🧡 33 🧡
Soo Ah pov
යුනි එකේ Assignment එකක් කර කර ඉන්නකොට ෆෝන් එක vibrate වුනු නිසා ෆෝන් එක දිහා බැලුවේ මැසේජ් එක තිබුණේ ජිමිනිගෙන් මැසේජ් එකට රිප්ලයි කරලා ෆෝන් එක පැත්තකින් තියනකොට ආපහු මැසේජ් එකක් ආවා
යාහ්හ් මෙයා එක්ක නම් බැ මට වැඩක් කියලා කිව්වාට තේරෙන්නේ නැද්ද ඔෆිස් එකේ වැඩක් නැද්ද කියලා ඇහුවාම කම්මැලියි ලු කම්මැලිම ඇති ඔය ඔෆිස් එකේ ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන ඉන්නවා ඇති කොට තාරාවා
ටිකකින් ටේ ඔප්පා ආවා කිව්වා ටේ ඔප්පා ද කෙල්ලෙක් ද කියලා ඇහුවාම රිප්ලයි නැ මම ෆෝන් එක පැත්තකින් තියලා assignment එක කරන්න හැදුවත් හිත එක තැනක නැති නිසා assignment එකත් පැත්තකට දාලා ඇදෙන් බැස්සා
ටේ ඔප්පා ද ආවේ ඇත්තටම....
යාහ්හ් සෝ ආ ඔයා ජිමින්ව සැක කරනවාද...?
සැක නොකර ඉන්නත් බැ නේ කෙනාගේ හැටියට
මම මොකද කරන්නේ...?
එයා දැන් ඉන්නේ කෙල්ලෙක් එක්ක නම්...
ඒත් ජිමින් මට එහෙම කරයි ද...?
මම ඇද උඩ තිබුණු ෆෝන් එක අරගෙන එයාගේ ෆොටෝ එකක් එවන්න කිව්වා දැන් ඉන්න විදියට ටිකකින් එයා ෆොටෝ එකක් එව්වා
හුස්ම හිර වුනේ නැති ටික විතරයි ඒ ෆොටෝ එක දැකලා යාහ්හ් he is so hot අයිෂ් මගේ හාට්ටුව පිස්සු නටනවා මාව මරන්න ද මේ මනුස්පයා හදන්නේ
මම ෆොටෝ එක දිහා බලාගෙන ඉදියා මිසක් රිප්ලයි කරන්න ගියේ නැ ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ ෆොටෝ එක දැකලා මාගේ මුලු ඇගම සීතල වෙලා ගිහින් වගේ ඉදියේ
Wait....wait...එතකොට මේ කොටා ඔෆිස් එකේ ඉන්නේ මෙහෙම ද එනවකෝ ගෙදර අද තමයි එයාගේ ඩෝල්ගේ හැටි හරියටම දැනගන්නේ හූම් ඒත් එක්කම තව ෆොටෝ එකක් එව්වා
යාහ්හ් මේ මනුස්පයාට මාව විහිලුවක් ද මට හාර්ට් ඇටෑක් හදවලා මරන්න ද හදන්නේ අයිෂ්..ඒ lips.... මට හපන්න හිතයි මාෂ්මෙලෝස් වගේ සෝස පාටයි කොල්ලෙක්ට මෙච්චර sexy වෙන්න පුලුවන් ද
මේ අවස්ථාව වන මගේ dirty mind එක උපරිමයෙන් ඇවිස්සිලා තිබුණේ මාව අවුස්සලා දැන් අහනවා ඕකේ ද කීයලා ඕකේ තමයි ටියාරා ඕකේ තමයි මට වැඩ තියෙනවා කියලා ෆෝන් එක පැත්තකින් තිබ්බා
ඒත් assignment එක කරන්න තරම් හොද මානසිකත්වයක නෙවෙයි මම හිටියේ අහිංසක මට තාරාවෙක් කරපු හදියක් ජෙයියනේ
.
