13 • 𝙵𝚊𝚖𝚒𝚕𝚢 •
" ටේ බබා..."
ස්කූල් ඇරිලා ගෙදරට පැත්තට ඇවිදගෙන යනකොට ටේහ්‍යුන්ට ආදරනීය කටහඩක් එයාට මේ ලෝකේ මෙච්චර ආදරෙන් ආමන්ත්‍රණය කරන්න ඉන්නේ එකම එක් කෙනෙනයි කියලා ටේහ්‍යුන් දන්නවා ටේහ්‍යුන් ලොකු හිනාවක් දෙතොලතර රදවගෙන බැලුවේ එයා බලාපොරොත්තු වුනු ආදරනීය රුව දැකීමේ ආසාවෙන්
" ජින් අන්කල්..."
ටේහ්‍යුන් හිනාවක් එක්ක කෑගහගෙන ගිහින් ජින්ට තුරුල් වුනා ජින් එයාව වැලදගෙන ඉන්න ටේහ්‍යුන්ව හිනාවක් එක්ක වැලදගත්තා
" අන්කල්...මොකද මෙහේ කරන්නේ...?"
ජින්ගේ තුරුලෙන් ඈත් වුනු ටේහ්‍යුන් ඇහුවා
" මෙහේ ඉන්නවා නේ කියුට් වලස් බබෙක් මම ඒ වලස් බබාව බලන්න ආවා "
ජින් එයාගේ ඉස්සරහ ඉන්න ටේහ්‍යුන්ගේ කම්බුල් මිරිකන ගමන් කිව්වා
" ඔහ්...? වලස් බබෙක් නම් මෙහේ නැ "
" එතකොට මේ ඉන්නේ කවුද "
ජින් ටේහ්‍යුන්ව පෙන්නලා කියද්දී කොල්ලාට හිනාවක් ගියා
" ජින් අන්කල් යන් ඇතුලට "
" හරි පැටියෝ "
ටේහ්‍යුන්ගේ කොන්ඩේ අවුල් කරපු ජින් කිව්වා දෙන්නා එක්කම ගේ ඇතුලට යනකොට වලිගෙත් වන වන ටේහ්‍යුන්ගේ හුරතල් බබා වුනු ටැනී දුවගෙන ආවා
" ඔහ්... මගේ පැටියා හබුන් කෑවද "
ටේහ්‍යුන් බලු පැටියාව වඩාගෙන හුරතල් කරන දිහා ජින් බලාගෙන හිටියේ ආදරේ පිරුණු ඇස් දෙකකින්
" එයත් ඔයා වගේම කියුට්..."
ජින් හිනා වෙන ගමන් කියද්දී ටේහ්‍යුන් එයාගේ පෙට්ටි සිනාවෙන් සංග්‍රහ කරන්න දෙපාරක් හිතුවේ නැ
" එන්න අන්කල් වාඩිවෙන්න "
ජින් ටේහ්‍යුන්ගේ පුංචි ගෙදර පුරා ඇස් යවන ගමන් ගිහින් පුටුවකින් වාඩිවුනා ඒ පුංචි ගෙදරම එයාලගේ mansion එකේ එක රූම් එකක් තරම් ජින්ට හිතුනේ මේ කොල්ලා තනියෙන් කොහොමද මේ ගෙදර ජීවත් වෙන්නේ කියලා
ගෙවුණු ටික දවසට ජින් ටිකෙන් ටික ටේහ්‍යුන්ට ලං වුනා ජින්ට ඕන වුනේ ටේහ්‍යුන්ට ලස්සන ජීවිතයක් දෙන්න අතීතය කොච්චර කටුක වුනත් අනාගතය ලස්සන කරන්න ජින්ට ඕන වුනා මේ වෙනකොට නම්ජින් කපල් එක ටේහ්‍යුන්ගේ නීත්‍යානුකූල දෙමාපියෝ වෙන්න කැමති වෙලා හිටියේ ඉතින් ඒ ගැන කියන්නත් එක්කම තමයි ජින් අද ටේහ්‍යුන්ගේ පුංචි නිවසට ගොඩ වුනේ
" ජින් අන්කල්..."
