🧡 02 🖤
Author Pov
" මොකද යකෝ ජීවිතේට මනුස්සයෙක් නොදැක්ක ගානට professor දිහා බලාගෙන ඉන්නේ "
ටේහ්යුන් ඇහුවේ කම්බුලට අතක් තියාගෙන වශි වෙලා වගේ professor Min දිහා බලාගෙන ඉන්න ජිමින්ගෙන් ඒත් කොල්ලා නම් ඉන්නේ professor Min ගේ ලෝකේ අතරමං වෙලා
" Professor Min හෙන handsome නේ ඕයි.."
ජිමින් කිව්වේ හීනෙන් වගේ ටේහ්යුන් ටික වෙලාවක් ජිමින් දිහා බලාගෙන ඉදලා කට කොනින් හිනා වුනා
" මූට මල්සරා විදලා වගේ "
ටේහ්යුන් හිමින් මිමිනුවා පැය කිහිපයක් පුරාවට ගත වුනු ලෙක්චර් එක අවසානය වෙනකොට ජිමින් ලෙක්චර් එකේ එක අකුරක්වත් ඔලුවට ගියා ද කියන එක නම් සෑහෙන්න ලොකු ප්රශ්නයක් professor Min ලෙක්චර් එක අවසන් කරලා ගියාම තමයි ජිමින් මේ ලෝකෙට ආවේ
" හීන ලෝකෙන් කුමාරයා එලියට ආවාද..?"
ටේහ්යුන් ජිමින්ගේ කරට අතක් දාගෙන ඇහුවා ජිමින් දත් තිස් දෙකම නියවලා හිනා වුනා
" එයා හැන්සම් ටෙයියෝ..'
ජිමින් අතේ ඇගිලි පටවලාගෙන කිව්වා
" ආ...හැන්සම් ද..? වරෙන් යන්න කන්න.."
ටේහ්යුන් එහෙම කියලා ජිමින් එක්ක cafeteria එක පැත්තට ගියා හැබැයි cafeteria එකට ගියාම දැකපු දේ හින්දා ටේහ්යුන්ගේ ඇස් කේන්තියෙන් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ කොල්ලෝ ටිකක් වට වෙලා ජන්කූක්ට වද දෙනවා ජන්කූක්ගේ ඇගට පිටි හලලා බිත්තර ගහලා කොල්ලා නිකන් කේක් එකක් වගේ ජන්කූක් හොදටම අඩනවා ජන්කූක්ට වද දෙන කොල්ලෝ ටික හිනා වෙනවා එතැන හිටපු එක කොල්ලෙක් ජන්කූක්ගේ ඔලුවට බීම එකක් හැලුවේ කොල්ලාගේ හැඩීම් වැඩි වෙද්දී
" ඕක නවත්තපන්..."
ටේහ්යුන් කේන්තියෙන් කෑගැහුවේ එයාගේ හා පැටියා හොදටම අඩන නිසා කොල්ලා කැමති නැ ජන්කූක්ට එයා ඇරෙන්න කවුරුවත් පුංචි හරි වේදනාවක් දෙනවාට ටේහ්යුන්ගේ කේන්තිය පිරුණු කටහඬ ඇහෙද්දී ඔක්කොම නිශ්ශබද වුනා
" ටේහ්යුන් උබට මෙතන වැඩක් නැ ඒ හින්දා කට වහගෙන පලයන්.."
එතැන හිටපු සෙට් එකේ නායකයා වගේ හිටපු කොල්ලෙක් එහෙම කිව්වාම කට කොනින් හිනා වුනු ටේහ්යුන් අතමිට මොලවලා ඒ කොල්ලාගේ මූනට ගැහුවා ජිමින් ටේහ්යුන් නවත්තන්න ගියේ නැ ටේහ්යුන් ගහපු කොල්ලාගේ නහයෙන් ලේ එනවා එතැන හිටපු කොල්ලෝ සෙට් එක ටේහ්යුන් ජිමින් දෙන්නා එක්ක ගහගන්න පටන් ගත්තා ජන්කූක් පැත්තකට වෙලා ඉකිගසන ගමන් බලාගෙන හිටියා
" ඕක නවත්තනවා...."
ඒත් එක්කම ඇහුනු chancellorගේ කටහඬ ඇහුනු හින්දා ටේහ්යුන් බිම දාගෙන ගහගෙන හිටපු කොල්ලාගේ ඇග උඩින් නැගිට්ටේ මූනට වැටුනු කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන්
" තමුසෙලා මෙතන පොර කුකුලු වගේ රන්ඩු වෙන්නේ මොකක් කියලා හිතාගෙන හැමදාම මම තමුසෙලාට කියනවා හරියට හැසිරෙන්න ඉගෙනගන්නවා තව මාස කිහිපයකින් යුනි එකෙන් යන්න ඉන්න අය මෙහෙම හැසිරුනාම හරි ද...? කිම් ටේහ්යුන් මම තමුන්ට අවවාද කරන අන්තිම වතාව ඊලගට මම තමුන් ගැන Mr.Kim ට කම්ප්ලේන් කරන්න දෙපාරක් හිතන්නේ නැ අනිත් අයට කියලා වෙනසක් නැ තමුන්ලා ආපහු ලමයින්ව රැග් කරලා අහුවුනොත් suspend කරනවා.."
