10 • 𝚂𝚒𝚌𝚔 •

" අර ටේහ්‍යුන්ගේ බෝයිෆි ද
බුදු අම්බෝ සැර
ඔහු නම් හා පෝතකයෙක් වැනිය
බොන්න වෙන්නේ සෝජු පැනිය..."

නිනී cafeteria එකේ මේසයකට තට්ටු දාන ගමන් කියද්දී ජිමින් කෙල්ලට සප් එක දෙන්න වගේ අත්පුඩි ගහන ගමන් තාලේ ඇල්ලුවා

" කට වහපන් පොඩි පගයා...උබටත් එක්ක ජිමික්සන්..."

ටේහ්‍යුන් රවාගෙන ජිමින් දිහායි නිනී දිහායි බලන ගමන් කිව්වා ඒත් උන් දෙන්නා නම් සතපහකට ගනන් ගත්තේ නැ

" අපරාදේ මුන් දෙන්නාට ඒක කිව්වේ.."

ටේහ්‍යුන් ඊයේ රෑ ජන්කූක් එයාව ගෙදරට drop කරපු කතාව කිව්ව වෙලේ ඉදලා ජිමින් නිනී දෙන්නා එක එක දේවල් කියන ගමන් ටේහ්‍යුන්ට විහිලු කලා

" අනේ....කුඩ්ඩෝ ඔච්චර කේම්ති ගම්න එම්පා ඔය ලස්සන මූන කැත වෙයි බට් අපි මේ ගැන මීට වඩා විශ්ලේෂණාත්මකව බලන්න ඕන "

නිනී සීරියස් මූඩ් එකකින් අත් දෙකත් බැදගෙන කිව්වා

" නිනී හරි ටේ.....මෙච්චර දවසක් දෙන්න පුලුවන් උපරිම දස වද දීලා පන්තිය ඉස්සරහ පුලුවන් තරම් නෝන්ඩි කරලා දැන් එකපාරටම පහල වුනු සත්ත්ව කරුනාව මොකද්ද "

ජිමින් එහෙම කියද්දී ටේහ්‍යුන් ඔලුව අතගාන ගමන් ජිමින් දිහා බැලුවා

" මටත් ඒක සෑහෙන්න ප්‍රශ්නයක් බන් ඊයේ මුලු රෑම කල්පනා කලා "

" ජන්කූක් ඔප්පා ගැන ද..?"

නිනී කුප්ප හිනාවක් දාගෙන ඇහුවා

" ජිමිනා...මේ බේසික පැටියා එක්ක බැ "

" ඔය සද්දේ මට විතරයි නේ මොකද මල්ලි අපි කැතද කොටද ඔටුවොද සද්දේ දාන්නේ ජන්කූක් ඔප්පා ඉස්සරහ මී පැටියෙක් වගේ මුලු ලෝකෙම මේ තරම් අහිංසක ප්‍රානියෙක් නැ වගේ ඔක්කොම මුන්ගේ ප්‍රෝඩාව "

නිනී කට හදන ගමන් කියනකොට ජිමින් හිනා වුනා

" මොකද හිනා වෙන්නේ ජිමින්ශිටත් එක්ක තමයි කියන්නේ හැමදාම කට වහගෙන ඉදලා ගුටි කාලා නෝන්ඩි වෙලා එනවා මොකද ඔච්චර බය ආ ඔය වක්කඩේ වගේ තියෙන කටින් ප්‍රයෝජනයක් ගන්නවා ඊට පස්සේ මොනාහරි වුනොත් මාව දැනුවත් කරනවා එතැනින් එහා මම බලාගන්නම් මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රාජ්‍යයක් යකොව් "

" මේකි හොදයි දේශපාලන රැස්වීමකට "

",ආස නැ හලෝ "

නිනී එහෙම කියන ගමන් මිල්ක්ශේක් එක බොන්න පටන් ගත්තා ඒත් එක්කම විවේක කාලය අවසන් බව හගවමින් බෙල් එක නාද වුනා

" සැක්....ඉන්ටවල් එකත් ඉවරයි හරියට මුකුත් ආමාශගත කරගන්න බැරි වුනා කොහෙද ඉතින් ටේහ්‍යුන්ගේ බෝයිෆියෙක් ආවා නේ "

" මම තොට කිව්වා ද කන්න එපා කියලා ඇයි යකෝ "

" හරි හරි මිස්ටර් ටේහ්‍යුන් කේම්ති ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා කවුද කාටද කියනවා ඇහුනා "

" දැන් මොනාද තියෙන්නේ "

ජිමින් ඇහුවාම නිනී කල්පනා කරන්න වුනා

" science "

" එහෙනම් පලයන් යකෝ "

" මේ යනවා මම ආසම පාඩම තියෙන්නේ "

නිනී කුප්ප හිනාවක් එක්ක කිව්වා

" මොකද්ද තොගේ ආසම පාඩම "

" ප්‍රජනනය....කැමති නම් practical එකක් කරලාම ටෙස්ට් කරන්න පුලුවන් ජිමින්ශි.."

