03 • 𝙵𝚒𝚛𝚜𝚝 𝙳𝚊𝚢 •

Interval එකට බෙල් කරනකොට ජිමින් ටේහ්‍යුන් එක්කගෙන ගියේ ස්කූල් එක පෙන්නන්න ජිමින් ටේහ්‍යුන්ට මුලු ස්කූල් එක පෙන්නුවා ඊට පස්සේ දෙන්නා බඩගිනි හින්දා cafeteria එකට ගියා දෙන්නා cafeteria එකට ඇතුලු වෙනකොට දැක්ක දෙන්නා හින්දා ජිමින් ටේහ්‍යුන්ගේ අතින් අල්ලාගෙන එතැනින් යන්න හැදුවේ දැන් ඒ දෙන්නාට කන්න හම්බවෙන්නේ නැ කියලා දන්න හින්දා

" උබලා දෙන්නා කොහෙද මාරු වෙන්න හදන්නේ....?"

Cafeteria එකෙන් එලියට යන්න හදපු කොල්ලෝ දෙන්නා එහෙම්ම නැවතුනේ පිටිපස්සෙන් ඇහුනු ගැඹුරු කටහඩ නිසා ජන්කූක් ෆෝන් එක දිහා බලාගෙන කෑගහලා කියනකොට යුංගි එතැන ඉදපු අනිත් කොල්ලෝ ටිකත් ඒ පැත්ත බැලුවා

" ඔහ්....මී පැටව් දෙන්නා....මෙහෙ වරෙන් "

යුංගි කෑගහලා කතා කරනකොට cafeteria එකේ ඉදපු ඔක්කොම ඒ පැත්තට අවදානය යොමු වුනා ජිමින් ටේහ්‍යුන්ගේ අතක් තද කරගෙන හිටියා

" ටේ....අපි දුවලා යන්..."

ජිමින් එහෙම කිව්වා

" දුවලා ගිහින් බේරෙන්න පුලුවන් කියලා හිතනවාද ජිමින් "

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිමින් බිම බලාගත්තා

" උබලා දෙන්නා මොනාද කුටු කුටු ගාන්නේ මෙහෙ වරෙන් එක සැරයක් කිව්වාම "

ජන්කූක් කෑගහද්දී කොල්ලෝ දෙන්නා ජන්කූක් ලගට ගියා ජිමින් ටේහ්‍යුන්ට මුවා වෙලා හිටියේ

" මොකද උබ හැංගිලා "

යුංගි සමච්චල් සහගත හිනාවක් එක්ක ජිමින් දිහා බලාගෙන ඇහුවා

" මගේ සපත්තුව පිහිදාපන්..."

යුංගි පුටුවක් උඩින් කකුලක් තියලා කිව්වාම ජිමින් එයාගේ බෝල ඇස් වලින් යුංගි දිහා බැලුවා

" මොකද උබ බලාගෙන ඉන්නේ පිහිදාපන් "

ජිමින් එයාගේ සාක්කුවේ තිබුණු ලේන්සුව අරගෙන බිම දනගහගෙන යුංගිගේ සපත්තුව පිහිදාන්න ගත්තා ටේහ්‍යුන් ඒ දිහා දුකින් බලාගෙන හිටියා

" මොකද උබට දුක ද...?"

ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදපු ජන්කූක් එහෙම කිව්වා ටේහ්‍යුන් ඔව් කියන්න ඔලුව වැනුවා

" අයිෂ්.....උබට කටක් නැද්ද...?"

" තියෙනවා "

" ගිහින් මට බොන්න මොනාහරි අරගෙන වරෙන් "

",අහ්....?"

" කන පලාගන්නේ නැතුව කිව්ව දේ කරපන් "

තාමත් ජන්කූක් දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන්ට කොල්ලා කිව්වේ ලග තිබුණු පුටුවකට පයින් ගහලා ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවාම කොල්ලා ඒක කරන්න කියලා ඔලුව වැනුවා ටේහ්‍යුන් හොද හුස්මක් පහත දාලා එතැනින් ගියා ජන්කූක් ටේහ්‍යුන් යන දිහා බලාගෙන හිටියේ කට කොනින් හිනාවක් එක්ක

විනාඩි කිහිපයකින් ටේහ්‍යුන් ජන්කූක් ලගට ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් එකක් අරගෙන ඇවිත් දුන්නා ජන්කූක් මිල්ක් ශේක් එක අතට අරගෙන ඒ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ජන්කූක් නැගිට්ටා ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් ටේහ්‍යුන්ගේ ඔලුවට හැලලා කප් එක පැත්තකට විසි කලා

" ටේ...."

