අන්තිම විසදුම 🍂
* No one pov *
26 එහෙන් එන ෆලට් එකෙන් එම්ට යන්න වෙනවා. දැන් එම්ට යන්නම වෙනවා. ඒ දවසට හුගාක් ලන්වෙලා තිබුනා. තවත් මහා කාලයක් නෑ හරියට තව දවස් හතක් විතර වගෙයි එයාලට තිබුනේ.
ෆ්‍රීස් වෙන්න තරම් සීතලක ශෙහාන් එම් දෙන්නා මේ එපාර්ට්මන්ට් එක ඇතුලට හිර උනා. හුස්මගන්නත් අමාරුයි වගේ දැන් දෙන්නටම දැනුනා. ටිකක් එලියට බැහැලා ඇවිදින්න කියලා හිතන් දෙන්නා ඔහේ ඇවිදන් ගියා.
දෙන්නටම දැනුනේ එයාලගේ සතුට කවුරුහරි හොරකම් කරලා වගෙයි. හරියට සෑඩ් ෆිල්ම් එකක ජීවත් වෙනවා වගෙයි. අවසානය මෙච්චර ඉක්මනට දකින්න උන එක ගැන තාමත් ඒ දෙන්නට හිතා ගන්න බැරුව හිටියා.
දවස් ගත වෙනවා ඒ දෙන්නටවත් නොදැනිම. කරන්න කිසිම දෙයක් නෑ එපාර්ට්මන්ට් එක ඇතුලේ දෙන්නම ඔහේ දෙපැත්තක් බලාගෙන ඉන්නවා. කම්මැලි කමේ ඉන්නැතුව සිංදුවක් කියන්න කිව්වත් එම් බෑ කියලා නිදා ගන්න ගියා. පුදුම විදිහට ඒ හිත් කැඩිලා තිබුනා. ශෙහාන්ට බෙඩ් රූම් එකෙන් එලියට ඇවිත් ෆෝන් එක ඔබන්න ගත්තා. බෙඩ් රූම් එකට යන්න බෑ කොල්ලගේ මූන දැක්කම අඩන්න තරම් දුක හිතෙනවා.
එම් එයාගේ ඩැඩීට බයයි. හුගාක් සංවේදී කෙනෙක් විදිහට හැදුනු වැඩුනු එම්ට මේ වගේ දේවල් දරාගන්න එකම එයාගේ අහිංසක හිතට හරිම අමාරු දෙයක් උනා.
කාටවත් නොකිව්ව හුගාක් රහස් එයා ලග තිබුනා. ශෙහාන්ට ඒ දේවල් නොකියා ඉන්න එම් හිතාගෙන හිටියේ ශෙහාන් ඔනාවට වඩා ඒ ගැන හිතයි දුක් වෙයි යන හැගීම එම්ට් දැනුනු නිසයි. එම්ගේ ඩැඩ්ට ඒ දෙන්නා ගැන කියන්න බෑ මාම්ට කොහොමත් බෑ කියන එකයි එම් ශෙහාන්ට කිව්වේ. පැටලිලි සහගත උනත් ශෙහාන් තේරුම් ගත්තා එයාගේ ජිවිතේ දේවල් හාරවුස්සන්නේ නැතුව එම් ලගින් පුලුවන් තරම් කාලයක් ඉන්න. එම් කියන්නේ කොයිවගේ කෙනෙක්ද කියලා දන්න ශෙහාන් ඔන්නැති කිසිම දෙයක් එම්ගෙන් අහන්නැතුව හිටියා. කෝම හරි ඩෑඩ්ට කියන්න බැරි නිසා ආන්ටිටහරි මේ දේවල් කියලා විසදුමක් හොයා ගන්න තිබ්බනම් කියලා එම් දිගටම කල්පනා කලා. ඒත් ශෙහාන් හිටියේ පුදුම දෙගිඩියාවෙන්. මේ දේ හරියයිද කියලා ශෙහාන්ට සැකයි. හැමදේම නරකට උනොත් ඉක්මන්ට එම්ට යන්න වෙයිද...?? හිතනකොටත් පිස්සු වගෙයි. ආන්ටි එක්ක කතා කරන්නම් ශෙහාන්ගේ හිත තවම හැදුනේ නෑ.