" උබට මම..."

ජිමින් නැගිටිනකොට නිනී හිනා වෙන ගමන් cafeteria එකෙන් එලියට දුවගෙන ගිහින් ඉවරයි ටේහ්‍යුන් මේ දිහා හිනා වෙවී බලාගෙන හිටියේ

" උබත් හිනා වෙයන් තිරිසනා....වයසේ හැටියට ඕකිගේ කට.."

" ඒකි නර්සරි යන ලමයෙක් නෙවෙයි නේ යකෝ අපිට අවුරුදු දෙකයි බාල..."

" යැයි යැයි තමයි ක්ලාස් එකට යමන් "

ජිමින් එහෙම කියලා වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටාම ටේහ්‍යුන් ඒත් එක්කම නැගිට්ටා දෙන්නා එක්ක කයියක් ගහගෙන cafeteria එකෙන් එලියට බැස්සේ ක්ලාස් එකට යන්න බලාගෙන

" ජිමින්....චෝයි සර් library ට එන්න කිව්වා "

දුවගෙන ආපු පිරිමි ලමයෙක් එහෙම කිව්වා

" ඒ මොකටද "

" දන්නේ නැ "

ඒ පිරිමි ලමයා එහෙම කියාගෙන ආපහු දුවගෙන ගියා

" ජිමින් ඔයා library ට යන්න දන්නවා නේ චෝයි සර්ගේ හැටි මම ක්ලාස් එකට යන්න "

ටේහ්‍යුන් කිව්වාම ජිමින් ඔලුව වැනුවා

" ඒත් චෝයි සර් මොකට ද මට library ට එන්න කියන්නේ "

" ඒක ගිහින් බලාගනින් තෝ මෙතනට වෙලා හිටියා කියලා දැනගන්න ලැබෙන්නේ නැ නේ "

ටේහ්‍යුන් කිව්වාම ජිමින් රවාගෙන ටේහ්‍යුන්ව පහු කරගෙන library පැත්තට ඇවිදගෙන යන දිහා ටේහ්‍යුන් සිහින් සිනාවක් එක්ක බලාගෙන ඉදියා ටේහ්‍යුන් තනියම එයාගේ ක්ලාස් එකට ගියා පන්තියේ ලමයි කවුරුවත් පේන්න හිටියේ නැ ඒත් ටේහ්‍යුන් දැක්කේ පන්තියේ කොනකට වෙලා ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගෙන ඉන්න ජන්කූක්ව කොල්ලා උදේ ඉදලා හිටියේ ඔහොමයි යුංගි බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ගිහින් හින්දා ජන්කූක් හිටියේ තනියම

කොල්ලා තමන්ගේ තැනින් වාඩිවෙලා ඇස් කොනින් ජන්කූක් දිහා බැලුවා තාමත් ජන්කූක් හිටපු විදියට ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගෙන ඉන්නවා

මෙයා අසනීපවත් වෙලා ද...?

ජන්කූක් ඉන්න විදිය දැකලා ටේහ්‍යුන්ට එහෙම හිතුනා 

ගිහින් බලනවා ද...?

ඒත් මොකටද ටේහ්‍යුන්...ඔය මනුස්සයාට මහ නරුමයෙක්...එයා ඔයාට කරපු දේවල් අමතක කරන්න එපා

එයා අමාරුවෙන් වගේ ඉන්නේ...?

