22 • 𝙻𝚒𝚋𝚛𝚊𝚛𝚢 •
ජිමින් පන්තියේ වාඩිවෙලා පොතක් බලන ගමන් හිටියේ ලග එන එක්සෑම් එකට කොල්ලා බරටම බැඩ ජිමින් පෑනත් කටේ ගහගෙන පොත දිහා බලාගෙන හිටියා
" ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ගිහින් පොතක් බලාගන්න යුංගි "
කොල්ලා පොත දිහා බලාගෙනම කිව්වේ එයාට එහා පැත්තේ වාඩිවෙලා මේසෙට ඔලුව තියාගෙන බලාගෙන ඉන්න යුංගිට
" මම පාඩමත් කලත් එකයි කියුටි පාඩම් කලත් එකයි "
යුංගි හිනාවක් එක්ක කිව්වාම මෙතෙක් වෙලා පොත කියවමින් හිටපු ජිමින් පෑනත් පොත මතින් තියලා කොල්ලාගේ දිහා බැලුවා
" ඒක මාර කතාවක් නේ ඔලුව උස්සනවා "
ජිමින් කිව්වාම අකමැත්තෙන් තොල් පිට පෙරලගත්ත යුංගි ඔලුව ඉස්සුවා
" මේ ගාන හදන්න.."
ජිමින් ගාන ලියපු කොලයත් පෑනත් යුංගිගේ ඉදිරියෙන් තිබ්බා කොල්ලා ඔලුව පිටිපස්ස කසන ගමන් ජිමින් දිහා බැලුවා
" මොනාද මගේ දිහා බලන්නේ...? ගාන හදන්න "
කොල්ලා කිව්වාම යුංගි පෑනත් අරගෙන ගාන දිහා බලාගෙන හිටියා ගාන දිහා බලාගෙන හිටපු යුංගිට ක්ලාන්තේ වගේ ස්වභාවයක් දැනුනා ජිමින් ඔක්කොම වැඩ පැත්තකින් තියලා යුංගි දිහා බලාගෙන හිටියා මේ වෙනකොට යුංගිගේ මොලේට සමනල් ගැටේ වැටිලා තිබුණේ ගාන කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතාගන්න බැරුව
යුංගි කොලය එක එක පැති වලට හරව හරව බලන දිහා ජිමින් බලාගෙන හිටියේ හිනාවක් එක්ක කොල්ලා ඇස් කොනින් ජිමින් දිහාත් බලනවා ජිමින් දැක්කා
" මෙන්න මෙහේ දෙනවා "
ජිමින් කොලය ඇදලා අරගෙන ගාන හදන්න පටන් ගත්තා කොල්ලා ගාන හදාගෙන යන දිහා යුංගි බලාගෙන හිටියා තත්පර කිහිපයකින් ගාන හදලා අවසන් කරපු ජිමින් පෑන මේසේ උඩින් තිබ්බා ජිමින්ගේ මූන දිහා බලාගෙන ඉන්න යුංගිට කොල්ලා ඇස් වලින් මේසේ උඩ තියෙන කොලය පෙන්නුවා
" උහ්...! මගේ කියුටී දක්ෂයි නේ "
යුංගි හිනාවක් එක්ක කිව්වාම ජිමින්ගේ කොල්ලාගේ ඔලුවට හොද පොල් ටොක්කක් ඇන්නා
" මේ පුංචි ගාන හදාගන්න බැ මේක පහල පන්තියකට පොඩි එකෙක්ට දුන්නත් හදයි කට නම් තියෙනවා ගමකට ගහන්න "
ජිමින් රවන ගමන් යුංගිට බනිද්දී කොල්ලා හිනා වෙවී ජිමින් දිහා බලාගෙන හිටියා
" හිනා වෙන්න එපා යුංගි...!"
ජිමින් තදින් කිව්වාම යුංගි පුංචි බබෙක් වගේ මූන එල්ලගත්තා යුංගිගේ රියැක්ෂන් එක දැක්ක ජිමින්ට හිනා යන්න ආවත් කොල්ලා හිනාව කාගෙන හිටියා
" මේකවත් හරියට හදනවා මෝඩ පූසා.."
