විරාටත් යන්න උනා 🍂
🕗🕗
* Shehan's p.o.v. *
අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස්වලම අපි දෙන්න දැනගෙන හිටියා ස්ටඩීස් ඉවර උන දවසක අපෙ රටවල් වලට අපිට යන්නම වෙනවා කියන ඒක. ඒක දැනගෙන උනත් අපි දෙන්නම එක අමතක කරල ජීවත් උනා..
කොවිඩ් පැතිරිල ගියෙ අපි හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදිහටයි, ඒක ලෝකෙටම වෙච්ච ශාපයක්.. එක්කෙනා දෙන්න මැරෙද්දි අපි වැඩිය හිතුවෙ නැ. ඔහොම ගිහින් අන්තිමට අපෙ ෆැකල්ටි එක එක වැහුවා.
එක එක රටවල් වලින් ආව ලමයි තමන්ගෙ රටවල් වලට අරන් යන්න flights ආවම සමහරු කැමත්තෙන් සමහරු දෙමව්පියන් ගෙ බල කිරිල්ලට ඒ රටවල් වලට යන්න ලෑස්ති උනා. හැම දවසකම තිබ්බෙ දුක, වේදනාව. සහෝදරයො වගෙ හිටපු එවුන්, කපල් වෙලා හිටියෙ එවුන් වෙන්වෙලා යන දිහා බලන් ඉන්න සිද්ද උනා..
හැමෝටම වගේ අපිටත් ඒ දේම සිද්ද උනා.
විරා.. මගෙයි එමීගෙයි සහෝදරය.. ඌටත් යන්න උනා.. ඒ උගෙ කැමැත්තට වඩා ස්වප්නගෙ ෆැමිලි එකෙ බල කිරිල්ලට.. මට අදටත් මතකයි උගෙ baggages අපි තුන් දෙනාම එකතු වෙලා පැක් කරපු විදිහ..😓
අපි තුන්දෙනාම ආය කවදහරි හම්බවෙයිද වීරා..? මම අහන්න ගිහිනුත් අහන්නෙ නැතුව හිටපු ප්රශ්නෙ එමී විරාගෙන් ඇහුවා. ඌ හැමදාම හිනාවෙලා හිටපු එකෙක් ඒත් යන්න වෙනව කිව්වම, තමන්ගෙ රටට යන්න ඌ කොයිතරම් කැමති උනත් අපි දෙන්නව දාල යන එක ඌට අපිට තරන්ම දරාගන්න අමාරු එකක් උනා.
"ඇයි බැරි මේක ඉවර උන ගමන් මම ආය එනව. එතකොට ආය කසාද ජෝඩුවේ නිදහස නැති කරන්න මම අපාර්ට්මන්ට් එකට පනිනව. "
විරා සද්දෙන් හිනාවෙලා කිව්වා.
කොහොමත් උගෙ වොයිස් එක හෙනම ඉහල ස්තරයක තියන එකක්..😅
" ආ... උබ ආයෙ ආවම මේකටම එන්නද හිතන් ඉන්නෙ.. පල.... ඩො.. මේ ටිකත් හිටියෙ මාර අමරුවෙන් අර කෙල්ලගෙන් බේරිල..😂.. ස්වප්න උබව ඒකි එක්ක නතර කරගන්නෙ නැතුව මේ ටිකෙත් හිටියෙ හෙන බයෙන් මේ ටිකටත් උබ bi වෙලාද දන්නැ කියල..🤣 ආය නන් උබ ගැලවෙනව බොරු..🤔 "
මම හිනාවෙලාම කිව්වෙ අපි තුන් දෙනාගෙ වටේ තිබ්බ අසහනකාරී වටපිටාව නැති වෙන්නත් එක්ක..
"මේ ඒක නෙවෙ... ලංකන් තායි එයාවේස් වැඩ නේද.. එහෙම නැතත් flights තියනවනෙ ඔයාලගෙ රටවල් වලට යනව නන් දැන්ම යන එක නේද මචන් ලා හොද..."
එකපාරම විරා මාවයි එමීවයි හොදටම අසරන වෙන ප්රශ්නයක් අපි දෙන්නම ඉස්සරහ අතෑරියා..😑
එවෙලේ මම එමී දිහා බැලුවා, එයා සද්දයක්වත් නැ බිම වාඩි වෙලා විරාගෙ බෑග් එකක් පැක් කරනවා. මම ඇද උඩ ඉදගෙන උගෙ ඇදුම් වලින් මම කැමති ඒව තියාගන්න හොයන ගමන් හිටියෙ...
