🧡 39 🧡
After Three Days
දින තුනක් ගෙවිලා ගියත් සෝයූන්ට සිහිය ආවේ නැ යුංගි සෝයූන් ලගටම වෙලා හිටියා සමහර වෙලාවට ජිමින් ඇවිත් යුංගිව බලෙන් ඇදගෙන යනවා ලියා බබා එක්කගෙන ගෙදර ආවා mansion එක දෙක වෙන්න කෑගහලා බබා අඩනවා පුංචි බබාගේ වැඩ එක්ක හැමෝම බිසි වුනා
සෝකුක් යුනි යන්න රෙඩි වෙන ගමන් ඉදියේ ජිමින් දෙන්නාට යුනි යන්න අවසර දුන්නා මොකද දෙන්නා යුනි යන අන්තිම මාස දෙක නිසා
" යාහ්හ් හියුන්ග් මගේ underwear එක නැ "
ජන්කූක් mansion එක දෙදෙරන්න කෑගහන්න ගනිද්දී හේරා ඔලුවේ අතගහගත්තා තව ටිකකින් නිදාගෙන ඉන්න හෝසොක්ගේ බබා නැගිටලා අඩන්න ගන්න නිසා
" මොකද යකෝ කෑගහන්නේ ගිහින් ඇද යට බලපන් "
ජින් එහෙම කියන ගමන් living room එකට ආවා
" හියුන්ග් ඒක ගන්න ඇත්තේ ටේ හියුන්ග් "
" මොහ්.."
ජන්කූක් ටේහ්යුන්ට ඇගිල්ල දික් කරලා කියද්දී කොල්ලා කම්ෆියුස් වෙලා
" අභූත චෝදනා සිදු කිරීමෙන් වැලකියන් ජන් කුක්කෝ "
" ඇත්ත හියුන්ග් මම කියන්නේ ටේ හියුන්ග් ඒ underwear එක ගත්ත දවසේ ඉදලා ඉල්ලුවා මම දුන්නේ නැ ඒ නිසා තමයි ඒක උස්සලා තියෙන්නේ "
ජන්කූක් පොලොවේ අඩි ගහන ගමන් කිව්වා
" නවත්තපන් දැන් එතකොට ජන්කූක් තෝ යටට ඇදලා නෙවෙයි ද ඉන්නේ "
" යාහ්හ් මගේ කෙල්ල නරක් වෙනෝ "
ජිමින් එහෙම කියන ගමන් සෝ ආගේ කන් දෙක එයාගේ පුංචි අත් වලින් වැහුවා
" පලයන් යන්න කොට තාරාවා තෝ එක්ක ඉදලා තමයි ඒ කෙල්ල නරක් වෙන්නේ "
ජින් රවාගෙන කියද්දී ජිමින් දත් තිස් දෙක නියවලා හිනා වුනා
" යාහ්හ් හියුන්ග් මගේ underwear එක හොයලා දෙන්නකෝ "
" ටේ තෝ මොකටද කුකීගේ black colour underwear එක ඉස්සුවේ "
ජින් අහනකොට ජන්කූක් ඇහිබමක් උස්සලා ජින් දිහා බැලුවා
" හියුන්ග් කොහොමද දන්නේ ඒක black colour කියලා මම එහෙම දෙයක් කිව්වේ නැ "
ජන්කූක් එහෙම කියද්දී ඔක්කොම කම්ෆියුස්
" එතකොට ජින් හියුන්ග් ද ජංගි හොරා..අඩොව් හියුන්ග් ලැජ්ජ නැද්ද ලමයෙක් ඉන්න අප්පා කෙනෙක් නේද මොනාද හියුන්ග් කරන මේ වැඩ "
ටේහ්යුන් කිව්වා ජන්කූක් කිචන් එකට ගිහින් රෝලින් පින් එක උස්සගෙන ආවේ සේරි කෑගහගෙන පස්සෙන් එද්දී
" හියුන්ග් කලිසම ගලවපන් "
ජන්කූක් රෝලින් පින් එක ජින්ට දික් කරගෙන කිව්වාම හේරා එතැනින් නැගිටලා ගියා
" මොනාද යකෝ කියන්නේ තෝ මාව දූසනේ කරන්න හදන්නේ මම තොගේ හියුන්ග් යකෝ මට දරුවෙකුත් ඉන්නවා උබට ඕන නම් ටේව දූසනේ කරපන් මම මුකුත් කියන්නේ නැ "
ජින් රෝලින් පින් එක ඇගිල්ලෙන් තල්ලු කරන ගමන් කිව්වා ජිමින් සෝ ආගේ ඇස් වැහුවා ඒත් කෙල්ලට ජිමින්ගේ පුංචි ඇගිලි අස්සෙන් පේනවා
" මොකද මේ.."
