🧡 22 🧡

සෝ ආ හිටියේ බැල්කනියට වෙලා වැස්සට අත අල්ලාගෙන අහසින් වැටෙන වතුර බිදු වලට අත් වලින් ගසන ගමන් හිනා වෙවී හිටියේ කෙල්ලගේ ඇදුමත් ටිකක් තෙමිලා තිබුණේ ඒත් සෝ ආට ගානක් නැ කෙල්ල හිටියේ හරි සතුටින්

එකපාරට කෙල්ලගේ ඉන වටේ උනුසුම් අත් දෙකක් එතුනේ සෝ ආ ගැස්සිලා යද්දී ඒ ජිමින් කියලා දන්න නිසා කෙල්ල මුකුත් නොකියා හිටියා ජිමින් සෝ ආගේ උරහිස උඩින් නිකට තියාගත්තා

" ඩෝල්..."

ජිමින් කෙල්ලගේ කන් පෙත්ත සිපගන්න ගමන් කතා කලා

" Leave Me Jimin.."

සෝ ආ කොල්ලා ඈත් කරන්න ට්‍රයි කරන ගමන් කිව්වේ ඒත් ජිමින් කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු අත් තද කලේ කෙල්ලට හෙලවෙන්නවත් බැරී විදියට

" ඩෝල් මට තරහ ගියපු නිසා කෑගැහුවේ මම හිතලා නෙවෙයි එහෙම කිව්වේ.."

ජිමින් සෝ ආගේ බෙල්ල අස්සේ මූන හංගගන්න ගමන් මිමිනුවා ඒත් සෝ ආ මුකුත් කිව්වේ නැ

" ඩෝල් කතා කරන්න "

ජිමින් කෙල්ලගේ බෙල්ල පුරා හාදු තියන්න ගත්තේ සෝ ආ උරහිස් අකුලද්දී එයාගේ ඩෝල් එයාව reject කරනවා කියලා දැනෙද්දී කොල්ලා සෝ ආගෙන් ඈත් වුනා ජිමින් එයාගෙන් ඈත් වුනු නිසා සෝ ආ හැරිලා කොල්ලා දිහා බැලුවා

ජිමින්ගේ ඇස් වල ලොකු පසුතැවීමක් තිබුනා කෙල්ල ජිමින්ගේ ඇස් දිහා බලාගෙන කොල්ලාට කිට්ටු වුනා

" තරහ අරගෙන කෑගහලා ප්‍රශ්න විසදන්න බැ ජිමිනි.. මට නිදිමතයි මම යනවා නිදාගන්න "

සෝ ආ එහෙම කියලා ගිහින් ඇදට ගිහින් නිදාගත්තා ජිමින් ලයිට්ස් ඕෆ් කරලා ගිහින් නිදාගත්තා

___________________________

උදේ නැගිටපු යුංගි ඔලුව කස කස කිචන් එකට යනකොට සෝයූන් කැරට් කප කප ඉන්නවා යුංගිව දැකපු ගමන් වේගෙන් කැරට් කපන්න ගත්තේ යුංගෙන් තරහ පිරිමහන්න වගේ

" මේ ඕයි කෝ ජින් හියුන්ග්..සේරි නූනා.."

සෝයූන් ඇහෙන්නේ නැති ගානට වැඩේ කරගෙන යනවා

" මම තමුසෙගෙන් අහන්නේ උත්තර දෙනවා "

" තමුසෙට උත්තර දෙන්න මම බැදිලා නැ නේ "

සෝයූන් එහෙම කියලා කපපු කැරට් ටික භාජනයකට දැම්මා

" මට කොෆි එකක් හදාගෙන එනවා "

" මම තමුසෙගේ.......... හරි හදලා දෙන්නම් "

සෝයූන් මුලින් කියන්න ගියපු දේ නවත්තලා කොෆි එකක් හදලා දෙන්නම් කියලා කිව්වේ යක්ෂයා ආරූඪ මොල රාජයාට කුනාටුවක් වගේ අයිඩියා එකක් පහල වුනු නිසා යුංගි එතැන ගියාට පස්සේ සෝයූන් කොෆි හදන්න

" අද දෙන්නම් ජීවිතේට අමතක නොවෙන කොෆි එකක් බුහ්හාහා "

සෝයූන් එහෙම කියලා අතේ පයේ හිරි ඇරලා වැඩේ පටන් ගත්තා

" ඕයේ එහෙනම් පටන් ගමු..
යුංගිට හදනවා කොෆි එක
ජිවිතේට අමතක නොවෙන්න

උනු වතුර ටිකකුත් දාලා
ලුනු ටික දානවා මදකාලා
සුවද එන්න දානවා කෝපි
නයි බිත්තර දෙකකුත් දාලා
ගම්මිරිස් පොඩ්ඩක් ඉහලා

පාට පොඩ්ඩක් අවුල් වගේ තව කෝපික් ඉහලා ගමු ඔය තියෙන්නේ බඩු.."

