🧡 04 🖤
ජිමින් cafeteria එකේ ජනේලයක් ලගින් වාඩිවෙලා එලිය බලාගෙන හිටියා කම්බුල් දිගේ කඩාගෙන වැටෙන කදුලු බිදු අත්ලෙන් ඉක්මනින් පිසදන ගමන් හිටියේ කොල්ලාගේ කම්බුල් අඩලාම රතු වෙලා නහය ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා කොල්ලාට වටේ වෙන දේවල් ගැන ගානක් තිබුණේ නැ
ටේහ්‍යුන් ජන්කූක් හම්බවෙන්න උදේම ගියපු හින්දා ජිමින් හිටියේ තනියම කොල්ලා කදුලු බිදු ඉක්මනින් පිහිදගෙන cafeteria එකෙන් නැගිටලා එලියට ඇවිදගෙන ගියා කොල්ලාට දැන් තියෙන යුංගිගේ ලෙක්චර් එකට යන්න හිතක් නොතිබුනු හින්දා ටේහ්‍යුන් එනකම් ඉන්නවා කියලා හිතාගෙන යුනි එකේ වැඩිය කවුරුවත් ගැවසෙන්නේ නැති පැත්තකට ගියා එතැන මේපල් ගසක් යට තිබුණු බෙන්ච් එකක වාඩිවුනා
තැඹිලි පැහැති රතු පැහැති මේපල් කොල පොලොවේ හැමතැනම විසිරිලා තිබුනා හිරු එලියෙන් මේපල් කොල අතරින් වැටිලා තිබුනා සුලගට සෙලවෙන ගස් වල සද්ද වල සුන්දරත්වය විදින්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි ජිමින් හිටියේ
" වේ...? මට එහෙම වුනේ.....?"
ජිමින් ඉකියක් එක්ක මුමුනලා හයියෙන් කෑගහලා ඇඩුවේ උදේ එයා යුනි එකට එද්දී දැකපු දේ එයාගේ ඇස් ඉදිරියේ මැවිලා පෙනෙද්දී
උදේ ජිමින් යුනි එකේට එනකොට දැක්කේ යුංගි ගෑනු ලමයෙක් එක්ක හිනා වෙවී කතා කර කර ඉන්නවා යුංගි සාමාන්‍යයෙන් කාත් එක්කවත් ඔච්චර හොදින් හිනා වෙලා කතා කරනවා ජිමින් දැකලා තිබුණේ නැ කොයිවෙලෙත් බුම්මගෙන ඉන්න යුංගි මෙච්චර ලස්සනට සැහැල්ලුවෙන් හිනා වෙලා කතා කරන්නේ කාත් එක්ක ද කියන දේ ජිමින්ට ප්‍රශ්නයක් වුනා
හදිස්සියේවත් ඒ...
ඒ යුංගිගේ යොංජාචිංගු නම්....
