🧡 42 🧡

Next Day Morning

" නූනා සෝයූන් දැක්කාද..?"

" අනියා රූම් එකේ නැද්ද "

යුංගි උදේ නැගිටිනකොට සෝයූන් ලග හිටියේ නැ කොල්ලා සෝයූන් නම කියලා කෑගහන ගමන් mansion එකේ හැමතැනම ඇවිද්දත් කෙල්ලව හොයාගන්න බැරි වුනා ඒක නිසා තමයි සේරිගෙන් ඇහුවේ

" සෝයූන් නූනා රූෆ්ටොප් එකට යනවා දැක්කා "

ජන්කූක් බනානා මිල්ක් ශේක් එක වැඩේ දෙන ගමන් කිව්වා යුංගි ඔලුව වනලා රූෆ්ටොප් එකට ගියා සෝයූන් රූෆ්ටොප් එකේ කොනකට වෙන්න බැම්මට හේත්තු වෙලා බිම ඉදගෙන ඉන්නවා කෙල්ල ලොකු කල්පනාවක හිටියේ යුංගි හිමින් අඩිය තියලා ගිහින් කෙල්ලගේ ලගින් වාඩි වුනා

" මොකද මෙතන කරන්නේ "

යුංගිගේ කටහඬට කෙල්ල ගැස්සිලා ගියා යුංගි ඒක හොදටම දැක්කා සෝයූන් කොල්ලා දිහා බලලා ආපහු බිම බලාගත්තා

" සෝයූන්.... මම ඇස් අරිනකොට තමුසේ මගේ ලග නැති වුනාම මම කොච්චර බය වුනා ද දන්නවා ද "

සෝයූන් ඒත් මුකුත් නොකියා බිම බලාගෙන ඉදියා කෙල්ලගේ නිහඩ බව යුංගිට ලොකු ප්‍රශ්නයක් යුංගි සෝයූන්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් කතා කරන්න ගත්තා

" සෝයූන් ..."

" ම්ම්ම්..."

" මොකද මේ.."

" මෙතනින් යන්න යුංගි මට තනියෙන් ඉන්න ඕන "

සෝයූන් වෙව්ලන හඩකින් කිව්වා

" අනියා මම යන්නේ නැ "

" යුංගි තමුසෙට මම කියන දේ තේරෙන්නේ නැද්ද මට වදයක් නොවී යන්න මෙතනින් මට ඉන්න දෙන්න තමුසේ මහ ඇනයක් හැමදේටම ඇගිලි නොගහා ඉන්නවා තමුසේ මගේ හස්බන් වෙන්න ඇති ඒ වුනාට මම තමුසෙව හස්බන් කියලා පිලිගන්නේ නැ මම තමුසෙට කැමති නැ "

සෝයූන් හැමදාම කිව්වේ බිම බලාගෙන යුංගි දිහා එක විනාඩියකට බැලුවේ නැ

" මගේ දිහා බලන්න "

යුංගි සෝයූන්ව එයාගේ පැත්තට හරවගන්න ගමන් කිව්වා සෝයූන් හොදටම අඩලා අනියා එයා තාමත් අඩනවා යුංගි කෙල්ලගේ කම්බුල් වල තියෙන  කදුලු පිහිදැම්මා යුංගි සෝයූන්ගේ නලලට එයාගේ නලල තියාගෙන ඇස් පියාගත්තා

" තමුසේ කියපු කිසිදෙයක් මම පිලිගන්නේ නැ ඒ කියපු ඔක්කොම බොරු තමුසේ මගේ ඇස් දිහා බලාගෙන කිව්වා නම් පිලිගන්න තිබුනා ඒත් තමුසේ එක තත්පරේකට මගේ දිහා බැලුවේ නැ '

" යු...ංගි.."

" මුකුත් කියන්න ඕන නැ තමුසෙට මගෙන් ඈත් වෙන්න දෙන්නේ නැ "

යුංගි සෝයූන්ගේ නලලට සොෆ්ට් කිස් එකක් දීලා මිමිනුවා යුංගි කෙල්ලව පපුවට තුරුල් කරගත්තා

" සෝයූ බබා "

ටිකකින් යුංගි කතා කරද්දී කෙල්ල ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා

" මට ද කතා කලේ "

' නැත්නම් මෙතන වෙන කවුරුහරි ඉන්නවා ද මෝඩියේ "

කොල්ලා සෝයූන්ගේ නහයට තට්ටුවක් දාලා ඇහුවාම සෝයූන් හිනා වුනා

" අපි හොස්පිටල් යන්න ඕන අද ඔයාගේ treatments  පටන් ගන්නවා "

යුංගි එහෙම කියලා සෝයූන් දිහා බලද්දී කෙල්ල බලාගෙන ඉදියේ යන්නම ඕන ද වගේ බැල්ලමක්

" යන්න ඕන තමයි "

