21 • 𝙳𝚒𝚏𝚏𝚎𝚛𝚎𝚗𝚌𝚎 •

ටේහ්‍යුන් වෙනදා වගේ ස්කූල් එකට යන්න පිටත් වුනේ නම්ජූන් එක්ක වෙනදාට තොරතෝංචියක් නැතුව කච කච ගගා කියවන කොල්ලා නිහඩව ඉන්නකොට නම්ජූන්ට අමුත්තක් දැනුනා පස්සේ ඒ ගැන අහනවා හිතපු නම්ජූන් ස්කූල් එක ඉස්සරහ කා එක නවත්තලා ටේහ්‍යුන්ගේ නලලට කිස් එකක් දුන්නාම කොල්ලා හිනා වුනා නම්ජූන්ට බායි කිව්ව ටේහ්‍යුන් ස්කූල් එක ඇතුලට ඇවිදගෙන ගියා

කොල්ලා ක්ලාස් එකට යනකොට යුංගි ජිමින්ගේ අතකින් අල්ලාගෙන ලොකු කතාවක හිටියේ ජිමින්ගේ මූනේ හිනාවක් තිබුනා සති දෙකකට පස්සේ අද තමයි යුංගි ස්කූල් ආවේ අදින් කොල්ලාගේ දඩුවම් කාලය හමාරයි ටේහ්‍යුන් එනවා දැක්ක යුංගි ජිමින්ගේ කම්බුලට කිස් එකක් දීලා මුකුත් නොවුනු ගානට විසිල් එකකුත් ගහගෙන යන්න ගියේ පන්තියේ හිටපු ලමයි කම්ෆියුස් වෙලා බලාගෙන ඉදිද්දී

" කොට පාත්තයාට මෝනින් කිස් එක දැන් ද හම්බුනේ "

ටේහ්‍යුන් කට කොනින් හිනාවක් එක්ක ඇහුවේ චෙරි ගෙඩියක් වගේ රතු වෙලා ඉන්න ජිමින්ගෙන්

" පල පල යන්න "

",උබ ඌට කිව්වා ද.."

ටේහ්‍යුන් ජිමින් ලගින් වාඩිවෙන ගමන් ඇහුවා

" අනී...! එයාට මට ලං වෙන්න අවස්ථාවක් දුන්නා තව ටික කාලයක් ඔහොම හිටපුවාවේ"

ජිමින් යුංගිගේ වැඩ මතක් කරන ගමන් හිනාවක් එක්ක කිව්වාම ටේහ්‍යුන් හිනා වුනා ඊට පස්සේ දෙන්නා කතාවට වැටුනා ටිකකින් පාසල් සීනුව නාද වුනේ පාසලේ අධ්‍යයනය කටයුතු ආරම්භ කරන බව දන්වමින් පාසලේ තැන සිටිය සිසුන් පන්තියට පැමිනියා ඒත් එක්කම වෙනදා වගේම පන්තියේ දොරට පයින් ගහගෙන ඇතුල් වුනු ජන්කූක් පන්තිය පුරා ඇස් යැව්වේ තමන්ගේ හිත හොයන රුව දැක ගැනීමේ ආසාවෙන්

පන්තියේ කොනක ඉන්න ටේහ්‍යුන්ගේ ලග කොල්ලාගේ ඇස් නැවතුනා ඒ වෙනකොටත් ටේහ්‍යුන්ගේ ඇස් ජන්කූක්ගේ ලග නැවතිලා තිබුණේ ඒ ඇස් එකට හමුවෙද්දී ටේහ්‍යුන් ටිකක් ගැස්සුනා ජන්කූක් කොල්ලා දිහා බලාගෙන කට කොනින් හිනාවක් එක්ක පන්තියේ තමන්ට හිමි තැනින් වාඩිවුනා ජන්කූක්ගේ පස්සෙන් ආපු යුංගි ජිමින්ට ඇහැක් ගහලා ජන්කූක්ගේ ලගින් වාඩිවුනා

" Good Morning ලමයි...!"

