🧡 50 (End) 🧡
යූනා එයාගේ apartment එකට ආවේ හොරෙක් වගේ වටපිට බලන ගමන් මොකද කොයිවෙලේ එයාව ජිමින්ට අහුවෙයි ද කියලා කියන්න බැරි නිසා යූනා apartment එක ඇතුලට ඇවිත් දොර වහලා හොද හුස්මක් ගත්තා යූනා දාගෙන හිටපු කැප් එකත් ගලවලා දාලා කිචන් එක පැත්තට ගියා වතුර වීදුරුවක් පුරවගත්ත යූනා වතුර බොන ගමන් ලිවින් රූම් එක පැත්තට අඩිය තිබ්බා
" ඈහ්...."
යූනා බය වුනු පාර අතේ තිබුණු වීදුරුව වැටිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා යූනා බය වුනේ ලිවින් රූම් එකේ කකුලක් පිට කකුලක් දාගෙන ඉදගෙන ඉදපු කෙනෙක්ව දැකලා
යූනා හිටියේ හොදටම බය වෙලා ඒක එයාව දකින ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් ඒ හිටපු කෙනා යූනා දිහා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටියා
" ජිමින්...."
යූනාගේ කටින් පිටවුනා ඔව් ඒ ඇවිත් හිටියේ ජිමින් කොල්ලා තමන්ගේ ගෙදර වගේ ගිහින් වාඩිවෙලා ඉන්නවා
" ඕහ්... මිස් යූනාට තාම මාව මතකයි නේද..?"
ජිමින් කිව්වේ යූනා දිහාට තියුනු බැල්මක් දාගෙන
" ජිමින්.... මම..."
" මොනාද මිස් යූනා කියන්න තියෙන්නේ...?"
ජිමින් අහද්දී මිස් යූනා බිම බලාගෙන හුස්මක් පහත දැම්මා
" මට සමාවෙන්න ජිමින්.."
යූනා කනගාටුවෙන් වගේ කතා කරද්දී ජිමින් සමච්චලේට වගේ හිනා වුනා
" හහ්... සීරියස්ලි.. සමාව ඉල්ලන්න පුලුවන් දේවල් ද මිස් යූනා කරේ.. පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් හොදයි නේද කරපුවා ගැන "
ජිමින් කට කොනින් ඇදුනු හිනාවක් එක්ක කියන ගමන් යූනා ලගට කිට්ටු වුනා
" මම ඔයාගේ ඔම්මා නේද ජිමින් මට සමාව දෙන්න බැරි ද.."
යූනා ඇස් වල කදුලු පුරවගෙන ලොකු පසුතැවිමක් එක්ක කතා කලේ ජිමින් යූනා කියපු දේ අහගෙන ඉදලා අත්පුඩි ගහන ගමන් වියරුවෙන් වගේ හිනා වෙන්න පටන් ගත්තා
" මිස් යූනා ඔයත් මාර විහිලු නේ කරන්නේ...? "
ඊලග තත්පරේ ජිමින්ගේ ඇස් කේන්තියෙන් රතු වුනා
" මම එදත් කිව්වා මිස් යූනා තමුන් මගේ ඔම්මා නෙවෙයි තමුන් ඔම්මා කෙනෙක් වගේ කවද්ද වැඩ කරේ තමුන්ට හැමදාම ඕන වුනේ ධනය බලය විතරයි ඒ නිසා නේ මාව මරලා හරි park industries අයිති කරගන්න ඕන වුනේ කවදාවත් තමුන්ට park industries අයිති වෙන්නේ නැ තවත් තමුන්ට සෙල්ලම් කරන්න වෙන්නේ නැ මිස් යූනා.."
මෙච්චර වෙලා දුකින් ඉදපු යූනා අමුතු හිනාවක් එක්ක පිටිපස්සේ හංගගෙන ඉදපු ගන් එක අරගෙන ජිමින්ට ඒම් කලා
" දැන් තමුන්ගේ සෙල්ලම් ඉවරයි ජිමින් මොනාද කිව්වේ park industries කවදාවත් මගේ වෙන්නේ නැ කිව්වා නේද..? දැන් තමුන්ව ඉවරයක් කරාට පස්සේ ඒ හැමදේම මගේ තමුන් මෙච්චර මෝඩ වුනේ කොහොමද ජිමින්.."
යූනා ඇහුවේ ජයග්‍රාහී හිනාවක් එක්ක ඒත් ජිමින්ගේ මුහුන නම් වෙනසක් සිද්ධ වුනේ නැ
" යාහ්හ් ජිමිනා... මොකද්ද හලෝ පොඩ්ඩක් බය වෙනවකෝ යූනා ආන්ටි කොච්චර ලස්සන දෙබස් ටිකක් ද කිව්වේ..? ෆිල්ම් එකක් වගේ "
ටේහ්‍යුන් එහෙම කියාගෙන ඇවිත් ජිමින්ගේ ලගින් ඇවිත් හිටගත්තා යූනා හිතුවේ ජිමින් තනියෙන් ඇවිල්ලා කියලා
" park industries owner Mr.Park Jimin ඝාතනයට තැත් කිරීම Miss Kim seri පහර දීම වැනි අපරාධ කිහිපයක් පදනම් කරගෙන තමුන්ව අත්තඩංගුවට ගන්නවා තමුන් යටත් වුනොත් හොදයි "
නම්ජූන් වගේම එයාගේ ටීම් එකේ අයත් යූනාට ගන් ඒම් කරගෙන හිටියේ යූනාට පැනලා යන්න පොඩි හෝ ඉඩක් තිබුණේ නැ
" දැන්ම ගන් එක පහලට දාලා යටත් වුනොත් තමුන්ට හොදයි "
නම්ජූන් කිව්වා යූනා ගන් එක පහලට දාද්දී ජිමින් යූනා ලගට කිට්ටු වුනා
" නමට හරි මගේ ඔම්මා වුනු හින්දා තමුන් පනපිටින් ඉතුරු වෙලා ඉන්නේ "
යූනාගේ කනට කරලා ජිමින් කියලා ඈත් වුනා නම්ජූන් යූනාගේ අතේ තිබුණු ගන් එක අරගෙන මාංචු දැම්මා ඒ හැම තත්පරේකදීම යූනාගේ ඇස් තිබුණේ ජිමින් ලග ජිමින් අත් දෙක සාක්කුවට දාගෙන යූනා දිහා බලාගෙන හිටියා නම්ජූන් යූනාව එක්කගෙන යද්දී ජිමින් හුස්මක් පහත දැම්මා මේ වෙනකොට මිස්ටර් මින් වගේම මිස්ටර් කන්ග් අත්තඩංගුවට අරගෙන තිබුනා
" ජිමිනා... උබ හොදින් ද.."
ටේහ්‍යුන් ඇහුවේ තාමත් යූනා ගියපු දිහා බලාගෙන ඉන්න ජිමින්ගෙන්
" යේ.... මම හොදින්.."
ඒත් එක්කම ජිමින්ගේ ෆෝන් එක රින් වුනා කොල්ලා කෝල් එක ආන්සර් කලා
" මොහ්...
හරි එන්නම්.."
ජිමින් එහෙම කියලා කලබලයෙන් ටේහ්‍යුන් දිහා බැලුවා
" සෝයූන් හොස්පිටල් ඇඩ්මිට් කරලා "
" යමන් ඉක්මනට යුංගි හියුන්ග් මොන පිස්සුවක් නටනවාද දන්නේ නැ "
ජින් ජිමින්ට කෝල් කරලා කිව්වෙ හෝසොක්ටයි එයාටයි යුංගිව පාලනය කරගන්න බැරි නිසා කොල්ලෝ දෙන්නා ඉක්මනට හොස්පිටල් එකට ගියා ජිමින් යනකොට සෝයූන්ව වෙන රූම් එකකට මාරු කරලා තිබුණේ
සෝයූන්ට කොහොමද හියුන්ග්... යුංගි හියුන්ග් කෝ..?"
ජිමින් ආපු ගමන් ඇහුවේ යුංගි පේන්න නොහිටපු හින්දා
" යුංගි සෝයූන් ලග..."
