සැගවුනු ආදරය🍂
ජිවිතේ විදින්න ආස කරන ආදරවන්තයින් ඔවුන්ගේ පලමු රාත්‍රිය හරි අපුරුවට අමතක නොවන අයුරින් ගෙවනවා. රිදවීම් අතරේ දැනෙන අමුතු හැගීම් ඇග පුරා දුවන සීතල හිරි වැටීම් ඔවුන්ව ඒ රැයේ මත් කරවනවා. ශෙහාන් හරි සිහියක හිටියේ නැති හැම තල්පරයකම එම් හිටියේ සැබෑ ලෝකේ හීන දකින ගමන්. එම් ඒ රැයේ සදහටම ශෙහාන්ගේ උනා. එදා රෑ ශෙහාන්ගේ හදවත පිලිනොගත්තත් එම්ගේ හදවත එක පිලිගත්තා.
එම් හැම රිදුමක්ම දරාගත්තේ ශෙහාන් වෙනුවෙන් උතුරන ආදරය නිසයි. රැය ගෙවෙද්දී එම් සිහින් කටහඩින් ලයිට් ඕෆ් කරන්න කියද්දී ශෙහාන් ලයිට්ස් ඕෆ් කරෙත් එම්ගේ සිහියෙන්. එම්ට ඔනේ උනා ඒ ඇස් දිහා අදුරේ ඉදන් බලන් ඉන්න. මේ එයා හදවතින්ම ආදරය කරන කෙනා. එයාගේ ජීවිතේ වටිනම කෙනා.
එම්ගේ හිතට එක එක දේවල් එන්න පටන් ගත්තා. හුගාක් කොල්ලෝ මේ විදිහට එකතු වෙන්නේ ආදරේට නෙවෙයි කියලා එම් දැනම් හිටියා. ඔව් ශෙහාන්ගේ කටින් ඒ ලස්සන වචන එලියට ආවේ නෑ. එම්ට ඔනේ උනා මම ආදරෙයි කියලා ශෙහාන්ගේ කනට ලන් වෙලා කියන්න. ඒත් ශෙහාන් ආදරේ කරනවද...? මේ දේ මොකක්ද..? එම්ට ප්‍රශ්න ගොඩාක් ආවා.
එම් වේදනාවත් ආදරයත් හන්ගගෙන රැය ගෙව්වා.
.........................🌤️..........................
උදේම නැගිටින පුරුද්ද නිසා එම්ව උදේම ඇහැරෙව්නා. මුලු ඇගම රිදුම් කනවා. හොදටම ඇගත් රස්නෙයි. එහා පැත්තේ වැතිරිලා තාමත් ශෙහාන් නිදි. එයා තාමත් හීන දකිනවා ඇති.
ඒත් ශෙහාන් එක්ක මෙහෙම ලගින් ඉන්න අන්තිම දවස අදද...? එම් ශෙහාන්ගේ පියකරු මූන දිහා බලාගෙන කල්පනා කලා. මේ ආඩම්බරකාරයා මට ආදරේ කරන්නේ නෑ නේද...? එම් ශෙහාන්ගේ තද කලු කොන්ඩේ අතරට ලන්වෙලා උණුසුම් හාදුවක් තිබ්බා.
'මේ සුවද මෙච්චර ලගින් දැනෙන අන්තිම දවස අද වෙන්න පුලුවන්...'
එම් ඇදෙන් නැගිටලා කාමරේ පුරා තිබුනු රෙදි එකතු කරගෙන වොශ් රූම් එකට ගියා. ශවර් එක යට ඉද්දී ඇගට වැටෙන වතුරත් එක්ක තවත් වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. ඇග හෝදම් එලියට ඇවිත් මිල්ක් එකක් බිබී ෆෝන් එක අතට අරගෙන ගූගල් සර්ච් කලේ ශ්‍රී ලංකවේ ශෙහාන් ඉන්නවා කිව්වා ගම ගැන. එම්ට ඔනේ උනා කවදා හරි ලංකාවට යන්න.. මිල්ක් එක බීලා වේදනාව නිසා පෙයින් කිලර්ස් දෙකක් බීලා එම් ඇදට වැටුනා.
