🧡 44 🧡
සෝයූන් උදේ ඇස් ඇරලා බලනකොට යුංගි කෙල්ල ලග ඉදියේ නැ ඒක නිසා සෝයූන් රූම් එක වටේම ඇස් යැව්වේ යුංගි හොයන්න කෙල්ල ඇදෙන් පහලට කකුල් දෙක දාලා නැගිටින්න ගියත් ආපහු ඇදේ ඉන්දුනේ එයාගේ ඇගට පන නැති නිසා එතකොට යුංගි සෝයූන්ගේ උදෑසන ආහාර වේල අරගෙන රූම් එකට ආවා
" සෝයූ කොහෙද යන්න හදන්නේ "
යුංගි එහෙම අහන ගමන් කෙල්ල ලගට ආවා ගෙනාපු කෑම ටික පැත්තකින් තියලා යුංගි සෝයූන්ගේ ලගින් වාඩිවුනා කෙල්ල යුංගිගේ උරහිසෙන් ඔලුව තියාගත්තා කොල්ලා සෝයූන්ගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව තුරුල් කරගත්තා
" අමාරුයි ද..?"
" ම්ම්ම්.. "
" වොෂ් එකක් දාගෙන ඇවිත් නිදාගමු "
යුංගි එහෙම කියලා සෝයූන්ව බාත් රූම් එකට එක්කගෙන ගියා
" අමාරු නම් මට කතා කරන්න ඕන හරි ද මම එලියේ ඉන්නවා ම්ම් "
යුංගි සෝයූන්ගේ කම්බුල් අල්ලාගෙන කිව්වාම කෙල්ල හා කියන්න ඔලුව වැනුවා යුංගි කෙල්ලගේ නලලට පොඩි කිස් එකක් දීලා එලියට ආවා සෝයූන් එන්න එන්නම දුර්වල වුනා කෙල්ලට පොඩි දෙයකින් පවා වෙහෙසට පත් වෙනවා
සෝයූන් සින්ක් එකට බරවෙලා බලාගෙන හිටියේ කෙල්ල vomit කරන්න ගත්තා ඒත් එක්කම නහයෙන් ලේ බිදු වැටෙන්න ගත්තා සෝයූන්ගේ කකුල් පන නැති වෙනවා වගේ දැනුනත් සින්ක් එකට බර වෙලා කෙලින් හිටියා
" මට සමාවෙන්න "
සෝයූන් එහෙම මුමුනලා අඩන්න පටන් ගත්තා කෙල්ලට හුස්ම ගන්නත් අමාරුයි එයාට මේ දේවල් දරාගන්න බැ අඩලා අඩලා වොෂ් එකක් දාගෙන එලියට යන්න ගියත් එයාගේ කකුල් පන නැ වගේ දැනෙද්දී එයා එහෙම්ම බිත්තියට හේත්තු වුනා කෙල්ල ඇස් පියාගෙන හිටියේ ඇග ඇතුලෙන් පිච්චෙනවා වගේ දැනෙනකොට සෝයූන්ගේ කකුල් වෙව්ලනවා
" යු..යුංගි.."
සෝයූන්ට ඇවිදගන්න බැරි නිසා යුංගිට කතා කලේ සෝයූන්ගේ වෙව්ලන කටහඬ ඇහුනු නිසා හිටපු කෝල් එකත් කට් කරලා ඉක්මනට කරලා බාත් රූම් එක ඇතුලට ගියා කෙල්ල වේදනාවෙන් ඉන්න විදිය දැක්කාම යුංගිගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ යුංගි ඉක්මනට සෝයූන්ගේ ලගට ගිහින් කෙල්ලව වඩාගෙන ඇවිත් පරිස්සමින් ඇදෙන් තිබ්බා මූනට වැටිලා තිබුණු පුංචි කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවලා ඒ සීතල වෙලා තිබුණු කම්බුලකට උනුසුම් හාදුවක් තැවරුවා යුංගිගෙන් ලැබුනු උනුසුම් හාදුවත් එක්ක කෙල්ල යුංගිගේ ඇස් දිහා බැලුවේ ඒ ඇස් වල ආදරේ පිරිලා ඒ වගේම වේදනාවත් සෝයූන්ට නොදැනීම ඉකියක් පිටවුනා
" සෝයූ..."