ජින් කිව්වේ වේදනාවෙන් හුස්මක් පහත දාන ගමන්
" යුංගියා තව පොඩ්ඩෙන් ඩොක්ටර්ට ගහනවා "
හෝසොක් කිව්වේ උරහිසත් අල්ලාගෙන යුංගි ඩොක්ටර්ට ගහන්න හදනකොට හෝසොක් අල්ලගත්ත නිසා යුංගි හෝසොක්ට ගැහුවා ඒ ගැහුව පාරේ සැරට හෝසොක්ට බ්‍රහ්ම ලෝකෙත් පෙනුනා
" හියුන්ග් මෙහෙම ඉන්නවා මම දැකලා නැ "
ටේහ්‍යුන් කිව්වේ එතැනින් වාඩිවෙන ගමන් යුංගි සෝයූන් ඉන්න රූම් එකේ හිටියේ කෙල්ලගේ අතකිනුත් අල්ලාගෙන යුංගි බලාගෙන හිටියේ අමාරුවෙන් හුස්ම ගන්න සෝයූන්ගේ මූන දිහා මැෂින් වල ටීක් ටීක් සද්දේ දැන් යුංගිට නුපුරුදු දෙයක් නෙවෙයි යුංගි කෙල්ලගේ අතට උනුසුම් හාදුවක් තැවරුවා
" සෝයූ.... ඇස් අරින්න.. චේබල් ඔහොම ඉන්න එපා... ඔයා කිව්ව නේද හිම වැටෙනවා බලන්න ආසයි කියලා ම්ම්ම් ඔයා ඔහොම ඉදිද්දී කොහොමද හිම වැටෙනවා බලන්නේ... "
ඉදපු ඇද උඩින් ඔලුව තියාගෙන සෝයූන්ගේ නලලට වැටිලා තිබුණු කොන්ඩ කෑලි ඇගිලි තුඩු වලින් එහාට කරන ගමන් හිටියේ සෝයූන්ගේ මූන සුදුමැලි වෙලා කෙල්ල ගොඩක් දුර්වලයි ඒ පියවුනු ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනා යුංගි ඒ කදුලු පිසදලා නලලට සොෆ්ට් හාදුවක් තැවරුවා
යුංගි දෙවියන්ගෙන් ඉල්ලුවේ එයාගේ සෝයූ එයාගෙන් උදුරගන්න එපා කියලා ඒත් දෙවියෝ ඒ අහිංසක ඉල්ලීමට ඇහුම්කන් දුන්නා ද කියන එක නම් ප්‍රශ්නයක්
" සෝයූ.... ඔයාට මතක ද ඉස්සෙල්ලාම අපි හම්බුනු විදිය.. airport එකේ දී කිසිගානක් නැතුව රන්ඩු වුනු විදිය.... ඒ වෙලාවේ නම් මට හිතුනේ කන පැලෙන්න පාරක් ගහන්න.. ඊට පස්සේ ජින් හියුන්ග්ගේ ගෙදරදී ඔයාව දැක්කාම පුදුම වුනා.. හිත යටින් මම සතුටු වුනා හොද පාඩමක් උගන්නන්න පුලුවන් කියලා.. මම කොෆි එකක් ඉල්ලුවාම හදලා ගෙනත් දීපු කොෆි එක ඒක තමයි මගේ ජීවිතේ බීපු සවුත්තුම කොෆි එක.. මතක් වෙනකොටත් අප්‍රසන්නයි වගේ.. මොනා වුනත් එදා තමයි ඔයා ඉස්සෙල්ලාම මගේ අත් අතරට තුරුල් වුනේ.... දන්නවා ද.. ඔම්මාගෙන් පස්සේ මට ලං වුනු එකම කෙල්ල ඔයා.. මතක ද මේ හොස්පිටල් එක ඉස්සරහම ඉස්සෙල්ලාම මාව කිස් කරපු දවස....."
යුංගි සිහින් සිනාවක් එක්ක කිව්වේ අතීත මතකයන් එකින් එක මතක් කරන ගමන් සෝයූන්ගේ හිනාවෙන් කතාවෙන් දග වැඩ වලින් කොල්ලාගේ මුලු ලෝකෙම පිරෙව්වා
" ඒත්... ඒත්.. එදා ඔයා අසනීපෙන් කියලා දැනගත්තාම මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ... මගේ ඉස්සරහ සිහිය නැතුව වැටෙද්දී මගේ ඉස්සරහම ලේ යද්දී මාව පිච්චෙනවා වගේ සෝයූ.... හිටපු ගමන් රෑට උණ ගන්නකොට ඔයා වේදනාවෙන් කෙදිරිගානකොට මට මැරෙන්න තරම් රිදෙනවා සෝයූ.... ඔයා දැන් මෙහෙම ඉන්නවා දකිද්දී මගේ පපුව කොච්චර රිදෙනවා ද කියලා දන්නවා ද...? මට ගොඩක් රිදෙනවා සෝයූ... ඔයාගේ ඇස් පියවෙද්දී මට බයයි.. ආපහු මගේ දිහා ඇස් ඇරලා බලන එකක් නැද්ද කියලා....චේබල් ඇස් ඇරලා කලින් වගේ මාත් එක්ක රන්ඩු වෙන්න.... මාත් එක්ක හිනා වෙන්න.... මට මගේ සෝයූව ඕන... "
එදා airport එකේ දී අහම්බෙන් හම්බුනු කෙල්ල යුංගිගේ මුලු ජීවිතේම සම්පූර්ණයෙන් කනපිට හරවයි කියලා එදා යුංගි නොහිතන්න ඇති...සෝයූන් නැති ජීවතයක් ගැන එයාට හිතන්නත් බැරි තරමට යුංගිගේ ජීවිතේට සෝයූන් ලං වෙලා
යුංගි සිහින් ඉකියක් එක්ක හිතේ තියෙන හැමදේම වචන වලට හැරෙව්වා වැඩි වෙලාවක් නොයා ඒ ඉකිය ඇඩුමක් බවට පරිවර්තනය වුනේ යුංගිගේ හිතේ තියෙන වේදනාව කොයිතරම් ද කියලා කියන්න වගේ යුංගිට බයයි සෝයූන් ආපහු ඇස් ඇරියේ නැතිවුනොත් කියලා යුංගිට දුකයි සෝයූන් සිහිය නැතුව මැෂින් ගොඩකට වට වෙලා ඉන්නවා දකිද්දී යුංගිට තරහයි එයාගේම දෛවය ගැන
මහ හයියෙන් කෑගහලා අඩන යුංගි දිහා බලාගෙන ඉදපු ජින් කදුලු පුරවගෙන එතැනින් යන්න ගියේ තවත් යුංගි මෙහෙම ඉන්නවා බලාගෙන ඉන්න බැරි තැන යුංගි තමයි එයාලා හත් දෙනාගෙන් ශක්තිමත්ම කෙනා.. අනිත් අයට වඩා යුංගිගේ හිත හයියයි කොල්ලා කිසිදෙයක් මහ ලොකුවට ගනන් ගන්න කෙනෙක් නෙවෙයි එහෙම හිටපු යුංගි එයාගේ ආදරේ වෙනුවෙන් මෙහෙම අඩනකොට බලාගෙන ඉන්න පුලුවන් කාටද.....?
.
After Few Hours
මුලු ඇගම අලු වෙලා යනවා වගේ හැගීමක් දැනෙද්දී සෝයූන් උත්සාහ කලේ ඇස් අරින්න ඒත් එයාට ඇස් අරින්න අමාරුයි කෙල්ලගේ ඔලුව පුපුරන්න තරම් රිදෙනවා සෝයූන්ට ඕන වුනේ කොහොමහරි ඇස් ඇරලා බලන්න
අන්තිමේ දී සෝයූන් ඇස් ඇරියා ඒත් ඉක්මනට ආපහු ඇස් පියාගත්තේ ආලෝකය එයාගේ ඇස් වලට දරාගන්න අමාරු හින්දා සෝයූන් ඇස් ආලෝකයට හුරු කරගන්න ඇස් ඇරියා කෙල්ල අමාරුවෙන් රූම් එක පුරා ඇස් යැව්වා මැශින් වල ටීක් ටීක් සද්දේ සුදු පාට බිත්ති එක්ක කෙල්ලට තේරුනා එයා ඉන්නේ හොස්පිටල් එකේ කියලා
රූම් එක වටේම ඇස් යවපු සෝයූන්ගේ ඇස් නැවතුනේ එයාගේ අතකිනුත් අල්ලාගෙන ඇද උඩ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න යුංගි ලග යුංගිගේ අනිත් අත රැදිලා තිබුණේ සෝයූන්ගේ කොන්ඩේ අතරේ යුංගිගේ අවුල් වුනු කොන්ඩේ ඉදිමිලා තියෙන ඇස් වේලුනු තොල් දැක්කාම කෙල්ලගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනා එයා හින්දා නේද යුංගි මෙච්චර දුක් විදින්නේ කියලා දැනෙද්දී සෝයූන්ට හිතුනේ ඉක්මනට මේ ලෝකෙන් යනවා නම් හොදයි කියලා
සෝයූන් යුංගිගේ අත තද කරලා අල්ලද්දී කොල්ලා ඇස් ඇරියා
" සෝයූ... ඔයා ඇහැරිලා.."
යුංගි කදුලු පුරවගෙන හිනා වෙන ගමන් කිව්වා කොල්ලා නැගිටලා ඩොක්ටර් එක්කගෙන යන්න හදනකොට සෝයූන්ගේ කොල්ලාගේ අත තද කරලා අල්ලගත්තා
" ය..ය්න්න..එපා..."
