14 • 𝙺𝚒𝚖 𝙼𝚊𝚗𝚜𝚒𝚘𝚗 •
ටේහ්‍යුන් හිටියේ ලොකු සතුටකින් ඒ පුංචි හිත කාලෙකට පස්සේ සතුටකින් පුරවන්න හේතු වුනේ නම්ජින් කපල් එක ජින් කොල්ලාට ආදරෙන් සලකද්දී ජින් එයාගේ පපා වුනා නම් කියලා හිතුනු අවස්ථා නොතිබුනු නෙවෙයි මිනිස්සුන්ගේ කතා නිසා රිදිලා තිබුණු ඒ හිත සනසන්න ජින්ගේ ආදරනීය වචන වලට පුලුවන් වුනා ජින්ට තිබුණේ ආදරනීය හදවතක් ඒක හැමතිස්සේම එහෙමයි කියන්න බැ ජින්ගේ අහිංසකම ආදරනීය බව පිටිපස්සේ තියෙන ඇත්ත ස්වරූපය දැකලා තියෙන්නේ එයාගේ ආදරනීය හස්බන් කිම් නම්ජූන් විතරයි
මේ වෙලාවේ ටේහ්‍යුන් හිටියේ නම්ජින් කපල් එකත් එක්ක එයාලගේ mansion එකට යන ගමන් ටේහ්‍යුන්ගේ පුංචි හුරතලා වුනු ටැනීත් කොල්ලාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා දිවත් එලියට ඇදගෙන හිටියා ටේහ්‍යුන් එක අතක් ටැනීගේ ලොම් අතරේ යවන ගමන් ශටර් එකෙන් එහා පැත්ත බලාගෙන හිටියා ඒ ඇස් සතුටින් දිලිසෙනවා ජින් සැරින් සැරේ පිටිපස්ස හැරිලා ටේහ්‍යුන් දිහා බැලුවා
" ටේ බබා..."
" ඕ පපා.."
ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන තොල් උල් කරගෙන හුරතලේට කතා කරද්දී ජින්ට කොල්ලාව එක කටට ගිලින්න හිතුනා
" මේ කොල්ලාගේ කියුට්...."
ජින් කොල්ලාගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා ටේහ්‍යුන් හිනා වුනා
" මගේ පැටියාට බඩගිනි ද..?"
ටේහ්‍යුන් රොබෝ කෙනෙක් වගේ ඔලුව වේගෙන් වැනුවාම ජින්ට වගේම නම්ජූන්ටත් පුංචි හිනාවක් ගියේ ටේහ්‍යුන්ගේ හුරතලේ හින්දා
" මොනාද අපේ ටේ බබාගේ බන්ඩිය පුරවන්න ඕන "
මෙතෙක් වෙලා නිහඩව හිටපු නම්ජූන් ටේහ්‍යුන් දිහා පොඩි බැල්මක් දාලා ඇහුවා
" ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් "
ටේහ්‍යුන් හොරහින් ජින් දිහාත් බලන ගමන් කිව්වා
" එච්චර ද ඕන ම්ම්.."
ජින් කොල්ලාගේ ඔලුව අතගාන ගමන් ඉදිද්දී නම්ජූන් ඇහුවාම ටේහ්‍යුන් ඔලුව වැනුවා
" ඉන්න මම අරගෙන එන්න "
නම්ජූන් එහෙම කියලා කා එක නවත්තලා එයාලගේ ටේ බබාගේ බන්ඩිය පුරවන්න හබුන් ගේන්න ගියා විනාඩි කිහිපයකින් නම්ජූන් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් ගොඩකුයි තව ස්නැක් පැකට් වගයකුයි උස්සගෙන ඇවිත් ටේහ්‍යුන්ට දුන්නා කොල්ලා ඇස් දොඹ ගෙඩි සයිස් කරගෙන නම්ජූන් දිහා බලාගෙන ඉදලා බෑග්ස් වලට එබිලා බැලුවා
" උහ්....ගොඩක් තියෙනවා නේ...
