🧡 25 🧡

සෝයූන් කෙල්ලව රූම් එකට එක්කගෙන ආවාට පස්සේ සෝ ආ ඇද උඩට වෙලා කල්පනා කරමින් හිටියා සෝ ආ එක්ක කතා කරන්න ජන්කූක් ආවත් කෙල්ලට තනියෙන් ඉන්න ඕන කියලා ජන්කූක්ට යන්න කිව්වා

ටික ටික රෑ වෙද්දී ජිමින් mansion එකට ආවා කොල්ලාගේ මුහුනේ ලොකු වෙහෙසකාරි බවක් රැදිලා තිබුනා ජිමින් රූම් එකට යනකොට සෝ ආ හිටියේ glass window වලින් පේන එලිය පරිසරය දිහා බලාගෙන කොල්ලා ටයි එකත් ගලවලා දාලා ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවගෙන සෝ ආ ලගට ගිහින් කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගත්තා

එකපාරට කෙල්ලගේ උකුලට දැනුනු බර නිසා සෝ ආ ගැස්සිලා ගියා සෝ ආගේ අතකින් අල්ලලා ජිමින් එයාගේ ඔලුවෙන් තිබ්බේ ඔලුව අතගාන්න කියන්න වගේ සෝ ආ කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් හිමින් ඔලුව අතගෑවා

" ජිමිනි....."

" ම්ම්ම්..."

" ප්‍රශ්නයක් ද "

" හ්ම්ම්ම්.."

" මට මොකද්ද කියලා කියන්න පුලුවන් ද "

" හ්ම්ම්.."

" ඊට කලින් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න අපි කතා කරමු "

සෝ ආ ආදරෙන් කොල්ලාගේ ඔලුව අතගාන ගමන් කිව්වා ජිමින් ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවා

" මොකද මගේ දිහා බලාගෙන ඉන්නේ කුනු කානු ගදයි අනේ ගිහින් වොෂ් එකක් දාගෙන එනවා "

සෝ ආ නහය හකුලගෙන කිව්වා ජිමින් කෙල්ලගේ තොල් වලට පෙක් තියලා නැගිටලා ශර්ට් එක ගලවලා සෝ ආගේ ඇගට විසි කරලා වොෂ් රූම් එකට ගියා

ජිමින් විසි කරපු ශර්ට් එක පපුවට තුරුල් කරගන්න සෝ ආ තනියෙන් හිනා වුනා

" සුවදයි..."

කුනුකානු ගදයි කියලා අපහාස කරපු කොල්ලාගේ ශර්ට් එක තුරුල් කරගෙන සුවදයි ලු ටිකකින් ජිමින් වොෂ් එකක් දාගෙන එනකොට සෝ ආ හිටියේ බැල්කනියේ දොර ලග තියෙන පඩිය උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන ජිමින් කොන්ඩේ පිසදාමින් හිටපු මිනි ටවල් එක සෝ ආ ඔලුවට දාලා දොරට හේත්තු වෙලා වාඩි වුනා ජිමින් ඔලුවට දාපු ටවල් එක අරගෙන කොල්ලාට ගැහුවා

" ඇවිදින්න එපා කියලා නේද කිව්වේ "

සෝ ආගෙන් එහෙම අහන ගමන් ජිමින් කෙල්ලගේ කකුල් දෙක අරගෙන එයාගේ උකුලෙන් තියාගත්තා

" දැන් රිදෙන්නේ නැ "

සෝ ආ කියද්දී කෙල්ල දිහා රවලා බලපු කොල්ලා හිමින් සෝ ආගේ ඉදිමුනු කකුල අතගෑවා

" රිදෙන්නේ නැ තමයි උදේට වඩා ඉදිමිලා ඩෝල් "

" හරි අනේ දැන් කියන්න මොකද්ද ප්‍රශ්නේ "

ජිමින් හුස්මක් පහත දැම්මා සෝ ආ ජිමින්ගේ උකුලේ තිබුණු කකුල් දෙකත් අරගෙන කොල්ලාගේ අතින් අල්ලගත්තා

