🧡 41 🧡

" මම බොන්නේ නැ කිව්වා නේ මට එපා "

" සෝයූන් තමුසේ මගෙන් ගුටි කනවා "

උදේම යුංගි කෑගහන්නේ සෝයූන්ට සුප් පොවාගන්න බැරුව සෝයූන් සුප් බොන්න පොඩ්ඩක්වත් කැමති නැ ඉන්න කෙල්ල තොල් දෙකත් තද කරගෙන අහක බලාගෙන ඉන්නවා

" ජිනීට කවන එක මීට වඩා ලේසියි "

මේ දිහා බලාගෙන ඉදපු ජින් කිව්වා

" මේකි බැ කියන දෙයක් කරන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් අවුරුදු විස්සක පලපුරුද්දෙන් කියන්නේ යුංගි හියුන්ග් "

ජිනයියාගේ උදෑසන ආහාර වේලට සේප් එකේ වැඩේ දෙන ගමන් ටේහ්‍යුන් කිව්වා

" උබ ඔය වැඩේ දෙන්නේ ජින් හියුන්ග්ගේ ආහාර වේලට නේද "

නම්ජූන් කිව්වේ ටේහ්‍යුන් දිහා බලන ගමන්

" හියුන්ග් මම ජින් හියුන්ග්ට කියන්න ද ගිය සතියේ කඩපු මග් එක ගැන කියන්න ද "

ටේහ්‍යුන් කුප්ප හිනාවක් දාගෙන කිව්වාම නම්ජූන්ට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ධූමකේතු මන්දාකිනි පේන්න ගත්තා ඒ මග් එක ජින් පරිස්සම් කලේ ඇහැක් කනක් වගේ කාටවත් අල්ලන්න දුන්නේවත් නැ සේරි ජින්ට දිපු පලවෙනි ගිෆ්ට් එක තමයි ඒ ඉතින් ඕක කඩලා කියලා ජින් දැනගත්තොත් නම්ජූන්ව BBQ දාලා රාත්‍රි ආහාරයට ගන්නවා කියලා මස්තිෂක රාජයාට කුනාටුවක් වගේ ආවාම ටේහ්‍යුන් දිහාට අහිංසක හිනාවක් දැම්මේ බුදු සංකුට්ටෝ ඒක නම් කියන්න එපා එහෙම වුනොත් උබලාගේ නම්ජූන් හියුන්ග් හොයාගන්න වෙන්නේ නැ කියන ගමන්

" මම කිව්වොත් කිව්වා මින් යුංගි මම සුප් බොන්නේ නැ '

සෝයූන් මූනත් හරවගෙන කිව්වා

' එතකොට එහෙම ද "

යුංගි කට කොනින් හිනා වෙලා ඇහුවා

" යේ.."

යුංගි සුප් එකෙන් උගුරක් කටට අරගෙන සෝයූන්ගේ තොල් වලට බර වුනේ සුප් ටික සෝයූන්ට මාරු කරන ගමන් සෝයූන් ඇස් දෙකත් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන ඉදියා

" යාහ්හ් මින් යුංගි "

ජින් කෑගැහුවේ ලග හිටපු ජන්කූක්ගේ ඇස් අතින් වහන ගමන් ජන්කූක් නම් ජින්ගේ ඇගිලි අස්සෙන් කොහොමහරි බලන්නමයි ට්‍රයි එක හේරා උකුලේ හිටපු ජිනීව පපුවට තුරුල් කරගත්තා

" ඔම්මා ඉස්සරහ වයිෆ් කිස් කරන්න මූට ලැජ්ජ නැද්ද "

" යුංගි හියුන්ග් ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා "

නම්ජූන් කිව්වා

" ජින් හියුන්ග් මටත් කෙල්ලෙක් ඕන "

ටේහ්‍යුන් කිව්වාම ජින් ටේහ්‍යුන්ට රැව්වේ කිරි කෑ මුත්තා මතක් වෙන සයිස් එකට

" උබට ඉන්න කෙල්ලෝ මදි වෙලා ද ඇත්තමයි මම තමුසෙගේ ඔලුව සමතලා වෙන්න ගහනවා පිටසක්වලයා තමුසෙට පුලුවන් නම් අගහරු වලින් හරි කෙල්ලෙක් හොයාගන්නවා "

" හියුන්ග් අත ගන්නකෝ මුකුත් පේන්නේ නැ "

ජන්කූක් ජින්ගේ ඇගිලි ඈත් කරන්න ට්‍රයි කරන ගමන් කිව්වා

" උබ කට වහපන් පොඩි එකා "

