🧡 28 🧡
සෝමින් කපල් එක අත් අල්ලාගෙන ඇවිදගෙන ගියේ හරි සතුටින්
",Meow..."
පූස් පැටියෙක් අඩන සද්දේ ඇහිලා සෝ ආ නැවතුනා
" මොකද "
" ශ්ශ්ශ් "
සෝ ආ ජිමින්ට කෑගහන්න එපා කිව්වා කෙල්ල ජිමින්ගේ අත අතහැරලා පූස් පැටියා කෑගහනවා ඇහුනු පැත්තට ඇවිදගෙන ගියා ජිමින් කෙල්ලගේ පස්සෙන් ගියේ මොනා කරගනීද කියලා හිතන ගමන්
(Author: හනෙව් මට බැ අල්ලලා මිරිකලා හපලා හපලා දාන්න හිතයි 😩🥺)
සෝ ආ ගිහින් පුංචි පූස් පැටියාගේ ඔලුව අතගෑවා
" ඔයා තනියෙන් මොකද පැටියෝ කෝ ඔයාගේ ඔම්මා "
සෝ ආ අහනකොට පූස් පැටියාත් උත්තර දුන්නේ හරියට එයාට තේරුනා වගේ ජිමින් පිටිපස්සට වෙලා අත්දෙක බැදගෙන සෝ ආ කට උල් කර කර කතා කරන විදියට බලාගෙන හිටියේ කෙල්ල පූස් පැටියා තුරුල් කරගෙන හැරෙනකොට ජිමින් රවාගෙන බලාගෙන ඉන්නවා
" වේ රවන්නේ..."
",මොකද ඔය.."
" ජිමිනි අහන්නකෝ අපි මෙයාව එක්කගෙන යමු අනේ උයා හොදයි නේ චේබල් "
" බැ "
ජිමින් ගත් කටම කියලා දැම්මා ජිමින් බැ කිව්වා කියලා කෙල්ල වැඩේ අතහරියි ද නැත මිතුර නැත
" වහින්නත් වගේ ජිමිනි වැස්සාම මෙයා තෙමෙයි නේ තාම පොඩියි නේ "
ජිමින් අහස දිහා බැලුවා අහසේ හොදට තරු පායලා පැහැදිලිව තියෙනවා වහිනවා තියා වැහි වලාකුලක්වත් පේන තෙක් මානෙක නැ
" අද වහින්නේ නැ "
" උයා කාලගුණ දෙපාර්තමේන්තුවේ නෙවෙයි නේ ජිමිනි අපි මෙයාව අරගෙන යමු චේබල් එයා තනිවෙලා ඉන්නේ එතකොට දැනෙන හැගීම මම හොදටම දන්නවා ජිමිනි අනේ එක්කගෙන යමුකෝ "
කෙල්ල කටත් උල් කරගෙන දාන්න පුලුවන් ඔක්කොම මායම් ටික දාලා කිව්වා
" හ්ම් හරි "
" හාද "
ජිමින් අහක බලාගෙන ඔලුව වැනුවා
" එයා හා කිව්වා පැටියෝ අද ඉදන් ඔයා මාත් එක්ක "
සෝ ආ එහෙම පූසාගේ නලලට එයාගේ නලල තියලා දෙපැත්තට වැනුවා
" යාහ්හ්.."
