එයා ලස්සනයි🍂


කා එක්ක හරි තරහා උනහම ඒ තරහා එක එක අය පිට කරන්නෙ එක එක විදිහට. එම්ට ශෙහාන් එක්ක දැන් හරි තරහයි. ඒත් ඉතින් බනින්නද... මොනා කියලා කරන්නද... එම් ශෙහාන් එක්ක කතා නොකර ඉන්න තීරනය කලා. එම් ශෙහාන්ව ගනම් නොගෙන වීර් එක්ක හොදට කතා කලා. එම් මෙහෙම වෙනස් විදිහට හැසිරෙද්දී ශෙහාන්ට ඒක හොදට තේරුනා. එම් අවුලෙන් ඉන්නේ කියලා ශෙහාන් දැන ගත්තා. ඒත් ඒ ඇයි කියන්න හරියටම ශෙහාන් දන්නේ නෑ.

ශෙහාන්ට ඔය අතරේ ඉන්දියන් කෙල්ලගේ නම්බර් එකත් හම්බුනා. ඒත් ශෙහාන්ට ඒක ගැන වැඩි අවදානයක් දෙන්න බැරි උනා. එයාලගේ එක්සෑම් ලන් උන නිසා. ශෙහාන් දාගෙන පාඩම් කරනවා ඒ නිසා.

....................❄️🌨️❄️........................

දැන් වින්ටර් සීසන් එකත් ආවා. ඒ සීතල කොච්චර අමාරුද කියනවනම් ශෙහාන්ට ඒ කාලෙට හොදටම උණ ගන්නවා දරාගන්න බැරි කමටම. මේ පාර සීසන් එකෙත් ශෙහාන්ට උණ ගත්තා. ඒ අස්සේ එක්සෑමුත් ඒක්ක. කොල්ලා ඉතින් උණත් හදාගෙන රෑ එලි වෙනකල් පාඩම් කලා. ශෙහාන්ට උණ හැදුනම එම්ට ඔනේ උනා ශෙහාන්ට කොහොමද කියලා බලන්න. ඒත් එයාට ශෙහාන් ලගට යන්න හිතුනෙනම් නෑ.

ඔහොම දවස ගෙවෙද්දී,
හොදටම රෑ වෙලා එම් එයාලගේ රූම් එකෙන් එලියට එද්දී ශෙහාන්ගේ රූම් එකේ ලයිට්ස් දාලා තිබුනා. එම් බය උනා ශෙහාන්ට උණ වැඩි වෙලාවත්ද කියලා. ඉතින් එම් රූම් එකට ඔලුව දාලා මොකෝ කියලා බල්ද්දී ශෙහාන් පාඩම් කරනවා මේසේ ඉදගෙන.

" නිදා ගන්නේ නැද්ද ඔයා..🙄"

එම් ශෙහාන්ගෙන් එහෙම අහද්දී ශෙහාන් එම් දිහාවට හැරිලා

" අනේ එක්සෑම් ලගයි මට තව ගොඩාක් වැඩ තියෙනවා..🤒"

ඒ ඇස් රතුවෙලා. ශෙහාන්ට හොදටම සනීප නෑ කියලා මූන දැක්කම එම්ට තේරුනා. එම් තරහා ඔක්කොම අමතක කරලා එයාගේ වැඩ පැත්තකට දාලා ශෙහාන්ගේ ලගින් හිටියා එතනින් පස්සේ.

" ඔහොම කරදර වෙන්න එපා මන් හින්දා😢.."

ඕවා කිව්වට එම් නෙවේ ශෙහාන් ගැන බලන එක නතර කලේ. එම් ශෙහාන්ට බලෙන්ම කන්න බොන්න දීලා බෙහෙත් ටික වෙලාවට දීලා දවසෙම ලගින් ඉදලා බලා ගත්තා. වීර් උනත් ශෙහාන්ට පුලුවන් විදිහට උදව් කලා පාඩම් වැඩ ටික කරගන්න. එමීගේ හිතේ ශෙහාන් ගැන තිබ්බ හැගීම ඒ...කත් එක්ක තවත් වැඩි උනා. ඒත් වෙලාවකට ඒක එහෙමම නැතිවෙලා යනවා.