ශෙහාන් නැගිටිද්දී මොකක්ද ඊයේ උනේ කියලා හිමීට සිහියට ආවා. ඒත් එක්කම ශෙහාන් කල්පනා ලෝකෙක අතරමන් උනා.
මොකක්ද කරන්නේ...
ඒත් එම් එයාට ආදරේ කරනවා කිව්වෙත් නෑ.. මේක නිකන්ම වෙච්ච දෙයක්.. එම්ට ඒක ගැටලුවක් නැතුව ඇති... එයා ආදරේ කරන්නේ නැතුව ඇති..... ශෙහාන් කල්පනා කලා. වීර් ආවම මේ දේවල් ගැන කොහොමත් කතා කරන්න බෑ. එක්සෑම් නිසා මේ දේවල් කතා කරන එක හරිත් නෑ.
වීර් ආපහු එද්දී එමීට හොදටම නින්ද ගිහින්. වීර්ට ඔනේ උනේ නෑ පොඩි එකාව ඇහරවන්න. එම්ට සනීප නැති ගතියක් දැනුන නිසා වීර් කතා නොකරම හිටියා. එම් ඇහැරෙද්දී වීර්රුයි ශෙහානුයි දෙන්නම හොදටම පාඩම් කරනවා. ශෙහාන්ගේ හිත කලබලයි. මේ වෙච්ච දේ ඒක.... වෙන්න ඔනේ දෙයක් නෙවෙයි. ශෙහාන් හිතන් හිටියේ ඉන්දියන් කෙල්ල එක්ක කලින්ම එෆයා එකක් පටන් ගන්න. ඒකයි වෙන්න ඔනේ. ශෙහාන්ගේ ඔලුව වටේ මේ ප්‍රශ්නෙත් වගේම එක්ස්සෑම් එකට පාඩම් කරන්න ඔනේ කියන ප්‍රශ්නෙත් ආවා. හැමදේම අයින් කරලා පාඩම් කරා. පවුලේ අය ලොකු වියදමක් දරනවා මේ වෙනකොටත් ශෙහාන් වෙනුවෙන්. එක්සෑම් ෆේල් වෙලා ආයෙමත් ලියන්න ඊටත් වඩා වියදමක් දරන්න වෙනවා. ශෙහාන්ගේ පවුල දැනටමත් එයා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවා, ඉතින් හැමදේම අමතක කරලා ශෙහාන් පාඩම් කලා.
වීර් එම්ට කෑම තියෙනවා කන්න කියලා කියද්දී එම් වීර්ට තෑන්ක් කරලා නැගිට්ටා. එම්ට බැලුනේ ශෙහාන් දිහා. ඒත් ශෙහාන් එම් දිහා බැලුවේ නෑ.
දවස් ගෙවිලා ගියේ එයාලටත් නොදැනිමයි. ශෙහාන්ගේ ඔලුව ගිනි අරන් තිබුනේ එක්සෑම් නිසා. වීර් එක්ක එකතු වෙලා ශෙහාන් පාඩම් කලා එලි වෙනකල්ම. එම් ඒ අතරේ පුලුවන් පුලුවන් විදිහට කරදරයක් නොවෙන්න දෙන්නට උදව් කලා.
ශෙහාන්ව දකිද්දී එම්ගේ ඇස් නිකන්ම වගේ ශෙහාන්ගේ ඇස් එක්ක අතරමන් උනා. ශෙහාන්ගෙ ලගට ගිහින් ' ඇයි ඔයා මට මොකුත් නොකියන්නේ ' කියලා අහන්න හිතුන වාර අනන්තයි. එම්ට දැනුනේ ශෙහාන්ගේ හැසිරෙන්නේ හරියට එදා හිටියේ එයා නෙවෙයි වගේ කියලා.