"ඒයි මොකො දෙන්නම සද්දයක් නැත්තෙ.."
විරා ආය කෑගැහුව..
''මොකද්ද ඇහුවෙ..''
එමී ගොඩක්ම සන්සුන් විදිහට විරාගෙන් ඇහුව..
"මම ඇහුවෙ උබලා දෙන්න ගෙවල් වලට යන්නෙ නැද්ද මෙහෙම ඉන්නවද කියල.."
විරා ආපහු ප්රශ්නෙ පැහැදිලිවම ඇහුවා..
"ගෙදරින් කතා කරා මචං එන්න කියලත් කිව්ව ඒත් මෙහෙ අවුලක් නැහැ කිව්වම😐,,
"ඉන්නවනන් ප්රශ්නයක් නැ කියන තැන අප්පච්චී නන් ඉන්නෙ...😶"
මම එහෙම කිව්වෙ එමී දිහා බලාගෙන... එමීගෙනුත් එතකොට
"උබෙ තත්වෙ මොකද්ද ?? "
දිගටම කටවහගෙන ඉන්න එමීගෙන් විරා ආය ඇහුව...
" මට එන්න කිව්වෙ නැ තාම.. එන්න කිව්වත් මම යන්නෙ නැ.. "
එමී කෙලින්ම ඔලුව උස්සල මගෙ දිහා බලල එහෙම කියලා ආයිමත් බිම බලාගෙන දිගටම එයා කර කර හිටපු වැඩේ කරන්න ගත්ත..
"කොහොමත් උබල දෙන්නගෙන් එක්කෙනෙක්ට නන් යන්න අමාරුයි නේද.."
විරා ගොනෙක් වගෙ ඔලුව කහන ගමන් කිව්වා.. මොකද එමීගෙ වොයිස් ටෝන් එකෙන් අපි දෙන්නටම තේරුනා එමීට තායිලන්ඩ් යන්න කිසිම අදහසක් නැ, ඒ අහපු ප්රශ්නෙ ඇහුවට වඩා හොදයි නිකං හිටියනන් කියල..
"එමී නන් යන්නැ බන් මේ ආත්මෙට උබව දාල.."
විරා මගෙ පිටට විසි වෙලා යන්න තරන් ආදරෙන් ගහල කිව්ව..
" ඔව්...එයා මට ගොඩක් ආදරෙයි..☺️.."
මට එකපාරම ඒක හිතුනම සේරම තප්පරේකට අමතක වෙලා එමී දිහා බැලුනා.. මන් දන්නව ඔයා මට හුගාක් ආදරෙයි, ඔයාටබෑ කෝහොමත් මේ මාව දාලා යන්න.
එයා බිම බලන් මොනාද කල්පනා කර කර ඔහේ වැඩ. එතකොට තමයි මතක් උනේ විරා බලන් ඉන්නෙ කියල, මම ඌ දිහා බලන්නැතුව බිම බලාගෙන අමාරුවෙන් මගෙ මූනට ආව හිනාව නවත්තගත්ත🙂
⏳
විරා යන දවසත් හරිම ඉක්මනට ආවා..... අද ඊයේ හම්බුනා වගෙයි මටනම් දනුනේ. මෙච්චර ඉක්මනට ඌ යනවා මට හිතා ගන්නවත් බෑ.
ඉන්දියාවෙන් ආව උගෙ අනිත් යාලුවො ගොඩක් ඌත් එක්කම යන්න ලෑස්ති වෙලා හිටිය නිසා අපිට එයාර්පෝර්ට් එකට ඌත් එක්ක යන්න විදිහක් තිබ්බෙ නැ. ෆ්ලයිට් එක තිබ්බෙ රෑට, හවස අපි තුන් දෙනා එකට කාල ඉවර වෙලා විරා යන්න ලෑස්ති උනා..
''මචන් මට කතා කරපන් පුලුවන් වෙලාවක.."
ඌ මාව බදාගන්න ගමන් කිව්වා. ඌට ඇඩිල තිබ්බෙ ඒ වෙද්දි.. මටත් සිරාවටම ඇඩෙන්න ඇවිල්ල තිබ්බෙ.. මම උගෙන් අයින් උනත් හරි එමී විරාගෙ ඇගෙ එල්ලුනා..