ටේහ්‍යුන් කොෆි එක හදාගෙන ඇවිත් ජින්ට කතා කලා ජින් පුංචි හිනාවකින් ටේහ්‍යුන්ට සංග්‍රහ කරලා කොෆි එක පිලිගත්තා
" ටේ බබා මට දෙයක් ගැන කතා කරන්න ඕන "
ජින් කොෆි මග් එක පුංචි ටේබල් එක උඩින් තියලා කිව්වා
" මොකක් ගැන ද ජින් අන්කල් "
" මුලින්ම වාඩිවෙලා ඉන්නකෝ පැටියෝ "
ජින් ටේහ්‍යුන්ව එයාගේ ලගින් වාඩි කරගන්න ගමන් කිව්වා
" අහන්නකෝ පැටියෝ තවත් ඔයා මෙහෙම ජොබ් කරන්න ඕන ඔක්කොම වියදම් මං බලාගන්නම් "
ජින් කිව්වාම ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන ජින් දිහා බලාගෙන හිටියා
" ජින් අන්කල්..."
" මුලින්ම මට කතා කරන්න දෙන්න.."
ජින් එහෙම කිව්වාම ටේහ්‍යුන් නිහඩ වුනා
" මට කියන්න ඕන මෙච්චරයි ටේ බබා ඔයාව මුලින්ම supermarket එකේ දී දකිද්දී ඇත්තටම මට ගොඩක් දුක හිතුනා ඔයා වගේ තාම ස්කූල් යන දරුවෙක් මහ රෑ වෙනකම් supermarket එකේ වැඩ කරලා ආපහු උදේට නැගිටලා ස්කූල් යනවා ඔම්මා අප්පා සහෝදරයෝ තමන්ගේ කියලා කවුරුවත් නැතුව ඔයා තනියෙන් හැමදේම කරගන්නවා ඔයා කවදාවත් ඔම්මා අප්පාගේ ආදරේ ආරක්ෂාව විදලා නැ කියන්න මම දන්නවා ඒ නිසා ඔයා ආදරේට ගොඩක් ලෝභයි කියන්නත් දන්නවා ඉතින් පැටියෝ ඔයාගේ ජීවිතේ හිස්තැනක් වෙලා තියෙන ඔම්මාගේ තැන මට දෙන්න කැමති ද..?"
ජින් ආයාචනාත්මකව ටේහ්‍යුන්ගේ අත් දෙකෙන් අල්ලාගෙන ඇහුවා ටේහ්‍යුන්ගේ ඇස් වල කදුලු පිරිලා එයාගේ ජීවිතේට හම්බුනු ආදරනීය චරිතයක් තමයි ජින් කියන්නේ ජින් මෙහෙම දෙයක් කොල්ලගෙන් අහයි කියලා ටේහ්‍යුන් හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති ටේහ්‍යුන්ට මොනාද කියන්න ඕන කියලා හිතාගන්න බැ
" ජූන් ඔයාගේ අප්පා වෙන්න කැමතියි පැටියෝ අපි දෙන්නා ආසයි අපිට ඔයා අප්පා පපා කියලා කතා කරනවා අහන්න මගේ පැටියාට පුලුවන් ද මගේ හිතේ තියෙන පුංචි ආසාව ඉෂ්ට කරන්න ඔයා අපේ ටේ බබා වෙන්න කැමතියි නේද..? මම පොරොන්දු වෙනවා ඔයාට කිසිදේකින් මමවත් ජූන්වත් අඩුවක් කරන්නේ නැ ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම හිස්තැන පුරවන්න අපි දෙන්නාට අවසර දෙනවාද...?"
ජින් බලාපොරොත්තු පිරුනු ඇස් දෙකකින් ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා ටේහ්‍යුන්ට හිත දුන්නේ මෙච්චර එයාට ආදරෙන් සලකන කෙනාගේ හිත රිද්දන්න
" ම්..ම්.. කැමතියි පපා..."
ටේහ්‍යුන් කදුලු මැදින් කිව්වාම ජින් ටේහ්‍යුන්ගේ කම්බුල් මතින් අත් තිබ්බේ ඇහුනු දේ විශ්වාස නැතුව
" මොකද්ද පැටියෝ කිව්වේ ආපහු කියන්න "
" පපා..."
" මගේ ටේ බබා මම ඔයාගේ පපා තමයි "
ජින් සතුටින් ටේහ්‍යුන්ව පපුවට තුරුල් කරගෙන කිව්වා ජින්ට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ ටේහ්‍යුන් තුරුල් කරගෙන කොල්ලාගේ හිස් මුදුන සිපගත්තේ කියාගන්න බැරී තරම් ආදරේකින්
" පපායි පුතායි හුරතල් වුනා නේ ඇති මම කියලා එකෙකුත් ඉන්නවා කියලා දෙන්නාටම අමතක වුනා ද..?"
