🧡 38 🧡

සෝයූන් හිටියේ තද නින්දක වුනත් යුංගි එයාව අරගෙන කා එකෙන් බහිද්දී කෙල්ලට ඇහැරුනා කෙල්ලගේ ඇගට දැනුනු අධික මහන්සිය නිසා සෝයූන්ට ආපහු නින්ද ගියා යුංගි කෙල්ලව ඇදෙන් තියලා නලලට කිස් එකක් තියලා බලාගෙන ඉදියේ සෝයූන් මූන දිහා

ඉස්සෙල්ලාම හම්බුනු දවසේ airport එකේ එයා එක්ක රන්ඩු කරපු හැටි රූෆ්ටොප් එකට වෙලා එයාට තුරුල් වෙලා අඩපු හැටි හොස්පිටල් එක ඉස්සරහ එයාගේ ෆස්ට් කිස් එක හොරකම් කරපු හැටි එකින් එක ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනෙද්දී යුංගි කෙල්ලගේ කම්බුල සියුම්ව පිරිමැද්දා

" මම කොහොමහරි ඔයාව හොද කරගන්නවා "

යුංගි සෝයූන්ගේ ඔලුව අතගාලා වොෂ් එකක් දාගන්න ගියා ඊට පස්සේ සෝයූන්ගේ wedding frock එක ගලවලා කෙල්ලට සැහැල්ලු ඇදුමක් ඇන්දුවා ඒ වෙනකනුත් සෝයූන් නිදි යුංගි සෝයූන් තුරුල් කරගෙන නින්දට ගියා

.

.
යුංගි එකපාරට රෑ ඇහැරුනේ දැනුනු අධික රස්සනය නිසා කොල්ලා ඇහැරිලා බලද්දී සෝයූන්ට හොදටම උණ කෙල්ල වෙව්ලනවා යුංගි නැගිටලා වෙලාව බලනකොට පාන්දර තුනටත් කිට්ටුයි කොල්ලා සෝයූන්ගේ ඔලුව අතගාලා ඇදෙන් බැහැලා ගිහින් වතුර භාජනයකුයි ටවල් කිහිපයකුත් අරගෙන රූම් එකට ආවා සෝයූන් කෙදිරිගානවා යුංගි ටවල් වලින් කෙල්ලගේ අත පය තෙත මාත්තු කරන්න ගත්තා යුංගිගේ ඇස් සැරින් සැරේ පියවෙන්න ගියත් කොල්ලා අමාරුවෙන් ඇස් ඇරගෙන හිටියේ සෝයූන්ගේ උණ බැහැලා නැති නිසා

පැය කිහිපයක් ගත වෙද්දී සෝයූන්ගේ උණ බැස්සා යුංගි එහෙම්ම ඇදේ කොනකින් ඔලුව තියාගත්තා තිබුණු මහන්සියට කොල්ලාට ඉක්මනට නින්ද ගියා

.
Next Day Morning

යුංගි උදේ ඇස් අරිනකොට සෝයූන් ඇදේ හිටියේ නැ කොල්ලා රූම් එක පුරා ඇස් යවලා කලබලයෙන් නැගිට්ටා

" සෝයූන්..."

යුංගි කෙල්ලගේ නම කියලා කෑගහන ගමන් බැල්කනියට ගියාත් සෝයූන් හිටියේ නැ කොල්ලා බාත් රූම් එකේ දොරට තට්ටුවක් දානකොට දොර ඉබේම ඇරුනා දොර ලොක් කරලා තිබුණේ නැ යුංගි ඇතුලට යද්දී දැක්ක දේ නිසා එයාගේ හදවත නතර වුනා වගේ දැනුනේ සෝයූන් ලේ විලක් මැද සිහිය නැතුව වැටිලා හිටියේ කෙල්ලගේ ඇදුම් ලේ වලින් තෙත් වෙලා යුංගි ඉක්මනට දුවලා ගිහින් කෙල්ලව උකුලට ගත්තා

" සෝයූන් ඇස් අරිනවා... සෝයූන් යාහ්හ්.. මැනික "