උදෑසන සුභ පැතුමක් එක් කරමින් පන්ති භාර මිස් පන්තියට ඇතුල් වුනේ මද සිනාවක් සමගින්

" අද ඔයාලාට කියන්න විශේෂ දෙයක් තියෙනවා "

" ඒ මොකද්ද මිස්..? ආපහු පිනාගේ කන්නාඩි කූට්ටම ලෙෆ්ට් ද...?"

එක ලමයෙක් අහද්දී අනිත් අය හිනා වෙද්දී මිස් රැව්වා

" Shut up...! විකාර කියවන්න විතරයි දන්නේ ඔයාලාගේ term test ලබන සතියේ ඉදලා පටන් ගන්නවා "

" අයියෝ...! යේක පුදුම සාපයක් වුනා නේ "

ඒ ප්‍රවෘත්තිය එක්ක ලමයින්ගේ මූනු වල තිබුණු හිනාව මැකිලා ගියා එයාලා මේ ලෝකේ අහන්න අකමැතිම වචන එක්සෑම් කියන වචනය තමයි

" ඔයාලාගේ සාකච්ඡා පස්සේ කරගන්න දැන් පාඩමට අවධානය දෙන්න "

පන්තියේ ලමයි නිශ්ශබද කරගත්ත මිස් පාඩම පටන් ගත්තා යුංගිටයි ජන්කූක්ටයි අනුව නම් එක්සෑම් කියන්නේ හෙලවෙන මනසට ඒ නිසා කොල්ලෝ දෙන්නා නම් ඒක වැඩිය ගනන් ගත්තේ නැ

________________________

" කියුටී..."

පලවෙනි කාලච්ජේදය අවසන් වෙනකොටම යුංගි ජිමින් ලගට ආවා

" මොකද...?"

ජිමින් කොල්ලව වැඩිය ගනන් ගන්නේ නැතුව කතා කලා ජිමින්ගේ ලොකු ලයින්...!

" කිස් එකක් "

යුංගි පූස් පැටියෙක් වගේ ජිමින් දිහා බලාගෙන කියනකොට ටේහ්‍යුන්ට කැස්සක් ආවා

" මම කැපුනා එහෙනම් "

ටේහ්‍යුන් එහෙම කියලා නැගිටලා ගියේ ඒ දෙන්නාට ඕන දෙයක් කරගන්න දීලා

" කියුටි..."

ජිමින් රවාගෙන ඉන්නවා දැක්ක යුංගි කොල්ලාට කතා කලා

" තවුසේ.. බලුකිස්තාන් ලොම් හැලුනු පූස් තඩියා ටේ ඉන්න තැන මොකද්ද අර තවුසේ කිව්වේ ලැජ්ජාවක් නැද්ද...? තවුසේ ආපහු කතා කරන්න එපා "

ජිමින් කොල්ලාට කියලා අහක බලාගත්තා

" අයියූ කියුටි කිස් එකක් විතරයි ඉල්ලුවේ.. ඊට වඩා දෙයක් ඉල්ලුවේ නැ "

" තමුසේ මහ වල් පූසෙක් මින් යුංගි "

ජිමින් එහෙම කියලා එතැනින් නැගිටලා ගියේ යුංගි කියුටි කියමින් කොල්ලාගේ පස්සෙන් ඇවිදගෙන යද්දී ජිමින් නම් තමන්ව නෙවෙයි වගේ ඇවිදගෙන ගියා

