🧡 47 🧡
සෝ ආ study table එකේ වාඩිවෙලා වෙලා පාඩම් කරනවා කෙල්ල පෑනත් කටේ ගහගෙන පොත දිහා බලාගෙන හිටියා එතකොට සෝ ආගේ ආදරනීය දයාබර කොට තාර හස්බන් table එක උඩින් අත් දෙකත් තියාගෙන ඒ උඩින් ඔලුව තියාගෙන සෝ ආ දිහා බලාගෙන ඉන්නවා කෙල්ලගේ මූනේ ඉරියව් වෙනස් වෙන දිහා ජිමින් පුංචි හිනාවක් රදවගෙන බලාගෙන හිටියේ
" ඩෝල්..."
" ම්ම්ම්.. වේ..?"
",ලොකු වැඩක් ද..?"
" ම්ම්ම්... ගෙයක් ඩිසයින් කරනවා "
" ඒ ගෙදරටත් මේ වගේ රූම් එකක් හදන්න එපා "
" වේ..?"
සෝ ආ නිකට අත තියාගෙන කොල්ලාගේ දිහා බලාගෙන ඇහුවා
" එතකොට ඒ වයිෆුත් ඒ හස්බන් දිහා බලන එකක් නැ "
ජිමින් මූන බෙරි කරගෙන කිව්වාම කෙල්ල හිනා වෙන්න පටන් ගත්තා
" ඩෝල්.. යන්කෝ නිදාගන්න "
" බැ ජිමිනි මේක ඉවර කරන්න ඕන "
සෝ ආ ආපහු පොත දිහා බලාගෙන කිව්වා කෙල්ල පොතේ පිටු පෙරලන ගමන් ඉන්නකොට ජිමින් පොත ඇදලා ගත්තා
" මොකද දැන් මේ පොත දෙන්න "
සෝ ආ තරහින් කියද්දී කොල්ලා පොඩි බබෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා සෝ ආට හිත යටින් හිනා ගියත් කෙල්ල ඒක පිටට පෙන්නුවේ නැ
මගේ කියුට් ජිමිනි..
සෝ ආ අත දික් කරලා පොත ඉල්ලුවා
" ඔච්චර මහන්සි වෙන්න ඕන නැ ඩෝල් professor කාරයාගේ ඔලුවට ගන් එක තියන්න විතරයි ඕන "
" යාහ්හ් පාර්ක් ජිමින් ගුටි දෙන්නේ "
සෝ ආ අත උස්සගෙන කිව්වාම කොල්ලා සෝ ආගේ අත්ලට හාදුවක් තැවරුවා
" ජිමිනි.."
" අනේ ඩෝල්.. යමු නිදාගන්න මට ඔයා නැතුව නින්ද යන්නේ නැ "
" මම නැතුව දවස් ගානක් හොදට නිදාගත්තේ නිකන් බොරු නොකියා ඉන්නවා "
සෝ ආ එහෙම කියලා ලැප් එක දිහා බැලුවා ටික වෙලාවකින් කෙල්ලට දැනුනේ පාවෙනවා වගේ ෆීලින් එකක් වෙන මුකුත් නෙවෙයි ජිමින් කෙල්ලව උස්සලා ගත්තා සෝ ආව ඇදෙන් තියලා ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරලා ඇවිත් කෙල්ලට තුරුල් වුනා සෝ ආ දෙන්නාම වැහෙන්න බ්ලැන්කට් එක පෙරෙව්වා ජිමින් කෙල්ලව තද කරලා බදාගෙන සෝ ආගේ පපුව අස්සේ මූන හංගගෙන හිටියේ
" I miss my soft pillows "
ජිමින් එහෙම කියන ගමන් කෙල්ලගේ boob අතින් මිරිකුවේ සෝ ආට සිහින් කෙදිරිල්ලක් පිට වෙද්දී
',ඔයා දන්නේ නැ ඩෝල් මට කොච්චර ඔයාව මතක් වුනා ද කියලා මම මේ දවස් ටිකේ හිටියේ පිස්සෙක් වගේ ඔයා මාව ගනන් ගන්නේ නැතුව ඉන්නකොට මාව එපා කියනකොට මාව ඈත් කරනකොට මට දැනුනේ මාව පන පිටින් පිච්චෙනවා වගේ ඩෝල් ඔයාට තුරුල් වෙලා ඉන්න ඕන කියලා හිත ඉල්ලද්දී ඒ වෙලාවට මම ක්ලබ් එකට ගිහින් බිව්වා මට ඩෝල් ලගට එන්න ඕන ඒත් මම බය වුනා වුනු දේවල් නිසා ඩෝල් මට වෛර කරයි කියලා "
