🧡 29 🧡
උදේ ඇහැරෙනකොට ජිමින් දැක්ක දේ නිසා කොල්ලාට යක්ෂයා ආරූඪ වෙන්න වැඩි වෙලාවක් නැ වෙන මොකටවත් නෙවෙයි පූස් පැටියා ඇවිත් සෝ ආට තුරුල් වෙලා නිදි
මම මේ පූසාව විසි කරලා දානවා හොයාගන්න බැරී වෙන්න ඩෝල්ට පූසා හම්බුනා විතරයි මාව මතක නැ
ජිමින් එහෙම හිතන ගමන් පූසාව ඇදෙන් තල්ලු කරන්න යද්දී සෝ ආ ඇහැරුනා කොල්ලා කවදාවත් නැති විදියට අහිංසක හිනාවක් දැම්මා
" ගුඩ් මෝනින් ජිමිනි.."
" ගුඩ් මෝනින් ඩෝල් "
ජිමින් එහෙම කියාගෙන ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගියේ පූස් සංහතියම ආදරයෙන් මතක් කරන ගමන් සෝ ආ පූසාව අරගෙන සෝෆා එකෙන් තියලා ඇද අස් කරනකොට ජිමින් බාත් රූම් එකෙන් ආවා හැබැයි කෙල්ලව සත පහකට ගනන් ගත්තේ නැ කෙල්ල කියලා ජිමින්ට දෙවැනි වුනේ නැ කොල්ලාව ගන්න නොගෙන ක්ලෝසෙට් එකෙන් ඇදුම් අරගෙන බාත් රූම් එකට ගියා
ජිමින් පූසාට ගේමක් දෙන්නම් කියලා හිතාගෙන රෙඩි වෙලා පහලට ගියේ ඔෆිස් යන්න පරක්කු වෙන හින්දා සෝ ආ පූස් පැටියා අරගෙන ටිකකින් පහලට ආවා
" ඉන්න තඩි පූස් නාම්බා මදිවට තව එකෙක් "
හේරා කිව්වේ සෝ ආගේ අතේ ඉන්න පූස් පැටියා දිහා බලාගෙන අනිත් ඔක්කොම හිනා වුනා සෝ ආ පූස් පැටියා උකුලේ තියාගෙන වාඩිවුනා ජිමින් කෙල්ලගේ ලගින් වාඩි වුනේ පූසාට රවන ගමන් පූසා සෝ ආගේ උකුලේ සැපට වාඩිවෙලා ඇග සෝදනවා
" සෝ මෙයාට නමක් තිබ්බා ද "
ජන්කූක් පූසාව අතගාන ගමන් ඇහුවා
" අනියා කුක්කෝ "
ඔය පූස් නාම්බෙක්ට නමක් හොයනවාට වඩා මගේ දරුවෙක්ට නමක් හිතුවා නම් මොකද්ද වෙන්නේ
ජිමින් හිතුවේ ජන්කූක්ට රවන ගමන් එතකොට යුංගි කොන්ඩේ අතින් අවුල් කරගන්න ගමන් ඇවිත් වාඩිවුනා කොල්ලා දිහා බලපු හේරා දැම්ම හිනාව නිසා යුංගි පොඩ්ඩක් ගැස්සුනා ඒ හිනාව එච්චර හොද නැ කියලා කොල්ලාට හිතුනේ අ
" අපි පූසාට යුංගි කියමු "
මෙච්චර වෙලා නිහඩව හිටපු ටේහ්‍යුන් කියද්දී යුංගි බැලුවේ මොන වෙඩිම් පූසෙක් ගැන ද කියන්නේ වගේ
" මේ ඉන්නේ හියුන්ග් යුංගි "
ජන්කූක් සෝ ආගේ උකුලේ ඉදපු පූසාව ඇදලා අරගෙන යුංගිට පෙන්නුවා
" උබලා දෙන්නාට දත් නැතුව කන්න ඕන ද "
යුංගි රවාගෙන ටේකුක් දිහා බලාගෙන කිව්වා
' එහෙම ආසාවක් නැ හියුන්ග් ඇති වුනොත් කියන්නම් "
ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව දාලා කිව්වා ඔය වෙලේ තමයි සෝයූන් ආවේ කෙල්ල ඇවිත් dinning table එකේ වාඩිවෙලා ඔලුව ටේබල් එක උඩින් තියාගෙන නිදි යුංගිට ආපු කුරිරු අදහසක් නිසා කොල්ලා මේසේ යටින් කකුල දාලා සෝයූන්ගේ කකුල පිරිමදින්න ගත්තා කෙල්ල එකපාරට ගැස්සිලා ගිහින් ඔලුව ඉස්සුවා සෝයූන් යුංගි දිහා බැලුවාම කට කොනින් හිනා වෙලා එයා නෙවෙයි වගේ ඉන්නවා
මූට අසහනේ ද....? හිටපන්කෝ දෙන්න අද
සෝයූන් එහෙම හිතලා මේසේ උඩ තිබුණු හැන්දක් බිමට දැම්මා හැන්ද ගන්න විදියට බිම පහත් වුනු සෝයූන් යුංගිගේ කකුල කෙනිත්තුවා
" ආව්....."
