තනි තීරණ 🍂
* Shehan's pov*
ජීවිතේ කිසිම දෙයක් ප්ලෑන් කරල සිද්ද වෙන දේවල් නෙවෙයි.. අපි දෙයක් කරන්න ප්ලෑන් කරන තරමටම ඒ දේවල් නොවී හීනෙන්වත් නොහිතන දේවල් සිද්ද වෙනවා. අපි ආදරේ කරන අයටත් එහෙමයි. මම ආදරේ කරන කෙනාටත් එහෙමයි. හිතන දේම සිද්ද නොවෙන්න පුලුවන්. මටයි මගේ එම්ටයි උනෙත් ඒ වගෙ දෙයක්.
එම් අයියා මගෙන් අහන්නෙ නැතුව එයාගෙ ජීවිතේ තීරන තනියම ගන්න කෙනෙක් නෙවෙයි, එයා ගොඩක් සංවේදි පොඩි දේටත් මානසිකව වැටෙන කෙනෙක් කියලයි මම එදා වෙනකල් හිතන් හිටියේ. ඒත්... අන්තිමට එදා මම දැනගත්තා ජීවිතේ ප්‍රශ්න ගව් ගානක් දුර තියලම දැකල,
සම්පූර්ණයෙන්ම කඩන් වැටෙන්නෙ මම කියල....
එම් අයියා කරපු දේ මට දරාගන්න පුලුවන් දෙයක් නොවුනත් එයාගෙ තත්වෙ ටික ටික හොද වෙලා එයාව ආයෙත් හවස් වෙද්දි අපාර්ට්මන්ට් එකට ගෙනාවම මගෙ හිත ටිකක් හරි නිව්නේ.... ඒ වෙනකම් මම කලේ එයා ගැන හිත හිත මේ දේවල් ගැන හිත හිත බයෙන් බලන් හිටපු එකයි.
එයාට ඒක හුගාක් ලොකු වේදනාවක්ද.... එයාට ගොඩාක් රිදුනද... කොහොමද දැනෙන්නෙ.... ඔයා හොදින්ද... තවම රිදෙනවද...
මේ කිසි දෙයක් මට එයාගෙන් අහන්න තේරුනෙත් නැ... මට ඒක අහන්න ඕන උනෙත් නැ... මගෙ රතු වෙච්ච ඇස් දෙක දිහා අසරණ විදිහට බලන් ඉන්නව ඇරෙන්න එයා මුකුත් ම කිව්වෙත් නැ...
එයා ලගට ගියහම මම දැක්කා එයාගේ අත් වල සේලයින් කටු ගහලා රතුවෙලා තිබුනු අත. මන් එයාගේ අත අරගෙන හෙමීට ඉම්බා....
".....රිදෙනවද...."
මම හෙමීට ඇහුවා. මට අහන්න පුලුවන් උනේ එච්චරක්ම විතරයි....
"නෑ...."
කොහොමත් එයා දෙන්නෙ ඔය උත්තරේ කියල මම දැන හිටියා. මම හිතපු උත්තරේම එයා හෙමීට දුන්න...
මට නර්ස් කියල තිබ්බෙ
'එයාට කන්න කිසිම දෙයක් දෙන්න එපා..' එයාල බොන්න දීපු ඒව ඇරෙන්න වතුර විතරක්ම දෙන්න'
කියල....
එයා කාලත් නැ මම කාලත් නැ...
"බඩගිනියිද...."
මම එහෙම එයාගෙන් ඇහුවෙ එයා බඩගින්නේ ඉන්නේ කියන එක මට හොදටම දැනුන නිසයි....
එයාට බඩගිනියි කියල කිව්ව නන්...වෛද්‍ය උපදෙස් වලට බලන් ඉන්න කියල අයියට කවල මාත් කන ලයින් එකක මම හිටියෙ......
ආයෙත්
" නැ..."
මූන දැක්කම දුක හිතෙනව බලන් ඉන්න බැරි තරමටම.... දුකට වඩා කනට ගහල ඇයි මිනිහො මට මෙහෙම කරේ පිස්සු හැදිලද..... මැරෙන්නද ගියෙ... මෙතන මගෙ අතෙ මැරිල ගියාම මම හරි ලස්සනට එතනින් එහාට ජීවත් වෙයි කියලද හිතන් හිටියෙ කියල අහන්න හිතුනා...
ඒත් බැ...