සෝයූන් ඔක්සිජන් මාක්ස් එකත් ගලවලා අමාරුවෙන් වචන ගැට ගහගෙන කතා කලා
" මම අනිත් අයට කියලා එන්නම් ඔයා ඇහැරිලා කියලා ම්ම්ම්.."
යුංගි කියද්දී සෝයූන් හා කියන්න ඔලුව වැනුවා මේ වෙනකොට හේරා සේරි සෝ ආ ත් හොස්පිටල් එකට ඇවිත් තිබුණේ යුංගි කිව්වාම සෝයූන්ට සිහිය ඇවිත් කියලා අනිත් අයත් ඇතුලට ආවා යුංගි ගිහින් සෝයූන්ගේ අතින් අල්ලගත්තා කෙල්ල හිනාවක් එක්ක හැමෝම දිහා බැලුවා සෝයූන් සෝ ආ දිහා බලලා අතින් එයාගේ ලගට එන්න කියලා කතා කලා මෙච්චර වෙලා ජිමින්ගේ තුරුලේ හිටපු කෙල්ල ජිමින්ගෙන් ඈත් වෙලා සෝයූන් ලගට ගියා
" සෝ... බබා... "
" ඔන්නි...."
" ම..තකද ඔයා මට පො..රොන්දුවක්.. වුනා.."
" යේ..."
" ඒ.... පො..රොන්දුව.. ඉෂ්ට.. ක්...කරන්න කාලේ හරි..."
සෝයූන් හිනාවක් එක්ක කියද්දී සෝ ආගේ කදුලු අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" ඔන්නි.... වේ එහෙම කියන්නේ ඔන්නි කොහෙද යන්නේ..?"
සෝ ආ අඩන ගමන් අහනකොට සෝයූන් බැලුවේ යුංගි දිහා යුංගි කෙල්ල දිහා බලාගෙන හිටියේ කියාගන්න බැරී වේදනාවක් හිතේ තියාගෙන
" යුංගියා.... මියානේ...."
අමාරුවෙන් හුස්ම ගන්න ගමන් සෝයූන් කියද්දී යුංගි කෙල්ලව බදාගත්තා කොල්ලාට තවත් දරාගන්න පුලුවන් කමක් තිබ්බේ නැ මෙච්චර කාලයක් සෝයූන්ගේ ඉස්සරහ යුංගි ඇඩුවේ නැ හැමදාම කෙල්ලට හොරා ඇඩුවේ
" චේබල්...සෝයූ මාව දාලා යන්න එපා... මගේ පපුව.. හිර වෙනවා වගේ.. මම මැරේවි..සෝයූ.."
යුංගි අඩද්දී හේරා එතැනින් යන්න ගියේ තවත් යුංගිගේ හැඩුම් දිහා බලාගෙන ඉන්න බැරි නිසා තමන්ගේ එකම දරුවා එයාගේ ආදරේ වෙනුවෙන් අඩනවා යුංගි එහෙම අඩන කෙනෙක් නෙවෙයි කියලා හේරා වගේම අනිත් අයත් දන්නවා හැමෝම අසරණයි මේ වෙලාවේ සෝයූන් හුස්මක් පිට කරලා යුංගිව වෙව්ලන අත් වලින් බදාගත්තා සෝයූන් එයාගේ කදුලු හිරකරගෙන යුංගිව සනසන්න ඕන වුනේ
" යුංගියා.... ඔයා අඩන බබෙක් වෙලා.."
සෝයූන් හිනා වෙලා කියනකොට යුංගි කදුලු පිහිදගත්තා ඒත් කොල්ලා සෝයූන්ගෙන් ඈත් වුනේ නැ
" අ..අනියා.. මම අඩන්නේ නැ "
යුංගි කිව්වේ කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගෙන යුංගිගේ උනුසුම් සුසුම් කෙල්ලගේ බෙල්ල පාමුල වදිනවා ඒ දෙන්නාට තනිවෙන්න දීලා අනිත් අය රූම් එකෙන් එලියට ගියා සෝයූන්ට යුංගිව ඈත් කරන්න ඕන වුනේ නැ කෙල්ලට ඕන වුනේ අන්තිම තත්පරේ වුනත් යුංගිගේ උනුහුමට තුරුල් වෙලා ඉන්න යුංගිට කියන්න ගොඩක් දේවල් තිබුනත් කෙල්ලට මහන්සියි තවත් වචනයක්වත් කතා කරන්න එයාට ශක්තියක් ඉතුරු වෙලා තිබුණේ නැ
" යුංගියා.... අඩන්න එපා.."
ටිකකින් සෝයූන්ගේ අත පන නැතුව පහලට කඩාගෙන වැටුනා මෙච්චර වෙලා තිබුණු මැෂින් වල ටීක් ටීක් සද්දේ තවත් ඇහුනේ නැ යුංගි සෝයූන්ගෙන් ඈත් වුනා
" සෝයූ.... මොකද ඇස් වහගෙන.. දැන් මාත් එක්ක කතා කරා නේද යාහ්හ් සෝයූන්.. ඇස් අරින්න.. මේක විහිලුවක් නෙවෙයි "
යුංගි කෑගහනකොට ජිමින් ඇතුලට ආවේ
" හියුන්ග්...."
" ගිහින් ඩොක්ටර් එක්කගෙන එනවා..."
යුංගි කෑගහනකොට ජිමින් ගිහින් ඩොක්ටර් එක්කගෙන ආවා
" I'm really sorry..she is no more.."
ඩොක්ටර් එහෙම කිව්වාම යුංගි ඩොක්ටර්ගේ ඇදුම් අල්ලගත්තේ කේන්තියෙන්
" තමුසේ කොහොමද එහෙම කියන්නේ මගේ සෝයු ජීවත් වෙනවා "
" හියුන්ග් ඩොක්ටර්ව අතහරින්න "
ජිමින් ටේහ්‍යුන් එකතු වෙලා යුංගිගෙන් ඩොක්ටර්ව ගලවගත්තා යුංගි මේ ඉන්න තත්ත්වය අනුව ඩොක්ටර් මරන්න පුලුවන් ජින් ඩොක්ටර්ගෙන් සමාව අරගත්තා
" සෝයූ... තමුසෙට බැ මාව දාලා යන්න ඇස් ඇරලා බලනවා මගේ දිහා... ඔයා නිදි නේද මැනික.....අර ඩොකට පිස්සු ඔයා කොහොමද මාව දාලා යන්නේ "
යුංගි සෝයූන්ගේ නිසල සිරුර බදාගෙන කිව්වා කොල්ලාගේ ඇස් වලින් නොනවත්වා කදුලු බිදු කඩාගෙන වැටෙනවා හේරා බිත්තියට හේත්තු වෙලා බලාගෙන හිටියේ යුංගිගේ හැසිරීම දිහා හැමෝම අඩනවා
හැමෝම එයාගේ දග වැඩ වලින් හිනස්සපු දගකාරී ආපහු නොඑන්නම ගිහින් කියලා කොහොමද විශ්වාස කරන්නේ....?
ජින් හිමින් සැරේ ගිහින් සෝයූන්ගේ නිසල සිරුර බදාගෙන අඩන යුංගිගේ ඔලුව අතගෑවා
" යුංගියා.... සෝයූන් ගිහින්.."
ජින් එහෙම කියලා යුංගිව සෝයූන්ගෙන් ඈත් කරන්න හැදුවත් ඒක හරි ගියේ නැ ඒක නිසා ජිමින් ටේහ්‍යුන් එකතු වෙලා යුංගිව එතැනින් අරගෙන ගියා
.
After Few Days
Funeral එකේ වැඩ කටයුතු ඔක්කොම ඉවර වුනා යුංගි එදා ඇඩුවාට පස්සේ ආපහු ඇඩුවේ නැ කොල්ලා කා එක්කවත් කතා කලෙත් නැ කවුරුහරි මොනාහරි ඇහුවොත් එක්කෝ ඔව් කියයි නැත්නම් නැ කියයි ඊට වඩා දෙයක් කිව්වේ නැ සෝ ආ කොයිවෙලෙත් එයාගේ ඔප්පා ගැන හොයලා බැලුවා
ඒ ඔක්කොම අතරේ ජිමින් නම් හිටියේ තරහෙන් නැ ඊට වඩා ඉරිසියාවෙන් කිව්වොත් මම හිතන්නේ හරි සෝ ආගේ ඉල්ලීම මත ලීනා අරගෙන ආපු බබා ඒ දෙන්නා හදාගන්න තීරණය කලා සෝ ආ දැන් එක්කෝ බබා එක්ක ඉන්නේ නැත්නම් යුංගි එක්ක ඉන්නේ ඒත් නැත්නම් යුනි එකේ වැඩක් සෝ ආ කොල්ලා එක්ක ඉන්නේ නැති නිසා ජිමින්ට ටිකක් තරහ ගිහින් හිටියේ
මේ අවස්ථාව වන විට ඇද උඩට වෙලා මූනත් බුම්මගෙන ජිමින් බලාගෙන හිටියේ සෝ ආ දිහා කෙල්ල පෑනත් කටේ ගහගෙන ලොකු වැඩක්
" මොකද ඔහොම බලන්නේ "
සෝ ආ ඇහුවේ කටේ ගහගෙන හිටපු පෑනත් ටේබල් එක උඩින් තියලා ජිමින්ගේ පැත්තට හැරෙන ගමන්
" දැන් ද තමුසේ මම කියලා ජීවියෙක් ඉන්නවා කියලා දැක්කේ..?"