කොල්ලා සෝයූන්ගේ කම්බුලට තට්ටු කරන ගමන් කතා කලත් කෙල්ල ඇස් ඇරියේ නැ යුංගිගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනේ එයාටත් නොදැනීමයි කොල්ලා සෝයූන්ව වඩාගෙන ඉක්මනට පහලට ගියේ ගාඩ්ට කා එක ගන්න කියලා කෑගහන ගමන් ඒත් එක්කම ජිමින්ට කෝල් එකක් දුන්නා යුංගි කොච්චර කතා කලත් සෝයූන් ඇස් ඇරියේ නැ ඒ නිසා කොල්ලාගේ බය තවත් වැඩි වුනා

__________________________

අඩලා අඩලා නිදාගත්ත සෝ ආ බෙල්ලට දැනෙන උනුසුම් සුසුම් නිසා ඇහැරුනේ කෙල්ලට හැරෙන්නවත් විදියක් නැ කොට තාරාවෙක් සෝ ආගේ ඇගට කකුලකුයි අතකුයි දාගෙන සැපට නිදි නේ සෝ ආ ඊයේ හේරා කියපු දේවල් කල්පනා කරන ගමන් ජිමින්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වාම ජිමින් තව ටිකක් සෝ ආට තුරුල් වුනා

යුංගි ඔප්පා මාත් එක්ක මෙච්චර තරහින් ඉන්න හේතුව මේක ද..?
ඒත් මම මොකද්ද කරපු වරද
ඔම්මාවත් මට මේ ගැන මුකුත් කිව්වේ නැ

ඒත් එක්කම සෝ ආ මේ ලෝකෙට ආවේ ජිමින් කෙල්ලගේ බෙල්ල පුරා තෙත හාදු තියන්න ගත්ත නිසා සෝ ආ බොහොම අමාරුවෙන් ජිමින්ගේ අත ලිහිල් කරගෙන කොල්ලාගේ පැත්තට හැරුනා ජිමින් වචනයක්වත් නොකියා සෝ ආගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන ඉදියා කම්බුල් වල වේලුනු කදුලු පාරවල් මහපටගිල්ලෙන් පිරිමැද්දා ඒත් එක්කම කඩාගෙන බිදගෙන සුලි කුනාටුවක් වගේ රූම් එකට සම්ප්‍රාප්ත වුනේ ටේකුක් ඩබල

" කුරුලු ජෝඩුව නැගිට්ටා නම් නරක ද "

ටේහ්‍යුන් කිව්වා ජිමින් ඔලුවට අතක් තියාගෙන ඇදට බර වෙලා තඩි ඈනුමක් ඇරියා

" යුංගි හියුන්ග් මැරි කලාට පැනිහදේ ගිහින් තියෙන්නේ ජිමින් හියුන්ග් "

ජන්කූක් අතින් කටවහගෙන හිනා වෙන ගමන් කිව්වේ

" කටවහගෙන හිටපන් පොඩි එකා "

", මූ හැදිලා ඉවරයි "

ටේහ්‍යුන් කිව්වේ ජන්කූක්ගේ ඔලුවට පාරක් ගහන ගමන් සෝ ආ ජිමින් ඈත් කරලා බාත් රූම් එකට පැනගන්නේ මෙතන හිටියොත් එයාගේ නම්බුව ලෙෆ්ට් වෙන ස්වභාවයක් දැනුනු නිසා

" තොපි දෙන්නා පල මම ඩෝල් එක්ක එන්නම් "

ජිමින් එහෙම කිව්වාම ටේකුක් ඩබල කියව කියව යන්න ගියා ටිකකින් සෝමින් කපල් එක පහලට ආවා ඒත් එක්කම ජිමින්ට කෝල් එකක් ආවේ යුංගිගෙන්

" හියුන්ග්.."

" ජිමින්.."

