නරක විහිලුව🍂
~ Time ~
* Shehan's p.o.v. *
මම හිටියෙ couch එකෙ නිදාගෙන නියම ෆිල්ම් එකක් බලන ගමන්. එම් එලියට ගියා බඩු වගයක් ගේන්නත් එක්ක. දැන් මම හිතන්නෙ රෑ 7ට වගෙ ඇති, සාමාන්‍යයෙන් එයා එලියට බඩු ගන්න ගියාම මෙච්චර පරක්කු වෙන්නෙත් නැහැ. 🤔 ඒත්.... එයාට පුලුවන් එයා ගැන බලාගන්න. මම ඒ නිසා ෆිල්ම් එකට මගෙ උපරිම අවදානෙ දීල හිටියෙ..
ඒක කොමඩි එකක්..
මම පට්ටම ෆන් මානසිකත්වෙක හිටියෙ ඒක නිසා.. 🤣
ටික වෙලාවකට පස්සේ එම් ආවා. එම් අපාර්ට්මන්ට් එක ඇතුලට ඇවිත් මට කතා කරත් මම මූවි එකෙ සිහියෙන් ම එයා දිහා බලන්නෙ නැතුවම ඇහුවා
"මොකො පරක්කු උනේ බබා.."
" ශෙහාන්.. 😶 මට ඩෑඩ් කෝල් කරා.. මේ වතාවෙ තායිලන්ඩ් වලින් මෙහෙට එවන ෆ්ලයිට් එකෙ මට අනිවාර්යයෙන්ම එන්න කියනවනෙ එයා.. 😶 දැන් මොකද කරන්නෙ ශෙහාන්..?? "
තායි යන්න එම්... ඒක වෙන්න පුලුවන් දෙයක්ද..¿ 😏 කොහොමත් මට ඒක දැනුනෙ විහිලුවක් ගානට.. අනික මූවි එක නිසා මට ඒ වෙලාවෙ ඕන වෙලා තිබ්බෙ ජෝකර් කෙනෙක් වෙන්න..😒
" වෝහ්.... මරු.... ඉතිං යන්නකො කාලෙකින් ගියෙත් නැනෙ...😄 "
කියලා හිනාවෙවී කියපු මම දිගටම ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ඇස් දෙක ඔබාගෙනම හිටියා. එච්චරට මට කතාව හිතට අල්ලලා තිබ්බෙ..
ඒත්.. එම්ගෙ ඩෑඩ් ඇත්තටම කතා කරා නන්... මිනිහො තේරෙන්නෙ නැද්ද මේක විහිලු කරන්න පුලුවන් දෙයක් නෙවෙ කියල.. මගෙ ඔලුව ඇතුලෙ ඉන්න සීරියස් ශෙහාන් කියනව ඇහුන හින්දද..?
මම කරපු ජෝක් එකට හිනාවක් වත් බැනුමක්වත් එම්ගෙන් respond නොවුන හින්දද.. මන්ද මම ෆෝන් එක පැත්තකට කරල ඔලුව හරවල පිටිපස්ස බැලුව එමී කෝ කියලා......
එම් ඉන්නව......😑
හැබැයි යනකොට හිටපු මගේ එම් නෙවෙයි.. මුලු මූනම රතු වෙලා. එයා කවදාවත් නැති තරන් තරහින් මගෙ දිහා බලන් ඉන්නවා. එයාගේ ඒ බැල්මට හොදටම බය හිතෙනවා..
"Shehan... how dare you...😡"
එයා එකපාරටම මගෙ ලගට ආවා. මම හිතා ගන්න බැරුව බලන් හිටියා. මට couch එකෙන් නැගිටගන්නවත් වෙලාවක් තිබ්බෙ නැ. එයා මගෙ ශර්ට් එකෙන් අල්ලලා නැගිටින්න ගියපු මාව ආයෙම couch එකේ ඉන්දෙව්වා... මම ශොක් උන පාරටම මට කරන්න තියා කියන්න දෙයක්වත් මතක් උනෙත් නෑ.
