🧡 31 🧡

Dinner එක අරගෙන රූම් එකට ආපු ජිමින් මූනත් අහක බලාගෙන ගහපු රොටියක් වගේ කරගෙන ඇදට වෙලා හිටියේ කොල්ලා කල්පනා කරන්නේ පූසන් පන්නන ක්‍රමයක් සෝ ආ දැන් ජිමින්ව ගනන් ගන්නේ නැති තරම් කොල්ලා සෝ ආට කිට්ටු වෙන්න හදනකොට පූසා මැද්දට පනිනවා ඉස්සර වගේ දැන් සෝ ආ ජිමින්ට තුරුල් වෙලා නිදාගන්නෙත් නැ ජිමින් ඇද උඩ තිබුණු එයා සෝ ආට ගෙනත් දීපු ටෙඩියා ලගට අරගත්තා

අයිෂ් මේ පූස් තඩියා...... පුදුම වදයක් නේ තියෙන්නේ ටෙඩියෝ දැන් ඔයාව ගනන් ගන්නෙත් නැ

යුංගි හියුන්ග්ට පූසාව සෙට් කලා නම් ඉවරයි..

ඒත් හියුන්ග් gay ද....?

හියුන්ග් gay නම් මොකටද ජිමිනෝ හේරා ඔම්මා හියුන්ග්ට කෙල්ලෝ හොයන්නේ....?

පූසාව විසි කරලා දානව හන් ගගට

කොහෙද ඉන්න පූසෙක් හින්දා තමන්ගේ හස්බන්ව අමතක කලා

රූම් එකේ දොර ඇරෙන සද්දෙට ජිමින් ටෙඩියා විසික් කරලා ඇදේ තිබුණු ලැප් එක අරගත්තා සෝ ආ දොර ඇරගෙන රූම් එකට ආවා සෝ ආගේ පිටිපස්සෙන් පූසාත් ආවා ජිමින් ඇස් කොනින් බලාගෙන ඉදියා dressing table එක ලගට ගිහින් බන් එකක් ගහගෙන හිටපු කොන්ඩේ කඩලා දැම්මා කෙල්ල අත් දෙකෙන් කොන්ඩේ අවුස්සද්දී ජිමින් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා  සෝ ආ mirror එකෙන් දැක්කා කෙල්ල හැබැයි හැරිලා ජිමින් දිහා බලනකොට කොල්ලා ලැප් එක දිහා බලාගෙන ලොකු වැඩක් වගේ ඉන්නවා කෙල්ලගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනේ ජිමින්ගේ වැඩ වලට

කෙල්ල පිජාමා එකත් ඇදගෙන ඇවිත් පූසාව එක්කගෙන ගිහින් couch එකෙන් තිබ්බා

" හොදට නිදාගන්න ස්නිකිටී.."

සෝ ආ එහෙම කියලා පූසාගේ ඔලුවට පොඩි තට්ටුවක් දාලා ඇවිත් ඇදට නැග්ගා ටික වෙලාවක් ජිමින් දිහා බලාගෙන ඉදපු කෙල්ල ලැප් එක වහලා පැත්තකින් තියලා කොල්ලාට ලං වුනා

" මට වැඩ තියෙනවා ඩෝල් ලැප් එක දෙන්න "

ජිමින් එහෙම කිව්වාම කෙල්ල කොල්ලාගේ පැත්තට හැරිලා හරිබරි ගැහිලා වාඩිවුනා

" බොරු..."

කෙල්ල රවාගෙන කිව්වා

" දැන් ද මාව මතක් වෙන්නේ ඩෝල් ස්නිකිටියෙක් ද බොස්නිකිටියෙක් ද කියලා කොහෙද ඉදපු බලල් තඩියෙක් උස්සගෙන ඇවිත් මාව මතකවත් නැ "

ජිමින් කිව්වාම පූසා කෑගැහුවේ මගේ නම හරියට කියපන් කියන්න වගේ

" උබ කට වහගෙන හිටියේ නැත්නම් මම යුංගි හියුන්ග්ට තෝව බන්දලා දෙනවා මගේ දේවල් මම වෙන උන් එක්ක බෙදාගන්න කැමති නැ කියලා ඌට කියන්න ඩෝල් "

පොඩි ලමයෙක් එයාගේ සෙල්ලම් බඩුවකට අයිතිය කියනවා වගේ ජිමින් එයාගේ ඩෝල් අයිතිවාසිකම් කිව්වා සෝ ආට කොල්ලාගේ වැඩ දැකලා හිනා ගියත් කෙල්ල හිනාව කාගෙන හිටියේ දැන් හිනා වුනොත් කන්න වෙයි කියලා මොලය කිව්ව හින්දා

ඕමෝ..... මිස්ටර් පාර්ක් ජිමින්ට ජෙලස් ද....?

