17 • 𝙵𝚒𝚐𝚑𝚝 •
ටේහ්‍යුන් සුපුරුදු පරිදි උදේම නැගිටලා ස්කූල් යන්න රෙඩි වුනා ජින් උදේ කොල්ලව ඇහැරවන්න එනකොටත් ටේහ්‍යුන් ඇහැරිලා හිටපු නිසා ජින් හිනාවක් එක්ක කිචන් එකට ගියා ටේහ්‍යුන් යුනිෆෝම් එක ඇදගෙන එයාගේ බලු සුරතලා වුනු ටැනීවත් හුරතල් කරලා පහලට යනකොට ඇහුනු සද්දයක් නිසා ටේහ්‍යුන් ගැස්සිලා ගියපු පාර තව පොඩ්ඩෙන් පඩිපෙලෙන් වැටෙනවා
" ටැනියෝ....මොකද්ද ඒ සද්දේ අහස කඩාගෙන වැටෙනවා වත් ද..? ඒත් ඇයි අහස අප්පාගේ නම කියලා කෑගහගෙන කඩාගෙන වැටෙන්නේ...?"
කොල්ලා පඩිපෙලේ අත්වැටත් අත් දෙකෙන් අල්ලාගෙන මිමිනුවා ටේහ්‍යුන් හිමින් පහලට බැහැගෙන යනකොට කිචන් එක පැත්තෙන් සුපිරි රැප් එකක් ඇහුනා
" තමුසේ මේ සතියට කඩපු කීවෙනි පිගානද මේ තමුසෙ මොනාද නම්ජූන් පොඩි කාලේ ඔම්මා කන්න දුන්නේ මී පාසනම් ද..? දස මහ යෝධයෙක්ගේ වගේ ඇගක් තියාගෙන තමුසේ ඔක්කොම සුනු විසුනු කරලා දානවා මගේ ඔම්මා තමුසෙව මැරි කරලා එනකොට දුන්නු මල් මල් පිගන් සෙට් එකෙන් එකක් තමුසේ කුඩු කරේ තමුසේ දන්නවා ද ඒ පිගන් සෙට් එක මම කොච්චර පරිස්සම් කරා ද කියලා මට අමතක වුනා බඩු කඩන දෙවියන් වහන්සේ අපේ ගෙදර වැඩ ඉන්නවා කියලා තමුසේ දෙයක් ඇල්ලුවොත් ඉවරයි නේ නම්ජූන් සතියක් යනකම් තමුසෙට ගෙදරින් කෑම නැ ගිහින් ඕන දේවාලෙකින් ගිලිනවා "
ජින් කියවගෙන යද්දී අසරණ නම්ජූන් මී පැටියෙක් වගේ අහගෙන හිටියා
" බබා මම අලුත් පිගන් සෙට් එකක් ගෙනත් දෙන්නම්..."
නම්ජූන් හිමින් ජින්ට ලං වෙන ගමන් කිව්වාම ජින් කාලි මෑනියෝ ආරූඪ වෙලා වගේ නම්ජූන් දිහා බැලුවා කොල්ලා හිමින් අඩියක් පස්සට තිබ්බේ බලපු බැල්මේ හැටියට ලිප උඩ තියෙන සෝස්පන් එක පශ්චාත් භාගය මතින් තියන්න බැරිකමකුත් නැති නිසා
" තමුසේ වගේ මී හරක් තඩියෙක්ට මමත් මොකට ආදරේ කරා මන්දා තමුසේ පිගන් සෙට් එකක් අරන් දුන්නා කියලා ඒක මගේ ඔම්මා අරන් දුන්නු එක වෙනවාද බිග්බොඩියෝ තමුසෙගේ ඇග දසමහ යෝධයෙක්ගේ වගේ තිබුනට මොලේ කජු ඇටයක් තරම්වත් නැ තමුසේ තව මුකුත් නොකියා මෙතනින් ගියොත් හොදයි "
" හරි ඉතින් යන්නම් ඔච්චර කෑගහන්න ඕන නැ නේ "
නම්ජූන් මුමුනන ගමන් කිචන් එකෙන් එලියට එනකොට හම්බුනේ ටේහ්‍යුන්ව
" අප්පා...."