දවසක් රෑ ශෙහානුයි වීර්රුයි පාඩම් වැඩ වගයකට එලියට ගියා. එදා රෑ එමී තනියෙම රැ හිටියේ. කෑම කලා නිදා ගන්න කලින් එම් ගියේ ශෙහාන්ගේ රූම් එකට. එකපාරටම එම්ට ඇඩුනා. ඒ ඇද දකින වාරයක් පාසා එම්ට ඒ රැය මතක් උනා. ශෙහාන්ගේ ඇස්, ශෙහාන්ගේ සුවද, ඒ උණුසුම, ඒ වේදනාවන්...
ශෙහාන් ඉන්නේ මේ ඇදේමයි එයාට එක මොහොතකටවත් එයාව මතක් වෙන්නේ නැද්ද...... එම් ශෙහාන්ගේ ඇදේ වැතිරුනේ ඇස් වල කදුලු පුරෝගෙනමයි. එම්ට ඔනේ උනා ආයෙත් ඒ උණුසුම ලබන්න. ඒත් ශෙහාන්ට එයාව මතකවත් නැතුව ඇති. එම් කල්පනා කලා.
එම් රැ එලි වෙනකල්ම ශෙහාන්ගේ ඇදේ වැතිරිලා කල්පනා කලා කොහොමද හිත හදා ගන්නේ කියලා. එයා විතරයි ශෙහාන්ට ආදරේ කරන්නේ. ශෙහාන්ගේ හිතේ එම්ට ඉඩක් නැතුව ඇති. එම්ගේ ඔලුවට එක එක දේවල් එන්න ගත්තා. කදුලු පිරුනු ඇස් බොද වෙනකල්ම අඩන්න පටන් ගත්තා.
එම් මේ කාලය ඇතුලත තේරුම් ගත්තා ශෙහාන්ට එයාට ආදර කරන්න අදහසක් නෑ කියන එක. ඒත් කොහොමද එම් ශෙහාන්ව දකිද්දී හිතට එන හැගීම් නැති කර ගන්නේ. එම් දැනම් හිටියේ නෑ එයා ගේ (gay) කියන එක. ශෙහාන් ගැන විතරයි එම්ට මේ වගේ දැනුනේ. තායි bl dramaa tv series කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුව බලනවා. ඒවා වගේම ඕනම සින්දුවකට හැම ජාතියකම ලව් ඩ්‍රාමාස් වලට ආස කරන කරන කෙනෙක් එමී. ඉතින් එයා ඇත්තටම ගේ ද කියන එක එයා දැනම් හිටියේ නෑ.
ඉතින් එම් හිතුවා මේ හැමදේම එයාගේ වැරැද්ද කියලා. මේ දේවල් නිසා ශෙහාන්ට එයාට මූන දෙන්නත් බැරිවෙලා කියලා එම් හිතුවා. එම්ට මේවා මතක් වෙන්න වෙන්න හොදටම ඇඩුනා. පොඩි එකෙක් වගේ එයා තනියෙම හොරෙන් ඇඩුවා.
මේ හැම දේම කල්පනා කර කර එම් සිංදු අහන්න ගත්තා.
Just gonna stand there and watch me burn
Well that's alright, because I like the way it hurts
Just gonna stand there and hear me cry
Well that's alright, because I love the way you lie
I love the way you lie
I can't tell you what it really is
I can only tell you what it feels like
And right now there's a steel knife, in my windpipe
I can't breathe, but I still fight, while I can fight
As long as the wrong feels right, it's like I'm in flight
High off of love drunk from my hate
It's like I'm huffing paint and I love her the more I suffer
I suffocate and right before I'm about to drown
She resuscitates me, she fucking hates me
And I love it, wait
Where you going? I'm leaving you
No you ain't, come back
We're running right back, here we go again
It's so insane 'cause when it's going good, it's going great
I'm Superman, with the wind at his back, she's Lois Lane
But when it's bad, it's awful
I feel so ashamed, I snapped, who's that dude?
I don't even know his name, I laid hands on her
I'll never stoop so low again, I guess I don't know my own strength
...................
