🧡 05 🖤
එදා සිද්ධියෙන් පස්සේ ජිමින් යුනි නොගියපු තරම් ඉස්සර කොයිවෙලෙත් හැමෝම එක්ක හිනා වෙවී කතා කරන කොල්ලා දැන් ගොඩක් වෙලාවට තනිවෙලා ඉන්න කැමති වුනා ජිමින්ගේ ඔම්මාටයි අප්පාටයි මේක ලොකු ප්‍රශ්නයක් වුනා කොල්ලාගේ එකපාර වුනු වෙනස්වීමට හේතුව මොකද්ද කියලා හිතාගන්න බැරි වුනා ජිමින්ගේ ඔම්මා කොයිතරම් ජිමින්ගෙන් ඇහුවත් කොල්ලා කිව්වේ 'ප්‍රශ්නයක් නැ එයා හොදින්'කියලා ප්‍රශ්නේ මගහැරලා ගියපු එක
ටේකුක් දෙන්නාත් නිතරම ජිමින්ගේ ගෙදර ආවා කොල්ලා ගැන නිතරම හෙව්වා ටේහ්‍යුන් ජිමින් යුනි ආවේ නැති දවසට ටේහ්‍යුන් හවසට කොල්ලාගේ ගෙදර ඇවිත් ඒ පාඩම් කියලා දුන්නා
ජිමින් දැන් වැඩිය යුනි එන්නේ නැති එක යුංගිට ප්‍රශ්නයක් වුනා යුංගි ටේහ්‍යුන්ගෙන් ඒ ගැන ඇහුව්ත් කොල්ලා ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් යුංගිට දුන්නේ නැ ජිමින් යුනි ආපු දවසට පුලුවන් තරම් යුංගිව මගහැරලා කොල්ලා හිටපු හින්දා යුංගිට කොල්ලා එක්ක කතා කරන්න හම්බුනේ නැ
අද ජිමින් යුනි යන්න රෙඩි වුනේ ෆයිනල් එක්සෑම් එකට සති දෙකක් වගේ පොඩි කාලයක් විතරක් ඉතුරු වෙලා තියෙන නිසා කොල්ලා ඔම්මා අප්පා දෙන්නාට කියලා ගෙදරින් එලියට බැස්සේ ටේහ්‍යුන්ට මැසේජ් එකක් දාගෙනම ජිමින් ටික දුරක් පයින් යනකොට ඉස්සරහට හම්බුනේ ටේකුක් ඩබල දෙන්නා ජන්කූක් මූන තරහෙන් බුම්මගෙන ආවත් ජිමින් දැක්ක ගමන් හිනා වෙලා ගිහින් කොල්ලාගේ අතක එල්ලුනා
" ගුඩ් මෝනින් ජිමින් හියුන්ග්...."
ජන්කූක් එයාගේ බනී හිනාව ප්‍රදර්ශනය කරලා කිව්වා
" ගුඩ් මෝනින් කුකී..."
ජිමින් හිනා වෙලා ජන්කූක්ගේ කොන්ඩේ අවුස්සලා කිව්වා ඒ බනී හිනාව දැක්කාම කාටද පුලුවන් බුම්මගෙන ඉන්න
" ගුඩ් මෝනින් ජිමිනා.."
" ගුඩ් මෝනින් ටේ.."
ජන්කූක් ටේහ්‍යුන්ට දමාගෙන රවනවා ඉවරයක් නැ ඒක දැක්ක ජිමින්ට හිතුනේ අදත් ටේහ්‍යුන් මොකක් හරි අන්ඩපාල වැඩක් කරලා තමයි කියලා
" මොකද කුකී රවන්නේ "
ඇස් කොනින් ටේහ්‍යුන් දිහා බලන ගමන් ජිමින් ඇහුවා
" ඒ ගැන කතා කරලා වැඩක් නැ හියුන්ග් මේ වගේ හිපාටුවෙක්ට මම මොකට ආදරේ කරනවා ද මන්දා..."
" බබා...මට හිපාටුවා කියන්න එපා "
" ඒලියන් කියන්න "
මැදින් පැනලා ජිමින් කිව්වාම ටේහ්‍යුන් රැව්වා
" ඒලියන්ස්ලාට අපහාස කරන්න එපා හියුන්ග් "
" මොකද්ද වුනේ කියන්න "
" හියුන්ග්ට කියන්න මේ මෝඩ ඒලියන් වහන්සේ ඔම්මායි අප්පායි ඉස්සරහ කිසි ගානක් නැතුව මාව කිස් කලා ඒ මිනිස්සු දෙන්නාට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදෙනවා "
ජන්කූක් ටේහ්‍යුන්ට රවන ගමන් කියනකොට ජිමින් හිනාව කාගෙන හිටියා
" ඒ දෙන්නා මොනා හිතන්න ඇද්ද.."
