තනිකම 🍂

* Shehan's pov *

    ජීවිතේ පලවෙනි වතාවට එයා මට එයා නැතුව අපාර්ට්මන්ට් එකට යන්න කියනවා... මට ඕන  උනෙ නැ එයාව එහෙ දාල යන්න මම එතනම හෙල්ලෙන්නෙවත් නැතුව ඉද්දි එයා මට

     "ප්ලීස් ශෙහාන් ඔයා මෙතන හිටගෙන ඉදල  මේක මට තව අමාරු කරන්නෙ නැතුව අපාර්ට්මන්ට් එකට යන්න මම අන්කල් ආවම එයත් එක්කත් කතා කරල හෙට එන්නම්... ඔයා හොද ලමයෙක් වගෙ යන ගමන් ඩිනර් අරන් එහෙම්ම ගිය ගමන් නිදාගන්න... මම රෑට ඔයාට කෝල් කරන්නැ ඇහැරල ඉන්න එපා"

කියල එක දිගටම ගොඩක් ඒව කියල මාව බලෙන් වගෙ ගේට් එක ලගටම අරන් ආව... මම ආන්ටි ඉස්සරහම බලෙන්ම අල්ලගෙන හිටපු එම්ගෙ අත ගේට් එක ලගදි එයා අයින් කරල මට යන්නම කිව්වා

"අද රෑ ඔයා එතකොට මෙහෙ ඉන්නද යන්නෙ..??"

"ඔව් මම මේක විසදගෙන එන්නම් බබා..."

" ඔයාට තනියම ඉන්න පුලුවන් ද.. මම එලියෙ ඉන්නම්... මහ රෑ එලි වෙනකල් මේ ලග කොහෙ හරි ඉදල මම උදේම එන්නම් ඔයාව එක්කන් යන්න..."

එයාගෙ ලගම ඉන්නෝන දාල යන්න බැ කියල හිතෙද්දී මම කිව්වා..

"අනෙ එපා එහෙම කරන්න බැ ප්ලීස් අපෙ ගෙදරට යන්න... එක දවසනෙ බබා...  එහෙ ගිහින් සනීපෙට නිදාගන්න මම එන්නම් ඔයා ඇහැරෙද්දි.."

එයාට මාව යවන්නම ඕන..🙁 එයාට මම ඉද්දි ඒක කරන්න බැ එයාට කරදරයක් වෙන්න බැ...   ඒ නිසා මම ආය හැරිලවත් බලන්නෙ නැතුව ආන්ටිලගෙ ගෙදරින් එලියට බැස්සා සම්පුර්ණයෙන්ම මගෙ හොද සිහිය අවුල් වෙන්න පටන් ගනිද්දීයී. මට දැනුනෙම එයා මාව පයින් ගහල එලවල දැම්ම වගෙ.... තරහද දුකද මම දන්නෑ මට එම්ව නැතිවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා.

මග දුරක් එද්දි එම් කෝල් එකක් ගත්ත...

  ආන්ස කරන්නෙ නෑම කියල හිතුවට ඒක කරන්න බැ ඒ මූන පේනකොට....

S - "කියන්න....."

M - "බබා....ඩිනර් ගත්තද...??"

S - "නෑ...."

M - "එහෙනන් ගත්තම මට ෆොටෝ එකක් එවන්න.."

S - "බෑ....."

M - "ශේහාන්....ඔයා එවන්න...මම බලන් ඉන්නව..."

S - "හා..."

M - "Good boy...luv u babe.."

S - "Luv u..."

එයා මාව වෙනස් කරල, පුදුම විදිහට ඉස්සර කිසිම මනුස්සයෙක් කියන දෙයක් ලේසියකට අහන්නෙ නැති මම එයා කියන ඕනම දේකට හා කියනවා..... මම දුර්වලයෙක්ද... මම කෑම එකෙ ෆොටො එකක් එම්ට යවන ගමන් හිතුවා...