" ඔහ්....ටේ ගුඩ් මෝනින් "
නම්ජූන් හිනා වෙලා කිව්වා
" ගුඩ් මෝනින් අප්පා.... පපාට කේන්ති ගිහින් වගේ "
" කේන්ති ගිහින් වගේ නෙවෙයි බෙයා කේන්ති ඇවිත් "
නම්ජූන් කිචන් එක දිහා බලන ගමන් කිව්වා
" අප්පා පපාට බයයි නේද "
ටේහ්‍යුන් කුප්ප හිනාවක් එක්ක ඇහුවා
" පිස්සු ද බෙයා අප්පා මෝහිනි නූනාටවත් බය නැ "
නම්ජූන් ගැම්මෙන් කිව්වා
" යේ යේ අප්පා බය නැති බව ටිකකට කලින් දැක්කා මී පැටියෙක් වගේ බිම බලාගෙන ඔක්කොම අහගෙන හිටියේ "
ටේහ්‍යුන් හිනා වෙන ගමන් කිව්වා
" අහ්ම්....ඒ බයකට නෙවෙයි ඔයාගේ පපාට ගෞරව කරන නිසා "
නම්ජූන් උගුර පාදලා අහක බලාගෙන කිව්වා
" අප්පාගේ බොරුව මම පිලිගත්තා කියලා හිතාගන්න "
ටේහ්‍යුන් හිනා වෙවී කිව්වාම නම්ජූන් මූන නරක් කරගෙන ටේහ්‍යුන් දිහා බැලුවා
" හරි බන් බයයි තමයි යම රජාට බය නැ ඒත් බෙයාගේ පපාට බයයි "
නම්ජූන් කිව්වාම ටේහ්‍යුන් හිනා වුනා
" අප්පා එහෙනම් පපාට බයයි කියලා පිලිගත්තා "
" වරෙන් යන්න "
නම්ජූන් ටේහ්‍යුන්ගේ කරට අතක් දාගෙන ගියා නම්ජූන් සුපුරුදු පරිදි ටේහ්‍යුන්ව ස්කූල් එක ලගින් බස්සලා ඔෆිස් එකට ගියා ටේහ්‍යුන් යනකොට ජිමින් ඇවිත් නොහිටපු හින්දා කොල්ලා පන්තියේ වාඩිවෙලා හිටියා
" ගුඩ් මෝනින් කොටිස්..."
ටේහ්‍යුන් ඇවිත් විනාඩි පහක් යන්න කලින් නිනී කෑගහගෙන ආවා නිනී ඇවිත් කොල්ලාගේ ඉස්සරහ පුටුවේ වාඩිවුනේ හිනාවක් එක්ක
" ගුඩ් මෝනින් නිනියෝ මම කියලා තියෙනවා මට ඔය නම කියන්න එපා කියලා "
ටේහ්‍යුන් කෙල්ලගේ නලලට ඇගිල්ලෙන් ඇනලා කිව්වාම නිනී කොල්ලාට රැව්වා
" දැන් ඕවා වැඩක් නැ මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕන මිස්ටර් කිම්.."