යුංගිගේ කටහඩේ අමුත්තක් තේරෙද්දී ජිමින් ටිකක් කලබල වුනා

" හියුන්ග් මොකද වුනේ..? "

" සෝයූන් හොස්පිටල් ඇඩ්මිට් කලා "

" මොහ්..සෝයූන්ට මොකද වුනේ "

" උබ වරෙන් "

යුංගි එහෙම කියලා කෝල් එක කට් කලා ඔක්කොම ජිමින් දිහා බලාගෙන ඉන්නවා වෙන දේ තේරුම් ගන්න බැරුව

" ජිමින් මොකද වෙලා තියෙන්නේ "

හේරා ඇහුවේ බය වෙලා වගේ ඉන්න ජිමින්ගෙන්

" සෝයූන් හොස්පිටල් ඇඩ්මිට් කරලා "

" මොහ්...සෝයූන්ට මොකද්ද වෙලා තියෙන්නේ ඊයේ හොදට හිටියා නේ "

සේරි කිව්වා

" අපි ගිහින් බලමු සේරි නූනා හියුන්ග් විස්තරක් කිව්වේ නැ "

ජිමින් කිව්වේ කා එකේ කී එක අරගන්න ගමන්

__________________________

සෝයූන්ව ඩොක්ටර් ඇතුලට එක්කගෙන යද්දී යුංගි එතැනින් ඉදගත්තේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කොල්ලාගේ සුදු පැහැ ශර්ට් එක ලේ වලින් පෙගිලා කොන්ඩේත් අවුල් වෙලා යුංගිගේ හිත කවදාවත් නැතුව ලොකු බයකින් වෙලාගෙන තිබුණේ

Nurse කෙනෙක් ඇවිත් කොල්ලාට ෆිල් කරන්න ෆෝම් එකක් දුන්නා යුංගි වෙව්ලන අත් වලින් ෆෝම් එක ෆිල් කරන්න ගත්තා ඒත් එක්කම ආපු ටේහ්‍යුන් යුංගිගේ අතේ තිබුණු ෆෝම් එක අරගත්තා යුංගි එතකොට තමයි ඔලුව උස්සලා බැලුවේ හේරා යුංගිගේ ලගින් වාඩිවෙලා කොල්ලාගේ ඔලුව අතගෑවා

" හියුන්ග් මොකද වුනේ මේ ලේ.."

ජිමින් ඇහුවේ යුංගිගේ ලේ වලින් තෙත් වෙලා තියෙන ශර්ට් එක දිහා බලාගෙන යුංගි මුකුත් නොකියා අත් දෙකින් මූන වහගෙන හිටියේ

" යුංගි කතා කරන්න රත්තරං... "

හේරා යුංගිගේ ඔලුව අතගාන ගමන් ඇහුවා යුංගි අත් දෙක අයින් කරලා හේරා දිහා බැලුවා කොල්ලාගේ ඇස් වල කදුලු දැකලා හැමෝම ගැස්සුනා යුංගි ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි

" ,ඔ..ඔම්මා.."

" කියන්න මැනික "

හේරා කිව්වේ යුංගිගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදන ගමන්

" උදේ මම නැගිටලා බලනකොට සෝයූන් ලග හිටියේ නැ මම එයාව හොයාගෙන යනකොට තමයි දැක්කේ බාත් රූම් එකේ එයා... එයා.. ලේ ගොඩක් මැද්දේ සිහිය නැතුව වැටිලා ඉන්නවා "

හේරා යුංගිව තුරුල් කරගෙන අනිත් අය දිහා බැලුවේ වේදනාවෙන් ඒත් එක්කම ඩොක්ටර් ආවාම යුංගි ඩොක්ටර් ලගට දුවගෙන ගියා

" ඩොක්ටර්.... සෝයූන්... "

අනිත් අයත් ඩොක්ටර් වට කර ගනිද්දී ඩොක්ටර් හුස්මක් පහත දැම්මා

" මම කලිනුත් කිව්වා නේ එයාගේ කන්ඩිශන් එක සීරියස් අපි treatments දිගටම කරගෙන යමු "

ඩොක්ටර් එහෙම කියලා යුංගිගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියා යුංගි සෝයූන් හිටිය රූම් එකේ දොරෙන් බලාගෙන ඉදියේ මැෂින් ගොඩකට වට වෙලා නිසලව ඇදේ වැතිරිලා අමාරුවෙන් හුස්ම ගන්න සෝයූන් දිහා

" යුංගියා මොකද්ද ඩොක්ටර් කියපු දේ තේරුම "