" එයාලගේ පුතා හෙන රොමෑන්ටික් කියලා හිතයි ඊට වඩා දෙයක් හිතන එකක් නැ "
ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරලා කිව්වා
" ජිමින් හියුන්ග් මේ කොටි හපුවා මගෙන් මැරුම් කනවා.."
" හරි හරි කුකියෝ ඔච්චර කේන්ති ගන්න දෙයක් නෙවෙයි නේ "
" ඒ වුනාට හියුන්ග් මට ඒ වෙලාවේ ලොකු අපහසුවක් දැනුනා "
ජන්කූක් බිම බලාගෙන කිව්වාම ටේහ්‍යුන් කොල්ලාගේ කර වටේ අතක් ලගට ගත්තා
" මියානේ බබා...මට ඒ ගැන වැඩිය හිතුන් නැ කොහොමත් ඔයා මගේ නේ "
ටේහ්‍යුන් එයාගේ බනි බෝයිගේ කම්බුලට කිස් එකක් දුන්නා ජිමින් ඒ දෙන්නා දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා හැමදාම මේ වගේ දෙන්නා සතුටින් ඉන්න ඕන කියලා ජිමින් හදවතින්ම ප්‍රාර්ථනා කලා
" දැන් යමන්...."
එහෙම කියාගෙන ජිමින් ඉස්සර වෙලා ගියා ටේකුක් දෙන්නා හිනා වෙවී පස්සෙන් ආවා තුන් දෙනා යුනි එක ලගට එනකොට දැකපු දේ හින්දා එහෙම්ම නැවතුනා ටේකුක් ඩබල එකපාරට බැලුවේ ජිමින් දිහා කොල්ලා ඇස් වල කදුලු පුරවගෙන එයා ඉදිරියේ වෙන දේවල් දිහා බලාගෙන හිටියේ
" අපි යමු ජිමිනා..."
ටේහ්‍යුන් කොල්ලාගේ අතකින් අල්ලාගෙන කියද්දී ජිමින් කදුලු පිසදගෙන ඔලුව වැනුවා ටේහ්‍යුන් ජිමින් ජන්කූක් තුන් දෙනා යුනි එකට ඇතුල් වෙන්න යන්න හදනකොට යුංගි කතා කලා
" ජිමින්...."
යුංගිගේ හඩ එක්ක එහෙම්ම නැවතුනු ජිමින් හැරිලා බැලුවා යුංගිගේ ලග ඉන්න ගර්ල් දිහාත් බලලා ආපහු යුංගි දිහා බැලුවා
" වේ.... professor Min.."
ජිමින් එයාගේ හදවතට දැනෙන වේදනාව දරාගෙන හිනාවක් එක්ක ඇහුවා ජිමින්ට ඉක්මනට මෙතනින් දුවලා යන්න ඕන වුනා
" මොකද ලමයෝ හරියට යුනි එන්නේ නැත්තේ...? තව සති දෙකයි එක්සෑම් එකට තියෙන්නේ මෙහෙම කලොත් ඔයාගේ අවුරුදු ගානක මහන්සිය වැඩක් නැති වෙයි "
යුංගි කිව්වාම ජිමින් සිනාවකින් යුංගිට උත්තර දුන්නා
" බය වෙන්න ඕන නැ professor Min මම කොහොම හිටියත් මගේ වැඩේ හරියට කරන කෙනෙක් මම යුනි එන්නේ නැති හේතුව ලගදීම Professor Min ට දැනගන්න ලැබෙයි මම යන්නම් professor Min "
ජිමින් ඔලුව නවලා යුංගිට ආචාර කරලා එතැනින් ගියා මගට වෙලා ජිමින් එනකම් බලාගෙන හිටපු ටේකුක් එක්ක යන දිහා යුංගි බලාගෙන ඉදලා හුස්මක් පහත හෙලුවා
" එයා ද ජිමින් කියන්නේ "
" හ්ම්ම්..."
