02 • 𝙽𝚎𝚠 𝚂𝚌𝚑𝚘𝚘𝚕 •
පාසලේ උදෑසන සීනුව නාද වන විට පාසලේ විවිධ ස්ථාන වලට වී සිටි සිසුන් පලමු කාලච්ජේදය සදහා තම තමන්ගේ පන්ති වෙත පියනැගුවා ඒත් දෙන්නෙක් නම් තමන්ගේ පාඩුවේ හිටියේ පාසලේ සීනු හඩ නොඇසුනා මෙනි ඒ වෙන කවුරුවත් නෙවෙයි මේ පාසලේ නසරානියෝ දෙන්නා විදියට ප්රසිද්ධ ජන්කූක් සහ යුංගි
මොන නසරානි වැඩේ කලත් ඒ දෙන්නාට ඉහලින් යන්න මැස්සෙක්ට තියා ස්කූල් එකේ ප්රධානියා වුනු ප්රින්සිපල්ටත් බැරී වුනා මොකද ඒ දෙන්නාට විරුද්ධව action එකක් ගත්තොත් ප්රින්සිපල් පට්ටම ලෙෆ්ට් වෙනවා කියලා දන්න නිසා මොන නසරානි වැඩේ කරලා ඔෆිස් එකට ආවත් ප්රින්සිපල් වැඩේ ශේප් කරනවා
" ඒයි කොටා මෙහෙ වරෙන්..."
තමන්ගේ පාඩුවේ බිම බලාගෙන තමන්ගේ පන්තියට ඇවිදගෙන යන ජිමින්ට කෑගැහුවා කොල්ලා ඒ කටහඬ නිසා ගැස්සිලා ගියා
" තවත් මොනාද බලාගෙන ඉන්නේ මෙහේ වරෙන් "
යුංගි තාප්පෙට හේත්තු වෙලා ටූත්පික් එකක් කටේ ගහගෙන කතා කලාම ජිමින් ඇවිදගෙන යුංගි ලගට ගියේ උදේ පාන්දර මොන මරාලයක් කඩාගෙන පහත් වෙයිද කියලා හිතන ගමන්
" තමුසේ මගේ homework ටික කලා ද..?"
යුංගි ඇහිබමක් උස්සගෙන ජිමින්ගෙන් ඇහුවාම කොල්ලා ඔලුව වැනුවා
" ඇයි තමුසෙට කටක් නැද්ද ඔලුව ඔහොල්ලන්නේ දෙනවා තමුසෙගේ ඔලුව ගැලවිලා යන්න "
යුංගි අතක් උස්සලා එහෙම කිව්වාම ජිමින් බයටම ඇස් පියාගත්තා ජන්කූක් තාප්පෙට හේත්තු වෙලා මේ දර්ශනය හොදට රසවිදිමින් හිටියේ
" යේ..."
ජිමින් වෙව්ලන හඩකින් කිව්වා
" මොකද්ද ඔව් "
" homework කලා..."
ජිමින් බිම බලාගෙන උත්තර දුන්නා
" තවත් මොනාද බලාගෙන ඉන්නේ යනවා.."