" හිතේ තියෙන ඕන දෙයක් කියන්න මට කරන්න දෙයක් නැති වුනත් මං අහගෙන ඉන්නම් එතකොට ඔයාගේ හිත ටිකක් හරි නිදහස් වෙයි "

සෝ හිනා වෙලා කියද්දී ජිමින් කෙල්ල දිහා බැලුවා ජිමින්ට මේ වෙලාවේ ඕන එයාට ඇහුන්කන් දෙන කෙනෙක් එයාගේ හිතේ තියෙන හැමදේම අහගෙන ඉන්න පුලුවන් කෙනෙක් ඉතින් සෝ ආ ජිමින් කියන දේවල් අහගෙන ඉන්න ලෑස්තියි ජිමින් සෝ ආගේ අත පිරිමැද්දා

" මගේ ඔම්මා වෙනස් කෙනෙක් ඩෝල් එයාගේ හිතේ මොනා තියෙන්නේ කියලා කාටවත් කියන්න බැ ඔම්මා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි එයා මගේ අප්පාටවත් මටවත් හොදින් සැලකුවේ නැ එයා ගොඩක් නපුරු විදියට මට සැලකුවේ ඒක නිසා වෙන්න ඇති මම මෙච්චර නපුරු ඔම්මාගේ වැඩ හින්දා අප්පා ගොඩක් දුකින් හිටියේ ඔම්මාට ඕන වුනේ සැහැල්ලුවෙන් ඉන්න එයා බැදීම් වලට කැමති නැ "

ජිමින් එහෙම කියාගෙන ගිහින් සෝ ආ දිහා බැලුවා කෙල්ල ජිමින් දිහා බලාගෙන එයා කියන හැම වචනයක්ම අහගෙන ඉන්නවා

" කියන්න මම අහගෙන ඉන්නේ "

සෝ ආ කිව්වා

" ඉතින් ඔම්මා අප්පාවයි මාවයි දැක්කේ කරදරකායෝ විදියට හරියට අපි එයාගේ නිදහසට බාධා කරන අප්පා මට ගොඩක් ආදරේ කලා හැමදාම මට මොනාහරි ගෙනත් දෙනවා ඉස්සර අපි එච්චර රිච් ෆැමිලි එකක් නෙවෙයි අප්පා මහන්සි වෙලා park industries පටන් ගත්තේ මට මතකයි අප්පාට කොච්චර වැඩ තිබුනත් කොච්චර මහන්සි වුනත් මාත් එක්ක කතා කරනවා මම දෙයක් ඉල්ලන්න කලින් හැමදේම මට ගෙනත් දුන්නා "

" හරියට ඔයා වගේ "

සෝ ආ කියද්දී ජිමින් හිනා වුනා

" අනියා ඩෝල් මම අප්පා වගේ නෙවෙයි අප්පාට වගේ ලස්සන හදවතක් මට නැ පුංචි දේටත් තරහ ගන්න මම රාක්ෂයෙක් වගේ ඔයා තාම මං ගැන හරියට දන්නේ නැ අප්පා ඔම්මාට ගොඩක් ආදරේ කලා මම අප්පාගේ ඇස්වලින් ඒක දැකලා තියෙනවා ඔම්මා කොච්චර නරක විදියට අප්පාට බැන්නත් ඔම්මාගේ හිත රිදෙයි කියලා අප්පා මුකුත් නොකියා ඉදලා තියෙනවා ටික කාලෙකින් ඔම්මා අප්පාගෙන් ඩිවෝස් එක ඉල්ලුවා අප්පා ඔම්මාට කිව්වා මං ගැන හිතලා හරි නවතින්න කියලා එතකොට මට අවුරුදු 16 විතර වෙනවා ඔම්මා නැවතුනේ නැ එයා මගේ අප්පාවයි මාවයි දාලා ගියා අන්තිමේ දී අප්පායි මායි තනිවුනා

