🧡 06 🖤

උත්සවයේ වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා යන්න හදනකොට ටේහ්‍යුන් ඇවිත් යුංගි ඉස්සරහින් හිට ගත්තා

" ටේහ්‍යුන්...."

" Professor මේක ඔයාට "

ටේහ්‍යුන් එයාගේ අතේ තිබුණු ලියුම යුංගිගේ පැත්තට දික් කලා යුංගි ලියුම දිහාත් බලලා ටේහ්‍යුන්ගේ මුන දිහා බැලුවේ මොකද්ද කියලා අහන්න වගේ

" Professor ම කියවලා බලන්න "

යුංගි ටේහ්‍යුන්ගේ අතේ තිබුණු ලියුම ගත්තා ඒත් එක්කම උඩු ගුවනේ plan එකක් ගියේ ටේහ්‍යුන් වගේම යුංගි ඒ දිහා බැලුවා යුංගිට ඒ plan එක දැක්කාම දැනුනේ ලගම ඉදපු කෙනෙක් දුරකට ගියා වගේ

" එයා යන්නම ගියා හියුන්ග්..."

ටේහ්‍යුන් අහස දිහා බලාගෙන මිමිනුවාම යුංගි කොල්ලා දිහා බැලුවා

" කවුද "

" හියුන්ග්ගේ හැම ප්‍රශ්නකටම උත්තර ඔය ලියුමේ ඇති කියලා හිතනවා...ලියුම කියවලා ඉවර වෙලා එයා කොහෙද කියලා අහන්න එපා හියුන්ග් දැන් හරි එයා සතුටින් ඉන්න ඕන "

යුංගිට තවත් කියන්න මුකුත් ඉතුරු නොකරපු ටේහ්‍යුන් එතැනින් ගියා යුංගි එයාගේ අතේ තිබුණු ලියුම අරගෙන mansion එකට ගියා කොල්ලා වොෂ් එකක් දාගෙන ඇවිත් ටේහ්‍යුන් දුන්නු ලියුමත් අරගෙන glass wall එක ලග තිබුණු chair එකෙන් වාඩිවුනා යුංගි ලියුම කඩලා කියවන්න ගත්තා

Hyungi,

මම ඔයාට hyungi කියලා කතා කරපු එක සමහරවිට වැරදි ඇති ඒකි මම මේ ලියුම ලියන්නේ මගේ professor ට නෙවෙයි මගේ පලවෙනි ඒක පාර්ශ්වික ආදරය වුනු මගේ හියුන්ගිට

මම දන්නවා professor ට ආදරේ කරන එක වරදක් කියලා ඒත් කතාවක් තියෙන්නේ හිත නැවතුනු තැන නවතින්න කියලා ඉතින් හියුන්ගි මම හැමදාම ඔයා දිහා බලාගෙන හිටියා හියුන්ග්ගේ නපුරු ඇස් මගේ ලග නවතිනකොට හැමදාම වගේ මගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගන්නවා මුලදී මම හිතුවේ ඒ බයට කියලා ඒත් පස්සෙදී හියුන්ගි දැක්කත් ඇති මගේ හදවත වේගෙන් ගැහෙන්න කාලයක් යද්දී මට තේරුනා මට හියුන්ගි ගැන තියෙන්නේ ආදරයක් කියලා මට ඒ හැගීම හිතෙන් අයින් කරන්න ඕන වුනා මොකද හියුන්ගි මගේ professor  මම student කෙනෙක් හදිස්සියේවත් මේ ගැන කවුරුවත් දැනගෙන හියුන්ගිට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනා ඒත් ටේහ්‍යුන් මගේ හිතේ තියෙන දේවල් තේරුනා එයාට මගේ පොඩි වෙනසක් වුනත් ඉක්මනට තේරෙනවා හියුන්ගි