සේරි ඇහුවේ වෙන දේ තේරුම් ගන්න බැරුව
" මුන් ජින් හියුන්ග්ගේ කලිසම ගලවන්න හදන්නේ "
ජිමින් කිව්වා
" මොහ්.."
සේරි වේගෙන් ඇසිපිය ගැහුවේ ඇහුනු දේ විශ්වාස කරන්න බැරුව
" සේරි නූනාට කියමු ජින් හියුන්ග්ගේ කලිසම ගලවන්න කියලා නූනා කොහොමත් හියුන්ග්ගේ කලිසම් ගලවලා ඇති නේ '
ටේහ්යුන් මෙලෝ ගානක් නැතුව කියද්දී අතේ තිබුණු රත් වුනු සෝස්පන් එකෙන් ටේහ්යුන්ගේ පශ්චාත් භාගෙට ගැහුවා කොල්ලා පශ්චාත් භාගෙත් අල්ලාගෙන කෑගහන්න ගත්තා
" කාගෙද යකෝ මේ කුනුගොඩ "
හෝසොක් කොහු මිටෙන් උස්සගෙන ආවේ ජන්කූක්ගේ රාජකීය underwear රාජයා ඒක දැක්කා විතරයි ජන්කූක් අතේ තිබුණු රෝලින් පින් එක විසි කරලා දාලා දුවගෙන ගියේ අනේ මයේ සංකුට්ටෝ කියාගෙන ජින් හුස්මක් පහත දැම්මේ යාන්තම් ඇති කියන ගමන් ඒත් එක්කම සලාආංංංංං ගාලා සද්දයක් ආවේ යම් කිසිදෙයක් කුඩු වූ බව හගවමින් ඒ පැත්ත හැරුනු ජින් දැක්කේ එයාගේ කිරි කෑ හැල්මොනී දීපු වීදුරුවක් බිම වැටිලා කෑලි කෑලි වලට කුඩු වෙලා තියෙන ආකාරය
" යාහ්හ් ජොන් ජන්කූක්...."