ජිමින් මුමුනන ගමන් ගාන ලියලා යුංගිට දුන්නා යුංගි ඒක හදලා ජිමින්ට දුන්නා හැබැයි ගාන වැරදි නිසා ජිමින් යුංගිට දවල් තරු පේන්න ටොක්කක් ඇන්නා එතැනින් පසු ගෙවුණු විනාඩි කිහිපය පුරාවටම ජිමින්ගෙන් ටොකු කකා ගනන් හැදුවා
මේ අතරේ ටේහ්යුන් library එකට වෙලා හිටියේ ඒ ජිමින්ට යුංගි එක්ක තනිවෙන්න අවස්ථාව හදලා දෙන්න ඕන නිසා තමයි කොල්ලා library එකට ආවේ අනික දැන් ජිමින් වුනත් යුංගිට ආදරෙයි කියලා කොල්ලා දන්නවා හැබැයි ජිමින් ඒක යුංගිට කියන්න ලෑස්ති නැ
ටේහ්යුන් පොත් රාක්කයක් ලගට වෙලා පොත් තෝරමින් හිටියා කොල්ලා පොතක් අරගෙන පෙරලලා බැලුවා ටේහ්යුන්ගේ සිහින් දිගැටි ඇගිලි පොතේ පිටු අතරේ ගමන් කරන දිහා තව කෙනෙක් බලාගෙන හිටියා
ඒත් එක්කම කොල්ලාට දැනුනේ එයාගේ පිටිපස්සේ කවුරුහරි ඉන්නවා කියලා ඒ නිසා ටේහ්යුන් හැරෙන්න හැදුවත් ඒක හරි නොගියේ එයාට පිටිපස්සේ හිටපු කෙනා කොල්ලාගේ ඉනෙන් අල්ලපු නිසා
" යාහ්හ්හ්...! තමුන් කවුද..?"
ටේහ්යුන් ඇබරෙන ගමන් ඇහුවා මොකද ඒ කොල්ලාට හුරුපුරුදු ස්පර්ශයක් නෙවෙයි
" මාව අදුරගන්නම බැරි ද බබා..?"
ටේහ්යුන් කනට කරලා හස්කි වොයිස් එකකින් කිව්වාම කොල්ලාගේ ඇස් ලොකු වුනා
" බෝගම්....?"
" Yes My baby.."
ඔව් ඒ ජන්කූක් නෙවෙයි බෝගම් ඇවිත් හිටියේ ටේහ්යුන් library එකට එන දිහා බලාගෙන හිටපු බෝගම් කට කොනින් හිනාවක් එක්ක library ආවේ මේ වෙලාවට වැඩිය කවුරුවත් library එකේ රැදෙන්නේ නැති නිසා
" මට යන්න දෙන්න බෝගම්..."
බෝගම් හැඩි දැඩි අත් වලින් බේරෙන්න ට්රයි කරන ගමන් කොල්ලා කිව්වා ටේහ්යුන්ගේ ඇස් වල කදුලු පිරිලා කොල්ලාට දැනුනේ හරි මූසල හැගීමක් කොල්ලා දගලන්න දගලන්න ටේහ්යුන්ගේ ඉනේ රැදුනු බෝගම්ගේ අත් තද වුනා
" එහෙම යන්න දෙන්න ඕන නම් අල්ලගන්නේ නැ නේ බබා.."
බෝගම් කට කොනින් හිනාවක් එක්ක කියලා ටේහ්යුන්ව අනිත් පැත්ත හරවලා පොත් රාක්කයට මැදි කරගත්තා ටේහ්යුන් කදුලු පුරවගෙන අතේ තියෙන පොතත් පපුවට තුරුල් කරගෙන අසරණව බෝගම් දිහා බලාගෙන ඉදිද්දී බෝගම් නම් බලාගෙන හිටියේ කොල්ලාගේ වෙව්ලන රෝස පැහැති දෙතොල් දිහා
ටේහ්යුන්ගේ දෙතොල් දිහා බලාගෙන හිටපු බෝගම් කෑදරකමින් තමන්ගේ තොල් තෙත් කලා එහෙම්ම බෝගම් කොල්ලාගේ මූනට පහත් වුනේ ඒ දෙතොල් සිපගැනීමේ දැඩි ආසාවෙන් ටේහ්යුන් නම් මුහුදෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙනවා
කොල්ලගෙයි බෝගම්ගෙයි තොල් අතරේ සෙන්ටිමීටරයක තරම් පරතරයක් තියෙද්දී එකපාරට බෝගම් පිටිපස්සට ඇදිලා ගියා බෝගම්ගේ අත් වලින් නිදහස් වුනු බව තේරුනු ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ එයාගේ ඉදිරියේ ඉන්න පුද්ගලයා දිහා
" ජන්කූක්....!"