" උබට බොන්න මොනාහරි ගේන්න කිව්වේ මේකට....උබ වගේ හිගන්නෝ අල්ලන දෙයක්වත් පාවිච්චි කරන්න මේ Jeon Jungkook කැමති කෙනෙක් නෙවෙයි මට උබලා එවුන් අප්‍රසන්නයි "

ටේහ්‍යුන්ගේ මූනටම එහෙම කියලා දාපු ජන්කූක් නැගිටලා යන්න ගියා යුංගි අනිත් කොල්ලෝ ටිකත් එතැනින් යන්න ගියේ ටේහ්‍යුන් බිම බලාගෙන එහෙම්ම ඉදිද්දී

" අපි වොෂ් රූම් එකට ගිහින් ඔය ටික සෝදගමු ටේ.."

ජිමින් ටේහ්‍යුන්ගේ අතින් අල්ලාගෙන කිව්වා ටේහ්‍යුන් මුකුත් නොකියා ඔලුව වැනුවේ එයා දැන් වචනයක් හරි කියන්න ගියොත් ඇඩෙනවා කියලා දන්න නිසා ජිමින් කොල්ලා එක්ක වොෂ් රූම් එකට ගියා ජිමින් ටේහ්‍යුන්ගේ කොන්ඩේ තිබුණු මිල්ක් ශේක් ටික සෝදලා ඇදුමේ ගෑවුනු ටිකත් ටිෂූ එකකින් පිහිදලා දැම්මා

" අඩන්න ඕන නම් අඩන්න ටේ කදුලු හිර කරගෙන ඉන්න එපා "

ටේහ්‍යුන් නහය උඩට අදින සද්දේ ඇහිලා ජිමින් කිව්වා ඒත් එක්කම ටේහ්‍යුන් ඉකි ගසමින් අඩන්න පටන් ගත්තා කොල්ලාට පුංචි කාලේ ඉදලා ලස්සන මිහිරි මතක නොතිබුනු තරම් හැමදාම කොල්ලාට අනිත් අයගේ විහිලුවක් වෙන්න සිද්ධ වුනා

" වේ...ජිමිනි...හැමෝම මට එහෙම කරන්නේ... මට කාත් කවුරුවත් නැති වුනේ මගේ වරදින්ද...? ඇයි හැමෝම මාව පහත් කරලා කතා කරන්නේ....? මට රිදෙනවා...ජිමින්... ගොඩක් රිදෙනවා "

ටේහ්‍යුන් පොඩි ලමයෙක් වගේ අඩද්දී ජිමින් කොල්ලාගේ ඔලුව අතගෑවා එයාට ටේහ්‍යුන්ව සනසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැ

" කවදාහරි දවසක මේ හැමදේම හරියයි ටේටේ හැමදාම සීත කාලය තියෙන්නේ කවදාහරි දවසක වසන්තය උදා වෙනවා එතකම් අපි ඉවසීමෙන් හැමදේම දරාගන්න ජීවත් වෙමු ඔයා තවත් තනිවෙලා නැ ටේ මේ ජිමින් ඔයත් එක්ක ඕන දේකට ඉන්නවා "

ජිමින් ටේහ්‍යුන්ගේ කදුලු පිහිදන ගමන් කිව්වාම ටේහ්‍යුන් අහිංසක හිනාවක් එක්ක ඔලුව වැනුවා

" අපි යමු.."

දෙන්නා එක්ක වොෂ් රූම් එකෙන් එලියට ඇවිත් එයාලගේ පන්ති පැත්තට ඇවිදගෙන ගියා

" යාහ්හ්හ්....ජිමින්ශියා.."

එකපාරට කෙල්ලෙක් කෑගහනවා ඇහුනු නිසා ජිමින් නැවතුනා ඒත් එක්කම දුවගෙන ආපු කෙල්ල දනහිස් දෙකට අත් දෙක තියාගෙන වේගෙන් හුස්ම ගන්නවා

" මම මෙච්චර කතා කලා ඇහුන් නැද්ද ජිමින්ශියෝ..."

ඒ කෙල්ල ජිමින්ට රවාගෙන අහනකොට කොල්ලා හිනා වුනා

" මියානේ නිනි ඇත්තටම ඇහුනේ නැ "

" ඒකට කමක් නැ දැන් අලුත් යාලුවෙක් හම්බවෙලා හින්දා අපිව අමතකයි නේ "

නිනී ටේහ්‍යුන් දිහා බලන ගමන් කිව්වා

" අයියූ....එහෙම දෙයක් නැ නිනියෝ.."