යුංගි එහෙම කියලා නැගිටලා සෝයූන්ව වඩාගත්තේ කෙල්ලගේ කෑගැහිල්ල මැද්දේ සෝයූන්ගේ දග වැඩ ගොඩක් මැද්දේ යුංගි ලොකු වෙහෙසක් දරලා කෙල්ලව හොස්පිටල් එකට එක්කගෙන ගියේ

__________________________

ඊයේ සිද්ධියෙන් පස්සේ සෝ ආ ජිමින්ව මගහැරියා කෙල්ල ජිමින්ගේ ඇස් ඉදිරියට ආවේ නැති තරම් කොල්ලා වැඩිපුර හිටියේ ක්ලබ් එකේ සෝ ආ එක්ක ගත කරපු හැම මොහොතක්ම මතක් වෙද්දී ජිමින්ට දරාගන්න බැරී දුකක් දැනුනේ ඒ නිසා කොල්ලා ක්ලබ් ගිහින් පිස්සෙක් වගේ බොන්න පටන් ගත්තා ටේහ්‍යුන් ඔෆිස් එකේ වැඩ හැඩල් කරන ගමන් ජිමින් ගැනත් හොද අවධානයෙන් හිටියේ අනිත් අය ලීනා ගැන විස්තර හෙව්වා ඒත් තාම කාටවත් ලීනා ගැන හරි විස්තරක් හොයාගන්න හම්බුනේ නැ

සෝ ආට කලින් lecture ඉවර වුනු නිසා ජන්කූක්ට මැසේජ් එකක් දාලා එයා mansion එකට ආවා කෙල්ල ජිමින්ගේ රූම් එක ලගින් යනකොට බබෙක් අඩනවා ඇහුනු නිසා කෙල්ල එතැන නතර වුනා කෙල්ල ඇතුලට යනවද නැද්ද කියලා කල්පනා කරමින් හිටියේ බබා අඩන එක නවත්තන්නෙත් නැ ඒක නිසා සෝ ආ රූම් එකට ඔලුව දාලා බලනකොට පුංචි බබා අත පය උඩ විසි කරමින් හොදටම අඩනවා ලීනා පේන්න හිටියෙ නැති නිසා සෝ ආ බබා ලගට ගියා සෝස පාට බෝලයක් වගේ පුංචි කෙල්ලෙක් මූනත් රතු කරගෙන හොදටම අඩනවා

" අනේ මොකද මේ සෝස බෝලේ අඩන්නේ ම්ම් හොද බබාලා අඩන්නේ නැ "

සෝ ආ එහෙම කියන ගමන් පුංචි බබා වඩාගත්තා අඩලා අඩලාම කම්බුල් රතු පාටට හැරිලා සෝ ආ පුංචි කම්බුල් අල්ලන්න හදනකොට පුංචි කෙලි පොඩ්ඩ සෝ ආගේ ඇගිල්ලෙන් අල්ලගත්තා ඒක දැක්කාම සෝ ආට හිනාවක් ගියේ ඉබේටම හැබැයි සූටි මැනිකගේ ඇඩිල්ල නැවතිලා නැ සෝ ආ බබාවත් වඩාගෙන බැල්කනියට ආවා සිංදුවක් මුමුනන ගමන් සෝ ආ බැල්කනියේ හිමින් එහෙ මෙහෙ ඇවිද්දා ටිකකින් පුංචි බබාගේ ඇඩිල්ල නැවතුනා ඇගිල්ලත් උරන ගමන් සෝ ආට තුරුල් වෙලා හොදටම නිදි සෝ ආ පුංචි බබාගේ නලලට සොෆ්ට් කිස් එකක් දුන්නා ඒත් එක්කම ආපු කෙනෙක් සෝ ආගේ අතේ හිටපු බබා ඇදලා අරගෙන සෝ ආගේ කම්බුලට ගැහුවා සෝ ආට ඒ ගහපු පාර හොදටම රිදුනා කෙල්ල කම්බුලත් අල්ලාගෙන තමන් ඉදිරියේ ඉන්න කෙනා දිහා බලාගෙන ඔදියා

" තමුසේ මොනාද කරන්න හැදුවේ මගේ දරුවා මරන්න ද "

එතැන හිටියේ ලීනා සෝ ආ දිහා ලීනා තරහෙන් බලාගෙන ඉදියා කෙල්ල මුකුත් හිතාගන්න බැරුව හිටියේ ලීනා කියන්නේ සෝ ආ හීනෙකින්වත් නොහිතපු දෙයක් ඒත් එක්කම නිදාගෙන ඉදපු බබා නැගිටලා අඩන්න පටන් ගත්තා

" ලී...ලිනා.."