නිනී කියද්දී කොල්ලා ඇහිබම ඇකිලුවා නිනී එකපාරට ඇවිත් මෙහෙම ඇහුවාම කොල්ලාට හිතුනේ මොකක් හරි කුප්ප වැඩකට උදව්වක් ඉල්ලන්න ඇවිත් කියලා තමයි
" ඔහොම මගේ දිහා බලන්න එපා හලෝ මේක හෙන සීරියස් කේස් එකක් "
නිනී ටේහ්‍යුන්ගේ ටේබල් එක මතින් අත් දෙක තියලා හෙන සීරියස් මූඩ් එකකින් කොල්ලා දිහා බැලුවා
" හරි කියන්න බලන්න මිස් මින්ගේ සීරියස් කේස් එක "
ටේහ්‍යුන් කිව්වාම නිනී හුස්මක් පහත හෙලලා කොල්ලා දිහා බලාගෙන හිටියේ මේක අහනවා ද නැද්ද කියලා එක්කෝ ඕන හෙන ගෙඩියක් පහත් වෙන්න කියලා කෙල්ල ටේහ්‍යුන්ගෙන් මේක අහන්න තීරණය කලා
" මම මෙහෙම අහන එකට ටේහ්‍යුන්ශී අහිතක් හිතන්න එපා "
" ඒක මගේ වැඩක් අහන දෙයක් ඉක්මනට අහන්න ඕක තියාගෙන මලවන්නේ නැතුව "
" අපේ ඔප්පා ජිමික්සන්ට කැමතියි කියලා දන්නවා නේ "
නිනී එහෙම කිව්වාම නම් ටේහ්‍යුන් සීරියස් වුනා
" මට ජිමින් කිව්වා "
" ඔප්පා කරපු දේවල් වල හැටියට මම මෙහෙම දෙයක් අහන එක හරි නැ "
නිනී කිව්වාම ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා
ජන්කූක් මට කරපු දේවල් වල හැටියට ඔයාගේ ඔප්පා කරපු දේවල් එච්චර දෙයක් නෙවෙයි
ටේහ්‍යුන් හිතුවා මිසක් කියන්න ගියේ නැ
" ඔප්පාගේ දැන් හැසිරීම ඉස්සර වගේ නෙවෙයි එයා කොයිවෙලෙත් කල්පනා කරනවා ඉවරයක් නැ හරියට කන්නේ බොන්නෙත් නැ ස්කූල් ගිහින් ආවා රූම් එකට ගිහින් දොර ලොක් කරගන්නවා රෑට කන්න විතරයි එලියට එන්නේ සමහර දවසට ඒත් නැ
ඔප්පා හැගීම් හංගන්න දක්ෂයි ටේහ්‍යුන්ශී..!පුංචි දේත් අල්ලාගෙන මාත් එක්ක රන්ඩු කරන ඔප්පා දැන් වචන දෙකකට තුනකට වඩා කතා කරන්නේ නැ මම මේ දේවල් අහගත්තේත් හෙන ගේමක් දීලා එයා දුකින් ඉන්නවා බලන්න මට ඕන නැ "
නිනී දුකින් කිව්වා දෙන්නා කොච්චර රන්ඩු වුනත් නිනී යුංගිට පන වගේ ආදරෙයි යුංගිත් එයාගේ නංගිට ආදරෙයි දෙන්නාට දෙන්නා ඒක පෙන්නන්නේ නැ යුංගි නම් කොහොමටත් එයාගේ හැගීම් පිටට පෙන්නන්නේ නැ ඒ නිසා තමයි නිනී මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න තීරණය කලේ අනිත් දේවල් කොහොම ගොඩදාගතත් ආසාවට රොමෑන්ටික් ෆිල්ම් එකක්වත් නොබලන යුංගිට මේ ආත්මෙට නම් ජිමින්ව සෙට් කරගන්න බැරි බව නිනී හොදටම දන්නවා
" යුංගි කරන හැමදේම රගපෑමක් නම්..."