යුංගි කෑගැහුවාම ජිමින් ඉක්මනට එතැනින් දුවලා යන්න ගියේ යුංගි ජන්කූක් දෙන්නා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන ඉදිද්දී
" යමන් "
ජන්කූක් කිව්වාම යුංගි ඔලුව වනලා දෙන්නා එක්ක ක්ලාස් එක පැත්තට ගියා කොරිඩෝ එකේ දෙන්නා ඇවිදගෙන යද්දී හිටපු ලමයි දෙපැත්තට වෙලා එයාලට ඉඩ දුන්නා
" මුන් හැසිරෙන්නේ අපිව අද දැක්කා වගේ නේ "
ජන්කූක් කිව්වේ වටේ ඉන්න ගෑනු ලමයි ගිරිය කඩාගෙන කෑගහන නිසා එයාලව හැමදාම දැක්කත් ගෑනු ලමයින්ගේ හැසිරිමේ වෙනසක් වුනේ නැ වැඩි සද්ද වලට අකමැති යුංගි මූන අකුලගෙන පන්තියට ගියා ජන්කූක් පන්තියේ දොරට පයින් ගහගෙන ඇතුල් වුනේ පන්තියේ හිටපු ලමයි හැමෝගෙම අවධානය එයාලට ලැබෙද්දී
පන්තියේ පිටිපස්සෙම පේලියට ගිහින් බෑග් එකත් මේසේ උඩට විසි කරලා පුටුවෙන් වාඩිවුනු ජන්කූක් කකුල් දෙක මේසේ උඩින් තියාගෙන ෆෝන් එකෙන් ගේම් ගහන්න පටන් ගත්තා ජන්කූක්ට එයාගේ වටේ මොන දේ වුනත් ගානක් නැ
ජිමින් ලගට ගියපු යුංගි කොල්ලාගේ ඔලුවට හොද පාරක් ගහලා එයාගේ පොත් ටික අරගෙන ඇවිත් මේසේ බදාගෙන නිදාගන්න පටන් ගත්තේ ජිමින් මූනත් බෙරි කරගෙන හිටියේ යුංගි ගහපු පාර කොල්ලාට රිදුනු නිසා
ටිකකින් පන්ති භාර මිස් මිසිස් චෝයි පන්තියට ආවේ ලමයි හැමෝටම ගුඩ් මෝනින් කියාගෙන ජන්කූක් යුංගි දෙන්නා ඇරෙන්න අනිත් හැමෝම මිස්ට ගුඩ් මෝනින් කිව්වා මිස් ඒ දෙන්නාට මුකුත් නොකියා හිටියේ කොච්චර කිව්වත් දෙන්නා හැදෙන්නේ නැති නිසා තමන්ගේ වචන නිකරුණේ නාස්ති කරන්න ඕන නැති නිසා
" අද ඔයාලාගේ පන්තියට අලුත් ලමයෙක් ඇවිත් ඉන්නවා ඔයාලා හැමෝම එයා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕන ඒ ලමයාව රැග් කරනවා එහෙම නෙවෙයි "
මිස් ඒක කිව්වේ යුන්කුක් දෙන්නා දිහා බලාගෙන වුනත් ඒ දෙන්නාට මිස් කියපුවා ඇහුනු බවක් නම් පේන්න තිබුණේ නැ
" ඔයා එන්න,දරුවෝ..."
මිස් කතා කලාම පන්තියේ හිටපු ලමයි ඔක්කොම දොර දිහා බැලුවේ ඒ කවුද කියලා බලන්න පන්ති ඇතුලට බෑග් එකේ පටියත් අල්ලාගෙන ඇවිදගෙන ආපු අහිංසක කොල්ලා දැක්කාම ලමයි ඔක්කොම කසුකුසු ගගා කතා කරන්න ගත්තා
" Silent...ඔයාව හදුන්වලා දෙන්න "
කොල්ලා ඔලුව වනලා පන්තිය දිහා බැලුවා ඔක්කොම වගේ කොල්ලා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා ඒ නිසා කොල්ලා බය වුනේ නැ කිව්වොත් බොරු
" I'm Kim Taehyung Nice to meet you all Hope to cooperate with all of you"
ටේහ්යුන් එහෙම කියලා බොක්සි ස්මයිල් එක ප්රදර්ශනය කලා කොල්ලා කතා කරලා ඉවර වෙනවත් එක්කම මෙතෙක් වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉදපු ජන්කූක් ඔලුව උස්සලා ටේහ්යුන් දිහා බැලුවා පුංචි වලස් පැටියෙක් වගේ පන්තිය ඉස්සරහ හිනා වෙවී බලාගෙන ඉන්න කොල්ලා දැක්කාම ජන්කූක්ට කට කොනින් හිනාවක් ගියා ටේහ්යුන්ගේ ඇස් රාත්රි අහස හැඩ කරන පුංචි තරු කැට වගේ වුනා ජන්කූක් පිටිපස්සට වෙලා ටේහ්යුන්ගේ සුන්දරත්වය රස වින්දා කිව්වොත් වැරදි නැ
" ටේහ්යුන් ඔයා ගිහින් ජිමින් ලගින් වාඩිවෙන්න "
මිස් එහෙම කිව්වාම ටේහ්යුන් මිස් දිහා අහිංසක හිනාවක් එක්ක බැලුවේ එයා ජිමින් කියන්නේ කවුද කියලා දන්නේ නැති හින්දා
" පිටිපස්සේ පේලියේම කොනේ ජනේලය ලග ඉන්නේ ජිමින් "
ටේහ්යුන් මිස්ට ආචාර කරලා පන්තිය මැදි ඇවිත් ජිමින් ලගින් ඉදගත්තා ජිමින් ලස්සන හිනාවකින් ටේහ්යුන්ට සංග්රහ කලාම ටේහ්යුන් ජිමින්ට හිනාවකින් සංග්රහ කරන්න අමතක කලේ නැ
" Hii..."
