එයා ගියහම 🍂


එක එක ප්‍රශ්න ඔලුවට එන අස්සේ මම අපේ ගෙවුනු කාලේ මතක් කලා.
එම් කියන්නෙ පුදුමාකාර හිතක් තිබ්බ කොල්ලෙක්... හරිම ආදරණීය මනුස්සයෙක්... එයාට වැරැද්දක් කරපු කෙනෙක්ට උනත් බදාගෙන හිත හදලා සමාව දෙන ජාතියෙ ඒන්ජල් කෙනෙක්... එයාට පුදුම හැකියාවක් තිබ්බ මිනිස්සුන්ගෙ හිත් හදන්න....

"මම හැපී පිල් එකක් ශෙහාන්"

එයා හැම වෙලේම කිව්වෙ එහෙම...
දවසක් උදේක උනු දෙයක් මතක් උනා. ඒක මේ වෙලාවට ඒ තරම්ම අදාල දෙයක් නෙවෙයි, ඒ දවස අදටත් මට මතක එයා ඒ තරම්ම හරි ආදරනීය කෙනෙක් කියලා හොතෙන්න හේතුවක් ඒකත්.

අදටත් මිනිස්සු එයාට ආදරේ කරන්නෙ එයා හැසිරුන විදිහෙ හොදකම නිසයි... අපි අපෙ වටේ ඉන්න ආදරණීය මිනිස්සුන්ට ලස්සන මතකයක් වෙන්නෝන.... දවසක අපි නැතත්.. එයාලට අපිව මතක් වෙද්දි අපි එක්ක ගෙවුව කාලෙ පුදුම දුකක් කියල නොහිත ඒ කාලෙ කොයිතරම් ලස්සනයි ද කියල හිතෙන විදිහට...

අපි දෙන්න ගෙ major ෆැකල්ටි තිබ්බෙ පැති දෙකක.. හැමදාම නොවුනත් මට පරක්කු නොවුනු හැම දවසකම වගෙ මම උදේට එම්ව එයාගෙ ෆැක් එකට ගිහින් දාලා තමයි මගෙ වැඩ වලට යන්නෙ.. එයා ගොඩක් ආසයි මම එහෙම එයාව එක්කන් යනවට... කෝමත් එයා ආස දවසම මා එක්ක ඉන්න
මම නැතුව එයා තනියම එලියට යන හැම වෙලාවකම එයා සම්පුර්ණයෙන්ම හැන්ඩ්සම් ලුක් එකක් තියන මූඩ් එකක හිටියට මාත් එක්ක එලියට යන ගොඩක් වෙලාවට එයා බබෙක් වගෙ වෙනවා.
මගෙ අතින් අල්ලගෙන එයා ආසාවෙන් ඇවිදින්නෙ පොඩි ලමයෙක් වගෙයි...

එහෙම එක දවසක් මම එයාව එයාගෙ ෆැකල්ටි ඒරියා එක ලගින් ඇරලවන්න ගියා... ඒ වෙලාවෙ මම මොකක් හරි වෙන කල්පනාවක හිටියෙ... මම යන්නන් බබා කියල එයාව හග් කරල මම ඉක්මනට ආයෙත් හැරිල මග දුරක් ඇවිදගෙන ආවා....
ටික වෙලාවකට පස්සෙ මට ඇහුන මගෙ පිටිපස්සෙන් කවුරු හරි පන දාගෙන දුවගෙන එන සද්දයක්..🏃 👀 මම එහෙමම නතර වෙලා බැලුවා කවුද මේ කියල...

ඒ එමී........😳....

''babe....ඇයි මොකක්ද උනෙ....''

මම ටිකක් පුදුමෙන් ඇහුව,,, මම හිතුවෙම එයාගෙ ෆෝන් එක මගෙ පොකට් එකෙ දාගෙන ඇවිල්ල ඇත්තෙ කියල.. මොකද ගොඩක් වෙලාවට මන් මගෙ ෆෝන් එක කොහෙ හරි දාල නැති කරගන්නවා. හොයාගන්න බැරි උනාම එයාගේ ෆෝන් එක අරගන්නවා. එතකොට මම එයාගෙ ෆෝන් එක අරන් අමතක වෙලා ඒක පොකට් එකෙ දාගෙන ඉන්නව..🙂

"ශෙහාන්.... ඔයා මාව ඇරලවල එද්දි මට හිනා උනේ නැ.....😔 මට දුක හිතුන ඔයා ප්‍රශ්නෙක වගෙ ඉන්නෙ හිතිලා"

එයා හති දාන ගමන් මට කිව්ව....
දෙයියනේ 😳 හිනා උනේ.... නෑ...😳 ඒකටද මෙච්චර දුර දුවගෙන ආවෙ... පන කඩාගෙන.. මට පුදුම හිතුනා... ඔයාට මගෙ හිනාව... ඒක ඒ තරම්....
මට හයියෙන් හිනා ගියා.. ඒ මූන දකිද්දි මට ප්‍රශ්න සේරම අමතක වෙලා මම එයාව බදාගත්ත...

