එම්ගේ හැරයාම🍂


" උබලා දෙන්නා ෆස්ට් ටයිම්.......... කොන්ඩම් නැතුවද එතකොට......😃"

" නෑ............ 😁"

කෑමට ඉදගත්ත වීර් ශෙහාන්ගෙනුයි එම්ගෙනුයි අහද්දී එම් ගත් කටටම නෑ කියලා කිව්වා. එම්ටනම් එතනදී ලැජ්ජාවක් තිබ්බෙම නෑ. ශෙහාන් හිනාවෙවී බලන් ඉද්දී එම් අනික් පැත්තට

" අපිට ඒවා ගන්න අමතක උනා නේද තමාත්....😏"

වීර් ඉස්සරහම එම් එහෙමම ඇහුවා. ශෙහාන්ට කියන්න ගියපු දේත් අමතක් උනා එම් එහෙම ඇහුවම.

" එම් තායිලන්ඩ්වල මැරි කරන්න පුලුවන්ද සේම් ජෙන්ඩර් උනහම.."

" බෑ...🙄"

" එහෙනම් මූ එක්ක ලංකාවට පලයන් එහෙදි හොදට මැරි කරන්න පුලුවන්😉.."

වීර් කියද්දී එම් හිතුවා ඒක ඇත්තක් කියලා.

" ඇයි ඔයා ඒක මට කලින් කිව්වේ නැත්තේ....🤨"

" මූට පිස්සු ලංකාවේ එහෙම බෑ...😒"

වීර් හිනාවෙනවා ඉතින් එම්ව අන්දලා.

තුන්දෙනා නිදා ගන්න ගිහිනුත් පාන්දරක් වෙනකල්ම එක එක පිස්සු දේවල් කියෝලා තමයි ඉතින් නිදා ගත්තේ.

ආදරය කියන ලස්සන හැගීම් ඔවුන්ට තේරුම් ගියේ ඒ දෙන්නට දෙන්නාව මුන ගැහුනමයි. ඒ හැගීම් එයාලව ජීවත් කෙරෙව්වා. දෙන්නට දෙන්නා නැතුව බැරුව ගියා. හැම තප්පරේම එකටම ඉන්න නිසා ටිකක් එහාටම මෙහාට උනත් ඇස් හොයන්නෙම කෝ මෙයා කියලා. ඒ උණුහුම අත අරින්න ලෝභ උනා.






ඔහොම ඉද්දී දවසක් ශෙහාන් රෑවෙලා ගෙදරට වීඩියෝ කෝල් එකක් ගත්තා. නන්ගිලා දෙන්නයි අම්මයි තාත්තයි වටවෙලා ශෙහාන් එක්ක කතා කරනවා. වැඩ වැඩි නිසා ඉදලා හිටලනේ ශෙහාන්ටත් එහෙම කතා කරන්න හම්බෙන්නේ. ඉතින් ගෙදර අයටත් හරි හැපී ශෙහාන්ව දකිද්දී. ඒ අතරතුරේ හිමීට ශෙහාන්ගේ ඔලුව ලගින් එබෙන එමීව දැකලා නන්ගි ඇහුවා ඒ කවුද කියලා. ශෙහාන් උත්තර දුන්නේ ඒ මගේ යාලුවෙක් කියලා. තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ව ගෙදර්ට අදුන්නලා දෙන්න උනේ යාලුවෙක් කියලා. ඕනම කෙල්ලෙක් කොල්ලෙක්ගේ හීනයක් තමයි තමන්ගේ ආදරේ කරන කෙල්ලව හරි කොල්ලව හරි ගෙදර්ට අදුන්නලා දෙන එක මේ මගේ කෙනා කියලා.

ඒත් ශෙහාන් කොහොම කියන්නද මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. එයාලා ඒක කොහොම පිලිගනීද.

ශෙහාන්ගේ අප්පච්චීට ශෙහාන් පුංචි කාලේ ඉදන්ම බයයි. ශෙහාන්ගේ අප්පච්චී ඉහල පෝස්ට් එකක පුටුවක් හිමි කෙනෙක්. මුලු ගමම උනත් එයාව නොදන්නවා කියන්න බැරි තරම්. ශෙහාන් වගේ පවුලේ එකම කොල්ලට බෑනෙක් ගේන්න පුලුවන් වෙයිද. ඒකනම් හිතන්න අමාරුයි. ගෙදර අයව දකිද්දී අනාගතයට එන ප්‍රශ්න ශෙහාන්ට මැවිලා පේන්න පටන් ගත්තා.

