🧡 45 🧡
ජිමින්ගේ ශර්ට් එකේ බටන් ගලවන ලීනාව රූම් එකට ආපු සෝ ආ දැක්කේ කෙල්ලට ඒ වෙලාවේ නම් හොදටම කේන්ති ගියා මොකද දැන් ජිමින් අසිහියෙන් සෝ ආ ලීනාගේ කම්බුලට අත දිග ඇරලා හොද පාරක් ගැහුවා
" නයිස් ශොට්..."
ටේහ්යුන් එහෙම කියලා විසිල් එකකුත් ගැහුවා ලීනා කම්බුලත් අල්ලාගෙන සෝ ආ දිහා බලාගෙන ඉදියේ වුනේ මොකද්ද කියලා කල්පනා කරන ගමන්
" තමුසෙට මම එලියට බැහැලා රූම් එක දුන්නාම මගේ හස්බන්ටත් අත තියන්න එනවද තමුසෙගේ දරුවා ජිමින්ගේ වෙන්න ඇති තමුසෙගෙයි ජිමින්ගෙයි අතරේ සම්බන්ධයක් තියෙන්නත් ඇති ඒත් මම තාම ජිමින්ගේ legal wife කියලා මතක තියාගන්නවා තමුසේ තමන්ගේ සීමාවේ ඉන්න දැනගන්නවා ලැජ්ජාවක් නැද්ද මෙහෙම වැඩ කරන්න "
සෝ ආ කේන්තියෙන් කියවගෙන ගියා
" තමුසේ කොහොමද මට ඔහොම කතා කරන්නේ ආ ඕන තරම් දැන් කෑගහනවා ලගදීම ජිමින් තමුන් දාලා මං ලගට එයි ඒ දවස වැඩි ඈතක නෙවෙයි "
ලීනා දබරගිල්ල සෝ ආට දික් කරලා එහෙම කියලා යන්න ගියත් කෙල්ල කතා කරපු නිසා නැවතුනා
" ඇත්තටම විශ්වාස ද ඔය දරුවා ජිමින්ගේ කියලා "
" what....?"
" තමුසේ ජිමින් එක්ක එක රැයක් ඉන්න ඇති ඊට පස්සේ තව කී දෙනෙක් එක්ක හිටියා ද එහෙම බැලුවොත් ඒ දරුවා ජිමින්ගේ වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි "
ලීනා තරහෙන් පුපුරන ගමන් ගස්සගෙන ගියා
" පුදුම ගැස්සිල්ලක් නේ යකෝ ඒක "
ලීනා යන දිහා බලාගෙන ඉදපු ටේහ්යුන් එහෙම කියලා සෝ ආ දිහා බැලුවා සෝ ආ අසිහියෙන් ඉන්න ජිමින්ගේ ඔලුවට පාරක් ගැහුවා ඒක දැකලා ටේහ්යුන්ට හිනා ගියා කොල්ලා ඒ දෙන්නාගේ ප්රශ්න ඒ දෙන්නාට බේරගන්න දීලා රූම් එකේ දොර වහගෙන එලියට ගියා
" මගේ නින්ද නැති කරලා නිදාගෙන ඉන්න ලස්සන කොට තාරාවා "
සෝ ආ මිමිනුවේ නිදාගෙන ඉන්න ජිමින් දිහා බලාගෙන
" ඉන්නවකෝ හොද වැඩක් කරන්න "
කෙල්ල එහෙම කියලා ඇද උඩට නැගලා කොල්ලාගේ ඉන දෙපැත්තෙන් දන ගහගෙන ජිමින්ගේ බඩ උඩින් වාඩිවුනා ලීනා භාගෙට ගලවලා තිබුණු ජිමින්ගේ ශර්ට් එකේ බටන් ගලවලා දෙපැත්තට කලා සෝ ආ කොල්ලාගේ පපුව උඩින් ඔලුව තියාගෙන අතින් ජිමින්ගේ නිපල් එකක් කොනිත්තන්න ගත්තා
" මෝඩ ජිමින්ශියා "
කෙල්ල එහෙම කියලා ජිමින්ගේ උනුසුමට තුරුල් වෙලා ඇස් පියාගත්තා ටිකකින් ජිමින්ගේ අත් කෙල්ලගේ බද වටේ එතුනා ඒ වෙනකොටත් සෝ ආට නින්ද ගිහින් තිබුණේ