කෙල්ලගේ අතේ නියපොතු හින්දා යුංගිට රිදුනා කොල්ලා එකපාරට කෑගැහුව නිසා හැමෝගෙම අවධානය එයාගේ පැත්තට ආවා සෝයූන් හැන්දත් අහුලගෙන ටේබල් එක උඩින් තියලා අත් දෙකත් බැදගෙන පුටුවට හේත්තු වුනා
" මොකද හියුන්ග් කෑගැහුවේ "
ජිමින් ඇහුවා
" මුකුත් නැ "
" නිකන් කෑගහන්න උබට පිස්සු ද "
හෝසොක් ඇහුවා යුංගි මුකුත් නොකියා සෝයූන්ට රැව්වා ඒත් කෙල්ල සතපහකට ගනන් ගත්තේ නැ
" සෝයූන් නූනා සෝගේ පූස්ට නමක් "
ජන්කූක් හා පැටියෙක් වගේ තොල් දෙකත් පිට පෙරලගෙන අහද්දී සෝයූන් කොල්ලාගේ කම්බුල් මිරිකුවා
" පූෂෙක්ට නේ "
සෝයූන් එහෙම කියලා කට ඇද කරගෙන කල්පනා කරන්න ගත්තා
" ස්නිකිටී.. ඒක හොදයි නේ "
සෝයූන් ඇහුවේ ජන්කූක් දිහා බලාගෙන
" සෝ ඒක හොදයි නේ "
" යේ....."
" හරි හරි දැන් කතා ඇති ලමයි කන්න මම ජිනීව බලලා එන්නම් "
ඔක්කොම කෑම මේසේ උඩින් තියලා සේරි කිව්වා
" සේරි නූනා ජින් හියුන්ග් කෝ "
' උදේම හොටෙල් එකට ගියා හොබී එතැන ප්‍රශ්නයක් කිව්වා "
සේරි එහෙම කියලා ගියා අනිත් අය කන්න පටන් ගත්තා ටිකකින් සේරි ජිනීව වඩාගෙන ඇවිත් වාඩිවුනා ජිනී නම් තාම නිදිමතේ මහපටගිල්ල උරන ගමන් සේරිගේ පපුවට තුරුල් වෙලා ඉදියේ
" සෝයූන් මට දෙයක් දැනගන්න ඕන "
සේරි සීරියස් අහද්දී සෝයූන් කල්පනා කලේ මොකද්ද ඒ ගමන කඩාගෙන වැටුනු මරාලේ කියලා
" මොකද්ද ඔන්නි.."
" ඔයාට නම්චිංගු කෙනෙක් ඉන්නවා ද "
සේරි එහෙම ඇහුවා විතරයි සෝයූන්ට කකා හිටපු එකත් හිර වුනා යුංගි එකපාරට සෝයූන් දිහා බැලුවා ඔක්කොම කම්ෆියුස් වෙලා ජන්කූක් සෝයූන්ගේ පිට අතගාන ගමන් වතුර වීදුරුවක් පොවනවා
" සෝයූන්...."