දොර ලගින් ඇහුනු කටහඩක් නිසා බදාගෙන හිටපු පපායි පුතායි දෙන්නා ඈත් වුනා ආපු කෙනා දිහා ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදිද්දී ජින් ඒ කෙනා එක්ක හිනා වුනා
" ජුනී...."
" දැන් ද ජුනී කියලා කෙනෙක් ඉන්නවා කියලා මතක් වුනේ...? මට නොකියා තනියෙන් ආවේ ටේ බබාව තනියෙන් අයිති කරගන්න හිතාගෙන වෙන්න ඇති එව්වා කොහෙද මාත් එක්ක "
නම්ජූන් කියද්දී ටේහ්‍යුන් ජින් දිහායි නම්ජූන් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා
" ටේ බබා මම තමයි ඔයාගේ අප්පා ඔයාගේ පපා මට හෙන ලොකු ප්‍රෝඩාවක් කරලා මේ ඇවිත් ඉන්නේ "
නම්ජූන් ජින් දිහා ඇස් කොනින් බලන ගමන් ටේහ්‍යුන්ට කියද්දී ටේහ්‍යුන් හිනා වුනා
" ඕමෝ.... මගේ කොල්ලාට තියෙන්නේ ලස්සන හිනාවක් නේ "
නම්ජූන් ටේහ්‍යුන්ගේ ලගින් වාඩිවෙලා කොල්ලාගේ කොන්ඩේ අවුස්සන ගමන් කිව්වා
" අපි අපේ ගෙදර යමු ටේ බබා..."
නම්ජූන් ටේහ්‍යුන්ගේ කරට අතක් දාගෙන කිව්වා
" අප්පා...."
ටේහ්‍යුන් බයෙන් වගේ නම්ජූන්ට කතා කලා
" ඔව් කොල්ලෝ අප්පා තමයි ගිහින් වොෂ් එකක් දාගෙන ඔයාට ඕන කරන බඩු ටික විතරක් පැක් කරගෙන ලෑස්ති වෙන්න "
නම්ජූන් එහෙම කියලා නැගිටිනකොට පුංචි ටේබල් එකේ නම්ජූන් හැප්පුනාම ටේබල් එක උඩ තිබුනු කොෆි මග් එක වැටිලා කුඩු වෙලා ගියා ඒත් එක්කම ඇහුනේ කන් කලු වෙන උච්ච ස්වරයෙන් යුක්ත හඩක්
" කිම් නම්ජූන්......"
Meanwhile අහල පහල ගෙවල් වල peoples: අපිට විශාල ශබ්දයක් ඇසුනා
________________________
මේ අවස්ථාවේ Min mansion එක පුරා පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් ඉදි කටුවක් වැටුනත් බෝම්බයක් ගැහුවා වගේ ඇහෙන තරමට නිශ්ශබදයි ඒකට හේතුව වුයේ mansion එකේ ජීවත් වන අයියා නගෝ දෙන්නා දෙපැත්තකට වෙලා පාඩුවේ සිටීමයි නිනී වලියක් ඇදගන්න ගියත් යුංගි කෙල්ලව ගනන් නොගෙන බලාගත්තු අත බලාගෙන ලොකු කල්පනාවක හිටියේ නිනීට මේක ලොකු ප්‍රශ්නයක් වුනා යුංගිව අවුස්සන්න එක නිනීට සුලු දෙයක් එක වචනයක් ඇති යුංගිගේ කට ඇවිස්සිලා තුන් වැනි ලෝක යුද්ධය පටන් ගන්න ඊට පස්සේ ඉතින් ගුරුත්වාකර්ෂනය ලෙෆ්ට් වෙලා ගෙදර තියෙන බඩු මුට්ටු උඩින් පාවීගෙන යන අයුරු දැකගත හැකිය
හෙඩ්සෙට් එකත් දාගෙන සිංදුවක් අහගෙන හිටපු නිනී සෝෆා එකේ හාන්සි වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන යුංගි දිහා බැලුවා දැන් පැය ගානක ඉදලා යුංගි ඔහොම තමයි හිටියේ