සෝ ආ කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් ජිමින් කියන දේවල් අහගෙන හිටියා කෙල්ල තරම්ම ජිමිනුත් විදෙව්වා
" මට ඔයාට වෛර කරන්න බැ ජිමිනි කවදාවත් එහෙම හිතන්න එපා දැන් නිදාගන්න මම ඔයා ලග ඉන්නවා නේ "
සෝ ආ කියලා කොල්ලාගේ හිස් මුදුනට ආදරෙන් හාදුවක් තැවරුවා කාලෙකට පස්සේ දැනුනු සැනසීමක් එක්ක ජිමින් සෝ ආගේ තුරුලේ ඇස් පියාගත්තේ සුව නින්දක් ප්‍රාර්ථනා කරමින්
.
Next Day Morning
උදෑසන වැටුනු හිරු කිරන එක්ක සෝයූන් ඇස් උඩින් අත තියාගෙන ටිකක් ඇඹරුනේ නැගිටින්න කම්මැලිකමේ කෙල්ල තඩි ඈනුමක් යවලා ඇස් ඇරියා යුංගි රූම් එකේ කොහෙවත් පේන්න හිටියෙත් නැ සෝයූන්ගේ ඇගට දැනුනු අමුත්තක් හින්දා කෙල්ල එයාගේ ඇග දිහා බැලුවේ
" යාහ්හ් කොහෙද මගේ ඇදුම්...'
ඇගේ නූල් පොටක්වත් නැ කියලා තේරුනු සෝයූන් බ්ලැන්කට් එක පපුවට තද කරගෙන හෙඩ්බෝඩ් එකට හේත්තු වුනේ යුංගිව හොයන ගමන් ඒත් එක්කම ඊයේ රෑ වුනු දේවල් ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනෙද්දී සෝයූන්ගේ මූනම චෙරි ගෙඩියක් වගේ රතු වෙලා ගියා
" ඒ මොකද්ද වුනේ...? හුවෑව්.. මං ගංජා ගහලා ද හිටියේ.. මම කොහොමද එයාට මුහුන දෙන්නේ..? මට සැජ්ජයි යකූ...'
සෝයූන් කකුල් දෙකත් ගසන ගමන් අත් දෙකෙන් මුහුනත් වහගෙන කිව්වේ බාත් රූම් එකේ දොර ඇරෙන සද්දෙට සෝයූන් ඇගිලි ඈත් කරලා ඇගිලි අතරින් බැලුවා යුංගි තෙත කොන්ඩේත් අතින් ගසන ගමන් ඉනට ටවල් එකත් ඇදගෙන ආවේ සෝයූන් ඇස් ජිල් බෝල සයිස් කරගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා යුංගිගේ ඇග දිගේ තාමත් වතුර බිදු ගලාගෙන යනවා සෝයූන්ට වතුර බිංදුවක් වුනා නම් හොදයි කියලා හිතුනත් විවිධ හේතු කාරන මත පසුව එය ඉල්ලා අස් කරගත්තා
හම්මෙව් කිරි සුදු පාට පූස් තඩියෙක්....ඒ ඇබ්ස්... වයිට් චොකලට් බාර් වගේ.. කන්න හිතයි වතුර එක්ක දිලිසෙන ඒ සිරුර..... ටවල් එකත් ගැලෙව්වොත් මරු හැබැයි.. සැක් සෝයූන් තවුසේ හෙනට වල් වෙලා
සෝයූන් ඇගිලි අස්සෙන් යුංගි දිහා බලාගෙන පැනි හලන ගමන් කිව්වා බේසමක් වගේ ඇල්ලුවා නම් පිරෙන්න පැනි පුරවගන්න තිබුනා එහෙම වුනා නම් මී මැස්සොන්ගේ ජොබ් එක ලෙෆ්ට් වෙන හින්දා බේසමක් ඇල්ලුවේ නැ කියලා තමයි කියන්නේ