Chancellor එහෙම කියලා යන්න ගියාම ටේහ්යුන් කට කොනින් හිනා වුනා හැමදාම ටේහ්යුන් වලියක් දාගත්තාම chancellor කිව්වේ මම තමුන්ට අවවාද කරන අන්තිම වතාම ඊලග සැරේ Mr.Kim ට කම්ප්ලේන් කරන්න දෙපාරක් හිතන්නේ නැ කියලා ඒත් කවදාවත් chancellor ට ටේහ්යුන් ගැන එයාගේ අප්පාට කියන්න කොල්ලා ඉඩ දුන්නේ නැ ටේහ්යුන් chancellorගේ හොර වැඩ ඔක්කොම දන්නවා ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ Professor Choi ට chancellor කැමතියි කියන එක අනිත් එක අනික professor choi මැරි කරපු කෙනෙක් ඉතින් කොල්ලා chancellor blackmail කරනවා
" මම මේක ලේසියෙන් අතහරින්නේ නැ "
" කරන්න පුලුවන් දෙයක් කරපන් චෝයි මින්හෝ..."
ටේහ්යුන්ට රවාගෙන මින්හෝ යන්න ගියා කොල්ලා ඊලගට හැරුණේ පුංචි මී පැටියෙක් වගේ මුල්ලකට ගුලි වෙලා අඩන ජන්කූක් දිහාට ටේහ්යුන් ගිහින් කොල්ලාව තුරුල් කරගෙන ජන්කූක්ගේ ඔලුව අතගෑවා ජන්කූක් හයියෙන් අඩන ගමන් ටේහ්යුන්ට තුරුල් වුනා මේ වෙලාවේ ජන්කූක්ට ඕන කරන ආරක්ෂාව ටේහ්යුන්ගේ අත් අතරේ දැනුනා
" ශ්ශ්ශ්.....බබා කෝ අඩන්න එපා ඔක්කොම හරි නේ "
කොල්ලා ආදරෙන් එහෙම කියද්දී ජන්කූක් ටේහ්යුන්ගේ පපුව අස්සේ මූන හංගගත්තා ජිමින් මේ දිහා බලාගෙන හිටියේ හිනාවක් එක්ක ජන්කූක් අඩන එක නවත්තන පාටක් තිබුණේ නැ
" ජිමිනා....උබ පලයන් මම මෙයාව එක්කගෙන යන්න ඕන "
" හරි බන් මම යන්නම්.."
අද දවසට තිබුණු ලෙක්චර් එක ඉවර නිසා ජිමින් එහෙම කිව්වා ටේහ්යුන් එයාගේ ඇගේ කෝලා කෙනෙක් වගේ එල්ලිලා ඉන්න ජන්කූක්ව වඩාගෙන ගියේ ඔක්කොම කටවල් ඇරගෙන බලාගෙන ඉදිද්දී ජිමින් අත් දෙකින්ම කට වහගෙන හිනා වෙවී බලාගෙන හිටියේ කවදාහරි මේක වෙනවා කියලා එයා දැනගෙන හිටපු නිසා
ටේහ්යුන් කොල්ලාව එක්කගෙන ආවේ එයාගේ mansion එකට mansion එකට ඇතුල් වුනු වෙලේ ඉදලා හමුවුණු ගාඩ්ස්ලා මේඩ්ස්ලා ඔක්කොම කොල්ලාට හිස නවලා ආචාර කලා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරපු ටේහ්යුන් ජන්කූක්ගේ අතින් අල්ලාගෙන ගියා ටේහ්යුන්ට ඒක ගානක් නොවුනත් ජන්කූක්ට ඒක අලුත් දෙයක් වුනා සීනි පුලුන් භූතයෙක් වගේ ඉන්න කොල්ලා ඇස් බෝල කරගෙන mansion එක පුරාම ඇස් අරගෙන ගියා විශාල පඩිපෙළ නැගගෙන අවසානෙට ටේහ්යුන්ගේ රූම් එකට ඇවිත් ජන්කූක්ගේ අත අතහැරියා ජන්කූක් කැරකි කැරකි ටේහ්යුන්ගේ රූම් එක බලනවා
" බබා..ගිහින් වොෂ් එකක් දාගෙන එන්න අතන බාත් රූම් එක "
කාමරේ මැද පුලුන් භූතයෙක් වගේ ඉන්න ජන්කූක්ට කියපු ටේහ්යුන් රූම් එකේ කොනක තිබුණු බාත් රූම් එක පෙන්නුවා කොල්ලා ඔලුව වනලා බාත් රූම් එකට ගියා හැබැයි ජන්කූක්ට ඔලුවේ වැඩ කලේ එක දෙයයි
ඇයි ටේහ්යුන් එයාට මෙහෙම ආදරෙන් සලකන්නේ......?