හියුන්ගි හිතන්න ඇත්තේ මම හියුන්ගිව හිතෙන් අයින් කරන්න හිතාගෙන යුනි ආවේ නැ කියලා ද....? යේ... ඒ හින්දා තමයි මම යුනි ආවේ නැත්තේ හැබැයි ඒ හියුන්ගිට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තාට පස්සේ මට ඔය දෙන්නා අතරට එන්න ඕන වුනේ නැ හියුන්ගි එදා මගේ ඉස්සරහ හියුන්ගි නූනාව කිස් කරනවා දකිද්දී මට ගොඩක් රිදුනා මට කෑගහලා අඩන්න ඕන වුනා ඒ වගේම මම ඇඩුවා ඔම්මාට අප්පාට මම අඩන එක ලොකු ප්‍රශ්නයක් වුනා ඒ දෙන්නා මගෙන් නිතරම ප්‍රශ්න කලා ඒත් මට දෙන්න උත්තරයක් නොතිබුනු හින්දා මම මුකුත් කිව්වේ නැ මගේ professor ට ආදරෙයි ඒත් professor ට  යොංජාචිංගු කෙනෙක් ඉන්න නිසා අඩනවා කියන්නද...? ඒ දෙන්නා මේ මොහොතේ දී වත් දන්නේ නැ මම වෙනස් වුනේ ඇයි කියලා

මම හියුන්ගිට වරදක් කියන්නේ ඒ නූනාත් වැරදි නැ අපි කවුරුවත් වැරදි නැ මට ඔය දෙන්නා වෙන් කරන්න ඕන නැ හියුන්හි ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන නූනා මගේ හියුන්ගිට ගොඩක් ආදරෙයි අනියා...හියුන්ගි මගේ නෙවෙයි කවදාවත් මගේ වුනෙත් නැ නූනාගේ ඇස් වලින් හියුන්ගිට තියෙන ආදරේ පේනවා නූනා හියුන්ගිව හොදින් බලාගනියි හියුන්ගි මේක කියවනකොට මම ගොඩක් දුර ගිහින් මාව හොයන්න හිතුනොත් හොයන්න එපා මම හිත හදාගන්න ඕන හින්දා ගියේ තව කෙනෙක්ගේ ජීවිතයකට මම හින්දා ප්‍රශ්නයක් වෙන හින්දා ගියේ මාත් එක්ක තරහ වෙන්න එපා හියුන්ගි..මට තවත් මේ දේවල් හිතේ හිර කරගෙන ඉන්න බැරි නිසා කිව්වේ හියුන්ගි මම කියපු හැමදේම අමතක කරන්න කවදාවත් ජිමින් කියලා කෙනෙක් ඔයාට හම්බවෙලා නැ කියලා හිතන්න නූනා එක්ක ලස්සන බබෙක් හදාගෙන සතුටින් ඉන්න හිතුනොත් හියුන්ගිගේ බබා බලන්න එන්නම්

මම මෙතනින් නවතින්නම් හියුන්ගි තවත් ලියන්න වෙලාවක් ඉතුරු වෙලා නැ අන්තිම වතාවට හියුන්ගි එක්ක කතා කරන්න ලැබුනු එක මට සතුටක් මම හිතුවේ හියුන්ගි එක්ක කතා නොකරම යන්න වෙයි කියලා අවසාන වතාවට කියන්න තියෙන්නේ මං ගැන ටේහ්‍යුන්ගෙන්වත් අහන්න එපා මට ඕන හියුන්ගි නූනා එක්ක සතුටින් ඉන්නවා බලන්න විතරයි

Jimin

ලියුමේ සමහර තැන් බොද වෙලා තිබුනා ඒ ජිමින්ගේ කදුලු වලට කියන්න යුංගිට තේරුනා යුංගි වෙව්ලන අත් වලින් ලියුම එයාගේ ඉස්සරහ තිබුණු පුංචි ස්ටූල් එක මතින් තියලා කලබලයෙන් කොන්ඩේ අතරේ එයාගේ අතැගිලි අරගෙන ගියා