පුංචි කාලේ අප්පච්චි වැඩට ගිහින් ගෙදර එද්දී ශෙහාන් කාමරේට දුවනවා. ඒ තරම් එයා අප්පච්චිට බයයි. මෙච්චර ලොකු වෙලා කියලා උනත් ඒ බයේ වෙනසක් උනේ නම් නෑ. ශෙහාන් තාමත් අප්පච්චිට බයයි. ශෙහාන්ගේ අම්මා නන්ගිලා දෙන්නා ශෙහාන්ට පන වගේ. ශෙහාන් බය උනා දවසක මේ නන්ගිලා දෙන්නා එයාට වයිර* කරයි කියලා. කාටද තේරුම් ගන්න පුලුවන් මේ හැගීම ශෙහාන්ගේ මුලු ලෝකයම වෙනස් කරා කියලා. වෙන්දට වඩා සතුටෙන් ඉන්නේ උදේම නැගිටිනකොට මූනට හිනාවක් එන්නේ එම් නිසයි කියලා එයාලා තේරුම් ගනීද.

'අම්මේ එම් තමයි මගේ ජීවිතේ එයා නැතුව මට ඉන්න බෑ'.
වීඩියෝ කෝල් ගන්න හැම වෙලාවකම අම්මට වැදලා එම් ගැන කියන්න හිතුන වාර අනන්තයි. ඒත් එයා බය උනා මේ හැමදේම දාලා ගෙදර එන්න කිව්වොත් එයාට ආයි කවදාවත් එම්ව බලන්න වෙන්නෙත් නෑ ආයි කොහොමත්ම එම්ව හොයාගන්න වෙන්නෙත් නෑ. කෝල් එකක් හරි විඩියෝ කොල් එකක් හරි ගනිද්දී ශෙහාන් වගේම එම් පේන දේ හන්ගන් රගපාන්න පුරුදු උනා. වෙන කිසිම ප්‍රශ්නයක් එ දෙන්නට තිබ්බේ නෑ. ඒත් දෙන්නගෙම හිත් පෑරෙන්න ගත්තා පිටින් එන මේ ප්‍රශ්න නිසා.


එම්ට මල්ලියෙක් වගේම නන්ගියෙකුත් අයියෙකුත් ඉන්නවා. එම්ට උනත් තාම එයාගේ පවුලට මේ දේවල් කියන්න බැරි උනේ ශෙහාන් තාමත් තීරනයක නැති නිසයි.

ශෙහාන්ගේ පරීක්ෂාකාරී ගතිය හොදටම වැඩි වෙන්න ගත්තා. වීර්ගේ ගර්ල්ලුයි යාලුවෝ කීපදෙනෙකුයි විතරයි එයාලාගේ සම්බන්දය ගැන දැනම් හිටියේ. ශෙහාන්ගේ අයියා කෙනෙක් යුනුවසටි එකේ ඉන්න නිසා ශෙහාන් තවත් බය උනා කට්ටිය දැන ගන්නවට. ඒත් එම්ටනම හැමෝටම කියන්න ලොකූ ආසවක් තිබ්බා. ඒත් එක කරන්න බෑ එම්ට ශෙහාන්ව නැති කරන්න ඔනේ උනේ නෑ. එයා බය උනා, ඉතින් එම් ශෙහාන් වගේම සැලකිලිමත් උනා එකට ඉන්න හැමවෙලාවෙම ඒ දෙන්නගේ සම්බන්දය ලෝකයාගෙන් හන්ගන් ඉන්න.




.....................⏳💕⏳...................

දෙන්නගේ ආදරේනම් කිසිම වෙන්සක් ඇති උනේ. පුංචි පුංචි රන්ඩුත් එක්ක ඒ ආදරය එන්න එන්න තවත් වැඩි උනා.