අපාර්ට්මන්ට් එකට යනකොට ටිකක් රෑ වෙලා තිබ්බෙ... වොශ් දාගෙන එලියට ආවම මට තේරුන රැයක් එලි වෙනකල් මේක ඇතුලෙ තනියම සිහිය තියන් ඉන්න මට අමාරුයි කියල... මම කොහොමද ඒක කරන්නේ... තනියම එම් නැතුව...

      අපෙ අපාර්ට්මන්ට් එකට නෙක්ස්ට් අපාර්ට්මන්ට් එකෙ හිටියෙ එක තනි කොල්ලෙක් ඌ arabic අපි අතරෙ වැඩි ආශ්‍රයක් නැති උනාට ඌ හෙන හොදයි. ඌ දවස තිස්සෙ බ්‍රැන්ඩි බෝතල් පිටින් කටේ ගහගෙන ඉන්නෙ මම හිතන්නෙ උගෙ තාත්ත අරාබියෙ රත්තරන් පතලක ඕනර් කෙනෙක් 🤔.. මොකද මෙහෙ daily  liquor පාවිච්චි කරන්නනන් හෙනම සල්ලිකාරයෙක් වෙන්නෝන... පොරගෙන් ඉල්ලන් බොන එක හරි නැ තමුසෙට පිස්සුද ශෙහාන්...😳
එහෙම මටම හිතෙන්න කලින් මම ඌට මැසේජ් එකක් දැම්ම... මට bottle එකක් දෙන්න පුලුවන් ද අහල...😒
කියන පමාවට බෝතලෙත් අරන් ඌ දොර ඉස්සරහ..

"මොකො අද තනියමද...අනිත් බ්‍රෝ කොහෙද..?"

ඌ ඒක දෙන ගමන් ඇහුව.

"අද නැ එයා... ඒකයි මෙ බොන්න හදන්නෙ... තෑන්ක්ස් බ්‍රෝ..."

මනුස්සකම් කියන්නෙ මේවට කියල කල්පනා කරන ගමන්ම මම ඌට කිව්ව..

"මටත් ජොයින් වෙන්න තිබ්බ නන් හොදයි කාලෙකින් උබව මීට් උනෙත් ඒ උනාට දැන් මම ගමනක් යන්න ඉන්නෙ බන්..."

ඌට යන්න තියන ගමන මොකද්ද කියල උගෙ හිනාවෙන් මට තේරුන...

"ඕහ් සො සෑඩ් anyway....enjoy ur night bro.."

මම එහෙම කියාගෙන ඇතුලට ආව...
Dinning එකෙ බිම ග්ලාස් එකක් එක්ක වාඩි වෙන ගමන් මට මතක් උනා එම් මට බනියි නේද කියල..

බැනපුදෙන්..රෙද්ද..😒 එයා මාව දාල යන්න හදන්නෙ... මම හිතට ආපු තරහටම ඒක ගැන නොහිත බොන්න පටන් ගත්ත..

Somebody call me right one..
Somebody call me wrong..
I’m not gonna care about it..
Why don’t you not do so as well..
So what...
Let go...







    කිසි දෙයක් පැහැදිලි නෑ... මම බීලා නිසාද... මට දුක දැනෙන්නේ මෙච්චර..

    එම්... ඔයා කොහෙද... මට මෙහෙම ඉන්න අමාරුයි. ඔයා නැතුව තව්ව් ඉන්න බැ... මේ තනිකම.. ඔයා මට නැති වෙන්න හදන්නෙ කියන බය මාව පිස්සු වට්ටනවා...

මම කෑ ගහල ඇඩුව කොල්ලෙක් අඩන කොට ඒක උගෙ දුර්වලකමක්ද...  කමක් නැ ඒක එහෙම නන් එහෙමම වෙද්දෙන් මට වැඩක් නැ.. මම දුර්වලද බොලදද මට ඒ කිසි දේකින් වැඩක් නැ මම එහෙම නන් ඔව් මම එහෙම තමයි....