ඒකත් පූසෙක් එක්ක...

මහ පුදුම පිස්සු කොල්ලෙක් නේ ඉස්සර නම් යකා වගේ හිටියේ දැන් කියලා සාන්ත දාන්ත තීන්ත කුප්පිය නෙවෙයි හිටපු ගමන් යකා වැහෙනවා ඒත් මං ලගදී එයා හරි වෙනස් හරියට පොඩි දරුවෙක් වගේ මගේ කියුට් ජිමිනි

සෝ ආ එහෙම හිතලා ඇද උඩ දන ගහලා ජිමින්ගේ මූන අත් දෙකට අරගෙන කොල්ලාගේ නලලට හාදුවක් තැවරුවා සෝ ආගේ තොල් වලට ස්පර්ශය නිසා කොල්ලාගේ ඇස් ඉබේම පියවුනා

" ජිමිනි.. අහන්නකෝ ඔයා දැන් ස්නිකිටීට ඉරිසියා කරන එක නවත්තන්න මම ඔයාගේ ඩෝල් ඒක වෙනස් වෙන්නේ නැ ඉතින් මගේ කියුට් මෝචියෝ ස්නිකිටී එක්ක දැන් යාලු වෙන්න හොද ලමයා වගේ "

සෝ ආ පොඩි දරුවෙක්ට කියලා දෙනවා වගේ ජිමින්ට කිව්වා කොල්ලා සෝ ආගේ ඉන වටේ අත් දෙක යවලා කෙල්ලගේ පපුවේ මූන හංගගත්තා

" මට බැ ඌ මගේ soft pillows ඇල්ලුවා මට අයිති දේවල් වෙන උන් අල්ලනවාට කැමති නැ ",

ජිමින් කිව්වේ සෝ ආගේ boobs අල්ලන ගමන් කෙල්ල ජිමින්ගේ අත් දෙකට ගැහුවා

" ගුටි දෙන්නේ හරි ද යනවා ගිහින් ස්නිකිටී එක්ක යාලු වෙන්න "

සෝ ආ අතකුත් උස්සගෙන කිව්වේ ජිමින් යටි තොලත් පිට පෙරලගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

ඔයා ඇයි ජිමිනි මෙච්චර කියුට් මට හපලා හපලා ගිලින්න හිතෙනවා

සෝ ආ කොල්ලාගේ කියුට් මූන දිහා බලාගෙන හිතුවා

",දැන් මොකද මගේ දිහා බලාගෙන ඉන්නේ යනවා ජිමිනි ස්නිකිටී එක්ක යාලු වෙනවා "

කෙල්ල කෑගහනකොට ජිමින් මූනත් අකුලගෙන පූසා ලගට ගියා පූසා වාඩිවෙලා ගැම්මෙන් ජිමින් දිහා බලාගෙන ඉන්නවා ජිමින් හැරිලා කෙල්ල දිහා බලනකොට සෝ ආ අත් දෙකත් බැදගෙන බලාගෙන ඉන්නවා

" හායි ස්නිකිටී මම පාර්ක් ජිමින්.. "

ජිමින් එහෙම කියලා පූසාව අත දික් කලා හැබැයි පූසා අහක බලාගත්තා

" ස්නිකිටී...."

සෝ ආ ටිකක් තදින් කතා කරද්දී පූසා ජිමින්ට අත දික් කලේ අහක බලාගෙන

" ඔහොම ඉන්න ඕන දෙන්නා හරි ද රන්ඩු වෙන්න බැ ස්නිකිටී දැන් නිදාගන්න ජිමිනි එන්න මගේ ලගට "

කොල්ලා පූසාට දිව දික් කරලා දුවගෙන ඇවිත් ඇදට පැන්නා සෝ ආට කොල්ලාගේ වැඩ වලට හිනා සෝ ඇදට නැග්ගාම ජිමින් කෙල්ලගේ පපුව අස්සේ මූන හංගගත්තා කෙල්ල දෙන්නාම වැහෙන්න බ්ලැන්කට් එක පෙරෙව්වා

තමන්ට තුරුල් වෙලා නිදාගෙන ඉන්න එයාගේ කියුට් හස්බන් දිහා සෝ ආ බලාගෙන හිටියේ ආදරෙන් කොල්ලාගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ ඇගිලි තුඩු වලින් අයින් කලා

" කුමාවෝ ජිමිනි මගේ ජීවිතේට වසන්තය ගෙනාවාට "

" කුමාවෝ එපා.."