________________________
යුංගි ඇදේ කොනකට වෙලා ලැප් එකත් උකුලේ තියාගෙන ලොකු වැඩක් කොල්ලා සෝයූන්ට ඩොක්ටර්ස්ලා හොයනවා සෝයූන් නම් නිදි කෙල්ල නින්දෙන් කෙදිරිගානකොට යුංගි කෙල්ලගේ ඔලුව අතගානවා යුංගිගේ එක අතක් තාමත් තිබුණේ සෝයූන්ගේ කොන්ඩේ අතරේ දවසේ වැඩි ප්රමාණයක් සෝයූන් කරන්නේ නිදාගන්න එක කෙල්ලගේ බෙහෙත් වල සැරට වගේම මහන්සියට නින්ද යනවා
නින්දෙන් ඇහැරුනු සෝයූන් තමන්ගේ එහා පැත්තේ ඉන්න යුංගි දිහා බලාගෙන යුංගි හිමින් කෙල්ලගේ ඔලුව අතගානකොට සෝයූන් ආපහු ඇස් පියාගත්තා තමන්ගේ කොන්ඩේ අතරේ රැදිලා තියෙන යුංගිගේ අත අරගෙන පුංචි කිස් එකක් දුන්නා සෝයූන්ගේ තොල් වල ස්පර්ශය දැනිලා යුංගි කෙල්ල දිහා බැලුවා සෝයූන් සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා කොල්ලා ලැප් එක පැත්තකින් තියලා සෝයූන්ගේ මූනට එබුනා
" ඇහැරුනා ද ම්ම් "
" යෙප්...'
සෝයූන් කිව්වාම යුංගි කෙල්ලගේ නලලට උනුසුම් හාදුවක් තැවරුවා සෝයූන් යුංගිගේ නලලට වැටුනු කලු කොන්ඩේ අතරේ ඇගිලි ගෙන ගියා
" මම මේ කොන්ඩේට ආසයි "
සෝයූන් කිව්වේ යුංගිගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන යුංගි හිනා වුනා විතරයි ඒක සෝයූන් කවදාවත් නොදැකපු ලස්සන හිනාවක්
" මොනාද ඕන වෙලා තියෙන්නේ ම්ම් "
" මොහ්.."
" මොනාහරි ඕන වෙලා තමයි ඔහොම කියන්නේ "
කොල්ලා එහෙම කිව්වාම සෝයූන් ඇස් හීනි කරලා යුංගි දිහා බලාගෙන ඉදියා
" මම බොරු නෙවෙයි නේ කිව්වේ දැන් මොනාද ඕන කියන්න "
",හැබැයි බැ කියන්න ඔට්ටු නැ "
" බැ කියන්න හරි මෝඩියේ කියන්න එපැයි "
යුංගි සෝයූන්ගේ ඔලුවට පුංචි තට්ටුවක් දාලා කිව්වා
" ගහගෙන එන්න එපා හරි ද දෙනවා පයින් බිමට වැටෙන්න "
" හස්බන්ට පයින් ගහනවා ද "
" වේ බැ කියලා ද හිතන්නේ "
සෝයූන් කිව්වේ බ්ලැන්කට් එක ඇතුලේ කකුල් ගසන ගමන්
" හරි හරි පුලුවන් දගලන්න නැතුව ඉන්න දැන්වත් කියන්න මොනාද ඕන "
" මට...."
" ම්ම්ම්.."
" මට...'
" යේ..."
" මට...."
" ඕක අද කියනවද "
" මට මෙහෙම රූම් එකට වෙලා ඉදලා එපා වෙලා මට ඇවිදින්න එලියට යන්න ඕන "
සෝයූන් බ්රේක් නැති කෝච්චිය වගේ කියවගෙන ගිහින් ඇස් දෙකත් තද කරලා පියාගත්තා යුංගි ටික වෙලාවක් කල්පනා කලේ කෙල්ල මොකද්ද කිව්වේ කියලා ටිකකින් සෝයූන් එක ඇහැක් ඇරලා යුංගි දිහා බැලුවේ කොල්ලා නිශ්ශබද නිසා යුංගි කට කොනින් හිනා වෙන ගමන් හිටියේ
" ඕක කියන්න ද මෙච්චර පිස්සුවක් නැටුවේ..? ගිහින් රෙඩි වෙන්න "
" චින්චා.....?"