ජිමින්ට තරහ ගිහින් ඉන්නේ කියලා තේරුනු සෝ ආ අහිංසක හිනාවක් දාගෙන ජිමින් ලගට ගියේ ස්මූත් ලයික් බටර් කියලා බටර් ටිකක් ගාලා ජිමින්ව ශේප් කරගන්න කෙල්ල ජිමින් ලගින් වාඩිවුනා කොල්ලා සෝ ආට රවලා අහක බලාගත්තා
" අහන්නකෝ ජිමිනි... යුංගි ඔප්පා ඉන්නේ දුකින් නේ අපි එයා ගැන බලන්න ඕන ජිමිනි.. එයාට සෝයූන් ඔන්නි නැති වුනු එක දරාගන්න බැ එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඒත් ඔයාම දැක්කා නේ හොස්පිටල් එකේ දී එයා හැසිරුණු විදිය අනික හිතන්නකෝ හදිස්සියේවත් සෝයූන් ඔන්නි වගේ මාත් ඔයාව දාලා ගියොත්............."
සෝ ආට වාක්‍ය සම්පූර්ණ කරන්න නොදී ජිමින් ඒ තොල් සිපගත්තා සෝ ආත් කොල්ලාට ඉඩ දීලා හිටියා කෙල්ලගේ කම්බුල් වලට උනුසුමක් දැනෙද්දී කෙල්ල ඇස් ඇරියේ ජිමින්ගේ ඇස් වලින් කදුලු වැටෙනවා සෝ ආ කොල්ලාගෙන් ඈත් වුනාම ජිමින් කෙල්ලව ලගට ඇදලා තදින් පපුවට තුරුල් කරගත්තා හරියට සෝ ආ කොල්ලාව දාලා දුරකට යයි කියලා බයෙන් වගේ
" යුංගි හියුන්ග් ඉන්න තැන මම හිටියා නම් මම ඔහොමත් දරාගන්නේ නැ මම ඒ මොහොතේම මගේ ජීවිතේ නැති කරගන්නවා මගේ ඩෝල් නැති ලෝකෙක මම මොකටද ජීවත් වෙන්නේ....? "
සෝ ආව තුරුල් කරගෙන ජිමින් කිව්වා කොල්ලාගේ ඇස් වල දුක වේදනාව පලවෙනි වතාවට බය කියන දේත් ගැබ් වෙලා තිබුනා ජිමින් කතා කරන්න අකමැතිම මාතෘකාව වුනේ අහිමි වීම් කොල්ලා පොඩි කාලේ ඉදලා ගොඩක් දේවල් අහිමිවුනා ඒ නිසා කෙල්ල සෝයූන් වගේ එයත් ජිමින්ව දාලා ගියොත් කියලා වාක්‍ය සම්පූර්ණ කරන්න කලින් කෙල්ලගේ තොල් සිපගත්තා ජිමින්ට දැන් මොන දේ අහිමි වුනත් සෝ ආ අහිමි කරගන්න ලෑස්ති නැ
" ආපහු තමුසේ මාව දාලා යන කතා කිව්වොත් තමුසෙට පනිශ්මන්ට් එකක් දෙනවා.."
ජිමින් කේන්තියෙන් කියද්දී සෝ ආ කොල්ලාට තුරුල් වුනේ සිහින් සිනාවක් එක්ක
" හරි හරි පිස්සෝ මම ඔයාව දාලා කොහෙවත් යන්නේ නැ ඒත් දැන් යන්න වෙනවා යුංගි ඔප්පා බලන්න "
සෝ ආ එහෙම කියලා ජිමින්ගෙන් ඈත් වෙලා දොර ලගට ගිහින් කොල්ලා දිහා බැලුවා ජිමින් මූනත් නරක් කරගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා සෝ ආ ආපහු ඇවිත් ජිමින්ගේ කම්බුලට කිස් එකක් දීලා දුවලා ගියා ජිමින් සෝ ආ කිස් කරපු කම්බුලත් අල්ලාගෙන හිනා වුනා
සෝ ආ යුංගි හොයාගෙන යනකොට කොල්ලා රූෆ්ටොප් එකේ කොනක වාඩිවෙලා බැම්මට හේත්තු වෙලා ඉන්නවා කෙල්ල ගිහින් යුංගිගේ ලගින් වාඩිවුනා
" යුංගි ඔප්පා... මේක සෝයූන් ඔන්නි ඔයාට දෙන්න කියලා මට දුන්නා "
සෝ ආ එයාගේ අතේ තිබුණු ලියුම පෙන්නන ගමන් කිව්වා යුංගි ඒ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා අතට ගත්තා සෝ ආ එතැනින් යන්න හදනකොට යුංගි කතා කලා
" එයා ඔයාට මොනාද කිව්වේ සෝ බබෝ..."
යුංගි එහෙම ඇහුවාම සෝ ආ යුංගි දිහා ටිකක් පුදුමෙන් බලාගෙන හිටියේ
" ඔප්පාව පරිස්සමින් බලාගන්න කිව්වා එච්චරයි කිව්වේ "
යුංගි ඔලුව වනද්දී සෝ ආ එතැනින් ආවා යුංගි රූෆ්ටොප් එකේ බැම්මට හේත්තු වෙලා ලියුම දිගහැරියා ලියුම දිග ඇරපු ගමන් මෙච්චර වෙලා මැලවිලා තිබුණු යුංගිගේ මූනට පුංචි හිනාවක් ආවා
ආදරනීය පූස් හස්බන් වෙත,
පූස් හස්බන් කිව්වාට දැන් රවනවාද පූසාව පූසා නොකියා වෙන මොනවා කියන්න කියලා ද කියන්නේ....? මට මගේ හිතේ තියෙන හැමදේම කියන්න ඕන මෙච්චර කල් ඔයාට නොකියපු හැමදේම කියන්න ඕන
ඔයා හෙනම පන්ඩිතයි පූස්.. සියල්ල දත් කියලා හිතාගෙන ඉන්නේ පන්ඩිත කතා කියනකොට මට දෙන්න හිතයි ඔය පූස් මූන ගැලවිලා විසික් වෙලා යන්න දැන් ඔය මට රවනවා නේද රවාගෙන එන්න හරිත හොල්මනක් වෙලා පස්සෙන් එනවා රෑට නිදාගන්නකොට ඇවිත් බ්ලැන්කට් එකෙන් අදිනවා දන්නේ නැ මේ සෝයූන් කියන්නේ කවුද කියලා හ්ම්ම් ආ තව දෙයක් ඔයා නිදාගෙන ඉන්නකොට ගොඩක් කියුට් පූස් පැටියෙක් වගේ පුරු පුරු ගාන්නේ නැති ටික විතරයි එතකොට අල්ලලා මිරිකලා හපලා හපලා දාන්න හිතයි.. යාහ්හ් මට දැන් පිස්සි කිව්ව නේද මට පිස්සු නැ හරි ද මට මේ අවස්ථාවේ දී පෙනී යනවා මගේ පූස් හස්බන්ගේ කම්බුල් රෝස පාට වෙලා පිනි ජම්බු ගෙඩියක් වගේ
යුංගියා මට සමාවෙන්න...මේ ආත්මේ මම ගෙනාපු ආයුෂ ඉවරයි ඉතින් මට යන්න වෙනවා මටත් ඕන ඔයාගේ උනුසුම් පපුවට තුරුල් වෙලා හැමදාම ඉන්න ඒත් මට තවත් මේ වේදනාවල් දරාගන්න බැ යුංගි මට ගොඩක් මහන්සියි දැන් ඇති කියලා හිතෙනවා ඔලුව පුපුරන්න තරම් රිදෙන්න ගන්නකොට ඔලුව කොහේහරි ගහගෙන මැරෙන්න හිතෙනවා දැන් ඇති හොදටම ඇති මට යන්න ඕන යුංගි
ඔයා අඩනවා ද පූස්.. අඩන්න එපා ඔය ආඩම්බරකාර මූනට කදුලු ගැලපෙන්නේ නැ කලින් වගේ නපුරෙක් වගේ ඉන්න ඕන ඔයාට ඔහොම කඩාගෙන වැටෙන්න බැ චේබල් අඩන්න නම් එපා ඔයාගේ කදුලු මට ගොඩක් රිද්දනවා යුංගි මට පොරොන්දු වෙන්න හොදින් ජීවත් වෙනවා කියලා කවදාහරි ඔයාට යන්න පුලුවන් ඉහලම තැනට යනවා කියලා පොරොන්දු වෙන්න යුංගියා
මම ඔයා දිහා බලාගෙන හැමතිස්සේම ඉන්නේ හරි ද මොනාහරි පන්ඩිත ගොන් වැඩක් කලොත් සෙරෙප්පු පාරක් වැදෙයි ඔලුවට ඔයාට දුක හිතුනොත් පාලුවක් දැනුනොත් අපි දෙන්නා රූෆ්ටොප් එකේ වාඩිවෙලා කතා කර කර ඉන්න තැනට එන්න එතකොට ඔයාට සැහැල්ලුවක් දැනෙයි මම ඔයාගේ ලග ඉන්නවා කියලා දැනෙයි
ලබන ආත්මෙත් මාව හොයාගෙන එන්න නැත්නම් මම හොයාගෙන එනවා හූම් එදා airport එකේ දී නැන්දම්මාගේ ඇගේ හැප්පුනාට ඊලග පාර හැප්පෙන්නේ තමුන්ගේ ඇගේ පූසෝ ඊට පස්සේ කෙලින්ම නැන්දම්මාගෙන් පුතාව ඉල්ලනවා හොදින් ඉල්ලලා දුන්නේ නැත්නම් kidnap කරනවා ආ තව දෙයක් තමුසෙගේ ෆස්ට් කිස් එක පරිස්සම් කරලා තියාගන්නවා ඒක මගේ හරි ද වෙන කාටහරි දීලා තිබුනොත් තමුසෙව මරනවා මෝඩ පූස් තඩියා
එහෙනම් යුංගියා මම මෙතනින් නවතින්නම් පරිස්සමින් ඉන්න සරන්හේ..