" මම කල්පනා කලේ මම නොදැන කොහොමද මට නම්චිංගු කෙනෙක් ඉන්නේ කියලා "
" සෝයූන් විහිලු නෙවෙයි ඇත්ත කියන්න "
" ඔන්නිට පෙත්ත බොන්න අමතක වුනා ද "
" ඉමෝ කිව්වේ ජිමින් කිව්වා කියලා සෝයූන්ට නම්චිංගු කෙනෙක් ඉන්නවා කියලා "
සේරි එහෙම කියද්දී දවා අලු කරන බැල්ලමක් ජිමින් දෙසට එල්ල කලා
" ජිමික්සන් මට කියලා තව අගල් දෙකක් තුනක් කොට වෙන්නේ නැතුව කියපන් මගේ නම්චිංගු කවුද කියලා "
සෝයූන් කිව්වේ හැන්ද දික් කරගෙන
" අහ්ම්....ඒ ඔයාගේ ආදරනීය කොටිස් "
අතිසාර්ථක ලෙස ටේහ්‍යුන්ට හුස්මත් හිර වෙලා කෑමත් හිරවෙලා එක පිස්සුවක්
" ඕයි මූට හුස්ම ගන්න බැ යකෝ ඔක්සිජන් ඕන ",
හෝසොක් කෑගහනවා
" හියුන්ග් වායුගෝලයෙන් කොහොමද ඔක්සිජන් හොයන්නේ "
ජන්කූක් ඇහුවේ
" කුනුහරප නාහ හිටපල්ලා හු#%# "
විනාඩි කිහිපයක් ගත වෙද්දී සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වුනා
" ඕයි පාත්තයෝ තොට ඕන මාව අඩු වයසින් ස්වර්ගස්ථ කරන්න ද "
ටේහ්‍යුන් කොටියෙක් වගේ කෑගැහුවේ එයාගේ ජීවිතේ ගැන සාධාරණ බයක් දැනෙද්දී
" තමුසේ එක්ක වසලා මට තමයි ස්වර්ගස්ථ වෙන්නේ "
සෝයූන් ටේහ්‍යුන්ට නොදැවිනි විදියට කෑගැහුවා
" ඉතින් උබලා දෙන්නා කොයිවෙලෙත් ගැරඩි වගේ වෙලිලා නේ ඉන්නේ "
" යකෝ ඒකි තෝ එක්කත් වෙලිලා ඉන්නේ පාත්තයෝ තොපි දෙන්නා එකට නිදාගෙනත් තියෙන්නේ "
" මොහ්...."
" සැක් ඔම්මා ඔයාගෙත් වල් සිත නේ එහෙම බනානා පුෂ්පයක් ගැන නෙවෙයි මම කිව්වෙ "
" එතකොට සෝයූන්ට නම්චිංගු කෙනෙක් නැද්ද "
සේරි අන්තිමට ඇහුවා
" නැ ජෙයියනේ නැ "
",ටේහ්‍යුන් වුනත් නරක නැ "
හේරා කිව්වාම යුංගි එයාගේ ඔම්මා දිහා බැලුවා
" අනේ ඔම්මේ මේන් වැන්දා මාරයාගේ දුවෙක් වුනත් කමක් නැ හැබැයි සෝයූන් නම් එපා "
ටේහ්‍යුන් කිව්වේ අත් දෙක එකතු කරලා වැදගෙන ඔක්කොම හිනා වෙද්දී ටේහ්‍යුන්ගේ කන ලගින් ගෑවි නොගෑවී හැන්දක් පියබලා ගියේ කොල්ලා කියපු දේ බරපතල බව තේරෙද්දී සෝයූන් පුටුව පිටිපස්සට කරලා නැගිටිද්දී ටේහ්‍යුන් නැගිටලා දුවලාත් ඉවරයි සෝයූන් ටේහ්‍යුන් පස්සෙන් දුවගෙන ගියේ අතට අහුවුනු එකෙන් නෙලන ගමන් අනිත් අය හිනා වෙවී මේ පිස්සෝ දෙන්නා දිහා බලාගෙන ඉදියා
" සර්..."
