🧡 36 🧡
ජිමින් ඇහැරුනේ එයාගේ පපුව උඩ යමක් තියෙනවා කියලා දැනෙද්දී කොල්ලා කම්මැලිකමේ ඇස් ඇරලා බලනකොට තමයි දැක්කේ එයාගේ පපුව උඩ ඔලුව තියාගෙන සැපට නිදාගෙන ඉන්න එයාගේ ඩෝල්ව කොල්ලා හිනා වෙලා සෝ ආගේ කොන්ඩේ හිමින් අතගෑවා සෝ ආ ඇහැරෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඉස්සිලා සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන බලනකොට දැක්කේ උදේ එකොලහත් පහුවෙලා කියලා ඒ වගේම ටේහ්‍යුන්ගෙන් මිස් කෝල් 05 ජින්ගෙන් මිස් කෝල් 15 සේරිගෙන් මිස් කෝල් 1 මැසේජ් 02
" හුටා...."
කොල්ලාට ඒක දැක්කාම නිකන්ම කියවුනේ දැන් කෝල් කලොත් ජින්ගෙන් කන පැලෙන්න සුපිරි රැප් අහගන්න වෙයි කියලා කොල්ලා ෆෝන් එක පැත්තකින් තිබ්බා
" ඩෝල්...නැගිටින්න.."
ජිමින් එහෙම කියන ගමන් කෙල්ල නැගිටින්න ට්‍රයි කලත් සෝ ආ තව ටිකත් හරිබරි ගැහිලා කොල්ලාට තුරුල් වුනා
" ඩෝල්...නැගිටින්න බේබි.."
" නිදාගන්න දෙන්නකූ.."
කෙල්ල නිදිමතේ එහෙම කිව්වා
" පස්සේ නිදාගමු ඩෝල්..'
" තමුසෙට ඕන නම් පස්සේ නිදාගන්නවා "
සෝ ආ කොල්ලාට කෑගහලා ජිමින්ව තල්ලු කරලා අනිත් පැත්ත හැරිලා කොට්ටෙකුත් තුරුල් කරගෙන ඇස් දෙක පියාගත්තා තත්පර කිහිපයක් වුනේ මොකද්ද කියලා කල්පනා කරපු ජිමින් කට කොනින් හිනා වෙලා කෙල්ල ඇදගෙන ඉදපු එයාගේ ශර්ට් එක යටින් අත යවලා කෙල්ලගේ බඩ අතගෑවා එතකොට සෝ ආ ඇස් ඇරියා
" මොකද මේ.."
" රිදෙනවා ද "
" ම්ම්ම්.."
" ඔහොම ඉන්න "
කොල්ලා එහෙම කියලා සෝ ආගේ බඩ අතගෑවා ටික වෙලාවක් යද්දී කෙල්ලට ආපහු නින්ද ගියා ජිමින් සෝ ආගේ කම්බුලට කිස් එකක් දීලා බ්ලැන්කට් එකත් හරියට පොරවලා කොල්ලා ෆෝන් එකත් අරගෙන ඇදෙන් බැස්සා කොල්ලා රූම් එකෙන් එලියට ගිහින් ටේහ්‍යුන්ට කෝල් එකක් දුන්නා දෙපාරක් තුන්පාරක් රින් වෙනකොට ටේහ්‍යුන් ආන්සර් කලා
" දැන් ද යකෝ තොට අපිව මතක් වෙන්නේ ජින් හියුන්ග් මෙතන දහ අට සන්නිය නටනවා තෝ සෝ බබා එක්ක අන්තරස්දාන වෙලා කියලා උබට නම් මොනා වුනත් මට කමක් නැ අර අහිංසක කෙල්ල හොදින් ඉන්නවා නම් "
ටේහ්‍යුන් කෝල් එක ආන්සර් කරලා බැනගෙන ගියේ නැගිට්ට වෙලේ ඉදලා ජින්ගේ රැප් අහලා කොල්ලාගේ කන් දෙක පිරිලා හින්දා
" කියවලා ඉවර ද "
" තව තියෙනවා ඒ වුනාට මතක නැ දැන් කියපන් උබ මොන අපායේ ද ඉන්නේ කියලා "
" උබේ mansion එකේ "
", උබ මොකටද යකෝ එහේ ගියේ පොඩ්ඩක් හිටපන් උබ සෝ බබාට මොකද කලේ තාරාවෝ අහිංසක කෙල්ලට ඇවිදින්න පුලුවන් ද පව් යකෝ සෝ බබා "
ඩෝල්ට මම මොනවා කලත් ඌට මොකද ඩෝල් මගේ වයිෆ්