සෝයූ....
යුංගිගේ මැලවිලා ගියපු මූනට හිනාවක් ගේන්න සෝයූන්ගේ ඒ ලියුමට පුලුවන් වුනා කොල්ලා ගැන දන්න නිසාමයි සෝයූන් ලියුමක් ලිව්වේ එයාගේ හිතේ තියෙන හැමදේම කියලා
" ඔයාට ඕන ඒක නම් මම එහෙම කරන්නම් සෝයූ.."
යුංගි එහෙම මුමුනලා ලියුම උඩින් කිස් එකක් තියලා එතැනින් නැගිට්ටේ අලුත් ජීවිතයකට අඩිය තියන්න බලාපොරොත්තුවෙන්
.
After Five Years
අවුරුදු පහක් ගෙවිලා ගියේ හැමෝගෙම ජීවිත වෙනස්ම පැත්තකට හැරෙද්දී යූනාට ජීවිතාන්තරය දක්කාම සිර දඩුවම් නියම වුනා මිස්ටර් මින්ගේ සියලු දේපල රජයට පවරගත්තා මිස්ටර් කන්ග්ට වසර දහයක සිර දඩුවම් නියම වුනා
හැමදේම සුභ විදියට විසදුනා සෝමින් කපල් එක පුංචි පුංචි රන්ඩු මැද්දෙන් සතුටින් ජීවිතය ගෙව්වා ජිමින් එයාගේ කම්පැනිය කොරියාවේ නම්බර් වන් විදියටම තියාගත්තා park industries වලට කිට්ටු වෙන්නවත් අනිත් කම්පැනි වලට පුලුවන් වුනේ නැ සෝ ආ ගැන කිව්වොත් එයා දැන් කොරියාවේ famous actress කෙනෙක් කෙල්ල ඩාන්සින් වලින් ඉස්සරහට යන්න ඕන වුනත් අන්තිමේ දී නැවතුනේ actress කෙනෙක් වෙලා ජිමින් නම් ඒ ගැන වැඩි කැමැත්තක් තිබුණේ නැ drama වලදී සමහර actors ලා කෙල්ලව ඕනවාට වඩා අල්ලද්දී ජිමින්ට යක්ෂයා ආරූඪ වෙනවා ඒ වගේ දේවල් නිසා ජිමින්ට කියලා නාස් පොල්ල අත පය කඩාගෙන හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වුනු actors ලා ඕන තරම් ඉන්නවා actors ලාට විතරක් නෙවෙයි director ට ගහලා ඇවිත් තියෙනවා ඊට පස්සේ පූස් පැටියා වගේ සෝආගෙන් කන් කලු වෙන්න බැනුම් අහනවා සෝමින් දෙන්නාගේ මුලු ලෝකෙම වුනේ එයාලගේ ප්‍රින්සස් ලීනා ඒ ගෙදරට අරගෙන ආපු පුංචි පැටියා දැන් ලොකු වෙලා එයාගේ දග වැඩ වලට ජිමිනුත් ෆුල් සප් එක දෙනවා ඊට පස්සේ දෙන්නාම සෝආගෙන් බැනුම් අහනවා හරි සරලයි පහසුයි
එතකොට යුංගි ගැන කිව්වොත් එයා එයාගේ ජීවිතේ වෙනස් කරගත්තා සෝයූන් කැමති විදියටම යුංගි දැන් music producer කෙනෙක් කාත් එක්කවත් ලේසියෙන් කතා නොකර මින් යුංගි cold character එකක් විදියට තමයි music industry එකේ ප්‍රසිද්ධ වුනේ කොල්ලා එදා සෝයූන් මැරුනු දවසේ ඇඩුවාට පස්සේ ආපහු ඇඩුවේ නැ එයාට දුක හිතුනාම රූෆ්ටොප් එකේ එයායි සෝයූනුයි වාඩිවෙලා කතා කර කර ඉදපු තැනින් වාඩිවෙලා අහස දිහා බලාගෙන කතා කරනවා ඉතින් ඒ විදියට තමයි යුංගිගේ මේ අවුරුදු පහ ගෙවුනේ
සුදු පාට මල් පොකුරක් අරගෙන spectacles දාගෙන කලු පාට ට්‍රවුසර් එකට කලු පැහැති ශර්ට් එක යට කරලා නලලට වැටුනු කොන්ඩේත් හදාගෙන යුංගි cemetery එක දිගේ ඇවිදගෙන ගියා cherry blossom ගහක් අසල තිබුණු සෝයූන්ගේ සොහොන් කොත ලග නැවතුනේ සිහින් සිනාවක් එක්ක සොහොන් කොත උඩ චෙරි මල් වැටිලා තිබුණේ යුංගි ගෙනාපු මල් පොකුර සෝයූන්ගේ සොහොන් කොත උඩින් තිබ්බා
" සෝයූ.... කොහොමද ඔයාට.. සති දෙකකින් මම ආවේ ඔයාව බලන්න මාත් එක්ක තරහ වෙලා ද ම්ම් ඔයා ආස කරපු විදියට මම හැමදේම කලා සෝයූ.... ඔයා දන්නවා ද ගෙදර යක්ස පැටව් තුන්දෙනෙක් ඉන්නවා උන් තුන් දෙන්නා මට නිදහසේ නිදාගන්නවත් දෙන්නේ නැ තව එක යක්ස පැටියෙක් coming soon ඌත් ආවාම මට ඇවිත් ඔයාගේ ලග තමයි ඉන්න වෙන්නේ "
යුංගි කිව්වා වෙන හැමදාම ඇවිත් සෝයූන්ට කියන එක යුංගිට පුරුද්දක් වෙලා
" සෝයූ... ඔයා සතුටින් ද.."
සිහින් සුලගක් හමාගෙන ඇවිත් චෙරි මල් පෙති දසත විසිරිලා ගියේ යුංගිගේ ප්‍රශ්නෙට සෝයූන් උත්තරයක් දුන්නා වගේ
" ම්ම්ම් අවුරුදු පහක් ගෙවිලා ගිහින්.....ඔයා නැතුව අවුරුදු පහක්... අහම්බෙන් හම්බවෙලා පොඩි කාලයකදී මගේ හිත හොරකම් කරලා ඉක්මනට මාව දාලා ගියා නේද..? ඔයා ගොඩක් නපුරුයි සෝයූ....
මතක ද ඔයා දවසක් කිව්වා හිම වැටෙනවා බලන්න ආසයි කියලා ඒත් ඔයා හිම වැටෙන්න කලින් යන්න ගියා අනිත් අය හිම එක්ක සෙල්ලම් කරද්දී සතුටු වෙද්දී මම ඒ දිහා බලාගෙන හිටියා ඒ වෙලාවට මට හිතුනේ ඔය්ත් හිටියා නම් පොඩි බබෙක් වගේ සෙල්ලම් කරයි නේද කියලා "
යුංගි වේදනාවෙන් හුස්මක් පහත දැම්මා
" මට පාලුයි සෝයූ.. ගොඩක් පාලුයි... ඔයත් එක්ක ගත කරපු දවස් මතක් වෙද්දී මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. වේ සෝයූ මාව මෙච්චර අසරණ කරලා දාලා ගියේ..?"