හහ්...! මට මොකද ලෙඩක් නම් බෙහෙත් ගනියි නේ

අයිෂ්.....එක අතකට පව්...හතුරා වුනත් දැන් අසනීපෙන් ඉන්නේ ටේහ්‍යුන් ඔච්චර නපුරු වෙන්න එපා දැන් එයාට ඔයාගේ උදව් ඕන වෙලාව

ටේහ්‍යුන්ගේ හදවතයි මොලයයි අතරේ ලොකු යුද්ධයකින් පස්සේ ටේහ්‍යුන් හදවත කියන දේ අහලා ජන්කූක්ට උදව් කරන්න තීරණය කලා ජන්කූක් අසනීප වෙලා අමාරුවෙන් ඉදිද්දී ටේහ්‍යුන්ට අහක බලාගෙන ඉන්න පුලුවන් වුනේ නැ ජන්කූක් කොච්චර නපුරු විදියට සැලකුවත් කොච්චර වද දුන්නත් මේ අවස්ථාවේ හැටියට ටේහ්‍යුන්ට නොසලකා හරින්න බැරි වුනා මෙතන ජන්කූක් ඇරෙන්න වෙන කෙනෙක් හිටියත් ටේහ්‍යුන් ඒ කෙනාට දෙපාරක් නොහිතා උදව් කරනවා

ජන්කූක් ඉන්න තැනට ගියපු ටේහ්‍යුන් කොල්ලා ලගින් වාඩිවුනා

" ජන්කූක්......"

ටේහ්‍යුන් කොල්ලාගේ නම කියලා කතා කලත් ජන්කූක්ගෙන් ප්‍රතිචාරයක් තිබුණේ නැ ටේහ්‍යුන් ජන්කූක්ගේ ඔලුව මතින් අතක් තියන්න හැදුවේ පැකිලීමකින් කොල්ලා අත ජන්කූක්ගේ ඔලුව මතින් තියන්න හදලා ආපහු අතේ ඇගිලි ගුලි කරගත්තා

" ජන්කූක්..."

" ම්ම්හ්..."

කොල්ලා සිහින් කෙදිරිල්ලක් පිට කරද්දී ටේහ්‍යුන් කොල්ලාගේ ඔලුව මතින් අතක් තිබ්බේ දෙපාරක් නොහිතා

(සෝජු බෝතලේ ගැන වැඩිය හිතන්න එපා ඈ)

" මොකද මේ....ඔලුව උස්සන්න.."

ටේහ්‍යුන් සොෆ්ට් වොයිස් එකකින් කතා කරනකොට ජන්කූක් ඔලුව හරවලා ටේහ්‍යුන් දිහා බැලුවා ජන්කූක්ගේ ඇස් මැලවිලා තිබුනා ටේහ්‍යුන් කොල්ලාගේ නලල මතින් අත තියලා බැලුවා

" දෙවියනේ...ජන්කූක් ඔයාට හොදටම උණ "

ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් ඇස් පියාගත්තා කොල්ලාගේ ඇග ගිනි කබලක් වගේ රස්සනෙයි ඒ නිසා එයාගේ ඇස් ඇරගෙන ඉන්න අමාරු වුනා කොල්ලාගේ ඇස් කොනින් කදුලු බිදු කිහිපයක් ගලාගෙන ගියා

" ඔයාට ගොඩක් අමාරුයි වගේ ජන්කූක්...අපි මෙඩිකල් රූම් එකට යමු.."

ජන්කූක්ගේ නලලට වැටුනු කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් ටේහ්‍යුන් කිව්වා ජන්කූක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නැ

" නැගිටින්න ජන්කූක්..."

කොල්ලා ඔලුව ඉස්සුවාම ටේහ්‍යුන් ජන්කූක්ව පරිස්සමින් නැගිට්ටවගෙන මෙඩිකල් රූම් එකට එක්කගෙන ගියා පස් වෙනි කාලච්ජේදය පටන් අරගෙන තිබුණු නිසා ලමයි හැමෝම පන්ති වල අධ්‍යයනය කටයුතු වල යෙදිලා හිටියා

ජන්කූක් මෙඩිකල් රූම් එකට එක්කගෙන ගිහින් ටේහ්‍යුන් කොල්ලාව ඇදෙන් හාන්සි කරලා ඩොක්ටර්ට කතා කලා

" ඔහ්...ජන්කූක්.."

ඩොක්ටර් ජන්කූක්ට කතා කලාම කොල්ලා යාන්තම් ඩොක්ටර් එක්ක හිනා වුනා

" හෝසොක් හියුන්ග්..."

ජන්කූක් ඩොක්ටර්ට හියුන්ග් කියලා කතා කරනකොට ටේහ්‍යුන් පුදුමෙන් බැලුවා

" මොකද කොල්ලෝ මේ..."