කුමාවෝ අප්පා "
ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරන ගමන් කිව්වා
" කුමාවෝ කියන්න ඕන නැ පැටියෝ "
නම්ජූන් කොල්ලාට ඩිම්පල් පේන්න හිනාවකින් සංග්‍රහ කරලා කිව්වා ටේහ්‍යුන් සුටුස් ගාලා ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් අරගෙන බොන්න ගත්තා ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් තමයි කොල්ලාගේ ජාතික පානය මොනා තිබුනත් වැඩක් නැ ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් නැත්නම්
කොල්ලාගේ ඇස් කදුලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ටේහ්‍යුන් මිල්ක්ශේක් බොටල් එකක් තදින් අල්ලාගෙන බිම බලාගත්තේ කදුලු හංගන්න වගේ ඒත් ජින් ටේහ්‍යුන්ගේ ඇස් වල කදුලු දැක්කා
" ටේ බබා...මොකද පැටියෝ අඩන්නේ..? මොනාහරි ප්‍රශ්නයක් ද..?"
ජින් කලබලයෙන් ඇහුවාම නම්ජූන් ඒ පැත්තට බැලුවා
" ටේ මොකද බබෝ මේ.."
නම්ජූන් අහනකොට ටේහ්‍යුන් නහය උඩට අදින ගමන් ජින් දිහා බැලුවා
" ගොඩ කාලෙකට පස්සේ ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් බිව්වේ..."
ටේහ්‍යුන් තොල් පිට පෙරලගෙන කදුලු පිරුනු ඇස් වලින් බලාගෙන කිව්වාම නම්ජින් දෙන්නාට දුක හිතුනා ඒ දෙන්නා දන්නවා ටේහ්‍යුන් කොච්චර දුක් වින්දා ද කියලා ඒ පුංචි වයසට ඕනවට වඩා දුක් වින්දා
" ඒක ද මේ ම්ම් අපේ ටේ බබා කැමති නම් හැමදාම වුනත් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් ගෙනත් දෙන්නම්.."
නම්ජූන් එහෙම කිව්වාම ටේහ්‍යුන් නම්ජූන් දිහා පුංචි හිනාවක් එක්ක බැලුවා
" ඔයා අපි දෙන්නාගේ පුංචි කොල්ලා ඕන හැමදෙයක්ම හිතේ තියාගෙන ඉන්න එපා මට හරි අප්පාට හරි කියන්න අපි ඔයාට ගෙනත් දෙන්නම් අරස්සෝ..?"
ජින් කිව්වාම ටේහ්‍යුන් ලොකු හිනාවක් එක්ක ඔලුව වැනුවා කොල්ලාගේ හිත සතුටින් පිරිලා දැන් එයාටත් එයාගෙම කියලා පපා කෙනෙකුයි අප්පා කෙනෙකුයි ඉන්නවා එයාටම කියලා ලස්සන පවුලක් තියෙනවා කාත් කවුරුවත් නැතුව හිටපු කොල්ලාට දැන් එයාගේ දුක සතුට බෙදාගන්න පවුලක් තියෙනවා
ටික වෙලාවක් ගත වෙනකොට විශාල මන්දිරයකට ඇතුල් වුනා විශාල තාප්පයකින් හා විශාල ගේට්ටුවක් සහිත සුවිසාල මන්දිරය දිහා ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා Garden එකේ කා එක නවත්තපු නම්ජූන් කා එකෙන් බැස්සා
" බහිමු පැටියෝ.."
ජින් කිව්වාම මෙච්චර වෙලා මන්දිරය දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් ටැනීවත් අරගෙන කා එකෙන් බැස්සා ටේහ්‍යුන් ඇස් කරකවමින් වටේම බලනවා කොල්ලාගේ ඇස් වලට නිදහසක් නැ
" ඇතුලට යමු බබෝ..."
ජින් ටේහ්‍යුන්ගේ අතකින් අල්ලාගෙන ඉස්සරහින් යද්දී නම්ජූන් අතකුත් සාක්කුවට දාගෙන පිටිපස්සෙන් ආවා ටේහ්‍යුන් මන්දිරයට ඇතුලු වුනාම කොල්ලාගේ කට භාගෙට ඇරුනා
" වොහ්.."