ජන්කූක් රෝලින් පින් එක විසි කරපු පාර ටිකක් එහාට වෙන්න තිබුණු කබඩ් එකේ වැදුනා ඒක වැදුනු පාර කබඩ් එක උඩ තිබුණු මල් වාස් එක පෙරලිලා ඇවිත් වීදුරුවේ වැදුනා කබඩ් එකේ අයිනක වෙන්න තියලා තිබුණු වීදුරුව බිම වැටිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියේ ජිනයියාගේ සුමිහිරි ටින් බෙලෙක්ක වොයිස් එක දසත විසිරි පැතිරිලා යද්දී
" තෝ මොකද්ද යකෝ ඒ කරපු සුනඛ ක්රියාව ඉස්සෙල්ලා මගේ කලිසම ගලවන්න හැදුවා ඊට පස්සේ මගේ වීදුරු සෙට් එකේ තිබුණු පෞරාණික වීදුරුවක් බින්දා තෝ දන්නවා ද කුක්කෝ ඒක කොච්චර වටිනවා ද කොහේ දැනගන්න ද උබලාගේ වැඩේ ඔක්කොම කඩන එක නේ වෙන දන්නේ කන්න විතරයි "
ජිනයියා පෞරාණික වීදුරුව ස්වර්ගස්ථ වීමේ ශෝකයෙන් කෑගැහුවා ඒත් එක්කම පොඩි දරුවෙක් වඩාගෙන කෙල්ලෙක් ඇතුලට දුවගෙන ආවේ ගාඩ්ලා පස්සෙන් එද්දී
" මිස් එලියට යන්න "
ගාඩ් කෙනෙක් කෙල්ලගේ අතින් අල්ලාගෙන කියද්දී කෙල්ල අත ගසලා දාලා ඇතුලට දුවගෙන ආවා
" කවුද මේ කෙල්ල "
ජින් ඇහුවේ ගාඩ්ස්ලා දිහා බලාගෙන
" ජිමින් සර් හම්බවෙන්න ඕන කියලා ආවේ "
එක ගාඩ් කෙනෙක් උත්තර දෙද්දී ජිමින් සෝ ආ වගේම අනිත් අයත් එතැනට ආවා
" ජිමින්.. කවුද මේ කෙල්ල "
ජින් ඇහිබමක් උස්සගෙන ඇහුවා
" මම දන්නේ නැ හියුන්ග් කවුද කියන්න "
" වේ ජිමින් ඔහොම කියන්නේ ඔයාට මාව මතක නැද්ද "
ඒ කෙල්ල එහෙම කිය්ද්දී සෝ ආ ජිමින් දිහා බැලුවා
" මම කොහොමද ඕයි තමුසෙව දන්නේ "
" මම ලීනා ඔයාට මාව මතක නැද්ද එදා අපි අතරේ සිද්ධ වුනු දේවල් ඔක්කොම ඔයා අමතක කරේ කොහොමද ජිමින් "
ලීනා අඩන ගමන් කිව්වේ ජින් රවාගෙන ජිමින් දිහා බැලුවා සෝ ආ ජිමින් අල්ලාගෙන ඉදපු එයාගේ අත අතහැරියා
" පිස්සු ද ඕයි තමුසෙට මම තමුසෙව දැක්කෙත් අද "
" එදා ක්ලබ් එකේ දී මට ඔයාව හම්බුනා එතකොට ඔයා හොදටම බීලා හිටියේ ඔයාට කොහොමද මතක හිටියේ ඒත් මට ඔක්කොම මතකයි ජිමින් මේ ඔයාගේ දරුවා ජිමින් "
ලීනා අඩන ගමන් කියද්දී ජිමින් කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ කලබලයෙන් සෝ ආ ඇස් වල කදුලු පුරවගෙන ජිමින් දිහා බලාගෙන ඉදියේ මේ දේවල් කෙල්ලට විශ්වාස නොකර ඉන්න බැ ජිමින්ගේ හැටි සෝ ආ හොදටම දන්නවා මේ දිහා ඈතට වෙලා බලාගෙන ඉදපු හේරාට මතක් වුනේ අවුරුදු ගානකට කලින් සෝ ආගේ ඔම්මා සෝ ආ අතේ තියාගෙන ආපු විදිය
" තමුසේ එහෙනම් මෙච්චර කල් කොහෙද හිටියේ මීට කලින් ජිමින් හොයාගෙන ආවේ නැත්තේ මොකද "
ටේහ්යුන් ඇහුවේ කලබල වෙලා ඉන්න ජිමින්ගේ පිටට තට්ටු කරලා සන්සුන් වෙන්න කියලා කියන ගමන්
" මම දරුවා කොහොමහරි තනියෙන් බලාගන්නවා කියලා හිතාගෙන හිටියේ ඒත් දරුවා ලැබුනාට පස්සේ මම හිටපු ගෙදර අයිතිකාරයා මාව එලෙව්වා මාස දෙකකින් ගෙදර කුලී ගෙවන්න බැරි වුන නිසා මට යන්න තැනක් නැ ජිමින් ඒකයි මම ඔයාව හොයාගෙන ආවේ "
ලීනා දරුවා තුරුල් කරගෙන අඩන ගමන් කිව්වා
" ඔයා මෙහේ ඉන්න "
සෝ ආ ලීනා දිහා බලාගෙන කියද්දී හැමෝම සෝ ආ දිහා බැලුවා කෙල්ලගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදගත්තා
" ඔයාට යන්න තැනක් හොයාන්නකම් මෙහේ ඉන්න පුලුවන් "
" ඩෝල්.."