මේකාට මොකද්ද එකපාරට හැදිච්ච ලෙඩේ.. වෙනදාට හොස්ස ලගින් කෝන්දුරුවෙක් යන්න බැ කුලප්පු වෙනවා මම මෙච්චර දේවල් කියලත් අද මේකා නිශ්ශබදයි නයා මැරුනු අහිකුන්ඨකයා වගේ ඉන්න හැටි විතරක් මැච් එක පැරදුනා නම් ඒ නිසා කියලා හරි හිතන්න පුලුවන් දැන් මැච් එකත් මේකා දින්නා කප් හොරු උස්සලා ද දන්නේ නැ කියන්න බැ නේ වෙන්න පුලුවන් වැඩ නේ ඒත් බැ නේ යකෝ ලමයා වගේ කප් එක තුරුල් කරගෙන හිටියේ අර ජිමින්ශි කියනවා වගේ මේකාට පූස්භීතිකාව හැදිලා ද දන්නේ නැ කොයිඑකටත් කියලා හෙට Veterinarian ලගට එක්කගෙන යන්න ඕන
නිනී හෙඩ්සෙට් එකත් ගලවලා යුංගි දිහා බලාගෙන හිතුවා අන්තිමේ දී නිනී නැගිටලා ගිහින් යුංගිගේ කකුලකට ගැහුවා
" මොකද ඕයි වදයක් නොවී යනවකෝ.."
යුංගි නිනීට රවාගෙන කියලා ඇස් දෙක පියාගත්තා
" යන්න....? තමුසේ මෙතන ගෑනි මැරිච්ච මිනිහා වගේ ඉන්නකොට තමුසේ කියන්නේ මට අහක බලාගෙන ඉන්න කියලා ද..?"
නිනී ආපහු කොල්ලාගේ කකුලට අත දිග ඇරලා පාරක් ගහලා කිව්වා
" අහක බලාගෙන බැරි නම් උඩ බලාගෙන හරි ඉන්නවා මට වදයක් නොවී "
" එහෙම ඉන්න තිබුනා තමුසේ මගේ කවුරුවත් නොවුනා නම් මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ මම තමුසෙගේ නංගි නේ තමුසෙට මට කියන්න බැරී දේවල් තියෙනවා ද...?"
යුංගිගේ අතකින් අදින ගමන් නිනී කිව්වාම යුංගි කෙල්ල දිහා බැලුවා ආන් එතකොට යුංගිට හිතුනා නිනීට එයාගේ ප්රශ්නය කිව්වොත් හොදයි කියලා අනික නිනී ජිමින් එක්ක ෆිට් නේ
" තමුසෙට කියන්න බැරිකමක් නැ "
" එහෙනම් කියනවා ඕයි තමුසේ මෙහෙම ඉදිද්දී මට දුකයි "
නිනී අහක බලාගෙන අන්තිම ටික කිව්වාම යුංගි නැගිටලා කෙල්ලගේ කරට අතක් දාගත්තා
" තමුසේ මේක කාටවත් කියන්න එපා "
" මම කාට කියන්න ද වැඩිම වුනොත් ඔම්මාට කියයි එච්චරයි "
නිනී උරහිස් අකුලලා කිව්වාම යුංගි කෙල්ලගේ කරට දාගෙන හිටපු අත ගත්තා
" එහෙනම් තමුසේ යනවා "
" විහිලුවක් පූසෝ කරේ ඒකවත් තේරෙන්නේ නැ "
නිනී අහිංසක හිනාවක් දාගෙන කිව්වා
" මම කෙනෙක්ට කැමතියි ඇත්තම කිව්වොත් ආදරෙයි "
යුංගි කිව්වාම නිනීගේ කට භාගෙට ඇරුනා කෙල්ලට යුංගිගේ වචන හීනයක් වගේ කවුද හිතුවේ වැටෙන වැටෙන නිදාගන්න මනුස්සයෙක් තමන්ගේ ඉස්සරහ මැරුනත් don't care මූඩ් එකේ ඉන්න කුකුල් කේන්තිකාරයෙක් වුනු මින් යුංගි කෙනෙක්ට ආදරේ කරයි කියලා
" හම්තින්කේ.... කවුද ඒ අවාසනාවන්ත ජීවිතේ මොනා වුනත් ඒ ජීවියා පිලිබද මගේ හද පතුලෙන්ම බුර බුරා නැගෙන ශෝකය මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කරන්න කැමතියි ඒ වගේම ම---"
" මම ජිමින්ට ආදරෙයි "
නිනීගේ කට වැහුනේ යුංගිගේ ඒ වචනත් එක්ක මෙච්චර වෙලා ෆුල් ආතල් මූඩ් එකේ හිටපු සීරියස් වෙන්න ඒ වචන තුන හොදටම ප්‍රමානවත් වුනා
" මේ තමුසෙගේ මෝඩ ජෝක් එකක් ද...?'