ජින් කන්කලු සුමිහිරි වොයිස් එකෙන් කියද්දී ජන්කූක් කට වහගත්තේ එයාගේ කන ලෙෆ්ට් වෙයි කියන සාධාරණ බයක් දැනෙද්දී සෝයූන් සුප් බිව්වාට පස්සේ තමයි යුංගි කෙල්ලගේ තොල් වලින් ඈත් වුනේ සෝයූන් යුංගිට රවාගෙන බලාගෙන ඉදියා

" ඉතුරු ටිකත් මෙහෙම පොවන්න ද "

(Author: ආස ඇති නේ 😒)

යුංගි සෝයූන්ගේ කනට කරලා අහලා ඇහැක් ගැහුවා සෝයූන් කොල්ලාගේ අතේ තිබුණු සුප් බෝල් එක ඇදලා අරගෙන බොන්න පටන් ගත්තේ යුංගිට රවන ගමන්

" යාහ්හ් මින් යුංගි තමුසේ ඉන්නේ කොහෙද කියලා ගානක් නැතුව ඔහොම කිස් කරන්නේ තමුසේ ඔම්මාත් ඉස්සරහ තියාගෙන මේ පොඩි එකා කට ඇරගෙන මැජික් එකක් වගේ බලාගෙන ඉන්නවා තමුසේ හැමදාම ඔහොමයි "

" හියුන්ග් සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ නේ කතා කරන්නේ උදේට කිචන් එකට පොඩ්ඩක් එබිලා බැලුවොත් කිස් එකකට වඩා දේවල් දැකගන්න පුලුවන් "

යුංගි එහෙම කියද්දී ජින් දහයට ගනින්න බැරී බබා වගේ උඩ බිම බලනවා

" හෙට ඉදන් උදේම නැගිටින්න ඕන "

ජන්කූක් හිමින් මිමිනුවත් ඒක ලග හිටපු ජින්ට ඇහුනා

" මොනාද තෝ මුමුනන්නේ "

ජින් ජන්කූක්ගේ ඔලුවට එකක් ගහලා ඇහුවා

" අනියා.. හියුන්ග් "

ජන්කූක් එයාගේ බනී හිනාව ප්‍රදර්ශනය කරන ගමන් කිව්වා ඒත් එකපාරට සෝයූන් කහින්න පටන් ගත්ත නිසා හැමෝගෙම අවධානය සෝයූන්ට යොමු වෙද්දී සෝයූන් කට අතින් වහගෙන එතැනින් දුවලා වොෂ් රූම් එකට ගියා යුංගි කෙල්ලගේ පස්සෙන් දුවගෙන ගියා හේරා වගේම අනිත් අයත් මේ දිහා වේදනාවෙන් බලාගෙන ඉදියේ

මේ අතරේ ජිමින් එයාගේ රූම් එකට ගියේ ඔෆිස් යන්න රෙඩි වෙන්න කොල්ලා රූම් එකට එනකොට ලීනා නොහිටපු නිසා ජිමින් ශර්ට් එක ගලවලා විසි කරලා දාලා ක්ලෝසෙට් එකෙන් ඇදුමක් හොයන ගමන් හිටියේ ඒ වෙලාවේ බාත් රූම් එකේ හිටපු ලීනා ටවල් එකත් ඇදගෙන රූම් එකට ආවා ජිමින්ව දැකපු ලීනා අමුතු හිනාවක් දාගෙන ජිමින් ලගට ගිහින් ජිමින්ගේ නිරුවත් පිට දිගේ ඇගිල්ලක් අරගෙන ගියා ඒ ක්ෂනිකව ජිමින් කේන්තියෙන් ලීනාගේ පැත්තට හැරුනා ලීනා යටි තොලත් හපාගෙන ජිමින් දිහා බලාගෙන ඉදියා ලීනා ජිමින් අතරේ තිබුණේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක්

" ජිමින්...."