ජිමින්ට එහෙම හිතද්දී කොල්ලාගේ ඇස් වලට කදුලු පිරුනා යුංගි හිනා වෙලා ඒ ගෑනු ලමයාගේ තොල් වලට කිස් එකක් දෙනවා ජිමින් ඈත තියාම හොදටම දැක්කා කොල්ලා කදුලු පුරවගෙන යුනි එක ඇතුලට දුවගෙන ගියා
මේ පුංචි කාලෙට වුනත් ජිමින් යුංගිට ආදරේ කරන්න පටන් ගෙන තිබුනා මුලදී කොල්ලා ඒක ආකර්ෂණයක් කියලා හිතුනත් පස්සෙදී ඒක ආකර්ෂණයක් නෙවෙයි ආදරයක් කියලා තේරුනා ටේහ්‍යුන්ට නම් ඒක මුල ඉදලාම තේරුනේ ජිමින්ගේ හැසිරීමෙන් යුංගි දකින වාරයක් ගානේ ජිමින්ගේ ඇස් රාත්‍රි කාලයේ අහස හැඩ කරන තරු කැට වගේ දිලිසෙනවා ජිමින්ගේ අහිංසක හිනාවෙන් යුංගි දැක්කාම ජිමින් හැසිරෙන විදියෙන් එයාගේ පුංචි කාලේ ඉදලා යාලුවා වුනු ටේහ්‍යුන්ට තේරුම් ගන්න බැරි වුනේ නැ
කොල්ලා ඒ දේවල් යුංගිට කියන්න බය වුනා මොකද ජිමින් කියන්නේ යුංගිගේ student කෙනෙක් යුංගිගේ කියන්නේ professor කෙනෙක් අනික යුංගි එයාව reject කරයි කියලා ඔක්කොටම වඩා කොල්ලා බය වුනා ජිමින් හැමදේම හිතේ තද කරගෙන එයාගේ professor Min දිහා බලාගෙන සතුටු වුනා
ඒත් අද දැක්ක දේ ජිමින්ගේ හිත තදින්ම රිද්දුවා ජිමින් ගොඩක් සංවේදී කෙනෙක් ඒ පුංචි හිතට දැකපු දේවල් දරාගන්න අමාරු වුනා මාස ගානක් පුරාවට හිතින් ආදරේ කරපු කෙනා අද වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දී කොල්ලාට ඇඩුනා
ඒත් එක්කම ජිමින්ගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්ත හින්දා ඉක්මනට ෆෝන් එක අරගෙන බැලුවා
Tae Tae
Calling...
ෆෝන් එකේ screen වැටිලා තිබුනු නම දිහා බලාගෙන ඉන්නකොට කෝල් එක කට් වුනා ජිමින් හිටියේ කා එක්කවත් කතා කරන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි එයාට තනියෙන් ඉන්න ඕන වුනා ඒත් ආපහු ටේහ්‍යුන් කෝල් කලා ජිමින් හුස්ම අරගෙන කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තා
" කොහෙද කොටෝ අන්තරස්දාන වුනේ ලෙක්චර් එකට වරෙන් මට තනියෙන් ඉන්න බැ යකොව් තෝ කොහෙද ඉන්නේ "
" ම..මගේ ඔ..ලුව... රිදෙනවා ටේ... මම ලෙක්චර් එකට එන්නේ නැ "
ජිමින් ඉකිය පාලනය කරගෙන අමාරුවෙන් කිව්වා
" උබ අඩනවා ද...? Sick room එකේ ද ඉන්නේ ඔහොම හිටපන් මම එනවා.."
ටේහ්‍යුන් කලබලයෙන් කියාගෙන ගියා
" එපා ටේ...මට එච්චර ලොකු අවුලක් නැ මම ගෙදර යනවා උබ ලෙක්චර් එකේ හිටපන් "
" ම්ම්ම්.... උබ තනියෙන් යවන්න හිතෙන්නේ නැ මම professor ට කියලා ඉක්මනට එන්නම් "
" එපා මට යන්න පුලුවන් "
" ගිහින් මැසේජ් එකක් දාපන් "
" හ්ම්ම්...."
ජිමින් කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන එතැනින් යන්න ගියා
.
හවස ලෙක්චර්ස් ඉවර වෙලා ටේහ්‍යුන් ආවේ ජිමින්ගේ ගෙදරට කොල්ලාට ඉතින් ජිමින්ගේ ගෙදර කියන්නේ තමන්ගේ ගෙදර වගේ තමයි ඕන වෙලාවක යනවා ජිමින්ගේ ඔම්මා අප්පා ටේහ්‍යුන්ට ජිමින්ට වගේම ආදරෙයි
" ඔහ්...ටේ පුතා..."
" ඔම්මා ජිමින් කෝ..?"
ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරන ගමන් ඇහුවා ඔය හිනාව දාලා තමයි ජන්කූක්වත් දැලේ දාගත්තේ කියලා ටේහ්‍යුන් දවසක් ඕතර්ට කිව්වා
" රූම් එකේ ඇති පුතා.. රූම් එකට ගියා ගියාමයි ආපහු ආවේ නැ මම කතා කරන්න යන්න හැදුවේ "
ජිමින්ගේ ඔම්මා එහෙම නැත්නම් මිසිස් පාර්ක් කිව්වේ ජිමින්ගේ රූම් එක පැත්තට යන්න හදන ගමන්
" අහ්..ඔම්මා ඉන්න මම ගිහින් බලන්නම්.."
" හරි පුතා මම ඔයාට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් හදන්නම්.."
මිසිස් පාර්ක් එහෙම කිව්වාම ටේහ්‍යුන්ගේ මූනේ මල් යායක් පිපුනා මිසිස් පාර්ක් කොල්ලාගේ කම්බුල් මිරිකලා කිචන් එකට ගියා ටේහ්‍යුන් හිනා වෙවී ජිමින්ගේ රූම් එක පැත්තට ගියා ටේහ්‍යුන් භාගෙට වහලා තිබුනු දොරෙන් ඔලුව දාලා බැලුවා
" ඇයි...ඔයා මට එහෙම කරේ...?"
බිම වාඩිවෙලා ෆෝන් එක දිහා බලාගෙන ජිමින් කිව්වා ටේහ්‍යුන්ට ඇහුනේ එච්චරයි ෆෝන් එකේ screen එක ඇගිලි තුඩු වලින් අතගාන ගමන් ජිමින් හිටියේ ටේහ්‍යුන් සද්දයක් නැතුව හිමින් අඩිය තියලා ජිමින්ගේ රූම් එකට ඇතුල් වුනා ටේහ්‍යුන් පිටිපස්සෙන් හිටපු හින්දා ජිමින් දැක්කේ නැ අනික ජිමින් හිටියේ මේ ලෝකේ නෙවෙයි
ජිමින් බලාගෙන ඉන්නේ යුංගිගේ ෆොටෝ එකක් කියලා දැකපු ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා මොකද එයා හිතපු දේ හරි ගිහින් කියලා තේරුනු නිසා
" ඔහ්...කොල්ලා බිසි වගේ "
ටේහ්‍යුන්ගේ කටහඩට ගැස්සිලා ගියපු ජිමින් ඉක්මනට ෆෝන් එක අනිත් පැත්ත හරවලා ඇද උඩින් තිබ්බා ජිමින් ඉක්මනට කදුලු පිහිදගෙන ටේහ්‍යුන් දිහා බැලුවාම ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුනා
අඩලා අඩලා ජිමින්ගේ මූන රතු වෙලා තිබුණේ කොල්ලාගේ ඇස් පවා රතු වෙලා තිබුනා ජිමින් කදුලු අතරින් අහිංසක විදියට ටේහ්‍යුන් එක්ක හිනා වුනා
" ජිමිනා....මොකද මේ.....කවුරුහරි මොනාහරි කිව්වද....මෙච්චර අඩන්න මොකද වුනේ ඔලුව රිදෙන නිසා නෙවෙයි උබ අඩන්නේ බොරු කියන්න නම් ලෑස්ති වෙන්න එපා "
ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිමින් ආපහු අඩන්න පටන් ගත්තේ ටේහ්‍යුන්ට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව ඉදියේ ටේහ්‍යුන් ජිමින්ව වැලදගෙන ඔලුව අතගාන ගමන් සනසන්න උත්සාහ කලා කොච්චර ඇහුවත් ජිමින් මුකුත් නොකියා අඩනවා
" දැන් හොදටම ඇති ජිමිනා....මොකද්ද වුනේ කියලා මට දැනගන්න ඕන "
ටේහ්‍යුන් ජිමින්ව ඈත් කරලා ස්ථිර හඩකින් කිව්වා
" මම......මම...professor Min ට ආදරෙයි "
ජිමින් බිම බලාගෙන අතේ ඇගිලි එකට පටලවාගෙන වෙව්ලන කට හඩින් මිමිනුවා ඒක ඇහුවාම ටේහ්‍යුන්ට පොඩි හිනාවක් ගියා
" අහ්....මට හිතුනා පාත්තයා හැරෙන්නේ පූසා කන්න තමයි කියලා දැන් මොකටද උබ අඩන්නේ professor උබට අකමැති වෙයි කියලා හිතලා ද..? බය වෙන්න එපා බන් ඔය පූස් professor උබට කැමති වෙයි මේ හුරතල් පාත්තයාට කවුද අකමැති වෙන්නේ "
ටේහ්‍යුන් කියවගෙන ගිහින් නැවතුනේ ජිමින්ගේ සිහින් ඉකියක් ඇහුනු නිසා කොල්ලා බිම බලාගෙන අඩනවා
" ජිමිනා...."