සෝයූන් සතුටින් ඇහුවාම කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා ඒ ටිකට බ්ලැන්කට් එක පැත්තකට දාලා දුවන්න හදපු කෙල්ලව යුංගි අල්ලගත්තා
" දුවන්නේ නැතුව හිමින් යනවා "
යුංගි ගැඹුරු හඩකින් කිව්වාම සෝයූන් අහිංසක විදියට හිනා වෙලා ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගියා
___________________________
සෝ ආ එක්ක කේන්තියෙන් රූම් එකට ආපු ලීනා කේන්තියෙන් රූම් එකේ දොර වැනුවා
" ඒකි කොහොමද මට එහෙම කතා කරන්නේ "
ලීනා රූම් එකේ තිබුණු බඩු පොලොවේ ගහන ගමන් කෑගැහුවා
" මම ඕකිව ඉවරයක් කරනවා මගේ කම්බුලට ගැහුවා නේ බලාගෙන ඉදපන් මම උබව මරන්නේ ගොඩක් විදවන්න දීලා "
ඒත් එක්කම ලීනාගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තා
" යෙබුස්සයෝ
හරි මම එන්නම් "
ලීනා එහෙම කියලා රූම් එකෙන් එලියට ය්න දිහා බලාගෙන ඉදපු ටේහ්යුන් කෝල් එකක් ගත්තා
" හියුන්ග් ලීනා දැන් එලියට ගියා "
ටේහ්යුන් එහෙම කියලා ෆෝන් එක සාක්කුවට දාගෙන කට කොනින් හිනා වුනා
" වැඩි දවසක් නොයා ජිමින්ගේ අතින් තමුසේ අවසන් ගමන් යයි ලීනා "
ටේහ්යුන් මිමිනුවා
_______________________
ජිමින් නිදිමතේ අනිත් පැත්ත හැරෙන්න ගියත් ඇග උඩ මොනාහරි තියෙනවා වගේ දැනුනු නිසා කොල්ලා ඇස් ඇරලා ඔලුව ටිකක් උස්සලා බැලුවා එතකොට තමයි දැක්කේ එයාගේ ඩෝල් එයාගේ ඇගට උඩට වෙලා සැපට නිදි කියලා කොල්ලා සෝ ආව තුරුල් කරගත්තේ දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන කොල්ලා සෝ ආ ඇහැරෙන්නේ නැති වෙන්න හිමින් සැරේ පැත්තට හැරුනා
' නිදාගන්න දෙනවා ජිමින්ශි "
සෝ ආ ජිමින්ගේ පපුව අස්සේ මූන හංගන්න ගමන් කිව්වා කොල්ලාගේ ඇගට කකුලකුත් දාගත්තා ජිමින් කල්පනා කලේ ටිකකට කලින් එයාට හොදටම බැන්න කෙල්ල නේද මේ කියලා ජිමින් සෝ ආගේ ඉන අල්ලනකොට කෙල්ල ජිමින්ගේ අතට ගැහුවා
" මාව අල්ලන්න එපා "
" ඒත් ඔයා මාව අල්ලාගෙන ඉන්නේ "
" මම ඇල්ලුවාට ජිමින්ශිට බැ මාව අල්ලන්න "
" දැන් මොකද ජිමින්ශි කියන්නේ "
ජිමින් එහෙම ඇහුවාම කොල්ලාගේ පපුවට නිකට තියාගෙන ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා
" මට ඕන හින්දා "
" ඔයාට ඕන දේවල් කරන්නේ කොහොමද "
ජිමින් කෙල්ලගේ ඇස් වලට එබෙන ගමන් කිව්වා
" කොහොමහරි "
සෝ ආ කිව්වාම ජිමින් කෙල්ලගේ ඉන දෙපැත්තෙන් දන හිස් තියලා කෙල්ලගේ මූනට එබුනා ජිමින්ගේ බැල්මට සෝ ආ ටිකක් ගැස්සුනා කිව්වොත් හරි
" මොකද මේ ආ එහාට වෙනවා "
සෝ ආ රවාගෙන ඇහුවා
" මට ඕන හින්දා "
කොල්ලා එහෙම කියලා සෝ ආගේ තොල් වලට බර වෙන්න ගියත් කෙල්ල මූන හරවගත්ත නිසා ජිමින් කෙල්ලගේ කම්බුලට කිස් එකක් දුන්නා ජිමින් කෙල්ලගේ ඇගෙන් ඈත් වෙලා ඇදේ එහා පැත්තෙන් වාඩි වුනේ සෝ ආට පිටුපාලා