මේ අතරේ ජන්කූක් ටේහ්‍යුන්ගේ උකුලේ ඔලුව තියාගෙන ඇස් පියාගෙන හිටියා ටේහ්‍යුන් තමන්ගේ උකුලේ ඔලුව තියාගෙන ඉන්න කොල්ලාගේ ඔලුව අතගානවා පන්තියෙන් එලියට ආපු ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන රූෆ්ටොප් එකට ගියපු ජන්කූක් රූෆ්ටොප් එකේ බැම්මට හේත්තු වෙලා වාඩිවුනා ටේහ්‍යුන් කිසිම කතාවක් නැතුව ජන්කූක් ලගින් වාඩිවුනාම කොල්ලා ටේහ්‍යුන්ගේ උකුලෙන් ඔලුව තියාගත්තේ කොල්ලව කම්ෆියුස් කරලා ටේහ්‍යුන්ගේ අත ජන්කූක් තමන්ගේ ඔලුව මතින් තිබ්බේ ඔලුව අතගාන්න කියන්න වගේ

ජන්කූක්ගේ හැසිරීම කොල්ලව පුදුමයට පත් කලා වෙනදාට කොල්ලව ඇදගෙන ගිහින් බිත්තියකට තද කරගෙන උමතුවෙන් වගේ සිපගන්න ජන්කූක් අද සන්සුන්ව ටේහ්‍යුන්ගේ උකුලේ ඔලුව තියාගෙන ඉන්නවා

" මගේ ඔලුව රිදෙනවා ඕයි..."

කොල්ලා ඇස් පියාගෙන කියනකොට ටේහ්‍යුන් ජන්කූක්ගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා ටේහ්‍යුන්ගේ දිගැටි ඇගිලි කොල්ලාගේ කොන්ඩේ අතරේ යද්දී දැනෙන සනීපයට ජන්කූක් ටේහ්‍යුන්ට ලං වුනා ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් බලාගෙන හිටියේ ජන්කූක්ගේ සන්සුන් මූන දිහා

ජන්කූක්ගේ නලලට වැටුනු කලු පැහැති ඝන කොන්ඩය පියවුනු ඇස් පිරුනු කම්බුල් පුංචි නහය ලා රෝස පැහැයට හුරු දෙතොල් යටින් තිබුණු birthmark එක ඒ ආඩම්බරකාරයාගේ මූනට හුරතල් බවක් එක් කලා

" cute.."

ටේහ්‍යුන්ට කියවුනා කොල්ලා ඔලුව අතගාන නිසා දැනෙන සනීපයට ජන්කූක්ට නොදැනීම නින්ද ගියා කොල්ලා දිහා හිටපු ටේහ්‍යුන්ට හිනාවක් ගියේ ඇහැරිලා ඉදිද්දී රාක්ෂයෙක් වගේ ඉන්න ජන්කූක් හා පැටියෙක් වගේ එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න නිසා

" ඇයි ජන්කුකී.. ඔය තරම් නපුරු...? "

නලලට වැටුනු කොන්ඩේ පිටිපස්සට කරන ගමන් ටේහ්‍යුන් මිමිනුවා ජන්කූක් ආඩම්බරකාර මූන දිහා කොල්ලා බලාගෙන හිටියේ හාට්ටුව එකසිය ගානට ගැහෙද්දී

ජන්කූක් නම් සුව නින්දක හිටියේ ඒ විශාල mansion එක ඇතුලේ කොල්ලාට නිදාගන්නවත් නිදහසක් තිබුණේ නැ මිස්ටර් ජියෝන්ගේ හැසිරීම කොල්ලාට ගෙනාවේ කලකිරීමක් මුලදී ජන්කූක් මිස්ටර් ජියොන් ඔය ප්‍රශ්න නිසා රන්ඩු වුනා කොල්ලා කට ගහගෙන ගිහින් මිස්ටර් ජියොන් කොල්ලාට හොදටම බෙල්ට් එකකින් ගැහුවා හේවොන් අඩ අඩ ජන්කූක් බේරගන්න හැදුවත් මිස්ටර් ජියෝන් හේවොන් එතැනින් යැව්වා ඉතින් කොල්ලා දිගින් දිගටම මේ ගැන කතා කරලා මිස්ටර් ජියොන්ගෙන් ගුටි කෑවා එහි අවසන් ප්‍රතිඵල වශයෙන් වුනේ ජන්කූක් මිස්ටර් ජියොන්ගෙන් ඈත් වුනු එක