යුංගි ඔලුව උස්සලා බලනකොට දැක්කේ අත් දෙකින්ම මූනත් වහගෙන ඉන්න සෝයූන්ව කොල්ලාගේ පූස් ඇස් වලින් දැක්කේ ඇගිලි අතරින් සෝයූන් කොල්ලා දිහා බලාගෙන ඉන්නේ කියලා යුංගි හිමින් හොර පූසා වගේ කෙල්ල ලගට කිට්ටු වුනා සෝයූන් ලගින් වාඩිවුනු කොල්ලා සෝයූන්ගේ අත් දෙක මූනෙන් අයින් කලා කෙල්ල යුංගි දිහා නොබලා අහක බලාගත්තේ එයාගේ රතු වුනු මුහුන පෙන්නන්න ලැජ්ජාවෙන් වුනත් යුංගි හිතුවේ වෙන විදියකට යුංගි හිතුවේ ඊයේ රෑ වුනු දේවල් වලට සෝයූන් එයා එක්ක තරහ වෙලා කියලා මොකද කෙල්ල යුංගිට කලින් කියලා තිබුනා එයා මේ දේවල් වලට බයයි කියලා
" සෝයූ..."
යුංගි අල්ලාගෙන හිටපු එයාගේ අත් දෙකත් ඇදලා අරගෙන බ්ලැන්කට් එක පපුවට තද කරගත්තා යුංගි හිතුවේ සෝයූන් නැගිටලා ඔක්කොම දෙක වෙන්න කෑගහයි කියලා ඒත් කෙල්ල මෙහෙම නිශ්ශබදව ඉන්න එක යුංගි වේදනාවට පත් කලා
" මියානේ සෝයූ මට ඒ වෙලාවේ ඔයාගේ ඇග ගොඩක් සීතල වෙලා තිබුණේ ඒකයි මම එහෙම කලේ මාත් එක්ක තරහින් ඉන්නේ කියලා දන්නවා පුලුවන් නම් සමාවදෙන්න "
යුංගි එහෙම කියලා කෙල්ලගේ නලලට හාදුවක් තවරලා ඇදෙන් නැගිටලා යන්න හදනකොට සෝයූන් කොල්ලාගේ අතින් අල්ලගත්තා කොල්ලා සෝයූන්ගේ පැත්තට හැරිලා ඇයි කියලා අහද්දී කෙල්ල ඇදට තට්ටුවක් දාලා යුංගිට වාඩිවෙන්න කිව්වා
" වේ.. ඔයාට අමාරුයි ද..?"
කෙල්ල ඔලුව දෙපැත්තට වනලා නැ කිව්වා යුංගි කෙල්ලගේ ලගින් වාඩිවුනා සෝයූන් කොල්ලාගේ අත් දෙක අල්ලාගෙන යුංගිට කිට්ටු වෙලා කොල්ලාගේ කම්බුලට කිස් එකක් දීලා හිනා වුනා යුංගි එයාගේ පූස් ඇස් ලොකු කරගෙන සෝයූන් දිහා බලාගෙන ඉන්නවා
" යාහ්හ් මෝඩ පූස් තඩියෙක් නේ මම මැරි කරලා තියෙන්නේ මොකටද සමාව ඉල්ලන්නේ මම යුංගි කියන්නේ කවුද කියලා දන්නවා ඔයා කරේ කරන්න ඕන දේ යුංගි ඒ හින්දා ඒ ගැන හිතන්න එපා මෝඩ පූසෝ මම තරහ නැ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බැ නේ මෙයාට "
සෝයූන් හිනා වෙවී කියද්දී මෙච්චර වෙලා මැලවිලා තිබුණු යුංගිගේ මූන මලක් වගේ පිපිලා ආවා
" ඇත්තටම තරහ නැද්ද "
" මෙයාට බොරු කියලා මම තෑගි ගන්න ද "
" කියන්න බැ නේ ඔය හොර පූසියෝ ගැන "
යුංගි එහෙම කිව්වාම සෝයූන් කොල්ලාට රැව්වා වුනත් යුංගි නම් සතපහකට ගනන් ගත්තේ නැ
" දැන් යන් වොෂ් එකක් දාගෙන එන්න "
යුංගි එහෙම කියලා සෝයූන් වඩාගෙන බාත් රූම් එකට ගියා
" දැන් යන්න මම වොෂ් එකක් දාගෙන එන්නම් "
" මම ඔක්කොම දැකලා ඉවරයි නේ තවත් මගෙන් හංගන්න දෙයක් නැ නේ "