එයාගෙ ඇස් ඒවා ගොඩක් ලස්සනයි වෙන වෙලාවට. ඒත් අද.. ඒ ඇස් මට බලන්න බැරි තරන් රතුයි.. මාව අලු වෙලා යන විදිහට ඒ ඇසවලින් මගෙ දිහා බලාගෙන හිටිය.. මම හෙමීට එමීගෙන්...
" why babe...😶 "
කියල ඇහුව විතරයි,, එයා මුකුත් ම නොකිය එහෙමම මාව couch එකෙන් ඇදල බිම පෙරලගත්තා... මම එහෙමම මූන බිම තියා ගත්තා කතා සිම දෙයක් හිතා ගන්න බැරුව.
එයාට තරහ ගිහින්... මම නන් කොයි වෙලෙත් තරහ ගන්නවා. ඒ වගේම ඒ ඉක්මනටම කූල් වෙනවා.
ඒත් එම්....
මම දන්නැ එයා මෙහෙම වෙලා නැ මීට කලින්, ඒ නිසා මට ඕන උනේ එයා කැමති දෙකින් එයා ඉක්මනටම calmdown වෙනව දකින්න...
ඒකට අද ජීවිතේ පලවෙනි වතාවට මම බොටම් වෙන්න යනවා.. වැඩිවෙලා නොගිහින්ම මට ඒක තේරුනා..
ඒක ඔයාට ප්‍රශ්නයක් ද ශෙහාන්..?? මම මගෙන්ම ඇහුවා.. මොකද්ද ප්‍රශ්නෙ ආදරේ දි එයා විතරයි එහෙම වෙන්නෝන කියල දෙයක් තියනවද..??
නැ..
අවුලක් නැ..
ඔයාට ඒක කරන්නම වෙනවා..
ලොකුකම පැත්තක තියන්න මම මටම කියාගෙන ඕන එකක් කියල තොල හපාගත්ත...
⚠⚠
⏳
ඒ හැමදේකම අවසානයේ,
එම් මගෙ ඇග උඩින් එහාට පෙරලෙද්දි මට කැරකිල්ලත් වගෙයි.. මම ඒ මුලු වෙලාවෙම එක වචනයක් වත් කිව්වෙ නැ.. ඇත්තටම මම ශොක් වෙලා කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටියෙ. එම් අයියා, එයා වෙනස්ම කෙනෙක් උනා ඒ විනාඩි ගානට. එයාගෙ ඒ මූඩ් එක මාව බය කරා පුදුම විදිහට...
" Babe..re you alright ? feel better now..?😶 "
මට එහෙම අහන්නම ඕන උනා.. මොකද එයාගෙ තත්වෙ ඒක දැනගන්න එක තරන් වැදගත් දෙයක් ඒ වෙලාවෙ වෙන මට තිබුනෙ නැ..
''Shehan.... I'm so..rry...''
මාව එයාගෙ පැත්තට හරවගත්ත එමී ආයෙත් මගෙ පරණ එමීගෙ කටහඩින්ම එහෙම කිව්වා...
''ඒකට කමක් නැ.... ඇයි සමාව ඉල්ලන්නෙ..''
" සමාවෙන්න මට.. මට මාව කන්ට්රෝල් කරගන්න බැරි උනා ශෙහාන්. ඩෑඩ්... එයා.. එයා මට කියනවා කොවිඩ් වලට ආයෙත් සිටි එක ලොක්ඩවුන් කරන්න කලින් එන්නලු.. එයා මට බැන්න ශේහාන්... මාත් බැන්නා.. ඇයි මං කියන දේ අහන්න බැරි......
මට යන්න බෑ ශෙහාන් ඔයාව මෙහෙ තනියම දාලා මන් කොහොමද......"
වෙව්ලන වචන එකිනෙකට ගලපල කියද්දි එයාට ඇඩුනා... ඒ ගමන්ම මගෙ මූනෙ තිබ්බ දාඩිය එයාගෙ සීතල වුනු අත් වලින් හෙමීට එයා පිහිදාන්න ගත්තා.
පව් එයාගෙ අත්වල මගෙ මූනටත් වඩා දාඩිය දාලා තිබුනා... පිහිදානවට වඩා එයා එහෙම කරද්දි මගේ මූන තවත් තෙත් උනා.....