අප්පා රැයක් දවාලයක් නොබලා මහන්සි වෙලා වැඩ කලා අප්පා....අප්පා එයාගේ කදුලු වේදනාව හංගගෙන මගේ ඉස්සරහ හොදින් වගේ රගපෑවා ඒත් මම දන්නවා එයා කොච්චර දුක් විදිනවා ද කියලා අප්පා හැම parents meeting එකටම ආවා හැම dancing competition එකටම ආවා අප්පා මගේ ලගින් හෙවනැල්ලක් වගේ මට හයියක් වෙලා හිටියා එයා කවදාවත් මාව තනිකලේ නැ ඉස්සර මමත් ඔයා වගේ ඩාන්සින් ජීවිතේ කරගත්ත කොල්ලෙක්

අවුරුදු ගානකට පස්සේ park industries කොරියාවේ හොද තැනකට ආවා එතකොට ඔම්මා ආවා එයාට park industries ශෙයාස් ඕන කියාගෙන අප්පා ඒකට කැමති වුනේ නැ ඔම්මා අප්පාට ගොඩක් කරදර කලා මානසික ගොඩක් වද දුන්නා දවසක් යුනි ගිහින් එනකොට මට ඇහුනේ මගේ අප්පා මාව දාලා යන්න ගිහින් කියලා "

ජිමින්ගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගියේ ඒ සිද්ධිය කොල්ලාගේ ඉස්සරහ මැවිලා පෙනෙද්දී ජිමින් ඇස් තද කරගෙන පියාගත්තා සෝ ආ කොල්ලාගේ පිට අතගෑවේ එයාව සනසන්න වගේ

" අප්පා.......නැති වුනාට පස්සේ මම කම්පැනි එක භාරගත්තා ඩාන්සින් සම්පූර්ණයෙන් නැවැත්තුවා අප්පාට ඕන වුනේ කම්පැනි එක කොරියාවේ නම්බර් වන් කරන්න ඒ වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වුනා අප්පාගේ හීනේ හැබෑ කරන්න මම වැඩ කලා අන්තිමේ දී park industries කොරියාවේ නම්බර් වන් කලා "

" අප්පා ඔයා දිහා බලාගෙන සතුටින් ඇති ජිමිනි.."

" මම හිතන්නේ නැ ඩෝල් අප්පා සතුටින් කියලා මම park industries කොරියාවේ හොද තැනකට ගෙනාවට මම හොද මිනිහෙක් වුනේ නැ "

ජිමින් එහෙම කියද්දී සෝ ආ කොල්ලාගේ ඔලුව අතගෑවා

" වේ ජිමිනි එහෙම කියන්නේ...? මම නම් ඔහොම හිතන්නේ නැ ඔයා ජන්කූක්ට හොද හියුන්ග් කෙල්ල ටේ ඔප්පාට හොද යාලුවෙක් ජින් ඔප්පාට සේරි ඔන්නිට හොද මල්ලි කෙනෙක් එතකොට අපේ චූටි ජිනීට හොද සම්චොන් කෙනෙක් "

" ඩෝල්ට.....?"

" නපුරු හස්බන් කෙනෙක් "

සෝ ආ එහෙම කියලා එයාගේ කියුට් හිනාව දැම්මා ජිමින් කෙල්ලගේ කම්බුලක් මිරිකුවා

" අත ගන්නකෝ රිදෙනවා අනේ "

සෝ ආ කෑගහනකොට කොල්ලා එයාගේ අත අරගෙන අහස දිහා බැලුවා කෙල්ල එයාගේ කම්බුල අතගාන ගමන් ජිමින් දිහා බැලුවා කොල්ලා ඉන්නේ ලොකු වේදනාවක් හිතේ හිර කරගෙන ඉන්නේ කියලා සෝ ආට තේරුනා

" ජිමිනි...."

" හ්ම්ම්.."