ජිමින් අතක් වනලා හුරතල් විදියට හායි කිව්වා
" hii.."
ටේහ්යුන් කොල්ලාට අත වනලා හායි කිව්වා
" ජිමින් ටේහ්යුන්ට මෙතෙක් අපි උගන්නපු පාඩම් ගැන පොඩ්ඩක් කියන්න "
" හරි මිස්..."
" එහෙනම් ලමයි අද අපේ පාඩමට අවධානය යොමු කරමු "
මිසිස් චෝයි එහෙම කියලා බෝඩ් එක පැත්තට හැරිලා අදට යෙදිලා තිබුණු ඉතිහාසය පාඩම පටන් ගත්තා මිසිස් චෝයි ගොඩක් කරුනාවන්ත ප්රියමනාප කෙනෙක් ඉතින් සමහර ලමයි history කියන subject එක නයාට අදුකොල වගේ වුනත් මිස් හින්දා අහගෙන ඉන්නවා
" අලුත් එකාත් scholarship කාරයෙක් ද..?"
යුංගි කට ඇතුලේ දිව තෙරපන ගමන් ජිමින් එක්ක හිනා වෙන ටේහ්යුන් දිහා බලාගෙන ඇහුවා
" හොයාගමු..."
ජන්කූක් ෆෝන් එක දිහා බලාගෙන කිව්වා මිස් ඉස්සරහ ඉගැන්නුවත් ජන්කූක් පිටිපස්සට වෙලා දිවත් හපාගෙන ගේම් ගහනවා යුංගි නම් ජිමින් දිහා බලාගෙන ඊලගට ජිමින්ට දෙන්නේ වගේ රැග් එකක් ද කියලා කල්පනා කලා
" Jeon Jungkook "
මිස් ජන්කූක්ගේ නම කියලා කෑගහනවත් එක්ක ජන්කූක් ගේම් එක අවසන් කරන්න ඔන්න මෙන්න තියලා අවුට් වුනා
" Oh shit.."
ජන්කූක්ගේ කටින් කේන්තියෙන් පිටවුනේ පන්තියේ ලමයි ඔක්කොම මිස් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා ගානක් නැතුව
" ජන්කූක්.....තමුන් කියනවා ශ්රි ලංකාවේ ප්රථම ජනාධිපති කවුද "
(දැන් මගෙන් අහන්න එපා කොරියාවේ ස්කූල් එකක ඉතිහාසය පාඩමකට ශ්රී ලංකාව ගැන තියෙනවා ද කියලා)
"ශ්රි ලංකාවේ ප්රථම ජනාධිපති කවුරු වුනත් මගෙන් මොකටද අහන්නේ "
ජන්කූක් එහෙම කිව්වාම මිස් කේන්තියෙන් සුසුමක් හෙලුවේ මේ යකා හදන්න පුලුවන් එකෙක් නෙවෙයි හින්දා මිස් ජන්කූක්ට අවධානය නොදී පාඩම දිගටම කරගෙන ගියා
පලමු කාලච්ජේදය අවසන් වූ බව දන්වමින් පාසල් සීනුව නාද විය මිසිස් චෝයි ලමයින්ට පොඩි සිනාවකින් සංග්රහ කරලා පන්තියෙන් එලියට ගියා
" ඉතින් ටේහ්යුන් ඔයාව අපේ ස්කූල් එකට සාදරයෙන් පිලිගන්නවා..."