" එයා හරි කියුට් "
යුංගි එක්ක හිටපු ගෑනු ලමයා එහෙම කිව්වාම යුංගි හිනා වෙලා ඒ ගෑනු ලමයාගේ කොන්ඩේ ඇවිස්සුවා
" දැන් යන්න මට ලෙක්චර් එකක් තියෙනවා "
යුංගිට ලස්සන හිනාවකින් සංග්‍රහ කරපු ගෑනු ලමයා එතැනින් ගියාම යුංගි යුනි එක ඇතුලට ගියා
ජන්කූක්ට ලෙක්චර් එකක් තිබුණු හින්දා කොල්ලා ගියා ටේම්න් ඩබල cafeteria එකට ආවේ බඩේ බොක්සිං ප්‍රැක්ටිස් කරන පනුවන්ට කන්න දෙන්න කොල්ලෝ දෙන්නා කෑමත් අරගෙන වාඩිවුනා
" professor Min ගේ යොංජාචිංගු දැක්කා ද..?"
" යේ...එයා ගොඩක් ලස්සනයි "
" ඒ දෙන්නා next month marry කරන්න ලු ඉන්නේ...?"
" ඔහ්...woow..."
ජිමින්ලා වාඩිවුනු තැනට එහා පැත්තේ හිටපු ගෑනු ලමයි කිහිප දෙනෙක් කතා කරනවා ටේමින්ට හොදටම ඇහුනා ටේහ්‍යුන් බලාගෙන හිටියේ තමන්ගේ ඉස්සරහ වාඩිවෙලා කෑම එක දිහා බලාගෙන ඉන්න ජිමින් දිහා
" ජිමිනා...."
ටේහ්‍යුන්ගේ කටහඬ ඇහුනාම කොල්ලා ඔලුව උස්සලා බැලුවා
" උබ මොනාද කියන්න හදන්නේ කියලා දන්නවා මට ප්‍රශ්නයක් නැ "
ජිමින් හිනා වෙලා කිව්වත් ඒ ඇස් වල හැංගිලා තියෙන වේදනාව ටේහ්‍යුන්ට තේරුම් ගන්න පුලුවන් වුනා
" උබ මෙහෙම විදවනවා මට බලාගෙන ඉන්න බැ ජිමිනා..උබ මගේ පුංචි කාලේ ඉදලා හොදම යාලුවා උබ හැමදේම හිතේ හිර කරගෙන තනියෙන් විදවන්න එපා අපි ගිහින් professor Min ට හැමදේම කියමු.."
" කියලා....?"
" අහ්....?"
" කියලා මොනවා කරන්න ද ටේ.. Professor Min එයාගේ යොංජාචිංගු අතහැරලා මගේ ලගට එයි කියලා හිතනවා ද...? කවදාවත් නැ ටේ එහෙම වෙන්නේ නැ අපි මේක කිව්වොත් වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇති වෙන එක professor ට ආදරේ කරන එක වැරදියි ටේ එයාට කේන්ති යයි මගේ දිහා professor බලන්නේ student කෙනෙක් දිහා බලන විදියට ටේ හිතන්නකෝ හදිස්සියේවත් මම හින්දා Professor Min ඒ නූනායි වෙන් වුනොත්....? මට කෙනෙක්ගේ කදුලකට හේතුවක් වෙන්න ඕන නැ ටේ.."
ජිමින් හැම වචනයක්ම කිව්වේ හදවතින්ම ඒ එයාගේ විදිය තව කෙනෙක්ගේ හිත රිදෙන්න වචනයක්වත් කියන්න අකමැති කෙනෙක් තමයි ජිමින් ඇත්තටම එයා Angel කෙනෙක් කිව්වොත් හරි
" උබේ හිත හොද වැඩියි ජිමිනා..."
ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිමින් පොඩි හිනාවකින් ටේහ්‍යුන්ට සංග්‍රහ කරලා කන්න පටන් ගත්තා ඊට පස්සේ දෙන්නාම ලෙක්චර් එකට ගියා
ටේමින් දෙන්නා තමන්ගේ උපරිමයෙන් එක්සෑම් එක වෙනුවෙන් මහන්සි වුනා සමහර වෙලාවට ජිමින් තනියෙන් කල්පනා කරනකොට ටේකුක් දෙන්නා මොනාහරි විකාර වැඩක් කරලා ජිමින්ව හිනස්සනවා ඒ නිසා ටේහ්‍යුන්ට එයාගේ බනී බෝයිගෙන් සෙරෙප්පු පාරවල් කන්න වුනු එක අපි තත්පර කිහිපයකට අමතක කරමු
දෙන්නා සාර්ථකව එක්සෑම් එකට මුහුන දුන්නා එක්සෑම් එකෙන් පස්සේ යුනි එක හැර දාලා යන බැජ් එක වෙනුවෙන් පාටියක් organize කරලා තිබුනා ඉතින් ෆයිනල් ඉයර් එකේ හැමෝම කාලා බීලා නටලා ගයලා හොදට විනෝද වුනා ජන්කූක් නම් හිටියේ දුකින් මොකද දැන් ටේහ්‍යුන් නැතුව නේ යුනි එකේ ඉන්න වෙන්නේ ටේහ්‍යුන් ජන්කූක්ට යුනි එක ඇතුලේ මතකයන් ගොඩක් ඉතුරු කරලා තමයි යන්නේ
එකපැත්තකින් ජිමින් හිටියෙත් දුකින් අදින් පස්සේ එයාට යුංගි දකින්න වෙන්නේ නැ ඒත් graduation එකේ දී අවසාන වතාවට යුංගිව දකින්න පුලුවන් කියලා හිතාගෙන ජිමින් හිත හදාගත්තා
දින සති ගෙවිලා ගිහින් අන්තිමේ දී graduation day එක උදා වුනා ඉතින් graduate වුනු හැමෝම හිටියේ ගොඩක් සතුටින් ජන්කූක් ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා හුරතල් වෙනවා ජිමින් ඒ දිහා ඈත තියාගෙන බලාගෙන ඉදියේ හිනාවක් එක්ක
අද තමයි අවසාන දවස....හැමදේකම අවසානය ඉදිරියට ගොඩක් දේවල් වෙනස් වෙයි සමහර අයට පසුතැවෙන්න වෙයි හැමදෙයක්ම දෛවයේ ලියවිලා තියෙන හැටියට සිදු වෙයි
" ම්ම්ම්හ්..."
කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු ජිමින් මේ ලෝකෙට ආවේ පිටිපස්සෙන් ආපු කෙනෙක් උගුර පාදනකොට ජිමින් ඒ කවුද කියලා දැනගෙනම පිටිපස්ස හැරුනා
" Professor Min...."
" Mmm Jimin Congratulations...!! මම හිතුවේ කොල්ලා ඔක්කොම අවුල් කරගනියි කියලා "
යුංගි හිනාවක් එක්ක එහෙම කිව්වාම ජිමින් හිනා වුනා හදවතින්ම
" Thank you Professor Min මම එදත් කිව්වා නේ මම කොහොම හිටියත් මගේ වැඩේ හරියට කරනවා කියලා "
ජිමින් කිව්වාම යුංගි කොල්ලාගේ කතාව අනුමත කරන්න ඔලුව වැනුවා
" යුනි ආපු නැති හේතුව අදවත් කියන්නේ නැද්ද ජිමින්..."
යුංගි ඇහුවාම ජිමින් බර හුස්මක් පහත හෙලුවා
" Professor Min ට ඒක දැනගන්න ලැබෙයි ඒත් දැන්ම නෙවෙයි මම යන්න ඕන professor Min නූනා එක්ක පරිස්සමින් ඉන්න මම ඔයාලාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා..."
ජිමින් එහෙම කියලා ඔලුව නවලා යුංගිට ආචාර කරලා හැරුනා මෙච්චර වෙලා ඒ ඇස් වල හිර වෙලා තිබුණු කදුලු බිදු එක දෙක ඒ කම්බුල් දිගේ අනවසරයෙන් ගලාගෙන ගියා
" අවසාන වතාවට ඔයා එක්ක කතා කරන්න ලැබුනු එකට මට සතුටුයි Professor Min.."
කොල්ලා කදුලු අතරින් මිමිනුවේ අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ජිමින් යුංගිගෙන් අඩියෙන් අඩිය ඈතට ඇවිදගෙන ගියා යුංගි තාමත් හිටපු තැන ඉදගෙන ජිමින් දිහා බලාගෙන ඉන්නවා යුංගි අනිත් පැත්ත හැරිලා ඇවිදගෙන ගියේ එයාගේ හදවතට හේතුවක් නැතුව දුකක් දැනෙද්දී
🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤
තව චැප්ටර් දෙකකින් මේ පිස්සු කතාව අවසානයි
ඕතර් ක්ලාස් ගිහින් එන ගමන් බස් එකේ සිටින ගමන් ටයිප් කරලා අප්ඩේට් දුන්නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top