ටේහ්‍යුන් ඇහිබමක් උස්සගෙන සැකයෙන් ඇහුවා
" ටේහ්‍යුන්ශී ඔහොම අහන එක සාධාරණයි ඒත් ඔප්පා කරන්නේ රගපෑමක් නෙවෙයි ඔප්පා ඇත්තටම ජිමින්ශිට ආදරෙයි ඒක මට සහතිකයි ඔප්පා කවදාවත් මෙහෙම හැසිරිලා නැ ඔප්පා කරන්නේ බොරුවක් නම් මට මේ දේවල් කවදාවත් කියන්නේ නැ හැමෝටම වඩා මම මගේ ඔප්පා ගැන දන්නවා ටේහ්‍යුන්ශී එයාට කවදාවත් මගේ ඇස් දිහා බලාගෙන බොරු කියන්න බැ "
නිනී කිව්වාම ටේහ්‍යුන් හුස්මක් පහත හෙලුවා නිනී කොච්චර කිව්වත් ටේහ්‍යුන්ට යුංගි ගැන විශ්වාසයක් තිබුණේ නැ
" නිනීව විශ්වාස කරලා මම උදව් කරන්නම් හැබැයි යුංගි කවදාහරි ජිමින්ව අතහැරියොත් එදාට තමයි නිනී ටේහ්‍යුන් කවුද කියලා හරියටම දැනගන්නේ "
ටේහ්‍යුන් තදින් කිව්වාම නිනී ඔලුව වැනුවා
" මගෙන් මොකද්ද වෙන්න ඕන "
" ජිමින්ශිගේ හිතේ ඔප්පා ගැන තියෙන්නේ මොන වගේ හැගීමක් ද කියලා මුලින්ම හොයාගන්න ඕන "
නිනී කිව්වාම ටේහ්‍යුන් කල්පනා කලේ ඕක කෙලින්ම ඇහුවොත් ජිමින් ප්රශ්නය මගහරින නිසා කොහොමද අහන්නේ කියලා
" ඕක කෙලින්ම ඇහුවාට ජිමින් හරි උත්තරයක් දෙන එකක් නැ "
" ජිමික්සන් වෙන සිහියක ඉන්න වෙලාවක හරි කතාවට අල්ලාගෙන හරි සේප් එකේ අහන්න ඕක මම ඇහුවාට එයා මට උත්තරයක් දෙන්නේ නැ "
නිනී කට ඇද කරගෙන කිව්වාම ටේහ්‍යුන් හිනා වුනා
" අන්න ජිමින් එනවා.."
බෑග් එකත් එල්ලගෙන පන්තියට ඇතුල් වුනු ජිමින් දැකපු ගමන් ටේහ්‍යුන් කිව්වාම නිනී ජිමින් දිහා බලලා හිනා වුනා
" මොකද මෙයා උදේ මෙතන "
මේසේ මතින් බෑග් එක තියන ගමන් ජිමින් ඇහුවා
" වේ අපිට එන්න බැරි ද..? මේවා තහනම් කලාප ද..? "
" එන්න බැ තමයි "
ජිමින් අනිත් පැත්තට උත්තර දුන්නාම තව සුලු මොහොතකින් මෙතනින් සීතල යුද්ධයක් පටන් ගන්නවා කියලා අත්දැකීමෙන් දන්න ටේහ්‍යුන් මැද්දෙන් ඇඩ් එකක් දැම්මා
" මේන් වැන්දා උදේම දෙන්නා කෙල ගන්නේ නැතුව ඉන්නවා ද...?"
ටේහ්‍යුන් අත් දෙක එකතු කරගෙන වැදගෙන කිව්වා
" මට පාත්තයෝ එක්ක පැටලෙන්න ආසාවක් නැ මම යනවා හූම්..."
නිනී කටත් ඇද කරලා කියලා කොන්ඩෙත් ගසලා දාලා යන්න ගියා
" කවුද යකෝ පාත්තයා...?"
___________________________
ජිමින් තනියම cafeteria එකට වෙලා හිටියේ ටේහ්‍යුන් මියුසික් රූම් එකේ නිසා කොල්ලා තනියම හිටියේ cafeteria එකට ඇවිත් චොකලට් මිල්ක් ශේක් එකක් අරගෙන බිව්වා cafeteria එකේ වැඩිය පිරිසක් හිටියේ නැත්තේ දැන් ඉන්ටවල් එක ඉවර වෙලා පස්වැනි කාලච්ජේදය ආරම්භ වෙලා තිබුණු නිසා cafeteria එකේ කොනේ ටේබල් එකකින් වාඩිවෙලා මිල්ක්ශේක් එක බොන ගමන් කොල්ලා කල්පනා කලේ යුංගි ගැන
යුංගි ආදරෙයි කිව්ව දවසේ ඉදන් ජිමින්ගේ ඔලුවේ වැඩ කලේ යුංගි ගැන යුංගිගේ වෙනස්වීම කොල්ලාට හිතාගන්න බැ යුංගි ජිමින්ට සොෆ්ට් විදියට සැලකුවා ඉස්සර වගේ ඇනුම් පද නොකියා කොල්ලා වර්නනා කලා ඒත් මේ දේවල් රගපෑමක් ද කියලා ජිමින්ට හිතුනු අවස්ථා නැතුවාම නෙවෙයි
" ඒයි scholarship කාරයා මෙහේ වරෙන් "
යුංගිගේ ලෝකේ හිටපු ජිමින් ගැස්සිලා ගියේ ඒ කටහඬ නිසා
" ඕයි උබේ කන් බීරි ද...?"