ජිමින් එහෙම කිව්වාම ටේහ්යුන්ට හිනාවක් ගියා
" කුමාවෝ ජිමින්...."
" ඒක නෙවෙයි මම ඔයාට ටේ කියලා කතා කරන්න ද.."
ජිමින් ඇහුවාම ටේහ්යුන් කොල්ලා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා
" ඔයා ඒකට කැමති නැද්ද "
" එහෙම නෙවෙයි මට කවුරුවත් එහෙම කතා කරලා නැ "
ටේහ්යුන් දුකින් හිනා වෙලා කිව්වා
" එහෙනම් හොදයි එතකොට මම විතරයි ඔයාට ටේ කියලා කතා කරන්නේ "
ටේහ්යුන් හිනා වෙවී ඒකට එකග වෙන ගමන් ඔලුව වැනුවා ඒත් ජිමින් ඊලගට අහපු ප්රශ්නේ හින්දා ටේහ්යුන්ගේ හිනාව නැති වෙලා ඒ මූන අදුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" එතකොට ඔයාගේ ඔම්මා අප්පා ඔයාට කොහොමද කතා කරන්නේ "
ටේහ්යුන්ගේ මුහුනේ සිදු වුනු වෙනස ජිමින් හොදටම දැක්ක නිසා කොල්ලා හිතුවේ එයා වැරදි දෙයක් ඇහුවා කියලා
" මම හැදුනේ orphanage එකේ ජිමින් මගේ ඔම්මා අප්පා කවුද කියලා මම දන්නේ නැ "
කොල්ලා සිහින් හඩකින් මුමුනනකොට ජිමින් ටේහ්යුන්ගේ අතකින් අල්ලගත්තා
" මියානේ ටේ මම එහෙම දෙයක් දන්නේ නැ ඔයාගේ හිත රිදුනා නේ "
ජිමින් දුකින් එහෙම අහද්දී ටේහ්යුන් හිනා වෙලා නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ජිමින් ගොඩක් සංවේදී කෙනෙක් එයා ඔම්මා එක්ක තනි වෙලා කොච්චර දුක් විදිනවා ද කියන්න එයා දන්නවා එතකොට ටේහ්යුන් එයාට එයාගේ කියන්නේ කවුරුවත් නැ එහෙම හිතද්දී ජිමින්ට ගොඩක් දුක හිතුනා
" ඒකට කමක් නැ "
දුකෙන් තමන් දිහා බලාගෙන ඉන්න තාර පැටියාගේ ඔලුවට තට්ටුවක් දාලා කිව්වා
" ඕයි..."
ටේහ්යුන් එක්ක කතාවක හිටපු ජිමින් ගැස්සිලා ගියේ ඒ ඇහුනු ගැඹුරු කටහඩ නිසා ටේහ්යුන්ට තේරුනා ජිමින් ඉන්නේ බය වෙලා කියලා මොකද ජිමින් හිටියේ ටේහ්යුන්ගේ අත තදින් අල්ලාගෙන
" වේ...?"
ජිමින් වෙව්ලන හඩකින් අහද්දී යුංගි ටේහ්යුන්ගේ මේසෙට අත් තියලා බර වුනා
" තමුසෙට අලුතින් යාලුවෙක් හම්බවෙලා හෙන හැපි එකේ වගේ "
යුංගි කට කොනින් සමච්චල් සහගත හිනාවක් එක්ක කිව්වා
" එහෙම නැ "
" එහෙම නැත්තේ මොකද මූත් උබ වගේ හිගන පැටියෙක් ද..."
යුංගි ඇහුවාම ජිමින් මුකුත් නොකියා බිම බලාගත්තා ඒ නිසා යුංගි කෙලින් වුනා ජන්කූක් එතැනට වෙලා බලාගෙන හිටියේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න ටේහ්යුන් දිහා
" උබේ නම මොකද්ද කිව්වේ..."