මේක එයාගෙ විතරක් වැරැද්ද නෙවෙ සීයට සීයක්ම මේක මගෙ වැරැද්ද ඒ නිසා මම කටවහගෙන ම එයා දිහා බලන් හිටියා...
"මාව කිස් කරන්න පුලුවන් ද ...."
එයා හෙමීට ඇස් පියාගෙන ඇහුව....
මට බැ කියන්න ඕන වෙලා තිබ්බෙ දුකටම.... ඒත් එහෙම බැ කියන්න තරම් හයිය හිතක් මට නැ... මම හෙමීට ලන් වෙලා ඒ තොල් උඩ හෙමීටම මගෙ තොල් තිබ්බෙ පුදුම පරිස්සමින් අනෙ මාව ආයෙ නන් මෙහෙම අසරණ කරන්න එපා කියල හිත අස්සෙන් කෑ ගහද්දියි.
මම ඔලුව ඉස්සුවම එයා ඇස් ඇරිය...
"මම ඒක කරෙ මැරෙන්න හිතාගෙන නෙවෙ ඔයා මාත් එක්ක තරහ නැ නේද ශෙහාන්....."
එම් අයියම ඉස්සෙල්ලම මම කතා කරන්න අකමැතිම උන එ මාතෘකාව ඇදල ගත්ත...
" මැරෙන්න නෙවෙයි... එහෙනන් ටෙස්ට් කරල බලන්න වෙන්නැති...... මගෙ යකා අවුසගන්නෙ නැතුව කට වහගන්නව...."
එම් සිංහල නොදන්න එකම හොදයි..
එයාට සිංහල වත් මට තායි වත් නොතේරුන නිසා අපි රන්ඩු දාස් ගානක් නවත්තගෙන තියනව....
* Em pov *
ශෙහාන් එක්ක මේ එපාර්ට්මන්ට් එකේ ඉදපු හැම තප්පරේකම මට ඔනෙ උනේ එයා ලගින්ම ඉන්න එකම විතරයි. ඒක එයා හොදටම දන්න දෙයක්.. ශෙහාන් කියන්නේ ඉක්මන්ට පොඩි දේත් හිතන කෙනෙක්. මන් හුගාක් වෙලාවට කලේ මට දුක හිතෙන දේවල් එයාට නොකියා ඉදලා එයා එක්ක හැමවෙලේම හිනා උනු එකයි. කොයිම වෙලාවකවත් එයාව දුකින් තියන්න මට ඔනි උනෙ නෑ. ඒ වගේම එයත් එහෙමයි. එයාගේ ආදරේ දැනෙද්දී මට නිකන් හරි චුටි දුකක් තිබ්බනම් ඒකත් නැතිවෙලාම ගියා. එයාගේ විහිලු මෝඩ පහේ සීරියස් විහිලු උනාට එයා හැම වෙලේම මා එක්ක ඒ මෝඩ විහිලු කරලා සතුටින් ඉන්න හැදුවා.
එයාගේ හැමදේටම මම ආදරය කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 3ක් ගෙවිලා. මේ අවුරුදු ගානෙම අපි දෙන්නගේ එක එක වෙනස්කම් මග ඇරිලා ගිහින් අපි දෙන්නා එක්කෙනෙක් වගේ හිතන්න අරම් තිබ්බා.
ඉතින් ලොක් ඩවුන් උනු මේ දවස් ටිකම අපි දෙන්නා තවත් ලන් උනු එකමයි උනේ. එයාට මගෙන්වත් මට එයාගෙන්වත් ඈත්වෙලා ඉන්න උවමනාවක් තිබුනේ නෑ.
ඒ ගෙවුනේ මගේ ශෙහාන් එක්ක ගෙවෙන අන්තිම පැය කීපයනම් මම ඒක ගෙවලා දාන්න ඔනේ කොහොමද කියලවත් මන් දැනම් හිටියෙ නෑ. අඩුම මම යනව නේද කියලවත් මට හිතන්න ඔනෙ උනේ නෑ.
මට කෝම හරි ඔනෙ උනේ මේ ගමන නොයා එයා එක්ක ඉන්න පුලුවන් කාලේ ලගින් ඉදලා හිනා වෙන එකම විතරයි. මගේ ආදරේ මෙතන තනි කරලා යන්නේ නෑ මන්. එයාට දැන් ඉන්නෙත් මම විතරයි. මට ඉන්නෙත් එයා විතරයි.
තායි යන්නෙ නැතුව මෙහෙම ඉන්න මම මොකක්ද කරන්නේ කියලා හැමදිස්සෙම කල්පනා කර කර ශෙහාන් දිහා බලන් හිටියා.
