🧡 01 🖤

ට්‍රිං..ට්‍රිං...ට්‍රිං...⏰

Night stand එක උඩ කෑගහන එලාම් රාජයාට අතින් ප්‍රහාරයක් එල්ල කරපු මම අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න හැදුවේ මම හිතන්නේ මේ පාර එලාම් රාජයාත් ස්වර්ගස්ථ වෙන්න ඇති

" සුදු පුතා....අදත් එලාම් එක කැඩුවා නේද අනේ ඇත්තටම මේ ලමයා මොන නැකතක ඉපදිලා ද කියලා නැගිටිනවා තාම පොඩි ලමයෙක් වගේ බලනවා තමුන්ගේ යාලුවා ඒ දරුවා දිහාවත් බලලා පොඩ්ඩක් හැදෙන්න බලනවා තමුන් එනකම් ටේහ්‍යුන් පුතා බලාගෙන ඉන්නවා නැගිටිනවා සුදු පුතා අද යුනි යන්නේ නැද්ද..?"

හැමදාම වගේ අදත් ඔම්මා එයාගේ සුමිහිරි වොයිස් එක අවදි කලේ මාව ඇහැරවන්න අපේ ඔම්මා මට වඩා මගේ අතිජාත පාප බිත්තරයාට ආදරෙයි ඌට වඩා හොද එකෙක් මේ ලෝකෙවත් නැ කියලා තමයි ඔම්මා හිතාගෙන ඉන්නේ ඒත් ඒක වැරදියි කියලා දන්නේ අහිංසක මම විතරයි ඌ වගේ අන්ඩපාල හිපාටුවෙක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති මේ දවස්වල මූ මෙච්චර උනන්දුවෙන් යුනි යන්නේ first year එකේ ඉන්න හා පැටියෙක් වගේ කොල්ලෙක්ට ඇහැ දාගෙන ඉන්න හින්දා හා කොල්ලා නම් ටේහ්‍යුන්ව තබ සතයක් තියා පූස් ලෝමයක් තරම්වත් ගනන් ගන්නේ නැ මූ ඉතින් පැනි වලට වහන ඇබලයා වගේ කොල්ලා පස්සෙන් යනවා මූ ඒ කොල්ලාගේ පස්සෙන් නොයන්නේ wash room එකට විතරයි ඉස්සරහට ඒකටත් යයි වගේ

" යාහ්හ්හ්...සුදු පුතා...මම මෙච්චර කතා කරනවා ඇහෙන්නේ නැද්ද මගෙන් හොද හැදි පාරක් නොකා නැගිටිනවා "

ඔම්මා කර්ටන් දෙපැත්තට කරන ගමන් කිව්වාම මම අමාරුවෙන් ඇස් ඇරියේ මූනට වැටුනු හිරු එලිය නිසා

" නිදාගන්න දෙන්නකෝ ඔම්මා..."

මම කම්මැලිකමේ ආපහු ඇස් පියාගෙන අනිත් පැත්ත හැරෙන ගමන් කිව්වා මුලු පරිසරය පුරාම පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් හැබැයි ඒ නිශ්ශබ්බදතාවය මට නම් කොහෙත්ම සුභ වෙන්නේ නැ කුනාටුවකට පෙර පරිසරය හරි නිශ්ශබදයි කියලා කවුද කාටද කියනවා ඇහුනා ඒත් එක්කම මට දැනුනේ මගේ බෝල පශ්චාත් භාගය රත් වෙලා යනවා වගේ ස්වභාවයක්

" යාහ්හ්හ්...ඔම්මා...ඒක රිදුනා.."

මම නැගිටලා පශ්චාත් භාගය අත ගාන ගමන් ඔම්මාට කිව්වා ඔම්මා කොහු මිටත් අතේ තියාගෙන බලාගෙන හිටියේ තෝ ගිහින් වොෂ් එකක් දාගෙන යුනි යනව ද ආපහු කොසු පාරක් කනවා ද වගේ බැල්මක් කවදාහරි දවසක මගේ බෝල පස්ස ලෑල්ලක් වෙන්නේ ඔම්මාගේ කොසු පාරවල් කාලා කියලා මට ටේහ්‍යුන් පල්ලා විශ්වාසයි

" හලි හලි..ඔච්චර රවන්න ඕන නැ මේ යනවා.."