ලීනා සෙක්සි වොයිස් එකකින් කිව්වා ජිමින් කේන්තියෙන් අහක බලාගත්තා ලීනා ජිමින්ගේ ඇගට අතක් තියන්න යද්දී ජිමින් ලීනාගේ අතින් අල්ලගත්තා

" තමුසෙට අයිතියක් නැ මගේ ඇගට අතක් තියන්න "

ජිමින් එහෙම කියලා ලීනාගේ අත ගසලා දාලා එතැනින් යන්න හැදුවත් ලීනා එකපාරට ජිමින්ව වැලදගත්තා

" ජිමින්...වේ මට මෙහෙම කරන්නේ..? ඔයා ඔහොම හැසිරෙනකොට මට දරාගන්න බැ ජිමින්.. අපි අලුතින් පටන් ගමු ඔයයි මමයි අපේ බබායි චේබල් ජිමින් මම ඔයාට ගොඩක් ආදරෙයි මට ඔයා නැතුව බැ මීට කලින් මට ඔයාගේ ලගට එන්න තිබුණේ ඒත් කමක් නැ දැන් මම ආවා නේ අපි එකට ඉමු ජිමින් චේබල් "

ලීනා එක දිගට කියවගෙන ගියා ඒත් එක්කම සද්දයක් ඇහුනු නිසා ජිමින් ඒ පැත්ත බැලුවේ සෝ ආ ඇස් වල කදුලු පුරවගෙන ජිමින් දිහා බලාගෙන ඉන්නවා

" ඩෝල්..."

" මියානේ.."

සෝ ආ එහෙම කියලා එතැනින් ගියා ජිමින් ලීනාව තල්ලු කරලා දාලා සෝ ආගේ පස්සෙන් දුවගෙන ගියා ලීනා ජිමින් යන දිහා බලාගෙන ඉදලා කට කොනින් හිනා වුනා

සෝ ආ ඉක්මනට ගිහින් රූම් එකේ දොර වහගත්තා

" ඩෝල් දොර අරින්න "

ජිමින් සෝ ආගේ රූම් එකේ දොරට ගහන ගමන් කතා කලත් කෙල්ල දොර ඇරියේ නැ

" ඔයා හිතන දෙයක් එතැන වුනේ නැ ඩෝල් දොර අරින්න යාහ්හ් ඩෝල් "

ජිමින් කොච්චර කතා කලත් සෝ ආ දොර ඇරියේ නැ ජිමින් දොරටත් පයින් ගහලා කොන්ඩේත් අතින් අවුල් කරගන්න ගමන් එතැනින් ගියේ කේන්තියෙන් අන්තිමේ දී ජන්කූක් ඇවිත් යුනි යන්න කතා කලාම තමයි සෝ ආ දොර ඇරියේ living room එකේ හිටපු ජිමින්ව අදුරන්නේ නැති ගානට සෝ ආ එලියට ගියා

____________________________

" යූනා මොකද්ද ඊලගට කරන්නේ "

මිස්ටර් කන්ග් ඇහුවේ couch එකේ හොදට වාඩිවෙලා වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්න යූනාගෙන්

" මුකුත් කරන්න ඕන නැ කන්ග් අපිට තියෙන්නේ වෙන දේවල් බලාගෙන ඉදලා සතුටු වෙන්න "

යූනා එහෙම කියලා හිනා වුනා

" යූනාගේ කතාවට මාත් එකගයි "

එතැන හිටපු අනිත් පුද්ගලයා එහෙම කිව්වා

" ඔහ් මින්.. ඔයාගේ දුව මොනවා කරනවාද දන්නේ නැ "

යූනා කිව්වේ මිස්ටර් මින්ගේ ලගින් වාඩිවෙන ගමන් මිස්ටර් මින් කට කොනින් හිනා වුනා

" ලීනා ආවාම දැනගමු "

මිස්ටර් මින් එහෙම කිව්වා ඒත් එක්කම ඇතුලට ආවේ ලීනා

" ඔය ආවේ "

මිස්ටර් කන්ග් කිව්වේ ලීනා දිහා බලාගෙන

" මොකද තත්ත්වය "

යූනා එහෙම ඇහුවේ ලීනා දිහා බලාගෙන

" හිතුවාට වඩා වැඩේ පත්තු වුනා සෝආ ජිමින්ව ඈත් කරනවා ජිමින් නම් පිස්සා වගේ ඉන්නේ ඊයෙ කෙලින් හිටගන්න බැරුව බීලා ආවේ දැක්කාම පව් කියලත් හිතුනා "

ලීනා හිනා වෙවී කිව්වා

" ඒ කියන්නේ වැඩේ සාර්ථකයි කියන එක "

මිස්ටර් කන්ග් කිව්වා

" ම්ම්ම් තමුසේ ඉල්ලන ගානක් මම ගෙවන්නම් ජිමින්ව තමුසෙගේ පැත්තට නම්මගන්නවා මම දන්නවා තමුන්ට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි කියලා කොහොමත් තමුසෙට ජිමින්ව නේ ඕන වෙලා තිබුණේ "