     ප්ලීස් මාව මෙහෙ දාල යන්න එපා. මම සේරම අතෑරිය ඔයා නිසා මම මගෙ අම්ම අප්පච්චීට නන්ගිලාට බොරු කරා... යාලුවො කියල හිටපු සේරම අතෑරියා.. මට දුකක් නෑ ඒ හැම දෙයක්ම මම කරෙ මට ඔයාව ඕන නිසා... මට වෙන කිසිම දෙයක් ඕන නැ ඔයා ඇරෙන්න.... ඉස්සර හිටපු ශෙහාන් නෙවෙ මම.. ඔයා දන්නව එම් ඔයා මාව වෙනස් කරා.....


           ඔයාට මතකද අපි නලලට නලල තියාගෙන බලන් ඉන්නව වේගෙන් ගන්න හුස්ම හෙමීට අඩු වෙලා කාම් වෙන හැටි දිහා.. ඒ වෙලාවට ඔයා වේගෙන් ඇස් පිල්ලම් ගහල මගෙ දිහා බලල ලස්සනට හිනාවෙනවා... එතකොට මාත් හිනාවෙනවා.....

    කිසිම දවසක මම ඔයාව කිස් කරද්දි ඇස් වහගෙන ඔයාට ලන් වෙලා නැ. පලවෙනි දවසෙ ඉදන්ම ඊයෙ වෙනකල්ම. ඒක මම වින්දෙ ඇස් ඇරගෙන ඔයා දිහා බලාගෙන, ඔයා ඒක දැකල නැ මොකද ඒ හැම වෙලාවකම ඔයා හිටියෙ ඇස් වහගෙන එම්.. ඔයා ඒ වෙලාවෙ මගෙ ඇස් වල තිබ්බ ආදරේ දැක්කෙ නැ...
    ඔයා ඒක දකින්න ඕන එම්... ඔයාට දැනෙන්නම ඕන මම කොච්චර ආදරෙයි ද කියල.... මේ ලෝකෙ මම වින්ද ලස්සනම දේවල් හැම දෙයක්ම මට දැනුනෙ ඔයාගෙන්... ඔයා මාව වෙනස් කරා එම්...

     මම ඔයාගෙ ඔයා මගෙ වෙන හැම වෙලාවකම ඔයා මට කිව්ව අපිට අපි එක්කෙනෙක් කියල දැනෙනව නේද මෙහෙම ඉද්දි ශෙහාන් ඒක තමයි ආදරේ කියල ඔයා ඒ කියපු හැම දේම මගේ පපුවට දැනුනා...

      'ආදරේ' ඒකට තේරුමක් නැ.. අපි කොච්චර කිව්වත් කවුරුත් දන්නෙ නැ මේ ආදරේ කියන එකෙ තේරුම..... මම ආදරේ කියල හිතුවෙ 'ඔයාව'..... මම තවත් මටවත් අයිති නැ එම් ඔයා මාව සම්පූර්ණයෙන්ම අයිති කරගෙන ඉවරයි...

       මාව මෙහෙ තනියම දාල  ඔයා යන්නද හදන්නෙ... එතකොට මට මොකද්ද වෙන්නෙ.... මාව බලාගන්නෙ කවුද.. මාව නැගිට්ටවන්නෙ කවුද... මට නින්ද යනකල් මගෙ ලගට වෙලා ලස්සනට හෙමීට ඇහෙන නැතිවෙන ගානට සින්දු කියන්නෙ කවුද... මට බනින්නෙ කවුද....

        'ශෙහාන්... යූ ක්‍රේසී..'
  එහෙම කිය කිය අපාර්ට්මන්ට් එක පුරාම මගෙ පස්සෙන් මට ගහන්න එලවගෙන එන්නෙ කවුද.... එතකොට මේක මෙතනින් ඉවරයිද.... ශෙහාන්ගෙයි එම්ගෙයි කතාව මෙතනින් ඉවරයිද...
      අපි මවපු ජීවිතේ අපි හිතපු දේවල් ඒ සේරම එතකොට...