ආපහු කතා කරනකොට බිම බලාගෙන හිටපු කොල්ලා ඔලුව උස්සලා ටිකක් එහාට වෙන්න තිබුණු පුටුවක වාඩිවෙලා ටේබල් එකක් උඩින් කකුල් දෙක තියාගෙන ඉන්න බෝගම් දිහා බැලුවේ බයෙන් බෝගම් මොන වගේ නසරානියෙක් ද කියලා මුලු ස්කූල් එකම දන්නවා බෝගම් කෙනෙක්ට කතා කරනවා කියන්නේ ඒක ඒ කෙනාගේ ශරීර සෞඛ්‍යයට කොහොමටවත් හිතකර දෙයක් නෙවෙයි
ජිමින් බයෙන් නැගිටලා බෝගම් ලගට ගියා කොල්ලා බෝගම්ගේ ලගට ගිහින් බිම බලාගෙන ඉදිද්දී බෝගම් කට කොනින් හිනා වුනා
" කෝ උබේ නැට්ට..?"
බෝගම් ජිමින් දිහා බලාගෙන අහද්දී කොල්ලා ගැස්සිලා ගියා
" ක්..ක..වු..ද..?"
" අර අනාතයා....! මොකද්ද උගේ නම...? අහ්හ් මතක් වෙන්නේ නැ "
බෝගම් නලල පිරිමදින ගමන් කිව්වා ජිමින් හොදටම දන්නවා මේ අහන්නේ ටේහ්‍යුන් ගැන කියලා ඒත් කොල්ලා නොදන්නා ගානට හිටියා
" හරි මතක් වුනා... ටේහ්‍යුන් ඌ කොහෙද "
" මියුසික් රූම් එකේ...."
ජිමින් සිහින් හඩකින් මිමිනුවා
" අහ් හරි උබ මට කන්න මොනාහරි අරගෙන වරෙන් "
බෝගම් කිව්වාම ජිමින් ගිහින් බර්ගර් එකකුයි තවත් කෑම වර්ග කිහිපයකුයි අරගෙන ආවා
" බොන්න දේකුත් අරගෙන වරෙන් "
ජිමින් ගිහින් බීම එකකුත් අරගෙන ආවාම බෝගම් හිතාමතා ඒක ජිමින්ගේ ඇගේ වැට්ටුවා කොල්ලාගේ සුදු පැහැති ශර්ට් එක පුරාම බීම හැලිලා කොල්ලා ශර්ට් එක දිහා බලාගෙන ඉදියේ දුකින්
" ඔහ්...සොරි.."
කපටි හිනාවක් එක්ක කිව්ව බෝගම් ජිමින්ගේ ඉනෙන් අල්ලන්න හදද්දී ඊට කලින් කවුදෝ බෝගම්ගේ අත අල්ලගත්තා බෝගම් අත අල්ලාගෙන ඉන්න කෙනා දිහා බැලුවේ කේන්තියෙන් ජිමින් ඒ අතේ අයිතිකාරයා කවුද කියලා දැක්කාම පුදුම වුනා
" උබ උබේ සීමාව පනින්න යන්නේ..."
යුංගි කේන්තියෙන් කිව්වා ඔව් ඒ යුංගි තමයි මියුසික් රූම් එකේ හිටපු යුංගිට ඇහුනේ අද ඩාන්සින් මිස් නැ කියනවා ඉතින් කොල්ලා මියුසික් මිස්ට බොරු කියලා පන්තියෙන් පැනගත්තේ ජිමින් බලන්න තියෙන වුවමනාවට ඉතින් ජිමින් හොයාගෙන cafeteria එකට ආපු යුංගිට දැකගන්න ලැබුනේ කදුලු පුරවගෙන ඉන්න ජිමින්වත් කොල්ලාගේ ඇගෙන් අල්ලන්න හදන බෝගම්වත් ඒ දර්ශනය ඇති කොල්ලාගේ මාරයා අවුස්සන්න
" ඔහ්...මින් යුංගි උබ මොකද මෙතන.."