" හෙට එන්නම් ජින් හියුන්ග්ට කියන්න "
ජිමින් එහෙම කියලා කෝල් එක කට් කලා කොල්ලා රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ඇදුමකුත් දාගෙන එලියට ගියේ කන්න මොනාහරි ගේන්න
__________________________
සෝයූන් දැනුනු විඩාව එක්ක ඔලුව අල්ලාගෙන නැගිට්ටා කෙල්ල ඇස් පියාගෙන නලලේ තිබුණු තෙත රෙදි කැබැල්ල අයින් කරලා ඇදේ වියනට හේත්තු වුනා කෙල්ල හිමින් ඇස් අරිනකොට තමයි දැක්කේ ඇද ලග බිම වාඩිවෙලා ඇද උඩින් ඔලුව තියාගෙන පුංචි පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න යුංගිව
යුංගිව දැක්කාම කෙල්ලගේ තොල් අතර සිහින් සිනාවක් රැදුනත් ඒ සිනාව නැති වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නැ කෙල්ල හිමින් ඇදෙන් බහින්න හදනකොට යුංගි ඇස් හීනි කරගෙන ඇස් ඇරලා සෝයූන් දිහා බැලුවා
" ම්ම් දැන් නම් උණ බැහැලා "
කොල්ලා සෝයූන්ගේ නලලට අත තියලා බලලා කිව්වා
", කුමාවෝ මාව බලාගත්තාට "
" තමුසේ කොහෙද යන්න හදන්නේ "
සෝයූන් කියපු දේ ගනන් නොගෙන යුංගි ඇහුවේ
" හොස්පිටල් "
" මාත් එන්නම් "
" ඒ මොකටද මම යන්නේ පේශන් කෙනෙක් චෙක් කරන්න අද එයා appointment එකක් දාලා තියෙන නිසා "
" තමුසේ අසනීපෙන් ඉදිද්දී අනිත් උන්ට බෙහෙත් කරන්න තමුසෙට පිස්සු ද "
යුංගි කේන්තියෙන් ඇහුවා
" මට දැන් හොදයි මම යනවා එච්චරයි '
කෙල්ල එහෙම කියලා ඇදෙන් බැහැලා යන්න ගියේ යුංගි තවත් මුකුත් කියන්න කලින් වොෂ් එකක් දාගෙන ඉක්මනට ලෑස්ති වුනු කෙල්ල ෆයිල් එකක් අරගෙන ඉක්මනට mansion එකෙන් එලියට ආවේ තව කාගේ ප්‍රශ්න පත්තරයකට උත්තර දෙන්න වෙයි ද කියලා හිතන ගමන් mansion එකෙන් එලියට ආපු කෙල්ල taxi නතර කරගෙන හොස්පිටල් ගියා එයාට drive කරන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි ඉදියේ
කෙල්ල hospital එක ඉස්සරහ බැහැලා ෆයිල් එකත් තුරුල් කරගෙන ඇතුලට ගියා කෙල්ල ඇතුලට ගිහින් ඩොක්ටර්ව හම්බුනා සෝයූන් ඩොක්ටර් එක්ක කතා කරලා එලියට යනවත් එක්කම ඩොක්ටර්ගේ රූම් එකට තව කෙනෙක් ආවා
" ඩොක්ටර් මට දෙයක් දැනගන්න පුලුවන් ද "
" යේ.."
" දැන් ගියපු ගෑනු ලමයා ගැන "
" ඔයා සෝයූන්ගේ කවුද "
" මම එයාගේ නම්චිංගු "
ඒ කෙනා එහෙම කියද්දී ඩොක්ටර් හුස්මක් පහත හෙලුවේ වේදනාවෙන්
" සෝයූන්ගේ තත්ත්වය බරපතලයි "
" සෝයූන්ට තියෙන ලෙඩේ මොකද්ද "
" එයාට blood cancer එකක් එහෙම නැත්නම් ලියුකේමියාව තියෙන්නේ "
" මොහ්.....එහෙම වෙන්නේ කොහොමද සෝයූන් එයා....."