" තමුසේ මුලින්ම මගේ ජිමින්ව මගෙන් උදුරගත්තා දැන් මගේ දරුවා.... තමුන් කොහොමද මෙහෙම කරන්නේ මේ හැමදේම මට අයිති වෙන්න ඕන දේවල් තමුන් තමයි සේරම විනාස කලේ මගේ දරුවාගේ අප්පා එයාගෙන් උදුරගත්තා "

" ලී.. ලීනා අහන්න ඔයා හිතන දෙයක් වුනේ නැ අනික මම ජිමින් මැරි කරන්න කලින් මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නැ "

සෝ ආ එහෙම කිව්වාම ලීනා කටකොනින් හිනා වුනා

" ඔක්කොම කරලා අන්තිමට කියන්නේ ඔහොම තමයි දැන් තමුසේ මෙතනින් යනවා "

" ලීනා.."

" I said get out "

ලීනා කෑගහනකොට සෝ ආ එතැනින් යන්න ගියා කෙල්ල රූම් එකට ඇවිත් අඩන්න පටන් ගත්තා එයාද ජිමින්ගෙයි ලීනාගෙයි අතර්ට ආවේ කියන දේ සෝ ආගේ හිතට ගොඩක් වද දුනා අන්තිමේ දී සෝ ආ තීරණය කලා ජිමින්ගෙන් ඈත් වෙන්න ලීනාටයි ජිමින්ටයි එකතු වෙන්න ඉඩ දෙන්න

____________________________

Treatments ඉවර වෙනකොට සෝයූන්ට දැනුනේ මුලු ඇගම හිරිවැටිලා වගේ යුංගි කෙල්ලව වඩාගෙන හොස්පිටල් එකෙන් එලියට ආවා සෝයූන්ව කා එකේ වාඩිකලා යුංගි අනිත් පැත්තෙන් ඇවිත් කා එකට නැගලා සෝයූන් දිහා බලද්දී කෙල්ල යුංගි දිහා බලාගෙන ඉන්නවා යුංගි ඇස් වලින් ඇයි කියලා අහද්දී සෝයූන් පොඩි බබෙක් වගේ අත් දෙක දික් කරගෙන ඉන්නවා යුංගි හිනා වෙලා කෙල්ලව උස්සලා උකුලට ගත්තා සෝයූන් යුංගිගේ උකුලේ හරිබරි ගැහිලා වාඩි වෙලා කොල්ලාගේ පපුවට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා යුංගි කෙල්ලගේ පිට දිගේ අතක් ගෙනිහින් එයාව තුරුල් කරගත්තා අනිත් අත ඉන වටේ යැව්වා

" අමාරුයි ද "

" ම්ම්ම්.."

" නිදාගන්න එතකොට හරි යයි "

ඒ ටිකට සෝයූන්ට නින්ද ගිහින් තිබුනා යුංගි ඇස් වල තිබුණු කදුලු පිහිදගෙන drive කරන්න ගත්තා සෝයූන්ට වඩා මේ දේවල් වලින් යුංගි විදෙව්වා සෝයූන් ඉස්සරහ කොච්චර හිනා වෙලා හිටියත් තනිවුනු හැමවෙලාවකම කොල්ලා ඇඩුවා යුංගි කියන්නේ ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි යුංගිට එයා ගැනම පුදුමයි

සෝයූන් එයාගේ හිනාවෙන් කතාවෙන් එයාගේ වේදනාව හංගන්න කොච්චර උත්සාහ කලත් ඒ ඇස් වලින් වේදනාව පේනවා යුංගි mansion එකට ඇවිත් කා එක නැවැත්තුවා යුංගි බැලුවේ එයාගේ පපුව උඩ සැපට නිදාගෙන ඉන්න සෝයූන්ගේ මූන දිහා කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩේ හිමින් කන පිටිපස්සේ රැදෙව්වා යුංගි සෝයූන් වඩාගෙන mansion එක ඇතුලට යනකොට ඇහුනේ හේරා කේන්තියෙන් කාට ද බනිනවා ඇතුලට ගියපු යුංගි දකිද්දී ලිවින් රූම් එකේ ඉන්න මිස්ටර් මින්

" යුංගි...."