හෝසොක් අහනකොට ජන්කූක් ටේහ්‍යුන් දිහා බැලුවා

" ජන්කූක්ට උන හැදිලා ඩොක්ටර් "

ටේහ්‍යුන් කිව්වාම හෝසොක් ඇද උඩට වෙලා ඉන්න ජන්කූක් දිහා බැලුවා

" මොකද එකපාරට උන ගත්තේ ම්ම්ම්..ඊයෙත් හොදට හිටියා නේ "

හෝසොක් ජන්කූක්ව චෙක් කරන ගමන් කිව්වා

" ඊයේ රෑ සුපර්මාකට් කොල්ලෙක් බලන්න ගිහින් එද්දී වැස්සකට අහුවුනා "

ජන්කූක් ඇස් පියාගෙන කියනකොට ටේහ්‍යුන් ඇස් හීනි කරගෙන බලාගෙන හිටියා ඩොක්ටර් හෝසොක් මුකුත් නොකියා කොල්ලව චෙක් කරලා බෙහෙත් දුන්නා ජන්කූක්ට බෙහෙත් වලට නින්ද ගියා ටේහ්‍යුන් ජන්කූක්ගේ දිහා බලාගෙන හිටියා

ජන්කූක් අහිංසක හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියේ පුංචි හිනාවක් දෙතොලතර රදවගෙන ජන්කූක්ගේ කඩවසම් මූන ටේහ්‍යුන් හදවතින්ම වර්නනා කලා නලලට වැටුනු ඝන කලු පැහැති කොන්ඩේ ඝන ඇහිබැම පියවුනු ඇස් පුංචි නහය පිරුණු කම්බුල් ලා රෝස පැහැයට හැරුනු තොල් තොල යට තිබුණු බර්ත් මාර්ක් එක ජන්කූක්ගේ මුහුනට හුරතල් බවක් එක් කලා

" ඔයා නිදාගෙන ඉන්නකොට ගොඩක් කියුට් හා පැටියෙක් වගේ නැගිට්ටාම නම් යක්ස පැටියෙක් වගේ "

ටේහ්‍යුන් හිනාවක් එක්ක මිමිනුවා ටේහ්‍යුන්ගේ හිත එයාටත් හොරා ජන්කූක් ලග නතර වෙලා තිබුනා ජන්කූක්ගේ සැරින් සැරේ වෙනස් වෙන හැසිරීම් වලට ටේහ්‍යුන් ආස කලා ජන්කූක් ඊයේ එයාව එක්කගෙන ඇවිත් අසනීප වුනා කිව්වාම ටේහ්‍යුන්ට දුක හිතුනා ඒත් ටේහ්‍යුන්ගේ හිතේ ප්‍රශ්නයක් තිබුනා

ජන්කූක් ආවේ එයා වෙනුවෙන්ම ද...?

ටේහ්‍යුන්ට ඒක ජන්කූක්ගෙන් අහන්න ඕන වුනා ඒත් කොල්ලා බය වුනා ජන්කූක් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් හිටපු ටේහ්‍යුන් ටිකකින් නැගිටලා ගියා

මේ අතරේ චෝයි සර් හොයාගෙන ජිමින් library ට ගියා ජිමින් library ඇතුලට ගියත් කවුරුවත් පේන්න හිටියේ නැ library  ඇතුලේ කෑගහන්න බැරි නිසා ජිමින් ඇතුලට ඇවිදගෙන ගියා

" චෝයි සර් කොහෙට අන්තරස්දාන වෙලා ද...? "

ජිමින් වටේම ඇවිදින ගමන් මිමිනුවා

" හායි කියුටි.."

ජිමින්ගේ කනට ලං වෙලා පිටිපස්සෙන් හිටපු කෙනෙක් කිව්වාම කොල්ලා ගැස්සිලා ගියා ජිමින් පපුවට අතකුත් තියාගෙන පොත් රාක්කයට හේත්තු වෙලා බලාගෙන හිටියේ එයාගේ ඉස්සරහ ඉන්න පූසා දිහා... අහ්ම් පූසා කිව්වේ යුංගිට

යුංගි අත් දෙකත් සාක්කුවට දාගෙන බෙල්ලත් පොඩ්ඩක් ඇල කරගෙන පුදුමෙන් තමන් දිහා බලාගෙන ඉන්න තාර පැටියා දිහා බලාගෙන හිටියේ හිත යටින් හිනා වෙන ගමන්

" ඔයා මොකද මෙතන කරන්නේ...?"