ජින් අහද්දී යුංගි බිත්තියට හේත්තු වුනා

" සෝයූන්ට...... ලියුකේමියාව "

යුංගි බිම බලාගෙන කියද්දී සේරි අඩියක් පස්සට තිබ්බා

" එ..එහෙම වෙ..වෙන්නේ කොහොමද..ජි  ජින්.. එ..  හෙම වෙන්න බැ ජින් එයා හොදට හිටියා නේ.. "

සේරි කියවගෙන ගියේ එයාට ඇහුනු දේ විශ්වාස කරන්න බැරුව කොයිවෙලෙත් දගල දගල හිනා වෙවී හිටපු කෙල්ලට ලියුකේමියාව කියලා දැනගත්තාම සේරිට විතරක් නෙවෙයි අනිත් අයටත් ඒක ලොකු ශොක් එකක් වුනා

" එයා.. ඒක හැමෝගෙන්ම හංගගෙන හිටියේ දවසක් මම එයාගේ පස්සෙන් හොස්පිටල් එකට ආපු වෙලාවක තමයි දැනගත්තේ "

යුංගි බිම බලාගෙන කියද්දී හේරා යුංගිට ලං වුනා

" මේක දැනගෙන කොච්චර කල් ද..?"

" සතියක්.."

හේරා අහපු දේට යුංගි උත්තර දුන්නා සේරි ජින්ට තුරුල් වෙලා අඩනවා ජිමින් වාඩිවෙලා කොන්ඩේ අතරේ අතැගිලි යවද්දී සෝ ආ කොල්ලා ලගින් වාඩිවෙලා පිට පිරිමැද්දා ජන්කූක්ගේ ඔලුව ටේහ්‍යුන් අතගාන ගමන් ඉදියේ

" අපි කොහොමහරි සෝයූන් හොද කරගනිමු "

ජිමින් කිව්වේ අනිත් අය දිහා බලන ගමන් යුංගි මුකුත් නොකියා සෝයූන් දිහා බලාගෙන ඉදියේ

" හියුන්ග් නූනාට ඉක්මනට හොද වෙයි "

යුංගිගේ ලගට ඇවිත් ජන්කූක් කියද්දී යුංගි කොල්ලාගේ ඔලුව අතගෑවා

' යේ...එයාට ඉක්මනට හොද වෙයි "

යුංගිට ගෙදර ගිහින් ඇදුම් චේන්ජ් කරගෙන එන්න කිව්වත් කොල්ලා එතැනින් යන්න අකමැති වුනු නිසා ජිමින් ගිහින් යුංගිට ඇදුමක් අරගෙන ආවා කොල්ලා ඇදුම් චේන්ජ් කරගෙන සෝයූන් ලගට ගියා කෙල්ලගේ අතකින් අල්ලාගෙන යුංගි එතැන තිබුණු පුටුවකින් වාඩි වුනා

" සෝයූනා... චේබල් මාව දාලා යන්න එපා.."

සෝයූන් සිහිය නැතුව වැටිලා හිටපු හැටි මතක් වෙන වාරයක් ගානේ කොල්ලා බය වුනා සෝයූන් එයාව දාලා යන්න යයි කියලා හමුවෙලා මහ ලොකු කාලයක් ගත නොවුනත් සෝයූන්ගේ දගකාර වැඩ වලට කොල්ලාගේ හිත ගියා කිසිම කෙල්ලෙක් ගැන උනන්දුවක් නොදක්වපු යුංගි සෝයූන්ගේ පස්සෙන් ගිහින් කෙල්ල ගැන හොයන්න පටන් ගත්තා යුංගිට නොදැනීම ඒ මුරන්ඩු හිත සෝයූන් ලග නතර වුනා

යුංගි සෝයූන්ගේ නලලට හාදුවක් තවරලා කෙල්ලගේ අතක් අල්ලාගෙන සෝයූන් දිහා බලාගෙන ඇදෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තේ එයා ඇස් අරිද්දී සෝයූන්ට සිහිය ඇවිත් තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමින්