මට රවාගෙන ඉන්න ඔම්මාට එහෙම කියලා බාත් රූම් එකට ගියේ වොෂ් එකක් දාගෙන යුනි යන්න රෙඩි වෙන්න ඔයාලා බලනවා ඇති මේ මැන්ටල් ඩයල් එක මොකාද කියලා කොහෙද ඉතින් ඕතර් මං ගැන ඔයාලට අදුන්වා දෙන්න දුන්නේ නැ නේ

මම නමින් Park Jimin ඔම්මාගේ සුදු පුතා තමයි මම ඔම්මාටයි අප්පාටයි ඉන්න එකා යකා තමයි Seoul National University එකේ final year student කෙනෙක් යුනි එකේ ඉන්න හැන්සම්ම කොල්ලා මම තමයි හැබැයි මගේ අතිජාත පාප බිත්‍තරයා හිතාගෙන ඉන්නේ ඌ තරම් හැන්සම් එකෙක් මේ මුලු සෞරග්‍රහ මණ්ඩලයේම නැ කියලා දුකට සැපට මගේ හැමදේකටම සහෝදරයෙක් වගේ ලගින් ඉන්නේ ටේහ්‍යුන් තමයි අපි අතරේ පුංචි හරි රහසක් නැ අපි හැමදේම බෙදාගෙන සහයෝගයෙන් ඉන්නවා යුනි එක ඇතුලෙදී මම හෙන cold character එකක් එහෙම නැතුව යුනි එකේ ඉන්න තොරොම්බල් කරත්ත මේකප් උලාගෙන එන චිම්පන්සියොන්ගෙන් බේරෙන්න හම්බවෙන්නේ නැ

විනාඩි කිහිපයකින් මම රෙඩි වෙලා පහලට යනකොට ටේහ්‍යුන් ඔම්මා එක්ක බර සාකච්ඡාවක මූ අපේ ඔම්මා ඉස්සරහ රගපාන විදියට ඔස්කා සම්මානය දෙන්න වටීන්නේ ඒ තරම් හොදට රගපානවා මුගේ රගපෑම් හින්දා මගේ නේ පටි රෝල් වෙන්නේ

" යමන් ටේ පරක්කු වෙනවා..."

" සුදු පුතා කාලා යන්න "

" අනියා ඔම්මා cafeteria එකෙන් කන්නම් වරෙන් ටේ යන්න ඔම්මා අප්පා අපි යනවා.."

" හරි පුතා පරිස්සමින් "

" ආන්ටි අන්කල් ගිහින් එන්නම්.."

ටේහ්‍යුන් ඒකාගේ පෙට්ටි හිනාව දාගෙන ඔම්මාට කිව්වාම මම ඒකාගේ අතින් ඇදගෙන ආවේ තව ටික වෙලාවක් හිටියොත් ඔම්මා මාව එලවලා මූව දරුකමට හදාගනියි කියලා තුන්වැනි හිත කිව්ව හින්දා

අපි දෙන්නා යුනි එකට ආවා ටේහ්‍යුන් ආපු වෙලේ ඉදලා බබර චක්‍රය වගේ කැරකි කැරකි කාවදෝ හොයනවා වෙන මොකාද ඉතින් මේකාගේ මේ දවස් වල ලව් එක Jeon Jungkook

" ඒ කොටෝ.....මගේ හා පැටියා ඇවිත් නැද්ද බන් "

" උබේ හා පැටියා මගේ ගෙදර නෙවෙයි ඉන්නේ "

මම කිව්වාම ටේහ්‍යුන් මං දිහා බලලා රැව්වා ඒත් එක්කම මම දැක්කේ ඇස් බෝල කරගෙන වටපිට බලමින් එන ජන්කූක්ව

" ආන් උබේ හා පෝතකයා එනවා.."