කොල්ලාගේ වයසේ හැටියට එයා දකින දේවල් ඒ මනසට බර වැඩියි ඉතින් ජන්කූක් එයාගේ ඔම්මාගෙන් පස්සේ සැනසීමක් දැනුනු එකම කෙනා ලගට ආවේ නිදහසක් හොයාගෙන ජන්කූක් නොදන්නා අහේතුක හේතුවක් නිසා කොල්ලාට ටේහ්‍යුන්ගේ ලග ඉන්නකොට නිදහසක් දැනුනා

" ජන්කුකී.."

ටේහ්‍යුන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් සිහින් ආදරනීය හඩකින් ජන්කූක් ඇමතුවා

" ජන්කුකී...නැගිටින්නකෝ..."

ආපහු කොල්ලාට කතා කලාම ජන්කූක් තව ටිකක් ටේහ්‍යුන්ට තුරුල් වුනේ කෙදිරිල්ලක් පිට කරන ගමන් දැන් ජන්කූක් නැගිටින්නේ නැ කියලා තේරුනු කොල්ලා හුස්මක් පහත හෙලලා රූෆ්ටොප් එකේ බැම්මට හේත්තු වෙලා නිල් පැහැයෙන් දිස්වෙන අහස දිහා බලාගෙන හිටියා කොල්ලාගේ එක අතක් ජන්කූක්ගේ කොන්ඩේ අතරේ රැදිලා තිබුනා
.

.

.
පැයක් දෙකක් ගත වෙනකොට ජන්කූක් කෙදිරිල්ලක් එක්ක ඇස් ඇරියා ඒ වෙනකොට පාසලේ විවේක කාලය වෙනුවෙන් සීනුව නාද වී විනාඩි කිහිපයක් ගත වෙලා තිබුනා ජන්කූක් ඇස් ඇරිය ගමන් දැක්කේ අහස දිහා බලාගෙන ගැඹුරු කල්පනාවක රැදිලා ඉන්න ටේහ්‍යුන්ව

කොල්ලාගේ අත තාමත් ජන්කූක්ගේ කොන්ඩේ රැදිලා තිබුනා ජන්කූක් හිරු එලිය වැටිලා දිලිසෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ ටේහ්‍යුන් දිව්‍යලෝකයෙන් මෙලොවට බැහැපු සුරදූතයෙක් වගේ ඒක ජන්කූක් වුනත් පිලිගත්තා

" ඔහ්..! ජන්කුකී නැගිට්ටා ද...?"

ටේහ්‍යුන් අහිංසක හිනාවක් එක්ක අහද්දී ඒ සිහින් හඩත් එක්ක මෙතෙක් ටේහ්‍යුන්ගේ ලෝකේ තනිවෙලා හිටපු කොල්ලා මෙලොවට ආවා

" ම්ම්ම්..."

ජන්කූක් මිමිනිල්ලක් එක්ක කොල්ලාගේ උකුලෙන් නැගිට්ටා

" මම යනවා..."

ජන්කූක් එහෙම කියලා නැගිටලා අත් දෙකත් සාක්කුවට දාගෙන යන්න ගියා

" පුදුම නපුරුකමත් නේ හූම්.."

තොල් පිට පෙරලගෙන ටේහ්‍යුන් මිමිනුවේ මෙච්චර වෙලා කොල්ලාගේ උකුලට වෙලා සැපට නිදාගෙන ඉදලා කිසිගානක් නැතුව ජන්කූක් නැගිටලා ගියපු නිසා

එදා දවස එහෙම ගෙවිලා යද්දී ස්කූල් අවසන් වෙලා ජිමින්ට සමුදීලා ජින් එක්ක mansion එකට ආවා වොෂ් එකක් දාගෙන කාලා බීලා රූම් එකට ගියේ ලබන සතියේ තියෙන එක්සෑම් එකට පාඩම් කරන්න අපි එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කලාට ටේහ්‍යුන් වගේ ඉගැනීමට මුල් තැන දීපු දරුවන් සති දෙක තුනක ඉදලා පාඩම් කරනවා

