුංගිගේ උද්යෝගයෙන් පිරිලා තිබුණු කටහඬ වෙනස් වුනා කියන්න ජිමින්ට හොදටම තේරුනු නිසා කොල්ලා සමාව අරගෙන කෝල් එක කට් කලා

" යුංගි පව් හලෝ.."

" මොකද යුංගි ගැන අමුතු සත්ත්ව කරුනාවක් පහල වෙලා මම එයා ගැන බලාගන්නම්.."

ජිමින් එහෙම කියලා රවාගෙන ගියා

" මට ඔය පූස් තඩියා එපා තෝම තියාගනින්"

ටේහ්‍යුන් කෑගහලා කියද්දී ජිමින් හයියෙන් දොර වහගෙන ගියේ කොල්ලාගේ හිනා හඩින් රූම් එක පිරිලා යද්දී

To be continue.................♡︎

කස්ටිය ට්‍රිප් එකක් යන්න හදන්නේ ම්ම්..

වෝට් කමෙන්ට් කරපු හැමෝටම ගොඩාලියක් ආදලෙයි..

එච්චරයි...!

Bạn đang đọc truyện trên: AzTruyen.Top