මේ දිහා දොර ලගට වෙලා හේරා බලාගෙන ඉදියේ වචනෙන් කියාගන්න බැරී වේදනාවකින් දරුවෙක්ට රිදෙනකොට ඊට වඩා අම්මා කෙනෙක්ට රිදෙනවා යුංගිගේ කදුලක් දකිනකොට හේරාට දැනුනේ ලොකු වේදනවක් එදා සෝයූන් යුංගි දෙන්නා එකට ඉන්නකොට සතුටු වුනු හේරා අද ඒ දෙන්නා දකිද්දී දුක් වෙනවා එයා ගත්ත තීරණය ගැන පසුතැවෙනවා ඒත් හේරා දන්නේ නැ යුංගිගේ හිත සෝයූන් හොරකම් කරලා ගොඩක් කල් කියලා

" ඔම්මා.."

දොර ලග ඉදගෙන යුංගි සෝයූන් දිහා බලාගෙන ඉන්න හේරාට කතා කලේ සේරි

",සේරි.."

හේරා කදුලු අතරින් කතා කලා

" අපි එදා ගත්තේ වැරැදි තීරණයක් කියලා හිතෙන්නේ නැද්ද සේරි ඒ දෙන්නා අපි එකතු කරන්න ඕන කියලා හිතුවේ නැත්නම් අද යුංගි මෙච්චර විදවන්නේ නැතුව ඇති "

" මම එහෙම හිතන්නේ නැ ඔම්මා කවදාවත් කෙල්ලෙක්ට කැමති නොවුනු යුංගි එකපාරට සෝයූන් මැරි කරන්න ඕන කියලා නිකමට නෙවෙයි කිව්වේ යුංගි සෝයූන්ගේ තත්ත්වය දැනගෙනයි මැරි කරන්න ඕන කිව්වේ යුංගි සෝයූන්ට ආදරේ කරන්න පටන් අරගෙන ගොඩක් කල් ඔම්මා යුංගි සෝයූන් දිහා බලන විදියෙන් මට තේරුනා මට කලින් ඒක තේරිලා තිබුණේ ජින්ට සෝයූන් යුංගි කියන්නේ සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක් වෙන්න ඇති ඔම්මා තමන් පතාගෙන ආපු කෙනා එනකම් එයාලා ජීවත කාලේම වුනත් බලාගෙන ඉදියි අපි ඒ දෙන්නාව එකතු කරන්න තීරණය නොකරුවත් එයාලා හදවත් වලින් බැදිලා ඉවරයි ඔම්මා "

සේරි කිව්වේ සෝයූන්ගේ අතකුත් අල්ලාගෙන නිදාගෙන ඉන්න යුංගි දිහා බලාගෙන

" ඔයා කියන දේ ඇත්ත සේරි සෝයූන්ට ඉක්මනට හොද වුනොත් ඒ ඇති "

" යේ ඔම්මා "

සෝයූන්ගේ රූම් එකේ දොර වහපු සේරි හේරා එක්ක කොරිඩෝ එකේ ඇවිදගෙන යනකොට ආරංචි වුනේ ලියාට අමාරු වෙලා හොස්පිටල් එකට එක්කගෙන ආවා කියලා හේරා සේරි දෙන්නා  එතනට යනකොට හෝසොක් ඒ කොනට මේ කොනට ඇවිදින ගමන් ඉන්නවා නම්ජූන් වාඩිවෙලා හෝසොක් ඇවිදින දිහා බලාගෙන ඉන්නවා

" හොබී.."

" ඔම්මා.."

" හොබී කලබල වෙන්න එපා "

හේරා තට්ටුවක් දාලා කිව්වා

" මූ කියන දෙයක් අහන්නේ නැ ඔම්මා කුලප්පු වෙච්ච අස්පයා වගේ එහාට මෙහාට ඇවිදිනවා ඒක බලාගෙන ඉදලා මගේ ඔලුව කැරකෙනවා වගේ "

නම්ජූන් කිව්වා

" යාහ්හ් හොබි කලබල නොවී වාඩිවෙලා ඉන්නකෝ "

සේරි කිව්වාම හෝසොක් වාඩිවුනා ඒත් කොල්ලාගේ හිත නොසන්සුන් ටිකකින් ඩොක්ටර් එලියට ආවේ සිනාමුසු මුහුනකින්

" ඩොක්ටර් මගේ වයිෆ්.."