* Shehan's pov*
එම්ගෙ ඩෑඩ් හිතපු තරන් ලේසි මනුස්සයෙක් නෙවෙයි... කොහොමත් මගෙ පවුලෙ විස්තර, එයාලගෙ හැටි, එමී එක්ක මම කිව්වට එමී මට එයාගෙ ෆැමිලි එකෙ විස්තර කියල තිබ්බෙ ගොඩක් අඩුවෙන්.. පවුල ගැන දැනගන්න එක මට වැඩක් නැති නිසා එයා නොකියන ඒව අහන්න ගියෙත් නැ මම...
එයාගෙ ඩෑඩ් එහෙ යුනිවර්සිටි එකක ශෙයා හෝල්ඩර් කෙනෙක්, හරියටම කිව්වොත් එමී එහෙ හයි ෆැමිලි එකක. එම්ට ඩෑඩ් එක්ක ලොකු සම්බන්ධයක් නැ කිව්වා. එයා මමා එක්ක තමයි ගොඩක්ම වෙලාවට කතා කලෙත්. ඒත් එමී ඩෑඩ්ට බයයි. මම අපෙ අප්පච්චී ට බයයි වගෙම. එයා දිගින් දිගටම එම්ට කතා කරල බල කරා ෆැකල්ටි එකත් වහල ඉතුරු ස්ටඩීස් සේරම ඔන්ලයින් කරගන්න පුලුවන් නන් මෙහෙ හිරවෙලා ඉන්නෙ මොකද එහෙ එන්න කියල. ඇත්තටම ඒකෙ කිසි වැරැද්දක් නැහැ. තිබ්බ තත්වෙ එක්ක යුනිවර්සිටි පවා දින නියමයක් නැතුව වහල තිබ්බෙ.
අපෙ සිටි එකෙ තාමත් ලොකු ප්‍රශ්නයක් නෑ ඒත් අපි ඉන්න රට ටිකින් ටික කඩන් වැටුනා. ඉතින් එයාගේ ඩැඩී එයාගෙ රටේ කිසිම ප්‍රශ්නයක් නැති නිසා එහෙම බලද්දි එයා මෙහෙ ඉන්නම ඕන කියද්දි ඒක ගැන ප්‍රශ්න කරන එක සාදාරනයි 😒
එම්ව යවන්න😑 ඒ ගැන හිතන එක පවා මාව පිස්සු වැට්ටුව,, දවසින් දවස ගෙවෙද්දි ෆ්ලයිට් එකට බලෙන්ම ඩෑඩ් එම්ට ටිකට්ස් බුක් කරල තිබ්බා.
අපි දෙන්න දවස් ගෙව්වෙ හීනෙන් වගෙ. ඔහෙ නැගිටල කාල බීල බලන් ඉන්නවා.
එම් ගෙදර යන එක ගැන කතා කරන්නවත් කැමති උනෙ නෑ. එහෙමයි කියල ආන්ටි ට කියමු කියන decision එකට යන්න මම බය උනා. මොකද එහෙම කියල තත්වෙ තියනවටත් වඩා අවුල් වෙන්න හොදටම ඉඩ තියෙන නිසා...😔
ඒත් එයාට යන්න දෙන්න, ඒක මට කරන්න පුලුවන් දෙයක් උනෙ නැ. මේ ටිකේම අපි දෙන්න ජීවත් උනේ කිසිම හැගීමක් නැති මිනිස්සු දෙන්නෙක් වගෙ. දවසක් උදේක මම නිදාගෙන ඇහැරුනාම එමී මන් ලගට ආව.