Soyun Pov
යුංගි මාව ඇදගෙන mansion එක ඇතුලට ආවා එයාට ඔච්චර තරහ ගන්න දෙයක් වුනේ නැ නේ අනික මම මේකාගේ කවුරු කියලා ද
" යුංගි මොකද දරුවෝ මේ "
යුංගිගේ ඔම්මා ඇවිත් ඇහුවා මාව බේරගන්නකෝ ඔම්මේ මේකාට මොකෙද්ද යකෙක් වැහිලා
" ඔම්මා මම සෝයූන්ට කැමතියි "
මොන හු#%# ද යකෝ කියන්නේ කවදා කොහොමද කොහෙදී ද එහෙම දෙයක් වුනේ මූ ගංජා ගස් පිටින් ගිලලා ද මොන පැත්තෙන් නැගිටලා ද මන්දා පොල්ලෙන් ගහනවා වගේ කැමතියි කියනවද
හේරා ඔම්මාත් කම්ෆියුස් වෙලා වගේ යුංගි දිහා බලාගෙන ඉන්නවා අනිත් එක්කෙනා මගේ ඔන්නි යුංගි දිහායි මගේ දිහායි මාරුවෙන් මාරුවට බලනවා කුක්සන් අත කටින් වහගෙන අනියා වැරදුනා පූසෙක් මගේ මොලේ කොලොප්පම් කරලා නේ කුක්සන් කට අතින් වහගෙන හිනා වෙනවා කෝ තව මොකාද අඩු මේ ෆිල්ම් එක බලන්න සෝ බබා නැ ජිමින්වත් හිටියා නම් මාව බේරගනියි ඒත් ඒකා ෂුවර් කරන්නත් බැ උගේ සෝල්මේට් කියන කොටියාට මාව බන්දලා දෙන්න බලාගෙන හිටපු හිපාටු කොට තාර ජිමිනා නේ
එසේ නම් මේ කුරිරු ලෝකයේ මා තනිවුනා අහෝ දෙවියනි ඔබට නොපෙනේද මාගේ දුක් වේදනා සැක්
" යුංගියා ඇත්තටම ද කියන්නේ "
" යේ ඔම්මා "
" අනේ මගේ යුංගියා "
හෑ යකෝ මොකද්ද ඒ වුනේ සාමාන්‍යයෙන් වෙන්නේ පුතා කෙල්ලෙක්ට හොයාගෙන ආවාම කොල්ලාගේ ඔම්මා විරුද්ධ වෙන එක නේ ඊට පස්සේ කියනවා මම හරි මේ කෙල්ල හරි තෝරගන්න කියලා එතකොට කොල්ලා ගිරයට අහුවුනු පුවක් ගෙඩිය වගේ වෙනවා
යාහ්හ් සෝයූන් ඔයා මේ දවස්වල ඉන්දියන් ඩ්‍රාමා බැලුවා වැඩියි ඒක නිසා ඔහොම වෙලා තියෙන්නේ
" මම හිතුවේ මගේ මෝඩ පූස් පුතා හැමදාම තනියෙන් ඉදියි කියලා "
හේරා ඔම්මා යුංගිගේ මූන අතගාන ගමන් කිව්වා යුංගි හිනා වුනා ඔක්කොම කරලා හිනා වෙන ලස්සන මොන වෙඩිමක් ගැන ද සෝයූන් ඔය හිතන්නේ මෙතනින් බේරෙන්න ක්‍රමයක් හිතන්න ඔන්නි නම් මාව බල්ලෙක්ට හරි බන්දන්න බලාගෙන ඉදියේ ඒක නිසා ඔන්නි විරුද්ධ වෙන්නේ නැ කරන දෙයක් මට තනියෙන් තමයි කරන්න වෙන්නේ නැ
හාට්ටුවේ පත හිලක් කියනවා ඒක හරියන්නේ නැ ඒක හැමෝම කියන ජාත්‍යන්තර බොරුවක් නේ වෙන මොකද්ද කියන්නේ අයියූ
" ඔ...ඔන්නි.."
" මම දන්නවා මොකද්ද කියන්න හදන්නේ නේ කියලා හදවතේ පත හිලක් , වනගත වෙලා මහන වෙන්න ඉන්නේ , එක වකුගඩුවයි තියෙන්නේ , කොල්ලොන්ට කැමති නැ කෙල්ලොන්ට කැමති මේවායින් එකක් ද නැත්නම් අලුත් එකක් ද "
සැක් කියනවා කියලා ඔහොමත් කියනවා මගේ නම්බුව හේදිලා දිය වෙලා ගියා ඔන්නි කිව්වේ මාව බලන්න ආපු මනමාලයොන්ට මම කියපුවා කුක්සන් පුටුවට ගහන ගමන් හිනා වෙනවා ඒත් ඔන්නි ඔක්කොම කිව්වේ නැ
" ඇයි අර මල් වාස් එකෙන් ගහලා පන්නපු ජීවියා "
" සෝයූන් තමුසෙට තමයි මල් වාස් එකෙන් ගහන්නේ "
ඉතින් මම වැරැදි දෙයක් කිව්වා ද නැ නේ නිකන් බොරුවට ගිරිය කඩාගෙන කෑගහන්නේ ජින් ඔප්පාත් එහෙමයි නේ ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව කියලා කවුද කාටද කියනවා ඇහුනා
" ඔම්මා අපි ඉක්මනට වෙඩින් එක කරමු "
කවුරුහරි මට කියන්න මගේ ද වෙඩින් එක ඔන්නිගෙද කියලා wait.. මගේ වෙඩින් එක යාහ්හ් නෝ මම මැරි කරන්නේ නැ කිව්වොත් නෑම තමයි ඕන නම් ඔන්නි බැදගන්නේ නැතෑ
" ඔන්නි..."