ගාඩ් කෙනෙක් ඇවිත් ජිමින්ට කතා කරපු නිසා කොල්ලාගේ අවදානය ඒ පැත්තට ලැබුනා ජිමින් ඇහිබමක් ඉස්සුවේ ඇයි කියලා අහන්න වගේ
" මැදි වයසේ ගෑනු කෙනෙක් ඇවිත් ඉන්නවා සෝ ආ මිස් හම්බවෙන්න ඕන කියලා "
ජිමින් සෝ ආ දිහා බලනකොට කෙල්ල ජිමින් දිහා බලාගෙන ඉන්නවා
" හරි එයාට එන්න කියන්න "
ජිමින් එහෙම කියලා ගාඩ්ව යැව්වා
" ආව්... යකෝ ඕවා රබර් නෙවෙයි "
සෝයූන් ටේහ්‍යුන්ගේ කනෙන් ඇදගෙන එනවා කොල්ලා සෝයූන්ගේ අත් අල්ලාගෙන කන බේරගන්න කෑගහනවා ඒත් සෝයූන්ට නම් ඇහෙන්නේ නැති හැඩයි කොල්ලාට එයාගේ වම් කන අහිමි වෙයි කියලා සාධාරණ බයක් දැනිලා තිබුණේ
ඒත් එක්කම living room එකට ආපු කාන්තාව දැක්කාම සෝ ආගේ මුහුනේ ලස්සන හිනාවක් ඇදෙන්න වැඩි වෙලාවක් ගියේ නැ කෙල්ල ජිමින් දිහා බැලුවාම කොල්ලා ඇස් වලින් එයා ලගට යන්න කිව්වා කෙල්ල උකුලේ හිටපු පූස් පැටියා පුටුව උඩින් තියලා දුවලා ගිහින් ඒ කාන්තාව වැලදගත්තා
" අ..අජුම්මා.."
අජුම්මා කෙල්ලව හරි ආදරෙන් තුරුල් කරගත්තා
" බේබි.."
අජුම්මා සෝ ආ ඔලුව අතගාන ගමන් කතා කලා කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා අජුම්මා කෙල්ලව ඈත් කරලා සෝ ආගේ මූන දෝතට ගත්තා
" මගේ පුංචි කෙල්ල "
අජුම්මා එහෙම කියලා සෝ ආගේ නලලට පුංචි හාදුවක් තිබ්බා අජුම්මා කෙල්ලගේ කම්බුල් දෙක පිරිමැද්දා සෝ ආ අහිංසක විදියට අජුම්මා එක්ක හිනා වුනා සෝ ආ එහාට වුනාම අජුම්මා අනිත් අය දිහා බැලුවා ජිමින් කෝට් එකත් අරගෙන කා එකේ කී එකත් අරගෙන සෝ ආ ලගට ආවා
" පරිස්සමින් ඉන්න දග වැඩ කරන්න එපා ඩෝල්.."