යුංගි එහෙම කිව්වාම විනාඩියක් යන්න කලින් සෝයූන් රතු වුනා සෝයූන්ගේ චෙරි ගෙඩියක් වගේ රතු වුනු මුහුන දැක්කාම යුංගිට හිනා ගියා අපහසුවක් දැනුනොත් එයාට කතා කරන්න කියලා යුංගි බාත් රූම් එකෙන් එලියට ගියා
_______________________
ජිමින් උදේම එයාගේ කැබින් එකට යනකොට ටේහ්‍යුන් කොල්ලාගේ ටේබල් එක උඩ වාඩිවෙලා කෙල්ලගේ කර වටේ අත් ඔතාගෙන ලොකු කතාවක් ජිමින් එයා දිහා බලාගෙන ඉන්නවා කියලවත් ගානක් නැ ජිමින් දොරෙන් එබිලා බලාගෙන ඉදලා ඔලුව දෙපැත්තට වැනුවේ මූව නම් මේ සම්මෙට හදන්න බැ කියලා හිතන ගමන්
" යාහ්හ් කිම් ටේහ්‍යුන්.."
ජිමින් බලාගෙන ඉදලා බැරි තැන කෑගැහුවාම ටේහ්‍යුන් වගේම කෙල්ලත් ගැස්සිලා ගිහින් ඈත් වුනා කෙල්ල බිම බලාගෙන ඉදියා
" මොකද යකෝ කෑගහන්නේ "
" උබ මොනාද මගේ කැබින් එකට වෙලා කරන්නේ තොට කැබින් එකක් නැද්ද මනුස්සයෝ මේක අස්සට වෙලා වෙලිලා ඉන්නේ "
ජිමින් කෑගහන ගමන් ගිහින් එයාගේ චෙයාමන් ශීට් එකේ වාඩිවුනා
" නටන්නේ නැතුව හිටපන් උබ ඉල්ලපු ඔක්කොම details ගෙනාවද "
" යේ.."
" යුන්කි financial department එකේ ඔක්කොම conference room එකට ආවා ද "
" yes sir..'
යුන්කි කියන්නේ ටේහ්‍යුන්ගේ secretary මිස්ටර් කන්ග් ලග කලින් වැඩ කරපු ටේහ්‍යුන්ගේ හිත ගිහින් ජිමින් විසින් ටේහ්‍යුන්ගේ secretary බවට පත් කරපු කෙල්ල
(ඔයාලාට මතක ඇති නේද අමතක නම් චැප්ටර් 30 බලන්න)
" යමන් එහෙනම් "
ජිමින් එහෙම කියන ගමන් ඉස්සර වෙලා ගිහින් දොර ලග නැවතිලා ආපහු පිටිපස්ස බැලුවා ටේහ්‍යුන් යුන්කිගේ කම්බුලට කිස් එකක් දුන්නා අනේ සංසාරේ වනේ වාසේ වගේ සීන් එකක ජිමින් හිටියේ
" ඕයි පස්සේ ලව් කරපන් දැන් වරෙන් යන්න "
ජිමින් ටේහ්‍යුන්ට රවන ගමන් කිව්වා
" උබ සෝ බබා ගෙනත් තියාගෙන ලව් කරපන්කෝ "
ටේහ්‍යුන් එහෙම කියාගෙන ගියා යුන්කි හිනා වෙලා බිම බලාගත්තා
" යුන්කි මූව පරිස්සම් කරගන්න නැත්නම් මූ මගෙන් අතින් මැරුම් කයි "
" හරි සර් "
ජිමින් ඉස්සර වෙලා යද්දී යුන්කි පිටිපස්සෙන් ආවා ජිමින් conference room එකට ඇතුලු වෙනකොට ඔක්කොම නැගිට්ටා ජිමින් අතින් වාඩිවෙන්න කියලා සන් කලාම හැමෝම වාඩිවුනා ජිමින් ටේබල් එක උඩින් අත් දෙක තියලා හැමෝගෙම දිහා බැලුවා ඒ සීතල බැල්මට බය නොවුනේ ටේහ්‍යුන් විතරයි අනිත් අය ජිමින්ගේ ඇස් මගහැරියා
" ගුඩ් මෝනින් හැමෝමට මම මෙතනට එන්න කිව්වේ පොඩි දෙයක් දැනගන්න යුන්කි '
ජිමින් යුන්කිගේ පැත්තට හැරිලා කෙල්ලගේ නම කිව්වාම යුන්කි ඔලුව වැනුවා