මටත් වඩා එයාව දාඩිය වලින් නෑවිල ගිහින්...
මම එයාට පුදුම විදිහට ආදරෙයි, එයාගෙ ඕනම විදිහකට මම ආදරේ කරනවා...
මාව දාල යන්න එයා... එක කොහොමවත් වෙන්නෙ නැ.... මම ඉන්නකල් මම ඒක වෙන්න දෙන්නෙත් නැ...
ඔයා මගෙ එම්...
බය වෙන්න එපා.. මං මටම කියාගත්ත.. එයා දැන් කූල් වෙලා මට තේරුනා එයා තවත් තරහින් නෙවෙයි කියල..
මම එයාව මගෙ පපුවට තද කරගත්තා..
" නිදාගන්න බබා ඔයාට මහන්සියි.... මට අවුලක් නැ තව ටිකකින් නැගිට්ටම ප්‍රශ්න සේරම කතා කරමු මටත් මහන්සියි... කෝ ඇස් දෙක පියාගන්න තව මුකුත් හිතන්න එපා හරිද..... "
මම මගෙ එමීව මගෙ ලගින් තියාගෙන එතනම ඇස් පියා ගත්තා.
* No one p.o.v. *
කාලය කියන්න බැරි තරම් වේගෙන් ගෙවුනා. ඔව් ශෙහාන්ට වගේම එම්ටත් තාම හිතා ගන්න බෑ මේ ගෙවුනු කාලයේ එයාලගේ ජීවිත කොච්චරනම් වෙනස් උනාද කියලා.
Covid 19 ⚠️ මිනිස් ජීවිත එක්ක සෙල්ලන් කරන මේ දරුනු මාරයා මේ වෙද්දී එයාලා ඉන්න රට තුල පුදුම වේගයකින් පැතිරිලා ගියා. හිතා ගන්න බැරි තරම් මිනිස්සු අසරණ වුනා මේ නිසා. ඉතින් ශෙහාන්ගේ යුනිවසිටි එකේ හුගාක් ලමයි මේ වෙනකොට තමන්ගේ රටවල් වලට යන්න පිටත් වෙලයි හිටියේ. එයාලගේ සිටි එක මේ වෙනකොට කීපපාරක්ම ලොක් ඩවුන් කලා. මේ වතාවේ ආයිමත් ලොක් ඩවුන් කරන්න කලින් එමීගේ ඩැඩී එමීට ගෙදර එන්න කියලා කතා කලා.
* Em p.o.v. *
මට තිබුනේ ලොකු තරහක් වගේම කියාගන්න බැරි තරම්ම ලොකු දුකක්. මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනාව තනියම මෙතන, නිකන්ම ඔහේ දාලා, මම විතරක් මෙහෙන් බේරිලා මගේ රටට යන්න.. ඒ ගැන මම හිතන්නෙවත් කොහොමද.. ඇයි කාටවත් මාව තේරුම් ගන්න බැරි. මගේ ඩැඩී එයා දැන් මට බල කරනවා එහෙට එන්න කියලා. කොහොමද මම යන්නේ... මට එක විනාඩියකටවත් ශෙහාන් නැති ලෝකයක් ගැන හිතන්නවත් පුලුවන්ද.
එයාගේ හැමදේම මට මගේ අත් වලින් කරන්න ඔනේ උනා. මම වැඩ කරද්දී එයාගේ හැමදේම මට මගේ අත් වලින් කරන්න ඔනේ උනා. ඒත් මම වැඩ කරද්දී මම එයාට සැර කරා මට ටිකක් උදව් කරන්න එන්න කියලා. එයාගේ අවදානය මටම විතරක් තියෙන්නයි ඒ හැමවෙලේම මට ඔනේ උනේ.
මමයි ඔයාට මුලින්ම ආදරේ කලේ ශෙහාන්. ඉතින් මන් දිනා ගත්ත ඔයාගේ 'ආඩම්බර.. උඩගු ආදරේ' මම රැක ගන්නවා හැමදාටම.