යුංගිව දැක්ක ගමන් හේරා කතා කලා කොල්ලා හේරා දිහා බැලුවා

" ඔම්මා මෙයා මොකද මෙහේ කරන්නේ "

" යුංගි පුතා.. ඔයාගේ ඔම්මා බන්දලා දීලා තියෙන්නේ මැරෙන්න ඉන්න ලෙඩ කෙල්ලෙක් "

මිස්ටර් මින් එහෙම කියනකොට යුංගි ඇහිබමක් උස්සගෙන මිස්ටර් මින් දිහා බලාගෙන ඉදියා

" පුතා දන්නේ නැද්ද මේ කෙල්ලයි ඔයාගේ මහ ලොකු ඔම්මායි ඔයාව රවට්ටනවා '

යුංගි මොනාහරි කියන්න ගියත් සෝයූන් නින්දෙන් කෙදිරිගෑව නිසා යුංගි කටවහගත්තා

" ඔම්මා මම සෝයූන්ව රූම් එකෙන් තියලා එන්නම් "

යුංගි එහෙම කියලා සෝයූන්ව එක්කගෙන රූම් එකට ගිහින් කෙල්ලව පරිස්සමින් ඇදෙන් තිබ්බා සෝයූන්ගේ සෙරෙප්පු ගලවලා බ්ලැන්කට් එකත් පොරවලා නලලට කිස් එකක් දීලා රූම් එකේ දොරත් වහගෙන ආවේ මිස්ටර් මින්ට හොද දෙකක් කියන්න හිතාගෙන

" මිස්ටර් මින්ට තව මොනාහරි කියන්න තියෙනවා ද "

" යුංගි ඔය කෙල්ලව ඩිවෝස් කරන්න මම ඔයාට හොද ගෑනු ලමයෙක් හොයලා දෙන්නම් "

මිස්ටර් මින් එහෙම කිව්වාම යුංගි අත්පුඩි ගහන ගමන් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා මිස්ටර් මින් කල්පනා කලේ මම එච්චර හිනා වෙන්න තරම් දෙයක් කිව්වා ද කියලා

" මිස්ටර් මින් ඔයත් මාර ජෝක් නේ කරන්නේ.."

එහෙම කියපු යුංගිගේ ඇස් තරහෙන් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" මගේ වයිෆ් අසනීපෙන් ඉන්නේ ඒක මම එයාව මැරි කරන්න කලින්ම දන්නවා ඔම්මා ඒ ගැන දැනගත්තේ මැරි කලාට පස්සේ ඔම්මාවත් සෝයූන්වත් මාව රැවැට්ටුවේ නැ මම හැමදේම දැනගෙන ඉන්නේ අනිත් එක මිස්ටර් මින් මම තමුන් වගේ වටේම ගෑනු තියාගෙන ඉන්නේ නැ මම මෙච්චර කාලෙකට ආදරේ කලේ එක කෙල්ලෙක්ටයි එයාවයි මැරි කලේ එයත් එක්කයි මම ජීවත් වෙන්නේ එයා නැත්නම් කවුරුවත් ඕන නැ මුලින්ම මගේ ඔම්මා ඊට පස්සේ සෝ බබාගේ ඔම්මා දැන් තවකාත් එක්ක ද රවුම් ගහන්නේ වේ මිස්ටර් මින් පුදුම වෙලා දැන්ම පුදුම වෙන්න එපා තව ඉස්සරහට ගොඩක් පුදුම වෙන්න පුලුවන් මට කියන්න තියෙන ඔක්කොම කිව්වා අන්න දොර ඇරලා තියෙනවා යන්න පුලුවන් මට ගොඩක් වැඩ තියෙනවා මිස්ටර් මින් "

යුංගි එක දිගට කියවගෙන ගියේ මිස්ටර් මින් පුදුමෙන් බලාගෙන ඉදිද්දී කොල්ලා යන්න හැරිලා ආපහු මිස්ටර් මින් දිහා බැලුවා

" ආ තව දෙයක් සෝට පාඩුවේ ඉන්න දෙන්න මගේ අහිංසක නංගි විදෙව්වා ඇති තමුසේ හින්දා "

යුංගි එහෙම කියලා යද්දී මිස්ටර් මින්ට කේන්ති ගියා හේරා නම් සතුටින් හිටියේ අන්තිමේ දී යුංගි සෝ ආව එයාගේ නංගි කියලා පිලිගත්ත හින්දා මිස්ටර් මින් යන්න හදද්දී හේරා කතා කලා

" මම හිතුවා දැන්වත් හැදිලා ඇති කියලා ඒත් මම හිතපු දේ වැරැදියි වගේ තමුසේ මහ ජරා මිනිහෙක් මින් තමුසේ වගේ මිනිස්සු මේ ලෝකෙට සාපයක් අර අහිංසක කෙල්ලට ලග ඉන්නකම් පුලුවන් තරම් වද දුන්නා දැන් මගේ පුතාව අල්ලගත්තා ද තමුසේ යුංගිගෙන් ඈත් වෙලා ඉන්න තරමට හොදයි "

හේරා එහෙම කිව්වාම මිස්ටර් මින් තරහෙන් හේරාට දබරගිල්ල දික් කරලා බනින්න ගිහින් ආපහු හැරිලා යන්න ගියා

☆☆✩✩✩✩☆☆☆☆✩✩✩✩✩

Bạn đang đọc truyện trên: AzTruyen.Top