" මට සමාවෙන්න ජිමින්....මට සමාවෙන්න... ඔය පුංචි හිතට මේ තරම් දුකක් දුන්නාට ඇයි පැටියෝ ඔයා මෙච්චර අහිංසක....ඒ මගේ යොංජාචිංගු නෙවෙයි මැනික මගේ හොදම යාලුවා ඔය ඇස් වල මං වෙනුවෙන් තියෙන ආදරේ නොතේරුනා කියලා ද හිතන්නේ නැ පැටියෝ මට තේරුනා මමත් ඔයාට ආදරෙයි මැනික...ඒත් student කෙනෙක් අතරෙයි professor කෙනෙක් අතරෙයි සම්බන්ධයක් ඇති වුනොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනා ඒ හින්දා ඔයාට පේන්න එහෙම හැසිරුනේ... ඔයාට ප්‍රශ්නයක් වෙනවාට අකමැති හින්දා...ඒත් ඇයි මැනික මාව දාලා ගියේ මම හෙට ඇවිත් හැමදේම කියන්න හිටියේ ඇයි මේ තරම් ඉක්මන් වුනේ....? ඇයි හියුන්ගිගෙන් දුරකට ගියේ "

යුංගි පොඩි දරුවෙක් වගේ ඉකිගසමින් අඩන්න පටන් ගත්තා යුංගි ජිමින්ට ආදරෙයි ඒත් යුංගිගේ ඒ ගැන කියන්න බය වුනා මොකද ජිමින් කියන්නේ University student කෙනෙක් ඒ නිසා ජිමින්ගේ graduation ceremony එකට පස්සේ දවසේ surprise එකක් විදියට ප්‍රපෝස් කරන්න හිටියේ

ඒත් ජිමින් එයාව හොයන්න එපා කියලා දුරකට යන්න ගිහින් ජිමින් විතරක් නෙවෙයි යුංගිත් විදෙව්වා ජිමින්ට ලං වෙන් බැරුව හැමදාම ජිමින් දිහා බලාගෙන හිත යටින් හිනා වුනා ජිමින්ගේ ලස්සන හිතින් වර්නනා කලා හැබැයි යුංගි කවදාවත් ඒ දේවල් පෙන්නුවේ නැ යුංගිට ජිමින් කියන්නෙත් student කෙනෙක් විතරයි කියලා කොල්ලා පෙන්නුවේ ඊට එහා දෙයක් යුංගිගේ හිතේ ජිමින් ගැන නැ කියලා කොල්ලා පෙන්නුවා ජිමින් තනියෙන් යුනි ඉවර වෙලා යනකොට ජිමින්ට හොරා කොල්ලාගේ පස්සෙන් යන්න පුරුදු වුනා සමහර දවස් වලට ජිමින් බැල්කනියට එනකම් යුංගි ජිමින්ගේ ගෙදර ඉස්සරහ හැංගිලා බලාගෙන ඉන්නවා ඒ දෙන්නාම හිතින් ආදරේ කලා

අඩමින් හිටපු යුංගි ගැස්සිලා ගියේ ගෙදර door බෙල් එක එකදිගට වදින හින්දා කොල්ලා කදුලු පිහිදගෙන ගියේ මේ වෙලාවේ කවුද ආවේ කියලා කල්පනා කරන ගමන් යුංගි දොර ඇරියා විතරයි ඒ හිටපු කෙනා යුංගිව බදාගත්තේ කොල්ලාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර යුංගි තාමත් වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ගල් ගැහිලා වගේ දොර ඉස්සරහ හිටගෙන ඉන්නවා

" වේ....හියුන්ගි...එහෙම කරේ...,වේ මට නොකිව්වේ....?"

ඉකිගසන ගමන් අඩමින් යුංගිගේ පපුවට තුරුල් වෙලා මිමිනුවා

" ජිමින්...."

යුංගි එයාගේ පපුව අස්සේ මූන හංගගෙන අඩන කොල්ලා දිහා බලාගෙන කතා කලා

" හියුන්ග් දන්නවා ද...? මම කොච්චර ඇඩුවා ද කියලා වේ හියුන්ග් මට නොකිව්වේ හැමදේම හැංගුවේ ඇයි...?"

යුංගිගේ පපුවට අතමිට මොලවලා ගහන ගමන් අඩ අඩා ජිමින් අහන්න ගත්තා

" හියුන්ග්ට සමාවෙන්න පැටියෝ...ඔයාව ඇඩෙව්වාට..."