ජිමින් කෙල්ලගේ අතින් අල්ලාගෙන කතා කලා සෝ ආ කොල්ලාගේ අත ගසලා දැම්මා
" ජන්කූක් යුනි යන්න පරක්කු එනවා නම් එන්න "
සෝ ආ එහෙම කියලා කවුරුවත් දිහා නොබලා එලියට ගියා
' ගිහින් එන්නම් හියුන්ග් "
ජන්කූක් එහෙම කියාගෙන දුවගෙන එලියට ගියා
________________________
ඔලුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙද්දී සෝයූන් හිමින් ඇස් ඇරියා කෙල්ල ආපහු ඇස් පියාගත්තේ ඔලුවෙන් දැනෙන වේදනාව එයාට දරාගන්න බැරී නිසා එයාට අතක්වත් හොල්ලගන්න පණක් තිබ්බේ නැ ටිකකින් ආපහු ඇස් ඇරපු සෝයූන් සුදු පැහැ සිවිලිම දිහා බලාගෙන ඉදියා එයා ඉන්නේ ගෙදර නෙවෙයි කියලා තේරෙද්දී කෙල්ල වටපිට බැලුවා සෝයූන්ට එතකොට තමයි තේරුනේ එයා ඉන්නේ හොස්පිටල් එකේ කියලා
ඒත් එක්කම සෝයූන් දැක්කේ එයාගේ අතකුත් අල්ලගෙන නිදාගෙන ඉන්න යුංගිව කොල්ලාගේ මූන දැක්කාම කියන්න පුලුවන් එයාට හරි නින්දක් ලැබිලා නැ කියලා කොන්ඩේත් අවුල් වෙලා ඇස් ඉදිමිලා
එයා අඩලා ද..?
සෝයූන් හිතුවේ යුංගිගේ කම්බුල් පුරා තියෙන වේලුනු කදුලු පාරවල් දිහා බලාගෙන
යුංගි මං නිසා විදවනවා...
කෙල්ලට එහෙම හිතෙද්දී එයාට නොදැනීම ඉකියක් පිට වුනා කෙල්ල ඇස් දෙකත් තද කරලා පියාගෙන ඉකිය නවත්තගන්න ලොකු උත්සාහයක
" සෝයූන්..."
කෙල්ල කදුලු පිහිදගත්තේ යුංගිගේ කටහඬ ඇහුනු නිසා කොල්ලා සෝයූන්ගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදැම්මා
" සෝයූන් ඇහැරුනා ද ම්ම් ඉන්න මම ඩොක්ටර්ට කතා කරන්න "
එහෙම කියලා යන්න හදපු යුංගිගේ ශර්ට් එකෙන් සෝයූන් අල්ලලා නැවැත්තුවා
" වේ.."