යුංගි කෙල්ලගේ කම්බුල් පිරිමදින ගමන් ආදරනීය හඩකින් කතා කලා සෝයූන්ගේ සිහින් ඉකිය හැඩුමක් බවට පරිවර්තනය වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ සෝයූන් එහෙම්ම කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගෙන අඩන්න ගත්තා යුංගි කෙල්ලගේ පිට දිගේ අතක් අරගෙන ගියා අනිත් අතින් සෝයූන්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් හිමින් අතගෑවා
" සෝයූ රිදෙනවා ද "
යුංගි එහෙම අහුවත් කෙල්ල මුකුත් නොකියා තවත් කොල්ලව තදින් බදාගන්න ගමන් අඩන්න පටන් ගත්තා යුංගිගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගියා කොල්ලා මුකුත් නොකියා කෑගහලා අඩන සෝයූන්ගේ ඔලුව හිමින් අතගෑවා මොකද කොල්ලා දන්නවා එයා දැන් කතා කරන්න ගියොත් අනිවාර්යයෙන් ඇඩෙනවා කියලා
" සෝයූ දැන් ඇඩුවා ඇති "
කොල්ලා එහෙම කිව්වේ සෝයූන්ගේ හැඩුම් වල කෙලවරක් නැ කියලා තේරුනු නිසා යුංගි කෙල්ලව ඈත් කරලා කම්බුල් වල තිබුණු කදුලු පිසදැම්මා සෝයූන්ගේ නහය රතු වෙලා චෙරි ගෙඩියක් වගේ කෙල්ල නහය උඩට අදින ගමන් යුංගි දිහා බලාගෙන ඉන්නවා
" චන්ඩි කෙල්ල හොටු කෙල්ලෙක් වගේ "
" යාහ්හ්.."
කෙල්ල කදුලු අස්සෙන් කෑගැහුවේ යුංගි කියපු දේට
" යුංගි මම මැරෙයි ද..?"
සෝයූන් කොල්ලාගේ ඇස් දිහා බලාගෙන ඇහුවා
' මම තමුසෙට එක සැරයක් කිව්වා තමුසෙට මුකුත් වෙන්නේ නැ ආපහු මැරෙන කතාවක් කිව්වොත් කට කඩනවා "
" බය වෙන්න එපා මම ඔයාට නොකියා යන්නේ නැ "
සෝයූන් දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන එහෙම කිව්වා ඒත් ඒ ඇස් වල ලොකු වේදනාවක් සැගවිලා තිබුනා යුංගි මුකුත් නොකියා සෝයූන්ගේ තොල් වලට බර වුනා කෙල්ල යුංගිගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ මල් පෙත්තක් සිපගන්නවා වගේ සොෆ්ට් විදියට සෝයූන්ගේ තොල් අතරේ එයාගේ තොල් ගෙනිච්චා සෝයූන් කොල්ලාට ලං වෙලා ඒ හාදුව වින්දා සෝයූන් මේ උනුසුමට හරි ලෝභයි එයාට යුංගිට තුරුල් වෙලා හැමදාම ඉන්න ඕන ඒත් දෛවය කොච්චර නපුරුද කියනවා නම් සෝයූන්ට ජීවත් වෙන්න වැඩි කාලයක් ඉතුරු වෙලා නොතිබුනු එකයි
කෙල්ලට තවත් රිද්දන්න බැරි හින්දා යුංගි ඒ තොල් වලින් ඈත් වුනා
" තමුසේ කොහෙවත් යන්නේ නැ එච්චරයි "
යුංගි එහෙම කියලා සෝයූන්ව තුරුල් කරගත්තේ එයාව දාලා යයි කියලා වගේ ගෙවුණු හැම තත්පරේකම යුංගි හිටියේ බයෙන් සෝයූන්ට කොයිවෙලේ අමාරු වෙයි ද කියන්න දන්නේ නැ