"දැන් හරිද..."

මම එයාගෙ බෙල්ලට මගේ අත යවන ගමන් හෙමීට එ බෙල්ල අල්ලගෙන හිනාවෙවීම අහල එයාගෙ කම්මුලකට මගෙ මූන ලන්කරා....

" okaaaayyyy...😃😃love you dadaaa...."

මගෙ හිනාවෙන් එයාගෙ හිත පුරවගෙන එයා ආපහු පුංචි කොල්ලෙක් වගෙ දුවගෙන යන හැටි මම එතනම නතර වෙලා බලන් හිටිය...
ඒ එයා මගෙ මූනට දීපු ඒ හිනාව මගෙ මූනෙ එහෙමම පරිස්සමට තියා ගන්න ගමන්... 😌❤

අන්න එහෙමයි එයා ආදරනීය මනුස්සයෙක් වෙන්නේ...

.................................................................






ප්‍රශ්න එක පිට එක එන්න ගත්තම ඕන කෙනෙක්ගෙ හිතක් පුලුවන් උපරිමයෙන් ඉවසල දරාගෙන අන්තිමේ දි අනෙ මට බෑ මේක කරන්න කියල කඩාගෙන වැටෙනවා.... අපි දෙන්නට උනෙත් ඒ වගෙ දෙයක්... එහෙට මෙහෙට කෝල්ස් ගන්නව ඇරෙන්න එම්ට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නැ.....
එයා දිහා පිස්සෙක් වගෙ ඈතින් ඉදන් බලාගෙන කල්පනා කරනව ඇරෙන්න මටත් එතන කරන්න කිසිම දෙයක් තිබ්බෙ නැ...

මාව යවන්න එපා ශෙහාන්...

අනේ මාව තියාගන්නකො කියල එයා මගෙ ලග වැටිල අඩන හැම වෙලාවකම මම කොහොමද මගෙ බබා.... ඔයාව තියාගන්නෙ.... මම කවුද... ඔයාලගෙ පවුලෙ අය එක්ක බලද්දි මට ඔයාගෙ මොන අයිතියක්ද කිය කිය තනියම හිතින් අඩ අඩ... එයාව බදාගෙන ඉන්නව ඇරෙන්න මටත් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නැහැ....
මට ඒ වෙද්දි හොදටම තේරිලා තිබුන එම්ට යන්නම වෙන තැනට හැම දේම හැදිල ඉවරයි කියල.... වෙන දේවල් බලාගෙම ඉන්න බැරිම උනාම... ඔයා ඔයාගෙ බඩු ලෑස්ති කරගන්නෙ නැද්ද කියල මම අහන හැම වෙලේම මගෙ දිහා හිතාගන්න බැරි බැල්මකින් බලනව ඇරෙන්න එම් කිසිම උත්තරයක් දුන්නෙ නැහැ.....

එදා ගොඩක් අදුරු දවසක් උදේ ඉදන්ම මුලු දවස තිස්සෙම තිබ්බෙ පුදුමාකාර නිහඬ ගතියක්...

වෙනදට දවස පුරාම මියුසික් ප්ලේ උන අපේ අපාර්ට්මන්ට් එකෙ දැන් ඇහෙන්නෙම මමයි එම්,යි එහෙට මෙහෙට ඇවිදින සද්දෙ එහෙම නැත්තං මොකක් හරි දෙයක් බිමට වැටෙනකොට ඇහෙන පොඩි පොඩි සද්ද විතරමයි...