"Shehan good morning..."
එයා මට එයාගෙ මෝනින් කිස් එක දෙන ගමන් කිව්ව.
වින්ටර් සීසන් එක ලංවෙනගමන් තිබ්බෙ ඒ නිසා මෙහෙ ගොඩක් සීතලයි මේ කාලෙට. රෑටයි උදේටයි එය තමයි මගෙ හීටර් එක උනෙ.. එයා හරිම සොෆ්ට් වෝමර් කෙනෙක්...😌❤️
රෑට ඇදගන්න කිසිම ඇදුමක් normally උදේට මගෙ ඇගෙ හොයාගන්න නෑ..🙃
ඒ නිසා උදේට එයා මගෙ ලග තියාගන්න එක තමා මගෙ වෝර්ම්අප් exercise එක උනෙ..😅
"Good morning babe....😴😴"
මම එයාගෙ හූඩි එක අස්සට එබිල වෝම් වෙන්න ට්‍රයි කරන ගමන් කිව්ව...
"අහන්නකො බබා...හෙට මාත් එක්ක ගමනක් යමුද🙂???"
එම් එයාගෙ ස්වීට් වොයිස් එකෙන් ඇහුව..😌
" ගමනක්...!!🙄කොහෙද..?? "
මම හූඩි එක අස්සට අමාරුවෙන් දාගත්ත ඔලුව ආය එලියට අරන් ඇහුව..😒
"ආන්ටිව මීට් වෙන්න..😊😊"
"හ්ම්...😟 මාත් එන්න ඕනද...🙂💔"
"ඔයා එන්නෙ නැතුව කොහොමද 🤨 මම අපි දෙන්න ගැන එයාට කියල කොහොමහරි එයාව කැමති කරගෙන ඩෑඩ්ට කතා කරවන්න හිතන් ඉන්නෙ..🙄"
"එයා තේරුන් ගනියිද..😒..එයාට ඉන්නව නේද බාබි ඩෝල් කෙනෙක් වගෙ daughter කෙනෙක්...🙊 එයාට ඔයාව මැරි කරල දෙන්න අදහසක් තියන් ඉන්නව වෙන්නත් පුලුවන් එයා..😐"
මම ආපහු එයාව බ්ලැන්කට් එක ඇතුලට ඇදල ගන්න ගමන් කිව්ව...
"ඩෝන්ට් ටෝක් නොන්සන්ස් idiot...😣"
එයා තරහ ගිහින් වගෙ ඇක්ට් කරන්න ගියාට එයාටම හිනා මම කිව්ව කතාවට....😅
"ඔහ් හෝ...ආ...යූ...ජෙල්ස්....??🙃"
එයා මට එයාගෙ හූඩි එක අයින් කරල ශර්ට් එක අස්සට රිංගන්න ඉඩ හදල දෙන ගමන් ඇහුව...😌
" Nope..😒"
මන් කල්පනා කර කර හිටියෙ හෙට ගිහින් එම්ගෙ ආන්ටි අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි..😒 මට මොහොතකට මැවිල පෙනුනා අහිංසක ෆොරින් බෝයි කෙනෙක් නොමග යවල බලෙන් තියාගත්ත කියල එම්ගෙ අන්කල් මන් ගැන පොලිසියට ඉන්ෆොම් කරල එයාල මාව ඇරස්ට් කරන හැටිත්..😟 කොහොමත් මෙහෙ ෆොරිනස්ලට නීතිත් වැඩියි නිසා මම හෙට කූඩුවේ ඉන්න පුලුවන්..🙂
එච්චර දෙයක් නොවුනත් ඒ මිනිස්සු ලංකාව තියන තැනකවත් දන්නවද දන්නැ.. එයාල කොහොමත් ටිකක් black skin එකක් තියන අයට බයයි..💀 අපිට සාමාන්‍යයෙන් black american අයව දැක්කම එකපාරම හුරු නැති ගතියක් දැනෙන්නෙ ඒ වගෙ වෙන්නැති 😒..ජීවිතේට අහල නැති රටක බලපු ගමන් මූනෙන් කිසිම හැගීමක් පේන්නැති මාව පෙන්නල මෙයා එක්ක affair එකක් තියනව ඒ නිසා මට ගෙදර යන්න බැ ඉන්න උදව් කරන්න කියල තමන්ගෙ පුතා වගෙ බලාගත්ත කොල්ල එකපාරම කියද්දි ආන්ටිට මොන වගෙ හැගීමක් එයිද කියල හිතන එක පවා මගෙ ඔලුව අවුල් කරා..😩 ඒත් එම්ට නවතින්න වෙන විදිහක් නැ...