" සෝයූන් එක වචනයක් කියන්න එපා තමුසේ යුංගිව මැරි කරනවා එච්චරයි "
මොන සෙද්දක් ද යකෝ මේ මට කතා කරන්න දෙන්නේම නැ මේක මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මට නඩුවක් දාන්න පුලුවන්
" සේරි සෝයූන්ට කතා කරන්න අවස්ථාවක් දුන්නොත් හොදයි "
අන්න ඉතින් ඔම්මාට විතරයි තේරුනේ
" අනියා ඔම්මා මම සෝයූන් ගැන දන්නවා කට ඇරියොත් කොහේහරි තියෙන බොරුවක් කියනවා "
මොහ්.....එතකොට මාව බොරුකාරියක් ගානට දැම්මා ද මරු අෆ්ෆා ඔච්චරයි අඩුවට තිබ්බේ තවත් ඕවා අහගෙන ඉන්න බැරි නිසා මම රූම් එකට ආවා
මෙහෙම කියලා හරි යන්නේ නැ වෙඩින් එක දවසට පැනලා යනවා එතකොට ඔන්නි යුංගිව බැදගන්නේ නැතෑ මොන වෙඩිමක් ද මට වද දෙන්නේ
බෑග් එකත් ඇද උඩට විසි කරලා කොන්ඩේ අවුල් කරගෙන අඩාගෙන බිම වාඩිවුනේ මට ලොකු අසරණකමක් දැනෙද්දී මොනා කරන්න ද කියලා හිතාගන්න බැ යුංගිට පිස්සු ද මාත් එක්ක නයි වෛරයෙන් ඉදලා ඔලුවට හෙනයක් ගැහුවා වගේ කැමතියි කියන්නේ
මට ඔයාව මැරි කරන්න බැ යුංගි ඇයි දෙවියනේ ඒක එයාට තේරෙන්නේ නැත්තේ ඇයි අලුතින් බැදීමක් ඇති කරගන්න මට ඕන නැ හැමෝම මාව මෙච්චර අසරණ කරන්නේ....?
මම ඇඩුවා නෙවෙයි ඇඩුනා මාව ඇයි කාටවත් තේරුම් ගන්න බැරි කකුල් දෙක අස්සේ ඔලුව තියාගෙන හිටියේ මොනවා කරන්න ද කියලා හිතාගන්න බැරුව
.
Author Pov
ජිමින් හවස් වෙලා එනකොට කෙල්ල ඇද උඩට වෙලා ලොකු වැඩක් එක අතකින් ලියන ගමන් අනිත් අතින් ලග ඉන්න පූසාගේ ඔලුව අතගෑවා ජිමින්ට ඒක දැකලා ටිකක් ඉරිසියා හිතුනා ටිකක් කියන්නේ ටිකක් ඈ
",ඩෝල්.."
ජිමින් කතා කලත් කෙල්ල නෑහුනු ගානට වැඩ කොල්ලා ටික වෙලාවක් සෝ ආ දිහා බලාගෙන ඉදලා ටයි එකත් ගලවලා දාලා බාත් රූම් එකට ගියා කොල්ලා බාත් රූම් එකට යනකම් පොත දිහා බලාගෙන ඉදපු සෝ ආ ඔලුව උස්සලා කට කොනින් හිනා වුනා
" අපි බලාගමු පාර්ක් ජිමින් "
කෙල්ල එහෙම මුමුනලා පොත් ටිකත් ටේබල් එක උඩින් තියලා අත් දෙකේ හිරි ඇරියා ටිකකින් ජිමින් ටවල් එකත් ඇදගෙන කොන්ඩේ අතින් ගසන ගමන් බාත් රූම් එකෙන් එලියට එනකොට කොල්ලාව ඇදලා අරගෙන බිත්තියට හිර කරගත්තා කොල්ලා ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉදියේ එයාව බිත්තියට තද කරගෙන ඉන්න සෝ ආ දිහා
" ඩෝල්...."