එම් හිටියෙ මාත් එක්ක කතා කරන්න පුලුවන් මානසිකත්වෙක නෙවෙයි... එයා ගොඩක් ප්‍රශ්න හිතේම හංගගෙන හිටිය... දුක සේරම එයාම දරාගෙන.... එයාට අල්ලගෙන ඉන්න බැරිම තැනකදි ඇරෙන්න එයා එයාගෙ දුක මට කියල නැ මොකද එයා දන්නව මම හිත හයිය මනුස්සයෙක් වගෙ හැසිරුනාට මට පොඩි දේත් ඇති හිත රිදෙන්න කියල..... එයා මාව දාල යන්න මේ හදන්නෙ... එයා ගියාම මම මේක ඇතුලෙ තනි වෙන එක... ඒක ගැන හිතන එක පවා මාව රිද්දුව පුදුම විදිහට... ඒක මොනවගේද කියලවත් හිතන්න ඔනේ උනේනම් නෑ මට.

රෑ වොශ් එකක් දාගෙන මම රූම් එකෙන් එලියට එද්දි එයා තනියම ඩිනර් හදනව...
මම ටිකක් එයා දිහා බලාගෙන හිටිය.... එයා අද මෙහෙම මට උයල දෙයි... එයා ලගදිම යනවනෙ... මම එතකොට මේව මතක් කර කර මේක අස්සෙ ඉන්නෙ කොහොමද... මට පුලුවන් ද ඒක කරන්න මගෙ හිතට ආවෙ පුදුම වේදනාවක්...

"එම්..........."

මම හයියෙන් එයාට කතා කරා...

"ඇයි බබා...ඔයාට බඩගිනියිද..."

එකපාරම ගැස්සිල මගෙ දිහා බලපු එයා මගෙන් හිනාවෙලා ඇහුව....

"නැහැ... මට කන්න ඕන නැ... එම්... මම ඉල්ලන්නෙ මෙච්චරයි ඔයාගෙන්... අන්තිමට ඔයා හදන්නෙ මාව මෙහෙ දාල යන්න නන්... දාල යන්න හැබැයි ඔයා යන්න කලින් මාව මරල යන්න....... ඒ.... ක... මට... ලේසියි...."

අන්තිම ටික කියගන්න බැරුව මම ආයෙත් කාමරේට ගිහින් ඇදේ පෙරලුන.... මට අඩාගන්නවත් හයියක් තිබ්බෙ නැ..... මගෙ පපුව ගොඩක් රිදෙනවා... තවත් ඔලුවට එන විකාර එක්ක මම හෙමීට ඇස් වහගෙන එහෙමම හිටිය ටිකක් වෙලා...

ටික වෙලාවකට පස්සෙ එම් ඇවිත් මගේ අත් දෙකෙන් ඇදල නැගිට්ටවගෙන කෑම කන්න එක්කන් ගියා.... මම පොඩි එකෙක් වගෙ එයා මාව එක්ක ගිහින් මාව couch එකෙ ඉන්දවපු තැනම ඉදන් බලන් හිටියෙ කෑම කන්නෙ කොහොමද කියලවත් දන්නෙ නැති ගානට...

"ඉන්න මම අද කවන්නන් මගෙ බබාට...."

එයා ලස්සනට ප්ලේට් එකක් අරන් ඇවිල්ල මට කැවන්න පටන් ගත්තා.. එයාටත් කන්න කියල මම බල කරපු නිසා ඒ ගමන්ම එයත් කන්න ගත්තා... අපි දෙන්නම ගොඩක් බඩගින්නෙ හිටියෙ දවස් ගානක්ම හරියට කාල තිබ්බෙ නැ.... කොහොම කන්නද එයා මාව දාලා යනවා නේද කියලා හිතෙද්දී.

එයා මට කවපු නිසා මම බඩ පිරෙනකල් කාලා වතුරත් බිව්වා....

"දැන් හරිද... "

එයා සර්වියට් එකකින් මගෙ කටත් පිහිදාල මගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා...
අද දවසටම අපි මෙහෙම ලන් උනෙ දැන්....

"ඔයාට දුකයි ශෙහාන් මම දන්නව... ඒත් මාත් එක්ක ඉන්න පුලුවන් ද දැන්... මට දැන් ඔයාව ඕන ඩැඩා...."

එයා couch එකේදිම මගෙ ඇග උඩ වාඩි වෙලා.... මාව ඉබින්න පටන් ගත්තෙ පිස්සුවෙන් වගෙ....







___________________________________

කෝමද 🙃

ප්‍රශ්න ඉවරවෙයි ඉක්මන්ට බය වෙන්න එපා ලමයි ❤️ ඒ උනාට කතාව දුක හිතෙන එකක් මෙතනින් එහාට ඒ නිසා ඔයාලට කැමතිනම් විතරක් කියවන්න එකතු වෙන්න මායි අයියල දෙන්නයි එක්ක 🙂

❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top