ඒ ඇවිත් හිටියේ ජන්කූක් තමයි ටේහ්යුන් පන්තියේ නොහිටපු නිසා library එකේ ඇති කියලා හිතපු ජන්කූක් library එකට ආවාම දැක්කේ දකින්න බලාපොරොත්තු නොවුනු දර්ශනයක් ටේහ්යුන්ව කිස් කරන්න හදන බෝගම්ව දැක්කාම කොල්ලා අත් මිට මෙලවුනා
" උබට කොහෙන් ආපු හයියකට ද ටේහ්යුන්ව ඇල්ලුවේ..? කතා කරපන් "
ඇස් රතු කරගෙන රාක්ෂයෙක් වගේ ජන්කූක් බෝගම්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලාගෙන කිව්වා ජන්කූක්ගේ අත් වල කොල පැහැති නහර ඉලිප්පිලා තිබුනා
" උබේ slut මමත් පොඩ්ඩක් පාවිච්චි කලා කියලා මුකුත් වෙන්නේ නැ "
බෝගම් කට කොනින් හිනාවක් එක්ක කියද්දී ජන්කූක් අත මිට මොලවලා බෝගම්ගේ මූනට ගැහුවා
" මොකද්ද ප#කයෝ තෝ කිව්වේ..? ආපහු කියපන්.. ඌ මගේ slut වුනත් උබට අයිතියක් නැ මගේ දේවල් වලට අතක් තියන්න ඌ මගේ...! ටේහ්යුන් මගේ..! ටේහ්යුන් අයිති මේ ජියොන් ජන්කූක්ට විතරයි..!"
ජන්කූක් කේන්තියෙන් කෑගහලා කියද්දී ටේහ්යුන්ගේ ඇස් ලොකු වුනා ජන්කූක්ගේ පහරවල් නිසා බෝගම්ගේ නහයෙන් ලේ ඇවිත් තිබුනා බෝගම් කේන්තියෙන් ජන්කූක්ට පයින් ගැහුවාම කොල්ලා අනපේක්ෂිත පහර නිසා විසි වෙලා ගිහින් පොත් රාක්කේ වැදිලා බිම වැටුනා
" ජන්කූක්..!"
ටේහ්යුන්ට කෑගැහුනා කොල්ලා අත් දෙකෙන්ම කටත් වහගෙන ඇස් වල පිරිලා තිබුණු කදුලු බිදු එක දෙක කඩාගෙන හැලුනා
" මට ඒවා වැඩක් නැ යකෝ.. මට දෙයකට ආස හිතුනොත් ඒක අනිවාර්යයෙන් මගේ කරගෙන පස්ස බලන්නේ.."