හැමදාම වද දුන්නු ටේහ්යුන් එයාගේ mansion එකට එක්කගෙන ඇවිත් හරි ආදරෙන් කතා කරනකොට කොල්ලා හිටියේ පුදුම වෙලා ඒත් එයාට මේ වෙලාවේ ටේහ්යුන්ගේ ආදරය ආරක්ෂාව උපරිමයෙන්ම ඕන වෙලා තිබුණේ ජන්කූක් වොෂ් එකක් දාගන්න බාත් රූම් එකට ගියපු වෙලේ ටේහ්යුන් ක්ලෝසෙට් එක අනිත් පැත්ත ගහගෙන ජන්කූක්ට ගැලපෙන ඇදුමක් හෙව්වා හැබැයි කොල්ලා ලග ජන්කූක්ට ගැලපෙන ඇදුමක් තිබුණේ නැ අන්තිමේ දී ටේහ්යුන් එයා ලග තිබුණු බ්ලැක් කලර් ටී ශර්ට් එකකුයි ශෝට් එකකුයි අරගෙන රූම් එකට ගියා
විනාඩි කිහිපයකින් ජන්කූක් බාත් රොබ් එක ඇදෙන පුංචි හා පැටියෙක් වගේ රූම් එකට ආවා කොල්ලාගේ කොන්ඩේ තාමත් වතුර බේරෙනවා
" බබා...මොකද කොන්ඩේ පිහිදගෙන නැත්තේ ඔයා අසනීප වෙයි "
ටේහ්යුන් ටවල් එකක් අරගෙන කොල්ලාගේ ලගට එද්දී ජන්කූක් ඇස් බෝල කරගෙන බලාගෙන ඉන්නවා කොල්ලා ජන්කූක්ව ඇදෙන් වාඩි කරලා කොන්ඩේ පිසදන්න පටන් ගත්තා ජන්කූක්ට නම් ටේහ්යුන්ගේ වෙනස්වීම හිතාගන්න බැ ජන්කූක්ගේ කොන්ඩේ පිහිදලා අවසානයේ කොල්ලාගේ අතට ඇදුම් දුන්නා
" .ඔයාට හරියන ඇදුමක් මගේ ලග නැ බබා ඕක ටිකක් ලොකු ඇති.."
ටේහ්යුන් බෙල්ල පිටිපස්ස කසන ගමන් කිව්වාම ජන්කූක්ට පොඩි හිනාවක් ගියා කොල්ලා ගිහින් ටේහ්යුන්ගේ ඇදුම් ඇදගෙන ආවා ටේහ්යුන් හිතුවා වගේම ජන්කූක්ට ඒ ඇදුම් ලොකුයි ඒ ඇදුම් වලට ජන්කූක් කියුට් විදියට ටේහ්යුන්ට පෙනුනා ටේහ්යුන් එයාගේ ඉදිරියේ බිම බලාගෙන ඉන්න කියුට් කොල්ලා දිහා බලාගෙන හිටියේ එයාට ජන්කූක්ව එක කටට ගිලින්න හිතෙද්දී
" එන්න බබා...අපි මොනාහරි කාලා ඉමු ඔයාට බඩගිනි ඇති නේ "
" ආව්.."
ජන්කූක්ගේ අතින් ටේහ්යුන් ඇල්ලුවාම කොල්ලාට සිහින් කෙදිරිල්ලක් පිට වුනා
" මොකද වුනේ බබා..."
ටේහ්යුන් කලබලයෙන් අහද්දී ජන්කූක් එයාගේ තුවාල වෙලා තිබුණු අත පෙන්නුවා
" බබා කොයිවෙලේ ද මේක වුනේ...අරුන් ගැහුවා ද...?"
කොල්ලා ජන්කූක්ගෙන් අහද්දී ඔලුව වැනුවා
" අයිෂ්.....මම ඔය යක්කු ඉතුරු කරන්නේ නැ.... කෝ බබා ඔතනින් වාඩි වෙන්න මම first aid box එක අරගෙන එන්නම්.."