" එයා මේ ගැන කවුරුවත් දැනගන්නවාට අකමැතියි ඒත් මේ ගැන නොකියා ඉන්න එක මම හිතන්නේ නැ එච්චර හොද තීරණයක් කියලා පුලුවන් තරම් එයා ලගින්ම ඉන්න අපි පුලුවන් උපරිමයෙන් ම උත්සාහ කරනවා සෝයූන්ව හොද කරගන්න එයාගේ කෑම බීම ගැන සැලකිලිමත් වෙන්න අපි දිගටම treatments කරගෙන යමු සෝයූන්ව මම අවුරුදු ගානක ඉදලා දන්නවා england වල දී අපි අදුරගන්නේ එයාට ජීවිතේ කලකිරිලා ඉන්නේ පුතා සෝයූන්ට එයාගේ අතීතය අමතක කරන්න අමාරුයි අනිත් අයගේ හිත් එයාගේ වචන වලින් සැනසුවාට සෝයූන්ගේ හිත සනසන්න කවුරුවත් හිටියේ නැ මම හිතන්නේ ඒ නිසා තමයි එයා ඇල්කොහොල් වලට ඇඩිට් වෙලා තියෙන්නේ "
ඩොක්ටර් කියන දේවල් ඇහුනේ හීනෙන් වගේ කොල්ලා අත මිට මොලවාගෙන හිටියේ ඇස් වලින් වැටෙන කදුලු පාලනය කරගෙන ඩොක්ටර්ගේ කැබින් එකෙන් එලියට ආපු කොල්ලා එහෙම්ම බිත්තියට හේත්තු වුනේ ඇස් දෙකත් තද කරලා පියාගෙන ඒ ඇහුනු දේවල් යුංගිගේ හිත පිලිගන්න කැමති වුනේ නැ
ඉක්මනට කදුලු පිහිදාගත්ත කොල්ලා හැරෙනකොට දැක්කේ ෆයිල් එකක් පපුවට තුරුල් කරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉන්න සෝයූන්ව කෙල්ල ඉක්මනට හැරිලා එතැනින් යන්න ගියත් යුංගි කෙල්ලව බැක් හග් කලා
විනාඩි කිහිපයකට පස්සේ සෝයූන් යුංගි හිටියේ හන් ගග දෙස බලාගෙන නිහඩව දෙන්නාගෙන් එක් කෙනෙක්වත් කතා කලේ නැ අහන්න දාහක් දේවල් තිබුනත් ඒ ඔක්කොම හිතේ තද කරගෙන සන්සුන්ව ගලාගෙන යන හන් ගඟ දෙස බලාගෙන ඉදියා
" මාව follow කලා ද..?"
නිහඩතාවය බිදිමින් සෝයූන් හඩ අවදි කලා
" වේ..කාටවත් නොකිව්වේ..."
යුංගි හන් ගඟ දිහා බලාගෙනම ඇහුවා සෝයූන් හුස්මක් පහත හෙලුවා
" ඕක දැන ගත්තොත් හැමෝම අඩනවා ඒකයි නොකිව්වේ එයාලගේ සතුට මම නිසා නැති වෙයි "
" මේ ගැන දැනගෙන කොච්චර කල්ද "
" මාසයක් "
සෝයූන් කියද්දී මෙතෙක් වෙලා හන් ගඟ දිහා බලාගෙන ඉදපු යුංගි කෙල්ලගේ පැත්තට හැරුනා
" ඒ දැනගෙනත් තමුසේ සිගරට් බිව්වා නේද "
යුංගි අහද්දී සෝයූන් බිම බලාගෙන ඔව් කියන්න ඔලුව වැනුවා යුංගි බෙන්ච් එකට අත මිට මොලවලා ගහලා නැගිට්ටා
" තමුසේ appointment කියාගෙන සතියකට සැරයක් හොස්පිටල් එනකොට මට සැක හිතුනා ඒක නිසාමයි මම තමුසේ ගැන හෙව්වේ අද මම මෙහෙම හරි මේ ගැන දැනගත්තේ නැත්නම් කියන්නේ නැ නේ "
" යු..යුංගි ඔයා දැන් හැමදේම දන්නවා නේ මේ මැරේජ් එක නවත්තන්න "
" මැරේජ් එක නැවැත්තුවාම තමුසේ හොද වෙන්වාද "
" යුංගි මම අනිවාර්යයෙන් මැරෙයි "
" මගේ යකා අවුස්සගන්න එපා සෝයූන් තමුසෙට මුකුත් වෙන්නේ නැ කොයි ලෝකේ හරි එක්කගෙන ගිහින් මම තමුසෙව හොද කරගන්නවා "