එම්ට තේරුනා මෙහෙම ඉද්දී එයා මානසිකව වැටෙයි කියලා. යාලුවන්ට කියන්න තරම් හිත දුන්නෙත් නෑ. එම් තනි උනා එයාගේ ආදරෙත් එක්ක.
......................~🎂~.......................
අද එම්ගේ උපන්දිනේ. එම්ට ඔනේ උනා එයාගේ ජීවිතේ වටිනම කෙනාට ට්‍රීට් එකක් දෙන්න වගේම පුදුම කරන්නත් එක්ක රෑ කෑමට දෙන්නට එන්න කියන්න එම් ලෑස්ති උනා.
" gyzz අද රෑ කෑමට එනවද...?🙂"
" ආ... ඔව්....😊"
දෙන්නම රෑ කෑමට එනවා කියාගෙන යුනිවසටි යන්න පිටත් උනා. එදා එම්ගේ යාලුවෝ එම්ට පාටි එක්කක් දුන්නා. එම් එයාලා එක්ක පාටි එකේ ඉදලා කලින්ම ගෙදර ආවා මොකද එයාට අද එයාගේ ශෙහාන්ට රස කෑමක් හදලා දෙන්න තියෙන නිසා. එම් කොහෙන්දෝ පරිස්සු හදන රෙසිපි එකක් හොයාගෙන පරිප්පුවක් හැදුවා. වීර් වගේම ශෙහානුත් පරිප්පු කන්න ආස කිව්ව නිසා තමයි එම් පරිප්පු හැදුවා.
ඔය අතරේ ශෙහාන්ට වීර් කිව්වා
" ආහ් අද ෆැකල්ටි එකේ ලෙච්චර් කෙනෙක්ගේ පාටි එකක් තියෙනවා යමු. පොඩි එකාට එන්න වෙන්නේ නෑ කියලා කියන්න..."
ශෙහාන් ටිකක් රෑ වෙලාම එම්ට මැසේජ් එකක් දැම්මා අද එන්න වෙන්නෑ කියලා. වෙන්දට උනත් පරක්කු වෙද්දී මැසේජ් එකක් දාන පුරුද්දක් නැති නිසා ටිකක් රෑ වෙලාම ශෙහාන් මැසේජ් එකක් දැම්මා.
කෑම ඔක්කොම හදලා ලෑස්ති වෙද්දී එම්ට ශෙහාන්ගේ මැසේජ් එක ආවා.
එම්ගේ ඇස් කදුලු වලින් බර උනා. දුක වැඩි කමටම එම් හදපු කෑම පුලුවන් තරම් කෑවා. එක්කෙනෙක්ට නෙවේ එතන පස් දෙනෙක්ට තරම් කෑම ගොඩාක් හදලා තිබුනා. කන්න බැරිම තැන එම් ඉතුරු කෑම ටික තියාගෙන ශෙහාන්ලා එනකල් බලන් හිටියා.
එමී ඇස්වල කදුලු පුරෝගෙන දුකෙන් ඉද්දී ශෙහානුත් වීර්රුත් ආවා. ශෙහාන්ට පොලව පලන් යන්න හිතුනා. එතකොටයි දෙන්නම දැන ගත්තේ අද එම්ගේ උපන්දිනේ කියලා. එම්ගේ මූන බලන්නවත් ශෙහාන්ට බැරි උනා. ඒ අහිංසකයා, දෙන්නා ආසම පරිප්පුවක් හදලා. ශෙහාන්ගේ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියා.
ඉතින් කෝමද ශෙහාන් ඒ අහිංසකයගේ මූන බලන්නේ මෙච්චර දෙයක් වෙලත්.