යූනා කිව්වා

" මම මේ වැඩේ හරියටම ඉවර කරලා තමයි මිස් යූනා නවතින්නේ "

" තමුසේ කරන්නේ බොරුවක් කියලා ජිමින්ට දැනගන්න තියන්න එපා එහෙම වුනොත් ජිමින් දෙපාරක් හිතන්නේ නැ තමුසෙව ඉවරයක් කරන්න ඒක නිසා කරන දෙයක් පරිස්සමින් කරනවා හදිස්සියේවත් තමුසේ අහුවුනොත් අපි ගැන කියන්න බැ අනිත් දේ තමුසේ කොයිවෙලෙත් කෝල් ගන්න එපා ජිමින්ට පොඩි සැකයක් ඇති වුනොත් ඔක්කොම ඉවරයි "

" ඒ ගැන බය වෙන්න එපා මිස් යූනා වෙන්න ඕන දේවල් ගානට සිද්ධ වෙයි මම සෝ ආට මොකද්ද කරන්න ඕන "

" එයාට මුකුත් කරන්න එපා මිස්ටර් කන්ග්ට සෝ ආ ඕන "

මිස්ටර් මින් කිව්වාම ලීනා මිස්ටර් කන්ග් දිහා බැලුවා

" වයසේ හැටියට නෙවෙයි නේ වැඩ "

ලීනා කිව්වාම මිස්ටර් කන්ග් කට කොනින් හිනා වුනා

" ආ තව දෙයක් යුංගි මැරි කරලා ඉන්න ගර්ල්ට මොකක් හරි ලොකු ලෙඩක් තියෙනවා මට ඒ ගැන කතා වෙනවා ඇහුනා "

" මොහ්..?"

මිස්ටර් මින් කලබල ලීනා දිහා බැලුවා

" තමුසේ ලෙඩේ මොකද්ද කියලා හොයාගත්තේ නැද්ද "

" අනියා මිස්ටර් මින් "

" මම කිව්ව විදියට වැඩ ටික කරන්න ඉක්මනට සුභ ආරංචියක් බලාපොරොත්තු වෙනවා "

යූනා කිව්වාම ලීනා හිනා වුනා

" අනිවාර්යයෙන් මිස් යූනා ජිමින් මගේ වෙන දවස වැඩි ඈතක නෙවෙයි "

" දැන් ලීනා ගියොත් හොදයි නැත්නම් කට්ටිය සැක හිතයි "

මිස්ටර් කන්ග් කිව්වාම ලීනා එතැනින් යන්න ගියා මිස්ටර් මින් ඒ එක්කම ලොකු කල්පනාවක වැටුනා  කන්ග් එතැනින් යන්න ගියේ යූනා මිස්ටර් මින් කැබින් එකේ තනිවෙද්දී

" මින්.."

යූනා මිස්ටර් මින්ගේ කම්බුල දිගේ ඇගිල්ලක් අරගෙන යන ගමන් කතා කලා

" කියන්න "

" ක්ලබ් එක පැත්තේ ගිහින් එමු කාලෙකට ගියේ නැ "

යූනා කිව්වාම මිස්ටර් මින් යූනා දිහා බැලුවා

" Let's go baby "

මිස්ටර් මින් යූනාගේ කරට අතක් දාගෙන මිස්ටර් කන්ග්ගේ කම්පැනි එකෙන් එලියට ආවා

___________________________

සෝයූන් ඇගට දැනුනු වෙහෙසකාරි බවත් එක්ක හොදටම නිදි යුංගි කෙල්ලගේ ලගට වෙලා සෝයූන්ගේ ඔලුව අතගාන ගමන් කෙල්ලගේ මූන දිහා බලාගෙන ඉදියා

යුංගි කොච්චර බය නැ වගේ හිටියත් කොල්ලාට බයයි සෝයූන් එයාව දාලා යයි කියලා උදේ සුප් එකත් පැත්තකට දාලා ගිහින් vomit කරපු හැටි සින්ක් එක පුරාම ලේ බිදු විසිරි තිබුණු හැටි යුංගිට මතක් වුනා යුංගිට නොදැනුවත්වම එයාගේ ඇස් කදුලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