" තාමත් තරහින් නේද ඉන්නේ මං ගැන පොඩි හරි විශ්වාසයක් නැද්ද "
සෝ ආ ඒ දේවල් නෑහුනු ගානට ඇදෙන් බැහැලා දොර ලගට ඇවිදගෙන ගිහින් ආපහු හැරුනා
' ආපහු බොන්න එපා "
සෝ ආ එහෙම කියලා රූම් එකේ දොර වහගෙන යන්න ගියා ජිමින් කට කොනින් හිනා වුනා සෝ ආ ජිමින් ගැන හිතන ගමන් ඇවිදගෙන යනකොට පොඩි බබෙක් අඩන සද්දයක් ඇහිලා නැවතුනා අඩන්නේ ලීනාගේ බබා නිසා සෝ ආ එතැනින් යන්න ගියත් ආපහු හැරිලා ආවේ බබා අඩනවා අහගෙන ඉන්න බැරි නිසා සෝ ආ රූම් එකට යනකොට බබා හිටියේ ඇදේ කොනේ තව පොඩ්ඩක් පෙරලුනොත් බබා ඇදෙන් බිමට වැටෙනවා සෝ ආ ඉක්මනට ගිහින් බබා වඩාගත්තා බබා අඩන එක නම් නවත්තන්නේ නැ සෝ ආ කොච්චර ට්රයි කරත් බබා අඩන එක නැවැත්තුවේ නැ
" ශ්ශ්ශ්... මැනික අඩන්න එපා ගුඩ් ගර්ල්ලා අඩන්නේ නැ "
බබාට බඩගිනි ඇති කියලා හිතලා පුංචි කෙල්ලත් වඩාගෙන කිචන් එකට ගියා
" සෝ බබා "
" ඔම්මා මෙයා අඩනවා ඉවරයක් නැ බඩගිනි වෙලා වෙන්න ඇති "
සෝ ආ කිව්වේ කිචන් එකේ ඉන්න හේරාට
" හරි ඉන්නකෝ අපි මෙයාට කිරි එකක් හදලා දෙමු "
හේරා කිව්වා සෝ ඇවිදින ගමන් ගෙදර තියෙන දේවල් පෙන්නුවා එතකොට කොහෙද ඉදලා කුක්කෙක් කඩාගෙන බිදගෙන ඇවිත් සෝ ආ ලග බ්රේක් ගැහුවා
" මොකද මෙයා අඩන්නේ සෝ බැන්නා නේද "
ජන්කූක් ඇහුවේ සෝ ආගේ කොන්ඩේ අස්සේ ඇගිලිත් පටලවාගෙන අඩන පුංචි බබා දිහා බලාගෙන
" විකාර ද කුක්කෝ "
" මෙහේ දෙනවා බබෙක්වත් නලවගන්න බැ "
ජන්කූක් එහෙම කිව්වාම සෝ ආගේ අතේ හිටපු බබා අරගත්තා ජන්කූක් බබා වඩාගන්නකොට එයාගේ ගවුම පොඩ්ඩක් ඉස්සුනා එතකොට සෝ ආ දැක්කේ බබාගේ ඉන හරිය රතු වෙලා තියෙනවා
" කුක්කෝ...."
" වේ.."
සෝ ආ එහෙම කියලා බබාගේ ගවුම පොඩ්ඩක් ඉස්සුවා බබාගේ ඉන හරිය රතු වෙලා හරියට කවුරුහරි එයාට ගහලා වගේ
" කුක්කෝ බබාගේ ඉන හරිය රතු වෙලා "
" මොහ් "
ඒ ටිකට සෝ ආගේ ඇස් වල කදුලු පිරිලා
" අපි මොකද්ද කුක්කෝ කරන්නේ අනේ එයාට රිදෙනවා ඇති "
" යාහ්හ් ඔය ටැප් එක වහගන්නවා මම සේරි නූනාට කතා කරන්නම් එතකම් මෙයාව ගන්න "
ජන්කූක් සෝ ආගේ අතට බබා දිලා සේරි හොයාගෙන ගියා
" අඩන්න එපා පැටියෝ "
ජන්කූක් සේරි එක්කගෙන ආවේ
" ඔන්නි බලන්නකෝ.."
සෝ ආ සේරිගේ දිහාට හැරිලා කිව්වා
" දෙයියනේ....කුකි මගේ රූම් එකේ dressing table එක උඩ රෝස පාට box එක ඇති ඒක අරගෙන එන්න "
ජන්කූක් කිව්ව සැනින් උසෙන් බෝල්ඩ්ගේ හැල්මොනී වැහිලා වගේ දුවගෙන ගියා ඒසැනින් අනිත් පැත්තට දුවගෙන ඇවිත් ජන්කූක් හති අරින්න ගත්තා සේරි ඒ box එක ඇතුලේ තිබිලා බාම් එකක් අරගෙන පුංචි බබාගේ ඉනේ ගාන්න ගත්තාම කලින්ට වඩා හයියෙන් අඩන්න ගත්තා එතකොට හේරා කිරි බෝතලයත් අරගෙන ආවේ
.