හැමදේම පිලිවෙලයි කියන්න කිසිම වරදක් නැ ටේහ්‍යුන් කැරකි කැරකි මන්දිරයේ හැමතැනම බලනවා ජින්ට කොල්ලාගේ හැසිරීම දැකලා හිනාවක් ගියා
" ටේ බබා අද ඉදන් ඔයාගේ ගෙදර මේක "
ජින් කිව්වාම ටේහ්‍යුන් හිනා වුනා නම්ජූන් ගිහින් living room එකේ තිබුණු couch එකේ වාඩිවුනා
" මගේ පැටියාට ගෙදර පෙන්නන්න යන් "
ජින් සතුටින් කිව්වාම ටේහ්‍යුන් හිනාවකින් පිලිතුරු දුන්නා නම්ජූන් ජින්ගේ සතුටින් පිරුනු මූන දිහා බලාගෙන හිටියේ ආදරනීය හිනාවක් එක්ක ජින් ටේහ්‍යුන් එක්ක කතා කරන ගමන් ගෙදර හැමතැනම පෙන්නුවා අන්තිමේ දී ආවේ ටේහ්‍යුන්ට වෙන් කරපු එයාගේ රූම් එකට ජින් රූම් එකේ දොර ඇරලා ටේහ්‍යුන්ට යන්න කියලා ඇස් වලින් කිව්වාම කොල්ලා රූම් එකට ඇතුලු වුනා
" වොහ්...පපා රූම් එක ගොඩක් ලොකුයි නේ "
ටේහ්‍යුන් එහෙම කිව්වේ එයාගේ පුංචි ගෙදර විතර ඇති එයාට වෙන් කරපු රූම් එක
" එහෙම තමයි අපේ පුංචි හුරතලේට අපි දෙන්නේ හොදම දේ "
ජින් ටේහ්‍යුන්ගේ කම්බුල් මිරිකන ගමන් කිව්වා ටේහ්‍යුන් ආසාවෙන් හැමදේම දිහා බැලුවා රූම් එක මැදට වෙන්න තිබුණු විශාල ඇද සයිඩ් එකට වෙන්න තිබුණු study table එක ක්ලෝසෙට් එක වගේම රූම් එකට බැල්කනියකුත් තිබුනා
" බබෝ එන්න "
ජින් ටේහ්‍යුන්ට කතා කරගෙන ගිහින් ක්ලෝසෙට් එක ඇරලා පෙන්නුවා ක්ලෝසෙට් එකේ වෙන වෙනම ස්කූල් යුනිෆෝම් t shirt, trousers, shoes,watch වගේ ටේහ්‍යුන්ට ඕන කරන හැමදෙයක්ම අඩුවක් නැතුව තිබුනා කොල්ලා කදුලු පුරවගෙන ක්ලෝසෙට් එක පුරා ඇස් යැව්වා
" මේ ඔක්කොම මගේ පැටියාට "
ජින් කිව්වාම කොල්ලා ජින් දිහා බැලුවා
" කුමාවෝ පපා..."