වීර්රුත් ශෙහානුත් එහෙන් එද්දී බඩ පැලෙන්න කාලායි ආවේ. ඒත් ඒ දෙන්නගේ හිත හොදටම කැඩුනා එම්ගේ ඇස් දකිද්දී. ඉතින් දෙන්නම ඉදගෙන කෑම කෑවා රසයි රසයි කිය කිය. වීර් එම්ට විශ් කරලා බදා ගත්තා. ඒත් ශෙහාන්ට පුලුවන් කමක් තිබ්බේ නෑ එයාට ලන් වෙලා බදාගෙනම විශ් කරන්න. ශෙහාන් විශ් කලා ඒත් ඒක එම්ට ඇහුනෙනම් නෑ. එම් හුගාක් දුක් උනා, එයා මට විශ් කලේවත් නෑ කියලා. ශෙහාන්ට ඔනේ උනේ එම්ගෙන් හැන්ගිලා ඉන්න. තවත් ඒ ඇස් දිහා නොබලා ඉන්න.
රෑ ශෙහාන් නින්දට යද්දී වීර්ට මැසේජ් එකක් දැම්මා.
"'හෙන අවුල් නේද.. අපි එයාට හෙට පාටියක් දෙමුද..."'
"' එහෙනම් බාර් එකක අපි තුන් දෙනා සෙට් වෙමු.."'
ශෙහාන් රෑ කල්පනා කලා.
එයාට එම් ගැන ආදරයක් තිබුනේ නෑ. ඒත් ශෙහාන්ට එම්ව දකින් හැම වෙලාවකම එදා රැ මතක් උනා. ආයෙමත් ඒ උණුහුම ලබන්න ඔනේ උනා. ශෙහානුත් විර්රුත් රෑ පාටිය ගැන කතාවෙලා නින්දට ගියා.
...........................🌤️..............................
උදේම වීර්,
" ඔන්න අපි දෙන්නා ගානේ ඔයාට අද ට්‍රීට් එකක් තියෙනවා😉 ...."
" අනේ කරදර වෙන්න එපා☹️..."
" ආ....එහෙම කොහොමද.. 😄අපේ පොඩි එකානේ...😉"
කියලා වීර් එම්ට තැනයි වෙලාවයි දුන්නා.
ශෙහාන් යද්දී පාටියට එයාලා තුන්දෙනා විතරයි කියලා කිව්ව වීර් රටේ ලෝකේ සේරටම එන්න කියලා. වීර්ට පාටියක් ගනිද්දි හොදටම ගන්න ඔනේ කියන දේ තිබ්බා. ඉතින් පාටියට එන්න කියලා එම්ගේ යාලුවෝ ඔක්කෝටෝම කියලා. ඒ මදිවට වීර් එයාගේ කෙල්ලටත් කියලා තව ශෙහාන්ට නම්බ එක දුන්න කෙල්ලටත් එන්න කියලා තිබා. පව් ඉතින් ශෙහාන්.
මේ වෙද්දී එම් හිත හදාගෙන හිටියා සාමන්‍ය විදිහටම ඉන්න. එම්ගේ යාලුවෝ ගොඩාක් අය වගේම එයාගේ රටේ ගොඩාක් අය ඇවිත් හිටියා එයාගේ පාටි එකට.
ශෙහාන් එද්දී කේක් කපලා කරලා එහෙම තිබුනා. පාටියෙන් භාගයක්ම ගිහින්. ඉතින් එම් එයාගේ යාලුවොත් එක්ක තමයි ඒ වෙලාවේ හිටියේ. ශෙහාන්ට ඔනෙ උනේ ඉක්මන්ට එතනින් යන්න. එයාව එතන්ට ගැලපෙන්නෑ නෑ කියලා ශෙහාන්ට දැනුනා. එදා තමයි ශෙහාන් දැන ගත්තේ එම් ඩ්‍රින්ක්ස් ගන්නවා කියලා. ශෙහාන් එම් ලගට ගියේ ටිකක් ලැජ්ජාවෙන්. එම්ට ගිෆ්ට් එක දීලා ශෙහාන් හැරිලා යන්න ගියා. ඒක තමයි ශෙහාන් එම්ට දුන්න පල්වෙනිම ගිෆ්ට් එක. ඒක ලස්සන වොච් එකක්. එම්ට මැරෙන්න හිතුනා ශෙහාන් එහෙම ආපහු යද්දී.
