සමුගැන්මට පෙර 🍂
හැමදේම උදේට ඉවරවෙයි කියලා හිතාගෙන නිදාගත්තත් උදේ වෙද්දී කිසිම දෙයක් වෙනස් වෙලා තිබුනෙනම් නෑ. නිකන්ම නිදා ගන්න ගියත් ශෙහාන් එම්ගේ ෆෝන් එකට තරහින් යවපු මසේජ් නිසා එම්ගේ හිත රිදිලා තිබුනා. එම්‍ට ඔනේ උනේ නැවතිලා නැන්දා මාමා එක්ක කතා කරලා හැමදේකටම මොකක්මහරි විසදුමක් හොයාගන්න. නැන්දා එම්ගේ පැත්තට ආවනම් මොකක් හරි කරගන්න පුලුවන් වේවී, එම් හිතුවේ එහෙම. නැන්දා ගැන හොදටම දන්න එම් ඉන්න තීර්නය කලෙත් එයාට ආදරේ නිසා නැන්දා මොකක්ම හරි කරයි කියලා තිබුනු පොඩි හරි බලාපොරොත්තුවක් නිසයි. ඒ නිසා එම් එහේ නැවතුනා. ශෙහාන් හිටියනම් එම්ට අඩලවත් නැන්දට මාමාට මේවා කියලා තේරුම් කරගන්න බැරිවේවී.
ෆෝන් එක අතට ගනිද්දී එයාගෙයි එම්ගෙයි ඉන්බොක්ස් ඒකේ තිබුනු මැසේජස් නිසා ශෙහාන්ගේ හිත හොදටම අවුල් උනා. එම්ට කෝල් කරත් එයා නෙවේ ආන්ස්වර් කලේ. එම් එදා දවසෙත් එහේ ඉන්නවා කියලා ශෙහාන්ට පස්සේ කියලා තිබුනා. ශෙහාන්ට තවත් දුක හිතුනා ඒ වගේම නැන්දලා ගැන තවත් කේන්ති ගියා. එයාලා එම්ට එන්න දෙන්නේ නැතිවෙයිද... කලින් හිතුවා වගේම වෙයිද... ශෙහාන් ආයෙම ආයෙම කෝල් කලා.. ඒත් එම් නෙවේ ආන්ස්වර් කලේ. එයාගේ ෆෝන් එකත් අන්තිමට ඕෆ් වෙලා තිබුනා.
* Shehan's pov *
දවස් දෙකක් එම් ආන්ටිලගෙ ගෙදර නැවතිල දවස් දෙකක්... මම කොහොම මෙහෙම හිටියද මට තාම හිතා ගන්න බෑ. මගේ එම් එහේ ඉදලා තාම ආවෙ නැ. එදා රෑ බීලා මම එම්ට බැනල දාපු මැසේජ් එකට එයාගෙ හිත හොදටම රිදිලා. මම කරේ වැරැද්දක්.. මම දන්නවා...
:📱📩 ඇයි ඔයා මෙහෙම මට රිද්දන්නෙ ශෙහාන් ඇයි ඔයාට මන් නිසාවත් ඔයාගෙ හොද සිහිය තියාගන්න බැරි,
කියල එයා මට මැසේජ් එකක් එවල තිබ්බා. මම එයාට බැනලා බැනලා මැසේජ් යවලා. මීට පස්සෙ ෆෝන් ඕෆ් කරල බොන්න ඕන. අපරාදේ මම එහෙම කරෙ කියල හිතුනත් දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දෙයක් කියල ඉවර උනාට පස්සෙ අපි කොච්චර පසුතැවුනත් වැරැද්ද හදන්න බැ... ඒ රිදුන හිත රිදෙනවමයි.
ඒත් මම එයාට ආදරෙන් කතා කරන්න පුලුවන් මානසිකත්වෙක උදේ වෙද්දි හිටියෙත් නැ මම අවුලෙන් හිටියෙ.
කොහොමද අවුල් නොයන්නේ.. කාටද මාව තේරෙන්නේ.. කාටවත් නෑ. එයා නැති ජිවිතයක් ගැන හිතන්නෙවත් කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ. මට කේන්ති.. එයා මාව දාලා යන්න හදනවා.. මන් දන්නෑ ඉස්සරහට මොනා වෙයිද කියන්න. ඒත් මන් කරන මේ දේවල් නිසා මගේ එම් දුකින් ඇති. මම යවපු මැසේජ් නිසා මට ලොකු වැරදි හැගීමක් දැනුනා. අන්තිමට මම
-: 📤📱 ඒ හැමදේම හරි මම නිසා දුක් වෙන්න එපා... මම ඔයාට ආදරෙයි ඉක්මනට එන්න මන් බලන් ඉන්නව එම්...