" ඉතින් මට ඔයාගේ මේ කියුට් යාලුවා අදුන්වලා දෙන්නේ නැද්ද...?"

" අහ්....මේ කිම් ටේහ්‍යුන්....අපේ ක්ලාස් එකේම තමයි "

" හායි ටේහ්‍යුන්ශි...."

නිනි හිනා වෙලා අතක් වනලා කිව්වා

" හායි..."

ටේහ්‍යුන් හිනා වෙලා කිව්වා

" දැන් ගියොත් හොදයි නේ ඔයාගේ ඔප්පා දැක්කොත් ප්‍රශ්නයක් වෙයි.."

" ඔය කැට්සිලාට මම නම් බය නැ එන්න කියන්නකෝ පූස් ලෝම ගැලවිලා යන්න සන් සින් සුන් වෙලා යන්න දෙන්නේ "

කෙල්ල ඇක්ශන් දදා කියද්දී ටේමින් ඩබල හිනාව කාගෙන ඉදියේ

" ඒ වුනාට කමක් නැ යන්න "

ඒත් එක්කම විවේක කාලය අවසන් බව දන්වමින් බෙල් එක නාද වුනා

" ඔප්පා හින්දා ඔයාලාට කරදරයක් වුනා නම් සමාවෙන්න "

" ඔයා ඒවාට වැරදි නැ නේ නිනි ඒක නිසා හැමදාම සමාව ඉල්ලන එක නවත්තන්න "

ජිමින් හිනාවක් එක්ක කිව්වාම නිනි ඔලුව වැනුවා

" මම යනවා ජිමින්ශි යන්නම් ටේහ්‍යුන්ශී"

" හරි නිනි පරිස්සමින් "

කෙල්ල දෙන්නාටම අත වනලා ගියා කොල්ලෝ දෙන්නා තමන්ගේ පන්ති පැත්තට පියනැගුවා

" ජිමිනි....ඒ ඔයාගේ........?"

",එයා මට සහෝදරියක් වගේ ටේ අනික ඒ මින් යුංගිගේ එකම නංගි "

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා

" මමත් මුලදි පුදුම වුනා එයා යුංගිගේ නංගි කිව්වාම දෙන්නාගේ හැසිරිම සම්පූර්ණයෙන්ම වෙනස් නේ "

",ඒක නේ "

ටේමින් දෙන්නා විස්තර කතා කරන ගමන් පන්තියට ආවා ඉතුරු කාලච්ජේද කිහිපයේ යුංගි ජන්කූක් දෙන්නා පන්තියේ නොහිටපු එක ටේමින් දෙන්නාට සහනයක් වුනා පාසල් ඉවර වුනාම ජිමින් ටේහ්‍යුන්ගේ බලවත් විරෝධය මැද්දේ තමන්ගේ ගෙදර එක්කගෙන ගියා

මේ අතරේ ආඩම්බරකාර Jeon Jungkook පාසල් අවසන් වෙලා mansion එකට ආවා කා එකෙන් බැස්ස ජන්කූක් mansion එකට ඇතුල් වෙනකොටම බෑග් එක පැත්තකට විසි කලේ මේඩ් කෙනෙක් බෑග් එක අල්ලගත්තා කොල්ලා පඩිපෙළ නගින්න හදනකොට ඇහුනු කටහඬ හින්දා ජන්කූක්ගේ අත මිට මෙලවුනා

" කොහොමද පුතා අද දවස....?"

මැදි වයසේ කාන්තාවක් එහෙම අහනකොට ජන්කූක් රවාගෙන හැරුනා

" තමුන්ට ඒක වැඩක් නැ මම හිතන්නේ "

ජන්කූක් කේන්තියෙන් කිව්වා

" ඇයි පුතා එහෙම කියන්නේ මම ඔයාගේ ඔම්මා නේ "

" Just shut up bitch තමුන් අප්පාගේ හොර ගෑනි විතරයි මගේ ඔම්මා වෙන්න දගලන්න එපා "

ජන්කූක් ඇගිල්ලක් දික් කියලා පඩිපෙළ නැගගෙන උඩට ගියේ ඒ කාන්තාව කේන්තිය පිරුනු ඇස් වලින් බලාගෙන ඉදිද්දී

" මම ඉක්මනට උබේ තටු කපලා දාන්නම්.."