විනාඩි කිහිපයකට පස්සේ හේරාගේ උකුලට වෙලා පුංචි පැටියා කිරි බොන ගමන් හිටියේ හේරා කිරි බෝතලේ අල්ලාගෙන බබාට පොවනවා පුංචි පැටියා සෝ ආගේ ඇගිල්ලක් තද කරලා අල්ලාගෙන හිටියේ සේරි ජන්කූක් ජින් වගේම ජිමින් එතැන හිටියා පුංචි පැටියා කිරි බීලා ඉවර වෙලා බෝතලේ සූප්පුව හපන්න ගත්තා හේරා කිරි බෝතලේ පැත්තකින් තිබ්බා පුංචි පැටියාට නින්ද ගිහින් හිටියේ තාමත් සෝ ආගේ ඇගිල්ල තද කරලා ඉන්නවා
" මේ දේ කරන්න ඇත්තේ ලීනා වෙන්න ඕන "
ජන්කූක් කිව්වා
" මටත් එහෙම හිතෙනවා ඒත් තමන්ගෙම දරුවාට මෙච්චර නපුරු විදියට සලකන්න පුලුවන් ද කුකී "
සේරි කිව්වාම සෝ ආ කට කොනින් හිනා වෙනවා ජිමින් බලාගෙන ඉදියා
" ඒ ලීනාගේ දරුවෙක් නම් නේ සේරි නූනා "
ටේහ්යුන් එහෙම කියාගෙන ආවාම හැමෝම එයා දිහා බැලුවා කොල්ලා ඇවිත් ජිමින්ගේ එහා පැත්තෙන් වාඩි වුනා
" මොකද්ද උබ කියන්න හදන්නේ "
" මේ ලීනාගේ ලමයෙක් නෙවෙයි Orphanage එකෙන් අරගෙන තියෙන්නේ ඒකත්...."
ටේහ්යුන් එහෙම කියලා කතාව නවත්තලා හුස්මක් ගත්තා
" වේ...?"
" දරුවාව අරගෙන තියෙන්නේ මිස්ටර් මින්ගෙයි යූනා ආන්ටිගෙයි නම් වලින් එයාලා තමයි බබාගේ භාරකාරත්වය තියෙන්නේ "
ටේහ්යුන් එහෙම කිව්වාම සෝ ආ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදියා හේරා නම් ඒ දේවල් නෑහුනු ගානට හිටියා ඒත් ජිමින් හිටියේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක කොල්ලාගේ අතේ නහර ඉලිප්පිලා කේන්තියට ජිමින් අතමිට මොලවාගෙන ඇස් රතු කරගෙන දත්මිටි කාගෙන හිටියේ
" දැන් උබ කොහොමද ඕවා දැනගත්තේ "
ජින් ඇහුවා
" ලීනා නැති වෙලාවක රූම් එකට රිංගලා හොයන්න ගත්තේ මේන් මේ සූතියා තමයි මට උදව් කලේ "
" මොහ්...."
" මෙයා තමයි ඇදේ කොනක තිබුණු කොට්ටයක් බිමට දැම්මේ ඒක ගන්න පහත් වෙනකොට තමයි දැක්කේ ඇද යට තිබුණු ෆයිල් එක "
ටේහ්යුන් පුංචි හිනාවක් එක්ක කිව්වේ
" දැන් අපි මොකද කරන්නේ "
" ලීනාට පයින් පාරක් ගහලා එලවලා දානවා සෝයූන් නූනා කිව්වා වගේ "
ජන්කූක් කිව්වා
" නම්ජූන් හියුන්ග් සාක්ෂි එක්ක සෙට් එකම බෙල්ල මුලින් අල්ලගන්නකම් "
ටේහ්යුන් එහෙම කිව්වා ජිමින් කේන්තියෙන් එතැනින් නැගිටලා යන්න ගියා කොල්ලා හිටියේ කේන්තියෙන් ඊට වඩා කලකිරිලා අනිත් ලමයින්ගේ ඔම්මාලා තමන්ගේ දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්න උදව් කරනකොට ජිමින්ගේ ඔම්මා කලේ ඒකේ අනිත් පැත්ත සෝ ආ එයාගේ ඇගිල්ල පුංචි පැටියා ඇහැරෙන්නේ නැති වෙන විදියට අරගෙන ජිමින්ගේ පස්සෙන් ගියා.
☆☆✩✩✩☆☆☆☆☆☆☆☆☆☆
අද ඩබල් අප්ඩේට් දරුවනි 😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top