කොල්ලාගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටෙද්දී කෑගැහුවේ සෝයූන්ගේ වචන කොල්ලාගේ හිත තවත් පෑරුවා
" යු..යුංගි "
යුංගි සෝයූන් ලගින් වාඩිවෙලා කෙල්ලව තුරුල් කරගත්තා සෝයූන් කොල්ලාගේ ඉන වටේ අත් යවලා තුරුල් වුනා
" තමුසෙට මුකුත් වෙන්නේ නැ සෝයූන් "
යුංගි තවත් තදින් සෝයූන්ව එයාට තුරුල් කරගන්න ගමන් මිමිනුවා
___________________________
වෙනදා දැනෙන උනුසුම දැනෙන්නේ නැති වෙනකොට කෙල්ල ඇදේ අත එහෙ මෙහෙ යවමින් හෙව්වේ ජිමින්ව ඇදේ කවුරුවත් නැ කියලා දැනෙද්දී කෙල්ල ඇස් ඇරියා ජිමින් රූම් එකේ කොහෙවත් නැ කියලා දැක්ක කෙල්ල ඇදෙන් බැහැලා අමාරුවෙන් ඇවිදගෙන ගියා
" ජිමිනි.."
සෝ ආ කොල්ලාට කතා කරන ගමන් living room එක පැත්තට ගියත් ජිමින් තියා ජිමින්ගේ හොල්මනවත් හිටියේ නැ කෙල්ල ජිමින්ට කතා කරන ගමන් mansion එකේ හැමතැනම ඇවිද්දත් සෝ ආට ජිමින්ව හොයාගන්න බැරි වුනා කොල්ලාට කෝල් කලත් ජිමින් ෆෝන් ආන්සර් කලේ නැ ජිමින් එයාව දාලා ගිහින් කියලා කෙල්ල බය වුනා
" ජි...ජිමිනි.."
කෙල්ලගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටුනේ ආයාසයෙන්
" ඩෝල්..."
ජිමින්ගේ කටහඬ ඇහුනා විතරයි සෝ ආ කොල්ලා දිහා බැලුවා සෝ ආගේ ඇස් වල කදුලු දැක්කාම ජිමින් කලබල වුනා කෙල්ල දුවගෙන එනකොට තව පොඩ්ඩෙන් වැටෙනවා ජිමින් අල්ලගත්ත නිසා යාන්තම් බේරුනා සිහින් ඉකියක් එක්ක සෝ ආ කොල්ලාට තුරුල් වුනා ජිමින් එක අතකින් සෝ ආගේ ඔලුව අතගාන ගමන් කතා කලා
' ඩෝල්...මොකද අඩන්නේ ම්ම් "
සෝ ආ එයාගේ අත් තද කර ගන්න ගමන් කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්තා ජිමින් කෙල්ලව ඈත් කලා
" Jump doll "
ජිමින් කියනකොට කෙල්ල කකුල් දෙකෙන් ඉස්සුනාම ජිමින් එක අතකින් සෝ ආව උස්සලා වඩාගත්තා ජිමින්ගේ අනිත් අතේ ගෙනාපු කෑම සෝ ආ කොල්ලාගේ ඉන වටේ කකුල් දෙකත් ඔතාගෙන අත් දෙක බෙල්ල වටේ ඔතාගෙන කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා ජිමින් එයාගේ ඇගේ එල්ලිලා ඉන්න කෝලා බේබිවත් උස්සලා කිචන් එක පැත්තට ගියා ජිමින් dinning table එක උඩින් ගෙනාපු කෑම ටිකත් තියලා සෝ ආ dinning table එක උඩින් ඉන්දුවා කෙල්ල තාමත් ජිමින්ගේ බෙල්ල වටේ අත් ඔතාගෙන ඉන්නවා
" මොකද දැන් මේ අඩන්නේ ම්ම්.."
ජිමින් ඇහුවේ සෝ ආගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිහිදන ගමන්
" මම්...හිතුවේ ඔයා.."
" දාලා ගිහින් කියලා ද ම්ම්.."