ශෙහාන්ගේ ආදරය එම්ට ලැබුනේ හරිම වෙනස් විදිහකට. ශෙහාන් හරි‍යට පරිස්සම් උනා එයාගේ හැගීම් එම් එක්ක බෙදා ගනිද්දී. ඒ හැගීම් නිසා එම්ට වේදනාවක් නොදැනෙන ශෙහාන් වග බලා ගත්තා. එම්ගේ අතකින්වත් තදින් අල්ලන්නැති ශෙහාන් එම්ට සැලකුවේ පොඩි ලමයෙක්ට වගෙයි. එම්ට දැනුනේ එයාට කෙල්ලෙක්ට වගේ ශෙහාන් සලකනවා කියලා. ශෙහාන් ඒක පිලිගත්තා මොකද එම් හුගාක් හුරතල් වගේම සියුමැලි කියලා ශෙහාන්ට දැනුනු නිසා. ඉතින් එම්ට රිද්දන්න ශෙහාන්ට බැරි උනා.

ශෙහාන් හුගාක් ආස කලා එම්ට හෙල්ලන්න්වත් බැරිවෙන්න අල්ලගෙන ඒ මූන දිහා බලම් ඉන්න. එම්ගේ හුරත් ඇස් පියවිලා තියෙන වෙලාවට එයා හුගාක් ලස්සනයි.. ශෙහාන්ට ඔනේ උනා ඒ ලස්සන දිහා හුගාක් වෙලා බලන් ඉන්න. උණුසුම් හාදුවලින් පිරුනු ඒ හවස් යාමයම ඒ දෙන්නව හැගීම් වලින් මත් කෙරෙව්වා.

" ඔයා කෙල්ලෙක් උනානම් මේ වෙනකොට පුංචි ලස්සන බබෙකුත් හම්බෙලා..😄"

ශෙහාන්ගේ කටට නිකන්ම වගේ ආපු වචන බ්‍රේක් නැතුව පිට උනේ කිසිම දෙයක් හිතන්නේ බලන්නෙවත් නැතුවයි.

" ඔයාට ලමයෙක් හිටියනම් හොදයි කියලා හිතෙනවද...?🙄 අයි ඔයා ඔයාගේ හිතේ තියෙන දේවල් මට කියන්නේ නැතුව ඉන්නේ...😕"

ශෙහාන් ඒ දේ කටට ආපු පලියට කිව්වා මිසක් එයා ඒක ඔනකමින් කිව්ව දෙයක්නම් නෙවෙයි. එහෙම දෙයක් ශෙහාන්ගේ හිතේ පැත්ත පලාතකවත් තිබුනේ නෑ. එම් ශෙහාන්ව බදාගෙන

" මාත් ආසයි ශෙහාන් පුංචි බෝයි කෙනෙක් හදාගන්න තියෙනවනම්..🤗"

ශෙහාන් මේ වෙද්දිත් හිටයේ එක එක දේවල් ඔලුවේ තියාගෙන. ශෙහාන්ගේ හොද සිහිය උනත් මේ දවස් වල හරි අඩුවෙන් තමයි ශෙහාන් එක්ක හිටියේ..

" කරන්න පුලුවන් දෙයක් කතා කරන්න එම්😐..."

" අනෙ ඇයි බැ කියන්නේ..🙁"

ශෙහාන්ට හොදටම අවුල් ගියා. එයාට එම්ගේ මූන දිහා බලාගෙන කතා කරන්න බැරි උනා. ශෙහාන් එම්ව පැත්තකට කරලා ඇදේ අනික් පැත්ත හැරුනා.

" මම මේ හැමදාම කල්පනා කරන්නේ කොහොමද මේ දේවල් ගෙදරට කියන්නේ කියලා.. ඔයා මේ ලමයෙක් ගැන කියවන්නේ ඇයි😶."

එම්ගේ හිතේ උනත් ලමයෙක් ගැන අදහසක් තිබුනේ නෑ ශෙහාන් කටට ආපු වෙලාවේ කිව්වමයි එම්ට හිතුනේ ශෙහාන් උනත් කැමති ඇති ලමයෙක්ට කියලා. ප්‍රශ්නේ තවත් දුරදිහ යන්න පටන් ගත්තා. ශෙහාන් අනික් පැත්ත බලාගෙන ඉද්දී

" මන් දිහා බලන්න ශෙහාන්🤨.."

කවදාවත් නැතුවම එම් ටිකක් සැරෙන් කතා කලා. ශෙහානුත් කේන්තියෙන්ම්ම වගේ එම් දිහාවට හැරිලා

" ඇයි🤨..."