ටේහ්‍යුන් පාඩම් කරන්න පොත අතට ගත්තත් එදා කොල්ලාගේ ඔම්මා කියපුවා මතක් වෙද්දී කොල්ලාගේ ඇස් වලට කදුලු පිරුනා ටේහ්‍යුන් මොනාද කරන්නේ කියලා බලන්න රූම් එකට ආපු ජින් දැක්කේ කදුලු පුරවගෙන පොත දිහා බලාගෙන ඉන්න කොල්ලාව

" ටේ බෙයාර්....! ඇයි පැටියෝ මේ ඇස් වල කදුලු..."

ජින් ඇහුවේ ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් ජින්ගේ ආදරනීය කටහඬ ඇහුනාම කොල්ලා ජින් බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තාම ජින් බය වුනා

" මගේ මැනික මොකද මේ අඩන්නේ...? පපාට කියන්න පැටියෝ ස්කූල් එකේ කවුරුහරි මොනාහරි කිව්වා ද..? "

ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට වැනුවා

" එහෙනම් මොකද්ද වුනේ පැටියෝ..? පපාට කියන්න අඩන්න එපා බෙයාර් මගේ පැටියා අඩනවා දකිනකොට පපාටත් ඇඩෙනවා "

ජින් ටේහ්‍යුන්ව තුරුල් කරගෙන කිව්වා ජින්ගේ ඇස් වල කදුලු පිරිලා කොල්ලාට එක විනාඩියකට හිතුනා තමන්ව කුනු ගොඩක් වගේ පැත්තකට විසි කරලා දාලා සතුටින් ජීවත් වෙන තමන්ගේ ඔම්මා වෙනුවෙන් අඩලා තමන්ට පන වගේ ආදරේ කරන තමන්ගේ එක කදුලක් දකින්න බැරි එයාගේ පපාව රිද්දන්නේ ඇයි කියලා

" ප..පා.."

ටේහ්‍යුන් වෙව්ලන හඩකින් කතා කලාම ජින් කොල්ලාගේ මූන දෝතට අරගෙන කොල්ලාගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු මහපටගිල්ලෙන් පිසදැම්මා

" පපාට කියන්න බෙයාර් මොකද වුනේ "

" පපා මට ඔම්මාව හම්බුනා.."

කොල්ලා එහෙම කිව්වාම ජින්ගේ හදවත නැවතුනා වගේ දැනුනේ ජින් කොල්ලව තදින් තුරුල් කරගත්තේ කවුරු ටේහ්‍යුන්ව ඉල්ලුවත් දෙන්නේ නැ කියලා හිතාගෙන ඒ ටේහ්‍යුන්ගේ ඇත්තම ඔම්මා අප්පා වුනත්

" එයාට මාව එපා ලු පපා...! මම කාලකන්නියෙක් ලු..! මම නිසා එයාගේ ජීවිතේ විනාස වුනා ලු "

ටේහ්‍යුන් අඩන ගමන් කියද්දී කොල්ලාගේ වචන නිසා මෙතෙක් ජින්ගේ ඇස් වල තිබුණු කදුලු කම්බුල් දිගේ ගලාගෙන ගියා ජින්ට ඒ ගෑනි කවුරු වුනත් හොයාගෙන ගිහින් කන පැලෙන්න දෙකක් ගහලා එන්න හිතුනා ඒ තරම් කේන්තියක් ජින්ට ඇති වුනේ ඒ තරම් දරුනු වචන කොහොමද මේ හුරතල් මූන දිහා බලාගෙන කියන්න තරම් නපුරු වෙන්නේ