කොල්ලාට කියන්න හම්බුනේ එච්චරයි කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සුනු සෝ ආ ජිමින්ගේ තොල් වලට බර වුනේ කොල්ලාගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී මොකද ජිමින් කෙල්ලගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නැ
ජිමින්ගේ තොල් අතරේ කෙල්ල එයාගේ තොල් සොෆ්ට් විදියට එහෙ මෙහෙ කලේ කොල්ලා සෝ ආගේ ඉන වටේ අතක් යවලා ලං කරගත්තා කිස් එක එයාගේ පාලයෙන් ගිලිහෙනවා කියලා දැනුනු සෝ ආ ජිමින්ගේ යටි තොල හපන්න ගත්තේ කිස් එක මැද්දේ කොල්ලාගේ කටින් සිහින් කෙදිරිල්ලක් පිට කරද්දී සෝ ආට ඇති වෙනකම් එයාගේ මාෂ්මෙලෝස් හපලා ජිමින්ගේ තොල් වලින් ඈත් වුනා
" මිස්ටර් පාර්ක් ජිමින් තමුසේ මොකද්ද දවල් කලේ "
ජිමින්ගේ යටි තොල රතු පාට වෙලා චෙරි ගෙඩියක් වගේ වෙලා කෙල්ල ජිමින්ගේ යටි තොල දිහා බලාගෙන ඉදලා රවාගෙන ඇහුවා
" ඩෝල්... "
" තමුසේ දවල් නැටුවේ කාත් එක්ක ද "
" මොහ්...."
" අහපු දේට උත්තර දෙනවා "
", කාත් එක්කවත් නැ ඩෝල් මාව විශ්වාස නැද්ද "
" විශ්වාස කරන්න පුලුවන් වැඩ නේ කරලා තියෙන්නේ "
සෝ ආ රවාගෙන කිව්වා
" ඒ ඉස්සර නේ ඩෝල් දැන් මට ඉන්නේ hot sexy cute doll කෙනෙක් "
ජිමින් කෙල්ලව අනිත් පැත්ත හරවලා එයාගේ නිරුවත් පපුවට තුරුල් කරගන්න ගමන් කිව්වා
" යාහ්හ් ජිමිනි.."
සෝ ආ කෑගහද්දී ජිමින් කෙල්ලගේ උරහිසට පුංචි හාදුවක් තිබ්බේ සෝ ආ උරහිස් අකුලවද්දී
" ඩෝල් හෙට party එකක් තියෙනවා ඔයාත් එකක් යන්න ඕන "
" මම....?"
" යේ...ඔයා පාර්ක් ජිමින්ගේ වයිෆ් ඉතින් ඔයාත් මාත් එක්ක යන්න ඕන "
" ඕහ්....මම වැරදි වෙලාවක වගේ ඇවිත් තියෙන්නේ "
රූම් එකට එබුනු ජන්කූක් කිව්වා සෝ ආ ජිමින්ගෙන් ඈත් වෙන්න හැදුවත් කොල්ලා ඈත් වෙන්න දුන්නේ නැ
" තෝ මොනාද මෙතන කරන්නේ "
" ජින් හියුන්ග් කන්න පහලට එන්න කිව්වා කමක් නැ මම ජින් හියුන්ග්ට කියන්නම් ජිමින් හියුන්ග් සෝ එක්ක ලොකු වැඩක් කියලා සොරි වෙන්න ඕන disturb කලාට continue කරගෙන යන්න හියුන්ග් "
ජන්කූක් එකදිගට කියාගෙන ගිහින් හෙනම කුප්ප හිනාවක් දාලා යන්න ගියා
" කුක්කා ගිහින් දැන් රොයිටර් පුවත්පත් සේවය වගේ ඔක්කොටම කියයි "
සෝ ආ කොල්ලාගෙන් ඈත් වෙලා කිව්වා
" ඉතින් මොකෝ මම තුරුල් කරගෙන හිටියේ මගේ වයිෆ්ව වෙන කෙනෙක්ව නෙවෙයි නේ "
ජිමින් එහෙම කියලා ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරගෙන සෝ ආ ඉස්සරහම ටවල් එක ගැලෙව්වේ කෙල්ල කෑගහගෙන අනිත් පැත්ත හැරිලා අත් දෙකෙන් ඇස් දෙකත් වහගත්තා කොල්ලා හිනා වෙවී ඇදුම් ඇදගෙන කෙල්ලගේ ඇස් වහගෙන ඉදපු අත් දෙක අයින් කලා
" මොකද කවදාවත් නොදැකපු දෙයක් වගේ හැසිරෙන්නේ "
" යාහ්හ් "
කොල්ලා හිනා වෙවී සෝ ආගේ අතින් ඇදගෙන පහලට ගියා ඔක්කොම එකතු වෙලා සෝමින් කපල් එකට විහිලු කරන්න පටන් ගත්තා
" සෝයූන්..."