මෙච්චර වෙලා පැත්තකට වෙලා හිටපු ජන්කූක් ටේහ්යුන්ට ඉස්සරහ තිබුණු මේසේ උඩ වාඩිවෙලා කකුලක් පුටුව උඩින් තියාගෙන ඇහුවා
" Taehyung..."
කොල්ලා සිහින් හඩින් මිමිනුවා
" මොකද්ද ඇහුන් නැ තමුසේ මදුරුවෙක් ද ඇහෙන්න කතා කරනවා"
" Kim Taehyung "
ටේහ්යුන් කලින්ට වඩා ටිකක් සද්දෙන් කිව්වා
" එතකොට උබේ ඔම්මා අප්පා මොනාද කරන්නේ "
ඒ ප්රශ්නේ දී ටේහ්යුන් නිහඩ වුනා ජිමින් බයෙන් හිටියේ ටේහ්යුන් ඇත්ත කිව්වොත් ජන්කූක් මොනා කරයි ද කියලා
" මගේ ඔම්මා අප්පා නැ මම orphanage එකේ හැදුනේ.."
ටේහ්යුන් බිම බලාගෙන උත්තර දුන්නා
" උප්ස්....අනාථයෙක් ද උබ "
ජන්කූක් සමච්චලේට වගේ අහද්දී ටේහ්යුන්ගේ ඇස් වලට කදුලු පිරුනා
" මූ හිගන පැටියෙක් විතරක් නෙවෙයි බන් අනාථයෙක් "
ජන්කූක් හිනා වෙවී කියලා යුංගිට high five එකක් දැම්මා යුංගි හිනා වෙවී බලාගෙන ඉන්නවා පන්තියේ අනිත් ලමයි පැත්තකට වෙලා හිටියේ මේවාට විරුද්ධ වෙන්න කාටවත් හයියක් තිබුණේ නැති නිසා ඒ වගේම සමහර ලමයි යුන්කුක් දෙන්නාගේ වැඩ වලට සපෝට් කලා
" මුන් වගේ උන් මොකට ජීවත් වෙනවා ද මන්දා "
ජන්කූක්ගේ වචන කොල්ලාගේ හිත ගොඩක් රිද්දුවා කලින් ස්කූල් එකේ දීත් ලමයි ටේහ්යුන්ට විහිලු කලා පුලුවන් තරම් කොල්ලාට වද දුන්නා ටේහ්යුන් හැමදේම තනියෙන් දරාගෙන ජීවත් වුනා ඒ පුංචි හිත කොච්චර රිදුනත් එයා හිනා වෙලා හිටියා එයාගේ රිදීම් හිත යට සගවලා තියාගෙන හැමෝම ඉස්සරහ හිනා වුනා
" interval එකේදී උබලා දෙන්නා අල්ලගන්නම්.."
යුංගි එහෙම කියලා ජන්කූක් එක්ක ගියාම ජිමින් බිම බලාගෙන ඉන්න ටේහ්යුන්ගේ මූන ඉස්සුවා ඒ කම්බුල් පුරා කදුලු බිදු කඩාගෙන හැලෙනවා
" අඩන්න එපා ටේ....අද ඉදන් ඔයාගේ ඕන දේකට මේ ජිමින් ඉන්නවා "
ජිමින් කොල්ලාගේ කම්බුල් පුරා තියෙන කදුලු බිදු පිසදාලා කිව්වා
" එයාලා කවුද ජිමින් ඇයි එහෙම කතා කරන්නේ "
" හැමෝම උන්ගේ යටතේ ඉන්න ඕන කියලා හිතාගෙන ජීවත් වෙන මෝඩයෝ දෙන්නෙක් "
ජිමින් කේන්තියෙන් මකරෙක් වගේ පිබින ගමන් කිව්වා
❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎❄︎
Hii
ඔන්න පලවෙනි චැප්ටර් එක දුන්නා
හොද ද නරක ද කියලා කියන්න බලන්න
වෝට් කමෙන්ට් කරන්න
ආදරෙයි ඔක්කොටම
Bạn đang đọc truyện trên: AzTruyen.Top