" හැමෝගෙම ඉදිරියේ තියෙන ලැප් එකේ ලේඩි කෙනෙක්ගේ ෆොටෝ එකක් පේනවා ඇති මේ ලේඩි ඔයාලා කවුරුහරි දන්නවා ද '
ජිමින් හැමෝගෙම දිහා අවධානයෙන් බලාගෙන කිව්වා එයාගේ ශීට් එකේ ටික වෙලාවක් වාඩිවෙලා හැමෝගෙම දිහා බලාගෙන ඉදියා
" ඕකේ හැමෝටම යන්න පුලුවන් "
ජිමින් එහෙම කියන ගමන් ශීට් එකට බර වෙලා conference room එකේ දොර දිහා බලාගෙන ඉදියා
" මිස්ටර් හන්..."
ජිමින් කතා කලාම මිස්ටර් හන් එතැනම නැවතුනා
" අපිට කතා කරන්න දෙයක් තියෙනවා මිස්ටර් හන්.."
ජිමින් නිවුනු හඩකින් කතා කලා මිස්ටර් හන් ජිමින් ලගට ආවා මිස්ටර් හන්ගේ කරට අත දාගත්ත ජිමින් ඇවිදින්න පටන් ගත්තා ටේහ්‍යුන් චෙයාර් එකේ වාඩිවෙලා කකුල් දෙකත් ටේබල් එක උඩින් තියාගෙන ජිමින් මොකද්ද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා
" මිස්ටර් හන්.. දන්නවා ද කම්පැනි එකේ මිලියන ගානක් නැති වෙලා කොහොමද වුනේ කියලත් හොයාගන්න විදියක් නැතුව මං ඉන්නේ ඔයා දන්නවා නේ මිස්ටර් හන් මම මේ කම්පැනි එකට කොච්චර ආදරේ ද කියලා ඒ වගේම මට ද්‍රෝහි වෙන අයට මොකද වෙන්නේ කියලත් ඔයා හොදටම දන්නවා "
ජිමින් glass window එක ඉස්සරහ නැවතිලා මිස්ටර් හන්ගේ කරට දාගෙන ඉදපු අත අරගත්තා මිස්ටර් හන්ගේ මූන දාඩියෙන් තෙත් වෙලා
" මොකද මිස්ටර් හන් මෙච්චර දහඩිය දාලා වැරැද්දක් කරලා අහුවෙලා වගේ "
ජිමින් අත් දෙකත් සාක්කුවට දාගෙන කිව්වා මිස්ටර් හන් බයට වෙව්ලනවා මෙතන ඉදිරියට දරුනු දෙයක් වෙයි කියලා ජිමින්ගේ හැසිරීමෙන් ටේහ්‍යුන්ට හිතුනු නිසා කොල්ලා යුන්කිට යන්න කිව්වා යුන්කි කොල්ලාගේ අනට කීකරු වෙලා එතැනින් ගියා
" මියානේ සර්.. "
මිස්ටර් හන් බිම බලාගෙන සමාව ඉල්ලුවා ජිමින් දෙතොලතර රැදුනේ හිනාවක් ඒක කුරිරු හිනාවක් දැන් ජිමින් දිහා බලන කෙනෙක්ගේ ඇග කිලිපොලා යන හිනාවක්
" ඔහ්.. ටේහ්‍යුන් බලපන්කෝ මූ මගෙන් සමාව ඉල්ලනවා '
ජිමින් හිනා වෙන ගමන් ටේහ්‍යුන් දිහා බලලා කිව්වා ජිමින්ගේ හිනා ඇහෙද්දී මිස්ටර් හන් තවත් බය වුනා කිව්වොත් හරි
" මියානේ සර්..ආපහු එහෙම දෙයක් වෙන්නේ නැ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා සර් මට යන්න දෙන්න "
මිස්ටර් හන්ට මරන බිය හොදටම දැනෙනකොට වැදගෙන කිව්වා ජිමින් කියන්නේ මේ වගේ දේකට සමාවක් දෙන කෙනෙක් නෙවෙයි කියලා මිස්ටර් හන් දැනගෙන හිටියා
" අයිෂ්... හැමදාම එකම පදේ අලුත් දෙයක් නැද්ද කියන්න "
" සර්.."