යුංගි කෙල්ලට කවලා පොවලා නිදි කෙරුවා කොල්ලා සෝයූන් ලගට වෙලා ඒ මූන දිහා බලාගෙන ඉදියේ පුංචි පූස් පැටියෙක් වගේ බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා නිදි නිකන් නෙවෙයි යුංගිගේ අතකුත් අල්ලාගෙන නිදාගෙන ඉන්නේ
" ඔයාට මගෙන් ඈතට යන්න දෙන්නේ නැ "
කොල්ලා සෝයූන්ගේ කනට මුමුනලා කෙල්ල ඇහැරෙන්නේ නැති වෙන්න එයාගේ අතක් ගලවගෙන රූම් එකෙන් එලියට ගියේ ආපහු සැරයක් සෝයූන් දිහා බලලා
___________________________
ජිමින්ට බැනලා එලවගත්තාට සෝ ආ හිටියේ දුකින් කෙල්ලට හිතුනා ජිමින්ට එහෙම කතා නොකර ඉන්න තිබුනා කියලා කෙල්ලගේ දුක වේදනාව තරහ ඔක්කොම පිට කලේ ජිමින්ට බැනලා
එක අතකින් සෝ ආ බැනපු එක සාධාරණයි මොකද ජිමින් කියන්නේ play boy කෙනෙක් එක රැයකට එක කෙල්ලෙක් එක්ක හිටපු කෙනෙක් ජිමින් කියන්නේ කෙල්ලෙක් දරුවෙක් වඩාගෙන ඇවිත් ඒ දරුවා ජිමින්ගේ කියද්දී සෝ ආට ඒ දේවල් විශ්වාස නොකර ඉන්න හේතුවක් තිබ්බේ නැ ඒත් සෝ ආ දන්නේ නැ ජිමින්ගේ එක්ක ඉන්න ගොඩක් ගෑනු පසුදින ඉර දකින්නේ නැ කියලා
ජිමින් හිටියේ mansion එකේ තිබුණු මිනි බාර් එකට වෙලා කොල්ලා පිස්සා වගේ බොනවා
සෝ ආගේ වචන කොල්ලාගේ හිතට ගොඩක් දැනුනා ඔය කිව්ව දේවල් වෙන කෙනෙක් කිව්වා නම් ඌ දැනටමත් ස්වර්ගස්ථ වෙලා ඒත් සෝ ආ කියන්නේ ජිමින්ගේ පන එයාගේ ඩෝල් ඉතින් ජිමින් එයාගේ ඩෝල් වෙනුවෙන් පුලුවන් තරම් ඉවසනවා
" මට තවත් මේ දේවල් බලාගෙන ඉන්න බැ හියුන්ග් "
මිනි බාර් එකට වෙලා බොන ජිමින් දිහා ටිකක් එහාට වෙන්න බලාගෙන ඉදපු ටේහ්යුන් කිව්වා
" මේ වෙලාවේ ඉවසීමෙන් වැඩ කරන්න ඕන ටේ උබ ජිමින් ගැන බලාගනින් "
නම්ජූන් කිව්වේ ටේහ්යුන්ගේ පිටට තට්ටුවක් දාන ගමන්
" ඌ මෙහෙම විදවනවා බලාගෙන ඉන්න බැ හියුන්ග් ඌ සෝ බබාට පන වගේ ආදරෙයි එක වෙලාවකට මට සෝ ආ එක්කත් තරහයි ආදරෙයි නම් ජිමින්ව විශ්වාස කරන්න බැරි ද "
ටේහ්යුන් එහෙම කියනකොට නම්ජූන් ටේහ්යුන් දිහා බලාගෙන හිටියේ නෙප්චූන් වලින් කඩාගෙන වැටුනු පිටසක්වලයෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ
" මොකද හියුන්ග් ඔහොම බලන්නේ "
නම්ජූන්ගේ බැල්ම ඇල්ලුවේ නැති නිසා ටේහ්යුන් එහෙම ඇහුවේ
" අනියා මේ ලගදී ඉදන් උබ ආදරේ ගැන කතා කරනවා වැඩියි ලව් ස්ටෝරියක් කියෙව්වා ද ඒක වෙන්න බැ මොකද උබ පොතක් කියවන එකෙන් නෙවෙයි නේ එක්සෑම් පාස් වුනොත් අහිංසකයෝ බය කරලා උත්තර අහගෙන නේ "
නම්ජූන් එහෙම කිව්වේ යුනි යන කාලේ ටේහ්යුන් කරපු හපන්කම් මතක් කරන ගමන්
" අයිෂ් හියුන්ග් දැන් ඒක ද වැදගත් "
" යේ....."