ටේහ්‍යුන් කතා කලේ නිහඩව ඉන්න සෝයූන්ට
" වේ..."
" හෙට පාටි එකට මගේ partner විදියට එනවකෝ "
" තමුසේ මෙච්චර කල් තනියෙන් නේ ගියේ හෙටත් තනියෙන් යනවා "
සෝයූන් ගත්කටටම කියලා දැම්මේ පොල්ලෙන් ගැහුවා වගේ
" එතකොට ජිමින් තනිකඩයි නේ දැන් එහෙම නෙවෙයි නේ ඕයි පොඩ්ඩක් තේරුම් ගන්නවකෝ "
" එහෙනම් ජන්කූක් එක්ක යන්න "
" ඊට වඩා හොදයි තනියෙන් යනවා "
ටේහ්‍යුන් හිමින් කිව්වත් ඒක ජන්කූක්ට ඇහුනා කොල්ලා ගෑරුප්පුවෙන් ටේහ්‍යුන්ට ඇන්නේ මුලු සෞරග්‍රහ මණ්ඩලයම මැවිලා පෙනෙද්දී
" ආව්...පොඩි එකෝ "
ටේහ්‍යුන් පශ්චාත් භාගේ අතගාන ගමන් කිව්වේ ජන්කූක් නම් තමන්ට නෙවෙයි වගේ ඉන්නවා
" තමුසේ එන්නේ නැද්ද කියනවකෝ "
" හරි එන්නම් "
සෝයූන් එහෙම කියද්දී ටේහ්‍යුන් කෙල්ලට flying kiss එකක් දුන්නා
" ටේ දැන් එයා මැරි කරන්න ඉන්න කෙල්ලෙක් හරි ද "
සේරි කිව්වාම ටේහ්‍යුන්ට හුස්ම ගන්නත් අමතක වුනා
" කවුද යකෝ ඒ අවාසනාවන්ත පිස්සු ඩයල් එක "
" මගේ පූස් පුතා "
හේරා කියද්දී ටේමින් ඩබලයි සෝ ආයි යුංගි දිහා බැලුවා
" යුංගි හියුන්ග් ලොකු වරදක් තමා කරනවා "
ටේහ්‍යුන් කිව්වා
" මම හිතුවේ නැ හියුන්ග් ඔයා මේ වගේ තීරණයක් ගනියි කියලා මේක තනිකර මැන්ටලයක් "
ජිමින් කිව්වා සෝයූන් නැගිටලා එතැනින් යන්න ගියා
" හියුන්ග් අපි විහිලුවට සෝයූන් අවුස්සන්න කිව්වේ කෙල්ල පෙන්නන්න තරම් නපුරු නැ එයා හරි අහිංසකයි අනික ඉක්මනට එයාට දුක හිතෙනවා හියුන්ග් "
ජිමින් හිනා වෙලා කිව්වා
" අනික සෝයූන්ට ඉක්මනට කේන්ති යනවා එයා කේන්තිය පාලනය කරගෙන ඉන්නේ එයාගේ පේෂන්ස්ලා ඉස්සරහ විතරයි සෝයූන් පොඩි ලමයෙක් වගේ හියුන්ග් එයා ඉන්න තැන සතුටින් පුරවන්න දන්නවා යුංගි හියුන්ග් ගත්ත හොද තීරණයක් "
ටේහ්‍යුන් කිව්වාම යුංගි ටේමින් ඩබල දිහා මාරුවෙන් මාරුවට බැලුවා
" උබලා කොහොමද ඔච්චර විස්තර දන්නේ "
" අයියූ යුංගි හියුන්ග් ජිමින් හියුන්ග් ටේ හියුන්ග් සෝයූන් නූනා එක වයසේ ජින් හියුන්ග් සේරි නූනා මැරි කරපු කාලේ ඉදලා තුන් දෙනා ගොඩක් වෙලාවට එකට ඉදියේ "
යුංගි අහපු ප්‍රශ්නෙට ජන්කූක් උත්තර දුන්නා
" හියුන්ග් මොනාද හිතුවේ "
ජිමින් ඇහුවේ හිනා වෙන ගමන්
" හියුන්ග් හිතන්න ඇති අපි threesome කියලා "
ටේහ්‍යුන් එහෙම කියලා හිනා වෙනකොට අනිත් අයත් හිනා වුනා
" මං එහෙම සෙද්දක් හිතුවේ නැ "
යුංගි මූන අකුලගෙන කිව්වේ කස්ටියගේ හිනාව වැඩි වෙද්දී
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
👀🌝🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top