(Author: මට සූර පප්පා එකේ ඒ සිංදුව හරියට මතක නැ ලමයි 😭🙂💔)

සෝයූන් එහෙම කොෆි එකේ සුවද බැලුවා කියන්න තරම් අවුලක් නැ කෝපි සුවද එන්වා

" Ohh Soyun You're the best baby "

සෝයූන් එහෙම කියලා හිනා වුනා

" නයි බිත්තර දැම්ම නිසා අවුලක් වෙයි ද අනියා අවුලක් වෙන එකක් නැ කොහොමත් පූසෙක් නේ "

සෝයූන් එහෙම කියලා කොෆි එකත් අරගෙන living room ගියා යුංගි සෝෆා එක උඩ කේක් ගෙඩියක් තියලා වගේ ඉන්නවා

" ආ...."

එහෙම කියලා සෝයූන් කොෆි මග් එක දික් කලා යුංගි කොෆි මග් එක අරගෙන සුවද බැලලා සෝයූන්ගේ දිහා බැලුවා සෝයූන් කිසිත් නොදන්න අහිංසක දැරියක් වගේ ඉන්නවා දකින කෙනෙක්ට හිතෙන්නේ " අනේ හරි අහිංසක දැරිවි " කියලා ඒත් සෝයූන් එක්ක ජීවත් වෙන වාසීන් තමයි දන්නේ සෝයූන්ගේ අහිංසක කම ගැන

යුංගි කොෆි මග් එක කට ලගට ලං කරනකොට සෝයූන් හිටියේ හිත පිනා යන සතුටකින් කෙල්ලට මෙතන බ්‍රේක් ඩාන්ස් පාරක් දාන්න හිතයි සෝයූන් අත පය පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්

යුංගි උගුරක් කටට අරගෙන එහෙම්ම ව්සි කලේ මෙච්චර වෙලා හිනාව කාගෙන හිටපු සෝයූන්ගේ හිනාව පනිද්දී යුංගිගේ මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ සෝයූන්ට හිනා වෙලා දැන් හුස්ම ගන්නත් අමාරුයි

" තමුසේ ගැන බලාගන්නම් "

යුංගි එහෙම කියලා වොෂ් රූම් එකට දුවලා ගියේ සෝයූන්ගේ හිනා හඩ මැද්දේ

.
After few mints

යුංගි හිටියේ ඇද උඩ හාන්සි වෙලා යුංගිගේ ඔම්මා කොල්ලාගේ ඔලුව අතගානවා අනිත් අයත් යුංගිගේ රූම් එකට වෙලා ඉන්නවා සෝයූන් අත් දෙක බැදගෙන ඉන්නවා

' සෝයූන් මොකද්ද ලමයෝ මේ කලේ තාම හැසිරෙන්නේ පොඩි ලමයෙක් වගේ හොද වෙලාවට යුංගි ඒක බීලා නැ විහිලු කරන එකෙත් සීමාවක් කියලා දෙයක් තියෙනවා වයසේ හැටියට වැඩ කරන්න පුරුදු වෙනවා මේක නම් අනිවාර්යයෙන් ඉමෝට කියනවා නැත්නම් තමුන් හැදෙන්නේ හැමදාම කරන වැරැදි වැඩ ඉමෝට නොකියා ඉන්න එකේ ප්‍රතිඵල මේ තමුන් හිතාගෙන ඉන්නේ අර සිගරට් පෙට්ටිය ටේහ්‍යුන්ට ගෙනිහින් දීලා හංගන්න කිව්වා කියලා දන්නේ නැ කියලා ද ආ කෙල්ලෙක් විදියට හැදෙනවා සෝයූන් සිගරට් නැත්නම් බියර් මොකද්ද තමුසෙගේ ජීවිතේ තේරුම "

" සේරි ඇති දැන් "

සේරි සෝයූන්ට බැනගෙන යද්දී ජින් සේරිව නැවැත්තුවා

" අනියා...ජින් මෙයා නැත්නම් කවදාවත් හැදෙන්නේ නැ හැමදාම ආවොත් මොනාහරි විනාසයක් කරනවා සිගරට් බියර් බොන එක නවත්තන්න කිව්වාම හොරාට බොනවා අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන්ගේ ජීවිතේ හරියට හදාගන්නවා සෝයූන් තමුසේ psychology කෙනෙක් නේද ඒ විදියට වැඩ කරනවා මේ වගේ ගොන් වැඩ කරන්නේ නැතුව යුංගිගෙන් සමාව අරගෙන යනවා රූම් එකට ආපහු මම කියනකම් එලියට එන්නේ නැ "

" මියානේ...."