මම එහෙම කිව්වාම ටේහ්‍යුන් ඒ පැත්තට බැලුවේ හිනාවකින් මූන සරසගෙන ජන්කූක්ගේ නම කිව්වත් ඇති මේකාගේ මූනට හිනාවක් එන්න ටේහ්‍යුන් ජන්කූක් දිහා බලාගෙන හිටියත් ජන්කූක් ටේහ්‍යුන්ව නොදැක්ක ගානට ගියපු හින්දා ටේහ්‍යුන්ගේ මෙච්චර වෙලා තිබුණු හිනාව නැති වෙලා ගියා

" ඔහොම නැවතියන් ජන්කූක් "

" ටේ..තෝ මොකද්ද කරන්න හදන්නේ "

මම ඇහුවේ මේ පිටසක්වලයා මොනාහරි නසරානි වැඩක් කරන්න යන්නේ කියලා තේරුනු නිසා

" උබ කට වහගනින් "

මටත් කෑගහපු ටේහ්‍යුන් ජන්කූක්ගේ පැත්තට ගියා දැන් නම් ටේහ්‍යුන්ට හොදටම කේන්ති ගිහින් ඉන්නේ මේකාට හොස්ස ලගින් මැස්සා යන්න බැ කේන්ති ගන්නවා ඊලගට වලියක් දාගෙන කෙලින්ම chancellorගේ ඔෆිස් එකේ තමයි

" මොකද උබ මාව නොදැක්ක ගානට ගියේ "

ටේහ්‍යුන් අහිංසක හා පැටියෙක් වගේ ඉන්න කොල්ලාට කෑගහලා ඇහුවා

" මම තමුන්ව දැක්කා කියලා දහ අට වන්නම නටන්න ඕන කියලා ද කියන්නේ "

උප්ස්....මම කලින් අහිංසකයි කිව්ව වචනේ ඉල්ලා අස් කරගන්නවා

" යේ....තමුසේ seniors ලාට ගරු කරන්න දන්නේ නැද්ද..?"

" තමුසේ වගේ එකෙක්ට ගරු කරන්න මට පිස්සු කියලා ද හිතන්නේ....? අනිත් උන්ට තමුසේ ලොකු වුනාට මට නම් තමුසේ තරම් පෙන්නන්න බැරි එකෙක් ඇත්තේම නැ අනිත් උන් තමුසෙට බය වුනාට මම බය නැ ටේහ්‍යුන් "

දැන් නම් කොල්ලෝ කන්න තමයි හදන්නේ ටේහ්‍යුන් කේන්තියෙන් නහර ඉලිප්පුනු අත් එක්ක ජන්කූක් දිහා බලාගෙන ඉන්න විදිය නම් මට අල්ලන්නේ

" උබ කොහොමද යකෝ මට එහෙම කතා කරන්නේ....පොඩි එකෙක් කියලා මෙච්චර වෙලා ඉවසගෙන හිටියේ උබට මම අද හොද පාඩමක් උගන්නන්නම් "

" ටේ...මොකද කරන්නේ ඔහොම නැවතියන් "

මම කියන කිසිදෙයක් කනකට නොගත්ත ටේහ්‍යුන් එතැන හිටපු ගෑනු ලමයෙක්ගේ අතේ තිබුණු වතුර බෝතලේ අරගෙන ජන්කූක්ගේ ඔලුවට නැව්වා කොල්ලා තෙමිලා සම්පූර්ණයෙන් වගේ

" උබේ කටේ සද්දේ අඩු කරගනින් නැත්නම් උබට යුනි එක පැත්ත පලාතේ එන්න ඉඩ තියන්නේ දන්නවා නේ උබ මේ යුනි එක අයිති මගේ අප්පාට කියලා "

ටේහ්‍යුන් එහෙම කියද්දී ජන්කූක් කදුලු පුරවගෙන බලාගෙන හිටියා මට කොල්ලා පව් කියලා හිතුනා ටේහ්‍යුන් අතේ තිබුණු බෝතලේ විසි කරලා දාලා ගියා මම ජන්කූක් එක්ක කතා කරන්න හැදුවත් කොල්ලා එතැනින් දුවලා යන්න ගියා මම ටේහ්‍යුන් හොයාගෙන ගියේ මූට හොද දෙකක් කියනවා කියලා හිතාගෙන