ජිමින් පුංචි බෝල අත් අල්ලගත්ත යුංගි කිව්වා ජිමින් යුංගිගේ අල්ලාගෙන හිටපු අත් දෙක යුංගිගේ අත් වලින් ගලවගත්තා

" මම තරහයි හියුන්ග් එක්ක ලිලී නූනා airport එකේ දී හම්බුනේ නැත්නම් මම මුකුත් නොදැන නෙදර්ලන්ඩ් යනවා "

ජිමින් යුංගිට රවන ගමන් අත් දෙකත් බැදගෙන කිව්වා යුංගි එයාට රවාගෙන ඉන්න කොල්ලාගේ ඉන වටේ අත් දෙකක් යවලා ලගට ගත්තා

" මට සමාවෙන්න තාර පැටියෝ..."

" මට තාර පැටියා කියන්න එපා "

යුංගිගේ පපුව මතින් එයාගේ පුංචි අත් තියලා කිව්වා

" එහෙනම් මොකද්ද කියන්නේ ම්ම්ම්..."

යුංගි කල්පනා කරන්න ගත්තා ජිමින්ට කියන්න නමක් ඒ අතරේ ජිමින් යුංගිගේ මූන දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා කොල්ලා පලවෙනි වතාවට යුංගිව මෙච්චර ලගින් දකින්නේ ඉතින් ජිමින් එයාගේ කිරි සුදු පාට පූස් කුමාරයා දිහා බලාගෙන හිටියා

" මිනී..."

යුංගි එකපාරට ජිමින්ගේ නහයට තට්ටුවක් දාලා කිව්වාම කොල්ලා ඇස් බෝල කරගෙන කටත් පොඩ්ඩක් ඇරගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා ජිමින් හිටියේ යුංගිගේ පූස් මූන දිහා බලාගෙන මනෝපාරක් ගහන ගමන් නේ

" ඉස්සරහට බලාගන්න ඉතුරු කරගන්න.."

" අහ්...?"

යුංගි කියපු දේ එකපාරට ජිමින්ට නොතේරුනත් ටික වෙලාවක් කල්පනා කරද්දී යුංගි මොකද්ද කිව්වේ කියලා ජිමින්ට තේරුනා එතකොට ජිමින් චෙරි ගෙඩියක් වගේ රතු වුනා

" ඔච්චර රතු වෙන්න එපා මිනි...මට හපන්න හිතෙනවා "

යුංගි ජිමින්ගේ චබී කම්බුලක් තොල් වලින් හැපුවාම ජිමින් හිනා වුනා කාලෙකට පස්සේ යුංගිගේ mansion එක පුරා හිනා හඩක් රැව් දුන්නා

" සරන්හේ හියුන්ගි...."

" නා අරා..."

ආඩම්බරකාර යුංගි අහක බලාගෙන එහෙම කිව්වාම ජිමින්ගෙන් ලැබුනේ අතමිට මොලවලා පාරක්

" යාහ්හ්...හියුන්ගි...."

" සරන්හේ තාර පැටියෝ..."

" මට තාර පැ---"

ජිමින්ට ඉතුරු ටික කියන්න ඉඩ නොතියා යුංගි කොල්ලාගේ තොල් වලට පෙක් එකක් දුන්නා ජිමින් ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා යුංගිට නම් හිනාත් එක්ක

" හියුන්ග්...."

ආපහු ජිමින්ගේ පිරුණු තොල් අල්ලගත්තා යුංගි ජිමින්ගේ කම්බුලක් මහපටගිල්ලෙන් පිරිමදින ගමන් ජිමින්ගේ තොල් මත තමන්ගේ තොල් අරගෙන ගියේ ජිමින්ගේ ඇස් ඉබේටම ඒ පහසට අවනත වෙමින් පියවෙද්දී ජිමින්ව තවත් තමන්ගේ ඇගට තද කරගත්තා

Cut...Cut...Cut..!!

🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤

කම්ෆියුස් වුනා ද..?

අවසාන චැප්ටර් එකෙන් හම්බවෙමු 

හෙට ඉස්කෝලේ පටන් ගන්නවා ඒ වුනාට තාම homework ටිකට අතවත් තියපු නැති මම 

Bạn đang đọc truyện trên: AzTruyen.Top