වැටහීමක් නැතුව මුල් කාලේ සිද්ද උනු මගහැරීම් සිත් රිදවීම් අස්සේ අපි අපිවම හොයා ගන්තා. ඔයාගේ ඒ හැන්ගුනු මට නොපෙන්නුව ආදරේ මට දැනෙන්න පටන් ගත්තා. මම එයාව හුගාක් විශ්වාස කරනවා අනිත් හැමදේකටමත් වඩා. අපේ ආදරේ මෙච්චර ලස්සන උනේ ඒ නිසාම වෙන්න ඇති.
අපි අපේ ජීවිත තාමත් පටන් ගත්තා විතරයි. මට ඔනේ උනා මගේ ශෙහාන් එක්ක හරිම සරලව සතුටින් ජීවත් වෙන්න, අපේම පුංචි පැටව් දෙන්නෙක් එක්ක. හ්ම්.. මම ආස කලා පුංචි කෙල්ලෙක්ට. දවසක ඒ අපේ පුංචි කෙල්ලව බලා ගන්න අයියා කෙනෙකුත් ඉන්න ඔනේ කියලා ශෙහානුයි මායි හිතුවා. පුංචි පැටව් දෙන්නෙක්. ඒක ලස්සන හීනයක් තවම. මට ඒ හීනේ හැබැ කරගන්න ඔනේ උනා.
මේ හැමදේම එක මොහොතකින් නැති වෙලා යයිද... මම බය උනා. මාව තේරුම් ගන්නෙම නැති තැන ඩැඩීගේ බලකිරීම් මැද මම ඩැඩීට හොදටම බැන්නා. පස්සේ මම තරහින් ගෙදර ආපු වෙලේ ශෙහාන්ගේ වචන නිසා මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා.
සමාවෙන්න මගේ ශෙහාන්.. මට ඔනේ උනේ නෑ ඔයාට රිද්දන්න.
මට සමාව දෙන්න. මට ඔනේ ඔයා එක්කම ඉන්න. ඔයා යන තැනකට මටත් එන්නයි ඕනේ. මට ආයි යන්න කිසිම තැනක් නෑ ඔයා ලගට හැරෙන්න. මට ඉන්න ඔනේ ඔයා එක්කම විතරයි.
දාඩියෙන් තෙත්වුනු මාව කියාගන්න බැරි තරම් ලොකු ආදරේකින් එයා එයාගේ උනුහුම පිරුනු පපුවට තුරුල් කර ගත්තා. එයාගේ ඒ ආදරේ පිරුනු උනුහුමේම මම සංසුන් උනා.
___________________________________
කාලෙකට පස්සේ නේද...¿ 🙊
මම කිව්වනේ මේ කතාවේ ඊලග කොටසත් එයි කියලා. 😭 කිව්වා වගේම ඔන්න ඒකත් ආවා. 😭😭😭❤️❤️❤️❤️❤️
අම්... මුලින්ම කියන්න ඔනී ශෙහාන් අයියා වගේම එම් අයියා මේ වෙද්දී ඉන්නේ කරදර ගොඩාක් මැද. ඉක්මනටම ඒ හැමදේම ඉවරවෙලා යයි. මන් බලන් ඉන්නවා ඒ දෙන්නා හුගාක් ලස්සනට හුගාආආක් ආදරෙන් එයාලා හිතුවා වගේම ආදරනීය ජීවිතයක් ගත කරන්න ඉක්මනටම ලැබෙනකම්.
Happy valentine මගේ අයියලා දෙන්නටම.... ❤️🎇🎆🎊️🎉️
Angel ආදරෙයි ගොඩාක්... 🙊❤️❤️❤️❤️🎉️🎊️
ඉතින් ඒ දෙන්නට ආදරේ කරන ඔයාලට පුලුවන් එයාලට ඕනම මැසේජ් එකක් කමේන්ට් එකක් විදිහට දාන්න.
මම මේ කතාවේ පලවෙනි කොටස්වලට topic වගයක් දැම්මා. දැක්කද..¿ 🙃 ඒවාත් බලාගෙන කතාව කියවමු හේනම්...
එන්න අපිත් එක්ක...
Ishki...❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top