යුංගිට හොරා එයාගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනා ඒත් එක්කම තද සුලගක් හමාගෙන ඇවිත් චෙරි මල් පෙති විසිරිලා ගියා යුංගි ඒත් එක්කම දැක්කේ ඈත ඉදන් එයා දිහා බලාගෙන ඉන්න කෙනෙක්ව සුදු පැහැති දිග ගවුමක් ඇදගෙන දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන සෝයූන් කොල්ලා දිහා බලාගෙන හිටියා සෝයූන් හිනා වෙන්න කියලා අතින් සන් කලාම යුංගි කදුලු පිහිදගෙන හිනා වුනා යුංගි දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු සෝයූන් ටික ටික අතුරුදහන් වෙලා ගියා
" ඔයාට ඕන මම හිනා වෙනවා දකින්න ද ම්ම්ම්...
එහෙනම් ඔයාට ආපහු මගේ ලගට එන්න වෙයි.. "
යුංගි එහෙම කියලා ටික වෙලාවක් එතැන ඉදලා ගියා
__________________________
" යාහ්හ් පාර්ක් ජිමින්... පාර්ක් යොන්සෙන්..."
දවස් ගානකට පස්සේ mansion එකට ආපු සෝ ආ රූම් එකට ගියාම දැක්කේ පිස්සන් කොටුවක් වගේ අනිත් පැත්ත ගහලා තියෙන රූම් එක කෙටියෙන්ම කිව්වොත් ඒ රූම් එක දැක්කොත් පිස්සොන්ටත් පිස්සු හැදෙන සයිස් එකක්
රූම් එකේ දොර ලග ඉදන් හොද හුස්මක් ගත්ත සෝ ආ රූම් එක ඇතුලට ගියා snack කාපුවායේ පැකට් බිම හැමතැනම බ්ලැන්කට් එකේ භාගයක් ඇද උඩ ඉතුරු ටික බිම කොට්ට පලලා පුලුන් හැමතැනම ක්ලෝසෙට් එකේ තිබුණු සෝ ආගේ ඇදුම් භාගෙට භාගයක් බිම lipstick වලින් mirror එක පුරාම චිත්‍ර ඇදලා භාගෙට කාපු අයික්‍රීම් එකකුත් ඇද උඩ තියෙනවා
අතේ තිබුණු බෑග් එකත් විසි කරලා දාපු සෝ ආ හංගලා තිබුණු කෝට්ටත් අරගෙන ගියේ රූම් එක විනාස කරපු අප්පායි දූයි හොයාගෙන
" සේරි නූනා ජිමින්ව දැක්කා ද.."
ජිමින්ව හොයාගෙන යනකොට හම්බුනු සේරිගෙන් ඇහුවා
" යොන්සෙන් බබා එකක් garden එක පැත්තට යනවා දැක්කා.."
සේරි කිව්වාම සෝ ආ කෝට්ටත් පිටිපස්සේ හංගගෙන garden එක පැත්තට ගියා
" අදත් ජිමින් ඇති වෙන්න කයි වගේ "
සේරිගේ කරට අත දාගත්ත ජින් කිව්වේ සෝ ආ යන දිහා බලාගෙන
" ජිමින් පව් හැබැයි "
සේරි එහෙම කියලා හිනා වුනා සෝ ආ හිමින් අඩිය තියලා garden එක පැත්තට යනකොට අප්පායි දුවයි ලොකු කතාව සෝ ආ සද්ද නැතුව හිමින් පිටිපස්සෙන් ගිහින් හිට ගත්තා
" අප්පා... ඔම්මා රූම් එකත ගියොත් අපි දෙල්ලා ඉවලයි නේ "
යොන්සෙන් බබා එයාගේ අප්පාගේ කර වටේ අතකුත් දාගෙන කිව්වා යොන්සෙන් හිටියේ ජිමින්ගේ උකුලේ වාඩිවෙලා
" ඔයාගේ ඔම්මා දන්නේ මේ අහිංසක අප්පාට බනින්නයි ගහන්නයි විතරයි නේ ඔයාට කියන්න ප්‍රින්සස් ඔම්මා ඉස්සර මුව පැටියෙක් වගේ අහිංසකයි හප් කිව්වත් අඩනවා ඒකට දැන් ඔයාගේ අප්පා කන්න ආපු යක්සනියක් වගේ ප්‍රින්සස්..."
" අප්පා උයා කිව්ව යක්සනී උයාගේ පිතිපස්සේ ඉල්ලවා "
යොන්සෙන් කිව්වේ කාලි මෑනියෝ ආරූඪ වෙලා වගේ පිටිපස්සට වෙලා ඉන්න සෝ ආ දැකලා උකුලේ ඉදපු යොන්සෙන්ව ජිමින් බිමින් තිබ්බා
" දැන් තමයි ප්‍රින්සස් පටන් ගන්නේ ගේ වටා දිවීමේ මහා තරගය කකුල් දෙකට වැදලා දුවමු ප්‍රින්සස් "
ජිමින් යොන්සෙන්ට විතරක් ඇහෙන්න කියලා නැගිටලා පිටිපස්සවත් නොබලා දුවන්න පටන් ගත්තා
" යාහ්හ් ඔහොම නවතිනවා පාර්ක් ජිමින් "
සෝ ආ කෝට්ටත් උස්සගෙන ජිමින්ගේ පස්සෙන් දුවන ගමන් කෑගැහුවා යොන්සෙන් පැත්තකට වෙලා හිනා වෙනවා දුවන එක නවත්තලා කෝට්ටත් උස්සගෙන සෝ ආ යොන්සෙන් දිහාට හැරෙනකොට පුංචි කෙල්ල අත් දෙකෙන්ම කටත් වහගත්තා
" අප්පාආආආ....."
යොන්සෙන් කෑගහගෙන දුවනකොට සෝ ආ පුංචි කෙල්ල පස්සෙන් දිව්වා මේ දර්ශනය රූෆ්ටොප් එකට වෙලා ගෙදර වාසය කරන ජීවීන් නරබනවා
" මට නේද යක්සනි කිව්වේ දෙන්නාම නවතිනවා..."
සෝ ආ කෑගහලා කියනකොට අප්පායි දූයි කෙල්ලගෙන් මීටර් 02 ක් වගේ ඈත් නතර වුනා
" පාර්ක් ජිමින් තමුසේ කොහෙද ඔය මාරු වෙන්න හදන්නේ "
හිමින් සැරේ සේප් එකේ මාරු වෙන්න හදන ජිමින් දිහාට මාරාන්තික බැල්ලමක් දාලා ඇහුවා ජිමින් කකුල් දෙකට වැදලා දිව්වා සෝ ආ කොල්ලා පස්සෙන් දුවන්න ගත්තා ජිමින් ජිනයියාගේ මල් පෝච්චියක් උඩින් පැනගෙන දුවන්න හදනකොට මල් පෝච්චියේ කකුල වැදිලා පෙරලිලා ගියා
" යාහ්හ්හ් මගේ මල් පැලේ..."
ජින් කෑගැහුවේ ඊයේ හිටවපු මල් පැලේ ලෙෆ්ට් වුනු වේදනාවෙන් ගේ වටේ හතර පස් පාරක් දුවලා මහන්සියට සෝ ආ තනකොල පිස්සේ වාඩිවුනා ජිමිනුයි යොන්සෙනුයි ටිකක් ඈතට වෙලා සෝ ආ දිහා බලාගෙන හිටියා මොකද තාම සෝ ආගේ අතේ තාම කෝට්ට තිබුණු නිසා
" මට මහන්සියි "
සෝ ආ කෝට්ටත් පැත්තකට විසි කරලා කිව්වා
" මම ඇත්තටම ගොඩක් නපුරුයි ද "
සෝ ආ දුක හිතෙන මුහුනකුත් දාගෙන ඇහුවා යොන්සෙනුයි ජිමිනුයි දෙන්නා මූනට මූන බලාගත්තා
" අප්පා ඔම්මා පව් ලේ ද.."
යොන්සෙන් ජිමින්ගේ අතකින් අල්ලාගෙන කිව්වා ජිමින් හිනා වෙලා යොන්සෙන්ගේ ඔලුව අතගානකොට කෙල්ල දුවගෙන ගිහින් සෝ ආගේ උකුලෙන් වාඩිවුනා ජිමින් ඇවිත් කෙල්ලගේ ලගින් වාඩිවුනා
" ඔම්මා ගොදක් නපුලු ලැ ඔම්මා ගොඩාලියක් හොදයි ලේ ද අප්පා "
යොන්සෙන් සෝ ආගේ කම්බුල් වලට පුංචි අත් තියලා කිව්වා
" යේ යේ ඔම්මා හොදයි තරහ නොයනකම්..."