කෙල්ල අතින් ලගට එන්න කියලා කතා කලා යුංගි කෙල්ලගේ ලගින් වාඩිවුනා සෝයූන් නැගිටින්න ගියත් කෙල්ලට පණ තිබුණේ නැ යුංගි පරිස්සමින් කෙල්ලව ඇදේ headboard එකට හේත්තු කලා සෝයූන් යුංගිගේ අතකින් අල්ලාගෙන බලාගෙන ඉදියේ කොල්ලාගේ මූන දිහා යුංගිගේ මූන හරිම විඩාබරයි ඒ ආඩම්බරකාර දිලිසෙන ඇස් අද කදුලින් තෙමිලා ඉදිමුනු කම්බුල් යුංගි කොච්චර දුකක් වින්දා ද කියන්න සාක්ෂි දැරුවා සෝයූන් වෙව්ලන අතක් යුංගිගේ කම්බුලෙන් තිබ්බා යුංගි සෝයූන්ගේ අතට මුහුන නැබුරු කලා සෝයූන්ට එයාගේ කදුලු පාලයනක් නැතුව එකපාරට ඇඩුනේ යුංගි හොදටම බය කරලා
" සෝයූන්...වේ..මැනික රිදෙනවා ද..?"
යුංගි අහද්දී කෙල්ල ඔලුව වැනුවා යුංගි සෝයූන්ව තුරුල් කරගෙන ඔලුව අතගෑවා
යේ.. ගොඩක් රිදෙනවා වචනෙන් කියන්න බැරී තරම් රිදෙනවා ඔයා මෙහෙම දුක් විදිනවා දැක්කාම යුංගි
කෙල්ල හිතන ගමන් යුංගිට තුරුල් වෙලා ඇඩුනා යුංගි මුකුත් නොකියා සෝයූන් තුරුල් කරගෙන ඔලුව අතගෑවා ඒත් එක්කම ඩොක්ටර් ආපු නිසා යුංගි කෙල්ලව ඇදෙන් හාන්සි කරලා පැත්තකට වුනා ඩොක්ටර් සෝයූන් චෙක් කරන්න ගනිද්දී යුංගි අත් දෙක බැදගෙන හිටියා සෝයූන් බලාගෙන ඉදියේ යුංගිගේ ඇස් දිහා කොල්ලා ඉන්නේ ලොකු වේදනාවකින් ඒ එයා හින්දා කියලා හිතෙද්දී සෝයූන්ට ඇති වුනේ ලොකු දුකක් ඩොක්ටර් සෝයූන් චෙක් කරලා ඉවර වෙලා යුංගිගේ උරහිසට තට්ටුවක් දාලා ගියා
" මම ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම් "
යුංගි සෝයූන්ගේ ඔලුව අතගාලා කියද්දී කෙල්ල හා කියන්න ඔලුව වැනුවා යුංගි හිනා වෙලා රූම් එකෙන් ගියා සෝයූන් ඔලුව කොට්ටේට බර කරගෙන ලොකු කල්පනාවක වැටුනා
මම දන්නවා කවුරු මොන දේ කිව්වත් මට තව වැඩි කාලයක් නැ කියලා මම හිත හදාගෙන හිටියේ ඒත් එකපාරට යුංගි මගේ ජීවිතේට ආවේ මම දන්නවා එයා මට ආදරෙයි ඒත් මට ඒ ආදරේ විදින්න වැඩි කාලයක් නැ මට සමාවෙන්න යුංගි ඔයාගේ ජීවිතේට ආවාට
සෝයූන් අඩන්න ගත්තේ හිතේ තියෙන වේදනාව කදුලු වලට හරවන ගමන් ඒත් එක්කම හේරා රූම් එකට ආවේ
" සෝයූන්..."