" අරු බීලා මැරෙන්න කලින් එක්කගෙන යන්න ඕන මම යනෝ "
ටේහ්යුන් එහෙම කියලා නම්ජූන්ට රවලා ජිමින්ගේ ලගට ඇවිදගෙන ගියා නම්ජූන් හිනා වෙවී බලාගෙන ඉදියේ හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලිපිට කියලා ඕතර් රීඩස් බබ්බුලාට කියනවා අහගෙන ඉදලා
ටේහ්යුන් ගිහින් ජිමින්ගේ අතේ තියෙන වොඩ්කා ග්ලාස් එක ඇදලා ගන්න හැදුවත් ජිමින් ඒක අතහැරියේ නැ කොල්ලා බිම බලාගෙන ඉදියේ කවදාවත් නැතුව ඒ ඇස්වල කදුලු පිරිලා ටේහ්යුන් ජිමින් ලගින් වාඩිවුනා
" ඕක දීපන් තෝ බීලා මැරෙන්න ද හදන්නේ "
ටේහ්යුන් ජිමින්ගේ අතේ තිබුණු වොඩ්කා ග්ලාස් එක ඇදලා අරගෙන ඇහුවේ කේන්තියෙන් ජිමින් මෙහෙම ඉන්නවා ටේහ්යුන්ට බලාගෙන ඉන්න බැ
" ඩෝල්...එයා මාව reject කරනවා බන් "
ජිමින්ගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන වැටෙද්දී මිමිනුවා
" ඒවා ඔක්කොම හරි යයි බන් උබ බොන එක නවත්තපන් කවදාවත් උබ මෙච්චර කඩාගෙන වැටිලා නැ "
" මට එයාව ඕන බන් ඒ මගේ පන ටේ මගේ ඩෝල් "
ජිමින් පපුවට අත තියාගෙන කියවද්දී ටේහ්යුන් කොල්ලාව වැලදගත්තා
" අඩන්න එපා ජිමිනෝ මම කොහොමද යකෝ උබ මෙහෙම විදවනවා බලාගෙන ඉන්නේ "
ජිමින්ගේ සද්දයක් නැති තැන ටේහ්යුන් කොල්ලාව එක්කගෙන එයාගේ රූම් එකට ගියා ජිමින්ව ඇදට දැම්ම ටේහ්යුන් බ්ලැන්කට් එක පෙරවලා ගියේ සෝ ආ එක්ක අද මේක විසදගන්න
සෝ ආ හිටියේ ඇද උඩ වාඩිවෙලා පොත් ගොඩක් වටේ තියාගෙන කෙල්ල පොත දිහා බලාගෙන හිටියටත් එයාගේ හිත තිබුණේ නම් ජිමින් ලග එයා ජිමින්ට කතා කරපු විදිය ගැන සෝ ආගේ හිතේ දුකක් නොතිබුනාම නෙවෙයි ඒත් එදා ලීනා ජිමින්ව හග් කරගෙන ඉදපු විදිය මතක් වෙනකොට සෝ ආට තරහ ගියා ඊට වඩා දුක හිතුනා කිව්වොත් මම
මොන දේ වුනත් සෝ ආට ජිමින් එක්ක කතා කරන්න වුවමනා වුනේ නැ ලීනා කෙල්ලට කියපු දේවල් එයාගේ මතකයේ තිබුනා සෝ ආට මොනාද කරන්න ඕනි කියලා තේරුමක් තිබුණේ නැ
කෙල්ල කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්නකොට රූම් එකට කඩාගෙන වැටුනේ කේන්තියෙන් ඇවිලිලා ඉන්න කොටි හපුවෙක් සෝ ආ නම් එකපාරට ගැස්සිලා ගිහින් තව පොඩ්ඩෙන් භූමි වන්දනාව කරනවා
" ටේ ඔප්පා..."