සෝ ආ කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න නොදී ජිමින් ඇහුවා කෙල්ල රොබෝ කෙනෙක් වගේ ඔව් කියන්න ඔලුව වැනුවා කොල්ලා සෝ ආ නලලට සොෆ්ට් කිස් එකක් දීලා කෙල්ලව තුරුල් කරගත්තා
" මගේ කියුට් ඩෝල්ව දාලා කොහේ යන්න ද "
සෝ ආ කොල්ලාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා ජිමින් සෝ ආගේ ඔලුව අතගෑවා
" දැන් අඩන්නේ නැතුව කමු "
ජිමින් කෙල්ලව ඈත් කලා
(Author: බඩගිනියි යකොව් 😫)
ජිමින් කෙල්ලව උකුලෙන් වාඩි කරගෙන කවන්න ගත්තා සෝ ආත් ජිමින් එක්ක හුරතල් වෙන ගමන් හිනා වෙවී කෑවා සෝ ආගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවලා කෙල්ලගේ කම්බුල පිරිමදින ගමන් සෝ ආගේ දිහා බලාගෙන ඉදියේ දුඹුරු පැහැ දිලිසෙන ඇස් යාන්තම් රෝස පැහැයට හැරුනු කම්බුල් රෝස පාට තොල් සෙලවෙන හැටි ජිමින් බලාගෙන ඉදියා
" ජිමිනි..."
" ම්ම්ම්.."
" අප්පා මොනාද ඊයේ ඔයාට කිව්වේ "
සෝ ආ අහනකොට ජිමින්ගේ මූන වෙනස් වුනා සෝ ආ එයාගේ දරුවෙක් කියලා පිලිගන්නේ නැ කියලා මිස්ටර් මින් බැනපු හැටි කොල්ලාට මතක් වුනා
" ඒක වැඩක් නැ "
" ඒත්...."
" මම කිව්වා නේ ඩෝල් ඒ දේවල් ඔයාට වැඩක් නැ ෆයිනල් එක්සෑම් එක ලගයි නේද studies ගැන බලාගෙන ඩෝල් "
ජිමින් ටිකක් තදින් කියද්දී කෙල්ල හා කියන්න ඔලුව වැනුවා නිකන් ජිමින්ගේ තරහ අවුස්සලා ගුටි කන්න බැරි හින්දා කෙල්ල කට වහගත්තා
" ජිමිනි.."
සෝ ආ කොල්ලාට කතා කරන ගමන් ජිමින්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා
" කියන්න "
" මායි කුක්කායි අනිද්දා ඉදලා යුනි යන්නද..?"
සෝ ආ ඇහුවාම කොල්ලා ඔලුව හරවලා සෝ ආ දිහා බැලුවා
" චේබල්..එපා කියන්න නම් එපා අපේ ෆයිනල් ඉයර් එකෙත් අන්තිම මාස තුන ජිමිනි චේබල් යන්න දෙන්නකෝ අනේ ඔයා හොදයි නේ ආපහු හිතුවක්කාර වැඩ කරන්නේ නැ ප්‍රොමිස් "
සෝ ආ කියද්දී ජිමින්ගේ මූනේ වෙනසක් වුනේ නැ හිත ඇතුලෙන් කොල්ලා හිනා වෙනවා
" යුනි යන්න නේද ඕන "
කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා
" කිස් එකක් ඕන "
" මොහ්..."
" කිස් එකක් දුන්නොත් යුනි යන්න දෙන්නම් "
" යාහ්හ් ජිමිනි '
" මොකද කිස් එකක් ඉල්ලුවේ දෙන්න බැරි නම් මෙච්චර දවසක් ඔන්ලයින් කරගෙන ආපු විදියට studies කරගෙන යන්න "
ජිමින් එහෙම කිව්වාම සෝ ආ ජිමින්ගේ තොල් වලට පුංචි කිස් එකක් දීලා ඈත් වෙන්න හදනකොට ජිමින් සෝ ආගේ ඉන වටේ අතක් යවලා කෙල්ලගේ තොල් සිපගන්න ගත්තා සෝ ආ ජිමින්ගේ බෙල්ල වටේ අත් යවලා කොල්ලාට ලං වුනා සෝ ආගේ තොප් එක්ක සෙල්ලම් කරපු ජිමින් කෙල්ලගේ බෙල්ලේ තිබුණු හයිකීස් මතින් තොල් තියලා පුංචි හාදු තිබ්බේ සෝ ආ කොල්ලාගේ ශර්ට් එක තදින් අල්ලගත්තා
" Mmm..jimini.."