බෝගම් ඇස් කොනින් ටේහ්යුන් දිහා බලන ගමන් කියද්දී ජන්කූක් දත්මිටි කාගෙන අතමිට මොලවලා පොලොවට ගහලා නැගිටලා පොත් රාක්කේ තිබුණු ටිකක් ලොකු පොතක් අරගෙන බෝගම්ට ගැහුවා පොත කරකැවිලා ඇවිත් බෝගම්ගේ නලලට වැදුනා බෝගම් නලල අල්ලාගෙන පහත් වෙද්දී ජන්කූක් අතමිට මොලවලා බෝගම්ගේ බඩට ගැහුවා
" උබ උබේ මාරයා ලගට ගෙන්න ගන්න හදන්නේ... උබව පෙති ගහනවා යකෝ.. උබ තාම ජියොන් ජන්කූක් කවුද කියලා දන්නේ නැ උබව මරනවා පරයා "
බෝගම්ට ගහන ගමන් ජන්කූක් කේන්තියෙන් කිව්වා බෝගම්ට හොදටම තුවාලයි තවත් මෙහෙම ජන්කූක්ගෙන් ගුටි කෑවොත් බෝගම් මැරෙනවා ෂුවර්
" ජන්කූක් ඔය ඇති... ජන්කූක් නවත්තන්න "
ටේහ්යුන් කොල්ලාගේ අතින් අදින ගමන් කිව්වත් වැඩක් වුනේ නැ ජන්කූක් යකා වගේ ගහගන්නවා අනිත් පැත්තෙන් බෝගම් ජන්කූක්ට සෙකන්ඩ් වෙන්න ලෑස්ති වුනේ නැ
" ජන්කූක් අනේ...! නවත්තන්න..... චේබල්..!"
ජන්කූක්ගේ ඉන වටේ අත් යවපු ටේහ්යුන් කොල්ලාගේ පිටට ඔලුව හේත්තු කරගෙන හැඩුම් බර හඩකින් කියද්දී බෝගම්ට ගහන්න උස්සපු අතත් ජන්කූක් පහත හෙලුවා
" උබයි උබේ ලග වැටීගෙන කකුල් ලෙවකාගෙන ඉන්න බල්ලායි පරිස්සමින් ඉදපන්.."
බෝගම් ශර්ට් එකේ තිබුණු දූවිලිත් පිහිදගෙන ජන්කූක්ට කිව්වා
" මොකද්ද තෝ කිව්වේ පරයා... කවුද හු#% මගේ කකුල් ලෙවකන්නේ ඌ මගේ හොදම යාලුවා උබව මරනවා හු#%.. තෝව පෙති පෙති ගහනවා අතහැරපන් ටේහ්යුන් මාව "
ජන්කූක් කෑගහලා ටේහ්යුන්ගේ අත් වලින් බේරිලා යන්න හදද්දී කොල්ලා අත් තද කරලා ජන්කූක්ගේ පිටට කිස් එකක් දුන්නේ ජන්කූක් පුදුමයට පත් කරමින්
ඒ අතරේ බෝගම් කට කොනින් හිනා වෙලා නොන්ඩි ගසමින් යන්න ගියා බෝගම් ගිහින් ටික වෙලාවක් යනකනුත් ටේහ්යුන් ජන්කූක්ව හග් කරගෙන හිටියා කොල්ලා එයාගේ බද වටේ එතිලා තියෙන ටේහ්යුන්ගේ අත් දිහා බලාගෙන හිටියා
ටිකකින් ටේහ්යුන් ජන්කූක්ගෙන් ඈත් වුනා කොල්ලා බිම බලාගෙන ඉදිද්දී ජන්කූක් ටේහ්යුන්ගේ පැත්තට හැරුනා කොල්ලා බිම බලාගෙන ඉන්නවා දැක්ක ජන්කූක්ට හිනාවක් ගියා ඒ හිනාව වෙනදාට ඇදෙන කට කොනේ හිනාවක් නෙවෙයි ආදරනීය හිනාවක්
" මොකද තමුසේ බිම බලාගෙන ඉන්නේ.."
ජන්කූක් කේන්තිය පිරුනු හඩකින් අහද්දී කොල්ලා ගැස්සිලා ගියා ඇත්තටම ජන්කූක්ගේ කේන්තිය නිවිලා තිබුණේ ටේහ්යුන්ගෙන් ලැබුනු අනපේක්ෂිත කිස් එක නිසාවෙන් ඒත් කොල්ලා බය කරන්න ඕනකමට ජන්කූක් කේන්තියෙන් වගේ කතා කලා
" සොලි...!"
ටේහ්යුන් සිහින් හඩකින් මිමිනුවාම ජන්කූක්ට හිනාවක් ගියා කොල්ලාගේ හිනාව දකින්න නම් ටේහ්යුන්ට බැරි වුනා
" තමුසේ ආපහු ඌ ඉන්න තැනක හතර මායිමක ඉන්න බැ හැබැයි උබ ඉදලා මට අහුවුනොත් මම ඌටත් ගහලා තමුසෙටත් රිදෙන්නම පාඩමක් උගන්නලා නවතින්නේ.."
