ආරම්භය 🍂 <1ˢᵗ ᵖᵃʳᵗ ᵉⁿᵈ>
කවුද හරි... කවුද වැරදී... දෙන්නටම තිබ්බේ කවුද හරි කියන දේ...... ඒත් ඇත්තටම බැලුවම වැරැද්ද එයාලා දෙන්නගෙම නෙවෙයි.
ශෙහාන්ගෙ පුංචි වෙනස්වීමත් එම්ට හරියට දැනෙනවා. එම් වගේම ශෙහාන්ටත් එහෙමමයි.
එම් ශෙහාන් එක්ක තරහා වෙන හැම වෙලාවකම එයාටම දුක හිතිලා දූලා ගිහින් ආයිමත් ශෙහාන්ව යාලු කරගන්නවා. ශෙහාන්ට උනත් එම්ව තරහා කරගෙන මහා වෙලාවක් ඉන්න බෑ. එයාගේ හදවතටන එක මොහොතක්වත් ඉන්න බෑ.
දෙන්නා අතරේ ඉදලා හිටලා වෙන පුංචි පුංචි රන්ඩූ හරිම ඉක්මනින් ඉවර වෙනවා. ඒත් අද... ඒක ඉවර උනේ එම් එපාර්ට්මන්ට් එකෙනුත් ගිහිල්ලයි. තරහා කියන දේ ඕනම කෙනෙක්ට හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ඒක තමන්ව පාලනය කරන්න ගත්තම මොනා කරනවද කියන එකනම් එයාවත් දන්නේ නෑ.
ශෙහාන්ගේ ඔලුව ඇතුලේ හුගාක් ප්‍රශ්න තිබුන නිසා එයාට එවෙලේ තරහා ගියපු එකනම් සාමන්‍යයි. ඒ වගේම එම්....
හරියටම කවුද කියලවත් නොදැන, කොහෙන් ආවද කියලවත් හරියටම නොදැන , තමන්ගේ රටේ කෙනෙක්වත් නොවෙන , කවදාවත් දැකලවත් නැති , නොදන්න රටක කෙනෙක්ට මහා ගොඩාක් ආදරෙන් බැදුනම ඒ හැගීම කොයිවගේද කියන්න හරිම අමාරුයි.
ශෙහාන් එයාව ගනම් නොගෙන හිටිය කාලය ඇතුලත එම් හුගාක් විදෙව්වා එයාගේ ඒකපාර්ශවික ආදරය කියාගන්න බැරිව. එයා හුගාක් වේදනාවෙන් මිරිකුනා. ඉතින් ඒ තරම් වේදනාව අත් විදපු එම්ට ශෙහාන් ඒ වගේ කතා කරහම පපුවට පිහියෙන් අනිනවා වගේම තරම් වේදනාවක් නොදැනෙයිද. ශෙහාන් එයාව රිජෙක් කරලා කතා කරහම එම්ට දරා ගන්න බැරි දුකක් වගේම ගොඩාක් තරහා යන එකත් සාදාරයි.
............................⏳..........................
දැන් දවසකුත් ගත උනා. එම් තාමත් කම්බුල් දිගේ ගලන කදුලු දෑතිනම පිහිදදා ඒ දෙන්නගේ ෆොටෝස් දිහා බලන් ඉන්නවා. පලවෙනියටම හම්බුනු දවසේ ඉදම් අද ඊයෙර් වෙනකල් වෙච්ච දේවල් මතක් වෙද්දී එම්ට හිතුනා හැමදේම මෙහෙම ලේසියෙන් ඉවර කරන්නද මම එච්චර එයාට ආදරේ කියලා.
තරහා ගිහින් ශෙහාන්ව දාලා යන්න ගියපු එම් එකපාරටම ආන්ටි ලගට යන්න බැරි නිසා එවෙලාවේ ගියේ එපාර්ට්මන්ට් එක ලගම ඉන්න යාලුවෙක් ලගට. වීර් විතරයි දැනම් හිටියේ එම් කොහොද ගියේ කියලා. ශෙහාන් වීර්ගෙන් ඇහුවත් වීර් කිව්වේ නෑ එම් කොහෙද කියලා.
ශෙහාන්ගේ තරහා නිවෙද්දී ශෙහාන්ට පුදුම විදිහේ පසු තැවීමක් ඇති උනා.
ඒත් දැම් එයා ගිහින් ඉවරයි.
කෝල්ස් ගත්තා ගත්තා ඒත් ෆෝන් එක ඕෆ් කරලා.
ඒ හැමදේම ඉවරයි.
ශෙහාන් කල්පනා කලා
'එයා කොහේ යන්න ඇද්ද.. මා එක්ක හුගාක් තරහෙන් ඇත්තේ.. එයා වැරදි නෑ.. එයාත් පව්.. මාත් පව්... අපි දෙන්නට කවදා හරි මේ ඇත්තට මූනදෙන්න වෙනවා නේද එම්...
මගේ ගෙදර, මගේ පවුල විතරක් නෙවෙයි, මගේ ගම මගේ රට මාව කොහොම පිලිගනීද..