ජිමින් කෙල්ලගේ දිහාට හැරුනා

" හිතේ හැමදේම හිර කරගෙන තනියෙන් විදවන්න එපා ජිමිනි හිතේ තියෙන හැමදේම කියලා අඩන්න "

සෝ ආ එහෙම කියලා ඇස් වලින් එයාගේ ලගට එන්න කියලා කතා කලාම ඔම්මාගේ ලගට එන පොඩි දරුවෙක් වගේ කොල්ලා සෝ ආගේ පපුව අස්සේ මුහුන හංගගත්තා කෙල්ලත් ජිමින්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් එයාට තුරුල් කරගත්තා අනිත් අත ජිමින්ගේ පිට මෘදුව අතගෑවා

කෙල්ලගේ ගවුම තෙත් වෙනකොට එයාට තේරුනා ජිමින් අඩනවා කියලා සෝ ආ කොල්ලාට අඩන්න දීලා හිටියා අවුරුදු ගානක් පුරාවට හිතේ හිර කරගෙන හිටපු හැම වේදනාවක්ම හේදිලා යන්න ජිමින් ඇඩුවා

ජිමින් විතර ද ඇඩුවේ...?

අනියා කොල්ලාව තුරුල් කරගෙන හිටපු ජිමින්ගේ ඩෝල් ඇඩුවේ රහසින් ජිමින් මේවා හිතේ තියාගෙන මෙච්චර කාලයක් හිටියේ කොහොමද කියලා කෙල්ල කල්පනා කලේ ජිමින් එයාගේ අප්පාගේ හීනේ වෙනුවෙන් තමන්ගේ හීනේ අතහැරියා

විනාඩියක්..දෙකක් අනියා පැය ගානක් සෝ ආට තුරුල් වෙලා ජිමින් ඇඩුවා කෙල්ලත් ජිමින්ව තුරුල් කරගෙන හිටියා කොල්ලා සෝ ආගෙන් ඈත් වුනා

" මම ඇඩුවා කියලා කාටවත් කියන්න එපා "

ජිමින් කිව්ව දේට සෝ ආ කදුලු පිහිදගෙන හිනා වුනේ ආපහු ආඩම්බරකාර නපුරු ජිමින් ඇවිත් නිසා

" මම ඕක කිය කියා යන්න මට වැඩ නැ කියලා හිතුවා ද "

සෝ ආ රවාගෙන කිව්වා

" ඩෝල් කියවන්න පටන් ගත්තාම කටට බ්‍රේක් නැති නිසා කිව්වේ "

" අහෝ දෙවියනි...කිම් ද මේ අපහාස "

සෝ ආ අත් දෙකත් දික් කරගෙන කිව්වේ full dramatic විදියට ජිමින් හිනා වුනා

" ජිමිනි.... පොඩි ගමනක් යමු.."

" දැන් "

" පිස්සු ද මෝඩ තාරාවෝ මේ මහ රෑ මෝහිනි ඔන්නි බලන්න යන්න ද "

" තාරාවා කියන්න එපා "

" තාරාවාට තාරාවා නොකියා බූරුවා කියන්න ද "

සෝ ආ එක්කගෙන කටගහලා දිනන්න බැ කියලා දන්න නිසා ජිමින් කතාව වෙනස් කලේ

" දැන් කොහෙද යන්න ඕන "

",ඒක හෙට කියන්නම් "

සෝ ආ එහෙම කියලා නැගිට්ටත් ආපහු ජිමින් කෙල්ලගේ අතින් ඇද්ද නිසා සෝ ආ කොල්ලා ලගින් ඉන්දුවා

" මට කතා කරන්න ඕන "

ජිමින් එහෙම කියද්දී සෝ ආත් හා කියන්න ඔලුව වැනුවා දෙන්නා පාන්දර වෙනකම් එක එක දේවල් ගැන කතා කර කර හිටියා සෝ ආට තේරුනේ එක දෙයයි පිටට නපුරු යකෙක් වුනාට ඒ නපුරා ඇතුලේ සැගවුනු අහිංසක ආදරනීය ජිමින් කෙනෙකුත් ඉන්නවා කියලා