සෝයූන් සමහර දවස්වලට හීනෙන් කෙදිරිගානවා පොඩ්ඩක් මහන්සියි වුනු ගමන් එයාට උණ ගන්නවා සමහර දවස්වලට ඇදෙන් නැගිටින්න පණක් නැතුව ඉන්නවා යුංගි තමයි සෝයූන්ගේ හැමදේම කලේ එක විනාඩියකට සෝයූන් තනි කරන්න යුංගි බය වුනා

නිදාගෙන ඉන්න සෝයූන්ගේ කම්බුලට පුංචි කිස් එකක් දුන්නා යුංගිගේ සීතල තොල් වල ස්පර්ශය නිසා සෝයූන් ඇහැරුනා කෙල්ල කම්මැලිකමේ ඇස් ඇරලා බලද්දී යුංගි හිනා වුනා

" ඇහැරුනා ද ම්ම්.."

යුංගි කෙල්ලගේ නලලට වැටුනු කොන්ඩ කැරලි කිහිපයක් පිටිපස්සට කරන ගමන් ඇහුවා සෝයූන් ඔව් කියන්න ඔලුව වනලා යුංගිගේ උකුලෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා

" යුංගි..."

" ම්ම්ම්.."

" මට බයයි.."

" මොකටද "

" මම මැරෙයි කියලා "

සෝයූන් සිහින් ඉකියක් එක්ක කිව්වා යුංගි හිමින් සෝයූන්ව නැගිට්ටවලා එයාගේ කම්බුලකට අත තිබ්බා සෝයූන් අඩනවා එයාට බයයි කවදා මැරෙයි ද එදා හොස්පිටල් එකේ දී හේරා කියපු දේවල් සෝයූන්ගේ හිතට තවත් වද දුන්නා සෝයූන්ට ඕන වුනේ යුංගිගෙන් ඈත් වෙන්න හැබැයි සෝයූන් යුංගිගෙන් ඈත් වෙන්න හදපු හැම අවස්ථාවකදීම සිද්ධ වුනේ තවත් යුංගිට ලං වුනු එක විතරයි

" මම තමුසෙට මොකද්ද කිව්වේ.. ම්ම් මම තමුසෙට මැරෙන්න දෙන්නේ නැ "

" යු..යුංගි "

" ආපහු මැරෙන කතා කිව්වොත් කට කඩනවා "

යුංගි එහෙම කියලා සෝයූන්ගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදැම්මා සෝයූන්ගේ නලලට උනුසුම් හාදුවක් තවරලා එයාගේ පපුවට තුරුල් කරගත්තා සෝයූන් කොල්ලාගේ ඉන වටේ අත් යවලා යුංගිගේ උනුසුමට තුරුල් වුනා

" ම්..මට රිදෙනවා යුංගි "

" ඉක්මනට හොද වෙයි ම්ම්."

යුංගි තවත් සෝයූන්ව එයාට තුරුල් කරගන්න ගමන් කිව්වා යුංගිගේ ඉන වටේ එතිලා තියෙන කෙල්ලගේ අත් ලිහිල් වෙනකොට යුංගි සෝයූන් දිහා බැලුවා සෝයූන් ඇස් ඇරගෙන හිටියේ කෙල්ලගේ අත් වෙව්ලනවා යුංගි කෙල්ලගේ වෙව්ලන අතක් අල්ලාගෙන කිස් එකක් දුන්නා සෝයූන්ට මහන්සියි යුංගි කෙල්ලව ඇදෙන් හාන්සි කරලා සෝයූන් දිහා බලාගෙන ඉදියා සෝයූන් ඇස් පියාගන්නේ නැතුව යුංගි දිහා බලාගෙන ඉන්නවා

" නිදාගන්න "

සෝයූන් බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" වේ..."

සෝයූන් ටිකක් ඈත් වෙලා ඇදට තට්ටුවක් දැම්මා සෝයූන් කියපු දේ තේරුම් ගත්ත යුංගි කෙල්ල ලගින් හාන්සි වෙලා එයාව තුරුල් කරගත්තා

" දැන් හරි නේ "

කෙල්ල තව ටිකක් හරිබරි ගැහිලා යුංගිට තුරුල් වුනා කොල්ලාගේ දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන සෝයූන්ගේ ඔලුව අතගෑවා එතකොට සෝයූන්ට ඉක්මනට නින්ද යන නිසා ටිකකින් සෝයූන්ට වගේම යුංගිටත් නින්ද ගියේ නොදැනීමයි

☆✩✩✩✩✩☆☆☆☆☆☆☆☆

සුට්ටක් පරක්කු වුනා ඉතින්

Bạn đang đọc truyện trên: AzTruyen.Top