සෝ ආ සිහින් කෙදිරිල්ලක් පිට කරද්දී කොල්ලා සෝ ආගේ තොල් වලට පෙක් එකක් දීලා ඈත් වුනා කෙල්ල ඇස් හීනි කරගෙන බලාගෙන ඉදියා ජිමින් හිනා වෙලා කෙල්ලව තුරුල් කරගත්තේ සැනසීමෙන් ඒත් ඒ සතුට සැනසීම කොච්චර කාලයක් රැදිලා තියේද කියන්න දන්නේ නැ
__________________________
Soyun Pov
යුංගි මාව තුරුල් කරගෙන කොච්චර වෙලා හිටියා ද කියන්න මම දන්නේ නැ මටත් ඒ උනුසුමෙන් ඈත් වෙන්න ඕන වුනේ නැ මම හිතුවේ නැ යුංගි මෙච්චර ඉක්මනට මේ ගැන දැනගනියි කියලා ඊයේ රෑ එයා හොදටම බය වුනා මම ඒක එයාගේ ඇස් වලින් හොදටම දැක්කා
මට බ්ලඩ් කැන්සර් එකක් කියලා දැනගත්තේ england වල ඉදීද්දී නිතර නිතර උණ ගත්තා නහයෙන් ලේ ආවා හේතුවක් නැතුව මට ගොඩක් මහන්සි දැනුනා මම කොරියාවට ආවේ ටික දවසක් ඔන්නි ජිමින් ටේහ්‍යුන් කුකි ජින් ඔප්පා ජිනී එක්ක ඉදලා යන්න සමහර විට මම එයාලා දකින අන්තිම අවස්ථාව මේක වෙන්න පුලුවන් කියලා මට හිතුනේ ඒකයි මම කොරියාවට ආවේ
ඒත් කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා මම මොකද්ද කරන්න ඕන කියලා මට හිතාගන්න බැ එයාට ඕන මාව මැරි කරන්න ඒත් එයා මාව මැරි කලොත් එයාගේ ජීවිතේ විනාස වෙයි යුංගිට ලස්සන අනාගතයක් තියෙනවා මට වඩා ලස්සන හොද කෙල්ලෙක් එයාට ලැබෙන්න ඕන
යුංගි මගේ එක අතකින් අල්ලාගෙන අනිත් අතින් drive කරන ගමන් හිටියේ මම ශීට් එකට හේත්තු වෙලා යුංගි දිහා බලාගෙන ඉදියේ නලලට වැටිලා තියෙන කලු පැහැති කොන්ඩේ පුංචි දිලිසෙන ඇස් කිරි සුදු පාට කම්බුල් ලා රෝස පාට සිහින් තොල් එයා හරියට පූසෙක් වගේ යුංගි ආඩම්බරයි නපුරුයි ඒත් එයාගේ හිත හරි හොදයි ඒ වුනාට ඒක පෙන්නන්න කැමති නැ යුංගි හම්බවෙලා කෙටි කාලයක් වුනාට එයා මගේ ජීවිතේට ගොඩක් ලං වුනා මට ඕන වුනු හැමවෙලේම එයා මගේ ලග ඉදියා
යුංගි මගේ දිහා බලලා ඇහිබමක් උස්සලා ඇයි කියලා අහද්දී මම මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ඇගට දැනුනු මහන්සියට එක්ක මම ඇස් පියාගත්තා
.
.
කවුරුහරි මගේ ඔලුව අතගානවා දැනෙද්දී මම තව ටිකක් හරිබරි ගැහිලා නිදාගන්න හැදුවේ ඒත් එකපාරට මතක් වුනේ මම යුංගි එක්ක නේද හිටියේ කියලා මම ඇස් ඇරලා බලනකොට දැක්කේ වේදනාවෙන් මගේ දිහා බලාගෙන ඉන්න යුංගිව මම හිටියේ මගේ රූම් එකේ මගේ ඇදුම්නුත් මාරු කරලා
" සෝයූන් නැගිට්ටා ද "
යුංගි මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා
" කාලා බෙහෙත් බොමු ම්ම්.."