" පපාට ස්තූති කරන්න ඕන නැ කිස් එකක් දුන්නොත් නම් හොදයි "
ජින් ඇස් කරකවමින් කිව්වාම ටේහ්‍යුන් කදුලු අතරින් හිනා වෙන ගමන් ජින්ගේ කම්බුලකට කිස් එකක් දුන්නා ජින් උතුරා යන මව් සෙනෙහසින් ටේහ්‍යුන්ව තුරුල් කරගත්තා
" මගේ හුරතලේ....අඩන්න ඔට්ටු නැ හරි ද..? හිනා වෙලා ඉන්න ඕන "
කොල්ලාගේ නහය මිරිකලා ජින් කිව්වාම ටේහ්‍යුන් හිනා වුනා
" ඔන්න ඔහොම.... දැන් ගිහින් ගුඩ් බෝයි වගේ වොෂ් එකක් දාගෙන එන්න පල්ලි පල්ලි "
ජින් කෑගහනකොට ජින්ගේ අනිත් කම්බුලටත් කිස් එකක් දීලා ටේහ්‍යුන් දුවගෙන ගියා ජින් හිනා වෙවී බලාගෙන හිටියේ ටේහ්‍යුන්ගේ හුරතල් වැඩ දිහා
කාලා බීලා ඉවර වෙලා ටේහ්‍යුන්ගේ පොත් පිලිවෙලට study table එක මතින් තිබ්බා ජින් කොයිවෙලෙත් ටේහ්‍යුන්ගේ පස්සෙන්මයි ටේහ්‍යුන් හරි ඉක්මනට ගෙදර වැඩට ඉන්න මේඩ්ස්ලාගේ පවා හිත දිනාගත්තා ගොඩ කාලෙකට පස්සේ ටේහ්‍යුන් නින්දට ගියේ හිතේ ලොකු සැනසීමකින්
ජින් කොල්ලාට නින්ද යනකම් ලගට වෙලා ඔලුව අතගාන ගමන් හිටියා ටේහ්‍යුන්ට නින්ද ගියා කියලා තේරුනාම බ්ලැන්කට් එකත් හරියට පොරවලා ජින් බලාගෙන හිටියේ අහිංසක විදියට නිදාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා
" ඔයා වගේ අහිංසක දරුවෙක්ට මේ ලෝකේ නපුරු වැඩියි "
ජින් සිහින් හඩකින් මිමිනුවේ බෙයා කෙනෙක් වගේ නිදාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලාගෙන
" ටේ බබා නිදි ද...?"
ටේහ්‍යුන්ගේ රූම් එකට ඔලුව විතරක් දාපු නම්ජූන් ඇහුවා
" යේ ජුනී "
ජින් කිව්වාම නම්ජූන් සද්ද නොකර ඇවිත් ටේහ්‍යුන්ගේ ඇදෙන් වාඩිවුනා
" අපි හොද තීරණයක් ගත්තේ ජිනී..."
" යේ....නැත්නම් මේ අහිංසක කොල්ලා තවත් දුක් විදිනවා පව් අහිංසකයා..."
ජින් දුකින් කියද්දී නම්ජූන් ජින්ගේ අතකින් අල්ලගත්තා
" තවත් එයා දුක් විදින්නේ නැ ජිනී මොකද එයාට හම්බුනේ මේ ලෝකේ ඉන්න හොදම පපා "
" මම දන්නවා ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැ "
සුපුරුදු ආඩම්බරකාර ස්වරයෙන් ජින් කියද්දී නම්ජූන් හිනා වුනා
" අපිත් ගිහින් නිදාගමු "
නම්ජූන් ජින්ගේ අතකින් අල්ලාගෙන නැගිටින ගමන් කිව්වා ටේහ්‍යුන්ගේ රූම්ගේ ලයිට්ස් ඩිම් කරලා නම්ජින් දෙන්නා එයාලගේ රූම් එකට ගියේ එයලාගේ ජීවිතේට අලුතින් එකතු වුනු කොලු පැංචා ගැන හිතන ගමන්
________________________
ජන්කූක් මේ වෙලාවේ හිටියේ එයාගේ ඔම්මාගේ උකුලේ ඔලුව තියාගෙන ජන්කූක් පිටට කොච්චර නපුරු දරුනු කෙනෙක් වුනත් එයාගේ ඔම්මාගේ ලග ජන්කූක් කියන්නේ හා පැටියෙක් ජන්කූක්ගේ ඔම්මා කොල්ලාගේ ඔලුව අතගාන ගමන් ජන්කූක් නම් හිටියේ මේ ලෝකේ නෙවෙයි ටේහ්‍යුන්ගේ ලෝකේ කිව්වොත් නිවැරදියි
" මගේ හා පැටියා මොනාද ඔච්චර කල්පනා කරන්නේ..."
ජන්කූක්ගේ ඔම්මා කොල්ලාගේ මූනට එබෙන ගමන් ඇහුවා ජන්කූක් ඇදෙන් එරමිනිය ඔතාගෙන වාඩිවෙලා ඔම්මා දිහා බැලුවා
" ඔම්මා...."