" මගේ මැනික කාලකන්නියෙක් නෙවෙයි මගේ පැටියා නිසා කාගෙවත් ජීවිත විනාස වුනේ නැ එයාට වාසනාව නැ මේ වගේ බෙයාර්ව හුරතල් කරන්න දන්නවා ද බෙයාර් සමහර අයට ඔම්මා කෙනෙක් වෙන්න වාසනාවක් නැ සමහර අය ඉන්නවා ඒ වාසනාව තිබුනත් ඒක විදින්න බැරි ඔයාගේ ඔම්මා එහෙම කෙනෙක් බෙයාර් එයා ඔයාව මේ ලෝකෙට බිහි කලාට එයාට වාසනාවක් නැ බෙයාර්ව මෙහෙම තුරුල් කරගෙන ආදරෙන් කතා කරන්න බෙයාර්ට කවන්න පොවන්න හුරතල් කරන්න එයා වැටි වැටි නැගිටින්න උත්සාහ කරනවා බලන්න එයා ටික ටික ලොකු වෙන දිහා බලාගෙන ඉන්න ඔයාගේ ඔම්මාට වාසනාව නැ එහෙම බැලුවොත් මගේ රත්තරං නෙවෙයි කාලකන්නියා මගේ බෙයාර් ඔම්මා කියන කෙනා...! "

ජින් කොල්ලාගේ ඔලුව අතගාන ගමන් කිව්වා ජින්ට තුරුල් වෙලා ටේහ්‍යුන් ජින් කියන හැමදේම අහගෙන හිටියා

" බෙයාර් මොකටද මෙච්චර කාලයක් ඔයා දුක්විදිනකම් නොබලපු කෙනෙක් ගැන හිතලා තවත් දුක් වෙන්නේ..? මගේ පැටියාට පපා ඉන්නවා ඕන දේකට පපා මගේ බෙයාර්ට ගොඩක් ආදරෙයි අප්පාත් මගේ බෙයාර්ට ගොඩක් ආදරෙයි මේ නිසා ද පහුගිය දවස් වල දුකින් හිටියේ ම්ම්ම්.."

ජින් අහද්දී කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා

" ඕවා අමතක කරන්න බෙයාර්.. කවුරු නැත්තත් පපා බෙයාර්ට ඉන්නවා ඔයාට පපා එක්ක ඕන දෙයක් කියන්න පුලුවන් හිතේ තියාගෙන තනියෙන් විදවන්න එපා බෙයාර් එතකොට පපාටත් දුකයි නේ රත්තරං "

ටේහ්‍යුන් ඔලුව උස්සලා ජින් දිහා බැලුවාම ජින් කොල්ලාගේ නලලට ආදරනීය හාදුවක් තැවරුවා ටේහ්‍යුන් හිනා වෙලා ජින් දිහා බැලුවා එයාට මෙච්චර ආදරේ කරන පපා කෙනෙක් අප්පා කෙනෙක් ඉදිද්දී තවත් මොකටද එයාව දාලා ගියපු කෙනෙක් වෙනුවෙන් අඩන්නේ...?

" අලාවියෝ පපා..."

ටේහ්‍යුන් හුරතලේට තොල් උල් කරගෙන කියද්දී ජින් හිනා වුනා

" අලාවියෝ ටූ.."

කොල්ලාගේ කම්බුල් මිරිකන ගමන් කිව්වා

" හරි හරි දැන් මගේ බෙයාර් පාඩම් කරන්න මොනාහරි ඕන වුනොත් පපාට කතා කරන්න "

" හලේ.."

ජින් කොල්ලාගේ කොන්ඩේ අවුස්සලා ටේහ්‍යුන්ගේ රූම් එකෙන් එලියට ගියා ටේහ්‍යුන් පාඩම් කරන්න ගත්තා

To be continue................♡︎

ඔන්න අදත් අප්ඩේට් එක්ක දුන්නා

ඉස්සරහට ඩේලි අප්ඩේට් දෙන්න ට්‍රයි කරන්නම් ඉක්මනට මේ කතාව ඉවර කරලා කතා ලියන එක නවත්තන්න ඉන්නේ

Bạn đang đọc truyện trên: AzTruyen.Top