දවසක් රෑ වීර් බැජ් එකේ වෙන යාලුවෝ ටිකක් එක්ක එක්සෑම් එකට පාඩම් කරන්න ගියා. ඉතින් එදා රෑ එම් ශෙහාන්ට කන්න ලගට දීලා රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න හිතාගෙනයි. ශෙහාන් කෑම ටිකත් කාලා උදේ බීපු බෙහෙත් ටික හෙව්වා. කොහෙවත් පේන්න තිබ්බේ නැති නොසා ශෙහාන් ඉතින් එම්ව හොයාගෙන ගියා.

" මේ මගේ.......😐............😳"

එම් වොශ් දාගෙන ඇදුමක් මාරු කරගන්න හිතාගෙන ටවල් එක ඇද උඩට දාලා හැරෙද්දී තමයි ශෙහාන් රූම් එකට එබුනේ. දෙන්නටම කරකියා ගන්න දෙයක් නැති උනා. ශෙහාන්, වීර් හැම දිස්සෙම වගේ උඩට ටී ශර්ට් එකක්වත් නැතුව ඉන්නවා, ඒත් එම් එහෙම නෑ. හරි සංවරව ඉන්නේ.(*😂*) එම් උනත් වීර් ඉන්න වෙලාවට වොශ් දාලා ඇදුම් ඇදගෙනමයි එලියට එන්නේ ඒත් අද වීර් නෑනේ. ඉතින් එලියට ඇවිත් ඇදුම් මාරු කර ගන්න හිතුවා.

අනේ ඉතින් ශෙහාන් එහෙමම ටිකක්වෙලා ගල් වෙලා බලන් හිටියා. එම්ත් එහෙමම බලන් හිටියා. දඩස් ගාලා රූම් එකෙන් එහාට උන ශෙහාන් එයාගේ රූම් එකට දිව්වා. (*😂*)

එම්ට තේරුනා ශෙහාන් එන්න ඇත්තේ බෙහෙත් හොයාගෙන වෙන්න ඇති කියලා. එම් ඉක්මන්ට ටවල් එක ඇදගෙන ඇදේ ඉද ගත්තා. කොල්ලට හොදටම හිනා වෙච්ච දේ මතක් වෙලා.
එම් ඇදුම් අදිද්දි කල්පනා කලේ ඒ වෙච්ච දේ නිසා ශෙහාන්ට අවුල් ගියාද දන්නෑ කියලා. බෙහෙත් ටික කිචන් එකේ මේසේ උඩ තියෙන්නේ කියලා එම්ට මතක් උනා. ඉතින් එම් බෙහෙත් ටික තිබ්බ තැනම තියෙනවද බලන්න යද්දී, අනේ බෙහෙත් ටික එතනම තියෙනවා ඉතින්. මේ කොල්ලා බෙහෙත් ටිකත් හොයන එක දාලනේ දුවලා තියෙන්නේ...
ශෙහාන් හරි හුරතල් කියලා හිතුව එම් තනියෙම හිනා උනා.

ශෙහාන් රූම් එකට ගිහින් දහ අතේ කල්පනා කරනවා ඒ දේ ගැන. එම්ව දැකලා ශෙහාන්ට පිස්සු වගේ. එම් හුගාක් ලස්සනයි ශෙහාන්ගේ හිත ඒක පිලිගත්තා.
'එයා ලස්සනයි' ශෙහාන් කල්පනා කර කර ඉද්දී

" මම ඇතුට එන්නද.....🙄"

" එන්න..."

එම් ආවේ ශෙහාන්ගේ බෙහෙත් ටිකත් අරගෙන.

" මේවාද හෙව්වේ..☺️"

එම්ට හරි ලැජ්ජයි වෙච්ච දේ මතක් වෙද්දිත්. ඒක කොහොම හරි හන්ගගෙන ශෙහාන්ට බෙහෙත් ටික දීලා, ඇදේ ඉදන් හිටපු ශෙහාන් ලගින් ඉද ගත්තා.

" සොරි... අහන්නැතුව රූම් එකට ආවට 😐.."