එම්ගේ ඇස් පාටිය පුරාම හෙව්වේ එයාගේ ශෙහාන්ව. නෑ එයා එයාගේ නෙවෙයි. ඒත් ඒ ඇස් ශෙහාන්ව හෙව්වා. ශෙහාන් හිටියේ තවත් කෙල්ලෝ ටිකක් එක්ක. එම්ට හොදටම කේන්ති ගියා ශෙහාන් එහෙම ඉන්නවා දැකලා. තවත් එයා එක්ක ඉන්න එම්ට ඔනේ උනේ නෑ. වීර් වගේ ශෙහානුත් කෙල්ලෙක් එක්කන් ආවොත් එදා වගේ, එම් මොනාද කරන්නේ ඒ වෙලාවට.. එතකොටගෑනු ලමයි වගේ අඩන්න වෙයි කියලා එම්ට හිතුනා. එම්ට දරා ගන්න බැරි උනා. හැමදේම එයාගේ ඉස්සරහා එ වගේ මැවිලා පේන්න ගත්තා.
ශෙහාන්ගේ ඇස් තිබ්බෙත් එම් දිහාවටමයි.
එම් එදා හුගාක් ලස්සනයි. පර්පල් ඩාක් ටීශර්ට් එක එමීට හොදට ගැලපුනා. එයාගේ පාටත් එක්ක එයාව පාටියෙදි කැපිලා පෙවුනා. එම් යාලුවෝ එක්ක ඉද්දී එයාව ඔනාවට වඩා හුරතල් කරනවා කියලා තමයි ශෙහාන්ට හිතුනේ. එම් හිනාවෙවී එයාගේ යාලුවොත් එක්ක හිටියා කිසිම වෙනසක් නැතුව.
ශෙහාන් පැත්තකින් ඉදගෙන ඉද්දී වීර් ආවා කෙල්ලෙකුත් එක්ක.
" ඔය දෙන්නට කතා කරගන්නත් බැරි උනානේ ඔන්න එක්කගෙනම ආවා යාලුවව😉..."
කියාගෙන කෙල්ලව ශෙහාන් ලගින් ඉන්දෙව්වා. කෙල්ල ඇදන් හිටපු ඇදුමින්ම ශෙහාන් දැන ගත්තා ඒ කෙල්ලව එයාට හරියන්නෑ කියලා. ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ කියන එක ශෙහාන්ට තේරුනා පස්සේ කෙල්ලත් එක්ක කතා කරද්දි. එයා හරිම සුහදශීලී හොද කෙල්ලෙක්. ඉතින් දෙන්නා කතා කරා දැන හදුන ගන්නත් එක්ක.
ශෙහාන්ගේ ඇස් ඒත් කෙල්ලගෙන් එහාට දුවන්න ගත්තා. ඒ ඇස් තාමත් එම් දිහාවටමටි දුවන්නේ. එම් යාලුවන්ව වෙනසක් නැතුව බදාගෙන කරන් ඉද්දී ශෙහාන්ට බලන් ඉන්නත් බැරි උනා. ශෙහාන්ට හොදටම ඊරිසිය හිතුනා එම් එහෙම ඉද්දී. ඉතින් අර කෙල්ල එක්ක ශෙහාන් හොදට පේන්නම කියෝ කියෝ හිටියා.
ඔය අතරේ වීර් හැමෝටම කතා කරලා කිව්වා එම් සින්ග් කරන්නයි දැම් යන්නේ කියලා. ශෙහාන් පුදුම උනා එම් සින්ග් කරන්න යනවා කියද්දී. එයාට සිංදු කියන්න පුලුවන්ද.. කියලා ශෙහාන් දැනම් හිටියේ නෑ.
ශෙහාන් දැක්කා එම්ගේ යාලුවෝ ටික එම්ව ඩාන්සින් ෆ්ලෝ එකට තල්ලු කරනවා. ඉතින් එතන නිකන් ඉන්න බැරි නිසා කෙල්ලගේ කරටත් අත දාගෙන එම්ව පේන මානෙන්ම ඉස්සරහම හරියට ගිහින් හිට ගත්තා. ඇත්තටම ශෙහාන් එහෙම කලේ හිතලමයි.