ජිමින් එකපාරට කියද්දී කෙල්ල ගැස්සිලා ගියා සෝ ආ හිතුවේ නැ ජිමින්ට ඇහෙන්න ඇති කියලා

" මගේ ලගින් හැමදාම ඉන්න ඩෝල් මගේ ජීවිතේ ආදරෙන් පුරවන්න මට ඒ ඇති "

කොල්ලා එහෙම කියද්දී සෝ ආ ජිමින්ව එයාගේ පපුවට තුරුල් කරගත්තා

" මම ඔයාගේ ලගින් හැමදාම ඉන්නවා ජිමිනි මම ඔයාගේ ඩෝල් නේ "

සෝ ආ එහෙම කිව්වාම ජිමින්ගේ මුහුනේ ලස්සන හිනාවක් රැදුනා ඔම්මාගේ උනුසුමට තුරුල් වෙන පොඩි දරුවෙක් වගේ සෝ ආට තුරුල් වුනා

" ම්ම්ම් සුවදයි ඩෝල්.."

ජිමින් එහෙම කිව්වාම සෝ ආ කොල්ලාගේ ඔලුව අතගෑවා

.
Next Day Morning

උදේ සෝමින් නැගිට්ටේ අහස පොලොව දෙදෙරා යන සද්දයක් ඇහුනු නිසා

" යාහ්හ් කිම් නම්ජූන් තමුසේ ඇවිත් විනාඩි කීයද ඒ ටිකට මගේ මල් වාස් එකත් බින්දා තමුසේ දන්නවා ද මේක මට දුන්නේ මගේ කිරි හැල්මොනී සේරි මැරි කරලා එනකොට මේක අපේ පාරම්පරික කෞතුක භාන්ඩයක් හරකෝ තමුසේ ඒකත් කෑවා තමුසෙගේ ඔම්මා මොනාද කන්න දුන්නේ "

සෝ ආ ඔලුව කසන ගමන් කල්පනා කරනවා ජින් බනින්නේ කාට ද කියලා ජිමින් හිනා වෙනවා

" මොකද හිනා වෙන්නේ "

" නම්ජූන් හියුන්ග් ඇවිත් වගේ "

" ඒ කවුද "

" අපේ ජින් හියුන්ග්ගේ යාලුවෙක් "

කොල්ලා එහෙම කියලා සෝ ආගේ කොන්ඩේ හදලා කෙල්ල එක්කගෙන පහලට ගියා ඒත් එක්කම ඔලුව කස කස ආපු සෝයූන් ලග හිටපු යුංගිට හේත්තුවක් දාගෙන නිදි

" හියුන්ග්ට අලුතින් වාස් එකක් ගෙනත් දෙන්නම් "

නම්ජූන් අහිංසක විදියට කිව්වා

" තොගේ මොලේ තියෙන්නේ කොහෙද යකෝ මේක අපේ පාරම්පරික භාන්ඩයක් කියලා මම කිව්වා තොට අලුතින් ගෙනත් දුන්නාම ඒක පාරම්පරික භාන්ඩයක් වෙනවා ද හිපාටුවෝ "

" ඉතින් හියුන්ග් ජිනී මැරි කරන දවසට මම ගෙනත් දෙන මල් වාස් එක දෙන්න එතකොට පාරම්පරික කෞතුක භාන්ඩයක් "

" තොට මම......."