ජිමින් කෑගැහුව පාර කෙල්ල පූසාව ඈත් කරලා කොල්ලා දිහා බැලුවා
" මොකද "
" ඔය පූසාගේ ලෝම ගිහින් තමුසේ අසනීප වෙයි "
ජිමින් රවාගෙන කිව්වා
",එහෙම වෙන්නේ නැ නේද පැටියෝ "
සෝ ආ එහෙම කියලා පූස් පැටියා එක්ක කතා කරන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියේ ජිමින් කියලා ජීවියෙක් එයා එක්ක ආවා කියලත් අමතක කරලා ජිමින් පුපුරන්න ඔන්න මෙන්න කොල්ලාට කේන්තියි ඊට වඩා ඉරිසියායි
ජිමින් මූන දෙල් කරගෙන ගිහින් කා එකට නැග්ගා කොල්ලාට පැලෙන්න ඉරිසියායි සෝ ආගේ උකුලේ ඉදගෙන කෙල්ල එක්ක හුරතල් වෙන පූස් පැටියා දිහාට දැම්මේ දවා අලු කරන බැල්මක් කොල්ලා බලාගෙන ඉන්නවා දැක්ක පූස් පැටියා සෝ ආගේ ඇග දිගේ උඩට නගින්න ට්‍රයි එක සෝ ආ පූස් පැටියා පපුවට තුරුල් කරගත්තා
යාහ්හ්....ඒවා මගේ අයිෂ් ඔය පූසාව මම විසි කරලා දානවා
ජිමින් තරහින් හිතුවා සෝ ආට කිසිගානක් නැ එයාගේ එහා පැත්තේ ඉන්න පුද්ගලයා තරහෙන් පිච්චෙනවා කියලා කොල්ලා drive කරන්න පටන් ගත්තා කොල්ලා අඩියෙන් අඩියට බ්රේක් ගහනවා
" යාහ්හ් ජිමිනි මොකද මේ "
සෝ ආට උත්තර නොදී ජිමින් වේගෙන් drive කරන්න පටන් ගත්තා කෙල්ල කල්පනා කලේ ජිමින්ට එකපාරට ගහපු යකා මොකාද කියලා ටිකකින් mansion එකට ආවා කොල්ලා කා එකේ දොරත් හයියෙන් වහගෙන ඇතුලට ගියා ඔක්කොම නිදි නිසා ජිමින් ලයිට්ස් ඔන් කරන ගමන් රූම් එකට ගියා සෝ ආ නිදාගෙන ඉන්න පූස් පැටියා එක්කගෙන ඇතුලට ගියා කෙල්ල ඇද උඩින් පූස් පැටියා තියලා ක්ලෝසෙට් එකෙන් රෙද්දක් අරගෙන නවලා couch උඩින් තිබ්බා නිදාගෙන ඉන්න පූස් පැටියා පරිස්සමින් අරගෙන තිබ්බා
" හොදට නිදාගන්න පැටියෝ "
සෝ ආ ඇගිලි දෙකකින් පූස් පැටියාගේ ඔලුව අතගාලා කිව්වා ඔය වෙලාවේ බාත් රූම් එකෙන් එලියට ආව ජිමින් ඔය දර්ශනය නෙත ගැටුනා ජිමින් රවන්න පුලුවන් උපරිමේටම රවලා ඇදට පැනලා ඔලුවේ ඉදලා බ්ලැන්කට් එකත් පෙරවගත්තා
" මෙයාට මොනා වෙලා ද රවනවා කියලත් ඔහොම රවනවාද මං අහන්නේ මෙයා එක්ක බලද්දී කටුස්සෝ පරාදයි "
සෝ ආ මුමුනන ගමන් කොන්ඩේත් උඩට කරලා බන් එකක් ගහගෙන බාත් රූම් එකට ගියා සෝ ආ බාත් රූම් එකට ගිහින් දොර වහන සද්දේ ඇහුනු ගමන් ජිමින් බ්ලැන්කට් එක උස්සලා පූස් පැටියා දිහාට දැම්මේ හෙනම කුරිරු බැල්මක් සුටුස් ගාලා ඇදෙන් බැස්ස කොල්ලා නිදාගෙන හිටපු පූස් පැටියාගේ වලිගෙන් ඇද්දේ පූසා කෑගහගෙන නැගිට්ටා ජිමින් පූස් පැටියා අල්ලන්න යද්දී කොල්ලාගේ අත සීරුවා