" දැන් මගේ දිහා බලල මට කියන්න ඔයා මට ඇත්තටම ආදරෙයිද නැද්ද කියලා..."

" මම ආදරෙයි එම්.. ඇයි ඔයාට හිතෙනවද මම ආදරේ නෑ කියලා.. එහෙනම් මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දිත් ඔයා එක්ක මෙහෙම ඉන්නේ නෑනෙ... ඔයාගේ රටේ අයටනම් මේවා සමහරවිට සාමන්‍ය ඇති.. ඔයාගේ අම්මලා මට තරම්ම ඔයාට ප්‍රෙශර් එකක් දීලා නෑනේ.. ඉතින් ඔයාගේ මට්ටමෙන් මගෙ දිහා බලන්න එපා.."

එම්ට දැනුනේ පුදුම වේදනාවක්. එයාට කියාගන්න බරි උනා ඒ වචන කොච්චරනම් එයාව රිද්දුවද කියලා.

ඒත් ශෙහාන්ගේ ඔලුවේ කැරකුනේ අප්පච්චිගේ හාර්ට් එකේ ඔපරේශන් එකත් කරලා, අම්මා වැකේශන් එකට හරි ගෙදර එන්න කියලා තිබුන එක ගැන. ශෙහාන් එහෙම ඉද්දී එම්ට තවත් දුක හිතුනා. එම්ගේ කම්බුල් හොදටම රතුවෙලා අඩන්න වගේ.. එම් ශෙහාන්ට ලන්වෙලා ශෙහාන්ගේ පපුවට තුරුල් උනා.

" අනේ ඔහොම කියන්නෙපා..මම ඔයාට ආදරෙයිනේ..."

ශෙහාන් එකපාරටම එම්ව තල්ලු කරලා ඇදෙන් නැගිටලා අතට අහුවෙන ඇදුමක් ඇදගෙන රූම් එකෙන් යන්න ගියා. ශෙහාන් එලියට එද්දී වීර් මොනාහරි ශෙහාන්ගෙන් ඇහුවා. ඒත් ඒක ශෙහාන්ට ඇහුනේ නෑ. ශෙහාන්ට හොදටම තරහා ගිහින් තිබුනා. එම්ට ඇහුනා ශෙහාන් වීර්ට

" මේක ඇතිවෙලා තියෙන්නේ.."

කියලා කේන්තියෙන් කියාගෙන බැල්කනි එකට ගියා.
එම්ට දැනුනේ කොහෙන්වත් ආපු නොදන්න කෙනෙක් වගේ ශෙහාන් කතා කලා වගෙ කියලා. ශෙහාන් එයාව එහෙම රිජෙට් කරාම එම්ට කොහොමටවත් දරා ගන්න බෑ. එම්ගේ ඇස් වේදනාවෙන් මිරිකුනා. ඒ ඇස් වලට කදුලු පිරුනා තවත් දරාගන්න බැරි තැනම කොට්ටෙට මූන තියාගෙන එම් ඉකි ගගහා අඩන්න පටන් ගත්තා. හුගාක් වෙලා ඒ දෙන්නා දෙපැත්තට වෙලා මෙහෙම හිටියා.

දෙන්නා සම්බන්දේ පටන් ගත්තට පස්සේ වීර් ඒ දෙන්නගේ ප්‍රශ්න වලට කතා කරලම නෑ. ඒත් මේ ප්‍රශ්නෙදි වීර් ආවා එම් ලගට.

" මම ඇතුල්ට එන්නද එම්..."

මේ වෙනකොට වීර්ට හන්ගන්න කියලා කිසිම දේකුත් තිබ්බේ නැති නිසා එම් බෙක්ශීට් එකෙන් ඇග ඔතාගෙන වීර්ට ඇතුල්ට එන්න කිව්වා.

" ඇඩුවද ඔයා... මොකක්ද ප්‍රශ්නේ... කියන්න පුලුවන් දෙයක්ද.."

වීර් එම්ගෙන් ඇහුවම එම් කිව්වා ශෙහාන් එයාට මෙහෙම කතා කලා කියලා.