" ආහ් ඒකට කමක් නෑ............ මම ශොක් උනා.. 😅"

එමී කියාගෙනම හිනා උනා. එමී ඇදුම් ඇදලා ජර්සි එකක් එහෙමත් ඇදම් හිටියා. ඒත් ශෙහාන්ට මතක් උනේම එයා ඉස්සෙල්ලා හිටපු විදිහ. හිතට එන හැගීම් පාලනයක් නෑ... ශෙහාන් කට පියන් ඉන්න බැරිම තැන

" ඔයා හුගාක් ලස්සනයි එම්...😶"

ශෙහාන්ගේ බැල්මට හැමදිස්සෙම වගේ එම්ව රතුවෙනවා. මේ වෙලාවෙත් ශෙහාන් එම් දිහා බලන් ඉද්දී එම්ව රතු උනා. ඊට වඩා රතූ උනේ එයා දැම් කිව්ව දේ නිසයි.
එදා තමයි ශෙහාන් එම්ට හරියටම එම් කියලා කතා කරපු පලවෙනිම දවස. එම්ට හුගාක් සතුටු හිතුනා. එම්ගේ මාම් විතරයි මේ වෙනකල් එයාට ලස්සනයි කියලා තිබුනේ. හයිස් කූල් එකේ කොල්ලෝනම් හුරතල් කියලා තියෙනවා ඒත් ශෙහාන් කිව්ව දේ තරම් ඒවා හිතට තදින් දැනුනේ නෑ. ඒක හරිම වෙනස් හැගීමක්.

" ඇයි ඔයා මීට කලින් ඔහොම ලස්සන කෙනෙක් දැකලා නැද්ද...🤭"

ශෙහාන් පුංචි ලමයෙක් වගේ දෙපැත්තට ඔලුව වැනුවේ නෑ කියලා අගවන්න. කියාගන්න බැරි තරම් ලොකු ආදරයක් එම්ට දැනුනා ඒ වෙලාවේ ශෙහාන් ගැන.
ශෙහාන්ගේ හුස්ම වැදෙන තරම්ම මූනට ලන් උන එම් ශෙහාන්ගේ නල්ලට අත තියලා

" දැම් හොදයිද....🙄"

ශෙහාන් හිටියේ හොද සිහියකින් නෙවෙයි ඒ වෙලාවේ. එම් දිහා බලන් ඉන්න ශෙහාන්ට බැරි උනා. කොහොමත් හරි සිහියෙන් ඉද්දි උනත් එම් දිහා වැඩි වෙලාවක් ශෙහාන්ට බලන් ඉන්න බෑ. ශෙහාන්ට තේරුනා දැන් මෙම ගියොත් අවුලක් වෙනවා කියලා. ශෙහාන් ටක්ගාලා එතනින් නැගිටලා එලියට ගියා.

එම් එහෙම ලන් වෙද්දී ශෙහාන්ට එයාගේ අම්මා අප්පච්චීව නන්ගිලා දෙන්නව මතක් උනා. එයාට කිසි දෙයක් හිතා ගන්න බෑ මොකක්ද ඊලගට කරන්නේ කියලා.

ශෙහාන් එහෙම ගියහම් එම්ට දැනුනා එයා ඉන්නේ අවුලක කියලා. එම්ට ඔනේ උනා එක හරියටම දැන ගන්න. ඉතින් එම් රූම් එකෙන් එලියට ඇවිත් ශෙහාන්ව හොයන්න ගත්තා. ශෙහාන් බැල්කනි එකේ ජර්සි එකවත් ඇදලා නැතුව සීතලේ හිටගෙන ඉන්නවා. ශෙහාන්ගේ අසනීපේ හොද වේගෙන ආවා විතරයි මේ කොල්ලා ඔහොම ඉදලා ආයිමත් අසනීප උනොත් එහෙම කියලා එම් බය උනා. ඒ නිසා එම් ශෙහාන් ලගට ගිහින්

" ඇතුල්ට යමු... එලියේ හොදටම සීතලයි...🙁"

ශෙහාන් පිටිපස්ස හැරුනෙවත් නැති උනහම එම්ට හිතුනා එයාට කිව්ව එක ඇහෙන්නේ නැතුව ඇති කියලා. ඉතින් එම් ශෙහාන් ලගටම ගියේ ඇතුල්ට යමු කියලා කියන්න හිතා ගෙනයි ඒත් එකපාරටම ශෙහාන් හැරිලා එම්ව අල්ල ගත්තා. එතන හරි අදුරුයි. පුංචි එලියක් විතරයි තිබුනේ. ඒ එලියෙන් දෙන්නට දෙන්නව පෙනුනෙත් යාන්තමට වගෙයි.