"අපි දෙන්නට ඔයාව මතක් වෙයි ගොඩක්.."
එමී අඩනවා..
එමීට දරා ගන්න බෑ. විරා කදුලු පිහිදාගත්තා.
"පරිස්සමින් ඉන්න දෙන්නම"
ඌ ආයෙත් අපි දෙන්නවම එකටම බදාගන්න ගමන් කිව්ව..
" රන්ඩු වෙන්න එපා...🤨"
ඒක නන් ඌ කිව්වෙ මට..😒
" මචන් මට ලෑන්ඩ් කරාම මැසේජ් එකක් දාපන්.."
මම කිව්වෙ ෆෝන් එක දිහා බොරුවට බලාගෙන ස්ක්රීන් ලොක් එක අරින්න වහන්න පුරුදු වෙවී...... එමී නන් ඇඩුව.. එයාට කොහොමත් අඩන්න හිතුනම අඩනව...
ඌව අරන් යන වාහනෙ පේන්නෙ නැති වෙනකල් මම එමීගෙ කරට අත දාගෙන බලන් හිටිය.. එයා වාහනෙ පේන්නෙ නැති වෙනකල් වේව් කරන ගමන් කදුලු පිහදදා හිටියෙ..
"හරි දැන් අපි දෙන්න විතරයි.."
මම එයා දිහා බලල කිව්ව...😊
'හ්ම්..'
එයා දුකින්...😑
"ඔහොම තමා ගියාට ආය එනවනෙ.. බලන්න මන් ඉන්නවනෙ ඔයා ලග... ඔහොම දුකෙන් ඉන්න එපා.. හැම දේකම positive side එකක් තියනව නෙ🙃....''
මම එයා දිහා බලල සැහැල්ලුවෙන් වගෙ කිව්ව... මට ඕන උනේ එයාගෙ මූඩ් එක වෙනස් කරන්න...
"විරා ගියා ශෙහාන්.. එයා ආය අපි දෙන්න එක්ක නැහැ...😭එකෙ මොකද්ද තියන පොසිටිව් සයිඩ් එක😒 එයා දුකෙන්ම කිව්ව.."
"මේ අහන්නකො බබා.. හරි ඉන්නකො.. දැන් මට කියන්න.... "
මම හෙමීට එයාගෙ උරහිසෙන් අත අරන් එයාගෙ ඉන ලගින් අල්ලල ඇදල ලගට ගත්ත...
"😌මතකනෙ කිචන් ඒරිය එකෙ රොමෑන්ටික් වෙන්න ගිහින් කී වතාවක් අපි ඌට මාට්ටු උනාද😏.... ඇයි එදා... ඩයනින් ටේබල් එක උඩ ඉද්දි අතටම අහුවුනා..🙂💔 ඌ 'හරි හරි මම දැක්කෙ නෑ' කියාගෙන රූම් එකට දුවපු දවසෙ..🙄 මතකනෙ ඔයා මාත් එක්ක තරහත් උනා.. කිසිම privacy එකක් නෑ මට කියල..😒 අපි දෙන්නට දැන් ෆ්රන්ට් ඩෝ එක වහගත්ත ගමන්..මැරි කරා වගෙ ඉන්න පුලුවන් ඕන තැනක 🙊 කිසිම ප්රශ්නයක් නැ නෙ"
මම හිනාවෙවී කිව්ව..😌
එමීට කදුලු අස්සෙන් හිනාගියා..
"psycho😏"
එයා බොරුවට මට ඔරවල මගෙ අතින් ඇදගෙනම උඩට ගියා...🙃❤️
* No one p.o.v. *
කොල්ලේ තුන් දෙනෙක්ගේ කටහඩවල්වලින් පිරුනු එපාර්ට්මන්ට් එකේ අන්තිමට ශෙහානුත් එමිත් තනි උනා.
දුක කියන්නේ තමන්ගේ ලගම ආදරනීය අයගේ වෙන්වීමයි. ඒක තමයි මිනිස්සුන්ට වගේම ජීවය තියෙන ඕනම කෙනෙක්ට තියෙන ලොකුම දුක, විදවීමත්.