ජන්කූක් අනක් වගේ කියද්දී කොල්ලා ඔලුව වැනුවා
" මට උබලාගේ ගොලු භාෂාව තේරෙන්නේ නැ කට ඇරලා කතා කරපන් කටේ රාමෙන් ද යකෝ "
" හරි.."
" මොකද්ද හරි ආ.."
" ඔයා කියපු දේ කරන්නම් කියලා කිව්වේ "
ටේහ්යුන් හොරහින් ජන්කූක් දිහා බලන ගමන් කියද්දී ජන්කූක් කොල්ලා දිහා බලාගෙන හිටියා
" මෙතන ඉන්නේ නැතුව පලයන් පන්තියට "
ජන්කූක් කිව්වාම කොල්ලා ඔලුව උස්සලා ජන්කූක් දිහා බැලුවා කොල්ලාගේ දකුනු ඇහැ ලග නිල් වෙලා තොල පැලිලා ලේ ඇවිත් ශර්ට් එකේ බටන් කැඩිලා කොල්ලාගේ පපුව නිරාවරණය වෙලා තියෙනවා දැක්ක ටේහ්යුන් කෙල ගිල්ලා තවත් ටේහ්යුන් දිහා බලා නොයිද ජන්කූක් කොන්දක් අල්ලාගෙන අඩි කිහිපයක් ගියා
" ජන්කූක්..."
ටේහ්යුන්ගේ කටහඬ ඇහෙනකොට ජන්කූක් නැවතුනා
" මොකද..?"
" මෙඩිකල් රූම් එකට යමු ඔයාට අමාරුයි වගේ "
ජන්කූක්ට ලං වෙන ගමන් ටේහ්යුන් කිව්වා
" මට ප්රශ්නයක් නැ තමුසෙගේ වැඩක් තමුසේ කරගන්නවා "
" මට බැ...! ඔයා අමාරුවෙන් ජන්කූක් ඉන්නේ "
" මට ඇති අමාරුවක් නැ ඕයි තේරුම් ගන්නවා "
ජන්කූක් කෑගහලා කිව්වාම ටේහ්යුන් හුස්මක් පහත හෙලුවා
" මේ ජන්කූක්...! මොකද ඔච්චර මුරන්ඩු ආ ඔයා අමාරුවෙන් ඉන්නේ කියලා දකින ඕන මී හරකෙක්ට තේරෙනවා පන්ඩිත නොවී එනවා යන්න ඔයා මෙහෙම ඉදිද්දී මම කොහොමද දාලා යන්නේ "
ටේහ්යුන් මුල් ටික හයියෙන් කියාගෙන ගිහින් අන්තිම ටික හිමින් කිව්වා හා කන් තියෙන ජන්කූක්ට නම් කොල්ලා හිමින් කියපු ටිකත් ඇහුනා
" තමුසේ පුදුම වදයක් ඕයි යමන් ඉතින් "
ජන්කූක් කිව්වාම ටේහ්යුන් එයාගේ පෙට්ටි හිනාව ප්රදර්ශනය කලා ඊට පස්සේ ජන්කූක් එක්ක මෙඩිකල් රූම් එකට ගියා ටේහ්යුන් කොල්ලා ගැන care කරනකොට ජන්කූක්ගේ හිතට අමුතු සතුටක් දැනුනා ඒ එයාගේ ඔම්මාගෙන් යුංගිගෙන් පස්සේ එයා ගැන හිතපු එකම කෙනා ටේහ්යුන් නිසා වෙන්න පුලුවන්
To be continue.................♡︎
ලේකම් පට්ටමක් සෙට් වෙලා දැන් වැඩ ඩබල් වෙලා තියෙන්නේ ඉහිම් ඉහිම් වේදනයි
(කදුලු පුරවගෙන ඉන්න පූසාගේ ස්ටිකරේ)
Bạn đang đọc truyện trên: AzTruyen.Top