" උබලාට වැරැදි කරනකොට ඕවා මතක් වෙන්නේ නැ උබලා කලගුන සලකන්න දන්නේ නැ මගෙන් කාලා බීලා මටම කෙලවන්න හදන්නේ මෙච්චර කල් උබට සැලරි දුන්නේ යූනාද උබ මෙච්චර කාලයක් ජීවත් වෙන්න ඇත්තේ යූනාගේ සල්ලි වලින් වෙන්න ඇති මට තොපි වගේ එවුන් පේන්න බැ "
" සර්.. මියානේ මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැ මගේ දුවගේ ජීවිතේ බේරගන්න මම එහෙම කලේ "
මිස්ටර් හන් අඩන ගමන් කිව්වාම ජිමින් ඇහිබැමක් උස්සගෙන බලාගෙන හිටියා
" මොකද්ද ඒ කතාවේ තේරුම '
ඒත් එක්කම glass window එක කුඩු කරගෙන ආපු බුලට් එකක් මිස්ටර් හන්ගේ අත පසාරු කරගෙන ගියා ජිමින් glass window එකෙන් බැලුවාම කලු ඇදගත්තු එකෙක් ඉක්මනට කා එකක නැගලා යනවා කා එකේ නම්බර් එක බලාගත්තු ජිමින් කට කොනින් හිනා වුනා මිස්ටර් හන් අත අල්ලාගෙන බිම වැටිලා ඉන්නවා ටේහ්‍යුන් මිස්ටර් හන්ගේ අතේ බුලට් එක වැදුනු තැන ලේන්සුවක් බැන්දා
" ටේහ්‍යුන් ඉක්මන් කරපන් මිස්ටර් හන් හොස්පිටල් අරගෙන පලයන් "
" සර්.. මගේ දුව බේරගන්න.."
මිස්ටර් හන් වේදනාවෙන් ඇදුම්කන අතත් අල්ලාගෙන කිව්වා
" හෙට උදේ වෙද්දී මිස්ටර් හන්ගේ දුව ගෙදර ඉදිවී.. ටේහ්‍යුන් ඉක්මන් කරපන් "
ජිමින් කියනකොට ටේහ්‍යුන් මිස්ටර් හන් වාරු කරගෙන නැගිට්ටා ගාඩ්ස්ලා කලබලයෙන් conference room එකට ආවා ටේහ්‍යුන් ගාඩ්ස්ලා දෙන්නෙක්ගේ උදව්වෙන් මිස්ටර් හන් අරගෙන ගියා තව ගාඩ්ස්ලා කිහිප දෙනෙක් conference room එකේ නැවතුනා
" අපි බලාගමු යූනා.."
ජිමින් බුලට් එක වැදුනු නිසා ඉරි තලා ගියපු වීදුරුව දිගේ ඇගිල්ලක් අරගෙන යන ගමන් මිමිනුවා
✩✩✩✩☆☆☆☆☆☆☆☆☆☆☆☆
බුහ්හාහා
යූනා ලෙෆ්ට් වෙන්න හදන්නේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top