ජන්කූක් ඇද උඩින් වාඩිවුනාම ටේහ්යුන් ගිහින් first aid box එක අරගෙන ඇවිත් ජන්කූක්ගේ තුවාල වුනු අතට බෙහෙත් දාන්න පටන් ගත්තේ හරි පරිස්සමින් ජන්කූක් විනාඩියකටවත් ටේහ්යුන්ගෙන් ඇස් ඉවතට ගත්තේ නැ ටේහ්යුන්ගේ ආදරේ පිරුණු ආඩම්බරකාර ඇස් ලග ජන්කූක්ගේ ඇස් නැවතිලා තිබුණේ
ටේහ්යුන් කොල්ලාගේ අතට බෙහෙත් දාලා ඉවර වෙලා ඔලුව උස්සනකොට දැක්කේ තමන් දිහා දිලිසෙන ඇස් වලින් බලාගෙන ඉන්න ජන්කූක්ව ඒ දිලිසෙන බෝල ඇස් දැක්කාම ඕන කෙනෙක්ට ආදරේ හිතෙනවා ටේහ්යුන් ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන ඉදලා ජන්කූක්ගේ රෝස තොල් පෙති මතින් පෙක් එක්ක තිබ්බාම කොල්ලා ගැස්සිලා ගියා
පුංචි හා පැටියෙක් වගේ
ටේහ්යුන් හිතුනේ එහෙමයි ටේහ්යුන් නැගිටලා ගිහින් first aid box එක පැත්තකින් තිබ්බා
" කන්න යමු බබා..."
ටේහ්යුන් ඇද උඩ වාඩිවෙලා ඉන්න පුංචි හා පැටියෙක් වගේ කොල්ලාගේ අතින් අල්ලාගෙන කිව්වා ඊට පස්සේ දෙන්නා එක්ක කිචන් එක පැත්තට ගියා ජන්කූක් එයාගේ බෝල ඇස් කරකවන ගමන් වටේම බලනවා
" බබා ඔයාට මොනාද ඕන "
" බනානා මිල්ක් ශේක් "
ජන්කූක් පුංචි බබෙක් වගේ ගත් කටටම කියලා දැම්මාම ටේහ්යුන්ට හිනාවක් ගියා ටේහ්යුන් එක්ක කොච්චර කට ගහගෙන ආවත් ජන්කූක් හරි අහිංසකයි කියලා කොල්ලා දන්නවා ජන්කූක්ගේ ඔක්කොම චන්ඩි වැඩ තමන් ඉස්සරහ විතරයි කියලත් කොල්ලා දන්නවා ටේහ්යුන් මේඩ්ස්ලාට හදන්න ඕන දේවල් කියලා ජන්කූක් එක්ක living room එකට ගිහින් සෝෆා එකේ වාඩිවුනා
" ටේටේ...."
ටික වෙලාවක් නිහඩව හිටපු ජන්කූක් කොල්ලාට කතා කලාම ටේහ්යුන් එයාගේ එහා පැත්තේ වාඩිවෙලා හිටපු ජන්කූක් දිහා බැලුවා
" වේ...?"
" ඇයි ඔයා මට මෙහෙම සලන්නේ...?"
" කොහොමද...?"
" ඇයි හැමදාම මාව කරදර වලින් බේරගන්නේ...? මෙච්චර ආදරෙන් සලකන්නේ ඇයි....? "
ජන්කූක් එයාගේ හිතේ මෙච්චර වෙලා තිබුණු ප්රශ්න ඇහුවා
" ඔයා මගේ නිසා..."
" අහ්....?"
ටේහ්යුන් එහෙම කිව්වාම ජන්කූක් පුදුමෙන් කොල්ලා දිහා බලාගෙන හිටියා මොකද ටේහ්යුන්ගෙන් මේ වගේ පිලිතුරක් ජන්කූක් කොයිම වෙලාවකදීවත් බලාපොරොත්තු වුනේ නැ
" මොකද ඔහොම බලාගෙන ඉන්නේ "
" ඒත්...?"
" මුකුත් කියන්න එපා තමුසේ මගේ එච්චරයි වෙන එවුන් එක්ක එල්ලිගෙන ගිහින් මට කියලා කන පලාගන්න එපා "
කොල්ලා ජන්කූක්ගේ මූනට එබිලා කිව්වාම ජන්කූක්ගේ මූනට හිනාවක් ආවා කොල්ලා හිමින් සැරේ ටේහ්යුන්ගේ අතක් අල්ලගනිද්දී ටේහ්යුන් කොල්ලාව පපුවට තුරුල් කරගත්තා ජන්කූක් ඒ උනුසුමට ලෝභකමින් තුරුල් වුනා ටේහ්යුන් ජන්කූක්ගේ හිස්මුදුනට ආදරනීය හාදුවක් තැවරුවේ ජන්කූක් ඇස් පියාගෙන ඒ හාදුව වින්දා
🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡
හේ හේ
විකාරයක් වගේ ද අෆ්ෆා
Bạn đang đọc truyện trên: AzTruyen.Top