ඒකට කමක් නෑ කියලා මන් එදා ඔයාට ලන් උන එක ඇත්ත එම්... ඒත් මේ සමාජය හරි දරුනුයි... හැමෝම එක වගේ හිතන්නෑ.. මගේ අම්මාට තාත්තාට මේ දේවල් ගැන එහෙම ලොකු දැනුමක් නෑ. එයාලාට ඒක කොහොමත් තේරුම් ගන්න අමාරුයි. කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්වයි ගේන්න යන්නේ කිව්වම මගේ පුංචි නන්ගිලා දෙනා මට වයිර කරාවී...
එම්...
එයාලා අවුරුදු 20ක් මාව ආදරෙන් බලා ගත්තා. මගේ අප්පච්චි මට ඔන හැමදේම දුන්නා. මගේ අම්මා මට දුන්න ආදරේ මගේ නන්ගිලා මට දුන්න ආදරේ... එම් ඔයාට ඒක තේරෙනවාද... එයාලා මේක දැන ගත්ත දවසට ඔයාගෙන් මාව වෙන් කරයි එම්...
මට බයයි එම්..
ඉගෙන ගත්තා ඇති දැන් ගෙදර එන්න කියලා අම්මා කෑ ගහලා මාව කෙල්ලෙක්ට බන්දලා දෙන්න හදයි. මන් එතකොට මුලු ජිවිත කාලෙම විදවයි එම්... මට බෑ ඔයා නැතුව ඉන්න...
මන් නිකන් හරි කෙල්ලෙක්ව බැන්දොත් ඒ කෙල්ලට මන් කරන්නේ ලොකු වැරැද්දක්... මගේ ආදරය ඒ කෙල්ලට ලැබෙන්නෑ... මොකද මගේ හදවත මගේ ගත මගේ හිත... හැමදේම අයිති එම් ඔයාට නිසා ඒ කෙල්ලට මගෙන් වෙන්නේ ලොකු වැරැද්දක්. මගේ පවුල මන් වෙනුවෙන් මෙච්චර දෙයක් කරලත් මට එයාලව අත අරින්න උනොත් මන් මොකද කරන්නේ... එයාලා මාව කවදා හරි පිලිගනීද එම්... නේ මන් දන්නෑ... මට එයාලවත් ඔනේ....
එම්.... ඔයා කොහෙද...අනේ මට සමාවෙන්න... '
ශෙහාන් මුලු රෑම එක එක දේවල් කල්පනා කලා. එම් නැති ජීවිතේ කොහොම ගෙවන්නද කියලා ශෙහාන්ට හිතාගන්නවත් බැරි උනා. කල්පනා කරලා කරලා ශෙහාන්ටත් නොදැනිම අන්තිමට පාන්දරක් වෙද්දී ඒ ඇස් පිය උනා. ඒ හිත හොදටම රිදිලා. පසුතැවීම් වේදනාවන් හැරයාම් ඒ හිත හොදටම අඩපන කරලා.
........................⚡.....................
උදේම නැගිටිනකොට හම්බෙන උණුසුම් හාදු අද නෑ.
හුරතල් හිනාව එයාගේ පපු තුරුලේ අද නෑ. ඒ සුවද ඒ ලස්සන ඇස් අද ශෙහාන් ගාව නෑ.
එම් හුගාක් පුරුදු වෙනස් කරගත්තා ශෙහාන් එක්ක එකට ඉන්න පටන් ගත්ත කාලෙදී. වෙන්දට උදේම නැගිටලා ජොකින් පාත් එකේ දුවපු එම් හවසට ශෙහාන් එක්ක ජිම් එකට යන්න පුරුදු උනා. මේවා මත්ක් වෙවී උදේට නැගිටිනකොට ශෙහාන්ට පිස්සු වගේ. මේ දේවල් හිනෙන් වගේ මැවිලා පේවුනා.
'එයා මාත් එක්ක හිටියනම් කොච්චර හොද්ද '
ශෙහාන් කල්පනා කර කරම ආයෙමත් ඇදට වැටිලා මූන හන්ගගත්තා. ඒ හිත හරි සංවේදී. කාටවත් තමන්ගේ හිතේ තියෙන දේ කියන්නැති ශෙහාන් හැමදේම හිතේ හිර කරගෙන විදෙව්වා.
ෆෝන් එක අතට ගන්න හැම වෙලේම ඩයල් කලේ එම්ගේ නම්බර් එක. උදේ ගත්ත කෝල් එකවත් එම් ආන්සර් කලේ නෑ. එයා තාමත් තරහෙන්. ශෙහාන්ට එම්ව හොයා ගන්නත් බෑ.. එයා දැම් හරිම අසරනයි.
එම් කල්පනා කලේ මෙච්චර ලන්වෙලා දවසක එයාලට එයාලගේ රටවල් වලට හදිස්සියෙම යන්න උනොත් එදාට දෙන්නටම දරා ගන්න අමාරුවෙයි නේද කියලා. එම් වැඩිපුරම කලේ සිංදු අහපු. හිත හදා ගන්න හොදම බෙහෙත ඒක විතරයි කියලා දන්න එම් හැම වෙලේම සිංදු ඇහුවා. ඒත් එම්ටම තේරුම් ගියා එයා පිස්සෙක් වෙලා ඉවරයි කියලා. හරියට කන්නේ බොන්නේ නැතුව බලා ගත්තු අතේ බලාගෙන කල්පනා කරන්න පටන් අරගෙන.