ශෙහාන්ව දකිද්දී එම්ට පිහියකින් අනිනවා වගේ. දෙන්නටම ඇති උනේ එකම හැගීම. දෙන්නාට දෙන්නා කෙරේම ඊරිසියාවක් ඇති උනා. එම් හිතුවා සිංදුවක් කියන්න ශෙහාන්ට එයාගේ හිතේ තියෙන දේ තේරෙන්න. ඒ දෙන්නා විතරනේ දෙන්නා අතරේ වෙච්ච දේ දැනම් හිටියේ, බැන්නත් කමක් නෑ එහෙම උනොත් හෙටම එපාට්මන්ට් එකෙන් යනවා කියලා එම් හිතාගෙන කැරොකි වර්ශන් එක ප්ලේ කරන්න කියලා එයා සිංදුව කියන්න පටන් ගත්තා.
එයා හුගාක් ලස්සනට සිංදුව කිව්වා. හැමෝම එම් සිංදුව කියන ඒ දිහා බලන් හිටියා. ඒත් සින්දුව ඇහෙද්දී ශෙහාන්ට,
එයාට ඔනේ උනා මෙතනින් පැනලා දුවන්න.
ඒ වෙලාවේ එම්ගේ ඇස් ශෙහාන්ගේ ඇස් දෙකත් එක්ක යා උනා.
I am tired of this place, I hope people change
I need time to replace what I gave away
And my hopes, they are high, I must keep them small
Though I try to resist I still want it all
I see swimming pools and living rooms and aeroplanes
I see a little house on the hill and children's names
I see quiet nights poured over ice and Tanqueray
But everything is shattering and it's my mistake
Only fools fall for you, only fools
Only fools do what I do, only fools fall
Only fools fall for you, only fools
Only fools do what I do, only fools fall
Oh, our lives don't collide, I'm aware of this
The differences and impulses and your obsession with
The little things you like stick, and I like aerosol
Don't give a fuck, not giving up, I still want it all
Only fools fall for you, only fools
Only fools do what I do, only fools fall
Only fools fall for you, only fools
Only fools do what I do, only fools fall
I see swimming pools and living rooms and aeroplanes
I see a little house on the hill and children's names
I see quiet nights part over ice and Tanqueray
But everything is shattering and it's my mistake
Only fools fall for you, only fools fall
Only fools do what I do, only fools fall
Only fools fall for you, only fools fall
Only fools do what I do, only fools fall
මේ වචන හයියෙන් ශෙහාන්ගේ කන් දෙකේ දෝන්කාර දෙද්දී තමයි දැන ගත්තේ මේ දේවල් කියන්නේ එයාට නේද කියලා. රැවටීමක් හිටපු වග එයා විතරක් ආදරේ කරපු වගත් ඒකේ විදවීම වගේම එම්ට කියන්න ඔනේ හුගාක් දේවල් ඒ සිංදුවේ තිබ්බා.
ශෙහාන්ට තවත් දරාගන්න බැරි උනා. මේ දේවල් එම් කියන්නේ මට නේද කියලා හොදටම දැනෙද්දී. එයාට දැනෙනේ එම්යි එයයි විතරක් ඒ තැන ඉන්නවා වගෙයි.
එයා අහන්නේ..... ඇයි මට ආදරේ කොනලේ මම විතරයි මෝඩයෙක් වගේ ආදරේ කලේ....
පුංචි කාලේ ඉදලම දරා ගන්න බැරි දෙයක් වෙද්දී ශෙහාන්ට එතනින් ගැලවිලා යන්න ඔනේ උනා. අදත් ඒ වගේම ශෙහාන් එතනින් යන්න ගියා.
____________________________________
Hi gyz.. ☹️
Bye gyz...
හොද වෙලාවට මේ කතාව මම ගෙතුව එකක් නොවුනේ. එහෙනම් අද මම 🧐 උඩ.
Ishki...😍🥂
Bạn đang đọc truyện trên: AzTruyen.Top