" හු#%# "
කොල්ලා අසභ්‍ය වචනෙන් බනින ගමන් පූසාව ආපහු අල්ලන්න හදනකොට පූසා මහ හයියෙන් කෑගැහුවා
" මොකද පූස් කෑගහන්නේ "
සෝ ආ එහෙම අහනකොට ජිමින් දුවලා ගිහින් ඇදට පැන්නා ඒත් එක්කම සෝ ආ බාත් රූම් එකෙන් එලියට ආවා පූස් පැටියා ඇග සෝදනවා සෝ ආ ගිහින් පූස් පැටියා ලගින් වාඩිවුනා
",වේ පැටියෝ කෑගැහුවේ "
පූස් පැටියා බැලුවේ බොරුවට නිදාගෙන ඉන්න ජිමින් දිහා
තාරාවෙක් වද දුන්නා සෝ බබාහ්
පූස් හිතුවා සෝ ආ පූසාගේ ඔලුව අතගාලා ඇවිත් ඇදට නැගලා ඔලුවේ ඉදන් බ්ලැන්කට් එක පොරවගෙන ඉන්න ජිමින් දිහා බැලුවා කෙල්ල උරහිස් අකුලලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා
__________________________
සේරි හේරා දෙන්නා හිටියේ breakfast එක රෙඩි කරන ගමන්
" සේරි මම පොඩි දෙයක් කියන්න ද "
" මොකද්ද ඔම්මා "
සේරි ඇහුවේ එලවලු හෝදන ගමන්
",යුංගිවයි සෝයූන්වයි ලං කලොත් මොකද "
හේරා එහෙම ඇහුවාම සේරි හේරා දිහාට හැරුනා
" ඔම්මා මොකද්ද කියන්න හදන්නේ "
" යුංගියි සෝයූන් දෙන්නා ගැලපෙනවා සේරි ඒ දෙන්නා රන්ඩු වෙනවා තමයි ටික කාලයක් යනකොට හරි යයි "
" අනේ මන්දා ඔම්මා ජිමින් කියලා ඉමෝට සෝයූන්ට නම්චිංගු කෙනෙක් ඉන්නවා ඉමෝ අහනවා මම දන්නේ නැද්ද කියලා අපි බලමුකෝ ඔම්මා මගේ අකමැත්තක් නැ යුංගි කියන්නෙත් හොද කොල්ලෙක් නේ "
ඔය වෙලාවේ සෝයූන් අත් දෙකේ හිරි අරින ගමන් කිචන් එකට සම්ප්‍රාප්ත වුනා
" Good Morning beautiful ladies "
සෝයූන් එහෙම කියාගෙන කිචන් එකේ කවුන්ටරේ උඩින් ඉදගත්තා
" Good Morning මොකද උදේම නැගිටලා "
සේරි ඇහුවා
" යකෝ මම උදේම නැගිට්ට එකත් දැන් පුරස්නයක් ද "
සෝයූන් ඇහුවේ සේරිට රවන ගමන්
" ප්‍රශ්නයක් තමයි වෙනදාට පස්සට අව්ව වැටෙනකම් නිදාගන්න කෙනා අද උදේම නැගිට්ටා කියන එක පුරස්නයක් තමයි "
" ඔය හිනාවෙන්න හේරා මැඩම් "
සෝයූන් අත් දෙකත් බැදගෙන කිව්වේ හිනා වෙවී ඉන්න හේරාට
",අපි පස්සේ හිනා වෙමු මේක ගෙනිහින් දීලා යුංගිව ඇහැරවන්න "
හේරා කිව්වේ සෝයූන්ට කොෆි මග් එක දික් කරන ගමන්
" මොහ්.....මම.."