" ඔහොම තමයි බැදලා ලමයි ඉන්න ගෙවල් වලත් ප්‍රශ්න නැතුව නෙවේනේ.. ඕක හිතන්න තරම් දෙයක් නෙවෙයි ඉතින්. ගනම් ගන්න එපා... ඔයා එයාට කන්න එන්න කියන්න එයා පව්.. බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා.."

ශෙහාන් එහෙම ඉද්දී එම්ට තවත් දුක හිතුනා. එයා එම්ට ආදරෙයි කියලා එම්ගේ හිත කොහොමත් දන්නවා. ඉතින් එයාට ඔනේ උන් නෑ ශෙහාන්ව තවත් එහෙම තියන්න. ඉතින් එම් ශෙහාන් ලගට ගිහින්

" ශෙහාන්... කන්න එන්න..."

ශෙහාන්ව දකිද්දී එයා එම්ව ප්‍රතික්ශේප කලා වගේ හැගීමක් දැනුනා. එයා එවෙලාවේ කිව්ව දේවල් ආයෙත් ඔලුව පුරා දෝන් කාර දෙන්න පටන් ගත්තා. එම් ශෙහාන් ලගට නොයාම කන්න එන්න කියලා කිව්වා.
එම්ට උනත් තිබ්බේ එයා කොල්ලෙක්, එයාට කියලත් ආත්මගරුත්වයක් තියෙනවා නේද කියන එක.
එයා උනත් ශෙහාන්ගේ අතේ එල්ලිලා හුරතල් වෙවී පාරේ යද්දී එම් දිහා මිනිස්සු බලන විදිහට එම්ට හැඩ ගැහෙන්න පුරුදු උනා. ඒ ශෙහාන්ට තිබුනු ආදරේ නිසා. ශෙහාන් වගේම එම්ත් පිටතින් මූන දුන්න ගැටලු තිබ්බේ නැතුවම නෙවෙයි. ඉතින් එහෙම හැඩගැහුනු මටනේ එයා එහෙම කතා කලේ කියන දේ එම්ට දැනුනා.

කෑම කන්න ගිහින් එම් ශෙහාන් දිහා බලන් හිටියේ එයා කොයිම වෙලාවක හරි මොනා හරි කියයි කියලා බලාපොරොත්තුවෙන්. ඒත් ශෙහාන් මොකුත්ම නොකියා හිටියා. ශෙහාන් වීර් එක්ක එක්සෑම් ගැන කතා කරන්න ගත්තා. ශෙහාන්ගේ හිත කිය කිය හිටියේ කෑම කාලා ඉවරවෙලා එම්ට සොරි කියනවා කියලා. ශෙහාන්ට බෑ මෙච්චර වෙලා එම් එක්ක තරහා වෙලා ඉන්න. ඉක්මන්ට යාලු කරගන්න ශෙහාන්ගේ හිත තවත් බල කලා.

ශෙහාන් රූම් එකට යද්දී එම් තරහෙන් මූනත් රතු කරගෙන බෙක්ශීට් එකයි කොට්ටෙයි අරගෙන රූම් එකෙන් යන්න හැදුවා.

" ඔය කොහෙද යන්නේ.."

" මම එලියේ ඉන්නම්.. ඔයට මම අද දවස දෙන්නම්.. හරියට තීරනයක් අරන් කියන්න මොකක්ද කරන්නේ කියලා.. මමත් මනුස්සයෙක් මටත් ෆීලින්ග්ස් තියෙනවා..😑"

" දවසක් ඔනේ නෑ... කතා කරමු මෙතන.. "

ශෙහාන් එම්ව නවත්තගෙන කතා කරා. එම්ට හොදටම කේන්ති ගිහින් තිබුනා.
ඒ වෙනකොටත් එම් හිතන් හිටියේ එයාගේ අයියට මේ සම්බන්දය ගැන කියන්න. ඒත් ඒක හිතන තරම්ම ලේසි දෙයක් නෙවෙයි. එම්ගේ අයියා එම් පුංචි කාලෙදිමයි යුනිවසටි ගියේ ඉතින් දෙන්නා අතරේ ලොකු සම්බන්දයක් තිබුනේ නෑ. එකපාරටම කතා කරකා ගහෙන් ගෙඩි එන්න වගේ මේ වගේ දෙයක් කියද්දී එයා මොනා කියයිද කියන බය එම්ට තිබ්බා.