ටේහ්‍යුන් කොල්ලාගේ කර වටේ අතක් යවලා ලගට ගන්න ගමන් කතා කලා
" මොකද බන් අඩන්නේ "
" Professor Min ට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා ටේ..."
ජිමින් ටේහ්‍යුන් දිහා බලලා කිව්වාම ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වුනා
" උබ කොහොමද එහෙම කියන්නේ "
ටේහ්‍යුන් පුදුමය පිරුණු හඩකින් ඇහුවා
" මම උදේ දැක්කා ටේ professor Min යුනි එක ඉස්සරහ ඒ ගර්ල්ව කිස් කලා මගේ මේ ඇස් දෙකින්ම දැක්කා මම හොදටම දැක්කා ටේ.."
ටේහ්‍යුන් ජිමින්ගේ පිටට තට්ටුවක් දැම්මේ කොල්ලාව සනසන්න
" ඒ professor Min ගේ යාලුවෙක් නැත්නම් එයාගේ සහෝදරියක් වෙන්න පුලුවන් නේ "
" එහෙම වෙන්න බැ ටේ එයා ඒ ගර්ල්ගේ ලිප්ස් කිස් කලේ යාලුවෝ අතරේ එහෙම දෙයක් වෙන්න පුලුවන් ද ඔයයි මමයි අතරේ එහෙම දේවල් වෙලා තියෙනවා ද නැ නේ ද ටේ ඒ නපුරු ඇස් වල ඒ ගර්ල් වෙනුවෙන් තිබුණු ආදරේ මම හොදටම දැක්කා ඒක සහෝදරියක් වෙනුවෙන් තියෙන ආදරයක් නෙවෙයි එයා කවදාවත් නැතුව හරි සැහැල්ලුවෙන් හිනා වෙවී ඒ ගර්ල් එක්ක කතා කර කර හිටියේ ඔයා කවදාවත් දැකලා තියෙනවා ද professor Min කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරනවා නැ නේද..? ඒකයි ටේ මම කියන්නේ එයාට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා ඒකයි ඇත්ත "
ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් මුකුත් නොකියා ජිමින්ව වැලදගත්තා ටේහ්‍යුන්ට පුංචි කාලේ ඉදලා දුකට සැපට එයාගේ ලගින් ඉදපු යාලුවා අඩනවා බලාගෙන ඉන්න පුලුවන් වුනේ නැ ටේහ්‍යුන් ජිමින්ට නොපෙනෙන්න එයාගේ කදුලු පිසදැම්මා ටේහ්‍යුන්ට යුංගි එක්ක කතා කලොත් හොදයි කියලා හිතුනත් මේ දේවල් කියලා ජිමින්ට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතුනු හින්දා කොල්ලා කට වහගෙන ඉන්න තීරණය කලා
🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤
ගොඩ කාලෙකින් නේද ලමයි
ඔයාලා මොකද කතාව ගැන හිතන්නේ
මේක unpunish කරන්නද...?
Bạn đang đọc truyện trên: AzTruyen.Top