මම ආවේ යුනි එකේ පිටිපස්සට වෙන්න තිබුණු පරන building එක පැත්තට ගොඩක් වෙලාවට ටේහ්‍යුන් ඉන්නේ මෙතන නිසා හිතුවා වගේම building එකේ කනුවකට හේත්තු වෙලා සිගරට් එකක් කටේ ගහගෙන ඉන්න ටේහ්‍යුන් දැක ගන්න ලැබුනා මම කොච්චර මූට කිව්වත් මේකාගේ මේ පුරුද්ද නැති වෙන්නේම නැ

" මොකද්ද යකෝ ඒ උබ කරපු වැඩේ තේරුම පව් ඒ කොල්ලා උබට දුක නැද්ද ආ.."

" ඌ මොකද මාව නොදැක්ක ගානට ගියේ මාත් එක්ක එකට එක කියාගෙන ආවේ මොකටද.."

ටේහ්‍යුන් කේන්තියෙන් ඇහුවා

" ඒ වුනාට උබ කරපු දේ වැරදියි ඒ කොල්ලා කොහොමද දැන් දවසෙම එහෙම ඉන්නේ "

" කොහොමහරි ඉදියි නේ "

මූට කිසි හිතක් පපුවක් තියෙන එකෙක් නෙවෙයි මම ටේහ්‍යුන්ට බනින ගමන් ලෙක්චර් හෝල් එකට එක්කගෙන ගියා අපි යනකොට professor ඇවිත් හිටියේ නැති නිසා අපි පුදුම වුනා හැමදාම වගේ professor වෙලාවට එන නිසා මමයි ටේහ්‍යුන් ගිහින් පිටිපස්සෙම පේලියේ වාඩිවුනා  ටිකකින් ලමයි ඔක්කොම නිශ්ශබද වුනේ chancellor තව කෙනෙක් එක්ක ලෙක්චර් හෝල් එකට ආපු නිසා 

" silent...silent.."

හැමෝගෙම අවධානය ආපු ආගන්තුක පුද්ගලයාට වගේම chancellor ට යොමු වුනා  නලලට වැටුනු ඝන කොන්ඩේ තියුනු ඇස් ලා රෝස පැහැති සිහින් තොල් පෙති ඔහු ඇදලා හිටපු බ්ලැක් කලර් outfit එක හින්දා ඔහුගේ කිරි සුදු පැහැති සම කැපිලා පෙනුනා මට නම් හිතුනේ මගේ ඉස්සරහ කිරිගරුඬ ප්‍රතිමාවක් තියලා කියලා මම එයා දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ

" හැමෝම අවධානයෙන් අහගන්න ඔයාලාගේ management උගන්නපු professor පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් රටින් පිට ගිහින් ඉන්නේ ඒ හින්දා ඔයාලාට අද ඉදන් management lecture එක දෙන්නේ professor Min ඔයාලා හැමෝම professor Min එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕන "

Chancellor කිව්වා මොහ්...? එතකොට දැන් එයාද අපේ management උගන්නන්නේ මම හිතන්නේ එයා තමයි මම දැක්ක ලස්සනම professor මම කොච්චර වෙලා එයා දිහා බලාගෙන හිටියා ද කියන්න දන්නේ නැ අයිෂ්....අද මට මොනා වෙලා ද මන්දා ඔහොම කන්න වගේ professor දිහා බලාගෙන ඉන්න එපා ජිමිනෝ මම ඔලුවට එකක් ගහගෙන හිතුවා ටේහ්‍යුන් මගේ දිහා උබට පිස්සු ද වගේ බැල්ලමකින් බලාගෙන ඉන්නවා මම දත් තිස් දෙක නියවලා හිනා වෙලා ආපහු professor දිහා බැලුවා

🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡

මගේ පලවෙනි BL story ආසාවට ලියන්න පටන් ගත්තේ

අවුල් වගේ ද ලමයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top