ජිමින් කිව්වාම සෝ ආ කොල්ලාට රැව්වා ජිමින් තනකොල පිස්සේ හාන්සි වුනා යොන්සෙන් ඇවිත් ජිමින් ඇග උඩ නැගලා පපුවට තුරුල් වුනාම ජිමින් පුංචි කෙල්ලව හරි ආදරෙන් තුරුල් කරගත්තා සෝ ආත් කොල්ලාට තුරුල් වුනා
" මගේ මැනික් කැට දෙක.."
ජිමින් කෙල්ලෝ දෙන්නා තුරුල් කරගෙන දෙන්නාගේම නලලට කිස් එකක් දුන්නා ජිමින් මුලදී පුංචි කෙල්ලට අකමැති වුනත් පස්සේදී ඒ හුරතල් වැඩ වලට ඇස් බෝල කරලා බලන විදියට කොල්ලාගේ හිතේ ආදරයක් ඇති වුනා දැන් යොන්සෙන් ජිමින් එක පැත්තක් සෝ ආ තව පැත්තක් වෙලා තියෙන්නේ ජිමින් වැරැද්දක් කලොත් යොන්සෙන් කොල්ලාව බේරගන්න ඉදිරිපත් වෙනවා යොන්සෙන් ජිමින්ට පන වගේ ආදරෙයි ජිමින් කියලා වෙනසක් නැ
ටේහ්‍යුන් යුන්කිව මැරි කලා දැන් යුන්කි pregnant වෙලා මාස හතක් හෝසොක්ගේ පුතාට දැන් අවුරුදු පහක් එයාගේ නම ජීහුන් කොල්ලා කොයිවෙලෙත් යොන්සෙන් එක්ක වලි යොන්සෙන් ජීහුන්ට වඩා දවස් 02 පැය 03 විනාඩි 20 තප්පර 15 කින් වැඩිමල් ඒක නිසා යොන්සෙන් ඕක කොයිවෙලෙත් කියන ගමන් නූනාට සලකන්න ඕන කියලා ජීහූන්ට කියනවා ඉතින් කොල්ලාට තරහ යනවා ඒ දෙන්නාටම වඩා වැඩිමල් WWH ගේ දියනිය අප්පා වගේ සාමයේ දූතියාගේ කාර්යය කරනවා කියලා ද හිතුවේ නැත මිතුර නැත ජිනී ඇවිලෙන ගින්නට පෙට්‍රල් භූමිතෙල් පුලුවන් නම් ඔක්සිජන් හලයි කෙල්ල කොයිවෙලෙත් ගත්තේ යොන්සෙන්ගේ පැත්ත ඒ නිසා ජීහුන් පුරුස ශක්තිය තියාගෙන කෙල්ලෝ දෙන්නෙක් එක්ක හැප්පෙනවා ජිනීගේ සමහර වැඩ සෝයූන්ව මතක් කලා
මෙච්චර කාලයක් තනිකඩ ජීවිතේ සැපක් කියලා හිතාගෙන හිටපු නම්ජූන් ගිය අවුරුද්දේ යුගදිවියට පා තැබුවා නම්ජූන්ගේ හිත හොල්ලපු කෙල්ල කොරියන් කෙල්ලෙක් නෙවෙයි සිරි ලංකන් යක්ඛ දියනියක් හ්ම්ම් ගැම්මක් තමයි ඉතින් හැබැයි කුහක නම්ජූන් මට කෙල්ලගේ නම කිව්වේ නැ
ඉස්සර ඉදපු අහිංසක හා පැටියාට බායි බායි කියලා දැන් ඉන්නේ එවිල් හා තඩියෙක් ජන්කූක් idol කෙනෙක් වෙන්න ට්‍රේනින් වෙනවා ජන්කූක්ගේ හිතේ කෙනෙක් ගැන අදහසක් තියෙනවා ඒත් කොල්ලා තාම ඒ කෙල්ලට ඒ ගැන කියලා නැ ජන්කූක් හොරාට කෙල්ල දිහා බලාගෙන ඉන්නවා
" අප්පාආ..."
යොන්සෙන් රෝස මලකුත් උස්සගෙන මූනත් බෙරි කරගෙන ජිමින් ලගට දුවගෙන ආවා
" මොකද ප්‍රින්සස් මේ.."
ජිමින් ඇහුවේ යොන්සෙන්ව උකුලෙන් වාඩි කරගන්න ගමන් ජිනීත් ගිහින් ජින් ලගින් වාඩිවුනා ජීහුන් හෝසොක් ලගට ගියා
" අප්පා ජීහුන් මත සෝස මලක් දීලා සලන්හේ කිව්වා "
යොන්සෙන් මූනත් බෙරි කරගෙන කිව්වා වතුර බිබී හිටපු ටේහ්‍යුන්ට වතුර එකත් හිර වෙලා හුස්ම හිරවෙලා මැරෙන්න යනවා බෙල්ලත් අල්ලාගෙන කහිනවා ජින් හිනා වෙන්න පටන් ගත්තාම හෝසොක් ඔලුවේ අත ගහගත්තා
" යකූ මුන් තාම නර්සරි නේද ඒ වුනාට මුන්ගේ වැඩ බලපන්කෝ.."
නම්ජූන් කිව්වා
" හොද වෙලාවට මගේ කෙල්ල බේරුනා "
ජින් ජිනීව උකුලෙන් වාඩි කරගන්න ගමන් කිව්වා
" ජීහුන් මෙහෙම කරයි කියලා මම හිතුවේ නැ "
" මෙහෙම නොකෙරුවා නම් තමයි පුදුමේ මතක නැද්ද තොපිට ලියාට ජීහුන්ව හම්බවෙන්න ඉන්නකොට තොපි එකතු වෙලා පෙන්නපු ෆිල්ම් "
හෝසොක් කස්ටියට රවාගෙන කිව්වා
" හරි හරි හියුන්ග්... දැන් යොන්සෙන් බබා මොනාද කිව්වේ..."
ජන්කූක් ඇහුවා
" මම කීවා මල්ලී බබාලාට මම කැමති ලැ කියලා "
යොන්සෙන් කටත් උල් කරගෙන කිව්වා
" අඩෝ අඩෝ මට බැ යකෝ "
ටේහ්‍යුන් වගේම අනිත් අයත් හිනා වෙන්න පටන් ගත්තා
" That's ma girl..."
ජිමින් ගැම්මෙන් කිව්වා
" ජිනී බබා කැමති මොන වගේ කොල්ලෙක්ට ද..?"
ටේහ්‍යුන් ඇහුවාම ජින් රැව්වා
" උබ මෙතන පොඩි එවුන්ට මගුල් ජෝඩු කරන්න ද හදන්නේ මගේ කෙල්ලට තාම අවුරුදු හයයි උබ ඕක සේරිට ඇහෙන්න කියපන් උබට කොල්ලෙක් හොයලා දෙයි "
" එතකොට මගේ යුන්කියාට මොකද වෙන්නේ "
" ඒ ගැන ජන්කූක් බලාගනියි වැඩි මහන්සියක් නැතුව බබෙකුත් හම්බවෙනෝ "
" යාහ්හ්හ්."
ජින් කියලා ඉවර වෙනවත් එක්කම ජන්කූක් කෑගැහුවා
" මොකද උබ කෑගහන්නේ උබට කෙල්ලෙකුත් නැ නේ "
ජන්කූක් රවලා අහක බලාගත්තා
" හරි දැන් ජිනී බබා කියන්නකෝ ඔයා කැමති මොන වගේ කෙනෙක්ට ද.."
ටේහ්‍යුන් ආපහු සැරයක් ඇහුවා
" මම කැමති යුංගි සම්චොන් වගේ කෙනෙක්ට "
ජිනී හිනා වෙවී කියනකොට මෙච්චර වෙලා කිසිදෙයක් ගැන මෙලෝ ගානක් නැතුව හිටපු යුංගි අකුනක් ගැහුවා වගේ ජිනී දිහා බැලුවා ඔක්කොම තත්පර කිහිපයකට නිශ්ශබද කරන්න පුලුවන් උත්තරයක් ජිනී දුන්නේ
" WWH අප්පා ඉදිද්දී යුංගි සම්චොන් වගේ කෙනෙක්ට කැමතියි කිව්වේ ඇයි..."
මෙච්චර වෙලා තිබුණු නිශ්ශබ්බදතාවය බිද දමමින් ජින් ඇහුවා
" යුංගි සම්චොන්ගේ කොන්ඩේට ආසයි "
ජිනීගේ වචන යුංගිට මතක් කලේ සෝයූන්ව එයත් යුංගිට ඔහොම කිව්වා යුංගි අත් දික් කරලා ජිනීට එයාගේ ලගට එන්න කිව්වාම ජිනී ඇවිත් යුංගිට තුරුල් වුනා
.