කියල මම එම්ට මැසේජ් එකක් දැම්මා. කොහොමටත් මට බෑ එයාගේ හිත රිද්දන්න. කවුරු කෝම මොනා මන් ගැන කියලා එයාගේ හිත වෙනස් කලත් මාව දාලා යන්න ගියත්.... මම ආදරෙයි හැමදාම. වෙනසක් නැතුවම.
අපි දෙන්නම බොන්න හිතුනම එකට ඩ්‍රින්ක්ස් අරන් තියනවා. යාලුවො එක්ක ඩ්‍රින්ක්ස් අරන් ආව දවසට බැල්කනි එකෙ ටේබල්එක අස්සෙ බදාගෙන වැටිල නිදා ගෙනත් තියනවා. එහෙම දවසට උදේට තමයි දෙන්නටම බීපුවගෙ රිටර්න් හම්බෙන්නෙ. මම කියන්නෙ නැ ඩ්‍රින්ක්ස් ගන්න එක හොද දෙයක් කියල.
ඒක හොද නැ.
ඒත් එයා නැති වෙලාවක බොන එක එයා කොහොමටවත් හොද දෙයක් කියල ඇක්සෙප්ට් කරන්නෑ. කොහොමත් නෑ. ඒත් එයා මාව දාල යන්නනන් හදන්නෙ හොද නරක කිසිම දෙකින් දැන් වැඩක් නැ නේද...? මට හිතුනෙම එහෙමයි. එයා දාලා ගියාම ඇයි මම හොද කෙනෙක් විදිහට ඉන්නේ.
⏳
අද උදෙ එයා එහෙන් එනව කියල මැසේජ් එකක් එවල තිබ්බා. ප්‍රශ්නෙ තනියම විසදගන්න දෙන්න කියල එයා මට කියපු නිසාද, එහෙම නැත්තං මාව දාල එයා එහෙ තනියම නතර උන තරහටද මන්ද මම එයාට කෝල් ගත්තෙම නැ කෑවද බිව්වද අහන්නවත්..😒
එයා එනකල් උඩට වෙලා බලන් ඉන්න බැරි නිසා මම අපේ බිල්ඩින් එකෙන් පහලට බැස්සා. පල්ලෙහාට ඇවිත් මම එහෙමම හිමීට එලියට ඇවිදගෙන ගියා. එයා කොයිම වෙලේම හරි එයිනේ කියලා මම මග බලාගෙන හිටියා. මට ඉවසන් ඉන්න බැරි උනා එක තප්පරයක්වත් එයා එනකල්. එයා එන මග බලාගෙන මම කල්පනා කරකර හිටියා.
⏳
අන්තිමට එයා ආවා...😭😍
taxi එකෙන් බැහැල බෑග් එක අතට ගන්නව දැක්කම මට එතනට යන්න හිතුනා. බෑග් ටිකත් අරගෙන මගේ කොල්ලව බදාගෙන පිලිගන්න හිතුනා. ඒත් මම එතනම හිටිය එයා මාව දකිනකල්.
එම් ඇදගෙන හිටියෙ ජුනියර් කාලෙ යුනිවර්සිටි ඇදපු වයිට් ශර්ට් එකක් එක්ක ශෝට් එකක්..😍 අවුරුදු ගානකින් ඒකක් ඇදන් ඉන්නවා දැක්කෙ.
එයා එහෙම ඇදල ඈතින් ඇවිදගෙන එනකොට එයාගෙන් එන්නෙ හැන්ඩ්සම් ගතියක් එක්ක මික්ස් උන කියුට් rare ඒශියන් ලුක් එකක්. එයා.... ගොඩක් අනිත් අයගෙන් හයිලයිට් වෙලා ලස්සනට පේනවා...
එයා මගෙ.... ඒ හැගීම මගෙ හිතම පිරිල යන දෙයක්. එක මොහොතකට මට ගෙවුනු දවස් දෙකත් අමතක උනා එයාව දකිද්දී. ටැක්සි එකෙන් බැහැලා හිමීට ඇවිදන් ආපු එයා මාව දැක්ක ගමන් ඒ හිමින් ආපු ගමන දිවිල්ලක් උනා. මට ඕන උනෙ ඉක්මනටම මොකද්ද උනෙ කියල එයාගෙන් දැනගන්න. මොකද එයාගෙ මූනෙන් එයා ඉන්න තත්වෙ මට තෙරුම් ගන්න අමාරුයි. මොකක්ද උනේ... ඒ මූනේ... මට හිතාගන්න බෑ කිසිම දෙයක්...