මාත් එක්ක කොයිවෙලෙත් රන්ඩු වෙන්න බලාගෙන ඉදපු කොල්ලා දැන් මාත් එක්ක සොෆ්ට් විදියට කතා කරනවා මට ඒක හරි අමුතුයි වගේ
" කලින් වගේ කතා කරන්න යුංගි "
මම එහෙම කිව්වාම යුංගි මුකුත් කිව්වේ නැ එයා මාවත් එක්කගෙන පහලට ගියා යුංගි හිටියේ මගේ අතින් අල්ලාගෙන ඒක දැකපු ටේකුක් ඩබල අපිව බයිට් කරන්න ගත්තා යුංගි නම් එයාට නෙවෙයි වගේ ඉන්නවා ඒ වුනාට මට එහෙම ඉදලා පුරුද්දක් නැ නේ මම වෙනසක් නොපෙන්වා ටේකුක් ඩබල එක්ක වලියට ගියා
යුංගි හේරා ඔම්මාට කිව්වා තව සතියකින් මාව මැරි කරනවා කියලා ඔන්නි නම් උඩින්ම කැමති වුනා හේරා ඔම්මාත් ගොඩක් සතුටු වුනා අනිත් අයත් එහෙම තමයි ඒත් මගේ හිතේ තිබුණේ ලොකු දුකක් මම කොරියාවට ආපු එක ගැන පසුතැවෙනවා මම ලොකු වැරැද්දක් කරන්නේ ඒත් මට ඒක නවත්තන්න බැ හැම පැත්තෙන්ම හිර වෙලා
අනිත් අය වෙඩින් එක ප්ලෑන් කරද්දී මම එතැනින් නැගිටලා ආවා තවත් එතැන හිටියොත් මට අනිවාර්යයෙන් ඇඩෙනවා ජීවිතේ කවදාවත් මම මෙච්චර අසරණ වෙලා නැ හැමදේම දාලා පැනලා යන්න හිතයි ඇද උඩින් වාඩිවෙලා බෙහෙත් ටිකත් අතේ තියාගෙන මගේ ජීවිතේ ගැන කල්පනා කරන ගමන් හිටියේ
" බොන්න අදහසක් නැද්ද "
ඒත් එක්කම ඇහුනු යුංගිගේ කටහඬ හින්දා මම ඔලුව උස්සලා බැලුවා ඔය ඉන්නේ ඔක්කොම කරලා හොර පූසා වගේ මගේ රූම් එකට එබීගෙන බෙහෙත් ටික බිව්වා ඒවා හරි තිත්තයි මම ඇදේ හාන්සි වුනාම යුංගි බ්ලැන්කට් එක පොරවලා එයත් බ්ලැන්කට් එක යටට ඇවිත් මාව තුරුල් කරගත්තා
" යු..යුංගි මොකද කරන්නේ "
" නිදාගන්න "
දැන් එතකොට මේ පූසා මාත් එක්ක නිදාගන්න ද හදන්නේ
" විකාර නොකියා යන්න යුංගි කවුරුහරි දැක්කොත් වැරැදියට හිතයි "
" කවුරු කොහොම හිතුවත් මට අදාළ නැ දැන් කටගහගෙන නිදාගන්න "
එහෙම කියපු යුංගි මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා
" යුංගියා.."
" ම්ම්ම් "
" ඔම්මාට කියන්නේ නැද්ද "
" මොකද්ද "
" මගේ ලෙඩේ ගැන "
" දැන්ම කියන්න ඕන නැ ඒවා හිතන්නේ නැතුව නිදාගන්න සෝයූන් "
යුංගි එහෙම කියලා මගේ ඔලුව හිමින් අතගෑවා දැනුනු සනීපයටයි බෙහෙත් වල සැරටයි මට ඉක්මනට නින්ද ගියා
☆☆☆✩✩✩✩✩☆☆☆☆☆☆☆
අප්ඩේට් පරක්කු වීම සම්බන්ධයෙන් මාගේ කනගාටුව ප්‍රකාශ කරමි ඩේලි අප්ඩේට් දෙනවා කියලා නොදී හිටියේ මම වැටිලා අත හොල්ලන්න බැරුව හිටියේ ඒ නිසයි පරක්කු වුනේ සමාවෙන්න ලමයි
මරන තර්ජන එල්ල කිරීමෙන් වලකින්න
සෝයූන් තාම පනපිටින් නේ
හෙට උදේ මම ක්ලාස් යන්න කලින් කොහොමහරි අප්ඩේට් කරන්නම්
වචන 2285
චැප්ටර් එක දිගයි ඈ පරක්කු වෙලා දුන්නත්
Bạn đang đọc truyện trên: AzTruyen.Top