අපි හිතපු අනිත් හැම idea එකක්ම හෙනම අසාර්ථක ඒව. ලාවට හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් උනේ මේක ගැන විතරයි. මට ඒ නිසා මේකට අකමැති වෙන්න පුලුවන් උනෙ නැ...
"එම්...මම හෙට යන්න කොන්ඩෙ ටිකක් කපන්නද🙄"
එම්ට පුදුම පිස්සුවක් තිබ්බ සුගාගෙ හෙයාර් ස්ටයිල් එකක් කොහන් හරි හොයල ඒ විදිහට මගෙ කොන්ඩෙත් හදල තියන්න.. ඒක මට වදයක් උනත් එයා ආසයි ඒකට.. ෆ්‍රී ටයිම් එකක මාව අහුවුනොත් මාව අල්ලන් කොන්ඩෙ වෙනස් කරල දැන් නන් suga වගෙ කියල එයා හිනාවෙනව..😆
"කපන්න ඒ ඇයි..🤨"
" නැ මන් හිතුවෙ..😟 මෙ දැන් පෙනුම ඒක ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියල ආන්ටිට පෙන්නන්න එච්චර ගැලපෙන එකක් නෙවෙ..😒"
මම හෙමීට කිව්ව...
"එහෙම නෑ...ඔයා ලස්සනට ඉන්නව😍මමනෙ කියන්නෙ..😀 ආන්ටි උනත් දැක්කම හිතයි මෙච්චර හැන්ඩ්සම් බෝයි කෙනෙක් මං හොයාගත්තෙ කොහෙන්ද කියල...😚"
එයා එයාගෙ ශර්ට් එක අස්සෙන් උඩට ඇවිල්ල තිබ්බ මගෙ ඔලුව කිස් කරන ගමන් කිව්ව....🙃
"මන් දන්නැ එහෙනන් මෙහෙම යමු..🙂 ඔයා කියන එකක් තමා....මට ගිහින් ඉන්න ඕන විදිහත් ඔයා කියන්න නැත්තං ඔතන මට හිතෙන විදිහට කතා කරන්න ගිහින් මම ඔයා ගෙදර යන දවස ඉක්මන් කරගන්න සප් එකක් දුන්න වෙන්නත් පුලුවන් ඒ නිසා ඔයාම කියන්න කො වෙන්න ඕන දේ......"
මම අපි දෙන්නම කවර් කරගෙන තිබ්බ එයාගෙ බැගී ටී ශර්ට් එක ගලවල දාල එයාගෙ ඇග උඩට නගින ගමන් කිව්ව...🤫
____________________________________
🙃❤️
මොකද වෙන්නේ...🙃 කතාව කෝමද... තවම එකම තැනක කැරකෙනවා අපි... අනිද්දට බලමු මොකද වෙන්නේ කියලා..
කවුද දැනම් හිටියේ එම් අයියා ශෙහාන් අයියට වඩා වැඩිමල් කියලා 🙃
🙊
Bạn đang đọc truyện trên: AzTruyen.Top