ජිමින් බය පැත්තකින් තියලා යුංගිගෙන් ඇහුවා

" මට මෙතනට එන්න බැරී ද කියුටි...මේක school library එක ඕන කෙනෙක්ට මෙතනට එන්න පුලුවන් "

යුංගි අඩියෙන් අඩිය ජිමින්ට ලං වෙන ගමන් කිව්වාම ජිමින්ට කෙලත් ගිලුනා

" මම එහෙම දෙයක් කිව්වේ නැ "

ජිමින් බිම බලාගෙන සිහින් හඩකින් කිව්වා යුංගි සාක්කුවේ දාගෙන හිටපු අතක් පොත් රාක්කයට තියලා ජිමින්ගේ මූනට එබුනා ජිමින් මූන හරවගත්තා ජිමින් අතේ ඇගිලි එකට බැදගෙන හිටියා

" මොකද කියුටි මගෙන් මූන හංගන්නේ ම්ම්..?"

යුංගි බිම බලාගෙන ඉන්න ජිමින්ගේ කනට ලං වෙලා කිව්වා ජිමින්ගේ කන් පෙත්ත මතින් යුංගි පුංචි කිස් එකක් තිබ්බේ ජිමින්ගේ ඇගම හිරිවැටිලා යද්දී

" යුංගි එහාට වෙන්න චෝයි සර් ආවොත් වැරදියට හිතයි "

ජිමින් කිව්වාම යුංගි කට කොනින් හිනා වුනා

" චෝයි සර් එන්නේ නැ කියුටි....අනික මොකද්ද වැරදියට හිතන කතාව "

ජිමින්ගේ නිකට යටින් ඇගිල්ලක් තියලා මූන උස්සලා ඇහුවා

" එහෙම කොහොමද කියන්නේ චෝයි සර් මට library ට එන්න කිව්වා කියලා ලමයෙක් කිව්වා "

ජිමින් කලබලයෙන් කියාගෙන යනකොට යුංගි හිනා වුනා

" ඔයාට තාම තේරුනේ නැද්ද කියුටි..."

යුංගි අහද්දී කොල්ලා නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" මම තමයි ඔයාව මෙතනට ගෙන්නගන්න චෝයි සර් එන්න කිව්වා කියලා බොරුවක් ගොතලා අරුගේ අතේ පනිවිඩයක් එව්වේ... හිතුවා වගේම කියුටි ආවා"

යුංගි කට කොනින් නැගුනු හිනාවක් එක්ක කියද්දී ජිමින්ගේ ඇස් බයෙන් පිරුනා කොල්ලා බයෙන් යුංගි දිහා බලාගෙන හිටියා

" හේයි කියුටි....මොකද බය වෙලා "

ජිමින්ගේ සිනිදු කම්බුලක් පිරිමදින ගමන් යුංගි ඇහුවා

" ඔයා ගොඩක් සොෆ්ට් කියුටි "

යුංගි එහෙම කියද්දී ජිමින්ගේ කම්බුල් බලාගෙන ඉදිද්දීම රතු පැහැයට හැරුනා යුංගිට ඒක දැක්කාම නම් හිතුනේ එයා ජිමින්ට දාපු නික්නේම් එක හරියටම හරි කියලා

" මම කරදරයක් කරන්න නෙවෙයි කතා කලේ ප්‍රැක්ටිස් නිසා දවසෙම කියුටිව දකින්න නොලැබුණු නිසා මට නිකන් පාලුයි පාලුයි වගේ පරිස්සමින් ඉන්නවා "

යුංගි ජිමින්ගේ කොන්ඩේ අවුස්සලා ලස්සන හිනාවකින් ජිමින්ට සංග්‍රහ කරලා library පිට වුනේ ජිමින් එහෙම්ම පොත් රාක්කයට හේත්තු වෙලා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදිද්දී කොල්ලාට මොකද්ද වුනේ කියලා තාම හිතාගන්න බැ

" හහ්...! මේකාට පූස්භීතිකාව හැදිලා ඒක නම් දැන් හොදටම ෂුවර් "

ජිමින් හිමින් මිමිනුවේ යුංගිගේ වෙනස් හැසිරීම නිසා මේ ගැන හිතන්න ගිහින් ජිමින්ගේ මොලේ නහර සමනල් ගැටේ ගැහිලා තිබුනේ ජිමින් මේ ගැන හිතන ගමන් library එකෙන් එලියට ගියා

To be continue...........❄

Bạn đang đọc truyện trên: AzTruyen.Top