'එයා දැම් මොනවා කරනවා ඇද්ද.. එයාව හුආගක් මතක් වෙනවා.. එයාට මාව මතක් වෙනවත් ඇති. එකට හිටපු හැම තප්පරයක්ම කොච්චර සුන්දරද... එයාගේ හිනාව.. උණුහුම... හැමදේම මතක් වෙනවා... '
මේක හරිම අමාරුයි... ඈත් වෙලා ඉන්න එක තරම් වේදනාවක් තවත් කොයින්ද...... ශෙහාන් නැතුව තවත් ඉන්න බෑ කියලා එම්ට හොදටම තේරුම් යන්න පටන් ගත්තා. හිත හදා ගන්න හැදුවත් ඒක කරන්න බැරි වග තේරුනා.
.......................දැන් හරියටම සතියක් වෙනවා දෙන්නා දෙපැත්තට වෙලා. ඒක ලොකූඋ කාලයක් වගෙයි දෙන්නටම දැනුනේ.
කටහඩවත් මූනවත් නොබලා සතියක්...
" මේ වැඩේ හරියන්නෑ බන්.. මන් එයාට ප්‍රපෝස් කරනවා.."
" හෑ....😳 "
" ඔව් මන් එහෙම කලොත් එයා ආයිමන් මන් ලගට එයි නේද....😥 "
" එහෙනම් බන් හොද මුද්දක් හොයා ගනින්.. එතකොට බැන්දා වගේ තමා.. 😜"
"එච්චරටම මන් ලග සල්ලි නෑ මේ වෙලාවේ බන්... ඒත් මට එයාට මුද්දක් දාන්න ඔනේ..."
" හරි බන් මන් දෙන්නම්.. උබ මුද්දක් ගනිම්.."
" නෑ... නෝමල් එකක් ගන්න මන් ලග තියෙනවා.. මන් එයාට මොකුත් දුන්නෙත් නෑනේ..."
ශෙහාන්ට ඔනේ උනේ එයාගේ සල්ලිවලින්ම එම්ට මුද්දක් අරගන්න.
"එහෙනම් හෙටම ගිහින් මන් මුද්දක් ගන්නවා..."
ශෙහානුයි වීර්රුයි ලෙච්චස් ඉවර වෙලා එපාර්ට්මන්ට එකට යන්න පිටත් උනා. එපාර්ට්මන්ට් එක ලගදී දැක්ක දෙයින් ශෙහාන් ටිකක් ගල් උනා. තවත් විනාඩියක් වත් යන්න කලින් ඒ ඇස් පුදුමයෙන් වගේම සතුටෙන් බැබලුනා.
හුරුපුරුදු උනුහුම පපුතුරුලේ හුරතල්ව මූන හන්ග ගත්තා.
ඔව් එයා ආයිමත් ඒයගේ ආදරෙ ගාවට ඇවිත්..
ශෙහාන්ව දැක්කගමන් දුවගෙන ආව එම් ශෙහාන්ව තදින්ම බදා ගත්තා.
" මට බෑ... 😫 මට බෑ ඔයා නැතුව ඉන්න.... මට මැරෙන්න හිතෙනවා. ආයේ මම ඔයාගේ හිතට දුක හිතෙන දේවල් කියන්නෑ... ඉන්න පුලුවන් කාලයක් මා එක්ක ඉන්න... කරන්නම දෙයක් නැතිවෙන දවසට බලමු මොකද කරන්නේ කියලා..."
ශෙහාන්ට තවත් මොකුත්ම කියන්න ඔනේ උනේ නෑ.. *එයාගේ එම් එයා ලග.. එයාගේ ඉස්සරහා... එයාගේ පපුතුරුලේ... ඒ හුරතල් ඇස් ආයෙමත් එයා ලග... *
එම්ගේ ඉනවටා එතුන ශෙහාන්ගේ අත් ලිහිල් වෙලා එම්ගේ කම්බුල් වලට දිව්වා. ඒ ඇස් වල තිබුනු ආදරය ශෙහාන්ට ආයෙමත් හැම ප්‍රශ්නයක්ම අමතක කෙරෙව්ව. තවත් බලානොයිද දෑතින්ම එම්ව උස්සගත්ත ශෙහාන් එයාලගේ රූම් එකට එම්වත් අරගෙන ගියා.
°_නිමි_°
__________________________________
Hi gyz... ❤️
එහෙනම් මේක තමයි කතාවේ අවසානය...
හ්ම්....සෝ සෑඩ්...... ☹️
ජෙන්ඩර් එක ආදල නැති ඒ ආදරයට එක වහලක් යට ජීවත් වෙන්න දෙමාපියන්ගේ අවසරය කවදා හරි ලැබෙයිද...?
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top