" ඩෝල්ට නම්චිංගු කෙනෙක් හිටියේ නැද්ද "

ජිමින් ඇහුවා

" ම්ම් මෙහෙමයි මට නම්චිංගු කෙනෙක් හිටියේ නැ කියන්නත් බැ හිටියා කියන්නත් බැ "

සෝ ආ මොන මගුලක් කියනවද කියලා තේරුම් ගන්න බැරුව ජිමින් කෙල්ල දිහා බලාගෙන හිටියේ

" මම high school යන කාලේ මම කෙනෙක්ට කැමැත්තෙන් හිටියා එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් මම ගොඩක් වෙලාවට එයා දිහා බලාගෙන ඉන්නවා ඔහොම ඉන්නකොට එයාගේ ක්ලාස් එකේ ඔන්නි කෙනෙක් එක්ක එයා යාලු වුනා ඒ ඔන්නි ගොඩක් ලස්සනයි ඇත්තටම එදා මට ගොඩක් දුක හිතුනා මම තනියෙන් ආදරේ කලත් මට ගොඩක් රිදුනා පස්සේ දී මම හිත හදාගත්තා හොදම දේ මොකද්ද දන්නවද එයාලා මැරි කරනකොට ඒ ඔන්නි pregnant "

කෙල්ල හිනා වෙලා කිව්වා

" වේ ඩෝල් ඔයාගේ හිතේ තිබුණු දේවල් නොකිව්වේ "

" මම බය වුනා එයා මට අකමැති වෙයි අනික අප්පා එයාට කරදරයක් කරයි කියලා මට ඕන වුනේ ඉක්මනට අප්පාගෙන් දුරකට යන්න ඊට පස්සේ යුනි යන්න පටන් ගත්තා කොහොමහරි දැන් උපාධිය ගන්න ඕන මම හිතාගත්තා ආපහු කාටවත් ආදරේ කරන්නේ නැ කියලා ඒත්..."

", ඒත් කිව්වේ "

" ආපහු මම කෙනෙක්ට ආදරේ කරනවා "

" මොහ්...මොකාද ඌ.. "

ජිමින් ඇහුවේ කේන්තියෙන්

" මම හිතන්නේ නැ එයා මට ආදරේ කරනවා කියලා එයාගේ පුංචි ඇස් දිලිසෙනවා එයා නපුරුයි මම ඒ නපුරාට ආදරෙයි එයා හිනා වෙනකොට ඒන්ජල් කෙනෙක් වගේ එයාගේ lips හපලා හපලා දාන්න හිතෙනවා "

සෝ ආ කියවගෙන යද්දී ජිමින් කල්පනා කලේ කවුද ඒ කොල්ලා කියලා

" ගිහින් නිදාගමු පාන්දර හතරටත් කිට්ටුයි "

ජිමින් එහෙම කියලා සෝ ආ වඩාගෙන ගිහින් ඇදෙන් තියලා බ්ලැන්කට් එකත් පෙරෙව්වා ජිමින් ඇදේ කොනක හාන්සි වුනා වෙනදාට සෝ ආව තුරුල් කරගෙන නිදාගන්න ජිමින් අද සෝ ආට පිටුපාලා නිදි සෝ ආ නම් ගෙම්බා පොලේ ගහලා වගේ නිදි

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

සෝ ආ කාටදෝ ආදරෙයි ලු ලමයි ජිමින්ට ඒ කවුද කියලා හොයලා දෙන්න

අපේ ගෙදරට අලුතින් පූස් තඩියෙක් ආවා එයා කලුයි සුදුයි පුලුන් බෝලයක් වගේ ලගට යනකොට වලිගේ පුම්බගෙන දුවනවා මට අල්ලන්න විදියක් නැතුව බොහොම අමාරුවෙන් ඉන්නේ දැක්කාම හපලා හපලා දාන්න හිතයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top