කාන්තාව කේන්තියෙන් මුමුනලා එතැනින් යන්න ගියා ජන්කූක් පඩිපෙළ නැගගෙන ගිහින් එක රූම් එකක දොරක් ලගින් නැවතුනා කොල්ලා තමන්ගේ ඇදුම් හරියට හදාගෙන කොන්ඩෙත් පොඩ්ඩක් හදාගෙන හිමින් රූම් එකේ දොර ඇරියා

Glass window එකෙන් එලිය බලාගෙන wheelchair එකක වාඩිවෙලා ඉන්න කාන්තාව දිහා ජන්කූක් හිනාවක් එක්ක බලාගෙන හිටියේ ඒක කියුට් හිනාවක්

" ඔම්මා.."

ජන්කූක් කතා කරනකොට ඒ කාන්තාව wheelchair එක හරවගෙන කොල්ලාගේ පැත්තට හැරුනා

" මගේ පැටියා ස්කූල් ගිහින් ආවද..?"

ජන්කූක්ගේ ඔම්මා හිනාවක් එක්ක අහනකොට ජන්කූක් දුවගෙන ගිහින් ඔම්මා ලග දනගහ ගත්තා

",යෙප්....ඔම්මාගේ කුකී බබා ආවා.."

ජන්කූක් හුරතල් විදියට කිව්වා

" ඕමෝ....මගේ කුකී බබාගේ හුරතලේ "

ජන්කූක්ගේ කම්බුල් හරි ආදරෙන් පිරිමදින ගමන් කිව්වා

" කුකී බබාට මහන්සි ඇති නේ ගුඩ් බෝයි වගේ ගිහින් වොෂ් එකක් දාගෙන එන්න ස්කූල් එකේ දගලලා දගලලා හඩු ගදයි මේ කොල්ලා ලග.."

" යාහ්හ්හ්...ඔම්මා..."

" කෑ නොගහා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.."

" ඔම්මා කෑවද...?"

" අනියා...කුකී බබා එනකම් හිටියා "

ජන්කූක්ගේ ඔම්මා එයා ලග හුරතල් වෙන කොල්ලාගේ ඔලුව හරි ආදරෙන් අතගාන ගමන් කිව්වා

" යාහ්හ්හ්...ඔම්මා මම කියලා තියෙනවා වෙලාවට කන්න කියලා ඔයා ඔහොම වෙලාවට කන්නේ නැතුව ඉදලා අසනීප වුනොත් ඔයාගේ කුකි බබාට කොච්චර දුක හිතෙනවා ද කියලා දන්නවා ද...?"

" ගැත්තාට සමාවුව මැනවි ලොකු සර් ආපසු මාගේ අතින් එවැනි වරදක් සිදු නොවීමට වග බලාගනිමි...."

ජන්කූක්ගේ ඔම්මා වුනු සේහා එහෙම කියද්දී කොල්ලාට පොඩි හිනාවක් ගියා

" මේ පාර විතරයි සමාව දෙන්නේ..."

" හරි හරි  හඩු කොල්ලා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න නැත්නම් ඔම්මා දැන්ම ස්වර්ගස්ථ වෙයි මේ ගද දරාගන්න බැරුව "

සේහා කියද්දී කොල්ලාගේ මූන වෙනස් වුනා

" ඔච්චර අපහාස කරන්න එපා ඔම්මා ඒ ඔයාගේ කුකී බබාගේ ජීවන සුවද්..."

" අනේ ජෙයියනේ "

සේහා ඔලුවේ අතගහ ගනිද්දී ජන්කූක් හිනා වෙවී එයාගේ රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න කොල්ලා ඇදුම් ඔක්කොම ගලවලා රූම් එක පුරා විසි කරලා ඉවර වෙලා නිරුවතින් බාත් රූම් එකට ආවා ශවර් එක ඇරලා ශවර් එක යට හිටගෙන ඇස් පියාගත්තේ දැනෙන සනීපයට ඒත් එක්කම ජන්කූක්ගේ මතකයට ආවේ එයාගේ පන්තියට අලුතින් ආපු කොල්ලාව ඒ බෝල ඇස් වලින් ජන්කූක් දිහා බලාගෙන ඉදපු විදිය මතක් වුනාම කොල්ලා කටකොනින් හිනා වුනා

" මට මොන වුත්තකට ද ඌව මතක් වෙන්නේ....? මොනා වුනත් ලස්සන කොල්ලා "

ජන්කූක් මිමිනුවා විනාඩි කිහිපයකින් වොෂ් එකක් දාගෙන ටවල් එකෙන් ඔලුව පිහිදාන ගමන් රූම් එකට ආවා ඇදුමක් දාගත්ත ජන්කූක් එයාගේ ඔම්මා එක්ක කන්න ගියා

❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎

ඔබගේ අදහස් උදහස් පවසන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top