" යේ මගේ හා පැටියාට ඔම්මාට කියන්න බැරි දෙයක් නැ නේ "
කොල්ලාගේ කම්බුලක් ආදරෙන් මිරිකන ගමන් කිව්වා ජන්කූක් ඔම්මා එක්ක හැමදේම බෙදාගත්තා ජන්කූක්ට ඔම්මා වෙලාවකට යාලුවෙක් වගේ මේ විශාල මන්දිරය ඇතුලේ කොල්ලා සතුටින් ඉන්නේ එයාගේ ඔම්මා ලග විතරයි ජන්කූක්ගේ ඔම්මාට ඇවිදින්න බැරි වුනත් එයාගේ අතින් ඉෂ්ට වෙන්න ඕන හැමදෙයක්ම පුලුවන් විදියට ඉෂ්ට කලා
" ඔම්මා......මගේ යාලුවෙක් ඉන්නවා "
" කවුද....? මගේ පූස් කොල්ලා ද..?"
ඔම්මා හිනාවක් එක්ක අහද්දී ජන්කූක් ඇස් හීනි කරගෙන කටත් බෙරි කරගෙන ඔම්මා දිහා බලාගෙන හිටියා
" මට ඔය පූස් තඩියා විතර ද යාලුවෙක්ට ඉන්නේ ඔම්මා.."
" යේ...."
ජන්කූක් කටත් හද හද කිව්වාම ඔම්මා ගත් කටටම ඔව් කිව්වාම කොල්ලා ඇස් දෙකත් කරකවලා හුස්මක් ගත්තා
" ඔම්මා මේ වෙන කෙනෙක් "
" හරි හරි මගේ හා පැටියා කියන්නකෝ "
ජන්කූක්ගේ ඔම්මාත් හරි උද්යෝගයෙන් කොල්ලාගේ කතාවට සවන් දෙන්න ලෑස්ති වුනා ජන්කූක්ගේ අලුත් යාලුවා කවුද කියලා දැනගන්න ඔම්මාට ලොකු වුවමනාවක් තිබුනා මොකද ජන්කූක් කවුරුවත් ලේසියෙන් ලං කරගන්න කැමති නැ ඒ නිසා ඔම්මා උනන්දු වුනේ ජන්කූක්ගේ අලුත් යාලුවා කවුද කියලා දැනගන්න
" ඔම්මා මගේ යාලුවා ෆෝන් ඕෆ් කරගෙන ගෙදරට ගිහින් බැලුවත් ගෙදරත් ලොක් කරලා "
ජන්කූක් කනස්සල්ලෙන් වගේ කියද්දී ඔම්මා කොල්ලාගේ මූන හොදට නිරීක්ෂණය කලා
" මගේ හා කොල්ලා ඔච්චර හොයලා බලලා කෙනෙක් විශේෂිත යාලුවෙක් වෙන්න ඇති නේද "
ඔම්මා ඇස් නටවන ගමන් ඇහුවා
" යාහ්හ්හ්...ඔම්මා...එහෙම කෙනෙක් නෙවෙයි "
ජන්කූක් කෑගහලා කිව්වාම ඔම්මාට ලොකු හිනාවක් ගියා
" හිනා වෙන්න එපා ඔම්මා....එයා කොහේ යන්න ඇති ද කියලා හිතාගන්න බැ "
ජන්කූක් ඔම්මාට තුරුල් වෙන ගමන් තොල් පිටපෙරලගෙන කිව්වා
" එයා එයාගේ ඔම්මා අප්පා එක්ක කොහේහරි යන්න ඇති "
" එයාට එහෙම කවුරුවත් නැ ඔම්මා "
කොල්ලා එහෙම කිව්වාම ඔම්මා එයාගේ තුරුලේ ඉන්න හා පැටියා දිහා බැලුවා
" ඒ කිව්වේ කුකී "
" එයා orphanage එකේ හැදුනු කෙනෙක් ඔම්මා "
ජන්කූක් ඔම්මා දිහා බලලා කිව්වා
" අනේ දෙවියනේ...එතකොට ඒ දරුවා කන්නේ බොන්නේ කොහොමද..?"