" ටේ ඔප්පා තමයි යකෝ "
ටේහ්යුන් එකපාරට කෑගැහුවාම සෝ ආ ගැස්සිලා ගියා කෙල්ල කවදාවත් දැකලා ටේහ්යුන් මෙච්චර කේන්තියෙන් ඉන්නවා සෝ ආට හිතාගන්න බැ ඇයි ටේහ්යුන්ට මෙච්චර කේන්ති ගිහින් ඉන්නේ කියලා
" ඔප්පා... මොකද මේ "
" මොකද කියලා අහන්නේ තමුසේ හින්දා මගේ ජිමිනා කෙලින් හිටගන්න බැරි වෙනකම් බීලා තමුසෙව ඉල්ලලා අඩනවා මොන ප්රශ්නේ වුනත් ඌ මෙච්චර කඩාගෙන වැටිලා නැ තමුසේ ජිමින්ට ආදරෙයි නම් වේ තමුසෙට බැරි ජිමින්ව විශ්වාස කරන්න ආ "
" stop ටේ ඔප්පා ඔයා හිතන්නේ ජිමිනිගේ පැත්තෙන් විතරයි මගේ පැත්තෙනුත් ටිකක් හිතන්න ඔප්පා එකපාරට ලමයෙක් වඩාගෙන ගෑනු කෙනෙක් ඇවිත් ඒ දරුවා ජිමින්ගේ කිව්වාම මට මොනවා හිතෙන්න ඇද්ද ජිමින්ව විශ්වාස කරන්න ද නැද්ද කියලා මට තේරෙන්නේ නැ එයා කලින් හිටපු විදිය මට වඩා හොදට ඔප්පා ඔයා දන්නවා එහෙම තියෙද්දී මම කොහොමද එයාව විශ්වාස කරන්නේ මට තේරෙන්නේ නැ මම මොනා කරන්න ද ජිමින්ගෙන් ඈත් වෙන්න ද ලීනාට ජිමින්ව දෙන්න ඕන ද මම දන්නේ නැ ඔප්පා "
සෝ ආ අඩ අඩා කියද්දී ටේහ්යුන්ගේ තරහ නිවුනා සෝ ආගේ පැත්තෙන් බැලුවොත් එයා හරි අඩමින් ඉන්න කෙල්ලව ඇදෙන් වාඩි කරපු ටේහ්යුන් කෙල්ලගේ ලගින් වාඩිවුනා
" සෝ බබා Life එක කියන්නේ ගේම් එකක් අපි මේ ගේම් එක ප්ලේ කරන්න ඕන ගොඩක් බාධක අභියෝග එයි ඒ හැමදේටම මුහුන දීලා ගේම් එක වින් කරන්න ඕන ජිමින්ට ඔයාව ඕන සෝ බබා කවදාවත් කෙල්ලෙක් වෙනුවෙන් ජිමින් වද වුනු කෙනෙක් නෙවෙයි ඒත් අද එයා වෙනස් වෙලා ජිමින්ට එයාගේ ඩෝල්ගෙන් තොර ලෝකයක් නැති වෙලා ජිමින් එක්ක ඉන්න සෝ බබා එයාව ඔයාගෙන් ඈත් කරන්න හදන්න එපා ලීනා ගැන හිතන්න එපා එයාගේ බොරුව ඉක්මනට එලි කරන්නම් කෝ කදුලු පිහිදගන්න "
ටේහ්යුන් කිව්වාම සෝ ආ කදුලු පිහිදගත්තා ටේහ්යුන් කෙල්ලගේ ඔලුව අතගාලා හිනා වුනා
" යන්....."