සෝයූන් එයාගේ පැත්තට ඇගිල්ල දික් කර ගන්න ගමන් ඇහුවාම හේරා ඔව් කියන්න ඔලුව වැනුවා
" යේ...මට පඩිපෙල් නගින්න බැ දරුවෝ දනහිස් රිදෙනවා ඒකයි මම ඔයාට කිව්වේ පුතේ බැරී නම් කියන්න මම අමාරුවෙන් හරි යන්නම් "
හේරා කිව්වේ දුක්ඛිත මුහුනකින්
" අහ්ම්.....මම අරගෙන යන්නම් "
සෝයූන් එහෙම කියලා මූන දෙක කරගෙන ගියා සෝයූන් ගියාට පස්සේ සේරි හේරා ලගට ආවා
" ඔම්මා....ඇත්තටම දනහිස් රිදෙනවා ද "
" අනියා.....හේරා පොඩි ඇක්ට් එකක් කලේ ඔයත් රැවටුනා නේ "
හේරා ඇහැක් ගහලා කිව්වා
" ඔම්මා ඔයත් අනේ මන්දා "
සේරි හිනා වුනා මේ අතරේ යුංගිට කොෆි එක අරගෙන යන ගමන් සෝයූන් යුංගිගේ පූස් පරම්පරාවම ආදරයෙන් ගෞරවයෙන් සාදර භක්තියෙන් මතක් කරන්න අමතක කලේ නැ
මෝඩ බූරු ඇමසන් පූස් තඩියා නැගිටලා පහලට ආවා නම් ඉවරයි නේ සෙද්ද රුසියානු යුක්රේන් යුද්දේ කාලේ අඩු ගානට මිසයිලයක් ඉල්ලගෙන තියාගන්න තිබුණේ කවුද හිතුවේ මේ වගේ පූස් පරානයක් මට වදයක් වෙලා ඒවි කියලා දැන් කියලා අවුලක් පුටින් ඔප්පාට ඇහැක් ගහලා සේප් එකේ මිසයිලයක් ඉල්ලගන්නවා
අන්තිමේ දී සෝයූන් ගිහින් යුංගිගේ රූම් එක ඉස්සරහ හිටගත්තා කෙල්ල හොද හුස්මක් ගත්තේ යුද්ධයට යන්න වගේ කෙල්ල ඉස්සෙල්ලාම දොරට තට්ටුවක් දැම්මා
" ඕයි මෝඩ අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ පාපී අවලක්ෂන අනාචාර ස්වරූප ඇති පූස් මහල්ල තෝ නිදාගැනීම පැත්තකින් තබා දොර නොහැරියොත් මාගේ සුන්දර සුකුමාලි ලද බොලද පාදයෙන් තොපගේ කාමරයේ දොර කඩා දමනු ඇත වහා දොර අරිනු "
සෝයූන් දොර ඉස්සරහ ඉදගෙන කෑගහනවා පරිසරය ඉතාමත් සන්සුන්ව ඒකායෙන්ම පවතියි
" මූ මම කවුරු කියලා හිතාගෙන ද මෙසේ මා හට අගෞරව කරන්නේ බලු පූස් සුනඛයා "
සෝයූන් දොරට පයින් ගැහුවා පාර දොර ඇරුනා
" උප්ස්.....සෝයූන් ඔයා නම් ෆට්ට "
කෙල්ල කොන්ඩේත් පස්සට දාගෙන ගැම්මෙන් ඇතුලට ගියා යුංගි ගෙම්බා පොලේ ගහලා වගේ මුලු ඇදම බදාගෙන නිදි සෝයූන් සයිඩ් ටේබල් එක උඩින් කොෆි මග් එක තියලා කාමරේ පුරා ඇස් යැව්වා
" මාර පිලිවෙලයි නේ හැබැයි මූ නම් පිලිවෙල නැ පෙනේ ද නිදාගෙන ඉන්න අසුන්දර "