මෙච්චර වෙලා සේරි කියපු හැමදේම බිම බලාගෙන අහගෙන හිටපු සෝයූන් එහෙම කියලා ඔලුව ඉස්සුවා සෝයූන්ගේ ඇස් වල කදුලු පිරිලා සෝයූන් කියන්නේ ලේසියෙන් අඩන කෙනෙක් නෙවෙයි කියලා දන්න නිසා හැමෝම ටිකක් ගැස්සුනා සෝයූන් ඉක්මනට එතැනින් ඇවිත් රූම් එකේ දොර ලොක් කරගත්තා

" සේරි එයාට සැර වුනා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද "

ජින් ඇහුවා

" ඒක නේ නූනා සෝයූන්ගේ හැටි නේ අනික එයාට එකපාරට එයාගේ අතීතේ අමතක කරන්න බැ "

" අතීතේ අමතක කරන්න කියලා සිගරට් බිබී ක්ලබ් ගානේ ගිහින් බේබද්දි වගේ බොන එක හරි ද ජිමින් ඔය දෙන්නත් හැමදාම සෝයූන්ට උදව් කලා ඒ නිසා තමයි මේ හැමදේම ඉක්මනට සෝයූන්ව බන්දලා දුන්නාම ඔක්කොම හරි යයි "

සේරි එහෙම කියලා ගියා ජිමින් ටේහ්‍යුන් දෙන්නා හොදටම දන්නවා සෝයූන්ගේ අකමැත්තෙන් දෙයක් කරනවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙවෙයි කරන්න බැරී දෙයක්

" ඔයාලා හිතනවා ද සෝයූන් මැරි කලා කියලා වෙනස් වෙයි කියලා "

ලියා ඇහුවේ අනිත් අය දිහා බලන ගමන්

" මැරි කරන මනුස්පයාට අකාලයේ මිය දෙන්න වෙයි කියලා නම් ෂුවර් "

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජින් ටේහ්‍යුන් දිහා රවලා බැලුවේ මේ විහිලු කරන වෙලාවක් ද කියලා අහන ගමන්

" සේරි බැන්නේ සෝයූන් මොන පිස්සුවක් නටයි ද කියලා බයට "

ජින් කිව්වා

" සෝයූන් නූනා පව් හියුන්ග් "

ජන්කූක් එහෙම කියද්දී ජින් කොල්ලාගේ ඔලුව අතගාලා තුරුල් කරගත්තා

_____________________________

" සේරි ඔන්නි මෙච්චර නපුරුයි කියලා මම දන්නේ අද නේ "

ජිමින් එක්ක ආපහු practice වලට යන ගමන් සෝ ආ කිව්වේ

" හ්ම්ම් සේරි නූනා ගොඩක් නපුරුයි තරහ ගියාම අපේ ජින් හියුන්ග්ටත් එයාට ඔලුව නවන්න වෙන්වා "

" මොහ්..."

",ඒවා වැඩක් නැ දැන් competition එකට තව දවස් කීයද "

ජිමින් ඇහුවා

" එකයි "

කෙල්ල කටත් ඇද කරගෙන කිව්වා

" දැන් බය වෙලා ද ඉන්නේ ම්ම්.."

" ටිකක්.."

සෝ ආ එහෙම කියාගෙන ඉස්සර වෙලා ඇවිදගෙන ගියා ආපහු practice පටන් ගත්තා

මේ අතරේ සෝයූන් සුපුරුදු පරිදි සිගරට් එකත් බොන ගමන් හිටියේ ඒක දැන් සෝයූන්ගේ පුරුද්දක් වෙලා විස්කි,බියර් සිගරට් සෝයූන් ජීවිතේ වගේ වුනා කවුරුවත් කිව්වට දැන් කෙල්ල මේ දේවල් නවත්තන්න සූදානම් නැ අවුරුදු දෙකක් තිස්සේ පුරුද්ද එකපාරට නවත්තන්නේ කොහොමද...?

සෝයූන්ගේ රූම් එකේ දොරට කවුරුහරි තට්ටු කරපු නිසා කෙල්ල සිගරට් එක බිම දාලා පාගලා ඇද යටට තල්ලු කලා වටේ තියෙන දුම් අයින් කරන්න අතින් ගැසුවා

" ඔහොම ඉන්න..."

කෙල්ල එහෙම කියලා හොද හුස්මක් අරගෙන දොර ඇරියා ඒත් හිටියේ කෙල්ල මේ වෙලාවේ කොහොමටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්

" මොකද්ද මගෙන් වෙන්න ඕන මිස්ටර් මින් යුංගි රගපාලා ඉවර ද "

ඔව් ඒ ඇවිත් හිටියේ යුංගි කෙල්ල දැනගෙන හිටියා යුංගි අමාරුයි වගේ කරන්නේ බොරු රගපෑමක් කියලා කෙල්ලට ඉතින් ඔක්කොටම වඩා කේන්තියි ඒ නිසා

යුංගි සෝයූන් දිහා බලාගෙන හිටියේ පුදුමෙන් යුංගි හිතුවේ නැ කෙල්ල දන්නවා කියලා

" සෝයූන්..."