" මම මේ දැන්ම අයියට කියනම් අපේ සම්බන්දය ගැන ඔයාත් මේ දැන්ම ඔයාගේ පවුලේ වැදගත් කාට හරිත්, මේ ගැන කියන්න එතකොට අපිට තවත් දුක් වෙන්න දෙයක් නෑනේ.."

එම් ෆෝන් එක ශෙහාන්ට දික් කරගෙනම කියද්දී ශෙහාන් ෆෝන් එක අතට අරගෙන ඒක දිහා බලාගෙන හිටියා. මේ හැමදෙයක්ම වීර් රූම් එකට වෙලා අහන් හිටියා. දෙන්නට දෙන්නගේ ප්‍රශ්නේ විසද ගන්න දීලා එයා රූම් එකටම වෙලා හිටියා එලියටවත් එන්නේ නැතුව.

එම් හිතුවා ශෙහාන් කල්පනා කරන්නේ කාටද කතා කරන්නේ කියන එක වෙන්න ඇති කියලා. ඒත් ශෙහාන් කල්පනා කරේ කාට කියලා මොනා කියන්නද කියලා. අප්පචිත් අසනීපෙන්, ඉගෙන ගන්න වයසේ ඉන්න නන්ගිලා දෙන්නට කියලත් එයා මොනා කියන්නද.. එතකොට අම්මට කියනවට වඩා හොදයි එයා මැරිලා යන එක කියලා ශෙහාන් පිස්සුවෙන් වගේ කල්පනා කරන්න ගත්තා. අම්මා කෑ ගහලා ගෙදර ගෙන්නගෙන බලෙන්ම කෙල්ලෙක්ට බන්දලා දෙන්න යන හැටි ශෙහාන්ට මැවිලා පෙවුනා.

එම් බලාගෙන හිටියා ශෙහාන් කාට හරිම කොල් කරනකල්. ඒත් එකපාරටම ශෙහාන් එම්ව රූම් එකට යන දොරට තියලා තද කර ගත්තා.

" නෑ මම කාටවත් කතා කරන්නෑ...මට ආයේ ඔක ගැන කියන්න එන්න එපා... නැත්තම් මම යනවා යන්න ආයේ පෙන්නවත් එන්නෑ..."

එම්ගේ කකුලට ශෙහාන් කකුල හරස් කරලා දනිස්ස තද කරගෙන එම්ව තදින් අල්ලගෙන් හිර කරගත්තා. එම්ට ඒක හොදටම රිදුනා.

" මට රිදෙනවා ශෙහාන් අතඅරින්න..."

ඒත් ශෙහාන් එයාව අත ඇරියේ නෑ.. ශෙහාන්ට මෙච්චර තරහා යනවා එම් කවදාවත් දැකලා නෑ. එම්ටත් හොදටම කේන්ති ගියා. එතකොටම වීර් රූම් එකෙන් ඇවිත්

" එම්..."

කියලා කෑ ගැහුවා. වීර් ඉක්මන්ට ඇවිල්ලා ශෙහාන්ව එම්ගෙන් එහාට තල්ලු කරලා එම්ව ඇදලා අරගෙන් රූම් එක ඇතුලට තල්ලු කලා.

එම් ඒ වෙලාවෙම බෑග් එකට ඇදුම් ටිකත් දාගෙන ශෙහාන් දිහාවත් නොබලා යන්න ගියා.


____________________________________
Hi gyz... 😃

ඉවරාආආආආආආයි 😂

නෑ නෑ ඉවර නෑ... තව කොටසක් දෙන්න පුලුවන් කියලා හිතුන නිසා ඔන්න කෑලි දෙකකට කැඩුවා. හෙට හම්බෙමු එහෙනම්...

ආ මේ ඊයේ චැප්ටර් එකේ මන් yoonmin කියලා නේද කිව්වේ අපේ අක්කගේ කතාව. අනේ සොරි ලමයි ඒක yoonkook එකක්.. මොකක්ද......... yoonkook හොදේ... 😕 අනේ සොරි.. දන්නැද්ද ඉතින් මටත් වැරදෙනෝනේ... වරදක් කලත් සිතකින් නොවේ කියලා ගිහින් ඒක කියොවන්ට... 😯😁😉😝
💕
Ishki..

Bạn đang đọc truyện trên: AzTruyen.Top