එවෙලේ මට හම්බුනා බෙහෙත් වගයක්. ඒවා හුගාක් සැර බෙහෙත් නිසා සමහරවිට මට යන්න තියෙන වෙලාවල මග ඇරෙයි. අසනීප උනොත් කොහොමත් යන්න බෑනේ. ඉතින් මම් ඒ බෙහෙත් එක දෙක කටේ දාගත්තා. ශෙහාන්ටත් හොරෙන්ම එවෙලේ මට අහූවුනු බෙහෙත් ඔක්කොම වගේ බීලා දැම්මා. ඒවා බිව්ව වෙලාවෙත් මට කිසිම ගානක් දැනුනේ නෑ.
ශෙහාන්ගේ ලගට යද්දී බෙහෙත් වල සැර මට දැනෙන්න පටන් ගත්තා. මට පලවෙනි වතාවල බයක් දැනුනා මම මැරෙයිද කියලත්. මට ඔනෙ උනා ඒ වෙලාවේ ශෙහාන් ලගට ගිහින් ඒ තුරුලට වෙලා හිනාවෙලා ආදරෙන් ඉන්න. දවසම පිස්සුවෙන් වගේ අපි දෙන්නා දෙපැත්තක් බලාගෙනයිනෙ හිටියෙ. මට ඔනේ උනේ එයාගේ ආදරේට තුරුල් වෙලා ඉන්නයි.
මට ඒ වෙලාවේ කරන්න වෙන කිසිම දෙයක් තිබුනෙ නෑ. මට යන්න උනොත් මට එයාව නැතිවෙයි. එයා නැතුව මට ඉන්න බෑනේ.... මන් දන්නේ එච්චරයි.
අන්තිමට එයාගේ උනුහුමට තුරුල් වෙලා ඉද්දී ටිකෙන් ටික ඇගට පන නැතිවෙනවා වගේ දැනුනා. මට හුගක් ලොකු බයක් දැනුනා මම මැරුනොත් ඊලගට මොකද වෙන්නේ කියලා. ඒත් මට ආයෙත් හිතුනා එයාගේ තුරුලෙම මැරෙන එකත් එක අතකින් හොදයි නේද කියලත්. එයා එක්කනේ අන්තිමට ඉන්නෙත් කියලා මම හිතුවා.
ටිකින් ටික මට අමාරුවෙන්න ගත්තත් ශෙහාන්ව මගෙන් ඈත් කරන්න මට ඔනෙ උනේම නෑ. මම ලෝභ උනා එයාව එහෙම ඈත් කරන්න. ශෙහාන් මේ කිසිම දෙයක් නොදැන මට ලන් වෙලා හිටියා. එයා හුගාක් ආදරෙන් එ වෙලාවේ මාව අල්ලගෙන හිටියා.
මන් ශෙහාන්ගේ අතේම ෆෙයින්ට් වුනා. ලොකු බයක් දැනුනා හැමදේම ගැන. ඊලගට මොනා වෙයිද මම දැනම් හිටියෙ නෑ. ශෙහාන් මේක දැන ගත්තම මාත් එක්ක තරා වෙයිද.. ඒත් මට එයාව දාලා යන්න බෑනේ. මම කියලත් වෙන මොනා කරන්නද... මන් එහෙම හිතුවා.
අන්තිමට හැමදේම බොද වෙද්දී එයාගේ කටහඩ විතරයි මට ඇහුනේ. මගේ ශෙහාන් ' අල්ලන් ඉන්න එම්'
කියලා කියද්දී දැනුනේ ලොකූ බයක් වගේම පුංචි සතුටක්. මට යන්න වෙන එකක් නෑ නේද කියලා...
එයා මන් ලගින් හෙල්ලුනෙවත් නෑ... මොනා උනත් මම ඔයාව දාලා යන්නේ නෑ මන් ඔයාට හුගාක් ආදරෙයි. මම කොහොම හරි ඔයා එක්ක නවතිනවා.මට කරන්න පුලුවන් මොනාද මන් ඒ හැමදේම කරනවා ඔයා එක්ක නවතින්න හැකිනම්... ඒ තරම්ම මම ආදරෙයි ඔයාට... මා එක්ක තරහ වෙන්න එපා...
මම හිතුවෙ එච්චරයි.
____________________________________
❤️❤️❤️❤️
November කියන්නේ අමතක නොවෙන මාසයක්..
❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top