ජින් අතේ තිබුණු සෝස්පන් එකෙන් නම්ජූන්ගේ ඔලුවටම නෙලන්න හදනකොට සේරි මැදින් පැනලා ජින්ව අල්ලගත්තා

" ජින් කූල් බේබි "

" කූල්.....අද මම මූව කූල් කරනවා "

" හියුන්ග් හිතලා කරපු දෙයක් නෙවෙයි "

" තමුසේ කවද්ද හිතලා දෙයක් කලේ "

ජින් එහෙම කියලා සේරිව ඈත් කරලා කිචන් එක පැත්තට ගියේ නම්ජූන්ගේ හත්මුතු පරම්පරාව මතක් කරන ගමන්

" හායි සෝයූන් "

" හායි බබාහ් "

සෝයූන් නිදිමතේ යුංගිට හේත්තු වෙලා කියවනවා

" ඕයි නැගිටිනවා "

යුංගි ඇගිල්ලෙන් සෝයූන්ගේ ඔලුව තල්ලු කරන ගමන් කිව්වේ සෝයූන් අනිත් පැත්තට යුංගිව බදාගත්තා අනිත් අය හිනා වෙනවා යුංගිගේ මූන දැකලා ඇත්ත වශයෙන්ම පැවසුවොත් කොල්ලා බය වෙලා වුන්නේ

" සෝයූන් නැගිට්ටුවොත් හොද නැද්ද නැත්නම් අපේ යුංගි හියුන්ග් ප්‍රසිද්ධියේ රේප් කරයි "

ටේහ්‍යුන් කිව්වා

" යුංගි හියුන්ග්ට මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැ අපේ හාමුදුරුවනේ "

හෝසොක් කිව්වේ කිඹුල් කදුලු පිහිදන ගමන්

",අන්තිමේ දී එහෙනම් මගේ පූස් පුතාටත් මල් සරා පරක්කු වෙලා හරි විද්දා nice view "

හේරා කිව්වා

" ඕයි එහාට වෙයන් සෝයූන්.."

යුංගි සෝයූන්ව තල්ලු කරන්න හදන ගමන් කිව්වේ සෝයූන් ඒත් ඈත් වෙන්නේ නැ ගැරඩියා වගේ යුංගිගේ ඇගේ වෙලිලා

" තොපි හිනා වෙන්නේ මාව බේරගනින් යකුනේ "

යුංගිට තමන්ගේ පූස් ජීවිතේ ගැන සාධාරණ බයක් ඇති වුනු නිසා කෑගැහුවා

" සෝයූන් නැගිටපන් තෝ ඊයේ නිදාගත්තේ නැද්ද '

ජිමින් සෝයූන්ව යුංගිගෙන් ඈත් කරන ගමන් ඇහුවා

" වේ...."

කෙල්ල දැන් තමයි හරි සිහියට ආවේ මෙච්චර වෙලා හිටියේ නිදිමරගාතේ නේ

" තව පොඩ්ඩෙන් සෝයූන් නූනා අතින් අපේ පූස් හියුන්ග් අතවරයකට ලක් වෙනවා "

ජන්කූක් එහෙම කියලා හිනා වුනා සෝයූන් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදියේ ඒ මොකද්ද කිව්වේ කියලා සෝයූන් ජිමින් දිහා බැලුවේ ජන්කූක් කිව්ව දේ තේරුම අහන්න වගේ

" තමුසේ යුංගි හියුන්ග් බදාගෙන මෙතන නිදි "

සෝයූන් ඔලුව කසන ගමන් යුංගිගේ දිහාට හැරුනා

" මියානේ..."

සෝයූන් එහෙම කියලා දුවලා ගියා

" මම හිතුවේ කෑගහලා මෙතන දෙක කරයි කියලා "

නම්ජූන් එහෙම කිව්වා ටේහ්‍යුන් ඔෆිස් යන්න පරක්කු වෙනවා කියලා ගියා එතකොට තමයි නම්ජූන් දැක්කේ පඩිපෙළ ලග ඉන්න සෝ ආ ව

" මේ සෝ ආ මම හරි නේ "

නම්ජූන් සෝ ආ දිහා බලලා කියද්දී කෙල්ල ඔලුව වැනුවා

" මම කිම් නම්ජූන් මට ජූන් ඔප්පා කියන්න "

" හරි ඔප්පා "

නම්ජූන් සෝ ආගේ කොන්ඩේ අවුස්සලා ඇතුලට ගියා ජිමින් ඔෆිස් යන්න පරක්කු වෙන නිසා සෝ ආ එක්කගෙන ඇතුලට ගියා

" සෝයූන් හොද කෙල්ල..."

හේරා යුංගිට එහෙම කියලා ගියා

" මොහ්.....ඔම්මා "

යුංගි කෑගහනකොට හේරා ගිහින් ඉවරයි

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

සෑම සතියකම අගහරුවාදා සහ සෙනසුරාදා යන දෙදින අප්ඩේට් දීම සිදු වේ

අලුත් කතාවක්..
කැමති අය කියවලා බලන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top