ශෙහාන් කොච්චර පිටට නොපෙන්නුවත් විර් ගියාට පස්සේ උනත් තමන් එක්ක එකට කාපු බිපු මරාගත්තු යාලුවගේ මතකයන් ඔහේ පාවෙන වළාකුලු වලින් පිරුනු අහස දිහා බලන් මතක් කලා. විර් කියන්නේ කිසිම කෙනෙක්ට හම්බෙන්නැති පුදුමාකාර ගතිගුන තිබුනු යාලුවෙක්.
ඉංදියාව ලංකාව එකට එකතු කරේ ඉතින් මේ දෙන්නනේ 😌
දකින දේ ඇහෙන දේ විතරක් විශ්වාස කරන මිනිස්සු ඉන්න මේ ලෝකේ මිනිස්සු හැසිරෙන්නේ හරිම මෝඩයෝ වගෙයි. හදවතින්ම දෙයක් තේරුම් ගැනිමේ හැකියාවක් නැතිකම නෙවෙයි ඒ දේ තෙරුම් ගන්න තියෙන අකමැතිකම නිසා හුගාක් ජීවිතවලට ඇතුලතින් හුගාක් හානි වෙනවා. ආදරය හැමෝටම පොදුයි. ඒක මගේ යාලුවටත් එහෙමයි. විර් එහෙම හිතුවා. ඉංදියාව කියන්නෙත් ලංකාව වගේම හිතන මිනිස්සු ඉන්න රටක්. ඒත් විර් කියන්නේ හොද යාලුවෙක් වගේම තමන්ගේ කොල්ලෝ දෙන්නව තේරුම් ගත්ත මනුස්සයෙක්. කිසිම වෙනසක් නොකර හැමදේකටම අත දීගෙන හිටපු කෙනෙක්. සමහර වෙලාට ප්ර්ශ්නෙකට උත්තර නැතුව ඉද්දී කොහෙන් හරි උත්තරයක් උනු කෙනෙක්.
ආදරය පටන් ගත්තත් හරි වීර් හිටියා ඒ කොනක. සමහර දවස්වලට මේ දෙන්නගේ රංඩු බේරන්නත් හිටියේ වීර්. පිස්සු නට්ටන්නත් හිටියේ වීර්. අද ඒ පිස්සු යාලුවා ගියා. ආයෙ හම්බෙයිද කතා කරන්න පුලුවන් වෙයිද... කවුරුවත්ම දන්නෑ.
ආයිමත් ඒ යාලුවගේ කටහඩ අහන්න වගේම කලින් වගේම පිස්සු නටන්න එලිවෙනකල් පාටි දදා සමරන්න එකට ඉදගෙන කෑම කන්න විහිලුවෙන් දවසම හිනාවෙලා ඉන්න එම් වගේම ශෙහානුත් මග බලන් ඉන්නවා.
___________________________________
කෝමද සමයි 🙂❤️
මෙච්චර ප්ර්ශ්න අස්සේ අයියා අද රීඩස්ලගේ කමේන්ට් කියවලා තිබුනා. එයාගේ හිත හැදිලා තිබුනා ගොඩාක් දුරට ඔයාලගේ පොසිටිව් කමේන්ට් නිසා. මම වගේම ඔයාලත් ශොක් උනා හුගාක් සප්රයිස් වෙලා තිබුනා. එයාට ඒ හැමෝටම එකපාරක් හරි රිප්ලයිදාන්න හිතුනු එකම පුදුමයි. මටවත් තාම හිතා ගන්න බෑ. මන් තෑන්ක් කරන්නේ නෑ. 😭
මේ වෙද්දී එයා විදින වේදනාව ටිකකට හරි අමතක කරන්න ඔයාලගේ කමේන්ට් වලට පුලුවන් උනානේ මට හුගාක් සතුටුයි😭❤️
කතාව ඇත්තක් හෝ බොරුවක් කියලා හිතාන කතාව කියවපු කියෝන හැමෝටම මම සුභ පතනවා ඔයාලටත් ලස්සන ආදරයක් මුන ගැහෙන්න වගේම ඒ ආදරේ ජීවිතකාලෙටම රැකෙන්න කියලා. 😍
අයියලා දෙන්නට වගේම ඕතර් බබාටත් ආදරෙයි කිව්ව්ට කමක් නෑ😌
Ishki 🙈
Bạn đang đọc truyện trên: AzTruyen.Top