ටේහ්යුන් සෝ ආගේ අතින් අල්ලාගෙන නැගිට්ටා
" කොහෙද "
සෝ ආ ඇහුවා ටේහ්යුන් මුකුත් නොකියා කෙල්ලගේ අතින් ඇදගෙන ගියා කෙල්ල හිටියේ හරියට ඇවිදගන්නවත් බැරුව
මේ අතරේ අසිහියෙන් ඉන්න ජිමින්ව ටේහ්යුන් රූම් එකට දාලා යන දිහා බලාගෙන ඉදපු ලීනා කට කොනින් නැගුණු හිනාවක් එක්ක රූම් එකට ගිහින් දොර වැහුවා ලීනා බලාගෙන ඉදියේ ඇද උඩ නිදාගෙන ඉන්න ජිමින් දිහා යටි තොලත් හපාගෙන ජිමින් ලගින් වාඩිවුනු ලීනා මතක් කලේ මාස ගානකට කලින් ජිමින්ව ඉස්සෙල්ලාම එයාට හම්බුනු දවස
එදා ජිමින් එක්ක ගත කරපු රැය ලීනාට අමතක කරන්න බැරි වුනා ලීනාට ජිමින් ගැන තිබුණේ ආකර්ෂණයක් විතරයි හැබැයි ලීනා ඒකට නම දුන්නේ ආදරේ කියලා ලීනාට ඕන වුනේ කොහොමහරි ජිමින්ව එයාගේ කරගන්න ඒත් සෝ ආ තමයි ලීනාට තිබුණේ ලොකුම බාධාව ඒ නිසාම ලීනා දෙපාරක් නොහිතාම යූනා එක්ක එකතු වුනා
නිදාගෙන ඉන්න ජිමින්ගේ කොන්ඩේ හිමින් අතගාපු ලීනා කොල්ලාගේ දිහා බලාගෙන හිටියා
" ඩෝල්....."
ජිමින් නින්දෙන් මිමිනුවා ලීනාට ඒකට කේන්ති ගියා
" ඩෝල් නෙවෙයි ජිමින් මම ලීනා "
" ඩෝල්... ඩෝන්ට් ලීව් මී අයි ලව් යූ "
ජිමින් එහෙම කිව්වා ලීනා අතමිට මොලවගත්තා
" බලමු ජිමින් තමුන්ගේ ඩෝල් තව කොච්චර කාලයක් ඔයා එක්ක ඉදියි ද කියලා "
ලීනා එහෙම කියලා ජිමින්ගේ ශර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා ඒත් එක්කම රූම් එකේ දොර ඇරගෙන ආපු කෙනෙක් ලීනාව ඇදලා අරගෙන කන රත් වෙන්න පාරක් ගැහුවා
☆☆☆☆☆☆☆☆✩✩✩✩☆☆
මේක ඉවර වෙන්න ලගයි 😌
හරි හරි මම දන්නවා අප්ඩේට් දෙන්න පරක්කු වුනා කියලා හෙටත් අප්ඩේට් තිබේ
Bạn đang đọc truyện trên: AzTruyen.Top