ඔම්මා පුදුමෙන් වගේම දුක පිරුණු හඩකින් ඇහුවා
" එයා පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා ඔම්මා "
" පව් අහිංසක දරුවා....කොහොම හැමදේම මැනේජ් කරගෙන තනියෙන් ඉන්නවා ද දන්නේ නැ කුකී ඒ දරුවාට කරදර කරන්නේ එහෙම නැ එහෙම ආරංචියක් ආවොත් මේ හා කන ගලවලා අතට දෙනවා "
ජන්කූක්ගේ ඔම්මා කොල්ලාගේ කනින් අදින ගමන් කිව්වා
" ආව්....ඔම්මා සිදෙනවා ඔම්මාගේ හා පැටියා නෝටි වැඩ කරන්නේ නැ හූම් "
ජන්කූක් එහෙම කිව්වාම අපායේ යම රජා කම්බුලට අතකුත් තියාගෙන හිතුවේ අර කොල්ලාට වද දුන්නේ මම ද යකෝ කියලා
" ඒ ගැන කවර කතා ද..? "
ජන්කූක්ගේ කන අතහැරපු ඔම්මා අහක බලාගෙන මිමිනුවේ එයා ලග හා පැටියෙක් වගේ ඉන්න කොල්ලා ස්කූල් එකේ දී ඩෙවිල් කෙනෙක් වගේ කියලා දන්න හින්දා
ඔම්මාගෙයි පුතාගෙයි කතාවට බාධා කරමින් රූම් එකට ඇතුල් වුනේ මිස්ටර් ජියෝන් private secretary එහෙම නැත්නම් ජන්කූක්ගේ භාෂාවෙන් කියනවා නම් එයාලගේ ලස්සනට තිබුණු පවුල විනාස කරලා දාපු යක්සනි වුනු කන්ග් ජින් සූ
ජන්කූක් කේන්තියෙන් ජින් සූ දිහා බලලා ඔම්මාගේ තුරුලේ හැංගුනා ජින් සූ දැකලා මෙතෙක් වෙලා ජන්කූක් හින්දා ඔම්මාගේ මූනේ මැවිලා තිබුණු හිනාව අතුරුදහන් වෙලා ගියා
" ජන්කුකී ඔයාගේ රූම් එකට යන්න "
ජින් සූ එහෙම කියද්දී ජන්කූක් ඒක නෑහෙන ගානට ඔම්මාට තුරුල් වෙලා ඇස් පියාගෙන හිටියා
" ජන්කුකී මම ඔයාට කතා කරන්නේ..."
" මගේ නම ජන්කූක් "
කේන්තියෙන් දත්මිටි කාගෙන ජන්කූක් කියනකොට ඔම්මා කොල්ලාගේ ඔලුව අතගෑවේ කේන්තියෙන් ඉන්න ජන්කූක්ගේ කේන්තිය නිවන්න
" මිස් ජින් සූ යන්න කුකී බබා මගේ ලග ඉදියි ඒ ගැන කලබල වෙන්න ඕන නැ "
ජන්කූක්ගේ ඔම්මා කිව්වාම ජින් සූ කේන්තියෙන් ගස්සගෙන යන්න ගියා ජින් සූ යන දිහා බලාගෙන හිටපු ඔම්මා එයාගේ තුරුලේ ඉන්න එවිල් බනී දිහා බැලුවා
" ඒ bitch හදන්නේ ඔම්මාගේ තැන ගන්න මට පයින් ගහලා එලියට දාන්න හිතෙන්නේ ඔම්මා කොහොමද ඔහොම ඉන්නේ "
" ඔයාගේ ඔම්මාට ඇවිදින්න බැ නේ හා පැටියෝ "
ජන්කූක්ගේ ඔම්මා වේදනාව පිරුනු හඩකින් කියද්දී ජන්කූක් ඔම්මාව වැලදගත්තා
" ඔම්මාට කවුරු නැති වුනත් ඔම්මාගේ හා පැටියා ඉන්නවා "
ජන්කූක් මිමිනුවාම ඔම්මාත් කොල්ලාව ආදරෙන් වැලදගෙන කොල්ලාගේ හිස්මුදුනට ආදරනීය හාදුවක් තැවරුවා
" මම දන්නවා පැටියෝ...."
ඔම්මා සිහින් හඩකින් මිමිනුවා.
To be continue.................♡︎
Bạn đang đọc truyện trên: AzTruyen.Top