යොන්සෙන්ව නිදි කරවපු සෝ ආ රූම් එකට එනකොට ජිමින් ඇද උඩ වාඩිවෙලා ඉන්නවා ජිමින් එක්ක හිනා වුනු කෙල්ල කොන්ඩේ උඩට කරලා ගහගෙන ඉදපු බන් එක ලිහුවා ජිමින් එයාගේ ඩෝල්ගේ ලස්සන විදිමින් හිටියේ ජිමින් බලාගෙන ඉන්නවා කියලා තේරුනු කෙල්ල කොල්ලා ලගින් ගිහින් වාඩිවුනා
" මොකද ඔහොම බලන්නේ..."
' මට ඕන හින්දා.."
ජිමින් කෙල්ලගේ මූනට එබිලා කිව්වා සෝ ආ හිනා වෙලා ජිමින්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා
" හැමදේම හරි ලස්සනට විසදුනා නේද ජිමිනි...අදටත් මට පුදුමයි ජිමිනි අපි හම්බුනු විදිය ගැන "
සෝ ආ සිහින් සිනාවක් එක්ක කිව්වා
" මට මතකයි එදා ක්ලබ් එකේ දී මාව බදාගෙන අඩපු හැටි ඊට පස්සේ වුනු දේවල් ඔක්කොම කොච්චර ඒ දේවල් අමතක කරන්න හැදුවත් මට ඒ රැය Unforgettable Night එකක් වුනා "
ජිමින් කිව්වේ සෝ ආගේ ඉන වටේ අතක් යවන ගමන්
" ඊට පස්සේ යුනි එකේදී ඔයාව දැක්කාම ඇත්තටම මම බය වුනා "
" ම්ම්ම් මට ඒක තේරුනා මගේ දිහා බලපු විදියෙන්ම මට කොහොමහරි ඩෝල්ව මගේ ලගට ගන්න ඕන වුනා ඒත් වයිෆ් විදියට නෙවෙයි "
ජිමින් කිව්වාම සෝ ආ රැව්වා
" කොහොමහරි ඔයා මගේ වයිෆ් වුනා අපි ආදරේ කරන්න පටන් ගත්තා මට මං ගැනම පුදුමයි ඩෝල් ආදරේ කියන වචනයට පවා වෛර කරපු මම මේ කියුට් ඩෝල්ට ආදරේ කරන්න පටන් ගත්තා "
ජිමින් හිනා වෙවී කිව්වා
" ම්ම්ම් ජීවිතේ හරි පුදුමයි ජිමිනි.. වෙලාවකට අපි හිතන දේ වෙන වෙලාවකට අපි හීනෙකින්වත් නොහිතෙන දේවල් වෙන මේ ජීවිතේ හරි පුදුමයි ජිමිනි.."
" ඩෝල් තාමත් හිතන්නේ යුංගි හියුන්ග් ගැන ද ම්ම් "
" යේ ජිමිනි.. "
" හිතන්න එපා ඩෝල්... යුංගි හියුන්ග් සතුටින් ඉන්නේ සෝයූන් යුංගිගේ හිත හදලා ගියේ යුංගි හියුන්ග් සෝයූන් වෙනුවෙන් සතුටින් ජීවිත් වෙයි.."
ජිමින් සෝ ආගේ කොන්ඩේ අවුල් කරලා කිව්වා
" කුමාවෝ ඩෝල්... මගේ ජීව්තේට ආවාට මට ආදරේ කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නාට මගේ ලගින් හිටියාට මට ආදරේ කලාට හැමදේටම මම ණයගැතියි ඩෝල්..ඔම්මාගේ ආදරේ නොලබපු මට ඔයා ඔම්මා කෙනෙක් ඩෝල්.. "
ජිමින් කියනකොට සෝ ආ කොල්ලාගේ නලලට කිස් එකක් දුන්නා
" මමයි ඔයාට කුමාවෝ කියන්න ඕන මගේ ජීවිතේට සතුටු ගෙනාවාට අදුරු වෙලා තිබුණු මගේ ලෝකේට එලිය ගෙනාවාට මාව පරිස්සම් කරනවාට මට ආදරේ කරනවාට කුමාවෝ ජිමිනි මම කොච්චර ඔයාට ස්තූති කලත් මදි.."
" ස්තූති කලා මදි නම් ලබන ආත්මෙත් මගේම වෙන්න.. මීට වඩා හොද විදියකට අපි හම්බවෙයි කියලා හිතනවා."
" මේ සංසාරේ පුරාවටම මම ඔයාගේ විතරයි "
සෝ ආ හිනාවක් එක්ක කියද්දී ජිමින් කෙල්ලගේ තොල් වලට ලං වුනා
" I Love You doll..."
" I Love You Too Jimini..."
සෝ ආ කොල්ලාගේ තොල් පෙති වල ගෑවි නොගෑවී මිමිනුවා ජිමින් කෙල්ලගේ තොල් වලට බර වුනේ එයාලාගේ Unforgettable Night එක මතක් කරගනිමින්..
......𝗧𝗛𝗘 𝗘𝗡𝗗.....
♡´・ᴗ・'♡
Unforgettable Night බායි කියන්න කාලේ හරි
මේක ලියන්න පටන් අරගෙන අදට මාස පහක්.. හරියටම මාස පහක් සම්පූර්ණ වෙද්දී කතාවත් සම්පූර්ණයි
ඔයාලාට කතාවේ දැනුනේ කොහොමද දැනුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මම ආසයි දැනගන්න
කතාව කියවලා වෝට් කරපූ කමෙන්ට් කරපු අප්ඩේට් නැති වෙනකොට අප්ඩේට් කෝ කියලා අහපු හැමෝටම වගේම හොරාට කියවලා යන ඔයාටත් ගොඩක් ස්තූතියි
කතාවේ අවසානය ගැන මම කිව්වේ මගේ හාල්මේට් කෑල්ලට විතරයි ඒකි මුලින්ම මට බැනලා පස්සේ ආ කමක් නැ කිව්වා
මගේ ආච්චි අම්මා කෙනෙක් හිටියා එයා ගොඩක් ලස්සනයි අපි එයාට කිව්වේ Miss world කියලා අපි එහෙම කතා කලාම හරි ලස්සනට හිනා වෙනවා හැමෝටම හරි ආදරෙන් කරුනාවෙන් සලකපු මම මේ ලෝකේ ආසම කෙනෙක් තමයි එයා ඉතින් එහෙම හිටපු ආච්චි අම්මාට cancer එකක් හැදුනා සීයා තමයි ආච්චිගේ වැඩ ඔක්කොම කලේ අනිත් අයට සීයා කරන්නේ දෙන්නේ නෑ ගෙදර හිටියාට වඩා ආච්චි අම්මා හිටියේ හොස්පිටල් එකේ ආච්චි අම්මා අසනීපේ හින්දා ගොඩක් දුක් වින්දා ඒත් අපි ගියාම ඉස්සර වගේම හිනා වෙනවා ඉස්සර ඉදපු ආච්චි අම්මාද කියලා හිතන්න බැරි තරම් වෙනස් වෙලා තිබුනා අන්තිම දවස් ටිකේ දී ආච්චි අම්මා මුකුත් කාලා නැ එයාට කන්න බැ ලු ඉතින් අවුරුදු හතරකට කලින් ආච්චි අම්මා මේ ලෝකෙට සමුදුන්නා ඊට අවුරුද්දකට පස්සේ ආච්චි අම්මාගේ අවුරුද්දේ දානෙට සතියක් විතර තියලා සීයාත් නැති වුනා
සෝයූන්ගෙන් මම දැක්කේ මගේ ආච්චි අම්මාව එයා සෝයූන් තරම් දග නැ ඒත් හිටපු ගමන් අපිත් එක්ක පොඩි කුප්ප වැඩක් කරනවා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න එයාට ඕන වුනේ අපිට කියනවා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න කියලා
රිදවීම් විදවීම් හැඩුම් එක්ක එක රැයකින් පටන් ගත්ත ඔවුන්ගේ කතාවේ අවසානය මෙය නොවේ තවත් එක් පරිච්ඡේදයක අවසානයක් පමනි ඉතින් මෙච්චර කාලයක් පුරාවට කතාව එක්ක රැදිලා හිටපු හැමෝටම ගොඩාලියක් කුමාවෝ
හම්මියෝ...
වචන 5131...
හතියි යකුනේ...
අද නම් හැමෝගෙන්ම කතාව ගැන කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා
ලෝභ නැතුව ඔය සුන්දර ඇගිලි වලින් කමෙන්ට් එකක් ටයිප් කරලා දාන්න බයයි වගේ නම් ඉන්බොක්ස් ඇවිත් කතාව ගැන කියන්න
එහෙනම් ඉතින් පරිස්සමින් ඉන්න
සරන්හේ
බායිම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top