හෝසොක් දුවගෙන ඩොක්ටර් ලගට ගිහින් ඇහුවා

" Congratulations Mr.Jung ඔයාගේ වයිෆ්ට පුතෙක් හම්බුනා "

" Thank you doctor "

" You're welcome "

ඩොක්ටර් එහෙම කියලා යද්දී හෝසොක් ගියේ ලියා ලගට ලියා බබා හුරතල් කරන ගමන් ඉදියේ

" ලියා මැනික.."

" හොබාරි "

හෝසොක්ගේ ඇස් වල කදුලු පිරිලා ලියාගේ ලගට ආපු හෝසොක් කෙල්ලගේ නලලට කිස් එකක් දුන්නා

" බලන්නකෝ එයාගේ ලස්සන බෝලයක් වගේ "

ලියා කිව්වේ පුංචි පැටියා දිහා බලාගෙන

" ම්ම් ඔයා වගේ "

හෝසොක් කිව්වාම ලියා ලස්සනට හිනා වුනා

" කුමාවෝ මගේ ජීවිතේට ආවාට මගේ ලිලී මල ඔයත් හරියටම ලිලී මලක් වගේ "

හෝසොක් ලියාගේ කම්බුල් ආදරෙන් පිරිමදින ගමන් කිව්වා

" මමයි කුමාවෝ කියන්න ඕන කාත් කවුරුවත් නොහිටපු මට මුලු ලෝකෙම වුනාට මට ආදරේ කලාට මගේ හොබාරි ඔය ලස්සන හිනාවෙන් මගේ ලෝකේ එලියට කලාට කුමාවෝ "

ලියා කිව්වාම හෝසොක් කෙල්ලගේ තොල් වලට  බර වෙන්න ගියාට රූම් එකට සුනාමියක් කඩාගෙන බිදගෙන ආවේ හෝසොක්ගේ කිස් එක සුන්විසුනු වෙලා යද්දී

" තව ටිකක් පරක්කු වෙලා ආවා නම් අපිට ආපහු සම්චොන්ලා වෙන්න තිබුනා "

ටේහ්‍යුන් කිව්වා

" සිරාවට තෝ තමයි කුලප්පු වෙච්ච මී හරකා වගේ දුවගෙන ආවේ "

ජිමින් ටේහ්‍යුන්ට රවන ගමන් කිව්වා

" පලයන් කොට තාරාවෝ යන්න "

" තෝ හරි උස එකා නේ පිටසක්වලයා "

ටේමින් රන්ඩු වෙන අතරේ සේප් එකේ ජන්කූක් බබාව වඩා ගත්තා

" බබාට තියෙන්නේ ලියා නූනාගේ ඇස් නහය හොබී හියුන්ග්ගේ වගේ "

ජන්කූක් එහෙම කියනකොට තමයි ටේමින් වලිය නැවැත්තුවේ

" යකෝ මගේ ලමයා මම වඩාගන්න කලින් කුක්කෙක් වඩාගෙන "

" ඔහොම තමයි ඉතින් ඔක්කොටම කලින් කිස් කරන්න ගියාම "

ජින් කිව්වේ සිවිලිමේ තරු ගනන් කරන ගමන්

" ජින් හියුන්ග් දුවගෙන ගිහින් සේරි නූනාව කිස් කලේ හරි නම් අපි මේවා ජිනීට කියන්න ඕන "

නම්ජූන් කිව්වාම ජින් නම්ජූන් දිහා බැලුවේ දත් නැතුව බත් කන්න ආසද වගේ ලුක් එකකින් විනාඩි කිහිපයකට හැමෝටම ප්‍රශ්න අමතක කරවන්න පුංචි පැටියාට පුලුවන් වුනා හැමෝම හිටියේ ගොඩක් සතුටින්

☆☆☆☆✩✩✩✩☆☆☆☆☆☆☆✩

සියල්ල අස්ථිරයි ලමයි 🙂

Bạn đang đọc truyện trên: AzTruyen.Top