සෝයූන් මුමුනලා ලොව භයංකරම හා අමාරුම මිශන් එකට බහින්න යන්නේ ඒ මින් යුංගි කියන ජීවියා ඇහැරවන එක ඒ පිලිබද විශේෂ උපාධියක් හිමි කිම් සොක්ජින් නැමැත්තා තමන්ගේ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පිටව ගොස් ඇති බව අපට වාර්තා වේ
" ඕයි පූසෝ නැගිටිනවා හලෝ "
සෝයූන් ඇගිල්ලෙන් අනින් ගමන් යුංගිට කතා කලත් කොල්ලා හෙලවුනේවත් නැ
" නැගිටිනවා හිරු උදාවෙලා සුනඛයෝ නැ වැරැදුනා පූසෝ "
යුංගි කම්මැලි පූස් තඩියා වගේ ඇස් පොඩි කරන ගමන් තඩි ඈනුමක් අරියේ සෝයූන්ට සංසාරේ භවේ දුකා කියලා සිහි වෙද්දී
" යාහ්හ් මට සසර කලකිරෙනවා ඕයි තමුසෙව දැක්කාම නැගිටලා මේක බොනවා "
සෝයූන් අත දික් කරලා කියද්දී යුංගි කෙල්ලගේ අතින් ඇද්ද පාර කෙල්ල යුංගිගේ ඇග උඩට වැටුනා සෝයූන් ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉදීද්දී යුංගි කෙල්ලව අනිත් පැත්තට ඇදට තල්ලු කරලා සෝයූන්ව තුරුල් කරගත්තා
සෝයූන් අංශක 100 ට රත් වෙලා ඉදිද්දී බැල්කනියට ඉනිමගක් හේත්තු කරගෙන මේ දිහා බලාගෙන ඉදපු ඕතර්ගේ හාට්ටුව කෑලි කෑලි වලට කැඩිලා ගියා ඒක දැකපු ඉනිමග අල්ලාගෙන හිටපු රීඩස් බබ්බුලා ටික ඉනිමග අතහැරියා ඕතර් ලෙෆ්ට් වේදනයි ඉතිම්
සෝයූන්ගේ මූන ඉස්සරහ තිබුණු යුංගිගේ මූන දිහා කෙල්ල බලාගෙන ඉදියා යුංගිගේ පියවුනු පුංචි ඇස් නලලට වැටිලා තියෙන කලු පාට කොන්ඩේ සිහින් තොල් පෙති දිහා බලාගෙන ඉදියේ සෝයූන්ගේ හාට්ටුව බ්රේක් ඩාන්ස් පාරක් දාද්දී
කෙල්ල එක ඇගිල්ලක් යුංගිගේ නලල දිගේ අරගෙන ඇවිත් තොල් ලග නැවතුනා යුංගිගේ තොල් වලට දැනුනු ස්පර්ශය නිසා කොල්ලා සෝයූන්ගේ අත අල්ලාගෙන ඇස් ඇරියේ කෙල්ලගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී
" යු....යුංගි.."
" නිදාගෙන ඉන්න අහිංසක කොල්ලෙක්ව රේප් කරන්න ද හදන්නේ "
",අහ්...."
සෝයූන් කල්පනා කරන්නේ මොකද්ද යකෝ ඒ කිව්වේ කියලා කල්පනා කරන ගමන්
" එ....එහාට වෙ..වෙන්න ම්...මට ය..යන්න ඕන "
" මොකද චන්ඩි කෙල්ල ගොතගහන්නේ "
යුංගි සෝයූන්ගේ ඉන වටේ අතක් යවලා තද කරගන්න ගමන් ඇහුවා සෝයූන්ගේ එක අතක් යුංගිගේ පපුවේ රැදිලා තිබුණේ කෙල්ල යුංගිව ඈත් කරන්න හැදුවත් හරි ගියේ නැ
" ඊයේ මාව මහපාර මැද කිස් කරලා දැන් මොකද මේ "
" ඒක අමතක කරන්න..."