"ඩැඩා...... I missed you...."
එයා වෝකින් පාත් එකෙදිම කෑ ගහගෙන ඇවිත් මගේ ඇගට පැනලා මාව බදාගත්තා. මට සතුටක් දැනුනා එයා මන් ලග ඉද්දී.. ඈතින් ඉන්නවට වඩා..
" මම තරහයි ඔයා එක්ක.... ඇයි මෙච්චර පරක්කු උනේ"
මම මගෙ උරහිසෙන් එයාගෙ අත් අයින් කරන ගමන් බොරු තරහක් මවාගෙන කිව්වා. බොරුවට මවා ගත්තා උනත් තරහක් මගේ හිතේ කොනක තිබුනා. තරහවට වඩා මට තිබ්බේ බය. එයා මොනා කියයිද කියන දේ ගැන. මට දැන ගන්න ඔනේ උනා එහෙදි උන දේ.. එයා යනවද... මේ මාව දාලා.. මේ ප්‍රශ්න මගේ ඔලුව වටේ වේගෙන් කැරකුනා. මම හිටියේ පුදුම ස්ට්‍රෙස් එකක..
එක පාරම එයාගෙ මූන වෙනස් උනා.....
"Babe.... listen carefully... මම මට පුලුවන් හැම දේම කරා, ඒත් මට ටික කාලෙකට යන්නම වෙනවා.... මම හැම දාම ඔයාට කතා කරනවා හරිද... ඒ නිසා මට විශ්වාසයි මම එනකල් ඔයාට ඉන්න පුලුවන්... මෙහෙ...නේද..."
එයා කිසිම හැගීමක් නැතුව වෙන පැත්තක් බලන් මට කිව්වා..
මොකක්ද මේ උනේ....
මගේ කන් දෙකම පිරිලා ගියා මොකක් හරි අමාරු දරාගන්න බැරි කීන් සද්දෙකින්. නිකන් කලන්තෙ දාන්න ඔන්න මෙන්න වගෙයි හිටියේ. ලෝකෙම එකම තැනක නතර උනා වගෙ මට දැනුනෙ.
පිස්සුවක්.. හැමදේම... මට මොහොතකට හිතුනා මට තවත් නැතිවෙන්න දෙයක් නෑ.. මේ හැමදෙයම බොරුවක් වෙන්නයි යන්නේ වගේ..
එතකොට එයා යන්න හිත හදාගෙන.. එහෙනන් මම බයෙන් හිටපු දේ අන්තිමට ඒ විදිහටම උනා...
එයා යනවා..
මාව මෙහේ දාලා..
එයා එනකල් බලන් ඉන්න කියලා එයා යනවා... යන්නම.. අවුරුදු තුනක් මගෙ ජීවිතේ උගස් කරලා වගෙ මම කරපු ආදරේ අන්තිමට විහිලුවක් විතරක් උනා වගේ මට දැනුනා. මගේ ඇස් ඉස්සරහම එයා මාව දාලා යන්න යනවා වගේ හීනයක් මැවිලා පෙනුනා.
*මම එනකල් ඔයාට ඉන්න පුලුවන්*
එයාට අඩුම මම කොච්චර ඒකෙදි අසරනයිද කියල දන්න නිසාවත්, ඒක කියද්දී මීට වඩා මගෙ හිත රිදෙන්න නැති වෙන්න කියන්න තිබ්බා. ඒත් එයා මගේ මූනවත් නොබලම අහක බලාගෙන ඒක කිව්වා.
මට දැනුනෙ පුදුම වේදනාවක්, කියාගන්න බැරි තරම්ම. මහ පාර නිසා කෑ ගහලා අඩන්න බැරි උනා. මගේ හිත පිස්සුවෙන් වගේ කෑ ගැහුවා. මට ඔනේ උනා කොහාටහරි දුවන්න.. පොඩි එකෙක්වගේ කෑ ගහලා අඩන්න... මට තව මොනාද නැතිවෙන්න තියෙන්නේ... මගේ වටිනම දේ.... එක... ඒක දැන් හොරු අරන් යනවා...
___________________________________
wattapad එක පිස්සු නටනවා... කනෝ අනලා මේක මම😑
😊
Bạn đang đọc truyện trên: AzTruyen.Top