හේරා දැක්ක ගමන් කෙල්ල කදුලු පිහිදගත්තා හේරා සෝයූන් ලගට ඇවිත් ඔලුව අතගෑවා
' වේ..මැනික අඩන්නේ "
" ඔම්මා...මට නැගිටින්න උදව් කරන්න "
හේරා කෙල්ලව නැගිට්ටවලා ඇදේ headboard එකට හේත්තු කලා
" ඔම්මා..මියානේ කලින් නොකිව්වාට මම මේ ගැන කිව්වා නම් යුංගි කවදාවත් මට මැරි කරන්න දෙන්නේ නැ සමහරවිට ඔම්මා මාත් එක්ක තරහින් ඉන්නවා ඇත්තේ මම නිසා යුංගිගේ ජීවිතේ විනාස වෙනවා තව කොච්චර කාලයක් මම ජීවත් වෙයි ද කියන්න දන්නේ නැ මට සමාවෙන්න ඔම්මා "
සෝයූන් අඩන ගමන් කිව්වාම හේරා කෙල්ලව තුරුල් කරගත්තා හේරා කෙල්ලගේ ඔලුව අතගෑවේ කදුලු හංගගෙන
" සෝයූන් මම තමයි ඉස්සෙල්ලාම සේරිට කිව්වේ යුංගිට ඔයාව ගැලපෙනවා කියලා සේරි මට හරි උත්තරයක් එදා දුන්නේ නැ ඒත් යුංගි එදා පලවෙනි වතාවට ඔයාගේ අතින් අල්ලාගෙන ඇවිත් ඔම්මේ මට සෝයූන්ව මැරි කරන්න ඕන කිව්වා මම එදා ඇත්තටම පුදුම වුනා ඊට වඩා සතුටු වුනා යුංගි කවදාවත් කෙල්ලට ලං වුනු කෙනෙක් නෙවෙයි සෝයූන් බලෙන්වත් කෙල්ලෙක් එක්ක කතා කරන්න තියන්න බැ මොනාහරි කියලා පැනලා යනවා එහෙම හිටපු මගේ යුංගි කෙටි කාලයකින් ඔයාට ගොඩක් ලං වුනා සෝයූන් යුංගි ඔයාට ගොඩක් ආදරෙයි ඒ ආදරේ නිසාම අද එයා විදවනවා "
හේරා සෝයූන්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" ඔම්මාහ්..."
" දැන් ඒ දේවල් ගැන හිතන්න එපා ඔයා ඉක්මනට හොද වෙන්න නැත්නම් යුංගි පිස්සෙක් වෙයි "
හේරාගේ වචන සෝයූන්ට ගෙනාවේ බයක් කෙල්ලට කෑගහලා අඩන්න ඕන වුනා එයාට ජීවත් වෙන්න ඕන යුංගි එක්ක රන්ඩු වෙන්න යුංගිගේ කලාතුරකින් මැවෙන හිනාව දිහා බලාගෙන ඉන්න සෝයූන් ආසයි
" යාහ්හ් මොකද මේ "
ඒත් එක්කම රූම් එකට ආපු යුංගි කෑගැහුවේ හේරාව බදාගෙන ඉන්න සෝයූන්ව දැකලා
" මොකද "
හේරා යුංගිගෙන් අහද්දී සෝයූන් යුංගිට හොරා එයාගේ කදුලු පිහිදගත්තා
" මගේ ඔම්මා බදාගෙන මොනාද මේ නට් ලූස් එක කරන්නේ "
යුංගි ඉනටත් අත් දෙක තියාගෙන ඇහිබමත් රැලි කරගෙන ඇහුවා
" ඒක තොට වැඩක් නැ නේ පූස් පුතේ ".
හේරා කිව්වාම සෝයූන් හේරාගෙන් ඈත් වෙලා හිනා වුනා
",මම ඩොක්ටර් එක්ක කතා කලා අපි යමු ම්ම් "
යුංගි කෙල්ලගේ කම්බුල පිරිමදින ගමන් කිව්වා සෝයූන්ව ඩිස්චාර්ජ් කලාට පස්සේ කෙල්ල ඇදුම් මාරු කරගෙන ආවා හේරා බඩු ටික අරගෙන ඉස්සර වෙලා ගියා යුංගි සෝයූන් එක්කගෙන ගියා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
🙂🌝
Happy Jk Day Army 🥺💜❤️
Bye 🌝😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top