බෝගම් අමුතු විදියට යුංගි දිහා බලන ගමන් ඇහුවා
" ඒක උබට වැඩක් නැ උබ මොකද මෙතන "
යුංගි අල්ලාගෙන හිටපු බෝගම්ගේ අත ඔහු යුංගිගේ අතින් නිදහස් කරගත්තා
" අහ්.. මම ද..? මම දැක්කා කියුට් කොල්ලෙක් තනියෙන් ඉන්නවා පොඩි ෆන් එකක් ගන්න කියලා ආවේ.."
බෝගම් ජිමින් දිහා බලාගෙන අමුතු හිනාවක් එක්ක කිව්වා ඇත්ත වශයෙන්ම කිව්වොත් බෝගම් කොල්ලව ඇස් වලින් අනුභව කලා බෝගම්ගේ බැල්ම දැක්ක ජිමින් යුංගිගේ පිටිපස්සට වුනා
" මොකද්ද උබ කියන්නේ..."
යුංගි අතමිට මොලවාගෙන කේන්තියෙන් කෑගහලා ඇහුවා
" හේයි යුංගි මොකද උබට කේන්ති ගිහින් මේ උබේ වැඩකාරයා නේ පැයකට දීපන් මට ඒ ඇති උබට ඕන නම් මම ගානක් දෙන්නම්"
බෝගම් ඇහැක් ගහන ගමන් කිව්වාම යුංගි දත්මිටි කාගෙන බෝගම්ගේ කොලර් එකෙන් අල්ලගත්තා
" ඒ මගේ වැඩකාරයා නෙවෙයි යකෝ ජිමින් මගේ කොල්ලා හු#% උබට අසහනේ නම් ඒකට ගැලපෙන කෙනෙක් හොයාගෙන හැමිනියන්.."
යුංගි කෑගහලා කියද්දී බෝගම් විතරක් නෙවෙයි ජිමින් ගැස්සිලා ගියා ජිමින් ඇස් ජිල් බෝල සයිස් කරගෙන යුංගි දිහා බලාගෙන ඉදිද්දී බෝගම් කට කොනින් හිනා වුනා
" නයිස් ජෝක් යුංගි..... උබේ slut ව කාටවත් දෙන්න අකමැතියි කිව්වා නම් ඉවරයි "
බෝගම්ගේ වචන යුංගිගේ කේන්තියෙන් තවත් වැඩි වුනා කොල්ලා අත මිට මොලවලා බෝගම්ගේ මූනට ගැහුවේ බෝගම්ගේ නහයෙන් ලේ එද්දී
" ජිමින් කියන්නේ මම ආදරේ කරන කොල්ලා ප$යෝ.. "
යුංගි බෝගම්ට බිම පෙරලගෙන ගහන ගමන් කිව්වා බෝගම් කේන්තියෙන් යුංගිගේ බඩට පයින් ගැහුවේ කොල්ලා මේසයක් පෙරලගෙන බිම වැටෙද්දී
" යුංගි...."
ජිමින් කෑගැහුවා යකා වගේ නැගිටපු යුංගි කොන්ඩෙත් අතින් පිටිපස්සට කරගෙන බෝගම්ගේ ඇගට කඩාගෙන පැන්නා
" යුංගි ඕක නවත්තන්න..."
ජිමින් සැරින් සැරේට යුංගිව නවත්තන්න උත්සාහ කරන ගමන් කිව්වත් වැඩක් වුනේ නැ යුංගි බිම දාගෙන බෝගම්ට ගහනවා දෙන්නාටම තුවාලයි
" තමුසෙලා මොකද්ද කරන්නේ....?"
To be continue.................♡︎
පිනා කරලියට පැමිනි වගයි
Bạn đang đọc truyện trên: AzTruyen.Top