" ඇයි මෙතන්ට ආවේ...😐"

" ඔයාට සීතල නැද්ද...😶"

" නෑ..."

ශෙහාන් එම්ව තදින්ම බදා ගත්තා. දැනෙන හැගීම් නවත්ත ගන්න ශෙහාන්ට තවත් බැරි උනා. එම්ව දකින් වාරයක් පාසා එම්ගේ හැසිරීම් ශෙහාන්ගේ හිත ඉහලින්ම දිනාගෙන තිබුනා.
එම්ට තාමත් හිතා ගන්න බෑ වෙච්ච දේ ගැන. ඒත් මේක තමයි එයාට දැනුනු සුන්දරම හැගීම එයාගේ මේ ගෙවුනේ ජීවිත කාලෙටම. එයා ආදරේ කරන කෙනාව හිරිගඩු පිපෙන සීතලේ තදින්ම බදාගන්න පුලුවන් උනා කියන්නේ... එයාට තවත් වචන නෑ එක කියාගන්න.

එතන තිබුනු රෙදි පුරෝපු බෑග් එකක් උඩට වැටුනු එම් ඇස් පියාගත්තා. එම්ගේ මූනට එබුනු ශෙහාන් එයාගේ හැගීම් එකින් එක එම්ගේ හැගීන් එක්ක බෙදා ගත්තා. ඒ දේ පටන් ගත්තත් හරි එම්ට ශෙහාන් දිහා ඇස් ඇරලා බලන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. ශෙහාන්ගේ අතින් ගැලවුනු එම්ගේ ජර්සි එක කොහෙටදෝ විසික් උනා. දැනෙන සීතල දරාගන්න බැරි උනත් ශෙහාන්ට එයාගේ ලෙඩෙත් අමතක උනා එම් නිසා.

එකින් එක ගැලවෙන රෙදි අතරේ ශෙහාන්ට තේරුනා එම්ට සීතල දරාගන්න බෑ කියලා. එම් හොදටම ගැහෙනවා සීතල නිසා. එම්ගේ අතින් අල්ල ගත්ත ශෙහාන් එම්වත් අරගෙන ගියේ එයාගේ රූම් එකට.

ශෙහාන්ට ඔනේ උනේ නෑ තවත් බලන් ඉන්න. එම්ව ඇදට තල්ලු කරලා එම් ලගට ගිය ශෙහාන් එම්ගේ මූනට එබුනා. එතකොටම ශෙහාන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා

" මොන මගුලක්ද 😑..."

එම්ට තේරුනේ නෑ ශෙහාන් කිව්වේ මොකක්ද කියලා. හැබැයි තරහෙන් මොකක්ද කියලා ෆෝන් එක ඔෆ් කලා එම් දැක්කා. ශෙහාන් කවුද කෝල් කලේ කියලවත් බැලුවේ නෑ අනික් පැත්තට ෆෝන් එක ඕෆ් කලා. ශහාන් එයාගේ ඇදුම් ගලවන්න ගනිද්දී ඒත් එක්කම එම් ආයෙමත් ඇස් පියා ගත්තා. තවත් බලා නොයිද ශෙහාන් එම්ගේ මූනට ලන් උනා.

ලැජ්ජාවෙනුත් බයෙනුත් වගේම කවදාවත් විදලා නැති ඒ හැගීම ජිවිතේ පලමු වතාවට ඒ දෙන්නා අත් වින්දා. එම්ගේ උනුහුමට ශෙහාන් ආස කලා. ඒ හැගීම කොච්චර ආගන්තුක උනත් ඒ හැගීම එයාලව වෙනම ලෝකෙක අතරමන් කරා මුලු රැයේම.

____________________________________

Hi gyz... 🤭

මෙච්චර වෙලා හිනා උනානේ දැන් ටිකක් අඩමු 😶

මේකේ eng sub එකත් දාලා තියෙන්නේ බලන්න... 🍂

Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top