" මට තමුසේ එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැ යුංගි ඒක නිසා චේබල් තවත් මට වදයක් නොවී මෙතනින් යන්න මට දැන් තනියෙන් ඉන්න ඕන "

සෝයූන් එහෙම කියලා දොර වහන්න ගියත් යුංගි දොරට අත තියලා නැවැත්තුවා

" මොනාද තමුසෙට ඕන ආ.."

", තමුසේ එක්ක කතා කරන්න ඕන "

" මට දැන් කතා කරන්න බැ "

සෝයූන් එහෙම කියලා දොර වහන්න ගියත් යුංගි සෝයූන්ගේ රූම් එක ඇතුලට ඇවිත් දොර වහලා දොරට හාන්සි වුනා

" තමුසෙට මොනා වෙලා ද "

සෝයූන් කෑගැහුවේ කේන්තියෙන් ඇත්තටම දැන් කෙල්ලට යුංගිව මරන්න පුලුවන් නම් මරලා යුංගි කිසිගානක් නැතුව ගිහින් කෙල්ලගේ ඇදෙන් වාඩිවුනේ හරියට එයාගේ රූම් එක වගේ

" රවාගෙන ඉන්නේ නැතුව ඇවිත් වාඩිවෙනවා "

" මේ මගේ රූම් එක මට වාඩිවෙන්න කවුරුවත් කියන්න ඕන නැ "

කෙල්ල එහෙම කියලා ඇවිත් couch එකෙන් වාඩිවුනේ යුංගිට රවාගෙන

" වේ...තමුසේ මෙහෙම හැසිරෙන්නේ "

" මට ඕන හින්දා.."

" තමුසෙගේ වැඩ හින්දා සේරි නූනා තමුසෙගේ ඔම්මා අනිත් අය කොච්චර දුක් වෙන්වා ඇති ද "

" ම්ම්ම්..මම දන්නවා "

" දැනගෙනත් එහෙනම් මෙහෙම හැසිරෙන්නේ "

යුංගි එහෙම ඇහුවාම සෝයූන් couch නැගිටලා බැල්කනිය පැත්තට ඇවිදගෙන ගියා

" ඒකට හේතුවක් තියෙනවා "

" මොකද්ද "

" තමුසෙට ඒ දේවල් කියන්න තරම් තමුසේ මට ලග කෙනෙක් නෙවෙයි "

සෝයූන් කිව්වේ යුංගිගේ පැත්තට හැරිලා

" තමුසෙට ලං වුනු දවසක කියනවද "

යුංගි ඇහුවේ කෙල්ලව බැල්කනියේ දොරට තද කරගන්න ගමන් සෝයූන්ගේ මූනට එබිලා ඉන්න යුංගි දිහා කෙල්ල බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන

" යු...යුංගි.."

කෙල්ල ගොතගහන ගමන් මිමිනුවා සෝයූන් බය වෙලා හිටියේ කොච්චර කටගහගෙන ගියත් කෙල්ල මේ වගේ තැන් වලදී කෙල්ල බය වෙනවා

" චේබල් එහාට වෙන්න "

කෙල්ල යුංගිගේ පපුවට අත් දෙක තියලා ඈත් කරන්න හැදුවත් කොල්ලා අඩියක්වත් පස්සට ගියේ නැ

" චන්ඩි කෙල්ල මොකද බය වෙලා "

යුංගි සෝයූන්ගේ නිකටෙන් අල්ලලා උස්සන ගමන් ඇහුවා

" යු...යුංගි."

කෙල්ල වෙව්ලන හින්දා යුංගි සෝයූන්ගෙන් ඈත් වුනේ

" සෝයූන් මොකද මේ.."

" යුංගි චේබල් යන්න ",

සෝයූන් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු යුංගි යන්න ගියත් කෙල්ල යුංගිගේ අතින් අල්ලගත්ත නිසා කොල්ලා සෝයූන් දිහාට හැරුනාම යුංගිගේ පපුවට තුරුල් වුනේ කොල්ලාව ෆුල් කම්ෆියුස් උන්ගා බුන්ගා කරලා

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

🌝😌

පුංචි රහසක් කියන්න ද..? කාටවත් කියන්න එපා
.





























.
මට ඉන්නවා පිස්සුම පිස්සු රීඩස්ලා බබ්බුලා ගොඩාලියක් ඉතින් එයාලා හැමෝටම ගොඩාලියක් ආදලෙයි 🙈🥺💜️❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top