ජිමින් කෙල්ලගේ කොන්ඩේ අවුස්සලා කිව්වාම සෝ ආ හිනා වුනා
" ඔයත් පරිස්සමින් ජිමිනි "
සෝ ආගේ නලලට හාදුවක් තවරලා අජුම්මා එක්ක හිනා වුනු ජිමින් හැරුණේ ටේහ්‍යුන් දිහාට කොල්ලා අත් දික් කර කර සෝයූන්ට ලොකු කතාවක් කියනවා සෝයූන් තාම රවාගෙන බලාගෙන ඉන්නවා
" ඕයි ටේ වරෙන් කොටියෝ ලේට් වෙනවා පස්සේ ලව් කරපන් "
ජිමින් කෑගැහුවා ටේහ්‍යුන් ජිමින්ට රවාගෙන ඉස්සර වෙලා ගියා ජිමින් සෝ ආ දිහා බලලා ගියා කෙල්ල අජුම්මා එක්කගෙන ගිහින් dinning table එකෙන් වාඩිවුනා අජුම්මා හේරා එක්ක කතා කරන්න හැදුවත් හේරා අතින් සන් කරලා එපා කිව්ව නිසා අජුම්මා හිනා වෙලා ඔලුව වැනුවා සෝ ආ ගිරවියක් වගේ වෙච්ච දේවල් ඔක්කොම කියනවා හැබැයි ඔක්කොම කිව්වාට ඔක්කොම නෙවෙයි ජන්කූක් මැදින් පැනලා ඇඩ් නොදැම්මාම නෙවෙයි
හේරාත් හිනා වෙවී බ්රේක් නැතුව එක දිගට කියවගෙන යන කෙල්ල දිහා බලාගෙන ඉදියේ ආදරෙන් අනිත් අයත් හිනා වෙවී හිටියා හැබැයි යුංගි ඇරෙන්න
" සෝ බබාහ් අජුම්මා ආවා විතරයි නේ අජුම්මාට බොන්න මොනාහරි හදාගෙන එන්න සෝයූන් ගිහින් සෝ බබාට උදව් කරන්න "
" හරි ඔම්මා "
හේරා කිව්වාම සෝ ආ පූස් පැටියා ජන්කූක්ට දීලා සෝයූන් එක්ක කිචන් එකට ගියා
" හේරා මැඩම්....."
" මිසිස් චෝයි කොහොමද "
හේරා හිනා වෙලා ඇහුවා
" මම හොදින් ඉන්නවා මැඩම් "
අජුම්මා හිනා වෙලා යුංගි දිහා බැලුවා
" එතකොට මේ යුංගි බේබි ද "
අජුම්මා එහෙම ඇහුවාම යුංගි හිනා වුනා
" යේ මිසිස් චෝයි මේ ඒ යුංගි කියන පූස් තඩියා තමයි "
හේරා යුංගිට ඇගිල්ලෙන් අනිනන ගමන් කිව්වා
" යුංගි බේබි ගොඩක් ලස්සන වෙලා "
" ලස්සනයි තමයි මිසිස් චෝයි අවුරුදු තිහක් වෙලත් කෙල්ලෙක් නැ මම හොයලා දෙන කෙනෙක්ට කැමතිත් නැ "
" ඔම්මා..."
හේරා කියද්දී යුංගි කෑගැහුවා
" ඔම්මා කියන්නේ ඇත්ත නේ හියුන්ග් ඔයා කෙල්ලෙක් හොයාගත්තා නම් මට නූනා කෙනෙක් ලැබෙනවා ඔම්මාට ලේලි පොඩ්ඩකුත් ලැබෙනවා "
ජන්කූක් කියද්දී අජුම්මා කොල්ලාගේ කොන්ඩේ ඇවිස්සුවේ ඒ හුරතලේට
" පොඩි එකා කට වහපන් "
" යුංගියා කුකී කිව්වේ ඇත්ත නේ උබ කෙල්ලෙක් හොයාගත්තා නම් ඉවරයි නේ "
හෝසොක් එහෙම කියද්දී යුංගි හෝසොක්ට රැව්වේ තෝත් මාවම කාපිය කියලා හිතින් හිතන ගමන්
" ඒක නේ හොබාරි ඔයාට විතරයි තේරුනේ "
ජන්කූක් ගැම්මෙන් කියද්දී යුංගි හිනා වුනා හෝසොක්ගේ මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" ඇද්ද හොබාරි උබට "
" කට වහපන් යුංගි මම යනෝ ලියා ගැන බලන්න "
හෝසොක් එහෙම කියලා ගියා
" කුකී ගිහින් බලන්න සෝ බබා සෝයූන් එක්ක කිචන් එක අනිත් පැත්ත පෙරලනවා ද කියලා "
හේරා කියන සැනින් ජන්කූක් දුවලා ගිහින් ඉවරයි
" මිසිස් චෝයි මට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා "
හේරා අජුම්මා දිහා බලාගෙන කිව්වා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
හේරාට මොනාද දැනගන්න ඕන ලු ලමයි 🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top