        සේරම කෙලවරේදි මට ආවෙ මන් ගැනම තරහක්...

මගේ ඔලුව විකාර වෙන්න පටන් ගනිද්දී එතන වෙච්ච දේ ඉදන් මතක් වෙද්දී දැන් මට කටු අනිනවා වගේ දැනෙන්නේ.

මට මතක් උනේම ආන්ටි මගෙ දිහා බලපු හැටි එම්ව වෙනම එක්කන් ගිහින් මොනාද තනියම කතා කරපු හැටි... එයාල මොනාද කතා වෙන්න ඇත්තෙ... එයා එම් අයියව රවට්ටයිද...
එයා කිව්වොත් එයාට... මම කපටියෙක් කියල... මම මගෙ උවමනාවට මගෙ තනියට එයා එක්ක ඉන්නෙ මගෙ මූන දැක්ක ගමන් එයාට ඒක හිතුන කියල කිව්වොත්.... එම් ඒක විශ්වාස කරයිද..... අපිට බැ ඒ වගෙ කිසිම දෙයක් දන්නෙ නැති වෙනම රටක කොල්ලෙක්ව විශ්වාස කරල ඔයාව එයා එක්ක තියන්න පුතා කවුද දන්නෙ එයාගෙ ෆියොන්සෙ  එහෙ ඉන්නවද කියල.. ඔයා පොඩි ලමයෙක් වගෙ හිතුවට එයාල එහෙම නැ එයාල කපටියි... දිගින් දිගටම ආන්ටි මගෙ එම්ට කියල එයාව බය කරයිද..... මම ඔයා වෙනුවෙන් වග කියන්න ඕන ඔයාගෙ ඩෑඩ්ට ඔයා දැන් යන්න ඉන්නෙ කියන තීරනේ එයාට කියන්න ගියාම එයා ඔයාට මොනා හරි කරන්නත් පුලුවන් එහෙම ඕන තරම් දේවල් වෙලා තියනව නිව්ස් වල ඔයා අහල ඇතිනෙ, ඔය වගෙ රටේ ලෝකෙ නැති මහ නරක දේවල් එම්ගෙ ඔලුවට දැම්මොත් එයා... මට තේරෙන්නේ නෑ.. මේ කිසිම දෙයක්.

මම කොහොමද එයාට කියන්නෙ මාත් එක්ක ඉන්න කියල.... ඩෑඩ් එයාට එන්න කියන්නෙ එමට ආදරේ නිසා එයාව පරිස්සම් කරගන්න ඕන නිසා.. මටත් ඔනේ එයාව පරිස්සම් කරගන්න. මගෙන් වෙන්නොකර මන් ලගම තියාගෙන පරිස්සම් කරගන්නයි මට ඔනේ..  මගෙ  ආත්මාර්ථකාමී කමද මෙ...
         මම තවත් සිගරට් අලු උඩින් එම් කියල ලියල ඒ ලයින්ස් වල අලු මදි නිසා සම්පූර්ණ නැති හිස් තැන් දිහා තරහින් බලන ගමන් කල්පනා කරා...

ඔලුවට එන විකාර දේවල් වල කෙලවරක් නැ... මට පිස්සු හැදිල තිබ්බෙ එම්ට යන්න එපා එපා කියල අඩපු මගෙ ඔලුවට ටික ටික ආවෙ එම් ගැන බයක්.. හැමෝම ගැන තරහවක්.   ලොකු අවිශ්වාසයක්..  මොකද්ද මට කරෙ..  මම බය උනා මෙහෙම දවසක් එනව කියල... ඔයා කිව්වා මතකද..? ඔයා කිව්වෙ අපි ඒකට එදාට මූන දෙමු බබා...