" මම කොහොමද බබා ඒක අමතක කරන්නේ "
යුංගි ඩීප් වොයිස් එකකින් කියද්දී සෝයූන් ඇස් දෙකත් තද කරලා පියාගත්තා සෝයූන් කල්පනා කලේ මෙතනින් වාෂ්ප වෙන්න පුලුවන් ක්‍රම මොනාද කියලා යුංගි කෙල්ලගේ නලල දිගේ ඇගිල්ලක් අරගෙන ආවේ සෝයූන්ගේ මූන පුරා එයාගේ ඇස් යවන ගමන් අවසානයේ දී යුංගිගේ ඇස් නතර වුනේ සෝයූන්ගේ තොල් ලග කොල්ලාට හිතුනේම ඒ තොල් සිපගන්න සෝයූන්ගේ පියවුනු ඇස් දිහා බලපු යුංගි දෙපාරක් නොහිතා කෙල්ලගේ තොල් අල්ලගත්තා තොල් වලට දැනුනු සීතල නිසා සෝයූන් ඇස් ඇරියා යුංගි හරි සැහැල්ලුවෙන් සෝයූන්ව සිපගන්නවා සෝයූන් කොල්ලාව ඈත් කරන්න හැදුවත් යුංගි කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් එයාට ලං කරගත්තා
විනාඩි ගානක දීර්ඝ හාදුවෙන් ඈත් වුනු යුංගි කෙල්ල දිහා බැලුවා සෝයූන් යුංගිට රවාගෙන තොල් පිහිදනවා
" තමුසේ දත් මැදලත් නැතුව මාව කිස් කලා,"
සෝයූන් මූන අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ කරගෙන කෑගැහුවා
" දත් මැදලා කිස් කලා නම් කමක් නැද්ද "
" යාහ්හ් තමුසේ මම කවුරු කියලා හිතාගෙන ද ඉන්නේ "
" මගේ ෆස්ට් කිස් එක හොරකම් කරපු කෙල්ල "
" මොහ්..."
සෝයූන් ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන වේගෙන් ඇස්පිය ගැහුවේ ඇහුනු දේ මස්තිෂක රාජයා තියා ස්නායු පද්ධතියටවත් විශ්වාස නැති නිසා
" තමුසේ හිතුවේ මම ජිමින් වගේ කියලා ද "
කෙල්ල ඔව් කියන්න ඔලුව වනලා ආපහු නැ කියන්න දෙපැත්තට ඔලුව වැනුවා යුංගිට හිනා ඉතින්
",දැන් නිදාගන්න "
" බැ මට යන්න ඕන "
" ඔහොම ඉන්නවා තමුසේ නිදිමතේ ඉන්නේ කියලා ඇස් වලින් පේනවා "
සෝයූන් ඊයේ මුලු රෑම නිදාගත්තේ නැ නෙවෙයි කෙල්ලට නින්ද ගියේ නැ මොකද කෙල්ලගේ නින්දට පූසෙක් තිත තියලා සෝයූන් යුංගිව කිස් කරපු විදියට මතක් වෙද්දී කෙල්ලට නින්ද ගියේ නැ ඇදේ ඒ කොනට මේ කොනට පෙරලි පෙරලි හිටපු සෝයූන්ට නින්ද යාගෙන එනකොට එලාම් එක වැදුනු හින්දා කෙල්ල නැගිට්ටා
යුංගි කෙල්ලව තුරුල් කරගෙන ඔලුව අතගෑවා කෙල්ලට දැනෙන සනීපය නිසා යුංගිගේ තුරුලේ නින්ද ගියා යුංගි එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න කෙල්ලගේ මූන දිහා බලාගෙන හිටියේ දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන
සෝයූන් ගිහින් ගොඩක් වෙලා හින්දා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න යුංගිගේ රූම් එකට ඔලුව දාපු යුංගිගේ ඔම්මාගේ ඇස් වලට කදුලු පිරුනේ සතුටට කවදාවත් කෙල්ලෙක්ට ලගටවත් එන්න දුන්නේ නැති යුංගි අද සෝයූන් තුරුල් කරගෙන ඉන්න හැටි දැක්කාම හේරා ඇත්තටම සතුටු වුනා හේරා බයෙන් හිටියේ යුංගි ජීවිත කාලෙම තනියෙන් ඉදියි කියලා ඒත් අපිට හරියටම ඉදිරිය ගැන කියන්න බැ අද හේරා සතුටු වුනා වගේම සමහරවිට ඉදිරියට ඒ ගැන දුක් වෙයි
☆☆☆☆☆☆☆☆☆☆☆☆✩✩☆
ඉදිරිය අවිනිශ්චිතයි දරුවනි 🙂
Vote goal :100
Bạn đang đọc truyện trên: AzTruyen.Top