යුංගි දිහා රවාගෙන බලාගෙන නිනී ඇහුවා
" මේක ජෝක් එකක් නෙවෙයි නිනී I'm serious මම ජිමින්ට ආදරෙයි ඒක මම අද එයාට කිව්වා ඒත් එයා මට උත්තරයක් දුන්නේ නැ එයාට කාලය ඕන කිව්වා එයා මාව රිචෙක්ට් කරයිද ඕයි "
යුංගි දුකින් නිනීගෙන් අහනකොට නිනී තමන්ගේ ඔප්පා දිහා බලාගෙන හිටියා යුංගි සංවේදී වෙන අවස්ථාව ගොඩක් අඩුයි ඇත්තම කිව්වොත් එයා හැගීම් එලියට පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි
" වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් "
" තමුසෙට බැරි ද මට උදව් කරන්න "
" හරි මම උදව් කරන්නම් ආපහු තමුසේ ජිමින්ශිට දුකක් කරදරයක් කරන්නේ නැ කියලා පොරොන්දු වුනොත් විතරයි "
නිනී එයාගේ අතේ සුලගිල්ල යුංගිගේ පැත්තට දික් කරගෙන කිව්වා
" හරි මම පොරොන්දු වෙනවා "
යුංගි කෙල්ලගේ සුලගිල්ලේ එයාගේ සුලගිල්ල පටලවාගෙන කිව්වා
" අන්න එහෙම එනවා අනික තමුසේ කොයිවෙලේ නයිමිරිස් ගිලපු ගිනි මකරා වගේ කොයිවෙලෙත් පුප්පන්නේ නැතුව ජිමින්ශි එක්ක හොදින් කතා කරනවා තමුසේ එයාට ආදරෙයි කියලා දැනෙන්න දෙනවා එයා කැමති අකමැති දේවල් දැනගන්නවා එයාගේ විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්න හැබැයි අන්තිමේ දී ජිමින්ශි අකමැති වුනොත් තමුසේ එයාට වද දෙන්න බැ "
" එකගයි.....ඒක නෙවෙයි ඕයි තමුසේ කොහොමද ඕවා දන්නේ "
යුංගි ආපහු කෙල්ලගේ කරට අතක් දාගෙන කිව්වා
" experience එකෙන් බ්‍රෝ "
නිනී ගැම්මෙන් කියද්දී යුංගි ඇස් හීනි කරගෙන බැලුවා
" මොකද ඔහොම බලන්නේ මම ඔය කිව්වේ කවුද කාටද කියනවා ඇහුනු වදන් පෙලක් "
" ඒක තමයි මම බැලුවේ කවුද මේ පිස්සු හෝන්තුව කර ගහගත්තේ කියලා "
" කිව්වා කියලා හිතාගනින්..."
" හෙට මාත් එක්ක ස්කූල් යන් "
" අර දඩුමොනරේ..."
" ඕයි ඒක දඩු මොනරයක් නෙවෙයි යකෝ බයික් එකක් "
යුංගි නිනීගේ ඔලුවට ටොක්කක් ඇනලා කිව්වා
" ඕන කෙසෙල් ඇවරියක් ඒ වුනාට ඕකේ ගිහින් අඩු වයසින් මැරෙන්න ආසාවක් තාම නැ මේන් වැන්දා මම සුපුරුදු පරිදි ඩ්‍රයිවර් එක්ක එන්නම් "
නිනී අත් දෙක එකතු කරලා වැදගෙන කියද්දී යුංගිට හිනාවක් ගියා කෙල්ල යුංගිටත් රවාගෙන එතැනින් යන්න ගියේ කොල්ලා හිනා වෙවී නිනී යන දිහා බලාගෙන ඉදිද්දී නිනී එක්ක කතා කලාම කොල්ලාගේ හිතට සහනයක් දැනුනා
To be continue.................♡︎
ගොඩ කාලෙකින් නේද
Bạn đang đọc truyện trên: AzTruyen.Top