         හෙට දැන් එයි අඩාගෙන ඇවිල්ල මට කියයි ශෙහාන් මට යන්නම වෙනව අපි වෙනුවෙන් අපෙ ආදරේ වෙනුවෙන් ඔයා බලන් ඉන්න මම ඉක්මනට එනව කියල.... එතකොට මම එයාට බනින්න හදයි මට ගහන්නත් හිතෙයි සමහරවිට...
   ඒත් එයා මාව බදාගනියි හැමදාම කරනව වගෙ ඔයා ඉස්සරහ ආයෙ මට ප්‍රශ්න අමතක වෙයි...

      ෆ්ලයිට් එකට දවස් කීයද... ඒ හැම දවසකම මගෙත් එක්ක ඉදියි මට දවස් ගෙවෙනවද කියල වත් දැනෙන්න නොදී...

අන්තිමට යන දවසට කලින් එදාටත් මගෙ ලගට එයි මාව පිස්සු වට්ටල මට නින්ද යනකල් බලන් ඉදියි... උදේ මම නිදි මතේ ඇහැරෙද්දි... මම යනව බබා කියල අඩල යයි....

මට තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නැ මට හිතන්න පුලුවන් හැම දෙයක්ම මම හිතුවා.  මතක් වෙන මතක් වෙන එකාට බැන්න... දැන් මට අපාර්ට්මන්ට් රෙන්ට් එක තනියම ගෙවන්න වෙනව කරන්ට් යූස් කරද්දි ලිමිට් එකක් තියාගන්න ඕන ජීවිතේට හිතපු නැති විකාර කල්පනා කර කර මම නැගිටලා ටේබල් එකෙ එල්ලිල ලයිට් එකත් වහල ආවා....

   එමීගෙන් කෝල් එකක් මට ෆෝන් එක පොලවෙ ගහන්න හිතුන.. මම ඒක කට් කරල මට කරදර කරන්න එපා හරි මොකක්ම හරි කියල මැසෙජ් එකක් යැව්ව...

මගෙ dp එක චේන්ජ් කරන්න ඕන.... මම පොඩි එකෙක් වගෙ එම්ට රිද්දන්න හිතාගෙන අපි දෙන්න හිටපු dp එක චේන්ජ් කරල ගූගල් කරල හොයාගත්ත කෙල්ලෙකුයි කොල්ලෙකුයි බදාගෙන ඉන්න ෆොටො එකක් dp එකට දැම්ම.... දැන් හරි, මට සතුටක් දැනුන...

දැන් දුක් වෙනව...

තව මොනා මොනා හරි කියව කියව බැන බැන අඩල කියවන්න මතක් කරන්න දේවල් තවත් නැ....

මට මහන්සියි නිදිමතයි.... මම ඇදට ගියේ හැමදේම උදේ වෙද්දී ඉවරවෙලා තියෙන්න කියලා හිතින් එමීට කියන ගමනුයි.

I want to breathe, I hate this night
I want to wake up, I hate this dream
I’m trapped inside of myself and I’m dead
Don’t wanna be lonely
Just wanna be yours

Why is it so dark when you’re not here
It’s dangerous how wrecked I am
Save me because I can’t get a grip on myself

Listen to my heartbeat
It calls you whenever it wants to
Because within this pitch black darkness
You are shining so brightly

Give me your hand
Save me save me
I need your love before
I fall

Today the moon shines brighter on the blank spot in my memories
It swallowed me, this lunatic, please save me tonight
Within this childish madness you will save me tonight

___________________________________

පරක්කුද...? සමාවෙන්නෝ 🙊

ඉක්මන්ට හැමදේම හොද අතට හැරෙයි.. මන් බලන් ඉන්නවා.. ඔය දෙන්නා එදා වගේම ඉදී...
හුගාක් මතක් වෙනවා.. ඔයි දෙන්නවම.. ❤️

මන් ආදරෙයි හැමෝටම හොන්ද.. ❤️

❤️❤

Bạn đang đọc truyện trên: AzTruyen.Top